Monday, May 19, 2014

ගල් වගේද රෙඩ් ලේබල් ? ...... Red Label is better than Extra Special.


මේ පින්තූරේ දැක්කම ඔයාලට මොනවද හිතෙන්නේ ? ඉබ්බෙක් ඇරියොත් සාමාන්‍යයෙන් මෙහෙම තියන්නේ නෑ. මෙහෙම තිබ්බම කාට හරි මේක උස්සන් යන්න පුළුවන්. ඒ වගේමයි ඉන්න කෙනාව ඇතුලේ තියලා ලොක් කරන්නත් පුළුවන්. තවත් නොයෙක් දේවල් කරන්න පුළුවන්. ඒ කොයි හැටි වෙතත් මේක දැක්කම මටනම් අපේ ශාඛාවක අසූවේ මුල් දශකයේ වුණු කතන්දරයක් මතක් වුණා. ඇත්තටම මේක මම අත්දුටු දෙයක් නොවුනත්, අද ජීවතුන් අතර නැති ගාමිණි නමැති පැරණි සේවකයෙක් මගේ කනේ තිබ්බ කතාවක් . එක පාරට සිහියට ආවා. 

කලින් කිව්වා වගේ මේ වැඩේ වෙලා තියෙන්නේ අසූව දශකයේ මුල් කාළයේ. ආර්ථිකය විවෘත කරලා අවුරුදු කිහිපයයි ගියේ. ඒ වෙනකොටත් පැවතී සංවෘත ආර්ථිකය යටතේ තිබුණ විදියමයි. සමහර දේවල ලංකාවට ආවේ බොහොම මන්දගාමීව. විස්කි කියන මත්පැන් වර්ගය ඒ කාලේ සුඛෝපබෝගී භාණ්ඩයක්. ඉතිං බාර්/වයින් ස්ටෝර්ස් වල මේවා සුලභව තිබුණේ නෑ. කෙනෙකුට මුදලට ගන්න නැති තරම්. ඒ කාලේ ඉතිං බොහෝ දෙනෙක් කියපු මන්තරේ තමයි "කොටියා පොල් ගහ යට ඉන්නේ පොල් වීරයා - දාන් ලෑල්ල වගේ ඉන්නේ ගල් මාරයා" කියන නිහාල් නෙල්සන්ගේ ජනප්‍රිය ගීතය. මට මතකයි තැඹිලි පාට මූඩියක් තියෙන බෝතලයක් තාත්තලා ඒ කාලේ පාවිච්චි කළා. මම කරන්න ආවේ අරක්කු පිලිබඳ විග්‍රහයක් නොවෙන නිසා කියන්න ආපු කතාව කියන්නම්.

බැංකුවක සෙකන්ඩ් ඔෆිසර් කියන්නේ ඒ කාලේ බොහොම බලවත් චරිතයක්. දෙවෙනි නිලධාරියා අතේ තමයි බොහෝ ශාඛා වල පාළනය තිබුණේත්. ඒ කළමනාකාර තුමාට වඩා වැඩිමල් බොහොම අත්දැකීම සහිත අය මේ තනතුරේ හිටි නිසා. හරියට පොලීසියේ සාජන් මහත්මයා වගේ. බොහෝ නවක සේවකයා බොහොම බියක් දැක්වූවා මේ වගේ අයට. අපේ හිතවතා ගාමිණි මහත්මයා කොළඹ එක්තරා ශාඛාවක වැඩ කරන කාලේ, ඉතිං කොත්තමල්ලි පානයට වුණත් බොහොම  නවක සේවකයන් පෙළඹෙනවා බොහොම අඩුයි. ඒ වුණත් එහෙම නොවුනෙත් නෑ. ඒ කාලේ ඉතිං රටබීම බෝතලයක් කියන්නේ මහා අරුමයක්. 

දවසක් ඉහළ පෙළේ ගනුදෙනු කරුවෙක් බ්‍රවුන් පේපර් බෑග් එකක ඔතාගෙන යම් භාණ්ඩයක් මේ දෙවෙනි නිලධාරියාගේ මෙසේ උඩින් තියලා ගියාළු. එහෙම කළේ තමන්ගේ සුහදත්වය පෙන්වන්න. ගනුදෙනු කරුවා විශ්වාස කලේ ශාඛාවේ ඔහුත් සමග ගැටෙන අයවත් එකතු කරගෙන මේක දෙවෙනි නිලධාරියා අනුමත කරාවි කියලා. එහෙම වුණාම රස්තියාදුවක් නැතිව වැඩ කර ගන්න පුළුවන් නේ. ගනුදෙනු කරුවාට යන්න ඇරලා, දෙවෙනි මහත්තයා කෙලින්ම තමන්ගේ මෙසේ පිටිපස්සේ තිබෙන කබඩ් එකට මේ මාහැඟි වස්තුව ප්‍රවෙසමට යවලා. දැන් ඉතින් කට්ටිය සුදානමේ ඉන්නවා අද හවසට මේකෙන් අනුමත වෙන්න. ඒ නිසා බොහෝ දෙනා කලින්ම තමන්ගේ වැඩ කටයුතු එහෙමත් හමාර කරලා. මේක ලැබෙනවා දැකපු අය අනිත් අයව ඉතා වේගයෙන් දැනුවත් කලේ, හවසට වැඩ ඇරිලා තමන්ගේ පෙම්වතිය එක්ක ජෝඩු දාලා යන්න බලන් ඉන්න අයට එහෙම බොරුවක් ඇද බාලා වැඩේට සෙට් වෙන්න ඉඩකඩ සලසා ගන්න.

මුළු බ්‍රාන්ච් ඒකෙම ඉන්න පිරිමි කට්ටිය රට කොත්තමල්ලි වලින් සන්තර්පණය වෙන්න සුදානමින් ඉන්නකොට, තමන්ගේ කබඩ් එක ලොක් කරපු සෙකන්ඩ් ඔෆිසර් කඩිමුඩියේ මැනේජර් උන්නැහේගේ කාමරයට දුවනවා කව්රුත් බලාගෙන. බොහෝ දෙනෙක් විශ්වාස කලේ අද වැඩේ වේලාසනින්ම පටන් ගනී කියලා. මැනේජර් මහත්තයත් එක්ක සුළු මොහොතක් කතා කරලා, එලියට ආපු දෙවෙනියා බෑග් එක අතට ගන්නකොට කට්ටියට දවල් තරු පෙනුණා. 

"මම අද හදිසි වැඩකට ෂෝර්ට් ලීව් එකක් යනවා"

කියපු දෙවෙනියා හිමිං මාරු වෙන දිහා බොහෝ දෙනෙක් දත්කුරු කමින් බලාගෙන උන්නා. 

"මේ යකා අමු කුම්මැහියා. මේකා හදන්නේ අපිට නොදී මේක තනියම බොන්න" කෙනෙක් කිව්වා. ඒ කථාවත් බොරුවක් නොවෙන වග අත්දැකීමෙන් දන්නා කිහිප දෙනෙක්ම උන්නා. මේක අපිත් එක්ක බෙදා නොගෙන බිව්වොත් හොඳ පාඩමක් උගන්නමු කියලා කිහිප දෙනෙක් දිවුරුවා. දවස් කිහිපයක්ම මෙහෙම ගත වෙලා ගියත් සෙකන්ඩ් ඔෆිසර් කාරයා නෙවෙයි මේ ගැන කටක් ඇරලා කථා කලේ. දැන් කට්ටියට වැඩේ හොඳටම පැහැදිලියි. මේ අතරේ මේකට ඇහැ ගැහගෙන හිටිය කෙනෙක්‌, බෝතලේ ජොනී වෝකර් රෙඩ් ලේබල් ලීටරේ එකක් බවත්‍, ඊයේ හවස් කුඩා බෝතලයකට එයින් කොටසක්  පුරවා ගන්නවා තමන් දුටු බවත් අනෙක් අයටසැල කර සිටිනවා. දැන් නම් තමන්ට විස්කි රස බලන්න අවස්ථාව නොලැබෙන බව බොහෝ දෙනෙකුට වැටහී ගියා. 

මේ මනුස්සයා කොහේ ගියත් කබඩ් එක ලොක් කරනවා. උදේ ආපු ගමන් කබඩ් එක ඇරලා තමන්ට අවශ්‍ය දේ ගන්නා ඔහු, සැනෙකින් කබඩ් එකේ ඉබ්බා දමා වසා දමන්න වග බලා ගන්නවා. මෙයට වැඩේ දෙන්න සැලසුම් කරගෙන සිටි අය ඉතාම සෝදිසියෙන් හිටියේ, කොයි මොහොතක හෝ සෙකන්ඩ්  ඔෆිසර්ට මේ ලොක් කිරිල්ල අමතක වෙයි කියලා. එක දවසක්වත් හවසක  ප්‍රධාන කාර්යාලයෙන් ආපු දුරකථන ඇමතුමකට දුවගෙන යන දෙවෙනියා දුටු එක් අයෙක්‌ තමන්ගේ සැලසුම ක්‍රියාත්මකයි කරන්න ශාඛාවේ හත්වෙනි ශ්‍රේණියේ සේවකයාට පණිවුඩය දුන්නා. වහා දිව ආ පියන් උන්නැහේ කබඩ් එකේ සොයිබයේ එල්ලෙන ඉබ්බා ඉවත් කොට සමාන වෙනත් ඉබ්බෙක්‌ එය මත රැඳවූයේ වෙනසක් නොදැනෙන ආකාරයට. තවත් මිනිත්තු කිහිපයකින් තම අසුනට ආ දෙවෙනි නිලධාරියා සුපුරුදු පරිදි වැඩ අවසන් කර කුඩා කුප්පියට තමන්ගේ දෛයිනික විස්කි සලාකය පුරවා ගත්තා. ඔහු සැලසුම් කරගෙන සිටියේ මාස කිහිපයක් එසන්ස් කුප්පියකට පුරවා ගෙනගොස් මෙය භාවිතා කිරීමට. 

සූපුරුදු පරිදි හවස හතරයි හතලිස් පහට සෙකන්ඩ් ඔෆිසර් මහත්මයා පිටවී ගියා. වහා ක්‍රියාත්මක වූ පිරිස අවශ්‍ය අඩුම කුඩුම එක්රැස් කර ගත්තා. තම අත වූ යතුරෙන් පහසුවෙන් ඉබ්බා ඇරගත් පියන් වරයා, ඉතා සීරුවෙන් මේ මාහැඟි වස්තුව එලියට වැඩමවාගෙන ආවා. වෙනත් බෝතලයකට ඉතිරි වී තිබූ විස්කි තුණ්කාල හිස් කොට, මොහොතකට පෙර ගෙන ආ ගල් බෝතලයෙන් අදාල ප්‍රමාණය පුරවනු ලැබුවා. යලිත් ප්‍රවේශමෙන් බ්‍රවුන් පේපරේ කවරයේ දවටා විස්කි බෝතලය අදාල ස්ථානයේ ස්ථානගත කළා. ඉන්පසු සෙකන්ඩ් ඔෆිසර් මහතාගේ නියමිත ඉබ්බා දමා කබඩ් එක ලොක් කරනු ලැබුවා. කට්ටිය ඉතාම සහයෝගයනේ මේ තුන්කාල බෙදා හදාගෙන අනුමත වුණා. පහුවදා ඉඳලා කිසිම වෙනසක් නැතිව දෙවෙනියාත් සමග වැඩ කටයුතු කරන්නත් වග බලා ගත්තා.

ඉන් ටික කලකට පසු  දෙවෙනි නිලධාරියා ශාඛාවේ පාටියක් තිබෙන මොහොතක මෙවැනි ප්‍රකාශයක් කළා
"මල්ලි ඔය විස්කි තියෙනවා නේද, ආයේ අරක්කු වගේ නෙවෙයි කිසිම කරදරයක් නැති බීමක් තමයි. සුද්දෝ ඕවා හදලා තියෙන්නේ ගානට බීලා - ගානට සූර් වෙලා ඉන්න. අපේ අරක්කු වගේ බිව්වම ගඳ ගහනවා කියලද, පහුවදාට හිසේ රදේ කියලද, මේ කිසි කරදරයක් නෑනේ"
දන්න කට්ටිය මේ දෙකේ වෙනස ගැන පසුව අහුමුලු වලදී සාකච්ඡා වුණා.  

93 comments:

  1. ///මම කරන්න ආවේ අරක්කු පිලිබඳ විග්‍රහයක් නොවෙන නිසා කියන්න ආපු කතාව කියන්නම්.//

    මේ කොටස කියවන් එන ගමන්ම අපේ ප්‍රසන්න මහත්මයා, දේශක තුමා, නලින් මහත්මයා, පත්තර මල්ලි වගේ කට්ටිය කොමෙන්ට් එක ලෑස්ති කරගන්නවා....

    ඒත් ///දවසක් ඉහළ පෙළේ ගනුදෙනු කරුවෙක් බ්‍රවුන් පේපර් බෑග් එකක ඔතාගෙන යම් භාණ්ඩයක් මේ දෙවෙනි නිලධාරියාගේ මෙසේ උඩින් තියලා ගියාළු./// මෙතැනදී ආයෙම අවදානේ දෙනවා නියමෙට.. අලුත් කොමෙන්ට් එකක් හදනවා ඊට පස්සේ... :D

    හොද වැඩේ ලොක්කට කලේ.. පව් අහිංසකය

    අපේ ආර්ථිකේ විවුර්ථ කලාට මිනිස්සුන්ගේ මනස නම් විවුර්ථ වෙලා නැහැ තාමත්...

    ReplyDelete
    Replies
    1. මං නං මාත්තුරුකාව විතරි කියෙව්වෙ කමෙන්ට් එක් දැම්මා ඔන්න .:D

      Delete
    2. //අපේ ආර්ථිකේ විවුර්ථ කලාට මිනිස්සුන්ගේ මනස නම් විවුර්ථ වෙලා නැහැ තාම//

      මිනිස්සුංගෙ නෙමේ බං ගෑණුංගෙ, නැත්තං අරක්කු ඩිංගක් බොනවට මැරෙන්ඩ හදයියැ, අන්න අපේ එක්කෙනා.. මං ඕක දන්න හින්දා යාලු උන ගමං ඉස්සෙල්ලම මං කිව්වෙ ඕක !!! බුදු නංගියේ මේක නං නවත්‍තන්න කියන්න එපා කියලා.. අපේ නෑනෙ බං වංගු :D
      ඕ යේස් !!

      Delete
    3. තාම කමෙන්ට් ටික වැටුනේ නෑ.

      Delete
    4. //මිනිස්සුංගෙ නෙමේ බං ගෑණුංගෙ, නැත්තං අරක්කු ඩිංගක් බොනවට මැරෙන්ඩ හදයියැ// සහතික ඇත්ත පත්තරේ. හැබැයි අපේ ගෙදරත් ඕවට වලි නෑ. :D

      අනික අපි මුළු පෝස්ට් එකම කියවල මිසක්ක කොමෙන්ට් දාන්නෙ නෑ. මගදි හදාගන්න කොමෙන්ට් පස්සෙ වෙනස් කරන්නෙත් නෑ. :D

      Delete
    5. ඇත්ත....ඇත්ත....ඔව්වා හරිම පුජනීය දේවල්...
      ජප්පෝ කොටින්ම ඔසකේ බුද්ධ පුජාවටත් තියනවා

      Delete
  2. Planning නම් සුපිරි..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අම්මට බොල සුදීක අයියේ ඉන්ටරෙස්ටිං ටොපික් එකක් නොවැ.. කතකරමුකො දවසක් හරි.. :D

       ගල් ( DCSL ) ප්‍රඩක්ට් එකට මං හිතන්නේ නිසි වටිනාකම ලැබිල නෑ.. (රන්දෙණිගල මල ජරාව නෙමෙයි, තුක්..).. පුද්ගලිකව මට ගල් කියන්නෙ නොම්මර එකේ බීමක්.. අමාරුවෙන් හරි නීඩ් උගුරක් ගහන්න පුලුවන් අමාරු නැතුව ..ෂිවාස් රීගල් එකේ කොලිටි එකම දැනෙනවා මට නියම කලවං නැති ගල් වල...හැබැයි කාගිල්ස් වගේ තැනකින් ගන්න ඕන.. පහුවදා උදේට ඔලුව කැක්කුම් අරක මේක මොකුත් නෑ.. පොඩි වතුර තිබහක් එනවා ඒකට වතුර ටිකක් බිව්වාම හරි :D

      ගල් ඇවිල්ල නැති බැරි මිනිහා බොන ගාන අඩු දේශීය නිෂ්පාදනයක් නිසා පොඩි අවතක්සේරු කිරීමක් තියනවා.නමුත් ඒකෙ බ්ලෙන්ඩ් එකනං අති විශිශ්ටයි..මගේ ෆේවරිට්ම බ්‍රෑන්ඩ් එක..තව කෙනෙක්ට නොවෙන්න පුලුවං .. මෙහෙන් ගේන ඔය රෙඩ් ලේබල් වැට් බැලන්ටයින් අරව මේව අනිත් උන්ට දීල මගේ පාවිච්චිය ගල්..

      Delete
    2. පත්තර මල්ලි,
      මගෙත් ප්‍රියතම කිහිපයෙන් එකක් තමයි ගල්.
      ඔන්න අපි කට්ටියක් අපේ එකෙකුගෙ කමියුනිකේෂන් එකක සෙට් උනා කීප දවසක්. ඒ දවස්වල ගල් වලින් වෙන බ්‍රෑන්ඩ් 1කට මාරුවුනා ගඳ නැතිවෙන්න කියල. ඔන්න කට්ටිය බීල වීදුරු කූඩුවට වෙලා ඉන්නව. ගඳක් ඇත්තෙම නෑ. එක දවසක් කමියුනිකේෂන් එකේ එකාට වැඩ විඩියි කියල ඌ ආවෙ නෑ. අපි බීල ආව. ඌ අහනව තොපි මොනවද බිව්වෙ කියල. පට්ට ගඳයිලු! අපි බිව්වෙ වෙනද බීමම තමයි. ඔන්න ගඳ නැතිකරන්න ගිය හැටි. මොන බ්‍රෑන්ඩ් එක පාවිච්චි කලත් ගඳ යවන්න නං බෑ පුතෝ!

      Delete
    3. ජාතියේ පානය... ගල් (අති විශේෂ)

      Delete
    4. ඔය කාගීල්ස් එකෙන් වෙනම නියෝජිතයෙක් යනවළු DCSL එකට, එහෙම ගිහින් තෝරන් එනවා. පස්සේ DCSL එකෙත් වතුර දානවලු.

      Delete
    5. අති විශේෂ ගල් දිනවමු.

      Delete
    6. ඕ යේස් රාජ් අයියා.. උඹ කිව්ව වගේ අරක්කු වල ගංද නං යවන්න බෑ. ගල් වල පොඩ්ඩක් වැඩිද මන්දා බං.. ඒ වගෙද අමාරුවෙං හරිනඩට දාගත්තොත් :D

      අපි ගෙවල් වලට හොරෙන් බොන කාලෙ අතේ සල්ලිත් නෑ.. සමහරුන්න්ට ගඳ ගගා ගෙදර යන්න බෑ.. ඒ හින්දා ගඳ නෑ කියල බොන්නෙ ලෙමන් ජින් .සිගරට් මෙන්තෝල්.. අනේ මෙලෝ රහක් නෑ බං .. චැහ්.ස්ප්‍රයිට් බොනව වගේ..

      Delete
    7. සමහර අරක්කු ( ඕල්ඩ් රිසර්ව්ඩ් වගෙ ) JW රෙඩ් ලේබල් වලට නම් වෑඩිය ගොඩක් හොදයි

      Delete
    8. ඔය ගඳ නැති කරන්න එයාලට පුළුවන් උවමනානම්. සමහරු කියනවා කොලිටි ඒවා(ගල්) ගඳ නෑ කියල.

      Delete
    9. ප්‍රා ජේ මචං ..
      මමත් ඒක අනුමත කරනවා , ඕල්ඩ් රිසර්ව් / DD වගේ බඩු මට JW වලට වඩා සුපිරි. !!!

      Delete
    10. මචන් පියො ඇල්කොහොල් වල ඔය ගදවත් පාටවත් රසක්වත් නැ.එව ඔක්කොම පස්සෙ ඇඩ් කරන එව.

      Delete
    11. ඔය තියෙන්නේ දමි අයියා.. චැහ් .ඒ උනාට වතුර බොනව වගේ බොද්දිත් ගතියක් නෑ නේ බං .ගඳ හොඳා :D

      Delete
    12. අරක්කු නොබී, ඉස්ටෝබෙරි බබල් ගම් එකක් කාලා ආතල් ගන්න. හරී සුවඳයි. අරක්කු ගඳයි කියන එක නිකම්, අර බුදුන් ගඳින් පුදනවා කියනවා වගේ කතාවක්. මට නම් ගල් හරි සුවඳයි අප්පා...

      Delete
  4. මේකෙ හිත් ඇදගන්නාම කොටස තමයි ඉබ්බ මාරු කිරීමේ සිට බෝතලය ගැනීම දක්වා ප්ලෑන. මාස්ටර් ප්ලෑන් එකක්.

    ගලුයි විස්කියි අඳුරගන්න බැරි එකෙක්ද අරූ? එක්කෝ මිනිහ නොදන්න විදියට කිව්වද? ඒක ටිකක් ගැටළු සහිත තැනක්.

    ReplyDelete
    Replies
    1. සමහරවිට වැඩේ මාට්ටු නිසා ලැජ්ජාවට එහෙම කිව්වා වෙන්නත් පුළුවන්.

      Delete
  5. කන්ඩ තියෙන පැයේ කාල ඉන්ඩ ඕනෙ සුදීකයියෙ. මං යනව කන්ඩ. නැත්තම් කෑම පැය ඉවර වෙනවා. පරක්කු වුණොත් සුපවයිසර් කාරයාගෙන් බේරුමක් නෑ......කාල ඇවිත්ම කියවන්නම්

    ReplyDelete
    Replies
    1. මම දන්නවා උඹට තියෙන වැඩ.

      Delete
  6. මටත් මොනවටත් වඩා හොඳ හොඳ ගල් තමා. අර උඩිචිචි කලින්ම කොටල ගිහින්නේ අපි ගැන අදහසක්. ඒක ඒකිගේ මනාපේ. අපි නෑ ඕවට සැලෙන්නේ.
    මෙන්න මට මතක් වුණු කතාව. අපේ යාලුවෙක් ඉන්නවා බොන්නේ රම් විතරයි. දවසක් අපි ඉදල්ගස් හින්නේ ගහින් ස්ටේසමේ ලොක්කෙකුගේ ( ඌත් යාලුවා) ක්වාටස් එකේ සෙට් වුණා. තියෙන්නේ ගල්. දැන් හැමෝම බොනෙවා අර යාලුවා කියනවා රම් නැතුව වෙන මොනවත් බොන්නේ නෑ කියලා. ඔන්න ටික වෙලාවකින් අර ස්ටේෂන් එකේ ලොක්කා මට කියනවා මචං එම්ටි රම් බෝතලයක් තියනවා දෙමුද ගේමක් කියලා. අපිත් ඒක පයින්. අනේ ගල් බෝතලයක් කඩලා කාලට ටිකක් වැඩිවෙන්න අර බෝතලේට පුරවලා ස්ප්‍රයිට් ටිකකුත් දාලා අරු ගෙන්ත් දුන්නා මචං ගහපු කොටයක් තියෙන්නේ කියලා. මෙන්න මේකා බොනවා සුරරස් ගාලා.
    අන්තිමට කස්ටිය මූට කිව්වේ දෙන්නේ බුදුහාමුදුරු ටෝක් එත් බොන්නේ ගල් කියලා..... කොහොමද තත්ත්වේ ඉතින්

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න පුළුවන් මං හිතන්නෙ. ගල්+ස්ප්‍රයිට් රම් වලට ටිකක් ලඟින් යයි කියල හිතෙනව.

      Delete
    2. මෙහෙම තව වැඩක් මම දැක්කා. විස්කි ඉවර වුණාම ගල් වලින් බෝතලය පුරවලා මෙසේ උඩින් තිබ්බා, කට්ටිය කිසිම අවුලක් නැතිව ගත්තා.

      Delete
    3. ඔව් ඔව්. ගල් + ස්ප්‍රයිට් මාත් හිතනව රම් වලට ළඟින් යනව කියල..

      Delete
    4. යකෝ හරිනෙ බං
      ගල් වලට දාන ස්ප්‍රීතු බොහෝවිට මොලෑසස් (ඉක්ෂුපාක) වලින් හදපුවනෙ.
      ඉතිං sugar based alcohol නම් Rum තමා.
      ඔය සීනි හදන කියුබාවෙ, පුවර්ටෝ රිකෝ, ජැමෙයිකා වල හෙම නෙ රම් හදන්නෙ. බකාඩි, කැප්ටන් මෝගන්, රෙඩ් හාට් එහෙම.
      කැරිබියන් මුහුදු කොල්ලකාරයන්ගෙ පානය...
      මතකද?
      'මළහුගෙ පෙට්ටිය මත පසළොස් දෙන .....
      හා..හා.. හා.. හා.. ටම් බෝතලයක්....'
      හර්ෂ

      Delete
    5. මේ අපේ හර්ෂද ?

      Delete
    6. SUGAR CANEවලින් හදන ඇල්කොහොල් වලින් ප්‍රධානම එකක් තමයි රම්. WHITE RUMසහ DARK RUM තියෙනවානේ. මට මේ බොහොමයක් ඒවා බොන්න ලැබිලා තියෙනවා. තව තියෙනවා OVER PROOF රම්. 60% ඉඳන් ඉහලට තමයි ඒවා නිපදවන්නේ. WRAY & NEPHEW කියලා එක බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒක හරි ප්‍රසිද්ධයි. ජැමෙයිකන් බුවාලා ගහනවා. මාත් කාලයක් ගැහුවා. උගුර කට පිච්චිලා යන්නේ ඇතුලට නීට් ගැහුවොත්.

      Delete
    7. @ අරු..
      ඔවු මටත්.
      අර ලුණුත් එක්ක බොන ටිකිලා කොහොමද ?
      හර්ෂ

      Delete
    8. @ හර්ෂ......උඹ දන්නවා ඇතිනේ ටිකිලා හදන්නේ කැක්ටස් වර්ගයක් බේස් කරගෙන කියලා. මේවා ගැනත් ගොඩාක් දේ ලියන්න ආසයි මේ මගේ විෂය නිසා. අවුල ලෙහුවාට පස්සේ අපි කෑම බීම සහ ඊට අදාල කර්මාන්ත ගැන ලියමු.

      Delete
    9. @අරූ: දවසක් ට්‍රිප් එකක් ගිය වෙලාවක් කට්ටිය විස්කි වලින් නද වෙලා. බොන්න මදි වෙලා හොයනකොට කෙනෙක් පරිත්‍යාගයක් වශයෙන් දුන්නා වොඩ්කා එකක්. ඒක බිව්වා විතරයි කට්ටියගේ ඩෝප් බැස්සා.

      පස්සේ Fox Traveller චැනල් එකේ කොක්ටේල් හදන ප්‍රෝග්‍රෑම් එකකදී බාර්මන් කෙනෙක් කිව්වා "Alcohol kills alcohol" කියලා. මට හිතෙන්නේ අපේ කට්ටියට වුණෙත් ඔන්න ඕකයි.

      Delete
    10. @ අරු...
      අන්න වැඩේ.
      දෙමු නියමෙට.
      හර්ෂ

      Delete
  7. අපේ සැට් එකක් ඉන්නව පටන් ගන්නෙ වොඩ්ක වලිං ඉවර වෙන්නෙ ගල් වලිං ඒ තරං ගල් කියන්නෙ ජාතික පානයක් වෙලා... මොකද ඇහුවාම කියන්නෙ මොනා බීවත් අන්තිමට ගල් සොටක් වැටුන්නැත්තං බීවෙ නෑ වගේලු..

    කාට කියන්නද

    ReplyDelete
    Replies
    1. රුසියාවට වොඩ්කා නම් ලංකාවට ගල්.

      Delete
  8. හැබැයි මට ඔන්න ප්‍රශ්නයක් ආවා. ලොක්කා අරෙහෙම කීවේ ඇයි? එයා විස්කි වෙනුවට ගල්? බෝතලයක් තියලා තිබ්බාවත්ද?

    පව් අහිංසකයා...මම කීවේ ලොක්කා...:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිත් දන්නා දේවල්

      Delete
  9. අපේ ගෙදරක ගේට්ටුවක වුනත් මේ වගේ වැඩක් වෙන්න පුළුවන්. මේ වගේ ගේම් දෙන්න ගණදෙවි නුවණ පහල වෙන අය ඉන්නවානේ.

    ReplyDelete
  10. දැන් ඔක්කොම කතා කරන්නෙ විස්කි ගැනයි ගල් ගැනයි. තව ටිකක් වෙලා යද්දී කසිප්පු ගැන කතා කරාවි......තේරුම් ගනිත්වා කොයි කවුරු කවුරුත් සුදීකයියා කියනුඩ හදපු එකේ තේරුම....මහා භයානක දෙයක් ඕං.....

    ReplyDelete
    Replies
    1. සුදික කියන්න හදලා තියෙන්නේ දොර ලොක්කරන්න කලින් දාලා තියෙන්නේ තමන්ගේ ඉබ්බමද කියලා හරියට චෙක් කොරලා ඉන්න කියන එකනේ

      Delete
    2. මම කියන්නේ ඉබ්බා ඇරලා තියන්නේ නැතිව, කොයි වෙලාවෙත් ලොක් කරන්න කියලා.

      Delete
  11. සිරාම ප්ලෑන් එකක්නෙ සුධීක අයියෙ. ඉබ්බා මාරු කරලා ඇතුළෙ බඩු ටිකත් මාරු කරනකම්ම පුදුම ගේමක්නෙ දීලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේවා ඔලුවට එන එවුන් මාර මොළ කාරයෝ.

      Delete
  12. අම්මප මේ බැංකු වලත් ඉන්නෙ මාර ගේම් කාරයොනෙ බලාගෙන යනකොට.

    ඔය ඉබ්බ අරන් ගියා කියලනං කාටවත් වැඩක් වෙන්නෙ නෑ යතුර ළඟ නැති හින්ද. ඒත් ඇතුලෙ ඉන්න එකා ඇතුලටම දාල ලොක් කරල යන වැඩේනං වෙන්න පුුළුවං.

    ReplyDelete
  13. මං නම් බ්ලූ ලේබල් නැත්තම් කටේ තියන්නේ නෑ. ඔය ඉබා මාරු කරපු එක අපි කළා ඉස්කෝලේ පිට්ටනියේ ගේට්ටුවට ,සික්කා අපිට හයෙන් පස්සේ ඉන්න දෙන්නේ නැති නිසා

    ReplyDelete
    Replies
    1. හිස් බෝතලයක් හොයලා දුන්නොත් සලකලා බලන්න පුළුවන්.

      Delete
  14. හොද වැඞේ ලෝක්කාට. නියම සැට් එක

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ ලොභයාගේ දේ කූඹියා කනවා කියලා.

      Delete
    2. අයියන්ඞි අපේ office එකේ Audit room එකේ key එක guard room එකේන් ගන්න බාර දෙන්න authorized තියෙනනේ මටයි QA manager ටයි විතරයි කොටින්ම අතවශම කාරනයකට ඇරෙන්න operation manager වත් එන්නේ නැ. කාරනය මෙිකයි ඊයේ රෑ ගෙදර ගිහින් කල්පනා වුනේ මමත් ඉබ්බා ඇරලා එහමම තියනවා හවසට වහන්න ලෙහෙසියට. අද ඉදලා ආයනම් එහම කරන්නේ නැ. ඔයා මාව ලොකු අනතුරකින් බෙිර ගත්ත කියලා හිතෙනවා. ස්තුතියි...ස්තුතියි අයියන්ඞි. ( Audit room එකේන් ඇතුල් වුනාහම factory එකේ ඔිනම තැනකට යන්න පුලුවන්, එකේ තියන Approved Sample එකක් නැති වුනෙත් $ ලක්ෂ ගානක shipment එකක් නවතින්න පුලුවන්)

      Delete
    3. මම හිතුවා කවුරු හරි කෙනෙක් මේකෙන් ප්‍රයෝජනයක් ගනී කියලා.

      Delete
  15. මරු කතාව සුදීක අයියේ..

    ReplyDelete
    Replies
    1. මේවා මතක තියා ගන්න ඕනේ.

      Delete
  16. විස්කි බිව්වා කියන්න ඔනම නම් රෙඩ්ලේබල් ගැහුවට කමක් නෑ. පහුවදාට හෙඩේක් සුවර් !.

    ReplyDelete
    Replies
    1. රෙඩ් ලේබල් කියන්නේ ස්කොට්ලන්තේ ගල් අරක්කු කියලා කතාවක් මම අහලා තියෙනවා.

      Delete
    2. ඇත්ත වෙන්න ඇති. කෙසේ වුනත් රෙඩ් ලේබල් කියන්නේ නම් අන්තිම ජරාවක්. ඊට වඩා ලාබ හොඳ විස්කි තියෙනවා ප්‍රසිද්ධ නැති. ඔය නාවිකයො එහෙම බොන්නෙ. Clansman, Clan McGregor, Old Mull, Claymore වගේ

      Delete
    3. ඊට හපන් ඇනෝ ඒකෙ තියෙන මකුණු ගඳ .

      Delete
    4. උඹලා දන්නවාද එංගලන්තේ අඩුවෙන්ම විකිණෙන බ්‍රෑන්ඩ් එකක් තමයි ඔය ජොනි වෝකර් රෙඩ්. ෆේමස් ග්‍රවුස් තමයි ටොප් බ්‍රෑන්ඩ් එක ස්කොච් විස්කිවලින්. මම ඔය ෆැක්ටරියට ගියා ස්කොට්ලන්ඩ්වල. අත්දැකීමක් හොඳ. ඔය ඇනෝ කියන බ්‍රෑන්ඩ්ස් මිඩ්ල් ඊස්ට්වල ඉන්නකොට අපි ගහනවා. කරදරයක් නැති බ්‍රෑන්ඩ්ස්.

      Delete
    5. අරූ,
      මගේ ඥාතියෙක් ඉන්නව උඹ ඉන්න රටේ. මට ගෙනත් දුන්න ෆේමස් ග්‍රව්ස් එකක්. අවුරුද්දකට වැඩියි තාම බිව්වෙ නෑ බං.

      Delete
    6. මචං රාජ්.......ෆේමස් ග්‍රවුස් හොඳ සහ අෆෝර්ඩබල් විස්කි එකක්. ඔය ෆැක්ට්‍රි එක සහ ඒ ගැන විස්තරයක් පස්සේ මම ලියන්නම්. මෙහේ ලංකාවේ අය නම් ආදරේට කියන්නේ කුරුල්ලෙක් ගහමුද කියලා.

      Delete
    7. මගේ නම් ප්‍රියතම Jack Daniels...

      Delete
  17. ප්ලෑනත් සුපිරි ලිවිල්ලත් සුපිරි...

    මගෙත් ජාතික පානය ගල් තමා...හැබැයි අපේ සෙට් එක මෙහ දවස් වල නම් ජාතිය මරු කරලා Rockland Red එකට එකත් මරු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ආචාර්ය තුමා.

      Delete
    2. මෙන්ඩිස් ගල් එක බීලා නැද්ද...ආර්ථිකේ අන්තිම පිච්චියට ගිය දවස් වලට අපි ගැහුවෙ මෙන්ඩිස් ගල්...

      Delete
  18. ගල් කියන නම ආවේ ගල් ඔය අරක්කු නිසා බව කවුරුත් දන්නවා ඇතිනේ. කාටවත් මතකද ගල් ඉස්සෙල්ලාම ආවේ දුඹුරු පාට බෝතලයක කියලා. 1970 ගණන්වල.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ. මිල රු 8.30 යි. කොහොමද ටිකිරි මොලේ?

      Delete
    2. මට මතක අපේ තාත්තලා තැඹිලි පාට මූඩිය තියෙන ඒවා බොනවා.

      Delete
    3. මම හිතුවා විචාරක දන්නවා ඇති කියලා. ගාන දැම්මාට ස්තූතියි. සුදීක කියන මූඩියත් මතකයි.

      Delete
    4. කොටිය පොල්ගහ යට ඉන්නේ පොල් වීරයා...
      දාන් ලෑල්ල වගේ ඉන්නව ගල් මාරයා....
      ලේබල් එක දාන් ලෑල්ල වගේ නේද ?
      පොඩි සිද්ධියක් මතක් වුනා..
      ජාති ආල දවසෙදි දෙහිවල වයින් ෂොප් එකක් කඩපු මිනිස්සු ඒකට ඉඩදීල බලාගෙන හිටපු ආමිකාරයන්ට වෙරිපිට වැඳල කිවුව.
      "සර්ල නිසා අද පූසො දෙන්නත් බිවුව." කියල.
      බැලින්නම් මුන් බීල තියෙන්නෙ Black & White . ලේබලේ ඉන්න terriers ල පෙනිල තියෙන්නෙ පූසො වගේ.

      හර්ෂ

      Delete
  19. බීම ගැනනම් අපි දන්නේ නෑ.. අපි අමද්‍යප සංගමේ හන්දා..

    ඉබ්බා මාරු කල වැඩේ නම් නියමයි.. අපිත් වතාවක් ඉස්කෝලේ ස්පෝර්ට්ස් රූම් එකේ ඉබ්බා මාරු කරලා පොඩි ජිල්මාට් එකක් දුන්නා..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හරි අමතක වුණොත් ගස් යන නිසා පරිස්සමට කරන්න ඕනේ.

      Delete
  20. ඔය වගේ දෙවැනි නිලධාරින් නං අපි දවසක් වත් තියාගන්නේ නෑ. කොමඩ් එකේ ඔබනවා ඕකගේ අරක එහෙනං.. හැක්..

    ReplyDelete
    Replies
    1. මෙහෙම අය ඉන්නේ කලාතුරකින්. වැඩිය කට්ටිය එක්ක සෙට් නොවෙන පොරක් වෙන්න ඕනේ.

      Delete
  21. ඇත්තටම මම ගල් බොන්නේ නැහැ. ඒක හමුදා ජීවිතයෙන් ලද පුරුද්දක්.

    බාර් එකකට ආව යාළුවො දෙන්නේකුගෙන් එකෙක් අනිකට කියනවලු 'පලවෙනි උගුර දාගන්න එක තමයි අමාරු මචං' කියලා. ඒ වෙලාවේ හොඳට 'නකතං' වෙන්න වැදිලා බාර් එකේ හිටිය මිනිහෙක් කියනවලු, 'ඉතිං ඕයි දෙවෙනි උගුරෙන් පටන් ගන්නවකො' කියලා.

    ReplyDelete
    Replies
    1. අම්මපා පලවෙනි උගුරා යාළුවාට දීලා(දෙන්නම) බිව්වා නම් හරි.

      Delete
    2. විනය නම් මම දන්නෙ නෑ විචාරක තුමා...නමුත් මා දන්නා විදියට ගල් වලට දුප්පත් පෝසත් ආදායම් භේද නෑ...මා මුලින්ම රැකියාව කල ආයතනය කොළඹ ප්‍රධාන පෙලේ නීතිඥයකුට අයත් එකක්...ඒ අයගෙ විනෝද චාරිකා වල ගියේ ලක්ෂ ගනනින් මුදල් උපයන නීතිඥයො...නමුත් සෙට් වෙන්න ගෙනියන්නෙ වර්ග 3 යි. කලු සහ රතු ලේබල් සමග ගල්....

      Delete
    3. මේක කිව්වම මට අප්පච්චි කිව්ව පරන කතවක් මතක් උනා.
      නුවරළියට කිට්ටුව හිටිය අපිට පොඩි කාලේ අයිස් සීතල වතුර නාන එක කම්මැලි වැඩක්. පළවෙනි වතුර බාල්දිය දාගන්නකම් තම අවුල. ඒක නිස අප්පච්චි කියල තිබ්බෙ පළවෙනි වතුර බාල්දිය නාන්නේ නැතිව දෙවනි බාල්දියෙ ඉදන් නාන්න කියල.
      :-D
      අපිත් ඒ විදිහටම කරා

      Delete
  22. බ්ලොග් අවකාශයේ බේබදු අවකාශය.
    Members Only.

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියා බීමට තිත තිබ්බෙ කවදද බොලේ...

      Delete
  23. යකෝ බැංකුවල උන් දෙන ගේම් සුදිකයියේ,ඔන්න ඕක තමයි මන්තුමා ඔවයේ සල්ලි දාන්නේ නැත්තේ.සල්ලි බැංකුවේ දාන්නත් බයයි නොවැ මේවා දැක්කාම...:D

    ReplyDelete
    Replies
    1. මල්ලි සල්ලි දාගන්නේ එයාගේ කබඩ් එකේ නෙවෙයි, සේප්පුවේ.

      Delete
  24. හොද වැඩෙ අරකට.අපිත් එක සැරයක් හොස්ටල් ඉන්නකොට සින්නෙක්ගෙන් හම්බවුන විස්කියකින් පටන් අරන් ගල්වලට ගිහින් දන්කොටුව ස්පෙශල් වලින් නැවත්තුව.

    ReplyDelete
    Replies
    1. කැම්පස් වලටනම් ඉතිං මොකක් ගෙනිච්චත් වාෂ්ප වෙනවනේ.

      Delete
  25. Ayyooooo wiski ....... kamak na e karapu wadeth narakama na.

    ReplyDelete
  26. http://www.coolhunting.com/food-drink/monkey-shoulder.php

    ReplyDelete
  27. මිනිහට ගල් රසයේ වෙනස දැනිලා නැද්ද...එහෙනං ෂුවර් එකටම බීලා බීලා දිවේ රස අංකුර මැළවිලා...

    ReplyDelete
  28. චියා.... අපිනන් ඕවට නැහැ >> :/

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...