බස් රේඩියෝවේ බ්ලොග් සතිය වෙනුවෙනි.
සයිමන් අයියා හිටියේ මහරගම පැත්තේ. මිනිහාගේ රස්සාව තමයි කම්මල් වැඩ. කම්මල් වැඩ කරන මිනිහෙකුට බොහොම රළු හිතක් තමයි තියෙන්නේ. ඒක අමුතුවෙන විස්තර කරන්න දෙයක් නෑ. එක අතකින් එය මහා දුෂ්කර කටයුත්තක්. තද යකඩයක් රත් කලා කියලා වැක්කෙරෙන ගානට උණු වෙන්නේ නෑ ගිණියම් වුනත් තද ගතිය අඩු වෙන්නේ නෑ. ගිණියම් වූ යකඩයට ඔහු එක් අතකින් පහර දෙන ගමන් අනිත් අතින් යකඩය තදින අල්ලාගෙන සිටිනවා. සුළු අත් වැරදීමකින් මහා විපතක් වෙන්න හැකි නිසා.
මේ විස්තරය කලේ කම්මල් කරුවා කියන සමාජයේ කොන් වූ පුද්ගලයා ගැන කියවන කෙනා තුල යම් වටිනා කමක් ඇති වෙන්න. මම හතරවන ශ්‍රේණියේදී කම්මල් කරුවා ගැන කියවූ කවි පන්තියක මෙන්න මෙහෙම තිබුනා. හත්වලාමයි අවසන් පද තුන විතරයි මතක ඒ වුනත් ඒකත් දාන්නම්. ඒ තරමටම ඒ කවි පෙළ මගේ හිතේ පැලපදියම් වුනා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.
..........................................
අදිනා මයින හම ආයුධ දමන ඔප
අඬු මිටි පීරි කටු කොකු ඇණ යතුරු කැප
මිනිසෙකු කෙරෙහි කෙදිනක ඇති වෙයිද සැප
මෙතන තියෙන අවසාන පදයෙන් මුළු කවි පන්තියෙන්ම කවියා මතුකරන්න උත්සාහ කරන දේ එලියට එනවා. ඒ නිසා ඔය ඇති. අහල තියෙනවා නේද කම්මළේ බල්ල ගැන. ඌට හෙණ ගැහුවත් එකයි, යකඩ තැලුවත් එකයි. ඒත් මේ කියනසයිමන් අයියා අපි හිතන තරම් රළු පුද්ගලයෙක් නොවෙයි. හිත උණුවෙන කෙනෙක්. එහෙම හිතෙන්නේ තමන්ගේ කම්මලේ එලිපත්ත උඩ දවසක් උදේ පාන්දරම කවුරු හරි ගෙනත් දාපු අහිංසක බලු කුක්කෝ දෙන්න දැකල සයිමන් අයියා තුල ඇති වෙච්චි සත්ව කරුණාව දැක්කම. වෙන අය වගේ සයිමන් අයිය ගෙනත් දාපු අයට අම්ම-මෝ නැතුව බැන්නෙත් නෑ. අර බලු පැටව් දෙන්නව එලවා ගත්තෙත් නෑ. උන් දෙන්නාට කන්න බොන්න දී හදා වඩා ගත්තා. ඒත් සයිමන් අයියාට ටික දවසක් යත්දී තෙරුනා මේ බලු පැටව් දෙන්නාගෙන් එකෙක් කෑමට කෑදරයි, අනිකා එහෙම නැති බව. සයිමන් අයියා කල්පනා කලා මුන් දෙන්නට වෙන වෙනම කෑම දෙන්න. එහෙම හිතලා තදු දෙකකින් වෙන වෙනම පිඟන් දෙකකුත් හැදුවා.
දැන් දෙන්නට වෙන වෙනම කෑම දානවා. ඒත් දෙන්නම එක පාරට එක පිඟානේ කනවා. දැන් සයිමන් අයියට මේක මහ වදයක් වුනා. දවසක් කම්මළට වැඩක් කර ගන්න ආව කෙනෙක් සයිමන් අයියට කිව්වා මේ දෙන්නට නම් දෙකක් දාන්න කියලා. සයිමන් අයියාට ඔය නම් දැමිල්ල ගැන ඒ හැටි තේරුමක් නෑ. මිනිහා දන්න වචන ටික කැත්ත, මන්නේ, පිහිය වගේ දේවල විතරයි. එදා ඉඳලා කම්මළට එන අයගෙන සයිමන් අයියා නම් ගැන අහනවා. ඒත් ඒ අය දෙන නම් වලට සයිමන් අයියාගේ කිසි කැමැත්තක් නෑ. අන්තිමේදී එතනට ආපු තරම විහිළු තහළුවට බර කටකාර කොන්දෙක් මිනිහට අපූරු නම් දෙකක් කියලා ගියා.
"අර කළු පාට පුල්ලි තියෙන එකාට කියපං විකයි කියලා, අනිත් එකාට කියපං හපයි කියලා"
දැන් සයිමන් අයියා ඉතා සංතෝසයෙන් මේ දෙන්නට කෑම දීලා හදා වඩා ගන්නවා. අන්තිමේදි මේ දෙන්නා ලොකු වුනා. දවසක් කම්මලට මිනිස්සු එත්දී මේ දෙන්නට කෑම දානවා සයිමන අයියා
"විකයි, විකයි, විකයි..... හපයි, හපයි, හපයි" කියලා. කම්මලට එන මිනිස්සු ගාල කඩාගෙන ආපහු දුවනවා. පස්සේ පස්සේ සයිමන් අයියට මේක තේරුනා. එතන හිටිය ගෝලයා මේකෙන් මාර ආතල් එකක් ගත්තා. එතනින් මිනිස්සු යන වෙලාවට අර කොල්ල කෑ ගහනවා
"විකයි, විකයි, විකයි.... හපයි, හපයි, හපයි" කියල. මිනිස්සු පාර දිගේ දුවනව.
හි හි....
ReplyDelete@හිරුහිමාවී : බොහෝම ස්තූතියි.
ReplyDelete