මෙම බ්ලොග් අඩවිය ආරම්භ කොට 2017 ජනවාරි පළමුවනිදිනට අවුරුදු පහක් සම්පූර්ණ වෙයි. නමුත් බ්ලොග් සටහන් දෙකක් අතර දිගුම පරතරය වාර්තා වන්නේ 2016 අවසන් සටහනේ සිට මේ තැබෙන සටහනට දක්වායි. මෙය ආරම්භ කළ මුල් අවධියේ දවස් හතරකට වරක් වත් බ්ලොග් සටහනක් මෙම අඩවියේ ඵල විය. එයට හේතුව එකල බ්ලොග් ලිවීම තරගයක් ලෙස පැවතීම බව මගේ විශ්වාසයයි. එකළ බ්ලොග් කරණයේ යෙදුනු කවුරුත් යහමින් එම තරගාවලියට දායකත්වය සපයනු ලැබූ අතර, නවකයන් වූ අපද එම රැල්ලට හසුව වේගවත් ගමනක යෙදුනෙමු. කෙසේ නමුත් තවදුරත් මෙය පවත්වාගෙන යනවාද, යන පැනය මගේ හිතේ නැගුනේවත් නැති මාස කිහිපයක් පසුවිණි. මා ඒ කාළය තුල කළේ මොනවාද ?
එම කාළයෙන් වැඩි කොටසක් මා ගත කළේ, ධර්මාශෝක රජුගේ පුවත ප්‍රතිනිර්මාණය කරමින් කලර්ස් ටී වී නමැති ඉන්දියානු නාලිකාව නිශ්පාදනය කළ, කොටස් 450 කින් සමන්විත හින්දි නාටක මාලාව යූ ටියුබ් හරහා නැරඹීමය. හින්දි භාෂාව පිලිබඳ අල්ප දැනුමක් වත් නැති මා හට එය නරඹා තේරුම් ගැනීමට හැකි වුයේ අප භාෂා දෙකටම පොදු සංස්කෘත වචන මාලාව නිසාය. එමගින් කතාවේ මූළික අරුත තේරුම් ගත හැකි විය. සිංහලෙන් හඬ කවා දෙරණ නාලිකාවේ සති අන්තයේ විකාශනය වන ටෙලි මාලාව ප්‍රදර්ශනය තව කෙතරම් කාලයක් ගත වේදැයි සිතා ගත නොහැක. ඉන් පසුව මහරජ ගැමුණු මාලාව හිරු නාලිකාවේ යූ ටියුබ් අවකාශය ඔස්සේ නරඹන්නට යෙදුනි. අශෝක සහ එය අතර අහසට පොළව මෙන් පරතරයක් පැවතියද, අප නිෂ්පාදකයාද ඉතා හොඳ උත්සාහයක යෙදී ඇති බව පැහැදිලිය.
මේ අතරවාරයේම යොවුන් ආසියානු ක්‍රිකට් කුසලානයේ නේපාල කණ්ඩායමේ කණ්ඩායම් නිලධාරියාගේ වගකීමද ඉතා සතුටින් සිදු කලෙමි. එය හැරිසන්ට හැරිස් බ්‍රෂ් එකක් ලැබුණා වගේ වැඩකි. එහිදී ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ් වැනි ලෝක පූජිත ක්‍රීඩකයන් හා ඡායාරූපයකට මුහුණ දීමට වරම් ලැබීම සතුටට කරුණකි.ඔහු සමග වචනයක් දෙකක් කථා කිරීමට අවැසි වුවද, හේ කිසිවකු සමග කථා කිරීමට ප්‍රධාන පුහුණුකරු තනතුරෙහි වගකීම් ඉටු කිරීමට තිබූ කාළය මිඩංගු කලේ නැත.
එයට අමතරව කලක් තිස්සේ දැන හඳුනාගෙන සිටි ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතා මුණගැසීමද, රෝයි ඩයස් වැනි ප්‍රථම ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මුණගැසීමද සිහිනයන් සැබෑවීමකි. කුඩා දරුවකු වශයෙන් මේ නම් මුලින්ම පාලිත පෙරේරා, ප්‍රේමසර ඈපාසිංහ වැනි හඬවල් වලින් රේඩියෝවෙන් අසා, පසුව රූපවාහිනියෙන් නරඹා තිබුණද, කිසිදින ඔවුන් හා ඊමේල් මගින් ගනුදෙනු කිරීමට හැකි වේ හෝ දැනහැඳුනුම් කම් ඇතිකරගෙන කථාබස් කරන්නට හැකි වේ යයි මා සිහිනෙන් වත් සිතුවේ නැත. එය නැවුම් මෙන්ම ප්‍රීතිජනක අත්දැකීමකි. මේ තරගාවලියේදී හෂාන් තිලකරත්න මහතාද, රුචිර පල්ලියගුරු වැනි ජාත්‍යන්තර විනිසුරුවන් සමග ක්‍රිකට් නීති රීති ගැනසාකච්චා කිරීමට ලැබීමද සතුටට කරුණකි. මෙයට අමතරව ඉන්දියාව 1996 ලෝක කුසලානයේදී නියෝජනය කල අශීෂ් කපූර් සමග ඉතා දිගු අල්ලාප-සල්ලාපයක යෙදෙන්නටද එහිදී හැකි විය. ඒ අවසන් පූර්ව තරගය දිනයේදීය. මෙම තරගාවලියට ඇෆ්ගනිස්තානයෙන් පැමිණි අහමඩ් පක්ටීන්, මැලේසියාවේ කාලිදාස්, සිංගප්පූරුවේ සයික ප්‍රසාද් වැන්නන් සමග දිගු සංවාද වල යෙදෙන්නටද අවස්ථාව යෙදුණි. මා සමග ක්‍රිකට් ක්‍රීඩා කර ඇති කළුතර ආරියවික්‍රම අයියා මේ අය සමග සංවාද වලට අවස්ථාව උදා කරළීය. ඔහු විනිසුරුවන්ගේ සම්බන්ධීකාරක වශයෙන් මෙම තරගාවලිය තුල සිටීම මට මහත් අස්වැසිල්ලක් විය.
එහිදී මා ලද ඉහළම අවස්ථාව ඛෙත්තාරම ක්‍රීඩාංගනයේ ජනපති තුමන් සඳහා වෙන් වූ කොටසේ සිට තරගය නැරඹීට ලැබීම සහ තුන්වැනි විනිසුරුගේ කාමරයේ සිට තරගය ක්‍රියාත්මක වන ආකාරය දැකීමය. පිටිය මැද සිටින විනිසුරුවන්ට තුන් වැනි විනිසුරුගෙන් ලැබෙන සහය කෙතරම්ද යන්න ඉන් පැහැදිළි විය. පිටිය මැද සිටින විනිසුරුවන්ට පවර් ප්ලේ සංඥා කිරීමට මෙන්ම තවත් බොහෝ දේ ඇතුලත සිටින තෙවැනි විනිසුරු සිහිපත් කරයි. ඔහු ලකුණු පුවරුව සහ පිටිය මැද සිටින විනිසුරුවන් සමග වෙනස් තරංග ඔස්සේ ක්‍රියාත්මක වන වෝකි-ටෝකි දෙකකින් නිරන්තරව සන්නිවේදනයේ යෙදෙයි. එය හරි අපූර්ව අත්දැකීමකි. මෙයට අමතරව තරග පාවාදීමට එරෙහිව(Match Fixing) කෙරෙන ක්‍රියාවලිය සඳහා වෙන්ව ඇති සී.සී.ටී.වී. කැමරා විස්සක පමණ දර්ශණ එක් පැතලි තිඅරයක දිස් වන, නිරතුරු ඇස ගසාගෙන සිටින නිලධාරීන් කිහිප දෙනෙකු ඇති තවත් කාමරයක් යාබධව ඇත. මා විටෙක එහිද කාළය ගත කලෙමි. මේ සියල්ලටම මෙපිටින් මා ගාවෙෂකයෙකු බව අමතක නොකළෙමි.
ඉදින් මාගේ පහුගිය මාස කිහිපය ගතවවූයේ එලෙසය. මෙය නිදහසට කරුණු කීමක් නොවේ. නමුත් නිරන්තරයෙන් මේ බ්ලොග් අඩවිය දෙස ඇස ගසාගෙන සිටින මෙන්ඩා ඇතුළු පිරිස අස්වසාලන්නට මේ සටහන තබමි. ඉදිරියේදී හැකි පමණින් දායකත්වය සපයන්නට බලාපොරොත්තු වෙමි. මෙය වඳුරන්ගේ ගෙවල් හැදිල්ලක් නොවේවා යයි මමම ප්‍රාර්ථනා කර ගනිමි.
ඔබ නැවතත් ලිය එක පිලිබඳ අපි සතුටුවෙනවා. උඹ බ්ලොග්ස් ලියන්න ඕන මිනිහෙක්. පෙරටත් වඩා ජවයෙන් ලියන්න. මේ පෝස්ට් එකට මම තව කමෙන්ට් එකක් දානවාමයි. ඒ ක්‍රිකට් නිසා.
ReplyDeleteගැමුණු මහරජ ටෙලියෙ මගේ මස්සිනා යම් ප්‍රධාන චරිතයක් කරනවා. මම බලන්නේ නැහැ වැඩිය උනන්දුවෙන්. මචං මේක මහරජ ගැමුණු නෙමේ නේද..ගැමුණු මහරජ. අනේ මන්දා මේවා ඔක්කොම එකද කියලා. විවේචනයක් නෙමේ. මට එහෙම හිතුනා.
හරි අරූ. ගැමුණු මහරජ චිත්‍රපටිය නිසා, මේක මහරජ ගැමුණු කියලා දාලා තියෙන්නේ.
Deleteමතකද අරූ කියල හාදයෙක් ගැන. අර යස අගේට ලිය, ලිය ඉඳලා හුටස් ගාලා බ්‍රේක් ගැහැව්වෙ. ආන්න ඒ ගොයියා තමා. ආං දැන් ආයෙත් ගිණි කසයා වගේ ලියනවා.
ReplyDeleteඔව්වා ඔහොම තමා . ඒත් අපි කැමතියි රාජකාරී ගමන් විස්තර අහන්න. පුළුවන් හැටියකට ලියන්න
හරි මම ඔයාට එකක් පොරොන්දු වුණා. කොහොම හරි ඒක ලියනවා.
Deleteබොහොම ස්තූතියි සුධීක, පොරොන්දුව අමතක නොකලාට.
Deleteමට හිතෙන්නෙ, කතන්දර කියන එක සියුම් කලාවක්. අපේ ජීවිත, රටතොට, සමාජය, මේ ඔක්කොම එක්තරා කතන්දරයක්. හැමෝටම ජීවිත අත්දැකීම් තිබ්බට, හැමෝම හොඳ කතන්දරකාරයො නෙමෙයි. ඔබට ඒ හැකියාව තියෙනවා, අවශ්‍ය නම් විරාමයක් අරගෙන හරි පුළුවන් හැටියකට ලියන්න.
එල කිරි ආයෙ ආවට. පුළු පුළුවන් වෙලාවට ලියපන්. අපි කියවනව 👊🏽
ReplyDeleteබලමු. ලැබෙන විදියට.
Deleteසෙල්ලම් නෑ කිව්වලු... අර තරග පාවාදීම ගැන මොනිටර් කරන කතාව සෑහෙන සිත්ගන්නාසුළුයි...
ReplyDeleteමම මේ තරගාවලියේ මූලික තරගයකදී, කැමරා නැති ක්‍රීඩාංගනයක කැරකුණු ඉන්දියන් තරුණයෙකු පිලිබඳ පැමිණිලි කළා. පසුව මමත් එහි ප්‍රධානියාත් ඔහු කවුද කියා සොයා ගත්තා. බොහෝ දෙනෙක් මේක දිහා බලන්නේ විහිළුවක් විදියට.
Delete+++++
ReplyDeleteමගේ එකේ මේ බ්ලොග් ඒක පෙන්නේ කොටු කොටු විතරයි ...
ReplyDeleteඋබ ලියන එක සතුටුයි අයියන්ඩි
වාහාම ප්‍රතිකර්මයක් යොදා ගනින් මලේ. මම ආපහු ලියන්න යන්නේ.
Deleteහදා ගත්තා ...
ReplyDeleteසමහර වෙලාවට ඇවිත් යනවා "ඇයි උබ ලියන්නේ නැත්තේ " කියලා කොටන්නේ නැතුව...(උබලට ඒක කරදරයක් වෙයි කියලා
සමහර බ්ලොගේර්සලා ඇයි ඔය තරම් දරුණු විදිහට බ්ලොග් ලියන එක අතාරින්නෙ ...අපි මොනතරම් උබලට ආදරෙයිද එත් උබලා අපේ කෙමෙන්ට් එකකටවත් උත්තර නොදී අපිව අතාරිනවා..(උබට නෙමයි සුදික අයියන්ඩි )
මමත් එහෙම කරලා තිබුණා. ඉස්සර මට නින්දෙන් ඇහැරුණොත් බ්ලොග් එකේ කමන්ට් බලනවා. පහුගිය මාස තුණේ ඒ දේ මගෙන් ගිලිහුනා.
Deleteමටත් ලියන්ඩ ඕනා කියලා හිතුනට මාර කම්මැලි කමක්නේ තියෙන්නේ...සුදීක ආයෙ ලියමු හිමින් හරි....
ReplyDeleteඔව්. ආපහු මේ ට්‍රැක් එකට වැටෙන්න තමයි වෙලාවක් යන්නේ.
Deleteඔය ඇවිල්ල ඉන්නෙ. බ්ලොග වහල පහුගිය ටිකේ කරක්ගහපු තැංවල රසවත් විස්තර හෙම ඇතිනෙ ඒවත් එක්ක ආයෙත් ලියන්න පටං ගමු.
ReplyDeleteරසවත් වුණේ වැඩේට වඩා, ඉන් පිට හිටපු වෙලාවේ වැඩ ටික.
Deleteඅලුත් අත්දැකීම් එක්කම ඇවිත් ඉන්නෙ. දැන් ඉතිං ලියන ඒකයි තියෙන්නෙ.
ReplyDeleteමගේ එක වැරද්දක් තමයි, නැවුම් අත්දැකීම් මෙතැන එක පාරටම අත අරින්නේ නැති එක. මම හිතන්නේ හැලපෙත් එහෙමයි. මේ දවස් වල වෙච්ච දේවල් එලියට දානවා නම් තව අවුරුදු හතරකට විතර පස්සේ. ඒකෙ යම් වාසියකුත් නැත්තේම නෑ. එකම හොඳේ තියෙන්නේ මතකයට ගලාගෙන එන එක. හැබැයි ඔය කියපු තර්ගාවාලිය ගැන වාර්තාවක් නම් ඉක්මනින්ම දෙන්න වුණා. ඒක ඉතිං අපි වගේ අයට ටොයිස් වැඩක් නේ. හැබැයි රැජිනගේ භාෂාවෙන්. අවුරුදු ගණන් යටගියාව අවුස්ස-අවුස්ස ලියන අපිට ඕවත් වැඩද ?
Deleteතව එකක් ලියමු
ReplyDeleteනෙලුම්යයේදී සෙට් වෙමු
උබ සම්මානේ ගන්න වෙලාවට පුටුව උඩ නැගලා විසිල් එකක් ගහනවා
ඒකට උඹට තව කාලාන්තරයක් බලා ඉන්න වෙයි.
ReplyDeleteනියම අත්දැකීම් ටිකක්නේ ලබලා තියෙන්නේ.
ReplyDelete//පිටිය මැද සිටින විනිසුරුවන්ට තුන් වැනි විනිසුරුගෙන් ලැබෙන සහය කෙතරම්ද යන්න ඉන් පැහැදිළි විය.//
අන්න ඒ විස්තර එහෙම පොඩ්ඩක් ලියමුකෝ.
හරි උපරිම උත්සාහ කරන්නම් අකුරු කරන්න.
Deleteදුර්ලභ අත්දැකීම් ගොන්නක් ලබාගෙන තියෙන්නෙ... අපිත් එක්කත් බෙදාගමු ඉක්මනට..
ReplyDeleteජයවේවා..!!
ක්‍රීඩාවට ලැදි ඔබ වගේ කෙනෙකුට මේ වගේ අවස්තාවක් ලැබීම අපිටත් හොඳයි. ඒ ඔබ ඒ අත්දැකීම් අප සමග බෙදාගන්නා නිසා. අපි හිතනවාට වඩා කොතරම් සංකීර්ණ සහ සංවිධානාත්මක වැඩ කොටසක් ඇතුලේ සිදුවෙනවාද කියා හිතෙනවා.
ReplyDeleteඑදා ස්ටාර් ටීවී එකේ මේක ලයිව් දුන්නා. එක් වෙලාවට පටන් ගන්න ක්රියවල්ය හරිම සිත්ගන්නා සුළුයි. ඒ ගැන පස්සේ ලියන්නම්.
Deleteමමත් ඇවිත් යනවා,නැවත ලියන එක ගැන සතුටුයි.මම දැන් ආයිමත් බෙන්තොට. Ranjan-Bentota (Düsseldorf)
ReplyDelete