Sunday, February 8, 2015

රටවල් විසිදෙකක අය තේ සාදාගන්නා අකාරය......

1. ජපානය 
මැට්චා යනු ඉතා සියුම්ව කුඩු කරන ලද ජපානයේ වැවෙන ඉතා ඉහල තත්වයේ ග්‍රීන්ටී වර්ගයකි. එය ජපානයේ සාම්ප්‍රදායික තේ උත්සව වලදී භාවිතා කරයි.  

ජපානයේ තේ සාදාගන්නා ආකාරය
Flickr: 7369638@N02 / Creative Commons
2. ඉන්දියාව
ඉන්දියාවට විවිධත්වයෙන් පොහොසත් තේ පිලිබඳ ඉතිහාසයක් ඇත. තේ කර්මාන්තය බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ඇරඹීමට  වසර දහස් ගණනකට පෙර සිටම දකුණු ආසියාවේ කුළුබඩු මිශ්‍ර චායි තේ පිරිනමා ඇත. පින්තූරයේ සටහන්ව ඇත්තේ ඉන්දියාවේ වැවෙන, සුදු දළු වලින් සාදන ඩාර්ජීලින් තේය.



Instagram: @curioustealtd
3. බ්‍රිතාන්‍යය
කහට තේ ලෙස හෝ කිරිතේ ලෙස දිනකට කිහිප වතාවක් බ්‍රිතාන්‍යයන් පරිභෝජනයට ගන්නා අතර අවශ්‍ය නම් එයට සීනි එක් කර ගනිති. කිරි වක්කර ගන්නා විට රත්රන් පැහැ ගැනීමෙන් ඉලක්ක කර ගන්නේ දෙවියන් වෙත දක්වන භක්තියයි. ඒ සඳහා ප්‍රථමයෙන් තේ(කහට) සාදා ගනී.


එංගලන්තයේ තේ බොන හැටි

4. තුර්කිය
උණුසුම් පානයක් ලෙස තුර්කිය වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ කෝපි සඳහා වුවත්,  එහි වැඩි ජනප්‍රියත්වයක් අත් කරගෙන ඇත්තේ සෑම කෑම වේලක් සමගම පිළිගන්වන, බොහෝවිට කෑම වේල් අතරද බොන,  චයි(Cay) තේ එහි ජනප්‍රියම පානය වේ. කහට තේ සමග කිරි එකතු කර නොගන්නා අතර තට්ටු දෙකක තේ පෝච්චියක් මගින් පෙරා එය සාදා ගනු ලබයි(මෙය අපේ රටේ තේ සාදා බොයිලේරුව උඩ තබා ගන්නා අකාරයේ ක්‍රියාවකි. මෙමගින් සිදු වන්නේ සෑදෙන තේ නැවතත් තැම්බීමයි. නමුත් අපේ වැඩිහිටියන් කකාරා තේ බීම හොඳ නැති බව පවසයි).

Flickr: 10527553@N03 / Creative Commons

5. ටිබෙටය
ටිබෙට් වරුන්ගේ පෝ කා(Po Cha) නැතිනම් බටර් තේ යනු තේ, ලුණු සහ යැක් (ගවයන්ගේ) බටර් වල එකතුවෙන් සාදා ගන්නා පානයකි. තිත්ත රස ඇතිකර ගැනීම සඳහා පැය ගණනාවක්ම තේ කකාරවන අතර ඉන්පසුව බටර් සහ ලුණු එහි කලතනු ලැබේ.

ටිබෙට් ජාතික තේ බොන ආකාරය ලුණු සහ බටර්
6. මොරොක්කෝව
ස්පියර්මින්ට් (මිංචි කොළ වර්ගයක්) ග්‍රීන්ටී හී තැම්බෙන්නට හැර මෙම පානය සාදා ගනී. මෙය මොරොක්කෝවේ මෙන්ම උතුරු අප්‍රිකානු කලාපයේ ජනප්‍රියයි.  

මොරොක්කෝ වැසියන් තේ සාදාගන්නා හැටි මිංචි කොළ


7. හොංකොං
සීත කල කිරි තේ ලෙස හොංකොං හී ප්‍රසිද්ධ මෙම පානය "පෑන්ටිහවුස්"(Pantyhouse) තේ සහ "සිල්ක් ස්ටෝකින්"(Silk Stocking) තේ යනුවෙන්ද හඳුන්වනු ලබයි. එසේ හඳුන්වන්නේ එහි වර්ණය බොහෝසෙයින් නිරුවත් ස්ටෝකින්ස් වලට සමාන වීමයි. එය විහිළුවක් නොවේ. මෙම පානය සාදා ගනු ලබන්නේ සීත කල තද තේ කහට වලට හිඳවන ලද කිරි  හෝ උකු කිරි  මිශ්‍ර කර අයිස් කැට සමග පිරිනමනවා.



හොංකොං අය තේ හදන හැටි

8. තායිවානය
මුතු කිරි තේ(Pearl milk tea) නැතිනම් බුබුළු තේ(aka bubble tea) ලොව  පුරා කථා වන මාතෘකා වී ඇති නමුත් එහි මූලයන් ඇත්තේ තායිවානයේයි. එය උණුසුම්ව හෝ සිසිල්ව පිළිගන්වනු ලබන අතර, සීනි සිරප් සමග පිසගත් ටැපියෝකා මුතු(මඤ්ෙඤාකකා වලින් සාදා ගන්නා කුඩා බුබුළු වර්ගයක්) මතට එක් කර සාදා ගනී. මෙනිසා ඔබට ෆ්රැපචිනෝ(ස්ටාර් බක්හී ඇති ජනප්‍රිය පානයක්) අවශ්‍ය නොවේ. 
තායිවානයේ තේ බොන හැටි මුතු කිරි සීනි සිරප්


9. ඇමරිකා එක්සත් ජනපදය

පැණිරස අයිස් තේ ඇමරිකානු දකුණු ප්‍රදේශයේ ජීවනාලිය බවට පත් වී ඇත. ඔවුන් බොහෝවිට තේ සාදාගන්නේ ලිප්ටන් තේ කකාරවා, සීනි මුසු කර පෙරා ගැනීමෙනි. ඔබට මෙයට ලෙමන් නැතිනම් බේකින් පවුඩර් ස්වල්පයක් එකතු කිරීමෙන් එහි මෘදු බවක් ඇති කර ගත හැක. 
ඇමරිකානුවන් තේ බොන විදිය අයිස් american

10. රුසියාව 

රුසියානුවන් කහට කෝප්පයක් සාදා ගැනීම සඳහා විවිධ වර්ග වල කළු පැහැති තේ කොළ වෙන වෙනම තැම්බෙන්නට හැර පෙරා ගන්නා අතර පසුව එය කොප්පයෙදී මිශ්‍ර කරයි. රුසියානුවන්ද සාම්ප්‍රදායිකව සැමොවාර් නමැති තට්ටු දෙකේ තේ පෝච්චියක් භාවිතා කරනු ලබන එහි එක් කුටීරයක් ජලය සඳහාද අනෙක් කුටීරය තේ සඳහාද භාවිතා කරයි. 


රුසියන් rusiyan තේ බීම

11. පාකිස්තානය
 චායි තේ ඉන්දියාවටම පමණක් විශේෂිත වුවක් නොවේ. පාකිස්තානු සන්ධ්‍යා යාමයේ ප්‍රසිද්දම තේ කෝප්පය වනුයේ සැර ත් ක්‍රීම් ස්වභාවයත් සහිත මසාල තේකය. 
පකිස්තාන් තේ බීම පුරුද්දක් කහට puruddak


12. තායිලන්තය
චායි යෙන් යනු තායිලන්තයේ තරඟයට එළැඹී ඇති අයිස් යෙදු කිරි තේ වර්ගය වන අතර එය සාදා ගන්නේ උකු කිරි සහ තම්බා ගන්නා ලද තායි තේ මිශ්‍රනයෙනි.

13. චීනය
චීන වැසියන් බෙහෙවින් තේ ප්‍රිය කරන අතර  විවිධ රසයන්ගෙන්යුත් තේ වර්ග විශාල ප්‍රමාණයක් පානය කරයි. පින්තූරයේ තිබෙන්නේ කහ පැහැති තේ කොළ වලින් නිෂ්පාදිත "පූ-එර්හ්" නමින් හඳුන්වනු ලබන තේ වර්ගය වන අතර පැකට් කරනු ලබන්නේ කැට හෝ බෝල වශයෙනි. තේ කෝප්පයට එක් කර උණු වතුර එක් කර සාදා ගත හැක. 
චීන තේ chainees කැට



14. ඊජිප්තුව
ඊජිප්තුව විශාල වශයෙන් තේ ආනයනය කරන අතර එහි සුලබව පානය කරන පැණිරස නොමැති කහට තේ මුළු දවස පුරා භාවිතා කරයි. හිබිස්කස් තේ ඊජිප්තු මංගල උත්සව වලට විශේෂත්වයක් එක් කරයි. 
ඊජිප්තුවේ කහට තේ තද  රතු


15. මොන්ගෝලියාව
සූටෙයි-ට්සායි  නමැති තේ මිශ්‍රණය සාදා ගන්නේ පැතලි පෑන් එකකට කිරි සහ ලුණු සමග තේ එකතු කිරීමෙන් සාදා ගන්නා පානයකි. මෙම රසවත් පානය බීමට භාවිතා කරන්නේ නොගැඹුරු ලෝහ කෝප්පයක සියළුම ආහාර ගන්නා අවස්ථා වලදී පානය කරයි. 
මොන්ගෝලියානු තේ පරිචය mongoliyawe

16. කෙන්යාව
තේ අපනයනයට මෙන්ම පානයටද කෙන්යානුවන් කැමැත්තක් දක්වයි. රට නිෂ්පාදනය කරන්නේ කළු තේ වුවද පානයට රුචියක් දක්වන්නේ කිරි තේ වලටයි. 
කෙන්යාවේ තේ kenyan Tea





17. ආර්ජෙන්ටිනාව
යෙර්බා මෙට් යනු දකුණු ඇමෙරිකානු රටවල වැවෙන සහ පරිභෝජනයට ගන්නා විටමින් වලින් අනුන ග්‍රීන් ටී වර්ගයකි. එමෙන්ම එය පෘතුගාලය, ලෙබනනය සහ සිරියාවේද ඇත. උණුසුම්ව සහ සිසිල්ව පිළිගන්වන්නට හැකි මෙම පානයේ විශේෂත්වය වන්නේ එහි ඇති දුම්ගැසූවාක් මෙන් සුවඳය.

අර්ජෙන්ටිනා ග්‍රීන් ටී Green Tea විටමින් බහුල

18. දකුණු අප්‍රිකාව

රූයිබොස් ශාඛය තද රතු පැහැයක් සහිත තේ ලබා දෙන අතර එය දකුණු අප්‍රිකාවටම පමණක් ආවේනික තේ වර්ගයකි. සාමාන්‍යයෙන් සීනි හෝ කිරි යොදා භාවිතයට නොගන්නා අතර, එම තේ වර්ගය ස්වභාවයෙන්ම මෘදු සහ පැණි රසයකින් යුක්තය. එය රාත්‍රී නින්දට පෙර පානයට කදිමය.
දකුණු අප්‍රිකාවේ තේ රුයිබෝස් aprika



19. කටාරය

කරක් චායි ලෙස හඳුන්වන වැඩි කහට කිරි තේ කෝප්පය කටාරය පුරාම ජනප්‍රියය. තේ කොළ වතුරත් සමග උතුරවා, 
කටාර් රාජ්‍යය තේ katar rate


20. මොර්තේනියාව

මොර්තේනියානු(උතුරු අප්‍රිකාවේ රටකි) මින්ට්/ග්‍රීන් තේ කෝප්පය විශේෂිත වන්නේ එය පිරිනැමීමේ සිරිත නිසාය. තේ බොන්නන් වරකට තේ කෝප්ප තුනක් පානය කරයි, ආරම්භයේදී තිත්ත රසක් ඇති මුත් අවසන් කෝප්පය වනවිට ක්‍රමයෙන් පැණිරස වැඩි වේ. ශ්‍රී ලංකාවේදී මෙන් "යාරය " දමා තේ කෝප්පයේ පේන ඇති කිරීමද සිදු කරයි. 

මොර්තෙනියාවේ තේ කෝප්පය mortheniyawa

21. මැලේසියාව
මැලේසියාව තේ අවශ්‍යතාවන් පරිපූර්ණත්වයට පත් වී ඇත්තේ එය අතුරුපස සහ සුලු කෑමක් සමග එක් කර ගැනීමෙනි. පෙන දමන තේ කහට සීනි සහ කිරි මුසු කොට සීතාව පිළිගන්වයි. ක්‍රීම් සංග්‍රහය දෙනු ලබන්නේ කෑම වේලක් අවසානයේ හෝ දහවලේදීය. 
මැලේසියාව තේ බොන the tharik



22. කුවේටය

සිත්ගන්නාසුළු සුපුරුදු සන්ධ්‍යභාග තෝරාගැනීමක් වන තේ කෝප්පය ඔවුන් සාදා ගනු ලබන්නේ තේ කහට සමග කරදමුංගු සහ සැෆ්රන් එකතු කර එයට කුළුබඩු රසයක් එක් කර ගැනීමෙනි. 

කුවේට් තේ  පානය kuwet kuwait


මෙය www.buzzfeed.com වෙබ් අඩවියට චෙල්සි පිපින්(Chelsey Pippin) විසින් සම්පාදනය කරන ලද  This Is What A Cup Of Tea Looks Like In 22 Different Countries ලිපියේ පරිවර්තනයකි.

60 comments:

  1. අහලා තිබුනෙම ඔය ජපානේ බොන කොල පාට තේ ගැන විතරයි. හොද ලිපියක්.

    ප.ලි
    අපේ සින්ඩිකේටරයේ ලෝගුවත් දාලා නැහැ සහෝ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සින්ඩිකේටර් එකේ ලින්ක් එක කලින් එකතු කරලා තිබුණා. පසුකාලීනව මේ ගැජට් අඩු කරන්න කියන ඉල්ලීමක් ආවා. එතකොට බොහොමයක් ඒවා ඉවත් කළා. ඔන්න ආපහු දැම්මා.

      Delete
  2. දන්නේ ඉතින් මැලේසියන් තේ ගැන තමයි මෙහෙ කිරි තේ වලට කියන්නේ "තේ තරේ(ක්)" කියලා ප්ලේන් ටි නම් "තේ ඕ "
    එත් මෙහෙ ජනප්‍රියම තෙතරික් අයිස් හා තේඕ අයිස් ..... ඒ කියන්නේ අර දෙකම අයිස් දාලා බොන එක...........
    ඒ ඇරෙන්න තෙඕ ලිමෝ අයිස් කියලා තේ එකටම හින් නාරන් ගෙඩි ටීකක් දාගෙන බොන එකත් මෙහෙ ජනප්‍රිය පානයක්

    ReplyDelete
    Replies
    1. මම තේ ගැන ලිව්වට මට තේ බොන්න බෑ. බිව්වොත් බඩ දඟලනවා. ඊටත් වැඩිය වමනේ යන්න එන්නේ මැලේසියන් කාරයෝ අයිස් එක්ක තේ බොනවා දැක්කම.

      Delete
    2. මම කියන්න ආපු දේවල් ටික අපේ රාළ ගොයියා කියලනෙ..මම ඉතිං දැන් මොනවද කියන්නේ...

      Delete
    3. සිරා බිව්වේ නැද්ද ? කූල් ටී එහෙම

      Delete
    4. බීලා තියෙනවා අයියා කෑන් වල තියෙන එක මෙලෝ ලකයක් නෑ මට නම්...

      Delete
    5. මමත් එක පාරක් ලංකාවේ තියෙන ප්ලාස්ටික් බෝතල් තේ එකක් බිව්වා. මට කට බිම උලා ගන්න හිතුණා. මොනවා වුනත් දුම් දම දමා හදපු ලංකාවේ තේ කෝප්පයක් බොන්න තියෙන ආසාව මේ එකක් එක්කවත් නෑ. කරුමෙට මට තේ බොන්න බෑ.

      Delete
  3. මේ තරම් ක්‍රම ගණනක් තියෙනවා කියලා ඇහුවෙත් අදයි

    ReplyDelete
    Replies
    1. බලන්න අපි තේ වැඩියෙන්ම අපනයනය කරන රටක් වෙලත් අපි ගැන සඳහනක් නෑ. නමුත් මේ ළඟදී දකුණු අප්‍රිකාවේ තේ බෑග් සමාගමක ක්‍රියාවලිය බැලුවා ඩිස්කවරි චැනල් එකේ. ඒවා දැක්කම අපි කොතනද ඉන්නේ කියලා හිතෙනවා.

      Delete
    2. //දකුණු අප්‍රිකාවේ තේ බෑග් සමාගමක ක්‍රියාවලිය//
      ලංකාවේත් ලෝකෙ උසස්ම තත්වයේ තේ බෑග් අසුරන සමාගම් තියනව. ඩිල්මා කියන්නෙත් එහෙම තැනක්. හෙරිටේජ් කියන්නෙ තවත් තැනක්

      Delete
  4. අපි මෙච්චර තේ බිව්වත් අනිත් එවුන් කොහොම බොනවද කියලා දැනගෙන හිටියේ නැනේ අප්පා. ඔය කියන විදියට තේ වර්ග 2ක 3ක් වත් අපිටත් ගෙදරදී හදාගන්න පුළුවන් ඇති. පොඩි ට්‍රයි එකක් දෙන්න ඕනි. තැන්ක්ස් සුදීක අයියේ.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේකේ මුල් ලිපියේ ඒවා හදා ගන්නා ආකාරයට ලින්ක් ලබා දීලා තියෙනවා. බලන්න ගිහිං.

      Delete
  5. හම්මේ අදනේ දන්නේ තේ අපනයනය කලත් අපි , රට රට වල කස්ටිය බොන විදිහ වෙනස් කියල...

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න ගිහිං මමත් හොඳ අවුබෝධයක් ගත්තා.

      Delete
  6. ලිපිය හොඳයි Frappuccino ප්‍රනව්න්ස් කරන්නේ ෆ්රැපචිනෝ කියල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. නිවැරදි කරන්නම්.

      Delete
  7. මැලේසියාවෙ උන්දැලා ඉතිං තේ බොන්න වගේම කෝපි බොන්නත් රුසියො..රස්නෙට වගේ සීතල තේ බොන්නත්...රස්නෙ තේ කොප්පියට පුංචි නාරං ගෙඩි දෙකක් කපා දමා තේඕ ලිමෝ යනුවෙන් හදුන්වන පානය බොන්නත් මේ අය ගොඩාක් මනාපයි...ඒ වගේම මයිලෝ යන්න මිලෝ ලෙස හදුන්වයි. අයිස් සහ රස්නය එකම වීදුරුවක අන්තර්ගත පිළිගන්වන පානයක් වෙයි...වීදුරුවේ උඩ කොටසෙන් රස්නය සහිතවත් යට කොටසින් සිසිලස සහිතවත් පානය කරන්නට හැකිය....මෙහෙ සුපර් මාකට් එකක විකුණුම් සේවකයෙකුගෙන් මැලේ මිනිහෙක් දවසක් ඇහුවා..මොනවද හොදම තේ කියලා...අර මනුස්සයා උත්තර දුන්නෙ ලෝකෙ හොදම තේ ලංකාවෙ තේ කියලයි...මට එදා අවංකෙන්ම අපේ රට ගැන අාඩම්බර හිතුනා.

    ReplyDelete
    Replies
    1. මේක ලියද්දී සිරා කොලුවවයි මැලේ රාලයි සරත් අයියයි මතකෙට ආවා. මැලේසියාවේ උන් තේ බොන විදිය දැකලා මට ඔක්කාරෙට වගේ.

      Delete
  8. සුදීකයිය ලොකු වැරැද්දක් කරල තියෙනවා. කෝ ලංකාවෙ තේ. මොකෝ මේ සමහරු උදවිය ඉන්නවා ලංකාවෙ තේ වල පාට දන්නැති. ඊලග එකටවත් පොඩ්ඩක් මතක් කරමු

    ReplyDelete
    Replies
    1. මේක පරිවර්තනයක් මල්ලි. ලිපියට අලුතෙන් කොටසක් එක් කරන එක අසාධාරණ බවයි මගේ විශ්වාසය. ඒ නමුත් මේ මුල් ලිපියට කමෙන්ට් විශාල සංඛාවකින් අහලා තිබුණා ශ්‍රී ලංකාවේ තේ ගැන.

      Delete
  9. ඉතාම වටිනා තොරතුරු ගොන්නක්!

    ReplyDelete
    Replies
    1. මේවා අපිට වඩා වැදගත් වෙන්නේ පාසල් දරුවන්ට. නමුත් ඒ අය බ්ලොග් බලනවා කියලා හිතන්න අමාරුයි.

      Delete
  10. බොහොම වටිනා දැනුම සම්භාරයක්. එකම පානය වුණත් සංස්කෘතික/ජාතික වශයෙන් වෙනස් වෙන හැටි බොහොම අපූරුයි.
    පොඩි අත්වැරදීමක් පෙන්වා දෙන්න කැමතියි. තායිවානයේ තේ හඳුන්වන්නෙ 'bubble tea' කියල මිසක් 'aka bubble tea' කියල නෙවෙයි. aka කියල කියන්නෙ 'also known as' (හෙවත්) කියන එක කෙටියෙන්.
    "මුතු කිරි තේ හෙවත් බුබුළු තේ" කියන එක පරිවර්තනය කරද්දි සිදු වෙච්ච අත්වැරදීමක් වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. බොහොඅම ස්තුතියි වරද පෙන්වා දීම ගැන. එය නිවැරදි කරන්නම්.

      Delete
  11. ශ්‍රි ලංකාව
    තේ සමග දුම්වැටියක් දල්වා ගැනිමෙන් ඉහල ආශ්වාදයක් ලබාගනි.

    ReplyDelete
    Replies
    1. ගල් වීදුරුවක් සමග මොනවද බොලං එතකොට දල්ව ගන්නෙ...

      Delete
    2. ඇත්තටම මෙන්ඩියාට රස්සාව දෙන්නේ තිබුණේ ටුබැකෝ එකේ.

      Delete
    3. @සිරා මචං
      බාර් අරින්නෙ 9ටනේ බං
      @අයියන්ඩි
      සමහරවිට සිගරට් පැකට් එකේ රැපමය අවවාද නිරැපනයට මට කතාතරයිද? එහම වුනෙත් කාටද ආඩම්බර මෙන්ඩත් ඡාත්‍යන්තර නිරැපන ශිල්පයෙක්.

      Delete
  12. බලගෙන ගියාම තේ කියන්නෙ මාර පානයක් නෙ. ස්තුතියි මේ ගැන හොයල බලල දැනුවත් කළාට.

    ලංකාවෙ කොච්චර තේ තිබුණත් ඔහේ වක්කරගෙන බොනව මිසක් හරි විදයකට තේ කෝප්පයක් හදාගන්න බොහෝ දෙනෙක් නොදන්න බවයි මට හැඟෙන්නෙ.

    ReplyDelete
  13. චෙල්සි පිපින් ලංකාව ගැන සදහන් නොකරපු එකට හේතුව, අපි තේ වගා කරන රටක් මිස තේ වලට අගයක් දෙන රටක් නෙමේ . තේ වල පළමු නිෂ්පාදනය අපි කලත් තේ වලට අගයන් එකතු කරන්නෙ වෙන රටකදි . ( මල් පෙති , පලතුරු , සුවද , ෆ්ලෙවර් ) අපේ රටෙත් නොකෙරෙනවා නෙවෙයි.
    මම ලෝකෙ තියන හැම තේ ජාතියක්ම බීල ඇති ( කියල හිතනවා ) නමුත් අපේ රටේ Western Season එකේදී Great Western වත්තෙ BOP එකක් තරම් රස තේ එකක් හම්බවෙලා නෑ.
    කහට එක හදල සීනි නොදා , පැයක විතර ටික ටික මග් එක හිස් කරන එක තමයි මගෙ පුරුද්ද . හැමෝම මගෙ ක්‍රමයට ආවොත් චෙල්සි පිපින් ට මේල් එකක් දාමු මේක ලංකාවේ ක්‍රමය කියල.

    ReplyDelete
    Replies
    1. මමත් තේ බොන කාලේ මැක්වුඩ්ස් ඒකෙන් තේ ගෙනැත් බිව්වා. ඒ තේ නම් සීනි නොදා තමයි බොන්න ඕනේ. පාට අඩු වුණාට කහට රසය තියෙනවා.

      Delete
    2. ප්‍රා ජේ , Uva Season හොදටම තියෙන්නෙ අයිස් ලැබි, ඌව හයිලන්ඩ් , වගේ වතු . පෙබරවාරි මැද ඉදන් මාර්තු අග වෙනකම් Western Season එක. එතකොට Great Western , laxapana, Brunswik, Gouravila වගේ වතුවල තේ හොද මට්ටමට එනව . දැන් පටන් ගන්නෙ Western Season එක.
      Uva season එක පටන් ගන්නෙ ජූලි අග ඉදන් සැප්තැම්බර් මාසෙන් ඉවර වෙනව . ප්‍රා ජේ මේ ගැන දන්නව මම හිතන්නෙ. ප්‍රශ්නාර්තේ Great Western වත්ත තියන තැන නම් ,ඒක තියෙන්නෙ නානුඔයින් පහලට එද්දි . එතකොට අයිති වෙන්නෙ Western පැත්තට .

      Delete
  14. තේ කියන්නෙ ලංකාවෙ හදන දෙයක් මිස හැදුණු දෙයක් නෙමෙයිනෙ. ඒ නිසා අපේ අයට තේ බොන්න අමුතු ක්‍රම නැහැ!

    ඔබගෙ වටින ලිපියට පොඩි අදහසක්.

    ඔබ කිව්ව කටාරයෙ කරක් චායි කියන්නෙ ඉන්දියානු/බංග්ලාදේශ් වැසියන්ගෙ බීමක් මිස අරාබි තේ වර්ගයක් නෙමෙයි.

    අරාබීන් පොදුවෙ බොන්නෙ "සුලෙයිමානි" කියන අඩු සීනි කහට තේ ( මෙන්න ටිපිකල් සුලෙයිමානි තේ කෝප්පය සහ පෝච්චිය ) හෝ "ගව්ව" නමින් හඳුන්වන මින්ට් මිශ්‍ර සුවඳ කහට තේ වර්ගයක්. මේ තේ බොන්නෙ ඉතාම පොඩි අන්ඩක් නැති මෙන්න මේ කෝප්පෙන්. ( ඕකෙන්ම කෝපිත් බොනව සීතල කාලෙට )

    මේ කෝප්ප වලට තේ වක්කරන එක, තේ ඉවර උනාම කෝප්පෙ හොල්ලල තව ඕනද, නැත්තන් ඇතිද කියන එක, වගේම ඉවර වෙච්චි කෝප්ප එකතු කරල තියා ගන්න එකත් එකකට එකක් වෙනස් මාර ආට් එකක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විස්තර වලට. මේ ලිපියට කිහිප දෙනෙක්ම ලබා දුන්න ප්‍රතිචාරත් ලිපිය වගේම වැදගත්.

      අපේ අයට සුද්දෝ දුන්න නිසා සුද්දන්ගේ ක්‍රමයට බොනවා. ටිබෙට් කාරයෝ දුන්නා නම් ෂුවර් ඒකට බටර් දාලා බොනවා.

      Delete
  15. ෂාහ් මරු . තේ පිළිබඳව ආචාර්ය උපාදියක් දෙන්න වටිනවා :p :p :p

    ReplyDelete
  16. ඔය රුසියාවෙ සැමොවාර් කියන එක රුසියන් පරිවර්තන එහෙම කියවන කොට කියවිලා තියේ..ඒවයෙ තියෙන්නෙ සිංහලෙන් සමෝචාරය කියල.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? සමහරවිට එයාලා උච්චාරණය කරන්නේ එහෙම වෙන්නත් පුළුවන්.

      Delete
  17. දවසකට තේ කෝප්ප 04 වත් අඩුම ගණනේ බොනවා.එත් මේ වගේ විවිධත්වයක් ඇතිව බිලා නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන සමහර ඒවාට තේ නිකං අනුපානයක් වගේ තමයි යොදාගෙන තියෙන්නේ.

      Delete
  18. රස තේ එකක් වගේම රහයි.

    තායිලන්තේ කෝප්පෙට අයිස් පුරවලා ඒකට සීනි දාපු තේ පුරවල සිප් කර කර බොනවා කූල් ටී. (හරියට අපි අඩියක් ගහනව වගේ.) තව බෝතල් කරපු කූල් ග්‍රීන් ටී එකත් ෆේමස්.
    ලංකාවේ ඉන්න කොරියන් උන්, චීන උන් කූල් වතුර බෝතලේට ග්‍රීන් ටී පැකට් දෙකක් දාගෙන තමයි බොන්නේ.
    එපාම කරපු තේ එක බිව්වේ දවසක් මියන්මාර් වලදි. උන් දන්නෙත් නෑ තේ හදන්න. එ දවස්වල බෙඩ් ටී එකක් නැතුවම බැරි ලෙඩක් තිබ්බ නිසා අමාරුවෙන් තේරුම් කරල දීල කිව්ව එකක් හදාගෙන වරන් කියල. පිටි ගොඩාක් කූල් ග්‍රීන් ටී එකකද කොහෙද දිය කරල.. වස අප්පිරිය උනා.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. නැගෙනහිර ආසියාවේ එවුන් හැම දේම වෙනස් විදියට භාවිතා කරන්නේ. බඩ දඟලනවා අහනකොටත්.

      Delete
  19. ජපානේ ඔය තේ නම් අප්පිරියයි. හැබැයි බීවාම අමුතු පණක් එනවා. ලංකාවේ තේ ගැන සුදීකට එකතු කරන්ට තිබුණා කියලා මටත් හිතුනනේ. මේ දවස්වල මැච් නොබලා මේවගේ එකක් ලීවා පුදුමයිලු. :P

    ReplyDelete
    Replies
    1. මේක ලියද්දී මැච් පටන් අරගෙන නෑ. අපේ ඒවාත් විවිධ විදියට සිද්ද වෙනවා. අපේ ක්‍රම වලින් හොඳම විදිය කිතුල් හකුරුත් එක්ක තේ බොන එක. මම මේ දවස් වල බ්රූ කැෆේ වලට ක්‍රීමර් දාලා කිතුල් හකුරුත් එක්ක බොනවා. පුදුම රසයි. මෙහෙම බෝත්දී කහට රසයයි, පැණි රසයි බැලන්ස් කරන්න පුළුවන්. ඒක මාර ෆන් වැඩක්. මටත් පොඩ්ඩිට වගේම තේ බිව්වම බඩ දඟලනවා.

      Delete
  20. බොහොම මහන්සියෙන් කරුණු හොයාගෙන ලියපු ඉතා සාර්ථක ලිපියක් ලස අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. මමනම් ගොඩක් මහන්සි වුනේ නෑ. අර පිපින් නෝනා තමයි මහන්සි වුණේ.

      Delete
  21. හොඳ ලිපියක් මෙච්චර වෙනස් කම් තියෙනවා කියල දන හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම අපිට ලෝකය ගැන හිතා ගන්නත් මේක වැදගත්.

      Delete
  22. මම තුර්කියේ අවුරුද්දක් විතර ඉදල තියෙනවා. ඇත්තටම ඔබ කිව "චායි " කතාව හරියටම හරි. එහෙ තරුණ අය පවා "චායි" හදන්නෙ ඒ විදියට. හැබැයි උන් "Ceylon Tea" කිව්වම පූදුම කැමැත්තක් තියෙන්නේ. එහෙ "චායි " මතක් වෙන්න ලංකාවට එනකොට මමත් රූපෙ තියෙන විදියේ කොප්පෙකුයි ,හැන්දකුයි ගෙනාව. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දැනුම බෙදා ගත්තට. මේ වගේ ලිපියකින් කෙරෙන් අනික් දෙ තමයි, විවිධ රටවල ඉන්න අය තමන් දුටු විදියට අත්දැකීම් ලබපු විදියට විස්තර කිරීම. ඉන් දැනුම වැඩි වෙනවා.

      Delete
  23. සමහර ඒවට නම් ආස හිතෙන්නේ නෑ වගේ වුණාට බීල බලන්න ආසයි ඔය රට රටවල තේ ජාති ටික..

    හ්ම්ම්..නැතුවම බැරි දෙයක්..මම යනවා තේකක් බොන්න..:D

    ReplyDelete
    Replies
    1. දේසේ හැටියට බාසේ කිවුවා වගේ ඒ රටවලදී එහෙ තියෙන විදියට තමයි බොන්න වෙන්නේ.

      Delete
  24. ස්තූතියි විස්තරයට....
    ගොඩක් දේ දැනගත්ත
    නිතරම බොන තේ ගැන

    ReplyDelete
    Replies
    1. අද තමයි මේවා දැක්කේ. එනමුත් පිළිතුරු දෙන්න ඕනේ.

      Delete
  25. ලංකාවේ..............................
    ප්ලේන්ටි එකායි ......................

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ තේ හදන විදිය බලන් හිටියා මුම්බායි වලදී. ලොකු සාස්පාන් වල තේ පොට්ටනි ගහලා තම්බනවා, කිරි වෙනවා උණු කරනවා. මේවා දිගටම ලිපේ. පස්සේ කලවම් කරලා කිරි කහට වගේ දෙනවා, අසෝක වීදුරු වලින් භාගේ සයිස් එකක.

      Delete
  26. හම්මේ තේ..............

    ලංකාවෙ නං
    බොමු බොමුද තේ.....බොමු බොමුද තේ
    කියල සිංදු කෑල්ලකුත් කියාගෙන ටීචැර් හදන තේ එක සෑර් බොනව

    ඇත්තටම වටින ලිපියක් නොදන්න ක්‍රම ටිකක් ඉගන ගත්ත ඕං ඒම බීලා බඩ ගියොත් ඕං සුදීක තමා හරිය ඉඳගෙන

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...