මගේ දියණියගේ පළමු උපන්දිනය වෙනුවෙන සාදයක් කොළඹින් තරමක් දුර බැහැර බලංගොඩ ප්‍රදේශයේදී පැවැත්තුවා. ඒ සඳහා එක් වූ පිරිසට කෑම බීමට අමතරව පැදුරු සාජ්ජයකින් සංග්‍රහ කරන්නත් අප අමතක කලේ නෑ. සහභාගි වූ සියළු දෙනා පිටත්ව ගිය පසු අප යුහුසුළුව අස් පස් කිරීමේ කටයුත්තේ නිරත වුනා. මට සුව විඳින්න ලැබුනේ රාත්‍රී එකත් පසු කර සෑහෙන වෙලාවක් ගිය පසුයි. එහෙත් මගේ නින්ද පැය තුනකට සීමා කර හදිසියේ ඇහැරෙන්නට සිදු වූයේ එදින මට ධණාත්මක චින්තනය(Positive Thinking) පිළිබඳ පුහුණුවකට සහභාගි වන්නට සිදු වී තිබූ නිසා. එය කිසිසේත් මග නොහැරිය හැකි එකක් බැවින් මා කෙසේ හෝ උදෑසන දහයට ආසන්න වෙලාවක එම ශාලාවට ඇතුළු වූයේ දේශක තුමාගෙන් අවසර ගැනීමෙන් පසුවයි. සියළු දෙනාගේ දෑ මා වෙත යොමු වූයේ මා කෙසේවත් මේයට සහභාගි වෙතැයි කිසිවකු විශ්වාස නොකල බැවින්. එහෙත් මම නින්ද ගැන එතරම් තැකීමක් නොකරන කෙනෙක් බව වටහාගන්න මාස හයක් තුලා මා ලියූ පෝස්ට් හැටදෙක ප්‍රමාණවත් යයි මා සිතනවා. එයින් වැඩි හරියක් මා ලියූවේ රාත්‍රියේදි බව මට සහතිකවම කියන්න පුළුවන්. නිදිබරිත දෑසින් හා නොකැපූ රැවුලෙන් මා එතනට අමුතු ජීවියෙකුගේ සිරි ගෙන දුන්නා. එහෙත් මා ප්‍රමාද වූ කාරණාව විමසා සිටි දේශකයා මගේ පැමිණීම ඉතා අගය කලා. එතනින් පසු ඔහු මාත් සමග වැඩිපුර දොඩම්ළු වූ බව මට දැනුනා.
පෙරදිනයේදී නොමදව වෙහෙසට පත් වී සිටි මා දහවලේදී නිදා වැටීම කිසි ලෙසකින් වත් වලක්වන්නට නොහැකියි. එහෙත් එම පුහුණුවට වළලු වලින් රිංගීම
වැනි ක්‍රියාකාරකම් එක් කර තිබුනේ මගේ වාසනාවකටැයි මට සිතුනා. මන්ද අසුනෙහි රැඳෙමින් දේශණයකට සවන් දෙන්නට වූවානම් මට අනිවාර්‍යයෙන්ම් නින්ද යනවා. මා එතුමාට හිතින් ස්තූති කරමිනුයි උන්නේ. එතුමා එකවිටම දේශණය වෙනත් මගකට යොමු කලා. ඔහු මීළඟට කථා කලේ සෘණාත්මක අදහස් (Negative Thoughts) ගැන. ඒවා ඇති වෙන්නේ කෙසේද යන්න ගැන ?
විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කලා. මගේ වාරයේදී මා පවසා සිටියේ මාධ්‍ය ඒවාට මුල් වනවා යන්නයි. මා ඉදිරිපත් කල කාරණය ඔහු එකවිට බාර ගත්තේ නෑ. ඒ කෙසේදැයි විස්තර කරන්නැයි ඔහු මාගෙන් ඉල්ලා සිටියා. කෙතරම් නිදිමතකින් සිටියත් ඔබ ප්‍රිය කරන දෙයක් ගැන කථා කරද්දී නිදිමත අමතක වනවා. මා ඒ වනවිට කොහෝ හෝ කියවා තිබූ ප්‍රවෘත්තියක් පිළිබඳ ඔහුට විස්තර කරා. ඉන්දියාවෙන් පහල වූ ශ්‍රේෂ්ඨ නායකයකු වූ අබ්දුල් කලාම් මහතා වරක් ඉන්දීය මාධ්‍යට කල ඉල්ලීමක් නිසා ඉන්දියාවේ බෝම්බ පිපිරීමක් සිදු වූ දිනට පසුදින පුවත් පත් වල ඒ පුවත ඵල කිරීමෙන් වැලකී තිබුනා. ඒ වෙනුවට එක් පත්‍රයක් මල් වත්තක අපූරු දර්ශණයක් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස දක්වා තිබුනා. මා පැවසූ විට ඔහු මා අනුමත කලා පමණක් නොව ඒ ඔස්සේ දිගු දේශණයක් කලා. ඇත්තටම අවුරුදු තුනකට පෙර ගිනිගත් දේශයක ප්‍රවෘත්ති පත්‍රයක එවැනි කරුණක් නැති දිනක් මතක තිබූවාදැයි මා ඔබෙන් ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක්ද ?
අද 100% ක් නැති වුනත් සාපේක්ෂ සාමකාමී රටක, ඵල වන පුවත් ගැන ඔබට පවසන්න්ට ඇත්තේ කුමක්ද ? ඊයේ රාත්‍රියේදි මළ ගෙදරකට සහභාගී වන ගමන් අවුරුදු ගණනාවක් අලෙවිකරණ විධාකයකු ලෙස සේවය කල මගේ මිතුරෙක් සහ මා වර්තමාන පුවත් ගැන ඉතා ගැඹුරු සාකඡ්චාවක නිරත වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අද මේ පෝස්ට් එක ලියැවෙන්නේ.
මුළු දිනයේම රාජකාරි වලි ආතතියට පත් වන අප ගෙදර ගිය පසු රටේ කුමන හෝ මුල්ලක සිදු වන සිද්දීන් ටිකක් ගැන කල්පනා කර සුසුම් ලන්නටත්, ඉන් නොනැවතී පසුදින් උදෑසන කාර්‍යාලයේදී ඒ ගැන කම්මුලේ අත තබාගෙන කතා කල පසු කෙසේ නම් ධාණාත්මක සිතුවිලි අප තුල ජනිත වේද ? ආයතනය පුද්ගලික වේවා රාජ්‍ය වේවා එයින් සිදු වන්නේ ඔබගේ ඵලදායීත්වය අඩු වීම නොවේද? ඉදින් රටේ ශ්‍රම බලකාය මේසේ මන්දෝත්සාහී තත්වයට පත් කිරීමෙන් රටට සිදු වන යහපත කුමක්ද ? ඇත්තටම කුමක් හෝ කුණු කන්දලයක් ගැන ඕනෑවට වඩා සිත් යොමු කරන ජනතාව ඉන් පසුව ලවක්-දෙවක් නැතුව පොලීසියට, උසාවියට හා ආණ්ඩුවට බැණ වැදීමට පටන් ගනී. අවසානයේදී වාද විවාද අවසානයේදී ඔවුන් වැඩට පිවිසෙන්නේ නහර රත් කරගෙනය. ඉතින් ඔවුන්ගේ සේවාදායකයන්ට දෙවි පිහිටය ?
එම සාකඡ්චාවේදී අප නිරතුරුවම සන්සන්දනයට ගත්තේ අසල්වැසි ඉන්දියාවයි. කලක් මගේ සිතේ තිබුනු ලොකුම ප්‍රශ්ණය වූයේ ඉන්දියානු චිත්‍රපට සහ මෙගා සීරීස් වලින් ජනතාව ගොනාට අන්දන බවයි එසේත් නැත්නම් ජනතාව සිහින ලෝක වල අතරමං කරන බවයි. මා එකල ඒ පිළිබඳ තර්ක කරන විට ඊට පක්ෂ එහෙත් මෙහි නම් සඳහන් කල නොහැකි අයෙක් කියා සිටියේ තමන්ගේ එදිනෙදා ජීවිත තුල ඉන්දීය ජනයාට විවිධ ගැහැට, දුක් කම්කටොළු ඇති පදම දැක ගත් හැකි නිසා තවත් එවැනිම දෙයක් නරඹීමේදී ඔවුන්ට අමුත්තක් නැති බවයි. එම මෙගා නාට්‍ය මාලාවල් වල පෙන්වන සුර සැප විඳින ඔවුන්ගේ ප්‍රියතම නළු-නිලියන්ට ඊර්ෂා කරනවා වෙනුවට තම හිතින් එතනට සම වැදී ඉන්දියානු ජනතාව යම් වින්දනයක යෙදෙනා බවයි.
ඇත්ත වශයෙන්ම එම අදහසට මා දැන් එකඟයි. එහෙත් මා මෙහි මතු කරන්නට උත්සාහ කරන්නේ රජයේ මැති ඇමති වරුන්, ඔවුන්ගේ සමීපතම සගයින් කරනා නොපනත් කම් සඟවා සිටින්නැයි කරන බාල ගනයේ ඉල්ලීමක් නොවේ. රටේ දැවෙන ප්‍රශ්ණ අමතක වන ආකාරයට මාධ්‍යා වාර්තා කරන්නට කරන ඉල්ලීමක්ද නොවෙයි. එහෙත් ජනතාව කුපිත වන ආකාරයේ පුවත් නිරතුරු මධ්‍ය මගින් විසුරවා හැරීමෙන් සිදු වන්නේ කුමක්ද ? ජනතාව දැනට බිය දක්වන දේවල් සමාන්‍ය දේවල ලෙස සමාජගත කිරීමයි. පවතින රජයක් විසින් කරන අතපසුවීම්, අමතක කිරීම්, අයුතු, අකටයුතුකම් නොපිරිහෙලා ජනතාවට වාර්තා කිරීම මාධ්‍ය කරුවා පමණක් නොව බ්ලොග් ලියන අපගේද වගකීමයි. එහි තර්කයක් නැත. එහෙත් ස්ත්‍රී දූෂණ, මිනිමැරුම්, රිය අණතුරු, පැහැරගැනීම්, වංචා, දූෂණ විශේෂ ප්‍රවෘත්ති කර හුවා දැක්වූ විට ජනතාව ඒවා පිළිබඳ දක්වන බිය තුරන් නොවනවා යයි සිතිය හැකිද ? මෙකී කාරණා සාමාන්‍ය තත්වය පත් වූ පසු දැනට මේ කාරණා වලට පසුගාමී වන අය උද්දීපනය නොවන්නේද ? අද වැඩියෙන්ම පුවත් පත් කියවන්නේ කවුද? ඉතා සාමාන්‍ය අධ්‍යාපනයක් ඇති, පහල සමාජ මට්ටම් වල ගැවසෙන ත්‍රී රෝද රථ රියදුරන්, බස් රියදුරු සහ කොන්දොස්තර වරුන්ය. ඔවුන්ට මේ දේවල රස කර කර කියවන්න කදිම මාතෘකාය. ඔවුන් මේවා කියවා යහපත් වනවා යයි ඔබ සිතනවාද ? ඔවුන් මේවාගෙන් ගන්නේ නිවැරදි පූර්වාදර්ශයන්ද?
මෙවැනි පුවත් වපුරවන්නේ මුද්‍රිත, ගුවන්, රූපවහිණී වැනි මාධ්‍ය වලින් පමණක් නොව මෑතකදී කරලියට ආ ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාලද මේවාට සෑහෙන දායකත්වයක් සපයියි. කලක් මෙවැනි පුවත් බෙදා (Share) හැරීමට මාද සක්‍රීයව දායක වුවද, දැ
න් මෙවැනි දේ සඟවන්නට (Hide) මා නිරතුරු උත්සාහ ගනිමින් සිටියි. එස්.එම්.එස් වඩා වේගවත්ම මාධ්‍යයය. මේවා නොයෙකුත් ප්‍රවෘත්ති ජාලා මගින් ලබා ගැනීමට අමාරුවෙන් උපයා ගන්නා මුදල් වැය කරනවා පමණක් නොව ඒවා තවත් දහ දෙනෙකුට පමණ බෙදා හැරීමටද අප ධනය වැය කරයි. සැබවින්ම මේවා නාස්තීන් නොවේද ? මේවාගෙන් මඩි තර කර ගන්නෝ ජංගම දුරකථන ක්‍රියාත්මක කරවන්නන්ය(Mobile Operators). ඔවුන්ගේ තත්පරයක ආදායම කොපමණද ? ඒ මුදල් වලින් අඩුම වශයේන් 30% වත් අප පිට රටට පටවමින් සිටියි. මේවාට කිව හැක්කේ "අපේ වල අපම කපා ගන්නවා" කියා නොවේද?
ඔබ මේ කඩාකප්පල් කරමින් සිටින්නේ රජයේ ඉදිරි ගමන නොව, අපේ රටේ ඉදිරි ගමනයි. රටක් සංවර්ධනය කරා යන්නට නම භෞතිකව මෙන්ම සිතුම් පැතුම, ආකල්ප(Attitudes) මගින්ද එහි ජනයා දියුණු විය යුතුය. අනුන්ගේ ආගත-නාගත සොය සොයා වැය කරන්නට කාලයක් දියුණු රටවල මිනිසුන්ට නැත. ඒවාට කාලය මිඩංගු කලහොත් ඔවුන්ට අතපසු වන්නේ ඔවුන්ගේ එදා වේලය. එනිසා ඔවුන් නිතිපතා කාලසටහනකට වැඩ කරයි. අපේ රටේදී රස්තියාදු ගහන අයද, දේශණා පවත්වන අයද, බණ කියන අය සහ මේකී නොකී සියළුම කුලක වලට අයත් අය මේ කියන දියුණු රට වලදී ඔවුන්ගේ පීල්ලට(Track) වැටී හැල්මේ වැඩ කරයි. කට පියාගෙන තමන්ගේ පාඩුවේ සිටියි. අප මේවා පාඩමට ගත යුතුයි. අප විඳි දුක් කන්දරාව අපේ දරුවාගේ පිට මතින් හෙට දවසේ තබනවාද ? නැත්නම් යහපත් හෙටක් වෙනුවෙන් වැඩ කරනවාද ?යන්න අප ඉදිරියේ හෙට දිනයේදී තිබෙන පහසු පැණයයි. පිළිතුරු සැපයීම ඔබගේ වගකීමයි. රට කරවන අය කවදාවත් පරදින්නේ නැත. සියළු දෙනා අත් වැල් බැඳගෙන ඉදිරියට යනවාද ? නැත්නම් ප්‍රභාකරන් වැනසූ තැන සිට අපි පටන් ගන්නවාද ? තීරණය ඔබ සතුයි.
හිතවත් මාධ්‍ය කරුවනි. රටේ දියුණුවට ඔබටත් දායක විය හැක. එය රට කරවන අයගේ දියුණුව යයි සිතුවොත් අප පරාදය. තවමත් අප ප්‍රමාද නැත. ධනාත්මක මාධ්‍යකරණයකට කාලයයි මේ.
වටිනා අදහසක්, ඉස්සර වගේ වටේට එකතු වී කයිය ගසමින් කාලය කා දමනවා වෙනුවට දැන් කරන්නේ මොකක් හෝ වැඩකට නැති ප්‍රවෘත්තියක් හෝ සිද්දියක් බ්ලොග් පෝස්ට් එකක් ලෙස දමා හොඳට රස කර කර බනිමින් ආතල් එකක් ගන්න එක. රට හදන්න කලින් තමන් හැදෙන්න ඕනේ කියල නිකමටවත් හිතන්නෙ නෑ... තේරුම් ගත් පිරිසවත් ටිකෙන් ටික මෙවැනි අදහස් ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත්.
ReplyDeleteහ්ම්ම්..හ්ම්ම්..
ReplyDeleteමං නම් දැන් ටීවී බලනවා අඩුයි.දවල්ට දොළහේ ප්‍රවෘත්ති විතරයි බලන්නේ ඒකත් රටේ තොටේ වෙන දේවල් දැනගන්න.
ReplyDeleteලිපියේ අකුරු ලොකු පොඩි වෙන එක ගැන සැලකිල්ලක් දක්වන්න.
ReplyDeleteබරසාර ලිපියක්
ReplyDelete@Pathum Herath : බොහොම ස්තුතියි.
ReplyDelete~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@හිරුහිමාවී : හ්ම්ම්....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@නිශාන් : රටේ තොටේ වෙන දේවල් නම් කමක් නෑ. ඒත් ජනතාව කුපිත වන ආකාරයට ? ෆොන්ට් සයිස් ප්‍රශ්ණය දැන් හරි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@අටම්පහුර : බර වැඩිද මන්ද ?
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පහුගිය දවස් වල ව්ල RSS අවුලක් නිසා සින්ඩි වලට මගේ පොස්ට් පෙන්නන්නැතුව තිබුනා. දැන් හරි ඒ නිසා පහුගිය ලිපි දෙක හුඟ දෙනෙක් බලලා නෑ. වෙලාවක් තියෙනව නම් බලල යන්න.
ReplyDeleteහොඳ දැක්මක්..ඒත් එහෙම උනාම කොහොමද පත්තර විකුණන්නේ..?හොඳම නිව්ස් කාරයෝ හැටියට සම්මාන ගන්නේ..? අනික ගෙදර ඉදන් මුව හං වලට තලන්නේ..?
ReplyDelete@මාරයා : මේ පැත්තේ ආවාට ස්තූතියි. මම දැක්කා එක පාරක් නැෂනල් ජොග්‍රැෆික් එකේ හොඳම චායාරූපයට හිමි සම්මානය හිමි වෙලා තියෙනවා, ගිජු ලිහිණියෙක් සාගින්නෙන් පෙලෙන දරුවෙකු පණපිටින් ඩැහැ ගන්න තත්පර ගණනකට පෙර ගත්ත ඡායාරූපයක්. එහෙත් බොහෝ දෙනෙක් පවසා සිටියා දරුවාගේ ජීවිතය බේරාගෙන ෆොටෝ එක නොගත්තා නම සම්මාන දිය යුතු බව. වඩා වැදගත් මොකක්ද කියලා තෝරා ගන්න ඕනේ.
ReplyDeleteඒ ඡායාරූප ශිල්පියා සියදිවි හානිකරගත්තාලු; එදා සිදුවීම නිසා ඇති උන කම්පනයට කියලයි දැනගැන්මට තියෙන්නේ
Deleteමේ රූපය එක්ක ලාංකීය ජනමාධ්‍ය ගැන ලිපියක් ලියන්න මට ඕන උනා සෑහෙන්න කාලෙක ඉඳලා! මේ වගේම තව පිංතූරයකුත් මට හම්බුනා! තාම වෙලාවක් තමයි හම්බුනේ නැත්තේ!
ReplyDeleteඔබ ඉහත කියපු පිංතූරය ගත්තු කෙනා ඊට ටික කලකට පස්සෙ සියදිවි හානිකරගෙන තිබුනා ළමයා බේරා ගත්තේ නැති නිසා ඇති වෙච්ච guilt ෆීලින් එකට!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ReplyDelete@Sabith : තමා අතින් වරදක් සිදු වූ බව පිළිගැනීමත් ඉතා හොඳ ගුණාංගයක්.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
විශේෂයෙන්ම අපරාධ වාර්තාකරණය අතිශය පහත් ආකාරයකයි දැන් සිදුවන්නේ. සමාජය විසින් දැන ගතයුතු දේට වඩා උලුප්පන්නේ වලලා දැමිය යුතු සමාජයේ පැතිර නොයා යුතු කාරණා කියලයි මට නම් හිතෙන්නේ. සමහර අප්‍රියජනක සහ-සම්බන්දතා වලට දෙන්නෙ පුදුමාකාර අත්වැලක්. කියන්නේ නොකියන්න ඔන දේ උනාම අනියමින් ඒ දේ සමාජගත වෙන්න රුකුලක් ලැබෙනවා. සමාජයෙන් දුටු තැන ගලවා ඉවත කලයුතු දේවල් සාමාන්‍යකරණය වෙනවා.
ReplyDeleteමමත් මීඩියා ගැන නම් දරන්නේ මේ කියන ආකල්පෙම තමයි....
ReplyDeleteමිනිස්සු කැමති කුණු රසමයි...... දෙන්නෙත් කුණු රසමයි..... අගය කරන්නෙත් කුණු රසයමයි...
මම මීට අව්රුදු 15කට විතර කලින් සාෆ් සිනමා උළෙලකදී බලපු ඉන්දියානු සිනමා කෘතියක් සිහියට එනවා. ඒ ෆිල්ම් එකේ නම "නසීම්"
ඉන්දියාවේ තියෙන මුස්ලිම් , හින්දු අරගලය ගැන කතාවක්. පරම්පරා කීපයක අදහස් වල තියෙන පරස්පර විරෝධී බව නිසා සිද්දවෙන දේවල් දිහා මිනිස්සු බලන කෝණය වෙනස් කරලා කියල පුදුම සියුම් විදියට අධ්‍යක්ෂක පෙන්නනවා. මගේ හිතේ තාමත් තියෙනවා ඒ ෆිල්ම් එක. එකේ එක තැනක නසීම් ගේ සීයා නසීම් ට පෙන්නනවා පොල් ගහක්.....
"බලන්න අර පොල්ගහේ ලස්සන......"
කියල සීයා කියනකොට නසීම් පුදුම වෙනවා.... මොකද මෙතෙක් කල නසීමට ඒ පොල් ගහෙ ලස්සන පෙනිලා තිබුනේ නැති නිසා.....
අගනා පොස්ටුවක්...