Saturday, June 8, 2013

2013 චැම්පියන්ස් කුසලානය කාටද ?

1998 වනවිට ලෝක ක්‍රිකට් සමුළුවේ සභාපති ධුරය දැරූ ජග්මොහාන් දල්මියා මහතාගේ අදහසකට අනුව අයි.සී.සී. පිළිමුන් පිටු දැකීමේ තරගාවලිය (ICC Knock-out Tournament) ලෙස ආරම්භ වූ එක්දින ක්‍රිකට් තරගාවලිය අවුරුදු දෙකකට වරක් පවත්වන්නට යෝජනා විනි. එය 2006 දක්වා නොකඩවා ක්‍රියාත්මක වූ අතර 2008 දී සත්කාරකත්වය බාර වූ පාකිස්ථානයේ  ආරක්ෂක  තත්වය නිසා එය අත්හැර දමා 2009 දී එය නැවතත් දකුණු අප්‍රිකාවේදී පණ ලැබීය. මුල සිටම එහි නම වෙනස් කම් වලට ලක් විය. අයි.සී.සී. නොකවුට් ලෙස ආරම්භ වූ එය, පසුව පුංචි ලෝක කුසලානය (Mini World Cup) ලෙසත් 2002 වසරේ සිට   ශුරයන්ගේ කුසලානය(ICC Champions Trophy) ලෙස හඳුන්වනු ලැබීය. කෙසේ වෙතත් මෙම වසරේ පැවැත්වෙන තරගාවලියෙන් මෙය අවසන් වන අතර, මෙයට ආදේශකයක් ලෙස 2017 දී ලෝක ටෙස්ට් ශූරතාව ක්‍රියාත්මක වනු ඇත. 
පින්තුරය ගත්තේ : http://www.wisdenindia.com

මෙම තරගාවලියෙන් මුලිකමව කරුණු දෙකක් ඉෂ්ඨ කර ගන්නට එවකට සභාපති වරයා බලාපොරොත්තු විය. එහිලා අංක එකේ තිබුණේ අයි.සී.සියේ අරමුදල් තර කර ගැනීමයි. ඔවුන්ගේ දෙවන බලාපොරොත්තුව වුයේ ටෙස්ට් ක්‍රීඩා නොකරන රටවල් වල ක්‍රීඩකයන්ට ලෝක කුසලානයක ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නටත්, එම රටවල ප්‍රේක්ෂකයින්ට සජීවී තරග නැරඹීමට අවස්ථාවක් දීම මගින් උනන්දුවක් ඇති කිරීමත්ය. නමුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලි ඇරඹීමත් සමගම එක්දින වලට තිබූ ජනප්‍රියත්වයනේ වැඩි කොටස එම තරගාවලි වලට ලැබිණි. නමුත් අද විස්සයි විස්සේ ඉදිරි අනාගතය අවිනිශ්චිත තැනකට ගෙන ඒමට බුකි කරුවන් සමත් වී ඇත. එය වෙනමම සකච්ඡා කලයුතු බැරෑරුම් මාතෘකාවකි.

මෙවර චැම්පියන්ස් ලෝක කුසලානය පැවැත්වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය වන එංගලන්තයේය. එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනමම හැදෑරිය යුතු විද්‍යාවක් බඳු වේ. ඒ ගැන විචාරය කරන්නට එංගලන්තයෙන් පිට අය බිය දක්වීමම එයට හොඳම උදාහරණයකි. මන්ද එංගලන්ත තණතීරු සහ කාලගුණය එහි පවත්වන තරග වල ප්‍රතිඵල වලට සෘජුවම බලපාන බැවිනි. මගේ විශ්වාසයේ හැටියට මෙවර තරගාවලියේ ජය කාටද යන්න දැන ගැනීමට පහතින් දැක්වෙන දර්ශක ඉතා වැදගත් වේ.  
  1. දේශගුණය
  2. විකට්ටු සහ ක්‍රීඩාංගන
  3. කණ්ඩායම් වල වත්මන් තත්වය
  4. නව නීති රීති
  5. පෙර පුහුණුව
  6. ඉතිහාසය
  7. ශ්‍රේණිගතකිරීම
දේශගුණය

මෙය එංගලන්තයට හොඳින් හිරුරැස් පතිත වන කාලයකි. එහෙත් පසුගිය පුහුණු තරග වලදී ලැබුණු තොරතුරු අනුව, කෙතරම් එළියක් තිබුනද උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20ක ප්‍රමාණයේ පවතියි. මේ කාරණය නිසා ඝර්ම කලාපීය දේශගුණයට හුරු වී තිබෙන ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාවේ සහ පකිස්තානයේ සමහර ක්‍රීඩකයන්ට එම දේශගුණික තත්වයන් තුල සුපුරුදු දක්ෂතා වලට ඒමට නොහැකි වනු ඇත. ඉන්දියාවේ සහ පකිස්තානයේ සමහර ක්‍රීඩකයන් වෙසෙන පෙදෙස් වල සීත දේශගුණය නිසා යම් මට්ටමකට ඔවුන්ට එය දරා ගත හැකි වනු ඇත. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට මෙම දේශගුණයට සමාන දේශගුණික තත්වයන් ඔවුන්ගේ රටවල ඇත. 

මෙම දේශගුණික තත්වයන් බලපාන්නේ ක්‍රීඩකයින්ටම පමණක් නොවේ. කොහොමත් රතු පන්දුවට වඩා වැඩි දෝලනයක සුදු පන්දුවේ දැකිය හැකිය. එනිසා එංගලන්තයේ තිබෙන සීත සහ වලාකුලින් බර කාලගුණික තත්ත්ව වලදී වැඩි දෝලනයක් බලාපොරොත්තු විය හැක. එහෙත් මේ දක්වා පැවැත්වුණු තරග වලදී වැඩි දෝලනයක් පෙන්නුම් කලේ නැත. නමුත් එංගලන්තයේ කාලගුණය වෙනස් වීමට දවස් ගණන් අවශ්‍ය නැත. එහි කාලගුණික වාර්තා පැය කිහිපයෙන් කිහිපය යාවත්කාලීන කරන බව එහි දිගු කාලයක් ජීවත් වන අයගෙන් ලැබෙන තතු සාක්ෂි දරයි. එම නිසා කාලගුණික සහ දේශගුණික සාධකහි වැඩි වාසිය සත්කාරක එංගලන්තයට සහ එම තත්වයට පසුගිය සති කිහිපයේම එහි සංචාරය කරන නවසීලත්නය, එම දේශගුණික තත්වයන්ට හැඩ ගැසීමට පහසු සුදු හම සහිත අනෙකුත් කණ්ඩායම් වලට ලැබෙනු ඇති.

විකට්ටු සහ ක්‍රීඩාංගන

එංගලන්ත විකට්ටු සාමාන්‍යයෙන් වේග පන්දු සහ මදවේග පන්දු යවන්නට උචිත වේ. ඒවායේ දෝලනයත් ඉහල නැගීමත් වැඩි නිසා පිතිකරුවන්ට රිසි සේ පිත්ත හැසිරවීමට කාලයක් නැත. පන්දුව පතිත වනවාට වඩා වේගයකින් ලැබෙන නිසා පිතිකරුවන් වෙනදාට වඩා වේගවත් විය යුතුය. මෙහිදී වඩාත් අසීරුතාවට ලක්වන්නේ ආසියාතික තණතීරු වලට හුරු වී සිටින අපේ ක්‍රීඩකයන්ය. මෙම වේගවත් තත්වයන්ට එංගලන්ත, නවසීලන්ත, ඕස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකානුවන් හුරු වී ඇත. එංගලන්තයේ සමහර ක්‍රීඩාංගන වල ලකුණු හතරක් දිවීමෙන් ලබා ගැනීමට හැකි තරම දුරක හතරේ සීමාව පවතින අතර සමහර පැති වල ඉතා ළඟ පවතී. මේ තත්වයන් වඩා හොඳින් කලමනාකරණය කර ගැනීමට කවුරුන් සමත් වේද යන්න පැවසිය නොහැකිය. එහෙත් කුමන තත්වයක් යටතේ වුවත් හොඳින් ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවට මෙහි වැඩි වාසි ලැබෙන බව මගේ විශ්වාසයයි.

කණ්ඩායම් වල වත්මන් තත්වය

සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය අතර පවතී ටෙස්ට් සහ එක්දින තරගාවලි චැම්පියන්ස් තරගාවලියේ පුහුණු තරග පැවැත්වෙන අතරතුර අවසන් විය. මේ නිසා එක්දින කණ්ඩායමක් ලෙස එකට එක්වී ක්‍රීඩා කිරීමට අනෙකුත් කණ්ඩායම් වලට වඩා මෙමෙ කණ්ඩායම් දෙකට අවස්ථාව ලැබිණි. මෙහිදී එකට ක්‍රීඩා කිරීම පමණක්ම නොව එකම සමුහයක් ලෙස කාලයක් සිටීමද කණ්ඩායමේ ශක්තියට ඉතා හොඳ බව මා අත්දැකීමෙන් දන්නා කරුණකි. අනෙකුත් බොහෝ කණ්ඩායම් වල ක්‍රීඩකයන් අයි.පී.එල් තරගාවලියේ කොටස්කරුවන් ලෙස එක්කෝ තරග ක්‍රීඩා කල අතර, නැතිනම් බංකු වලට වී නරඹන්නන් ලෙස කාලය ගත කරන ලදී. එනිසා ඔවුන් තමන්ගේ රටවල අනෙකුත් ක්‍රීඩකයන් සමග එකට කටයුතු කිරීම මෙන්ම ඔවුන්ගේ දක්ෂතා ගැන ඇති මතකයද අවදි කර ගත යුතුව ඇත. මේ සඳහා යම් කාලයක් ගත වනු ඇත.


නව නීති රීති

මෑතකදී හඳුන්වා දුන් අන්ත දෙකෙන්ම නව පන්දු භාවිතා කිරීම සහ යාර තිහේ සීමාවේ නව නීතිය නිසා දඟ පන්දු යවන්නන් බහුල ආසියාතික රටවලට කෙලින්ම අපහසුතා ඇති වේ. මෙම එක්දින තරගයක් අවසන් වනවිට පන්දුවක් පරණ වී තිබෙන්නේ ඕවර විසි පහකි. පන්දුව පරණ වන්නට වන්නට වැඩි වාසිය අත් වන්නේ දඟ පන්දු යවන්නන්ටය. අනෙක් කාරණය එහි තද ගතිය සහ සුදු පැහැය අඩු නිසා පිතිකරුවන්ට එයින් අවාසි වනු ඇත. නමුත් නව නීතිය නිසා වේග පන්දු යවන්නන් කෙරේ වැඩි ව්ශ්වාසයක් තබන ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය වැඩි වාසි ගනු ඇත. මෙයින් යම් මට්ටමකට පකිස්තානය සහ බටහිර ඉන්දීය ක්‍රීඩකයන්ද වාසි ලබා ගනු ඇත. මෙයින් පැහැදිලි අවාසිය අත් වන්නේ ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවටය. වැඩි වේග පන්දු යවන්නන් යෙදවීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට අවස්ථා අවමය. ඒ ඔවුන් සතුව හොද දඟ පන්දු යවන්නන් දෙදෙනෙකුට වඩා සිටින නිසාය. මෙම කණ්ඩායම් වල තරග සංයුතිය වෙනස් වීමෙන් කණ්ඩායමේ සමතුලිතතාවය පිලිබඳ ගැටළු ඇති වනු ඇත. 

මුරලි ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන කාලයේ පන්දුව අතට ගන්නේ දොළොස් වෙනි පන්දු ඕවරයේ සිටය. ඉතාම කලාතුරකින් ඔහුට ඊට කලින් පන්දු යැවීමට සිදු වුවත් ඔහු එසේ කරන්නේ දැඩි අකමැත්තෙනි. දැන් මුරලි ක්‍රීඩා කළා නම් ඔහුට පන්දු යවන්නට සිදු වන්නේ විසිතුන් වන ඕවරයේ හෝ විසි හතරවන ඕවරේ සිටය. එසේ වූවානම් අපට අත්වන තත්වය පැහැදිලිය. 

පළමු පවර් ප්ලේ තත්වයෙන් පසුවත් යාර තිහෙන් ඔබ්බේ රැඳවිය හැකි ක්‍රීඩකයන් ගණන් හතරක් දක්වා අඩු කිරීමෙන් එහි අවාසියද ආසියාතික කණ්ඩායම් වලට අත් වේ. එමගින් දඟ පන්දු යවන්නන්ට පහර දීමට පිතිකරුවා පොළඹවන තත්වයක් ඇති වේ.  

එමනිසා එම වෙනස් වූ නීති රීතිද වැඩි වේග පන්දුයවන්නන් සිටින සහ යොදවන කණ්ඩායම් වලට ලැබේ. ආසියාතික කණ්ඩායම් වලටද අකමැත්තෙන් වුවද වැඩි වේග සහ මද වේග පන්දු යවන්නන් යොදවා ක්‍රීඩා කිරීමට සිදු වේ. එමගින් දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට දුර්වල පිතිකරුවන්ට ස්ථාවර වීමා කදිම අවස්ථාවක් සලසා ඇත. 

පෙර පුහුණුව

මෙම තරගාවලියට වඩාත් උචිතම පෙර පුහුණුව ලැබුණේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්තයටය. අනෙක් කණ්ඩායම් වල පෙර පුහුණුව බොහෝවිට ලැබුනේ අයි.පී.එල්. තරගාවලිය තුලය. නමුත් එහි දස්කම් දැක්වූවන්ට මෙහි යම් අවාසි සහගත තත්වයක් ඇත. නමුත් එම තරගාවලියේදී ක්‍රීඩා නොකල අයට පහසුවෙන් මෙම තණතීරු වලට හැඩගැසිය හැක. 

ඉතිහාසය 

මේ තරගාවලියේ ඉතිහාසය බැලුවහොත් එය අවුරුදු දෙකෙන් දෙකට කණ්ඩායම් ලබා ගන්නා ස්ථාවරත්වය මත ජයග්‍රාහකයන් තීරණය වන්නක් බව මුලින් පෙනුනද පසුව මෙය කාලීන ලෝක ශූරයන්ගේම තවත් ගොදුරක් බවට පත් වී ඇති බව පෙනේ. 1998 දී මෙය දකුණු අප්‍රිකාවද, 2000 දී නවසීලන්තයද, 2002 දී සමශූරයන් ලෙස ශ්‍රීලංකාව සහ ඉන්දියාවද, 2004 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ද,  2006 සහ 2009 දී එය ඔස්ට්‍රේලියාව විසින්ද දිනාගෙන ඇත. අවසන් තරගයකට ඔස්ට්‍රේලියාව ආ අවස්ථා දෙකේදීම ඔවුන් ජය ගෙන ඇති අතර, නවසීලන්තය එක් දිනුමක් සහ එක අනුශූරතාවක් ලබාගෙන ඇත. බටහිර ඉන්දීය කණ්ඩායම දෙවරක් අනුශූරයන් වී ඇත. ඉන්දියාව සහ එංගලන්තය එක වරක් අනුශූරයන් වී ඇත. 

ශ්‍රේණිගතකිරීම්

කණ්ඩායම් වල වත්මන් තත්වය හොදින්ම විදහාපාන තවත් දර්ශකයක් වන්නේ ශ්‍රේණිගතකිරීමය. මෙම තරගාවලියට පෙර වර්ගීකරණයන්ට අනුව එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ඉහලම සිටින්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාවය. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකාව, එංගලන්තය,ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටී. විස්සයි20 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව සහ පාකිස්තානය ඉදිරියෙන් සිටී. මා මේ සියලු ශ්‍රේණිගතකිරීම් සැලකිල්ලට ගන්නේ ඒ සියල්ල මගින් කණ්ඩායම් වල එකමුතුව ක්‍රීඩා කිරීමේ හැකියාව මැන ගත හැකි නිසාය. මෙම දර්ශකයන් තුන තුලම ඉන්දියාව මුල් ස්ථාන හතරෙන් එකක සිටී. දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය එක්දින සහ ටෙස්ට් වර්ගීකරණ වල ඉහලින් ඇත. ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කණ්ඩායම් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම වල ඉදිරියෙන් සිටී. 

මෙම ශ්‍රේණිගත කිරීම් දිගුකාලීන ස්ථාවර භාවය සහ මෑතක ස්ථාවර භාවය පිලිබඳ සාක්ෂි සැපයි. ඒ අනුව ඉන්දියාව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම වන අතර, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ඊට පිටුපසින් සිටින අනෙකුත් රටවල්ය.

මෙම සියලු කාරණා සැලකිල්ලට ගත් විට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අවසන් කණ්ඩායම් හතර වීමට බොහෝ ඉඩකඩ තිබේ. නමුත් මේ තරගාවලියේ කළු අශ්වයා ලෙස සැලකිය හැකි කණ්ඩායම නවසීලන්තය වේ. සත්කාරක එංගලන්තය සමග එංගලන්තයේදී මෑතකදී නිමාව දුටු එක්දින තරගාවලිය ජය ගැනීමෙන්ම එය තහවුරු වේ. එමනිසා ඔස්ට්‍රේලියාව පරදවා ඒ කාණ්ඩයේ දෙවන කණ්ඩාම නවසීලන්තය වීමට බොහෝ ඉඩකඩ ඇත. එසේ වුවහොත් නවසීලන්තය පෙරළිකාර ලෙස මේ කුසලානයට හිමිකම් කියනු ඇත. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන අනාවැකි පල කිරීම මෝඩ ක්‍රියාවක් බව බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි. ක්‍රිකට් ඒ තරමටම අවිනිශ්චිත ක්‍රීඩාවකි.


පින්තුරය ගත්තේ : www.sportinglife.com
ප.ලි. රාජ්ගේ(සිංහල) ඉල්ලීම ඉටු කර ඇත. 

37 comments :

  1. ඕක කවුරු හරි දිනයි.. ඒකෙ සැකයක් නෑ..

    අනාවැකියක් කියන්නම්... තව අවුරුදු හතර පහක් යනකොට හොඳට බැට් කරන ක්‍රීඩකයන්ව, හොඳට බෝල් කරන ක්‍රීඩකයන්ට තර්ජනය කරලා, අත පය කඩලා, ජීවිත හානි කරලා ගේම් එකෙන් අයින් කරන තත්ත්වෙකට ආවොත් පුදුම වෙන්න එපා හරිද...තව ඉස්සරහට ක්‍රිකට් ක්‍රීඩකයොන්ටත් ආරක්ශක රථ පිරිවරාගෙන, බොඩි ගාඩ්ලා තියාගෙන තමා ඉන්න වෙන්න.. දැන් කටයුතු වෙන විදිහට එහෙම නොවෙන්න තියන සම්භාවිතාව බොහොම අඩුයි..

    අයියෝ ක්‍රිකට් කියලා තමා දැන්නම් කියන්න වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. දැන් යන විදියට T20 නැති වෙයි වගේ. එහෙම වුනොත් ඔය ප්‍රශ්නේ අඩු වෙයි.

      Delete
  2. මාරම විග්‍රහයක්නේ. මේ මොනවා වුණත් එදිනට ඉතා හොදින්ම ක්‍රීඩා කරන කණ්ඩායම නම් ජයගන්නවා නිසැකයි. මේක ටිකක් මෝඩ උත්තරයක්. ඒ කොහොම වුණත් ඉන්දියාවට දිනන්න ඇති ඉඩකඩ වැඩියි කියලයි මං හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. හොඳින්ම ක්‍රීඩා කරන්න පහසු වෙන දේවල් ගැන තමයි මම කිව්වේ.

      Delete
    2. සෙන්නගේ උත්තරය ගැනද ඔය කියන්නේ ?

      Delete
    3. ඒකයනේ මාර විග්‍රහක් කියලා කිව්වේ.

      Delete
  3. සුදීක අයියට මං දැන් වෙනම බ්ලොග් එකක් හදල දෙනව cricket ගැන ලියන්න.
    ඇයි අෆ්ෆ ;)

    ReplyDelete
    Replies
    1. හෙහ් ... හෙහ්...

      Delete
    2. වෙනම මොකටද සුදීකගෙ බ්ලොග් එක ක්‍රිකට් තමයි

      Delete
    3. වම් පැත්තේ තියෙන පටුන බැලුවනම් තේරෙයි මම කයි තරම් අඩුවෙන්ද ක්‍රිකට් ගැන ලියලා තියෙන්නේ කියලා.

      Delete
  4. පන්දුවාර 20 තරඟයක් බලන ඇසකින් මේ තරඟාවලිය නොබැලිය යුතුය නමුත් මේවර තරඟාවලිය අවසන් චැම්පියන් කුසලානය වීම, පන්දුවාර 50 තරඟ ලොලීයෙක් හැටියට මට නම් ශෝකය දනවන කාරනයකි. එසේම පැහැදිලිව කියයුතු තවත් කරුනකි ඔබ අවධානයෙන් මෙම තරඟය බලන්නේ නම් වැටහේ ක්‍රිකට් ක්‍රිඩකයකු සහ තවමත් ක්‍රිකට් ඉගෙන ගන්නේකු හැටියට එංගලන්ත කැමරාකරුවනට මා අචාර කරමි මන්ද යම් පිතිකරුවකු පිරිපුන් අයුරින් පන්දුවට පහර දෙනවිට එම පහරවල් කිහිප ආකාරයකින් නැවත දර්ශණය කරවන්නේය විශේෂයෙන් ශ්ලොමොෂන් දර්ශණ වලින් යමක් උගත හැකි බැවිනි

    ReplyDelete
    Replies
    1. එංගලන්ත කැමරාකරුවන් ක්‍රිකට් ක්‍රීඩාව හොඳින් දැනගෙන මේ රාජකාරියේ යෙදෙයි. අනිවාර්යයෙන්ම මෙහි ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.

      Delete
  5. මේකට කිරිකොට් උණ !

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්... මීයට තියෙන උන වගේ කවදාවත් හොඳ වෙන්නේ නෑ.

      Delete
  6. මම කුමන ක්‍රීඩාවතටත් එතරම් ප්‍රියක් නෑ තරගයකදි කවුරු දිනුවත් එකයි කියන සිතුවිල්ලෙන් ඉබේ දුටුවොත් ඔහේ බලනවා. ක්‍රිකට් ගැනත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලත් කමෙන්න්ට් කරන්න ඉදිරිපත් වුනු එකට ස්තුතියි.

      Delete
  7. IPL ඉවර උනා විතරයි දැන් මේකට සෙට් වෙන්න එපැයි.. කිවුවත් වගේ හැබැයි අපේ දඟපන්දු යවන්නෝ අළුත් නීති එක්ක කොහොම දක්ෂකම් පෙන්නයිද කියන එක අභියෝගයක්..

    ReplyDelete
    Replies
    1. මුරලි හිටියත් වෙනදට වඩා ටිකක් වැඩියෙන් ලකුණු යනවා මේ ක්‍රමේට. පවර් ප්ලේ ඕවර් පහක් අඩු වුනාට, දෙවෙනි පවර් ප්ලේ එකෙත් තුනයි එළියේ ඉන්න පුළුවන්.

      Delete
  8. කවුරුම හරි දිනන්ටත් එපායැ නේද? :D

    ReplyDelete
    Replies
    1. මම දන්නවා පො.කු. වැඩිය ක්‍රිකට් වලට කැමති නැති බව.

      Delete
  9. mata cricket kiyana Greek wage. (Book Cricket danawa).
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. ඔයා මොන දේ තිබුනත් කමෙන්ට් එකක් දානවනේ. ඒක මට සතුටක්.

      Delete
  10. එංගලන්තය සහ දකුනු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයට එන්නේ නෑ.. මෙන්න මගෙන් කැට!

    ReplyDelete
    Replies
    1. එංගලන්තය තමන්ගේ රටේ තියෙන තරගාවලි වලදී අනු ශූරයන් වෙලා තිබෙනවා.

      Delete
  11. සමාරම්භක උත්සවයෙදි ශ්‍රීලංකා ජාතික කොඩිය පිටියට එද්දි හින්දි සින්දුවක් වාදනය වෙලා හුටපටයක් තියෙනවා නේද මෙදා සැරේ...

    මෙවැනි විකට්ටුවක ලංකාවට ඉන්න හොදම පන්දු යවන්න කුලසේකරද ? කාලයකට පස්සෙ දිල්හාර ලොකුහෙට්ටි ක්‍රීඩා කරනවා දුටුවා මෙවර..තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඔහුගෙ ආගමනය කණ්ඩායමක් විදියට ලංකාවට කෙසේ බලපායිද....ක්‍රිකට් විශේෂඥ සූධීක වෙත මා මෙම ගැටළු යොමු කිරීමට කැමතියි.

    ReplyDelete
    Replies
    1. ජාතික කොඩිය අරන් එන වෙලාවට දාන ගීතය ගැන සංවිධායකයෝ විමසන්න ඕනේ අපේ ක්‍රිකට් බලධාරීන්ගෙන්, එවිට ඔවුන්ට ගීතයක් ලබා දෙන්න පුළුවන්. නමුත් අයි.සී.සිය එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ බවයි පෙන්නේ. මේ දේම තමයි අර විස්සයි20 ලෝක කුසලානයේ චියර් ලීඩර්ලා තේරීමේදීත් වෙලා තියෙන්නේ.
      කුලසේකරගේ මේ දවස් වල පන්දු යැවීම ටිකක් මදි වගෙයි පෙන්නේ. මාලිංගට විකට්ටුව ගැටළුවක් නැති නිසා, දස්කම් වල වෙනසක් නොවෙයි කියලා හිතන්න පුළුවන්. දිල්හාර ලොකුහෙට්ටිට මේ ලැබුණු අවස්තාව අභියෝගයක්. අපහසු පරිසරයක් ක්‍රීඩා කර ස්ථානය තහවුරු කර ගන්න ලැබිලා තියෙන්නේ. ඔහුට තැනක් ලැබෙයි කියලා මට හිතන්න අමාරුයි. හේතුව මැතිව්ස් සහ තිසර.

      Delete
  12. අගනා පැහැදිලි කිරීමක්...

    සුදික අයියාට තරම් ක්‍රිකට් දැනුමක් නැති නිසා අපිනම් ඔය මැච් වල දිනන කණ්ඩයම් තීරණය කරන්නේ අපේ හිතේ තියෙන සිතුවිලි අනුවනේ..
    ඉන්දියාව කොච්චර දක්ෂ උනත් උන් දිනනවාට අකමැති සම්පද්‍රයික ඉන්දියන් වීරෝධයක් අපිට තියෙන නිසා වෙන්න ඇතිනේ....

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් වෙනත් ජාතියක් සමග ආසියාතික කණ්ඩායමක් ක්‍රීඩා කරනොට අපි ගන්නේ ආසියාතික රටේ පැත්ත. නමුත් දල වේගයෙන් අපිට තේරෙන්න අවශ්‍ය වෙනකොට අපි කලින්ම තෝරා ගන්නවා පරදින්න ඕනේ පැත්ත.

      Delete
  13. මටනම් හිතෙන විදියට මේ ලිපියේ අනාවැකිය සුදීකගේ යටි හිතෙ තියන අපේ කන්ඩයමේ ජයග්‍රහනය ගැන අපේක්ශාවෙන් උඩුහිත රවටාගැනීමට ලියුවක් කියලයි හිතෙන්නේ .... මොකද කියන්නෙ මම වැරදිද ? :P

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලාංකිකයකු ලෙස මමත් අපේ තරගයක් තියෙනකොට සහයෝගය දෙන්නේ අපේ කණ්ඩායමට. නමුත් යතාර්ථය ඊට වඩා කටුකයි.

      Delete
  14. මොනවා උනත් අවසන් තරගයට ශ්‍රී ලංකා පිල නොඉදිවී කියන එක හිතන්න කැමති නැති නිසාවෙන් මේ විචාරේ දැක්කේ නැ කියලා හිතා ගන්නවා සුදික අය්යා... දැන්ම ඉදන් මොකටද එහෙම ලංකාවට ප්ලේස් නැ කියලා හිතාන මැච් බලන්නේ..

    ReplyDelete
    Replies
    1. අපි දේශප්‍රේමියෙක් නොවී ක්‍රිකට් ප්‍රේමියෙක් වුනොත්, කාගේ දක්ෂතාවක් හෝ දැක සතුටු වෙන්න පුළුවන්. දේශප්‍රේමය නරකයි කියනවා නොවෙයි. මමත් ලංකාවේ තරගයක් තියෙනකොට ලංකාවට තමයි සහයෝගය දෙන්නේ. ඒත් වියහැකි දේ වලක්වන්න අපේ කමත්තටම බෑ නේද ? ආ අද ඔයාලගේ ක්‍රිකට් මැච් වගයක් තියෙනවා නේද මහරගම ?

      Delete
  15. මමත් එච්චරම ක්‍රිකට් වලට ආස නෑ.... අපේ කාලේ කන වැඩක් ඕවා බලන්න සෙට් වෙනවා කියන්නේ...මොනවා උනත් නියම විස්තරයක් දීලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගයියා.

      Delete
  16. මේ සැරේ අනාවැකි කියන්න බෑ. කොහොම උනත් කොදෙව්වො ගැනත් විය්වාසයක් තියනව

    ReplyDelete
  17. සුදීකට යෝජනා කලාට මට දායක වෙන්න බැරි උනා , කොහොම වුනත් මම අනාවැකියක් පලකලා නම් ඕස්ට්‍රේලියාව වෙනුවට නවසිලන්තය ආදේශ විම විතරයි වෙනස් වෙන්නේ . සුදිකගේ අනාවැකි හරියාගෙන එන බව පෙන්න තියනවානේ , හැබැයි අපේ උන් අමාරු මැච් එක ගහගත්ත එකෙන් සෙමි එන්න වාසනාවක් පැදිලා තියෙයි , ඒත් සෙමි නම් අමාරුයි

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...