Wednesday, October 19, 2016

අපූරු කතා දෙකක් ......

මේ එක කතාවක් අපේ ඔෆිස් එකක වුණු දෙයක්. අනිත් එක දමිළ සමාජයේ පහුගිය කාලේ ජනප්‍රිය කතාවක්. හැමෝටම ඊ මේල් ලිපිනයක් නැති කාලේ ඔය අන්තර්ජාලේ තියෙන ෆෝම් පුරවද්දී බොහෝ දෙනෙක් ලේසියට ඔෆිස් එකේ ඊ මේල් ලිපිනය දෙන්න පොරොන්දු වෙලා තිබුණා. අන්තිමට මේක මහ කරුමයක් වෙන ගානටම මේල් පණිවුඩ ගලා ආවා. පස්සේ අපිට සිද්ධ වුණා ඒවාට වෙන වෙනම ප්‍රවේශ වෙලා, ඒවා අක්‍රීය කරන්න. නමුත් ඊ මේල් වලට හුරු නැති තරමක් වියපත් පුද්ගලයෙක් වෙච්ච ධර්මයා භාවිතා කලේ ඔෆිස් එකේ ලිපිනය. මිනිහා තමන්ගේ බිරිඳට අප්‍රමානෙට භයයි. ඒ වුණාට පොර ටෝක් විසේසඥයෙක්. විශේෂයෙන්ම දෙකක් දාගත්ත වෙලාවට. අනික නාරි දේහ විසේසඥයෙක්.ටිකක් ඩෝප් වෙච්ච වෙලාවට ඔෆිස් එකේ ඉන්න තරුණ කෙල්ලන්ගේ ඉඳලා, වයෝවෘද්ධ අයගේ ඉරියව් වගේම අංගෝපාංග ගැනත් විස්තර කරන්නේ අතැඹුලක් සේ තිබෙන දැනුම නිසා. මිනිහගේ මේ පොර ටෝක් තරම්ම නැති වුණත්, කාන්තා පාර්ශවේ එක්ක සබඳතා ඇති කර ගන්න මිනිහා දක්ෂයා. 

මහේෂා මේ කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිනියක්. නිලධාරිනියක් කිව්වට අලුතෙන් එකතු වුණු කෙනෙක්. කෙටියෙන්ම කියනවනම්"අමු මෝල". මෙලෝ දෙයක් ගැන අවුබෝධයක් නෑ. ඉංග්‍රීසි වතුර වගේ වුණත්, සිංහල තේරෙනවා අඩුයි. මහේෂාට මේ ටෙලිෆෝන් වැඩේ හොඳටම කරන්න පුළුවන්. කඩ්ඩෙන් එන ඇමතුම් වලට කිසි ගේමක් නැතිවම කඩ්ඩෙන් කොටනවා. සිංහල ඒවා දෙපැත්තේ ඉන්න දෙන්නට තල්ලු කරලා බේරෙනවා. සිංහල කතා කරත්දී ඇදලා පැදලා කරන කථාව හරියට අපේ කොස්ගොඩ-බලපිටිය පැත්තේ ටෝක්ස් එකක් වගේ. එහෙම කිව්වේ තේරුම් කරන්න පහසුවට මිසක් ඒ පැත්තේ ජනතාව අවඥ්ඥාවට ලක් කිරීමේ අදහසින් නෙවෙයි. ඒ පැත්තේ මිනිස්සු හරි හිත හොඳ අය. බොක්කෙන්ම තමයි කරන-කියන දෙයක් කරන්නේ. ඒ නිසා ඉක්මනට තද වෙනවා. හරි අපි දැන් කථාවට එමුකෝ. දවසක් කළමනාකාර තුමා බඩ අල්ලගෙන හිනා වෙවී එයාගේ කූඩුවෙන් ආවා. ඒ අතේ තියෙන තනිරූල් කොලයක ලියපු ලියුමකුත් අරගෙන. ඒක ඉන් පස්සේ අතින් අත ගියා. වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමයි. ධර්මයා පත්තරේ තිබුණ මංගල යෝජනාවකට ලියුමක් දාලා. ඒකට ආපු පිළිතුරක් තමයි මේ හිනාවට හේතුව. ධර්මයා මේ වෙනකොටත් තලත්තෑනි මිනිහා. බැඳලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. මිනිහගේ විනෝදාංශය තමයි ඔය මංගල දැන්වීම් වලින් ටිකක් සෙකන්ඩ් කොලිටියේ ඒවාට ලියන එක. මට හිතෙන්නේ සරු බිස්නස් එකක් වෙන්න ඇති. මැනේජර් මහත්තයාට හරිනම් තද වෙන්න ඕනේ. මොකද ධර්මයා ආයතනයේ ලිපිනය අවභාවිතා කරලා නිසා. නමුත් එතුමාගේ හිනාවට හේතුව ටික වෙලාවකින් හැමෝටම පැතිරුණා. හේතුව තමන් තැපැල් කන්තෝරුවේ පියුම් අයියලා ලියුම් වලට සීල් ගහනවා වගේ මහේෂා ඒ ලියුමටත් ලැබුණා සීල් එක ඇරලා දාලා.

දෙවෙනි කතාව මට කිව්වේ සිරයිවා. සිරයිවා මන්නාරම ප්‍රදේශයේ ඉපදුණු දමිළ තරුණයෙක්.මිනිහා මෑතකදී ප්‍රධාන කාර්යාලයේ සේවයට ආවේ. ආව මුල් දවස් වල සිංහල හකුරුයි - පොලුයි වගේ තිබුණට, දැන් යමක් - කමක් විස්තර කරන්න පුළුවන් තත්වෙට ආවා. අපේ තව ටැමිල් පොරක් ඉන්නවා මිනිහා අර කාලෙකට කලින් බොහොම ජනප්‍රිය වෙලා තිබුණ නොකියා ෆෝන් වලට ආපු පොඩි පින් චාජර් එකට කියන්නේ. බොඩි පින් සාජරේ කියලා. ගිය සති අන්තයේ අපි ගමනක් ගිහිං එත්දී මම ඔය කතාව කිව්වේ බෙන්ජා කියන හුරතල් නමින් හඳුන්වන අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. බෙන්ජා වෙනත් වාහනයකින් අපි ගිය පළාතටම ඇවිත් වෙනත් අකරතැබ්බයකට මුහුණ දීලා. ඒක වෙනම කතාවක්. සිරයිවා කියපු බොඩි පින් සාජර් කතාව මෙහෙමයි.

එක්තරා දෙමළ ගමක, අවුරුදු 17-18 වගේ වයසක කෙල්ලක් එක පාර අතුරුදන් වුණා. ඒ කෙල්ල ඒ වෙනකොට තිබුණ ලව් පලහිලව්ව ගැන දන්නා හැමෝම කිව්වේ අහවලා එක්ක පැනලා යන්න ඇති කියලා. ගෙදර අයත් එහෙම හිතලා හිත හදා ගත්ත. තුන්වෙනි දවසට එලි වෙනකොට කෙල්ල ගෙදර දොරකඩ ළඟ. අම්මා තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියා. මේ වැඩේ කරන්න බැරි නිසා තද වෙච්ච පාර අම්මා මෙහෙම කිව්වා. 

"උඹ මගුලේ ගියානම් ඒ ගිය තැනට වෙලා ඉන්නේ නැතිව මෙහෙ ආවේමොකටද ?"

 "අම්මේ එහේ තියෙන නොකියා චාජර් එක බොඩි පින්සාජර් එකක් නෙවෙයි. මම ආවේ මගේ චාජර් එක අරන් යන්න"

43 comments:

  1. මරු කතාව. ගොඩක් දමිල අය චාජරේ කියන එක උච්චාරණය කරන්නේ සාජරේ කියල, ඒක මමත් අත්දැකල තියනවා.
    අපිත් එක්ක වැඩකල ස්ටෝකීපර් කෙනෙක් (ඒ වනවිට විවාහකයි) විනෝදෙට මංගල යෝජනාවලට උත්තර ලියනවා, මනමාලි බලන්න ගිහින් කාලා බීලා එනවා.හැබැයි දාන්නේ ආයතනේ ලිපිනේ. ගාල්ල පැත්තේ කෙල්ලෙක්ව බලන්න ගිහින් එයා අපේ මිනිහට ලියුම් එවන තරමට වැඩේ දුරදිග ගියා, එසේ මෙසේ ලියුම් එහෙම නෙමෙයි ෆුල්ස්කැප් හතර පහේ ලියුම්. මිනිහ අන්තිමට වැඩේ නවත්තගත්තෙ හෙන ගේමක් දීලා.

    ReplyDelete
    Replies
    1. අපේ හැලපේත් මේ වගේ කතාවක් ලිව්වා මතකයි. මේක කියවලා කී දෙනෙක් පටන් ගනීද දන්නේ නෑ. මොනවා වුණත්අ හිංසක ජීවතත් එක්ක සෙල්ලම් කරන එක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි.

      Delete
    2. ඔව්, ඒක ඇත්ත.

      Delete
    3. ඒ්ක නමි හෙන සවුත්තු වැඩක් බං

      Delete
  2. ඔය අපේ වයසේ ඉන්න ධර්මයා වගේ කොල්ලෝ තවම ඔයවගේ වැඩ කරනවා. විනෝදාංශයක් ලෙස, මංගල යෝජනා පිටු කියවන සෑහෙන පිරිසක් ඉන්නවා.

    අපි ඉස්කෝලේ යන කාලේ ශිෂ්‍යභට රෙජිමේන්තු සැරයන් මේජර් කෙනෙක් හිටියා අබ්බාස් කියලා. සෑම දිනකම උදේ පෙරෙට්ටුවේදී ඔහු අණදෙන නිලධාරීට වාර්තා කලයුතුයි, පෙරෙට්ටුවේ මෙපමන සංඛ්‍යාවක් ඉන්නවා, ගිලන්ව, භට නිවාසයේ හෝ රෝහලේ මෙපමණ ඉන්නවා කියා.

    අබ්බාස් බොහෝ දිනවල සිංහල ටපලවා ගන්නවා. ඔහු පෙරෙට්ටුවට යන්නේ කියන්න අවශ්‍ය දේ කටපාඩම් කරගෙනයි.

    එක දවසක් තුන් දෙනෙක් ගිලන්ව සිටියා. පෙළපාලියේ එකසිය විසිපස් දෙනෙක් හිටියා. ඔහු වාර්තා කලේ මෙහෙමයි.

    තුමනි, පෙළපාලියේ එකශීය විෂ්පෂ් තෙනෙක් ෂිටී, තිදෙනෙක් ගිලාබැෂ ඇත තුමනී..........

    ReplyDelete
    Replies
    1. අම්මෝ ගිලාබැෂ නම් පරිෂමෙන්

      Delete
  3. වැඩිය කමෙන්ට් නොකලාට මම අවිවාර්යයෙන් කියවන බ්ලොග් එකක් මේක. ඒ ඔබේ පහසුවෙන් කියව්ය හැකි රචනා ශෛල්‍යය නිසා වෙන්නත් ඇති.හැබැයි මම වැඩියක්ම කැමති , රට වටේ බ්‍රාන්ච් වලට ගිය කතා අහන්න. අපට එහෙම අවස්ථාවක් නැති වුනත්, ඒ කතාත් එක්ක සවාරියක් යන්න, ඒක බාධාවක් නොවෙයි.

    කතාව නං නියමයි, හැබැයි ධර්මයගෙ වැඩ නං අවුල්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඒ වගේම සතුටුයි. තව කතා ගොඩක් තියෙනවා. මේ විශේෂ කමෙන්ට් එකට ප්‍රනාමයක් විදියට එකක් ලියන්නම්.

      Delete
    2. බොහොම ස්තූතියි. කඩ වලින් කාපු කෑම ගැනත් ලියන්න ඈ? හැලප ඉස්ටැයිල් එකකට , ඔය පඳුරක් දෙකක් තැලුවත් කාරියක් නෑ :)

      Delete
  4. මගේ යාලුවෙක් හිටියා මහ ඇමති කෙනෙකුගේ කෝඩිනේට් සෙකට්‍රි කෙනෙක්. දවසක් වයසක ජෝඩුවක් ඇවිත් මිනිහට කියලා තමන්ගේ දුව පැනලා ගිහින් ආපහු ගෙන්නලා දෙන්න කියලා. මූ මේක ලිඛිතව දෙන්න කියලා. වයසක ජෝඩුවත් විස්තරේ කියලා ලියුමක් ලියලා දීලා. හැම ලිපියකටම පිලිතුරු ලිපියක් යවන එක දේශපාලන කන්තෝරුවල හැටිනේ. කෙල්ල පැනලා ගිය එක ගැන වහාම සොයා බලා කටයුතු කරනවා, අවශ්‍ය පියවර ගන්නවා කියලා මහ ඇමතිතුමාගේ අත්සනට ලියුමක් හදලා ඒකේ කොපියක් ඒ පැත්තේ ඒ.ස්.පී. මහත්තයාටත් දාලා. මේක දැකපු මහ ඇමතිට මල පැනලා. එදා මේකා ගුටි නොකා බේරුනේ අනූ නමයෙන්.

    ReplyDelete
    Replies
    1. ඔන්න මේක කිව්වම තව කතාවක් මතක් වුණා. අපෙත් එක්ක ඉඳලා අපි අතරින් සමු ගත්ත තවත් දමිළ හිතවතෙක් ගුහා. කළමනාකාර පුහුණු ලාභියෙක් විදියට ගුහාගේ පලවෙනි පත්වීම ලැබිලා තියෙන්නේ බණ්ඩාරවෙල ශාඛාවට. මිනිහට එතකොට සිංහල බෑ. කෙල්ලෙක් එයාගේ තාත්තත් එක්ක ඇවිත්, තමන්ගේ මියගිය මවගේ ගිණුමේ තිබෙන මුදල් තමන්ගේ පියාගේ ගිණුමට හුවමාරු කර දෙන්න කියලා ඉල්ලමින්. මේ වැඩේ කළමනාකාර තුමා ගුහාට භාර දීලා. අවශ්‍ය මූළික කටයුතු කර දීලා ඒ ළමයාව පිටත් කරලා. තවත් දිනක මේ ළමයා බැංකුවට ඇවිත් තනියම. ගුහා මහ හයියෙන් කෑ ගහලා කියලා "නංගි ඔයාගේ අම්මගේ එක මම තාත්තගේ එක ඇතුළට දාලා දෙන්නම්" කියලා. මුළු බ්‍රාන්ච් එකේ උන්න හැම දෙනාටම මේකට හිනා ගිහිං. මට ඒ කතාව කිව්වේ ඒ ශාඛාවේම වැඩ කල වෙනත් වැඩිමහල් කාන්තාවක්.

      Delete
    2. හෙහ් හෙහ් කෙල්ල කිව්වෙ නැත්ද "ඕකේ අනිත් පැත්ත වෙලා තමයි මම ආවෙ" කියල?

      Delete
    3. හි හි ෂෝයි

      Delete
    4. බ්‍රාන්ච් එකේ අය පස්සේ ඒකෙන් මාර සොමියක් අරන් තියෙනවා.

      Delete
  5. ////වැඩිය කමෙන්ට් නොකලාට මම අවිවාර්යයෙන් කියවන බ්ලොග් එකක් මේක. //// සු දී ක මහත්මයගෙ ආගිය කතා මං බොහොම ආසවෙන් කියවනව. බොඩි පින් සාජරේ... හැක්. ඊයෙ මගෙනුත් ඇවිත් බෝඩිමේ නංගි කෙනෙක් ඉල්ලුව පොඩි පින් චාජරයක් නැද්ද කියල. මේක දැක්කම ඒක මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඒවා තරමක් දුරට අඩු වෙලා යුඑස්බී චාජර් හොයන තත්වෙට ඇවිත්.

      Delete
  6. ඔය මංගල යෝජනා වලින් කෑමට අමතර ලෑමත් ගන්න අය ඉන්නවා. විශේශයෙන්ම 'වරදට සමාව දෙන' දැන්වීම් වලට ලියලා.

    ReplyDelete
  7. පින් සයිස් එක ගැන විහිළු නං සෑහෙන්න තියනව. මම හැමදාම ඔපිසියට යන්නෙ ඩේටා කේබල් 1 අරගෙන. ෆෝන් එක චාජ් කරගන්න ඕන නිසා. ඉතිං හැමදාම වගේ නෝනල ඇවිල්ල 4න් එක පෙන්නල අහනව "ඔයාගෙ ලඟ තියනවද මේකට හරියන එකක්?" මම කියනව,
    'අයියෝ ඔයාගෙ එකට මගේ එක ගහන්න පුළුවන්.... කෝ දෙන්න මං ගහල පෙන්නන්න...." ටියුබ් ලයිට් පත්තු වෙද්දි කට්ටිය කට වහං හිනාවෙවී යන්නෙ.

    ReplyDelete
    Replies
    1. රහසින් නෙවෙයි නේද කිව්වේ ?

      Delete
  8. හැක්.. අර පැනල ගිය කෙල්ලට කොල්ලගෙ පින් එක ලොකු වැඩි වෙලාද?

    ReplyDelete
  9. මරු කතා ටික මචං...
    පෝස්ට් එකේ විතරක් නෙමෙයි, කමෙන්ට් වලිනුත් කියවෙනවනේ එළ කතා ටිකක්...

    ReplyDelete
    Replies
    1. හැක් ... මම කට්ටිය එක්ක ස්තුතිය බෙදා ගන්නම්.

      Delete
  10. මරු.

    ඔය කාන්තා අඟපසඟ වල ප්‍රමාණය හොයන උන්ට කියන්නෙ FBI කාරයෝ කියලා. Female Body Inspector.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම GNT කියන්නේ. ගෑනු නාන තැනට.

      Delete
  11. කලින් ඔපීසියේ පිළිගැනීමේ දැරිවිත් ඔහොම තමයි! දවසක් කියනවා... "අර කොෂ් ඇතුලේ තියෙන අර.... ක්රංචි එක මොකද්ද අනී.... " කොස් ඇටේ!!

    ReplyDelete
    Replies
    1. ප්ලෝස්... ඒ මුනාදා... ආ... කොස් ගැට..! කියන ජාතියේ එකියක් වෙන්ටැ

      Delete
    2. ඔය බොරු පොෂ් කට්ටිය ඒවා දන්නේ නෑ තමයි. දවසක් රට ගිය අක්කා කෙනෙක් කොල්ලෙකුගෙන් පොල් ගෙඩියක් දැකලා අහලා තියෙනවා "අර මොකක්ද අනේ?" ඒ කොල්ලට තද වෙච්ච පාර කියලා උඹේ අම්මගේ ... කියලා.

      Delete
  12. මේ ධර්මයා නම් හරිම අහිංසකයි. හොඳටම ෂුවර්ද ඔය නම හේ හේ

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්. හරිම අහිංසකයි.

      Delete
  13. බොඩි පින් නෙමයි පොඩි පින්..
    එල ද බ්‍රා කතා ටික

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට අපේ බෙන්ජා කියන්නේ එහෙම තමයි.

      Delete
  14. කාලෙකින් ආවෙ...නංගිගෙ චාජ් කරගන්න චාජරේ අරන් යන්න ඇවිත් තිබුන විදිය කදිමයි.

    ReplyDelete
    Replies
    1. මමත් කාලෙකින් ආවේ උත්තර බඳින්න.

      Delete
  15. කෝ අය්යින්ඩ් ඔයා ...උත්තර දිලත් නැහැ

    ReplyDelete
  16. Tamil walin baldiyata kiyanne waldiya kiyanne aththada.. mama ehema kathawak ahala thiyenawa Tamil alphabet eke "ba" kiyana shabdaya Naha kiyala

    ReplyDelete
    Replies
    1. එහෙම කියනවා හරියට දන්නේ නෑ. ද කියන එකට ත ලියනවා. මගේ නම ලියන්නේ තිල්රුක් කියලා කිව්වා මගේ යාලුවෙක්. ඒ වගේම ගයන්න නෑ කියනවා. සුදාගර් කියන එක සුදාහර් කියලා කියන්නේ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...