Sunday, January 3, 2016

කෙටිම කෙටි ලොල් කතා අංක 39 : මාරුව ...... Transfer ......

නිශාන්ත රජයේ සේවකයෙක්. දන්නවනේ රජයේ සේවකයින්ට තියෙන ලොකුම ගැටළුවක් තමයි ස්ථාන මාරු. සමහරුන්ට කැමති-කැමති විදියට ස්ථාන මාරු කර ගන්න පුළුවන් වුණත්, තවත් සමහරෙකුට ජීවිතේ එපා වෙන ගාණට තිත්ත වෙන වැඩක් මේක. ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙච්ච අපේ ඩූඩ්ට වෙච්ච අලකලංචිය කට්ටිය කියවන්න ඇතිනේ. මේ මෑතක ගියේ පොස්ට් එක. දෑසට කඳුළු නංවන කතාවක්. 

මේ නිශාන්තත් හරිම කරුමක්කාරයයෙක්. මොකද මිනිහට නිතරම මාරු එනවා. ගහෙන් ගෙඩි එන්න වගේ. මිනිහට මේකට හොඳටම මළ-පැනලා ඉන්නේ මේ වැඩේට. උපන්නේ එක පළාතක. ගෙවල් හැදුවේ තවත් පළාතක. මිනිහට එන මාරු නිසාම අඹු දරුවනුත් මේ පස්සෙන් යන-යන තැනට යනවා. නිශාන්තගේ බිරිඳට මේ වැඩේට හොඳටම තද වෙලා එක පාරක් කිව්වලු "අර ගමේ තියෙන කුඹුරු කරගෙන ඉන්න යමු. මේ ළමයි ගමේ ඉස්කෝලෙට දාගෙන" කියලා. මේ වැඩෙන් මේ ළමයි දෙන්නගේ අධ්‍යාපනයත් කඩාකප්පල් වෙනවා. අහන්න දෙයක් නෑනේ. මේ වාරේ එක ඉස්කෝලෙක, අනික් වාරේ තවත් ඉස්කෝලෙක.

අන්තිමට පත්වෙලා ආපු කාර්යාලේ පියන්, නිශාන්තත් එක්ක බොහොම කුළුපග වුණා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි දෙන්නා එක්ක ප්ලේන්ටියක් බීලා, සිගරට් එකක් ගහන්න නිතර එලියට යන නිසා. එළියේදී දෙන්නා එක සිගරට් එක නොගත්තත්, කාර්යාලය පිටිපස්සෙදී, නැත්නත් හවසට පොඩි සෙට් වීමක් තිබුණොත් දෙන්නා එක සිගරට් එකත් බෙදාගෙන අදිනවා. 

දවසක් උදේ පාන්දර, වැඩට එනකොටම පියන් ගොයියා මූණ ටිකක් අමුතු කරගෙන, ලියුම් කරදහියක් අතේ තියාගෙන නිශාන්ත ඉන්න දිහාවට එනවලු. 

"අනේ නිශාන්ත මහත්තයා ඕවා ගණන් ගන්න එපා" කියලා මිනිහා අතේ ලියුම තිබ්බලු. බලනකොට ඒ තමන්ගේ රාජකාරි ජීවිතේ 28 වෙනි ස්ථාන මාරුව සම්බන්ධ ලියුම.

නිශාන්තට මේවා ඒ තරම් අමුතු දේවල් නෙවෙයි. ටිකක් රැඩිකල් මිනිහා මේ වගේ මාරුවක් ආවම ටිකක් සද්දෙන් කෑ ගහනවා. එහෙම දවසක් දෙකක් ඉඳලා මිනිහා හිත හදා ගන්නවා. හැබැයි බොහෝ තැන්වල මිනිහට මාරුව ලැබෙන්නේ කළමනාකාර තුමාගේ කුමන්ත්‍රණයක් නිසා. බලාගෙන යනකොට මිනිහා කවදත් සාමාන්‍ය සේවකයාගේ පැත්තේ ඉන්න කෙනෙක්. ඒ නිසා මුළින් කුළුපග වුණත්, ටිකක් දවස් යනකොට මැනේජර් මහත්තුරුන්ට වහ-කදුරු වෙනවා. අවුරුදු 25ක සේවා කාලෙට මාරු 28ක් කිව්වම. හරියට බලාගෙන ගියොත්, එක තැනක අවුරුද්ද්දක් වැඩ කරලා නෑ. දුෂ්කර සෙව්වෙත් කාලසීමාව ස්ථාන හත අතකට කඩලා තමයි ගත කරලා තියෙන්නේ.

දවසක් නිශාන්ත සෙට් වුණ වෙලාවක බොහොම කණගාටුවෙන් මේ කතාව කියලා තියෙනවා. ඒ නිසා  තමයි පියන් කොලුවටත් මේ ගැන දුක. මේ පියන් කොලුවා ටිකක් විතර මෝඩ පහේ කෙනෙක්. එහෙමත් තැනක තමයි ඉතිං නුවණක්කාර පියන්ලා ඉන්නේ. දැන් නිශාන්තගේ හිත සනසවන්න මෙහෙම කියනවාලු.

"අනේ නිශාන්ත මහත්තයෝ ඕවා ගණන් ගන්න එපා. අපිට මොනවද මාරුවක් එනවා කියන්නේ. රජ කාලේ රජ වරුන්ටත් මාරු ආපු එකේ"
මේ හතරබීරි කතාව අහලා නිශාන්තට මද සිනහවක් පහළ වෙලා. මොකද පියන් කොල්ලා හිටි ගමන් මේ වගේ වයර් මාරු කරගෙන ආතල් සපයන නිසා.
"මොකක්ද ධර්මේ ඒ කතාවේ තේරුම ? මොන රජ්ජුරුවන්ටද මාරුවක් ඇවිල්ලා තියෙන්නේ."
කොල්ලව අන්දන හිතින් හිනාව මැඩගෙන නිශාන්ත අහලා තියෙනවා.
"නිකං රජෙක් නම්  මොකද? රාවණ රජ්ජුරුවෝ. රාවණ රජ්ජුරුවෝ. උන්නාන්සේටත් මාරු එවුවනම්, අපිට මොන කතාද ?"
නැව-ගිලුනත් බෑන්-චූන් කියලා හිතා ගත්ත නිශාන්තත්, තව ටිකක් කොල්ලව ගහේ නග්ගන්න පුලුවන් බව තේරිලා මෙහෙම ඇහුවලු.

"මගේ ජීවිතේට අහපු නැති කතාවක්. කවදද බන් රාවණා රජ්ජුරුවොන්ට මාරු ආවේ. ඔන්න සීතා දේවිට නම් ඉන්දියාවේ ඉඳලා ලංකාවට මාරුවක් ආවා කීවැකි. අපි කියවපු ඉතිහාස පොත නෙවෙයිද උඹ කියෙව්වේ?"
පියන් කොල්ලා අන්තිමට මෙහෙම කිව්වලු

"අපිනම් දන්නේ නෑ. ගුවන් විදුලි සංස්ථාව ඉතිං බොරු කියන එකක් යැයි. අද උදේ මම බස් එකේ එනකොට තමයි සින්දුවකින්ම ගියේ"
"මොකක්ද බං සිංදුව". එහෙම ඇහුවේ නිශාන්ත

"රාවාණා රජු මාරුව දැකලා....."

ඔන්න අහලා නැති කට්ටිය ඉන්නවා නම් පහලින් තියෙනවා සිංදුව.


 

46 comments:

  1. // ගුවන් විදුලි සංස්ථාව ඉතිං බොරු කියන එකක් යැයි. //

    ඒ කාලෙත් සභාපති හඩ්ඩා ද සුදික අයියෙ ?? හැක හැක

    ReplyDelete
    Replies
    1. @පත්තරයෝ ...
      ++++++++++++++++++++++++

      Delete
    2. මේ අමරබන්දු රූපසින්හලගේ කාලේ.

      Delete
  2. //// ගුවන් විදුලි සංස්ථාව ඉතිං බොරු කියන එකක් යැයි. ///

    -----අපෝ නැහැ...ගු. සංස්ථාව දැන් බොරු කියන්නේ නැත. දශක දෙක තුනක දීර්ඝ පළපුරුද්ද නිසාවෙන බොරු කියවෙනවා පමණ----------

    -----------------------
    කින්ග් රාවණා ටත් ඉතින් මාරුවීම් ලැබුණා නම් අනිත් එවුන් ගැන කවර කතාද...?

    ReplyDelete
    Replies
    1. විභීෂණට අනිවා මාරු දෙන්න ඇති කොරපු වැඩ වලට.

      Delete
  3. 'ඈ... තාරකාවී' කියල සින්දුව යනකොට කෙනෙක් ඇහුවලුනෙ 'පව් කෙල්ල.. කන්න දෙයක් නැති කමටම වෙන්නැති තාර කන්නෙ' කියලා..
    අවුරුදු 25ට මාරුවීම් 28ක් කියන්නෙ පොලිසියෙ අවංකව ඉන්න හැදුවා වගේ වැඩක් නෙ..
    අයියෙ මේ පෝස්ට් එක අප්ඩේට් උනේ නෑ නෙ.රිප්ලයි එක දැකලා ආවෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. 'ඈ... තාරකාවී' හේහේ එක මරු

      Delete
    2. අනේ පුතේ බත් කන කෙල්ලෙක් ගෙනෙන් කිව්වලු අම්මා.

      Delete
  4. Aniwa oya maruwa ravanata denna eththe ape Wargapoornika thuma thmai. yela'''

    ReplyDelete
  5. ස්ථාන මාරුව කියන්නේ හරිම අමුතු දෙයක්. ඕන එකාට දෙන්නෙත් නැහැ. එපා එකාට බලෙන්ම දෙනවා. අපේ රජයේ සේවයේ තියන සක්කිලිම වැඩක් තමයි ඕක. මමත් 2001 ඉඳන් 2005 වෙනකම් බලන් හිටිය මගේ ස්තානමාරුවීම දෙනකම්. එත් බොසා මාව නිදහස් කලේම නැහැ. අන්තිමේ 2005 අවුරුද්දේ නිවාඩු 71 ක් ගත්ත. ලොක්ක මාව නිකම්ම නිදහස් කරලා දැම්ම අනුප්‍රාප්තිකයෙක් නැතුවම.

    ගාල්ලේ එකා කොළඹ රස්සාවට යනවා. කොළඹ එවුන් ගාල්ලේ රස්සාවට එනවා. එත් ඉල්ලුවට ස්තානමරුවක් ගන්න බැහැ ක්‍රමයේ තියන තාක්ෂණික දෝෂයක් නිසා. අම්බලන්ගොඩ ඉඳන් කොළඹට රස්සාවට එන මනුස්සයෙක් දවසට අවම පැය 4ක් මහ පාරට ගෙවා දානව. ඒ පැය 4 ට කාටවත්ම පලක් ප්‍රයෝජනයක් නැතුව ගතවෙන කාලයක්. එහෙම පලක් ප්‍රයෝජනයක් නැති මිනිස් පැය කීයක් අපේ රටේ නාස්ති වෙනවා ඇතිද.. ඉතින් අපේ රටට කවදාක සංවර්ධනයක් ලැබෙයිද සුදීක.

    ReplyDelete
    Replies
    1. රජයේ විතරක් නෙවෙයි අපෙත් ඒ වගේ. ඔන්න අපි බලන්ගොඩ බ්‍රාන්ච් එකට ගියා කෙටි රාජකාරියකට. දවස් දෙකක් තුනක් යනකොට තරුණ ඒත් විවාහක කාන්තාවක් මගෙත් එක්ක බොහොම හොඳට හිනා වෙනවා. හරියට නිකං අර වගේ. මට මේක ප්‍රහේලිකාවක්. අපි මාසයක් වැඩ කළා. අනිතිමෙදී අපි යන දවසේ අර තරුණ කාන්තාව මගේ ලඟට ඇවිත් අඬන්න වගේ කියවන්න පටන් ගත්තා. මහත්තයා මගේ ගම තිස්සමහාරාමේ. මගේ බබාට මාස තුනයි. කිරි දී ගන්නත් විදියක් නෑ. මහත්තයා නැවතිලා ඉන්නේ මාරු හදලා දෙන අමරසිරි මහතාගේ ගෙදර නේද ? අනේ පොඩ්ඩක් එයාට කියන්න මම විඳින කරදරේ ගැන.

      මමත් ඉස්සර ගමේ ඉඳලා වැඩට ගියා. චන්ද්‍රිකා නෝනා වෙලාව ඇජස් කොලා. වෙනදා හතරට ඇහැරෙන මම හරියට බැලුවොත් ඇහැරෙන්නේ තුනට. සිකුරාදා වෙත්දී වෙරි වගේ. ඇවිදිනකොට විසි වෙනවා. ඉන් පස්සේ තමයි කොළඹ බෝඩිමක් හොයා ගත්තේ.

      Delete
    2. මම අවුරුදු හතරක් උදේ තුනයි හතලිස් පහට ඇහැරිලා වැඩට ගියා සුදීක. අට වෙද්දී වැඩට ඉන්න ඕන නිසා තැපැල් දුම්රියේ යන්න උනා. එහෙම කරුමයක් නම් වනේ වන හතුරෙකුටවත් සිද්ද වෙන්න එපා. ඒ කාලේ ගෙදර ඇඳට වඩා සැපට නින්ද යන්නේ කෝච්චියේ සීට් එකේ.

      Delete
    3. මමත් ඉස්සර ගියේ ඔය මේල් එකේ. පස්සේ අලුත්ගමින් පටන් ගන්න පවර් සෙට් එකේ යන්න ගත්තා. ඒකෙ බජාර් එකක් සෙට් වුණා. වාද්දුවේදී සීට් එක දීලා නැගිටලා යනවා. හවස මේල් එකේ අයිනක වාඩි වෙනවා. නින්ද ගිහිං බිමට වැටෙනවා. මොකක්ද මේ ජීවිතේ කියලා හිතුණා. පැය 4ක් මගට යනවා.

      Delete
  6. හා හා එල කතාව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් ලොක්කා.

      Delete
  7. යකෝ පුදුම මාරුවක් නේ මේ.

    ReplyDelete
    Replies
    1. තේරෙනේනවනේ ලේසි නෑ. අපි මොක්කුද ?

      Delete
  8. බුහාහ් හහ් හහ් හාාා...
    මං ඔය සිංදුව දැක්ක, සිංදු ඇනේ ෆේස්බුක් එකේ දාල තිබ්බා...

    මරු කතාව ඈ...

    ReplyDelete
    Replies
    1. වර්ගපූර්ණිකාව ලියන කෙනා කමෙන්ට් කලානම් බලා ගන්න තිබුණා.

      Delete
    2. උන්දැ දැං බ්ලොග් ලිය්න නෑනෙ...

      Delete
    3. ඒකෙ හොඳම රසිකයා මාරයා. කියලා බලන්න ඕනේ.

      Delete
  9. නිශාන්තලාට හොඳක්ම වෙන්න ඕන

    ReplyDelete
  10. අප්පොච්චියේ මටත් තියනවා ඔයවගේ නොතේරෙන සින්දු ලැයිස්තුවක්.

    නැග නියනේ පුංචි නැග නියනේ ඒ කියන්නේ පුංචි නැගල නියනට. කකුල කැපෙන්න ඇති මයේ හිතේ.

    නොයනු මැනවි දා තනිකර එළියේ. ඒ කියන්නේ තනිකර එළියේ දාගෙන යන්න එපා, ටිකක් වහගෙන යන්න කියන එක නේ.

    ReplyDelete
    Replies
    1. හිනා වෙලා පණ යනවා ලොක්කා.

      Delete
  11. අපිටත් ස්ථාන මාරු ලැබෙනවා මේ ටිකේම. රාජකාරියේ නෙවේ. ගෙදර කාමරේ. එක දවසක් සාලේ, තව දවසක් කෑම කාමරේ... හෙට වහලේ උඩ නතර වෙන්නත් පුළුවන්.. :V

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා !! ගේ කඩලා හදනවා කිව්වා නේද? වැඩක් නෑ කියලා. ඔය වගේ අත්දැකීමක් ගන්න ලැබෙන්නේ නෑ. අහස දිහා බලාගෙන නිදාගත්ත කාලයකුත් තිබ්බා පොඩි කාලේ.

      Delete
  12. මේ ළගදිත් ස්ථාන මාරු ආව සෙදට් එක්කට ඒ උ.පෙ ලියපු සැට් එක්කට
    වීස නැතිව කෑම කාඩ් අවලංගු කල්ල කියල තමා ආරංචිය
    හිහි

    ReplyDelete
    Replies
    1. දැන් යුද්දේ නැති නිසා ඒ හැටි අවුලක් නෑ. ඉස්සර ඒ පැති වලට දාලා ආතල් ගන්න ලොක්කොත් හිටියා.

      Delete
  13. විමනේ හැටියට යකා වෙන්න ඕනි රජයේ ජොබක් කරන්න නම්.එකට අකමැති නම් යකාගේ හැටියටයි විමනේ කියල අපි වගේ විමානයක් හදගෙනම රජ වෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා කොල්ලෝ මටත් හිතිලා තියෙන්නේ.

      Delete
  14. අම්මෝ! පණ පලයන් පෙරේදා!!

    ReplyDelete
  15. පව් අනේ ඒ මනුස්සයා :(

    ReplyDelete
    Replies
    1. කවුද රාවණා ද? නිශාන්තද ?

      Delete
  16. හිකිස් හැක් හැක්!

    ReplyDelete
  17. ලස්ව්සන කතාවක් බලන්න වාගේම ගොඩක් කාලෙකින් අහපු නැති සින්දුවක් අහන්න ලැබීමත් ලොකු දෙයක්. දුම්රියේ ගමන නම් මටත් අද්දැකීමක් තියෙනවා. මම 2005 සිට 2005 වෙනකල් නුවර ඉඳලා කොළඹට කෝච්චියේ ගියා. මට නම් තිබුන අමාරුම වැඩේ එහෙම ගිහින් කොළඹ ඔපීසියේදී කරන්න රාජකාරියක් නොතිබීමයි. ඒ කියන්නේ මාව මාරු කරලා තිබුණේ මට කිරීමට රාජකාරියක් නොපවරාය. රජයේ සේවයේ ලොක්කෝ ක්‍රියාත්මක වෙන හැටි ඔන්න ඔහොමයි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මටත් එක පාරක් ලොක්කෙක් මාරුවක් දුන්නා. ඒක පනිෂ්මන්ට් එකක්. මම ගියේ නෑ. දුන්නා සටනක්. අන්තිමට වෙන ය අතේ පණිවිඩ එවනවා දවසකට ගිහිං එන්න කියලා. ඒත් ගියේ නෑ. අන්තිමට අපේ ලොකුම ලොක්කා මම හම්බ වෙන්න ආවා. ඇවිත් බැගෑපත් වෙලා කිව්වා "ඔයා යන්න එතන ඔයා අහවල් වැඩේ විතරක් කරන්න" කියලා. මම ගියා. දැන් ඉන්නේ එතැන. මට කලින්ට වඩා හොඳ වුණා. ඒ පාර අර ලොක්කට කාලා ඉන්න බෑ. පස්සේ කලින් ඔෆිස් එකටම අපිට ආපහු එන්න වුණා. වෙනත් තට්ටුවකට. මේ යකා අපි තුන්දෙනෙක්ව ආපහු කලින් තැනට දාන්න හැදුවා. අපි ගියා යුනියන් එකට. වැඩේ නවත්වා ගත්ත. මේ ළඟදී ප්‍රමෝෂන් එකත් එක්ක ලොක්කට මාරුවක් ආවා. දැන් එයා තේරුම් ගන්න ඇති මාරුවක් අනපේක්ෂිතව ආවහම කොහොමද හිතට දැනෙන්නේ කියලා.

      Delete
  18. ඒ කියන්නේ රාවණාටත් ටයිප් කර්පු ලියුමකින්ම වෙන්නැති නේද මාරුව ගැන දැනුම් දෙන්න ඇත්තේ....

    ReplyDelete
    Replies
    1. අර ගිරිපුර වැසියෝ එකේ වගේ ගලේ කොටලා එවන්න ඇති.

      Delete
  19. පොස්ට් එක කියවලා ගොඩක් දවස් ඒත් කොමන්ට් කරන්ඩ බැරිඋනා, ලිවිල්ල අනර්ගයි..

    ReplyDelete
  20. මැවිලා පෙනේ වී රූපේ ගීතය සිහිවිය!

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...