Friday, May 1, 2015

තම සොයාගැනීම් නිසා තැවෙන්නෝ, එදා-අද සහ හෙට ......Inventors who disappointed with their products, past - present and future

රුපවාහිනී රිමෝට් කන්ට්‍රෝලරය

රිමෝට් කන්ට්‍රෝලරය සොයා ගත් පුද්ගලයා වන නිකෝලා ටෙස්ලා තමා කල සොයාගැනීම පිළිබඳව පසුව පසුතැවිලි වුණා. ඒ ඔහු නිසා ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රෝගී වීම නිසා. රෝගී වන්න සිදු වන හේතුව මේ වනවිටත් ඔබට නොවැටහෙන්නට පුළුවන්. නමුත් දුරස්ථ පාළකය භාවිතා කිරීම නිසා ඔබ රූපවාහිනිය වෙත ගොස් එහි නාලිකාව වෙනස් කිරීමේ ශාරීරික ක්‍රියාව නවතිනවා. දිනකට ඔබ රූපවාහිනී චැනල් මාරු කරන ප්‍රමාණය, එහි ශබ්දය අඩු වැඩි කරන ප්‍රමාණය, අද නම් ඒ සම්බන්දව කෙරෙන සියළුම වෙනස් කිරීම් සිදු කෙරෙන්නේ දුරස්ථ පාලකයක් මගින්. ඉතිං දිනකට ඔබ රූපවාහිනිය වෙත ඇවිදින ප්‍රමාණය කිලෝමීටරයකටත් වඩා වැඩි බව පැහැදිලි වනු ඇත.

Nikola Tesla invented tv remote controller
පින්තූරය ගත්තේ : http://www.kerryr.net/
 දැන් ඔබ දකින රූපවාහිනියක කිසිසේත්ම අතින් වෙනස් කළහැකි බොත්තම් නැති වන්නට පුළුවන්. නමුත් අතීතයේදී නාලිකාවක් සුසර කිරීමේ සිට පැවති සීමිත නාලිකා ප්‍රමාණය මාරු කෙරුනේද ඔබේම ඇඟිලි තුඩින්. ඒවා අද මෙන් ටච් පන්නයේ බොත්තම් නොව මිකැනිකල් පන්නයේ ඒවාය. වෙනත් අයුරකින් කියනවානම් අතින් එහා මෙහා කලයුතු උපාංගය. ඉතිං දවසකට ඔබ එක් කිලෝමීටරයක් ඇවිද්දා නම්, මසකට කිලෝමීටර් 30ක්ද, වසරකට එය 365ක්ද වනු ඇත. අද නිවසක ඇති රිමෝට් කන්ට්‍රෝල් ගණන ගැන නිකමට සිතා බලන්න රූපවාහිනිය, චන්ද්‍රිකා රුපවාහිනි පෙට්ටිය(Satellite Box) , විදුලි පංකාව, ශබ්ධ විකාකාශන යන්ත්‍ර(Sound System), මෝටර් රථය සහ මෙකී නොකී ඕනෑම යන්ත්‍රයක සඳහා දුරස්ථ පාලකයන් යොදා ගත හැක. වෙනදා මේ යන්ත්‍ර වෙත ගොස් ඒ කාරියන් ඉටුකරගත් ඔබ, දැන් සිටින තැන සිට එය ඉටුකර ගන්නේ දිගුකාලීනව ඉහල පැලැන්තියේ රෝගියෙකු බවට පත් වෙමිනි. නමුත් ටෙස්ලාගේ ලොකුම පසුතැවීම මෙය නොවන වගද සටහන් කලයුතුය. ඒ ජේ.පී. මෝගන් සමාගම ඔහුගේ නිපැයුම් වෙනුවෙන් කල ආයෝජනය නවතා දැමීමය. එසේ නොවන්නට ඔහු ලොවට වටිනා සොයාගැනීම් විශාල ප්‍රමාණය දායාද කරනු ඇත. ඒ ගැන සටහනක් කලකට ඉහත අන්තර්ජාලයේ බෙදා හැරිණි. ඔබත් එය කියවන්නට ඇත. 
tv remote controller in hand
පින්තූරය ගත්තේ : www.treasuringchristonline.com

AK - 47 ගිණි අවිය

ලොව පුරා වඩාත් ප්‍රචලිත ඒ.කේ. 47 ගිණි අවිය නිෂ්පාදනය කල මි(ක්)හාඉල් කොලොශ්නිකොව් පසුව පවසා සිටියේ 
"මගේ සොයාගැනීම ගැන මට ආඩම්බරයි නමුත් කනගාටුවට කරුණ වන්නේ එය ත්‍රස්තවාදීන් විසින් භාවිතා කිරීමයි.
මා ඊට වඩා සතුටට පත් වනවා, මිනිසුන්ට ප්‍රයෝජනවත් දෙයක් සොයා ගත්තා නම්, උදාහරණයකට තණකොළ කපන යන්ත්‍රය"

අනාගතයේ පසුතැවිලි වන්නේ කවුද ? 




නමුත් ඉදිරියේදී පසුතැවිලි වියහැකි යැයි විශ්වාස කල හැකි පුද්ගලයින් කිහිප පලක්ම වේ. නමුත් ඒවාට පාදක වූ මුල් සොයාගැනීම් කල පුද්ගලයන් වාසනාවකට අද ජීවතුන් අතර නැත. ඒ කැමරාව පිලිබඳ මූලික සොයාගැනීම් කල පුද්ගලයන්ය. නමුත් කැමරා ෆෝනය සොයා ගත් පුද්ගලයා අනිවාර්යයෙන්ම පසුතැවලි වනවා නොඅනුමානය. ඒ සමාජ ජාලා වෙබ් අඩවි වයිරසයක් තත්වයට පත් වී ඇති අද දිනයේය. තමන්ගේ මුල් සොයාගැනීම කරනවිට ඔහු ඒ තත්වය කිසි විටෙකත් බලාපොරොත්තු වන්නට නැත. 

නමුත් ජංගම දුරකතනයට කැමරාව ඇතුලත් කල පුද්ගලයාවත් බලාපොරොත්තු නොවන මොහොතක ස්මාර්ට් ෆෝන් සහ ෆේස්බුක් ප්‍රමුඛ සමාජ ජාලා බිහි වීම නිසා ඔබ ගන්නා පින්තූර පහසුවෙන් එහා මෙහා විසි කරන්නට හැකියාව සලසා දී ඇත. නමුත් ඒවාගෙන් ඵලදායක දේ සිදු වනවාද යන්න සැකසහිතය. ඇත්නම් ඉතා ස්වල්පයකි. ඒ තමන්ගේ ප්‍රචාරණය සඳහා අධික මිලක් ගෙවූ ආයතනයන්ය. අද ඔවුන් සමාජ ජාල හරහා තමන්ගේ වෙළඳාම ප්‍රවර්ධනය කර ගනිති. ඒ ඇසුරින් රැකියා අවස්ථා ප්‍රමාණයක්ද බිහි වී ඇත. එය මෙහි සාධනීය පැත්තයි. ලෝකයේ බොහෝ සොයාගැනීම් මෙන්ම අහම්බයක් වූ කැමරා දුරකථනය කොයි තරම් සොඳුරු ආරම්භයක්ද යන්න පහලින් ඇති වීඩියෝව සාක්ෂි සපයනවා ඇත.



නිමක් නැතිව තප්පරයකට දහස් ගණනින් අප්ලෝඩ් වන පින්තූර රඳවා ගැනීමේ අභියෝගයට මුහුණ දී ඇති ෆේස්බුක් හිමිකරු වන මාර්කස් සකර්බර්ග්, ඉදිර්යේදී පසුතැවිලි වීමට නියමිත අනෙක් පුද්ගලයායි. මේ වනවිට ෆේස්බුක් ඇතුළු බොහෝ සමාජ ජාලා යොදා ගන්නේ ඕපාදුප, මඩ සහ වෙනත් අපචාරයන් සඳහා බව නොරහසකි. අප කුඩා කාලයේ තොරතුරැ දැන ගැනීමේ පිපාසාවෙන් උන් බාල මහලු කවුරුත් සවන් දුන්නේ රේඩියෝවටයි. පසුව රූපවාහිනිය ඒ අඩුව පිරවීය. ඉනික්බිතිව අන්තර්ජාලය කරලියට පැමිණියේය. නමුත් අද එය වසන්ගතයක්ද, විලාසිතාවක්ද එසේත් නැතිනම් සිතු පැතු දේ ලබා දෙන කප්රුකක්ද යන ගැටලුව අප ඉදිරියේ ඇත. එහි ස්වරූපය තීරණය කිරීමේ අවස්ථාව ඔබ ඉදිරියේ ඇත. 

43 comments:

  1. රිමොර්ට් කොන්ට්‍රෝල් එක හොයාගත්ත කෙනා නම් ඇත්තටම පසුතැවෙනව එක පුදුමයක් නෙමේ,, ඒත් ඒක එයා නැතත් වෙන කෙනෙක් හෝ හොයාගන්නවා හි හි දැන් මිනිස්සු කැමති නෑ නේ අයියේ ඔය කරකවලා අරින දොරවල් වලටත්.. බෑන්ක් වල සුපර්මාර්කට් වල තව බොහෝ තැන් වලත් දොරවල් අපි කිට්ටු වෙද්දී ඕපන් වෙනවා.. කාර් එකේ දොර යතුරු කරකවන්න ඕනේ නෑ... අතට ලැබෙන මේ නිදහස මං හිතන්නේ හොඳ දෙයක් නෙමේ..

    බ්ලෙන්ඩර් ,ග්රයිඩර් හොයාගත්ත එකත් මහ පාඩුවක් අයියේ බලන්න අපිට පිටි කොටන්න කුරහන් අඹරන්න තිබ්බා නම් මැරීගෙන ඩයට් කරන්න ඕනේ නෑ ,,

    ReplyDelete
    Replies
    1. ඇයි කළෙන් වතුර අදින්න, ගලේ මිරිස් අඹරන්න. තව කොච්චර නම් දේවල්ද? පහසු වෙනවා කියන්නේ ලෙඩ වෙනවා කියන එක.

      Delete
    2. ග්‍රයින්ඩර්,බ්ලෙන්ඩර් තිබුනෙ නැත්තම් මේ තියෙන සීමිත වෙලාවෙ අතිශය කාර්යබහුල මිනිස්සු කොහොමෙයි වැඩ ටික කොර ගන්නෙ??
      ඒවා තියෙන්නෙ ඔහෙලට වගේ චොක්ලට් ස්ලැබ් එකක් හප හප ජූස් හදන්න නෙමෙයි.වැඩ ඇරිලා ගෙදර ඇවිල්ල පොල් ටික මිරික ගන්න,මිරිස් ටික කුඩු කරගන්න අපි වගේ 'අහිංසකම අහිංසක' වැඩකරන ජනයාට..හ්ම්....
      (@ බඩ බස්සගන්න ක්‍රමයක් හොයමින්)

      Delete
    3. සමබරතාවය පවත්වා ගැනීම තමයි ඕනේ. මම කියන්නේ කෙතරම් යන්ත්‍ර සුත්‍ර භාවිතා කරනවද, කෙතරම මිනිස් ශ්‍රමය යොදා ගන්නවද කියන දෙකේ.

      Delete
    4. ගස් ලබු ජුස් පවා හදන්නේ ඕකේ දාලා තමයි හිටන්

      Delete
    5. ඊට වඩා හොඳ නැද්ද ජිම් වලට කුරහන් අඹරන ගල්, මිරිස් ගල් එහෙම ගන්න එක !

      Delete
  2. අධිවේගයෙන් දියුණු වන තාක්ෂණයට සමගාමීව මිනිස් ආකල්ප අනුලෝමව සමානුපාතික නොවීම සහ ප්‍රතිලෝමව සමානුපාතිකවීම කියන ගැටලුව නිසා තවත් ප්‍රශ්න ගැටලු ඇතිවන වේගය බොහොම වැඩි වෙලා තියෙනවා.මහා සංහාරයක් වෙලාම මේවා නවතී වගේ පෙනෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. තරාදිය ඉහල පහළ ගිහිං හරි යන තැන නවතීවි.

      Delete
  3. දැලි පිහිය අත්‍යවශ්‍ය භාණ්ඩයකි. නමුත් එය නිසි පරිදි පාවිච්චි කරන්නට නොදන්නා රිලවුන් අතට පත්වූවිට සිදුවන දේ අමුතුවෙන් කිවයුතු නොවේ.

    දුරස්ථ පාලකය අරයා හොයා නොගත්තානම් මෙයා හොයාගන්නවාය. T 56 අරයා හොයාගත්තේ නැත්නම් මෙයා T 57 හොයාගන්නවාය. අනික් හැම දෙයක්මද එහෙමය.

    වෙනස්විය යුත්තේ අපේ චින්තනය නේද?

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් තමන්ගේ සීමාවේ සිට කිරීම යහපත්. නැතිනම් වෙන්නේ සමබරතාවය බිඳීම.

      Delete
    2. //වෙනස්විය යුත්තේ අපේ චින්තනය නේද?// 100% එකඟයි, අපි අතරින් ගොඩක් දෙනා විශ්වාස කරන්නේ දියුණුව කියන්නේ විනාශයක් කියා.

      Delete
    3. me rate chinthanaya "GAY"}{ karanna wicharaka maamaata ithaa thada uwamanaawak athi bawa pahadiliya

      Delete
    4. සුද්දෝ ඕනෑම දෙයක් හොයා ගන්නවා වගේම, අහිතකර නම් ඉක්මනින්ම අත අරිනවා. අපි මේ දේවල් ඇඟේ බැඳ ගන්නවා. අත අරින්න ඕන වුනත් එහෙම කරන්නේ නෑ. අපි කොහොමත් චින්තනය පට ගලා වෙනස් කර ගන්නවා.

      Delete
  4. මිනිස් පරිණාමයේ සිටම හැම දෙයක්ම පහසුවෙන් කරගන්නටයි සෑම විටම මානවයා උත්සාහ කළේ. මුල්ම ගල් ආයුධ පවා සොයාගත්තේ එ් නිසයි. කරෙන් උස්සාගෙන යනවාට වඩා කොටවල බර තබා උස්සාගෙන යන්න පටන් ගත්තා. ඒ විදිහට රෝදය සොයා ගත්තා. ඉතින් සැප පහසුව තමයි මානවයාගේ එකම බලාපොරොත්තුව. ඒ නිසා මේ අහිතකර සොයාගැනීම් ඔවුන් නැතත් වෙන කවුරුන් හෝ අනිවාර්යයෙන්ම සොයා ගන්නවා. යථාර්ථය තේරුම් ගැනීම සහ තමා සිතන විදිහ, ආකල්ප වෙනස්කරගැනීම ගැනත් හිතන්න පුළුවන් නම් මේවා ගැටලුවක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන කිව්වට මමත් අමු කම්මැලියා. අර බිල් ගේට්ස් කියලා තියෙන ජාතිය. මිනිහා මං වගේ අයට කැමතියි. ඔබ කියනවා වගේ මේක මිනිස් ස්වභාවය වෙන්න ඇති.

      Delete
  5. විචාරකගෙ අදහස හරියට හරි.

    ReplyDelete
    Replies
    1. ඒකෙ දෙකක් නෑ. අපි වෙනස් වෙන්න ඕනේ. දැන් කොහොමද ටී.වී. එකක් ආවොත් රිමෝට් නැතිව ? ආපහු ගිහින් දෙයි ඕනෑම කෙනෙක්.

      Delete
  6. මිනිස්සු තක්ශනේ යොදා ගන්න හදන්නේ දියුණු වෙන්න නෙවෙයි. තව මිනිහෙක් දියුණු වෙන එක නවත්තන්න. අන්න ඒකයි වැරැද්ද

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මිනිස්සු වෙනස් කියන්නේ ඕකටනේ. අර කැමරා ෆෝන් එක හැදුවා වගේ දේවල් කරන්න නම් අපේ එවුන් දක්ෂයි.

      Delete
  7. මාක් අයියනං හෙට අනිද්ද වෙනකොටම ඔය හිටු කියල ෆොටෝ අප්ලෝඩ් කරන එවුවංගෙන් ගානක් අයකරයි වගේ.
    ඔය සල්ලි දීල රිමෝට් ගන්නව වගේම සල්ලි දීල ගන්න එක්සසයිස් මැෂිනුත් තියෙන්නෙ. ඒව හදල තියෙන්නෙ පුටුවෙම වාඩිවෙලා ඉන්න කට්ටියට තමයි.

    ReplyDelete
    Replies
    1. අප්ලෝඩ් කරන්න වගේම බලන්නත් අය කරයි. ඉස්සර බිල් ගේට්ස් අයියත් හැම එකම නිකංම දුන්නේ. දැන් සල්ලි නැතුව මොනවත් දෙන්නේ නෑ.

      Delete
  8. \\වෙනස්විය යුත්තේ අපේ චින්තනය නේද?\\
    කෙටියෙන්, සරලව, පැහැදිලිව සහ සම්පූර්ණවම විචාරකයියා කියලා තියෙනවා !

    ReplyDelete
    Replies
    1. අපි වෙනස් වෙනවා ඕනෑවටත් වඩා ඉකමනින්. ඒකෙ දෙකක් නෑ.

      Delete
  9. විචාරකගේ අදහස සමගින් එකඟයි.විය යුත්තේ අපි හිතන හැටි වෙනස් කර ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. ඒකෙ දෙකක් නෑ. අපි වෙනස් වෙන්නේ උවමනාවටත් වඩා වෙගයෙන්.

      Delete
  10. ඕනැම දෙයක් ඕනෑම අතකට යොදාගන්න පුලුවන්. තාක්ෂණය මහන්සියක් නැතුව ගෙඩි පිටින් ලැබෙනකොට වෙන දෙයක් ඕක.

    ReplyDelete
  11. ඒහෙම තමයි සුදීක... හැම අලුත් දේකම හොදක් වගේම නරකකුත් තියෙනවා.... භාවිතා කරන්නන් තමයි ඒක හොදට නරකට භාවිතා කරනවාද කියන ඒක තීරණය කරන්නේ

    ReplyDelete
    Replies
    1. අපි හොඳ දේ දෝතින්ම බාර ගත්තත්, නරකයි කියල කිව්වම "මොන පිස්සුද?" කියන තත්වයේ ඉන්නේ.

      Delete
  12. ඔය රිමෝට් එක හදපු මනුස්සයට ඔච්චර නහින්න ඕන් නෑ බොස්.. වැරැද්ද බැටරි කෑල්ල හදපු එකාට පටවලා ෂේප් උනාම හරි.. ඕ යේස්

    ReplyDelete
    Replies
    1. අනේද බං පත්තරයෝ කියන්නේ මේක නහින්ඩ හදනවනේ ඒකටත් වැඩිය

      Delete
    2. ඇයි ටී.වී. එක හොයා ගත්ත එකාට ? ටී වී එක නැති වුණානම් රිමෝට් ඕන වෙන්නේ නෑනේ.

      Delete
    3. @S, A & PM,
      ටී වී එකනම් හොයාගත්තවෙන්න බෑ බොස්, ඒක සෑහෙන්න ලොකුයිනෙ, පොලීසියෙන් හොරකම් කරපුවනම් හොයාගන්නව.
      රිමෝට් එක හොයාගත්ත එකාට කියල අපේ නැතිවුනපරණ රිමෝට් එක හොයාගන්න පුලුවන්ද?
      ආ එතකොට මැෂිම. ඒක නම් හොයාගන්න දෙයක් නෑ. ඒක හදන්න එකෙක් හොයනව

      Delete
  13. තමන් කරපු නිමැවුමක් නිසා ලෝකේ මුලින්ම කනගාටුවට පත්උන පුද්ගලයා හැටියට සලකන්නේ පරමාණු බිඳීම හෙවත් නයෂ්ටික බලය සොයාගත් තැනත්තා ගැන මම පුංචි සන්දියේ බලපු තිස්ස ගුණවර්ධනයන්ගේ වේදිකා නාට්‍ය මතක් උනා

    ReplyDelete
    Replies
    1. බොහෝ දේවල් ඒවා හොයා ගත්ත මූලික අරමුණෙන් පිටට යන්නේ නොහිතන විදියට.

      Delete
  14. ඇත්තෙන්ම වෙනස් වෙන්න ඕනෙ අපි හිතන විදිහ හා දෙයක් භාවිතා කරන විදිහයි නේ සුදීක.

    ReplyDelete
    Replies
    1. ඒකෙ දෙකක් නෑ. මට මටකයි එක පාරක් ඩෙස්ක්ටොප් එකකට ආපු සී.ඩී. ඩ්‍රයිව්(ක්‍රියේටිව්) එකට ආවා රිමෝට් එකක්. ඒකෙන් වැඩ කරත්දී කථා කරලා වෙනදෙත් කියනවා. ඕපන් ක්ලෝස් කියලා. අත්‍යවශ්‍ය නොවුනත් අපිත් පාවිච්චි කළා.

      Delete
  15. මිනිසාගේ කුතුහලය හා වෙළඳපල යන සාධක දෙක නිසා තව තව සතුටු වෙන්නට පුළුවන් විදිහේ හා පසුතැවිලි වෙන්ට සිදුවන මේ වගේ දේවල් බිහි වේවි. මම බොහොම කැමති නව නිපැයුමක් ගැන ඇහුවා කලකට පෙර. ඒත් ඒක වෙළඳපලට ආවේ නෑ . ඒ තමයි ටී වී බල බලා ඉන්න ගමන් කේන්ති ගියොත් ටීවී එකේ මූණටම ගහන්න පුළුවන් (ඒත් හානියක් වෙන්නේ නැති) ගඩොල් කැටයක්. අපේ රටේනම් හොඳට විකිණෙයි කියල හිතෙනවා.

    ReplyDelete
  16. අර වීඩියෝව නම් නියමයි. අද ජංගම දුරබණුවෙ තියනෙ පහසුකම් සහ මම මුලින්ම එරික්සන් T28 ගත්ත කාලෙ තිබ්බ පහසුකම් සසඳා බැලුවාම පුදුම හිතෙනවා.

    ReplyDelete
  17. ටී වී රිමෝට් එක සොයාගත්තයි කියන්නෙ සෝෆා එකේ අස්සට වැටිල තිබිල නේද?

    ReplyDelete
  18. කණගාටුව මෝඩ වැඩක්. මෙහෙම බැලුවොත් ඉතිං කනගාටු නොවෙන කිසිම දෙයක් නෑ.

    ReplyDelete
  19. හරිම සෘණාත්මකයි... :-)

    ReplyDelete
  20. මේක විචාරකගේ පෝස්ට් එකක්ද? එන්සයිස් ටික මදිනං අමතර විනාඩි 20 ක් විතර අරන් ඔරේ රන් එකක් දුවන්න තියෙන්නේ.. නව සොයාගැනීම් නතර කරන්න කාටවත් බෑ.. එහෙනං වැඩියෙන්ම දුක් වෙන්න ඕන නොබෙල් නෙව. ඒකනේ මිනිහා ලෝක සාමයට කැප උනේ..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...