මේ කියන කතාව සිදු වූයේ 1991 දි යයි මට සිතේ. ඒ මම එන්.අයි.බී.එම් පරිඝණක පාඨමාලාව අවසන් කර කොන්ෆිෆි හෝටල් සමූහයේ රිවරිනා හෝටලයේ සේවයට එක් වූඒ 1990 අග භාගයේදී නිසයි. 1988 දී උසස් පෙළ විභාගයට ප්‍රථම වතාවට මුහුණ දුන්නත්, 1989දී නැවත වරක් විභාගය කරනවාට වඩා මුදල් ගෙවා පරිඝණක පාඨමාලාවක් හැදෑරුවේ උසස් රැකියාවක් කිරීමේ අරමුණින් නොව, ජීවිත ආසාව නිසාය. ඒ එවකට පැවති භීෂණකාරී වාතාවරණය නිසයි. එකල තාරුණ්‍යයේ පසු වූ අප එම භීෂණය ඇති කල කණ්ඩායම් දෙකටම ගොදුරු වීමේ අවදානමින් මිදීම සඳහා මෙවැනි විකල්ප තොරා ගත්තා. 1990 යනු මෙම තත්වය සමනයට පත් වී යම් තාක් දුරකට අප නැවත සාමාන්‍ය සිවිල් සමාජයේ කටයුතු එදිනෙදා කරන ගානට ආ කාලසීමාවය. කුමක් හෝ රැකියාවක් සොයමින් සිටි මේ කාළයේදී පරිඝණාක අංශයේ රැකියාවක් සොයා ගැනීම උගහට විය. එක් අතකින් මා කොළඹ රැකියාවක් කරනවාට අම්
මා කැමති වූයෙ නැත, අනික් අතින් රැකියා ස්ථාන කිහිපයකම සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දී මාද හෙම්බත් වූයේ, ඔවුන් මගේ හැකියාවට වඩා මගේ ගම් පළාත ගැන සිතූ බැවිනි. එතරම දුරක සිට කෙසේ සේවයට පැමිණිය හැකිද? රෑ වනතුරු වැඩ කල හැකිද ? ආදී නොයෙකුත් ප්‍රශ්ණ වලට අමතරව එකල මා පාසල් දරුවකුගේ ස්වරූපය ගත් බැවින් මගේ වයස ගැන ඔවුන්ට විවිධ ප්‍රශ්ණ ඇති විය. අනෙක මේ නවතම ක්ෂේත්‍රයේ රැකියා සෙවූයේ පාසල් හැර යන වයසේ සිටි අප පමණක් නොවන බව පසක් වූයේ මගේ කාන්ඩයේ (Batch) සිටි 120 කට ආසන්න විවිධ වයස් මට්ටමේ සහ විවිධ රැකියා කරන අයවළුන් දුටු විටය. මට දවස් දෙක තුනකින් දමා ගසා ආපසු යන්නට සිතුනද, ආරම්භක දේෂණය කල ආචාර්ය ජයසිරි මහතා පැවැසූ ලෙස "මං මේක කොහොම හරි කරනවා" කියන අධිෂ්ඨානය මගේ සිතේ විය.
රිවරිනා හෝටලය පරිඝණක ගත කරන්නට යනවා යන ආරංචිය මගේ කණට ආවේ මේ කාලයේදීය. ලහි ලහියේම එයට අයදුම්පතක් යොමු කල මා එතරම් බලාපොරොත්තුවක් නැතුව බෙන්තොට බීච් හෝටලයේ ක්වාටස් එකේ කාලය ගෙවමින් උන්නේ මගේ පැරණි මිතුරන් සමගය. ඔවුන් සමග කෑම බීම ගෙන බැඩ්මින්ටන් සහ කැරම් ක්‍රීඩාව කිරීම සඳහා කඳු ගැට්ටක් මත පිහිටි නිදහස් ස්ථානයක් වූ මෙතැනට යාමට මං පුරුදු වෙලා හිටියා.
පරිඝණක ආයතනයකින් පිට වූ නවකයකුට රිසි සේ පරිඝණකයක් හැසිරවීමට ලැබීම තරම් තවත් දෙයක් තිබේද? මා එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. මට අවශ්‍ය සියළුම ප්‍රායෝගික හුරුව එහි සිට ලබන්නට අවස්ථාව උදා වුනා. ගෙදරින් උදෑසන හයහාමාරට පිටත් වන මා නැවත නිවසට පැමිණෙනේ රාත්‍රී අටත් නවයත් අතර කාලයේදී. එහෙත් මෙම පරිඝණකය ගැනද යමක් කිව යුතුය. එහි මොනිටරය කළු-සුදු (මොනෝක්‍රෝම්) වූ අතර පරිඝණකය 386 එකක් විය. එහි හාර්ඩ් ඩිස්ක් එක 40MB කිව්වොත් ඔබ පිලිගන්නවාද ? එය කොටස් දෙකකට බෙදා (Partition) ඩොස් 5MB වලද ඉතිරිය යුනික්ස් (Unix) මෙහෙයුම් පද්දතිය යටතේද ක්‍රියාත්මක කලා. එක් ටර්මිනලය සම්බන්ධ කර එමගින් පද්දතියට දත්ත ඇතුලත් කරා.
මේ අතර රිවරිනා ආයතනයේන් මට සම්මුඛ පරීක්ෂණයකට කැඳවා ටෙලිග්‍රෑම් එකක් ලැබුණ. ඔවුන් ඉතා කැමැත්තෙන් මා අනියම් සේවකයකු ලෙස සේවයට බඳවා ගත්තා. ඒ වනවිටත් එහි සේවකයන් දෙදෙනෙකුට පුහුණුවක් ලබා දී තිබුනත් පරිඝණකය පිලිබඳ වෙනත් දැනීමක් ඔවුන්ට තිබුනේ නෑ. පොතේ සටහන් කරගත් දේ ඔහේ කරගෙන යාමට ඔවුන් පුරුදු වී සිටියා. එහෙත් එම ආයතනයට එක් වී දින කිහිපයකින් එම පද්දතිය පිළිබඳවත්, ලොටස්, වර්ඩ්ස්ටාර් වැනි පැකේජ පිලිබඳවත් මා දක්වන ලද නිපුනතාව නිසාම අනෙක් අය පසෙකට වී මට එම කටයුත්ත තනිවම කරගෙන යාමට ඉඩ දුන්නා.
පරිඝණක ආයතනයකින් පිට වූ නවකයකුට රිසි සේ පරිඝණකයක් හැසිරවීමට ලැබීම තරම් තවත් දෙයක් තිබේද? මා එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. මට අවශ්‍ය සියළුම ප්‍රායෝගික හුරුව එහි සිට ලබන්නට අවස්ථාව උදා වුනා. ගෙදරින් උදෑසන හයහාමාරට පිටත් වන මා නැවත නිවසට පැමිණෙනේ රාත්‍රී අටත් නවයත් අතර කාලයේදී. එහෙත් මෙම පරිඝණකය ගැනද යමක් කිව යුතුය. එහි මොනිටරය කළු-සුදු (මොනෝක්‍රෝම්) වූ අතර පරිඝණකය 386 එකක් විය. එහි හාර්ඩ් ඩිස්ක් එක 40MB කිව්වොත් ඔබ පිලිගන්නවාද ? එය කොටස් දෙකකට බෙදා (Partition) ඩොස් 5MB වලද ඉතිරිය යුනික්ස් (Unix) මෙහෙයුම් පද්දතිය යටතේද ක්‍රියාත්මක කලා. එක් ටර්මිනලය සම්බන්ධ කර එමගින් පද්දතියට දත්ත ඇතුලත් කරා.
එහෙත් එහි තිබූ සති ගානක විශාල අතපසු වීමට(Arrears) ලඟා වීම හීනයක්වම පැවතුනා. එක් අතකින් එය පෙර නිමි පද්දතියක්(Package) වූ බැවින් අත්හුරු ක්‍රමය හා එය අතර විශාල පරතරයක් තිබුනා. ලෙජර් හා පොත්පත් වල වැඩට හුරුවූ සේවකයන් බොහෝ දෙනෙකු විශ්වාස කල දෙයක් තිබුනා. ඒ යම් දිනක පරිඝණක ආදේශ වී ඔවුන්ගේ රැකියා අහිමි වේ යන බිය. එනිසාම ඔවුන් එම පරිඝණකයට හානි පැමිනවිය හැකි ක්‍රමයක් සොය-සොයා සිටියා. මීට් පෙර බාර් එකට ගෙනා කෑෂ් රෙජිස්ටරයට ලයිම් ජූස් පෙවීමට ඔවුන් කාරුණික වී තිබුනා.
ඒ කාළයේ අපි පරිඝණක වයිරස් ගැන අසා තිබුනා. දවසක් සහකාර ඝණකාධිකාරී වරයෙක් මට කිසි හේතුවක් නැතුව බැන වැදුනා. එහි වැඩ කල රාත්‍රී විඝණක (Night Auditor) වරයෙකු වූ මයිකල් අයියා සමග මා කියා සිටියේ
"මුං මට වැඩිය පාට් එක දැම්මොත් කොළඹින් ගෙනැල්ල වයිරස් දානවා" කියාය.
එම අවස්ථාවේ මා කිව් දේ නොතේරුනත්, (නිතරම කළමනාකරීත්වය සමග ගැටුම ඇති කර ගන්නනා මේ රාත්‍රී විඝණක වරුන් දෙදෙනා, මයිකල් සහ ශාන්ත මේ පරිඝණක පද්දතිය පිළිබඳ උපන් කේන්තියකින් පසු වූ දෙදෙනෙක් බව ටික දවසකින්ම වැටහුනා) දිනක් මා ඇමතූ මයිකල් කියා සිටියේ
"මල්ලි මේකට උඹ අර වයිරස් ටික ගෙනැල්ලා විදපං, එතකොට මුන්ට ඉන්න වෙන්නේ ඉස්පිරිතාල වල තමයි" යන්නයි. ඇත්තටම ඒ කාලයේ කුමන කෙනෙකුට වයිරස් ගැන කිව්වත් තේරුම ගන්නේ ඔය ආකාරයටමය. හේතුව අද මෙන් එකල පරිඝණක සුලභ මෙවලමක් නොවීමය. එසේ කිව්විට මගේ මතකයට එන්නේ අපට මුල්ම පරිඝණක දේශණ සැපයූ රෙක්ස් ප්‍රනාන්දු මහතා පරිඝණක අනාගතය ගැන කියූ දෙයක්ය.
"බය නැතුව ඉගෙන ගන්න තව ටික කාලයක් යනකොට ආප්ප කඩ වලත් පරිඝණක තියෙයි"
ඇත්තටම අද ඒ අනාගත වාක්‍ය සත්‍යක් බවට පත් වී හමාරය. පරිඝණකයක් නැති තැනක් හරියට මිනිහෙක් නොමල ගෙයකින් අබ මිටක් ගේන්නැයි බුදුරජානන් වහන්සේ කිසා ගෝතමියට පැවසූ උපහැරණය වැනිය. අද පරිඝණකයක් නැති තැනක් හොයා ගන්නට අමාරුය.
මා මෙහි සේවයට ගිය අළුත ගැටළු කිහිපයකටම මුහුණ දෙන්න සිද්ධ වුනා. එකක් තමයි තමාට කොන්දේ අමාරුවක් ඇතැයි පවසා රෙන්ගා මගේ පුටුව උදුරා ගානීම. රෝද සවි කරන ලද පුටුවෙන් එහා මෙහා ගමන් කල මට එය මහත් හිසරදයක් විය. මෙම පරිගණකය හා වෛර බැඳී අය මා සමගද වෛර බැඳීමය. දිනක් සම්මුක පරීක්ෂණයකට ආ කෙල්ලක් පවසා ඇත්තේ අර අයියාට නම් නියම රස්සාවක් තියෙන්නේ, " වාඩි වෙලා ඉඳන් ටීවී බලන එකනේ" යනුවෙනි.
ඒ කාලයේ බොහෝ ආයතන වල පරිඝනක පද්දතියද ස්ථාපනය කරනු ලබන්නේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ කොනකය. මෙහිද පරිඝණක පද්දතිය ප්‍රාධාන ගණකාධිකාරී වරයා යටතේ පැවතුනි. රෙන්ගනාදන් නම් දමිළ ගණකාධිකාරීවරය එතරම් උගත් පුද්ගලයෙකු නොවීය. දමිල අය නිපුනතා දක්වන එක ක්ෂේත්‍රයක් ලෙස එකල ගණකාධිකරණය මුල් බැසගෙන තිබුනි. එම දෙපාර්තමේන්තුවේද බොහෝ දමිලයන් විය.
රෙන්ගනාදන්ට කවුරුත් කියන්නේ රෙන්ගා කියාය. දෙමළ යයි කී විට කළු තඩියෙක් ඔබෙ හිතේ මැවුනානම් සාධාරණ වුවත් ඔහු සුද්දෙක් ගානටම සුදු උස මහත, එහේත් වැඩි පෞර්ෂයක් නොමැති ඉතා අහිංසක දෙමළෙකු විය. එහෙත් ඔහු තමා අහිංසක බව පිලිගන්නට සූදානම් නැත. ඔහු මෙම පරිඝණක පද්දතියට මෙන්ම එහි ක්‍රියාකරු වූ මටද ආදරයක් දැක්වීය. ඊට අමතරව ඔහු එම කාර්යාලයේ නජීරා, නෙවිල්, රාජෙන්ද්‍ර වැනි තෝරාගත් කිහිප දෙනෙකුට සෙනෙහසක් දැක්වීය. ඇත්තටම මේවා හිතවත්කම්ය. ආදරය යන්න එයට යොදා ගත් විට ඔබ වෙනත් තේරුමක් ගනු ඇත.
රෙන්ගා ටික කාලෙකින් පරිඝණක පාඨමාලාවක් හැදෑරීය. එහි බොහෝ ප්‍රායේගික නිබන්දන මා ලවා කරවා ඔහු ඉගෙන ගත්තේය. එවැනි දිනක කේක් කෑල්ලකින් සහ කොකා කෝලා එකකින් සංග්‍රහ කිරීමට තරම් ඔහු කාරුණික විය. රෙන්ගාගේ සියල්ල හොඳ වුවත් අප නිවාඩු ගන්නවාට ඔහු අකමැති විය.
මෙහි නිවාඩු ක්‍රමය පිළිබඳවද යමක් සඳහන් කල යුතුය. මෙහි ලීව් කාඩ් නම් නිවාඩු සියල්ල සඳහන් කරනා කාඩ් පතක් ඇත. මාසය මුලදී සේවක (Personnel) දෙපාර්තමේන්තුව විසින් මාසය සඳහා හිමිකම් කියනු ලබන නිවාඩු ගණන එකතු කරයි. එහි සති අන්තය හෝ වෙනත් විශේෂ නිවාඩු දින කිසිවෙකුටත් නිවාඩු නැත. එය සංචාරක හෝටලයක් බැවින් පැයැ විසි හතරම සහ දින තුන්සිය හැටපහම විවෘතව පවතී. එනිසා නිවාඩු ලබා ගත යුත්තේ පූර්ව අනුමැතිය යටතේය.
දුර පළාත්වලින් මෙහි පැමිණ සේවය කරන්නන් බොහෝ විට එකදිගට වැඩ කරන්නේ දිනපතා ආහාර වෙල් තුනම හෝටලය විසින් ලබා දෙන නිසාය. මාසේ අන්තිමට හෝ මාස කිහිපයකට වතාවක් දවස් තුන හතරක් නිවාඩු ගැනීම ඔවුන්ගේ සිරිතයි. එහෙත් නිවසේ සිට සේවයට පැමිණි අපට මෙය මහත් හිසරදයකි. මට බොහෝ සෙනසුරාදා දින වල ක්‍රිකට් තරග පැවතීම නිසා මා නිතර නිවාඩු ගන්නට පෙළඹුනි. එහෙත් රෙන්ගා අප නිවාඩු ගන්නවාට කැමති නැත. කිසි කරදරයක් නැතුව මෙහි නිවාඩු ගන්නා සේනාරත්න සමග මා දින කිහිපයකින්ම කුළුපග වුනා. නිවාඩු පිළිබඳ ගැටළුව මා ඔහු වෙත පැවසූ විට

"මං මේ මාසේ අන්තිමට ලීව් ගන්න යනවා එතකොට ඔය දොර පොඩ්ඩක් ඇරලා අහගෙන හිටපං"
මා සිටි කියුබිකල් එක තිබුනේ ප්‍රධාන ගණකාධිකාරී වරයාගේ කියුබිකල් එකට යාබදවය, ඒ අතර පහසුවෙන් එහා මෙහා යාමට ස්ලයිඩින් ඩොර් එකක් සවි කර තිබුනි. පොඩ්ඩක් ඇරගෙන අහගෙන ඉන්න යයි සේනා පවසන ලද්දේ මේ දොරය. ඒ දිනය උදා විය. සේනා ලීව් කාඩ් එක සමග රෙන්ගාගේ කාමරයේය. මා කකුළෙන් ස්ලයිඩිං ඩෝර් එක ඇරියේ රෙන්ගාට නොදැනෙන්නටය.
"මිස්ටර් රෙන්ගනාදන් මම ගමේ යනවා. මට දවස් පහක් ලීව් ඕනෑ"
"දැන් බලාන්ඩ ෂේනාරට්න, ඔයා ගියාම කවුද ස්ටොක් ටේකින් කරනවා"
"ඇයි මේ ඕන තරම් කට්ටිය ඉන්නේ"
"ඒ වුනාට ෂේනාරට්න ඔය තමායි ෂරි. අනිත් කට්ටිය දන්නාවානේ මොකාක්ද කරනවා කියල, නිකාං කොල එක ලියාගෙන යනවා, මිස්ට සුබ්‍රමානියම් දෙන ගත්තනම් මට තමායි ලෙඩේ"
"හරි ඒ කථාව ඇත්ත තමයි ඒ වුනාට මෙක උත්කෘෂ්ඨ අවශ්‍යතාවක්, දැනටමත් මෙහි කුරිරු බව ප්‍රායෝගිකව ෂාක්ශාත් කර ගැනීමට උගහටයි. ඒ නිස මට අනිවාර්‍යෙන්ම මේ ලීව් පහ අව්ශ්‍ය වෙනව"
"ආ, ශරි, ශරි, අප්පා එහෙනම් ගිහින් එන්න
ෂේනාරට්න . ගිව් මී අයි විල් සයින්".
මට කාරනය කදිමට වැටහුනි. ඉන් පසුව කිසි දිනක මටද නිවාඩු ගැඨළුව ඇති නොවිනි. මා ලඟට ආ සේන පැවසූවේ
"ඌට ටිකක් මහප්පරානෙන් ටෝක් එක දුන්නම හරි" යන්නයි.
ඉන් පසුව සෙන්නාටත් වඩා කදිමට මා මේ ක්‍රියාවලියෙ නිරත විය. හැබැයි අද වනතුරුත් මෙය ඒ ආයතනයනේ අනික් සේවකයින්ට රහසකි. අප රෙන්ගාට ඇන්දවූයේ එසේය.
එලම කිරි මට අන්තිම කතා කියවලා තාම හිනා. පොඩි දෙයක් කියන්නද ??තව ටිකක් ඡේද වෙන් කරන එක ගැන අවධානය යොමු කරන්න පුලුවන් නම් හුඟක් හොඳයි
ReplyDelete@Hasitha : ඔයා කියන්නේ චේද අහර පරඑහරය නම් ඒක නිවැරදි කලා.
ReplyDeleteදැන් නම් ටිකක් හොඳයි. ඒත් සමහර ඡේද දිගට දිගට යන නිසා කියවන්න ටිකක් අපහසුයි.
ReplyDelete@Hasitha : ඔබගේ කතාව ඇත්ත මා ඔහේ ලියාගෙන ගියාට චේද වෙන් කිරීම ගැන එතරම් අවධානයක් යොමු කලේ නෑ. ඔබට ස්තුතියි.
ReplyDeleteහි හි..නියමයි..අපි නම් ඔය කතාව සිද්දවෙන කාලේ ඉපදිලාවත් නැහැ අප්පා..:)
ReplyDelete"රෙංගාට ඇන්දවීම" මේක සංකල්පයක් කරගත්තත් වරදක් නෑ වගේ..... :)
ReplyDeleteනියම කථාව...ඒ කාලේ පරිගණක කොහොමට තිබිල ඇත්ද
ReplyDeleteඅයියෝ වචන කිව්වලු
ReplyDeleteඇත්තටම මිනිහා බය වෙන්න ඇති කියපු ඒවාට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ReplyDelete@හිරුහිමාවී : මේ පුංචි ළමයි මොනව්ට මේවා බලනවද ? ගැනු කාන්ඩේ වයසට යන්නේ බොහොම හෙමින්නේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@සුමිත් : අපි අතරේ ඒ වගේ කෝඩ් බාවිතා කරගමු.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@චමී4යූ~chami4u : එහිබුනද කියන්නේ මගේ ගාව ගෙදර තිබ්බ පිසී එකක් 20MB හාර්ඩ් ඩිස්ක් එකක්. 8086 මැෂින් එකක්.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@අවතාර් : උඩ කමෙන්ට්ස් තුනට උත්තර දැම්ම්ට් පස්සේ තමයි ඔයාගේ කමෙට් ඒක දැක්කේ. මිනිහා නොතෙරුන්ත් තේරුණා වගේ ඉන්න එක තමයි දුර්වල කම.
ReplyDeleteහික්ස් උන් අපිව තම්බන්න ආවට තැම්බෙන්නේ උන්මයි.
ReplyDelete@නිශාන් : අපිට ඒ කාලේ තිබ්බේ රෙන්ගා රවට්ටලා පොඩි ආතල් එකක් ගැනීමක්. උන්ව තම්බන්නත් ලේසි නෑ.
ReplyDeleteමට අයියා කිව්වට සුදීක මහතා අපේ සීයා කෙනෙක් වගේනෙ හැබෑටම.. මේ දාලා තියෙන්නෙ කොල්ලා කාලේ ගත්ත ෆොටෝ එකක් නේද ? මමත් පාසලෙන් අයින් වෙච්ච අලුත කොන්ෆිෆි බීච් හොටෙල් මැනේජ්මන්ට් ට්‍රේනි පෝස්ට් එකකට අයදුම් කරලා සම්මුඛ පරීක්ෂණයට පෙර පැවැත්වෙන විභාගයට මුහුණ දුන්නත්.. මට ඒක සැට් උනේ නෑ... රෙංගා දැන් කොහෙද ඉන්නෙ...
ReplyDelete@සිරා : මේ ෆොටෝ එකනම් ඒ තරම් පරණ එකක් නොව්. දැන් රෙන්ගා කොහෙද දන්නේ නෑ.
ReplyDeleteමරුම විදියක් නොවැ හොයන් තියෙන්නේ නිවාඩු අනුමත කරගන්න ....
ReplyDeleteපරිඝනක රැකියාවක් ඒ අකාලේ කල කියන්නේ හෙන පිළිගැනීමක් තියෙන්න රස්සාවක්. 1990 ඒ ගැන ඉගනගෙන රැකියාවකුත් කලේ. මම ඒ වචනේ දැනගත්තේ 1997 වගේ. මම දන කරන්නේ පරිඝනක අංශයේ රැකියාවක් ඔයාගෙන් ඉගන ගන්න දේවල් බොහොමයි. .
ReplyDeleteඅර අහිංසකයාට කියපු වචනවල තේරුම සිංහලයන්තත් තේරුම ගන්න අමාරුයි වගේ හෙක් හෙක්..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ReplyDelete@රොබින් : අපි දෙන්නා විතරයි ඒ ක්‍රමය පාවිච්චි කලේ. වැඩිය කට්ටිය දැන ගත්ත නම් රෙන්ගා සිංහල ඉගෙන ගන්නවා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@අසරණයා : ඒ කාලේ එන්.අයි.බී.එම්. කලා කිව්වම මිනිස්සු පුදුම වෙනවා. ඒ කලේ අපි වැඩි වෙලාවක් ගත කලේ හාර්ඩ් ඩිස්ක් කළමනාකරණයට. ඒ විෂයට පොත් පවා තිබුනා. ඔව් ඒවා වචන විතරයි තේරුමක් ඇති ඇති වෙන්න වාක්‍ය විදියට ගලපන්න ඕනේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉස්සර නෙවෙයි තාමත් සමහර තැන්වල IT Division එක තියෙන්නෙ ගිණුම් අංශයට යටත්ව. බොහෝ රාජ්‍ය ආයතන වල තත්ත්වය බලා ලිවීම සහ දත්ත කොපි කිරීමයි. දත්ත මගින් තොරතුරු ලබාගන්න ආයතන බොහොම අඩුයි. තිබුනත් පොත් අතහරින්න බොහෝ අය බයයි. ඒ වාගේම ලංකාවේ අපේ කොල්ලො නිපදවන මෘදුකාංග ගන්න පුදුම බයක් තියෙන්නෙ. මම ගිය සතියෙ දැක්කා USA වල භෝජනාගාර සඳහා Mobile මෘදුකාංගයක් නිපදවූ අපේ දක්‍ෂයො පිරිසක් ගැන.
ReplyDeleteමේක කියවනකොට මට 1998 මම හෝටල් සංස්ථාවේ පරිගණක අංශයේ සේවය කරල විට මුහුණ දුන් සිද්ධිත් මතක් වෙනවා. මොනවා උනත් ඔය රෙන්ගා හොඳ මනුස්සයෙක් ඔබ කියන විදියට.
පට්ට පට පට :D කතාව නම් නියමයි
ReplyDeleteමම පරිඝනක ගැන ඉගෙන ගන්න කාලෙත් ඔය වගේ කතන්දර වෙලා තියනවා