Tuesday, October 21, 2014

මෙන්න තවත් සිම්පල් ප්ලෑන් එකක් ......Yet another simple plan ......

අන්තර්ජාලය පරිහරණය කරන බොහෝ දෙනෙකුට තියෙන ලොකුමප්‍රශනයක් තමයි "බ්‍රවුසර් හයිජැකින්"(බ්‍රවුසරය පැහැරගැනීම). හයිජැකින් කිව්වම එක පාරටම සිහියට එන්නේ ගුවන් යානා පැහැරගනීමනේ. ඉතිං එහෙම කිව්වම බොහෝ දෙනෙකුට තේරුම් ගන්න බෑ. බ්‍රවුසර් හයිජැකින් කියන්නේ "ඔබේ බ්‍රවුසරයේ ආධිපත්‍යය වෙනත් පාර්ශවයක් විසින් අත්පත් කරගෙන එය ඔබේ උවමනාවන්ට  පිටින් ක්‍රියා කිරීම"(ඇත්තටම ප්ලේන්එකක්හයිජැක්කලත්වෙන්නේඔයටිකමතමා).

එහෙම කිව්වත් තේරෙන එකක් නෑ. ඔබ දන්නවා ඕනෑම වෙබ් පිටුවකට අදාළ වෙළඳ දැන්වීම්, එහෙමත් නැත්නම් ගූගල් විසින් ලබා දෙන වෙළඳ දැන්වීම් ඒවායේ ප්‍රදර්ශනය වන බව. නමුත් මේ වගේ පැහැරගැනීමට ලක් වුණු බ්‍රවුසරයකින් වෙබ් පිටුවකට පිවිසුනාම, ගූගල් දැන්වීම් වලට බොහෝ සෙයින් සමාන වෙළඳ දැන්වීම් ලවක්-දෙවක් නැතිව හැම තැනම මතු වෙන්න පටන් ගන්නවා. මේක මහා හිසරදයක්. එක් අතකින් එම පිටුව අයිති කෙනාට ඉන් සත පහකවත් ආදායමක් ලැබෙන්නේ නෑ. මෙවැනි වෙළඳ දැන්වීම් හඳුනා ගැනීම පහසුයි. එම දැන්වීම් ආවරණය කරන ප්‍රදේශය තුලම ඒවා ඉවත් කිරීමේ පහසුවත් සපයනවා. හරියට අර යූ ටියුබ්වල මතු වන දැන්වීම් වගේ. 

තවත් දෙයක්, පිවිසෙන වෙබ් පිටුවේ සමහර වචන වල පාට(කොළ) වෙනස් කරලා යටින් ඉරි(underline ) ඇඳ, මේවා අදාළ වෙබ් අඩවිය විසින් ලබා දුන් සබැඳියාවන් (link) ලෙස දැක්වීම. නොදන්නා අය බොහෝවිට මේ මත ක්ලික් කර අර බ්‍රවුසරය පැහැර ගත අයගේ වෙබ් පිටුවට පිවිසෙනවා. එක අතකින් මෙවැනි වෙළඳ දැන්වීම් මහා හිසරදයක්, සමහරවිට ඒවා වසා දමන්නට ලබා දෙන ස්ථානය මත ක්ලික් කලත් අදාළ වෙබ් පිටුවට පිව්සීම හෝ වෙනත් එවැනි දැන්වීම් පැටව් ගැසීම මේවාගේ සාමාන්‍ය ලක්ෂණ. 

මේවා අපේ බ්‍රවුසරයට එන්නේ කොහොමද? විවිධ අවස්ථාවන්වලදී(බොහෝවිට වීඩියෝ නරඹන්නට ගියවිට,තවත් අත්‍යවශ්‍ය ප්ලගින් එකක් ඩවුන්ලෝඩ් කරවන්න ඔවුන්  ඔබ  පෙලඹවූවා    ඔබට මතකද ? එවැනි අවස්ථා වල ඔවුන් කියනා දෙයක් කරන්න අපි පෙළඹෙන්නේ, නොපමාව එකී වීඩියෝව නරඹන්නට තිබෙන ආශාව නිසායි. ඔය කිව්ව  මෘදුකාංග භාගත කර ගන්නා විට, ඒවාත් සමග විවිධ දැකාංග (Adware කියන වචනයට මම හදපු සිංහල තේරුමක්) එකතු වීම වලක්වන්න බෑ. ඔබේ වයිරස් ආවරණය(Virus Guard) මේවා පිලිබඳ විමසිල්ලෙන් පසුවුණත්, ඒවා පරීක්ෂා කරන ආරක්ෂක කඩුලු (Checkpoints), වෙනත් ප්‍රයෝග මගින් පසු කරන්න මේවා නිපදවන්නන් සමත් වෙනවා. 

මේ දැකාංග වල පරමාර්ථය අනිසි දැන්වීම් ඔබ වෙත ගෙන ඒමම පමණක් නොවෙයි. ඔබගේ සෙවුම් යන්ත්‍රය මාරු කිරීම, ඔබගේ අන්තර්ජාල ක්‍රීයාකාරීත්වය රහසින් අධ්‍යනය කිරීම සහ එම තොරතුරැ වෙනත් තැනකට සම්ප්‍රේෂණ කිරීම, මේ මගින් සිදුවන අනෙක් භයානක කාර්යයන්. යොදාගෙන ඔබගේ සංවේදී තොරතුරැ(Sensitive Data) පවා සොරා ගන්නවා. ඔබගේ ජාල සැරිසැරීමේ ශයිලිය (Browsing Patter) ඔවුන්ගේ තොරතුරු ගබඩා වෙත යැවෙනවා. ඔබට එවිය යුත්තේ කුමන වර්ගයේ දැන්වීමද කියා ඉන් තීරණය කරනවා. ඉතින් පසුව ඒවා භාවිතා කරමින් විවිධ අකටයුතුකම් සිදු කරනවා. ක්‍රෙඩිට් කාඩ් වංචා ඉන් ප්‍රධාන එකක්. එයට අමතරව ඔබගේ පරිගණකය අසාමාන්‍ය ආකාරයෙන් මන්දගාමී වීම මේ හැමටම වඩා දරාගත නොහැකි කාරණයක්. 

මම මදුරුවන්ට පුරුදු කරමු පොස්ට් එක ටයිප් කරත්දී,  මේ අත්දැකීමට මුහුණ දෙන්න මටත් සිදු වුණා. මෙයට කලින් මා එවැනි අවස්ථා වල කළහැකි පියවරයන්  සිංහල බ්ලොග් අඩවි  දෙකකින්ම දැක තිබුණා. ඒත් මෙවර ඒ විසඳුම් හරි යන පාටක් තිබුණේ නෑ. ඒ විසඳුම් වලින් කරන්නේ අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම සහ බ්‍රවුසරයේ තිබෙන නොදන්නා ප්ලගින් ඉවත් කිරීම. එම විසඳුම් හරි නොයන විට මම නැවතත් ගූගල් දෙවියන්ගේ පිහිට පැතුවා.  එවර මට කිරි ගහට ඇන්නා වගේ විසඳුමක් ලැබුනා. ඒ http://7labs.heypub.com/ වෙතින්. දැන් එතකොට හේපබ් කියන්නේ බ්ලොගර් වගේ එකක්ද ? මේ පැනය ඔබේ හිතට එන්න ඇති. සත්තකින්ම ඔව්. ඒ ගැන කියන්නම් ඊළඟ පොස්ට් එකෙන්. 

කලින් සඳහන් කල විසඳුම් වලින් කරනවා වගේ අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම, ප්ලගින් ඉවත් කිරීම ගැනත් මේ සටහනේ සඳහන්. ඒ වුනත් මට හරිගියා වැඩේ ඒවා නොවෙයි.  ඔබේ බ්‍රවුසරයට පරිශීලකයෙකු නිර්මාණය කර ගැනීම. ක්‍රෝම් වල තියෙන ගූගල් පරිශීලකයන්ගෙන් ඇතුළු වීමත් එක්ක මෙය පටලවා ගන්න එපා. නමුත් ක්‍රෝම් වගේම ෆයර්ෆොක්ස් බ්‍රවුසරයේත් මේ පරිශීලකයන්(user create) නිර්මාණය ලබා දී තිබෙනවා. එහි මූලික අරමුණ මෙය නොවේ. විවිධ අය භාවිතා කරන පරිගනකයක, එක් - එක්කෙනාට අවැසි පසුබිම වෙන වෙනම පවත්වා ගැනීම. සමහරවිට වෙනත් භාවිතාවන් තිබෙන්න පුළුවන්. 

මේකෙන් කෙරෙන්නේ එක්-එක් පරිශීලකයාගේ රුචිකත්වය අනුව බ්‍රවුසරයේ වෙනස් කල හැකි හැම දේම වෙනස් කිරීම. 
  • හොම්පේජ්
  • පසුතලය
  • ආරම්භයේදී විවෘත විය යුතු ටැබ් ප්‍රමාණය, හිස් ඒවාද, නැතිනම් නම් කල වෙබ් පිටු සමගද 
  • ෆොන්ට් වල ප්‍රමාණය (අවැසි නම් ෆොන්ට් එකද වෙනස් කල හැක)
  • ප්ලගින් 
 මේවාගෙන් ප්‍රමුඛ ඒවා. ඉතින් මේ විදියට පරිශීලකයෙක් නිර්මාණය කළාම අර කලින් පොදුවේ භාවිතා කල බ්‍රවුසර් සෙටිං අමතක කර අපිට අවැසි ආකාරයට බ්‍රවුසර ලබා දෙනවා. මේ මගින් ඇතිවන වෙනස්කම් 
  • වේගවත්ව අන්තර්ජාලසැරිසරන්නට හැකිවීම 
  • අනවශ්‍ය දැන්වීම් වලින් තොර වීම
  • අනවශ්‍ය ප්ලගින් නැති වීම. 
හරි කොහොමද මේ පරිශීලකයා නිර්මාණය කරන්නේ ? මේ ගැටළුව ඔබට එන්න ඇති. සමහරවිට මේ තර්ජනයට ඔබ දැනටමත් මුහුණ දී ඇතිනම් නොයිවසිල්ලෙන් ඇති "කොහොමද මේක කරන්නේ ?" කියලා.  හරිම ලේසියි. 

ඔබ භාවිතා කරන්නේ ක්‍රෝම් බ්‍රවුසරය නම්
  1.  Menu වෙත යන්න
  2. Setting තෝරා ගන්න
  3. User වල ඇති Add new user තෝරා ගන්න











මේක ඒ හැටි අපහසු වැඩක් නෙවෙයි. එතන ඉල්ලන දත්ත  ලබා  දෙන්න. ඉන් පස්සේ මේ හැමවිටම මේ පරිශීලකයාගෙන්  බ්‍රවුසරය භාවිතා කරන්න මතක තබා ගන්න. මේක සාදා ගන්නකොට අර සුභාෂ් කියන එක ඉදිරියෙන් තියෙනවා වගේ ලස්සන මුහුණක් (අයිකනයක්) තෝරා ගන්නත් ඕන. මම හිතන්නේ හඳුනාගැනීමේ පහසුවට තමයි ඒක ඇත්තේ.

 එහෙම පරිශීකයෙක් නැති අවස්ථාවක පෙන්වන්නේ මෙන්න මේ ආකාරයට. ඔබට දැනටමත් මෙය පුරුදු ඇති.
 ඉන් පස්සේ බ්‍රවුසරය ස්ටේටස් බාර් එකේ පෙන්වන්නේ මෙන්න මේ විදියට.

නමුත් ඔබ පරිශීලකයා නිර්මාණය කිරීමෙන් පසුව ඔබට ලැබෙන්නේ මෙන්න මේ වගේ (ලස්සන), ඔබ තෝරා ගත්ත අවතාර් එකත් එක්ක.





හරි අපි දැන් බලමු ෆයර්ෆොක්ස් නොහොත් ගිනි-නරියාගේ මේ වැඩේ කර ගන්නේ කොහොමද කියලා.

ඔබ දැනටමත් ෆයර්ෆොක්ස් වලින් අන්තර්ජාලය පරිහරණය කරමින් ඉන්නවා නම්, මොහොතකට ඉන් ඉඑවත් වෙන්න. ඊට පස්සේ
  1. Start ගිහින් Run තෝරලා එතන firefox.exe -p කියලා ටයිප් කරලා OK ඔබන්න නැතිනම් එන්ටර් පාරක් ගහන්න. 
  2. එතකොට Profile Manager කියලා window එකක් එයි. එතන තියෙන Create Profile කියන බොත්තම මත ක්ලික් කරන්න. 
  3. එතැන අලුත් නමක් ලබා දෙන්න. ඉන්පසු Finish බොත්තම මත ක්ලික් කරන්න.
ඉන්පසු ඔබ ෆයර්ෆොක්ස් ආරම්භ  කරන හැම මොහොතකම, Profile Manager ඔබගෙන් විමසා සිටියි "කුමන පරිශීලකයාගෙන් ඇතුලත් වෙන්න අවශ්‍යද ?" කියා. එතනදී ඔබ සාදාගත් පරිශීලකයා තෝරාගන්න.

දැන් තේරෙනවා නේද මේ වැඩේ කොයිතරම් පහසුද කියලා. හැබැයි පසුව අර කලින් ක්‍රමයට ඔබේ පරිගණකට, බ්‍රවුසරයට ඇතුලත් වී ඇති දැකාංග (Adware) ඉවත් කරන්නත් අමතක කරන්න එපා. මේක නම් අත්දුටු ප්‍රත්‍යක්ෂ අවුසශදයක්. තවමත් හොඳයි(So far so good).

ප.ලි.
ෆයර්ෆොක්ස් ආරම්බ වෙනකොටම තෝරා ගත්ත පරිශීලකයා තෝරාගෙන අමතර ප්‍රශ්න නැතිව කෙලින්ම ආරම්භ කරන්නත් පුළුවන්. පහලින් තියෙන පින්තූරය බලන්න.

34 comments:

  1. මට මුකුත් තේරෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මම NIBM එකේ කම්පුටර් කෝස් එක කරන්න ගියාම උගන්වන දේවල් හකුරුයි පොලුයි වගේ. ඒ කාලේ කම්පුටර් එකක් දකින්නවත් නෑ. අපේ ලෙචා කෙනෙක් හිටියා රෙක්ස් ප්‍රනාන්දු කියලා. මිනිහා කියන්නේ තේරෙන්නේ නැති දේවල් සේරම අමතක කර දාන්න කියලා. පස්සේ දවසක තේරෙයි කියලා. ඇත්තටම ඒක වුණා. ඒ නිසා අමතක කරපං මෙන්ඩියා.

      Delete
    2. /////මිනිහා කියන්නේ තේරෙන්නේ නැති දේවල් සේරම අමතක කර දාන්න කියලා. පස්සේ දවසක තේරෙයි කියලා. ///////
      රෙක්ස් මහත්තයාගේ මසුරං කතාවක් සුදීක!!!!!!!

      Delete
    3. අද බොනවා සතුටට සුදික අයියා මට මෙන්ඩියා කිව්වා..
      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
  2. //සමහරවිට ඒවා වසා දමන්නට ලබා දෙන ස්ථානය මත ක්ලික් කලත් අදාළ වෙබ් පිටුවට පිව්සීම හෝ වෙනත් එවැනි දැන්වීම් පැටව් ගැසීම මේවාගේ සාමාන්‍ය ලක්ෂණ.// හරියට හරි. කියන්න සංතෝෂයි මටත් ඔය ප්‍රශ්ණ තිබුනා. :)

    තෑන්ක්ස් සුදීක අයියා.

    ReplyDelete
    Replies
    1. මේක තවම කිසි අවුලක් නැතිව වැඩ. නිකං නෙවෙයි හොඳ වෙගේකුත් එක්ක. අනිත් එක ඔය දැකාංග අපේ ඩේටා ටිකකුත් ගිලිනවා නේ.

      Delete
  3. තැන්කුයි සුදිකයියා නිවාඩු දවසේ හොඳ ඔත්තුවක් දුන්නේ .........

    ReplyDelete
    Replies
    1. එහෙනම් වැඩේ ගොඩ දාගන්න.

      Delete
    2. සුදීකගෙ තාත්තගෙ වයසෙ මිනිහෙක්..මල්ලි කියනවා දැක්කම මට මොනවා කියන්නද හිතාගන්න බැරි උනා...හැක් හැක්...

      Delete
  4. බොහොම වටින ලිපියක් සුදීක අයියේ! ගොඩක් ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලලා ප්‍රතිඵල කියන්න.

      Delete
  5. අන්න මේකනම් මල් මසුරං

    ReplyDelete
    Replies
    1. වැඩේ ගොඩ ගියාද කියලා කියන්න.

      Delete
  6. හප්පට සිරි....!!
    ඔය තියෙන්නේ තව ටෙක්නිකල් පොස්ට්.....!! ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. මේවා ලියන්න කට්ටිය වෙනම ඉන්නවා නේ. මේක චේන්ජ් එකකටත් එක්ක ලිව්වේ.

      Delete
  7. බොහොම ස්තුතියි. මටත් මේ දිනවල් මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. අද මගේ ප්‍රොෆයිල් පික්චර් එක වැටෙන්නෙත් නැහැ. මේ උපදෙස් අනුව කටයුතු කර බලන්නම්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් වටිනා පොස්ටුවක් සුදීක අයියේ. ගොඩාක් advertising website වල ඔහොම තමයි. එකක් Bidvertiser. මමත් කාලයක් දාලා තිබුනා... හප්පේ බ්ලොග් එක ලෝඩ් වෙන්නත් පැය භාගයක් විතර යනවා. සමහර වෙබ් සයිට් වලට දාලා තියන ActiveX Style නිසාත් ඔහොම වෙනවා. ඒවා cache ත් එක්ක save වුනාම මල කරදරයක්...

      DJ NIRAJ from FreewareHut

      Delete
    2. කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා තමයි මේක දැම්මේ. බැලුවම මේක දැවෙන ප්‍රශ්නයක් නේ.

      Delete
  8. සුදීක....මෙහෙම වෙලා තියෙනවා හිටපු ගමන්. මේක බ්‍රව්සර් හයිජැකින් කියලා අදයි ඇහුවේ. මම දන්නේ එක හයිජැක් එකයි

    මෙන්න මේ වගේ දෙයක් තමයි විචාරකගේ බ්ලොග් එකට ගියාම වෙන්නේ. මේක විචාරක දකියිනේ.

    ReplyDelete
    Replies
    1. අර උඩින් විචාරක තුමත් කියලා තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.

      Delete
  9. හොඳයි තමා. කරගන්ට පුලුවන් වෙයිද දන්නේ නෑලු. :(

    ReplyDelete
    Replies
    1. ඇයි බැරි. මිනිස්ස්සු ඔයිට වඩා අමාරු දේවල් කරන්නේ.

      Delete
  10. මං නම් ගොඩක් වෙලාවට ඔය ඇඩොන්, ටූල්බාර්, අප්ලෝස් ස්පීඩ් අරව මේව ගැන විමසිල්ලෙන් තමයි ඉන්නෙ. තවම නම් එච්චරම අවුලක් වෙලා නෑ.මේකත් කරල බලන්නම්. ස්තුතියි සුදීක අයියෙ, කාටත් වැදගත් වෙන දෙයක් බෙදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ චන්දන මල්ලිට නම් මේ දේවල් ඒ හැටි වැදගත් නැති වෙයි. ඒ වුණාට අපේ බ්ලොග් අවකාශේ ඉන්න බොහෝ දෙනෙක් මේ දේවල් වලට සංවේදී නෑ. එනිසයි මේක බෙදා ගන්න හිතුවේ.

      Delete
  11. That's a good thing. THanks Su di ka. Prob is that,. its impossible for me to find such a beautiful Pix for the icon.. hak hak..

    ReplyDelete
  12. සුධීක අය්ය සාමාන්‍යයෙන් අනවශ්‍ය සයිට් වලට හෝ දැන්වීම් විකාර බ්ලොක් කරන්න තියෙන හොදම ගාඩ් එක තමා ඊ සෙට් කියන්නෙ ඒත් මොකක් හරි අවුලකින් අපි ඒක අප්ඩේට් නොකලොත් ඌ පිස්සු කෙලින්න පටං ගන්නව...
    ස්තූතියි මේ උපදෙසට සෑහෙන්න වැදගත්...
    මං දැංම අත්හදා බලන්න යන්නෙ ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඊ සෙට් කිව්වේ ඇන්ටි වයිරස් එකද ? ඒක නම් ලැප් වලට හොඳම එකක්.

      Delete
  13. ගුගලේට ඕක කර ගත්තා, ගුගලේ තියෙන වාසිය බුක්මාර්ක් ටික අයෙත් දෙනවා ඊ මෙල් ලොගින් උන හැටියේ, තැන්කු වේවා සුධීක අයියා, වෙනදට වඩා ස්පීඩ් ගතියක් තියෙනවා, එත් අනේ මොබිටෙල් 3G දැන් වැස්සට කැස්ස තියෙන්නේ එවුන්ට :(

    ReplyDelete
    Replies
    1. එහෙනං හොඳා. මොබිටෙල් ගැනනම් කියන්න දන්නේ නෑ. අනිත් හතරම කාඩ් වලින් පාවිච්චි කරනවා.

      Delete
  14. තැන්කූ සුදීක මතං.....

    ReplyDelete
  15. ඔන්න මාත් කරල බැලුව වැඩේ

    ReplyDelete
  16. අනවශ්‍ය දැන්වීම් වැටෙන එක Ad Block extension එකෙන් පාලනය කරන්න හැකියි නේද....මම දැන් පාවිච්චි කරන්නෙ Torch බ්‍රවුසර් එක...ඒක නියමයි...පාවිච්චි කරලා වෙනස වටහා ගන්න කිසිම කරදරයක් නෑ

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...