Sunday, June 30, 2013

බ්ලොග් සඳහා අචාරධර්ම පද්දතියක් ....

මීට දින කිහිපයකට පෙර මා ලියූ ඔබේ කමෙන්ට් කිරීමේ ප්‍රතිපත්තිය කුමක්ද ? සටහනට අදහස් දක්වමින් බොහෝ දෙනා තමන් අනුගමනය කරන ප්‍රතිපත්තිය අදහස් වලට එක් කොට තිබුණි. කමෙන්ට් කිරීමට මෙන්ම කමෙන්ට් පාළනය කිරීමටද ක්‍රමයක් තිබිය යුතු යයි මගේ සිතට ආවේ, එහි තිබූ යම්-යම් ප්‍රකාශණයන් දුටු විටය. මෙය සිංහල බ්ලොග් අවකාශයට පමණක් සීමා වූ දෙයක් විය නොහැක. වැඩියෙන්ම ලොව බ්ලොග්කරණයේ යෙදෙන ඉංග්‍රීසි මාධ්‍යයේ තත්වය සොයා බලන්නට සිත් වුයේ, එතුල මේ සඳහා විසඳුමක් අනීවාර්යයෙන්ම තිබිය යුතු බව වැටහුණු නිසාය.

ඒ පිලිබඳ සොයා යාමේදී විකිපීඩියා වලින් විසඳුම සොයා ගැනීමට හැකි විය. එහි නිධාන කතාවක්ද වෙයි. 

පින්තුරය ගත්තේ :
onemansblog.com 
කැතී සියෙරා යනු ඇමෙරිකානු පරිඝනක මෘදුකාංග උපදේශිකාවක් සහ පරිඝනක ක්‍රීඩා (Computer Games) වැඩසටහන් සම්පාදිකාවකි (Programmer). එයට අමතරව පරිඝනක වැඩසටහන්කරණය පිලිබඳ ඉතා ජනප්‍රිය Head First නම් පොත් මාලාවක සම ලේඛිකාවකි. එම පොත් සාම්ප්‍රදායික නොවන අයුරකින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. TerraTpoia නමැති පරිඝනක ක්‍රීඩාවේ ප්‍රධාන ශිලිපිණිය ඇයයි. සියෙරාගේ පොත් මාලාවේ පොත් තුනක් Jolt Awards නමැති සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශිත නාමයන් අතරට එක වී තිබූ අතර , 2005 දී Head First Design Patterns ග්‍රන්ථය 2005 සඳහා Jolt Award සම්මානයෙන් පිදුම් ලැබීය.  එම පොත Amazon.com හී මුල් පොත් දහයේ ලැයිස්තුවේ 2003-2005 දක්වා ඇතුලත්ව තිබිණි.  
2007දී පවත්වන්නට  නියමිතව තිබූ O'Reilly ETech conference නමැති සම්මන්ත්‍රණය ඇය හදිසියේම අවලංගු කරන්නේ බ්ලොග් පොස්ට් එකක් මගින් සහ ඊ මේල් පණිවුඩ මගින් ඇයට ලැබෙන මරණීය තර්ජන නිසාය. එක්තරා බ්ලොග් පොස්ටුවක ඇගේ ගෙලට තොන්ඩුවක්ද දමා තිබිණි. ඉන් තැති ගත් ඇය මෙසේ ලීවාය
 "මම සියලුම දේශණ අවස්ථා අවලංගු කලෙමි. මගේ නිවසින් පිට වීමට බියෙන් පසු වෙමි. මට වෙනදා හැගීම් නොදැනේ. මම වෙනදාට වඩා වෙනස් වෙන්නෙමි"
ඉහත සිද්දිය පාදක කර ගනිමින් ටිම් ඔරිලි මහතා බ්ලොග් කරුවන් උදෙසා අචාරධර්ම පද්දතිය සම්පාදන කරන ලදී. එහි සංක්‍ෂිප්තයක් විකිපීඩියාහී ඇත. මා මෙහි පල කරන්නේ එහි පරිවර්තනයකි.  

 බ්ලොග් කරුවන් සඳහා වන ආචාරධර්ම පද්දතියක් යෝජනා කරන්නේ ටිම් ඔරිලි මහතාය. එහි තේමාව වන්නේ "බ්ලොග්කරණයේදී ශිෂ්ඨසම්පන්න වීම සහ කමෙන්ට්ස් පාලනය (Moderate)" යන්නය. එයට හේතු වන්නේ කැති සියෙරා නමැති බ්ලොග් කාරිනියට 2007 දී තර්ජන නිසාය. මෙහි මූලික අදහස මුලින්ම ඵල කලේ බී.බී.සී. ප්‍රවෘත්ති සේවයයි. ඒ ඔරිලි මහතාගේ කියමනක් උපුටා දක්වමිනි. "මම හිතනවා අපිට යම් ආචාරධර්ම පද්දතියක අවශ්‍යතාවක්  සහ කුමක්ද පිළිගතහැකි හැසිරීම  යන්න යන අවශ්‍යතාවක් තිබේ කියා.  එය නීති මාලාවක් නොවී ස්ව-නියාමනයක් ලෙස ඇති වේ කියා මම විශ්වාස කරනවා. 

අයර්ලන්තයේ ඵලවන Sunday Business Post නමැති පත්‍රයට ලියන ඩබ්ලින් හී රේඩියෝ නිවේදකයකු සහ පුද්ගල සබඳතා පිලිබඳ උපදේශකයකු වන සයිමන් පැල්මර් 2009 දී මෙය මතු කරනවා. ඒ අයිරිෂ් බ්ලොග් මගින් සේවාදායකයෙකු ගෙන එන වැරදි තොරතුරැ නිසා. ඔහුගේ කමෙන්ට් වලින් පසුව ඔහුට Online අපයෝජන චෝදනා අයිරිෂ් බ්ලොගර්ස් මගින් එල්ල කරනවා. නිර්නාමික(ඇනෝ) බැන අඬ ගැසීම් එල්ල වනවා. මරණ තර්ජන පවා එල්ල වනවා. 

New York Times පුවත් පතට අනුව, ඔරිලි සහ ජිමී වේල්ස් මහතා පදනම් කරගෙන ඇත්තේ BlogHer නමැති කාන්තා බ්ලොග් සඳහා වන සහයක ජාලයක් විසින් කෙටුම්පත් කල ලැයිස්තුවක් සහ තවත් කිහිප දෙනෙකුගේ දායකත්වයන්. කරුණු හතක අඩංගු ලැයිස්තුවක් ඔවුන් සම්පාදන කොට ඇත
  1. ඔබ ලියන දේ පිළිබඳව මෙන්ම එහි ඵල වන කමෙන්ට් සම්බන්ධයෙන් වගකීමක් ඔබ විසින් දැරිය යුතුය. 
  2. අපයෝජන සහිත කමෙන්ට් පිලිබඳ මට්ටම ඔබ විසින් ලේබල් කල යුතුය. 
  3. නිර්නාමික(ඇනෝ) කමෙන්ට් ඉවත් කිරීම පිලිබඳ සලකා බලන්න.
  4. බැන අඬ ගැසීම් නොකරන්න.
  5. අවශ්‍ය සාකච්චා බ්ලොග් වලින් පිට සිදු කරන්න(offline).  කෙලින්ම කථා කරන්න. එසේත් නැතිනම් එසේ කල හැකි අතරමැදියෙකු සොයා ගන්න.
  6. කවුරුන් හෝ නරක ආකාරයේ හැසිරීමක් පෙන්වයි නම්, ඔවුන්ට එය පවසන්න. 
  7. පුද්ගලිකව හමු වී කිව නොහැකි කිසිම දෙයක් බ්ලොග් එක මගින් (online) නොපවසන්න.
හොඳයි. මේ නීති අචාරධර්ම පද්දතිය පිලි පදින්න මා සුදානම්. සහෝදර බ්ලොග් කරුවන්/කාරිණියන් වන ඔබ සූදානම්ද ? කමනේට් කරන ඔබ සුදානම්ද ?

මෙය නොයෙකුත් තර්ජන, ඝර්ජන සහ බියගැන්වීම් හෝ සිත් කලකිරීම් නිසා බ්ලොග්කරණය අත් හැර දැමූ සියලුම සහෝදර බ්ලොග්කරුවන්/කාරිණියන් වෙත පුදමි.    

ඔරිලි මහතාගේ  පින්තුරය සහ තොරතුරැ www.wikipedia.org ඇසුරෙනි. 

Saturday, June 29, 2013

ඇඟ කිලිපොලා යන දසුනක් ........

පින්තුරය ගත්තේ :
anklesprainrecovery.org
මගේ පහුගිය පොස්ට් එකට එකතු වූ කමෙන්ට් වලට පිළිතුරු කමෙන්ට් එකතු කරන අතරතුරම ශ්‍රීලංකාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තුන්කුන් තරගාවලියේ ප්‍රථම තරගය අතරින් පතර නැරඹුවෙමි. කමෙන්ට් කිරීම හමාර කර මා නැවතත් රුපවාහිනිය දෙස දෑස් යොමු කලෙමි. එය එතරම් උද්යෝගීමත් තරගයක් නොවේ. පන්දු යවමින් සිටින්නේ බටහිර ඉන්දීය ක්‍රීඩක රවී රාම්පොල්ය. මේ වනවිට තණතිල්ල මත දිවීම නිසා ඔහු අවවාද ලබා තිබුණි. 

මට තිබූ ලොකුම ගැටලුව එය නොවේ. ඔහු පන්දු යවන විට ඔහුගේ අතපය වැඩ කරන ආකාරයයි. අමුතුම අත්පා කරකවීමක් කරන මේ ක්‍රීඩකයා වස කම්මැලියෙක් යයි ඔහුගේ කඳබඩ දකින ඕනෑම අයෙකුට සිතේ. හරියට බලෙන් ඇදගෙන ගොස් ක්‍රීඩා කරන්න දැමූ එකෙක් මෙන් ඉතා අපහසුවෙන් මෙන් එහා මෙහා ගමන් ගනී. එහෙත්  ඔහු ඉතා හොඳින් මොලය පාවිච්චි කරන බව වැටහෙන්නේ ඔහු පන්දුව පතිත කරන ආකාර දුටු විටය. එසේ සිතා වැඩි කාලයක් ගත වුයේ නැත. අඩමානයට කකුල තබා වළලුකර පෙරලා ගනු ලැබීය. මේ දසුන දකින විට මගේ සියොළඟ හිරිගඩු පිපෙන්නේ මේ අත්දැකීමට මාද මුහුණ දී ඇති නිසාය. 

එක් වතාවක් මෙය සිදු වුවේ මා සැහැල්ලු පන්දු සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරන අතරතුරදීය. එහිදී ඉදිරියට පැන පහර දෙන්නට ගොස් මගේ දකුණු කකුල පෙරලින. එය සිදු වූ මොහොතේ වහා නැගී සිට එතැන් සිට ක්‍රීඩා කලද, පසුව දා උදෑසන වනවිට මගේ වළලුකර ඉදිමී තිබූ ආකාරය සිහි වනවිටද හීන් දාඩිය දමයි. ඉන්පසු ඇන්කල් ගාඩ් එකක් දමාගෙන සති ගණනාවක් තවමින්ද, ඉතා ප්‍රවේසමෙන් ඇවිදීමෙන්ද හොඳ කර ගතිමි. 

එහෙත් 2006 දී නැවත වතාවක් මාගේ වම් පාදයේ වළලුකර පෙරලිනි. එය සිදුවුයේ මා උදෑසන ව්‍යායාම සඳහා දෙහිවල එස්.ද එස්. ජයසිංහ ක්‍රීඩාංගනයට ගොස් සිටි අලුයම් කාලයකදීය. මා වටා වට වූ සෙස්සන් පැවසුයේ එහි ඇති කුමක් හෝ පෑගී එසේ වන්නට ඇතැයි යන්නයි. දුවන විටදී සිදු වූ බැවින් එය අධික වෙදානාවක් ගෙන දුනි. එහෙත් ගෙදර විත් කාර්යාලයටද වාර්තා කලෙමි. උදෑසන දහය වනවිට මාගේ පාදය බෙරකොටයක් මෙන් ඉදිමී තිබූ අතර මුළු කකුලම වෙදානාවෙන් හිරි වැටිණි. මා වේදනාවෙන් පසු වන බව දුටු මගේ ප්‍රදානියෙක් මා රෝහල වෙත යොමු කරන ලදී. 

මුලින්ම මා රෝද පුටුවක් තබාගත් ඇටෙන්ඩන්ට් වරයෙක් වෛද්‍ය වරිය වෙතද, එතනින් එක්ස්රේ කාමරය වෙතද ගෙන යන ලදී. මට පුදුම ආත්ම අනුකම්පාවක් ඇතිවිණි. මේ මා වැඩිහිටියෙකු වශයෙන් වෙනත් කෙනෙකුගේ ආදාරයෙන් ගමන් කරන පළමු වතාවයි. වෛද්‍ය වරියට පෙන්වූ පසු සහ එක්ස්රේ ගත පසු මගේ වෙදානාවෙන් සෑහෙන ප්‍රමාණයක්ද, කිසිදු හානියක් නොවී ඇතැයි ද පවසන විට වෙදානාවෙන් තවත් කොටසක් අඩු විය. මට තරු පෙනුණේ ඇය අනුමත කල ඇන්කල් ගාඩ් එක දමන්නට ගොස් අර ඇටෙන්ඩන්ට් වරයා මගේ වලලුකරෙහි ඉදිමුණු තැන රිදවීමය. මා ඔහුට පැත්තකට වන්නැයි පවසා, එය මවිසින්ම පළඳා ගන්නා ලදී.

ලෙඩ රෝග ඇති වූ විට එය ශාරීරිකව බලපානවාට වඩා මානසිකව බලපායි. ඕනෑම ලෙඩක් සනීප කර ගැනීමට 60%ක් හිත ඉවහල් වන බව පර්යේෂණ වලින් ඔප්පුකොට ඇත. නමුත් මෙවැනි අනතුරක් වූ වහාම වෛද්‍ය වරයෙකු වෙත යොමු වීමෙන් එවැනි තත්ත්ව මග හරවා ගත හැක. අනෙක් කාරණය මෙවැනි අනතුරු වලින් ඇති වන අභ්‍යන්තර තුවාල වීම් හොඳ වන්නට නම් විවේකය අවශ්‍ය වේ. වැඩිපුර නින්ද ඉක්මන් සුවයට මග පාදයි. 

පින්තුරය ගත්තේ :
virtualsportsinjuryclinic.com
මම ඡායාරුපයෙන් මෙම අනතුර වන ආකාරය පෙන්වා දී තිබේ. ඔබගේ පාදය(විශේෂයෙන්ම සපත්තු පැළඳ ඇති විට) ඉහත ආකාරයට අඩමානයට තැබීමෙන් අනතුරට ලක් වේ.  මෙහිදී එයට පිටතින් ඇති පේශී ඇදීමෙන් සහ වෙනත් තැනකට පැනීමෙන් වේදනාව ඇති වේ. මෙම අනතුර පිට පැත්තෙන් පමණක් නොව ඇතුල් පැත්තෙන්ද සිදු විය හැක. මෙසේ වලලුකරවල් පෙරලෙන අයට මෙම අනතුරු නිතර සිදු වේ. පසුව ඇති වන පෙරලීම සුව වීමට අවශ්‍ය කාලය වැඩි වේ. 

මේ සඳහා ජනප්‍රිය ප්‍රතිකර්මය  RICE ලෙස හැඳින්වේ. හාල් වලින් මේවාට ප්‍රතිකර්ම කල හැකිද ? මෙය ඔබට මෙන්ම මටද ඇති වූ ගැටලුවයි. මෙහිදී රයිස් යනුවෙන් හඳුන්වන්නේ Rest(විවේකය), Ice(අයිස්) එය සිදු වූ අවස්ථාවේ අයිස් තැබීම, Compress(තද කිරීම) - බැන්ඩේජ් හෝ ඇන්කල් ගාඩ් එකක් මගින් තද කිරීම, Elevation(එසවීම) - විවේක ගැනීමේදී මදක් ඉහලින් පාදය තබා ගැනීම.
පින්තුරය ගත්තේ :
depositphotos.com

අයිස් තැබීම කල යුත්තේ එම අනතුරු සිදු වූ වහාමය. ඒ අභ්‍යන්තර ලේ වහනය නතර කර ගැනීමටය. වෛද්‍යවරයෙක් හමු වනතුරු කල හැකි හොඳම ප්‍රතිකර්ම්යද මෙය වේ. නමුත් ඔබ දියවැඩියාවෙන් පෙලෙන්නෙක් නම් අයිස් තැබීමට ප්‍රථම වෛද්‍ය වරයකුගෙන් ඒ ගැන විමසීමක් කල යුතුය.
පින්තුරය ගත්තේ : firstaid.webmd.com 

මෙය බැන්ඩේජ් කිරීමෙන් හෝ ඇන්කල් ගාඩ් එකක් භාවිතාවෙන් compress (තද) කල හැකිය. මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ, ඕනෑවට වඩා තද කිරීමත්, ඕනෑවට වඩා බුරුල් කිරීමත් යෝග්‍ය නොවන බවය.  වරක් මා වැඩිපුර තද කර බැන්ඩේජ් දමා, ඉදිමුම වෙනත් තැනකට යනු අත්විඳ ඇත. ඉහත පින්තුරයෙන් බැන්ඩේජ් කල යුතු ආකාරය දක්වා තිබෙනවා. 
පින්තුරය ගත්තේ :http://www.wikihow.com
මෙසේ ඉහලින් තබාගෙන විවේක ගැනීමෙන්, එම ස්ථානයට බර නිසා සිදු වන වෙදානා සහ අධික ලේ ගමනාගමනය අඩු වීමෙන් ඇති වන වේදනාව අඩු කර ගත හැකි වේ. 

මෙවැනි අනතුරු වන අය ප්‍රවේසම් විය යුතුය. මන්ද ඒවා නැවත-නැවතත් සිදු වීමෙන් ප්‍රවනතාවක් ඇති නිසාවෙනි. ක්‍රීඩා කරන විට වළලුකර ආවරණයක් පැළඳීම වඩාත් සුදුසු වේ. 





ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...