Sunday, April 13, 2014

ලොල්ද මන්දා අංක 13 : හතියට ප්‍රත්‍යක්‍ෂ ඖශධයක් ......

ඇවිද්ද පය ආරම්භ කරපු දවසේ ඉඳන් මේ වෙනකම් සතියක් එක දිගට පොස්ට් එකක් නොදා ඉඳලා නෑ. එහෙම ඉන්න වුණේ පහුගිය ටිකේ ගත වෙච්ච අවිවේකී කාලසටහන නිසා. අනෙක මේ දවස් වල තියෙන රස්නය නිසාත්, ගෙදර එනවිට තෙහෙට්ටු ගතිය නිසා ඉක්මනින් නින්දට යනවා. බොහෝ ලෙඩ රෝග වලට හොඳම ප්‍රතිකාර ආහාර කියලා කියන උදවියත් ඉන්නවා. කොහොමත් පෙන්තකොස්ත වගේ ආගමික නිකායන් අදහන අය ලෙඩට ප්‍රතිකාර ගන්නේ නෑ. නමුත් මා දන්නා කෙනෙකුට අසාධ්‍ය තත්වයේදී බෙහෙත් ගන්න සිද්ධ වුණා. ආහාර මගින් ලෙඩ රෝග පාළනය කර ගන්න පුළුවන් කියන එක එක්තරා දුරකට සත්‍යයක්. තමාට පත්‍ය/අපත්‍ය ආහාර වර්ග හඳුනා ගැනීමෙන් මෙය කරන්න පුළුවන්. ඒත් හතිය වගේ ක්ෂණිකව උත්සන්න වන රෝගයකට ප්‍රතිකාර නොකර සිටීම ඒ තරම් ඥානාන්විත ක්‍රියාවක් කියා කියන්න බෑ. 

නිතරම තමා අහාර මගින් ලෙඩ රෝග අඩු කරගන්නා බව දොඩවන මගේ මිත්‍රයෙක් ඉන්නවා. මිනිහා මේක අඩුම තරමේ දවසකට දෙතුන් වතාවක් වත් රාව ප්‍රතිරාව කරන කරුණක්. වැඩේ තියෙන්නේ ඌට ඉහෙන් බහින රෝගයක් නැති එක. 
"කවුද දන්නේ මේකා හොරෙන් බෙහෙත් බොනවද ? නැත්නම් විටමින් ජාති ගන්නවද ? කියලා"
මේ වගේ සංවාද ඇති වෙන්නේ අවුරුද්දකට තියෙන අසනීප නිවාඩු හෝ මෙඩිකල් ක්ලේම් එකක් වත් කිසිදා නොදාන මේ හාදයා නිසා කටඋත්තර නැති වෙච්ච  අපේ යාළුවො සෙට් එක. අපි මේ යකාගේ ගෙදරටත් කෝල් කරලා බැලුවා, ඒත් කිසිම ලෙඩකට පැනඩෝල් පෙත්තක්, සමහන් එකක් ගන්නේ නැති බව ගෙදරිනුත් තහවුරු කරා. අන්තිමේදී බැරිම තැන අපි කියන්න ගත්තේ 
"මොකක්ද මේ කරච්චලේ බං හැමදාම ? අපිට දැන් ඔය කතාව අහලා ඇති වෙලා තියෙන්නේ. උඹ බොන්නේ නැත්නම් නොබී හිටපන්. අපි නම් ලෙඩට දුකට බෙහෙත් බොනවා"
"යකෝ, උඹලා වගේ ගොන් හරක් සෙට් එකක්. උඹලට ඉතිං හොඳයි බැංකුවෙන් මෙඩිකල් ක්ලෙම් කරන්න දීලා තියෙන නිසා. දොස්තරලා නම් කැමති වෙයි උඹලා වගේ අයට"

අපි කල්පනා කලේ, මේකා ගෑනියෙක් වත් වුණා නම් කියලා. එහෙම වුණා නම් ළමයෙක් හම්බ වෙන්න ගියාම වත් ඉතින් ඉස්පිරිතාලේ බඩ ගාන්න වෙනවා නේ. අනිත් එක ෆෝලික් ඇසිඩ් ගන්න වෙනවානේ. මෙහම ඉන්න අතරේ දවසක් උදේ නාහේ දක්වා දාඩිය පොල්ලක් දාගෙන මූ කඩාගෙන එනවා.
"මල්ලී උඹලට මේ පාරනම් ගැලවිල්ලක් නෑ. ඔන්න දොස්තරලා හොයාගෙන තියෙනවා හතියට නියම බෙහෙතක්. පුලුවන්නම් කියාපල්ලා?"
"අනේ අපි දන්නා බෙහෙතක් නෑ. නිකං පච කෙලින්නේ නැතිව හිටපං බං" එහෙම කිව්වේ මේකාගේ ජෝක් අහලා ඇතිවෙච්ච අපේ සගයෙක්.
"හරි උඹලට බැරි නම් මම කියන්නම්. අන්තිමට බෙහෙත හොයාගෙන තියෙන්නේ හතියට"
"හතියට ? මොන පිස්සු දොස්තරද බං එහෙම කියන්නේ ? අනික උන්ට හම්බෙන ගතමන්ට් එක නැති කර ගන්න කවුද කැමති වෙන්නේ? ඉස්සර නං මිනිස්සු කොටි බෙල්ල හරි කිඹුල් මස් හරි කනවලු. දැන් උඹ අලුතෙන් හොයා ගත්තෙත් ඔය දෙකමද ?"
"ඒවා අපි දන්නේ නෑ මල්ලි. ඒ වුණාට හෝටල්/රෙස්ටුරන්ට් කාරයෝ නම් මේකෙන් හොඳ ගානක් හොයා ගන්නවා"
"හරි මොකක්ද දැන් උඹ කියන මහා ලොකු කෑම හතිය ලෙඩාට හොඳ ?"
"කොත්තු"
"ඇත්තටම බං බලපන් උඹේ ඔලුවේ අන්තට්ටුවක් එනවද කියලා? යකෝ කොත්තු වලට බිත්තර දානවා. බිත්තර කනකොට සෙම එනවා. හතිය කාරයෙක් සතියක් කොත්තු කෑවොත්, මල් ශාලා කාරයන්ට නම් හොඳ වෙයි"
"අනේ බං, පොඩ්ඩක් පාරේ යත්දී සෝදිසියෙන් වටපිට බලපල්ලා හැමතැනම දැන් තියෙනවා වීස් කොත්තු කියලා බෝඩ් වල ගහලා"
"වීස් කොත්තු"
"ඔව්.ඔව්. බං වීස් කොත්තු"
 ඔයාලත් ටිකක් විමසිල්ලෙන් බලන්න වීස් කොත්තු කියලා බෝඩ් වල ගහලා තියෙනවා. හැබැයි හැම කඩේම නෙවෙයි. සමහර ඒවායේ. මම දැකලා තියෙනවා ඒ කොත්තු වලට මෙන්න මේවා  දානවා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පින්තූරය ගත්තේ : www.sodahead.com

55 comments:

  1. හිකිස්. ඔහොම ජීවත් වෙන අය එක්තරා ආකාරයකට හිරේ දාලා වගේ මට පේන්නේ. අපේ නැන්දා කෙනෙක් ඉන්නවා. ෆෘට් සැලඩ් එකකටවත් සීනී දාන්නෑ සීනි කියලා. හැබැයි අයිස් ක්‍රීම් කනවා නෙවෙයි නානවා. කිතුල් හකුරු කියලා විකුනන සීනි හකුරු වාශ්පයි

    ReplyDelete
    Replies
    1. එක අතකට එහෙම හරි පාලනය වෙන එක හොඳයි.

      Delete
  2. ආපෝ ආහාර වලින් ලෙඩ අඩු කිරීම… අපිටනම් කරන්නම බැරිදේ…… :)

    සුබ නව වසරක් වේවා……!!

    ReplyDelete
    Replies
    1. ආහාර වලින් බැරි නම් ව්‍යායාම කරන්න.

      සුබ නව වසරක් ඔයාටත් !!!

      Delete
  3. හපොයි දෙයියනේ මාත් ඔය වීස් කොත්තුවනම් කාලා තියෙනවා ඕක කන්න හොදම තැන තමා බම්බලපිටියෙ පිලාස්වුඩ් එක අපෙත් නැන්දා කෙනෙක් හිටියා එයත් කියන්නෙ මම ජීවිතේට ලෙඩකට බේත් බීලා නෑ කියලා ඒත් එයාගෙ අන්තිම කාලේ එයාට බේත් බොන්න උනා

    ReplyDelete
    Replies
    1. තව ඩොල්පින් කියලා ජාතියකුත් තියෙනවා. අපේ ඔෆිස් එකේ පොරක් කිව්වා ඩොල්පින් මාළු දාලද දන්නෑ ගහන්නේ කියල.

      Delete
  4. හහා... වීස් කොත්තු...!! නියම බෙහෙත..

    ReplyDelete
    Replies
    1. කාලම තමයි බලන්න ඕනේ.

      Delete
  5. කෑම පාලනයනං කොහොමත් කරන්න බැරි වැඩක්.
    අඩේ චීස් කොත්තුත් නරකම නෑ එහෙනං. හැබැයි පහුගිය කාලෙ ලක්ස්ප්‍රේ එකේ තිබිල කල් පැනපු හැපිකවු චීස් හම්බඋනා නේද. මේ ඒවද දන්නෑ. :D

    ReplyDelete
    Replies
    1. //ලක්ස්ප්‍රේ එකේ තිබිල කල් පැනපු හැපිකවු චීස් හම්බඋනා නේද//

      පැකට් එක ඇතුලේ ?

      Delete
    2. පැකට් එක ඇතුලට දාලා නිකං දෙයිද කල් පැනපු එකක්වත්

      Delete
    3. මචං ඔය ලස්ප්රේ කාරයා තමයි හැපිකව් විකුනන්නෙත්

      Delete
    4. හැපිකවු ලංකාවට ගෙන්නන්නෙ සැටසන් එකෙන්. ඒත් සබ් ඩිස්ට්‍රිබියුටර්ල විදියට ලක්ස්ප්‍රේ එක වැඩ කරනව.

      Delete
  6. මල බද්දයට හොදම බෙහෙතනම් කොත්තුම තමයි

    ReplyDelete
    Replies
    1. මේක කිව්වම මාරු කතාවක් මතක් වුණා. එකතරා සෞක්‍ය ප්‍රශ්න පත්‍රයක මල බද්ධයට විසඳුමක් ලියන්න තිබිලා. කොල්ලෙක් ලියලා "අදාළ ස්ථානය වැලිකඩදාසියකින් සූරා ඇන්ටි කොරෝසිව් වර්ගයේ තීන්ත ආලේප කරන්න" කියලා.

      Delete
  7. ඉස්සර අපේ ඔ‍ෆිස් එකේ පොරක් හිටියා, පොර උන ගත්තම කාගෙන කාගෙන යනවා, මාර කෑමක්. පොර කියන්නේ වැඩියෙන් කෑවම නිකන්ම හොඳ වෙනවා කියලා..

    ReplyDelete
    Replies
    1. අපේ මාරයාගේත් විසදුම ඕකම තමයි.

      Delete
  8. මම නම් කිසි දෙයක් පාලනය කරන්නෑ එත් අසනීපයක් හැදුන කාලයක්වත් මතක නැ. වෙලාවකට හිතෙනවා ඔය උණක් වගේ දෙයක් හැදිලා ඇඳට වෙලා ගෙදර මිනිස්සුන්ගෙන් සාත්තු සප්පායම් කරගන්න තියේනම් කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම තොරන්නතිව කනකොට අවශ්‍ය පෝෂණය නිකංම එනවා.

      Delete
  9. ගල් කාලත් නොම්මර එකේ බෙහතක් තමයි. අපේ ළොකු තාත්තා දවල් කෑමට පෙර හැමදාම බ්‍රැන්ඩි 50 ක් ගැහුවා. මැරෙණකන් ලෙඩක් තිබුනේ නෑ ආයිබෝවන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඒ හින්දම තමයි මෙහෙට එන මගේ යාලුවන්ට මම ලබන සතියෙ ගල් බෝතලයක් අරන් වරෙව් කියලා කිව්වෙ...

      Delete
    2. මමත් නං ගෙනාවා.. :D

      Delete
    3. හෙක් ... හෙක්... හෙක්...

      Delete
  10. හැබැයි ඔය කතාව ඇත්ත...

    සුදීකටත්, පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!!!

    අවුරුදු දවස් ටිකේ නම් ඇතිවෙනකල් කන්ට හොඳේ ...:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිටත් සුබ නව වසරක් වේවා !!!

      Delete
  11. චීස් කොත්තු ...... කොත්තුමි වගේ දයියයිද....?

    ReplyDelete
    Replies
    1. ඕනේ නම් කියලා දයියා කර ගන්න පුළුවන්.

      Delete
  12. ලංකාවෙ චීස් කන්නෙ පරිස්සමින්...ඔස්ට්‍රේලියාව වගේ රටවල කල් ඉකුත් වෙන්න මාස දෙකකට පමණ කලියෙන් සියලුම තොග ඉවත් කරනවලු...අන්න ඒවා අඩු මිළට අපේ වතේ තෙවැනි ලෝකයේ රටවල ගොඩගැහෙන බවක් මම කාලයකට කලියෙන් ඇහුවා...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිස්සු ටිකක් විතර කල් ඉකුත් වීමේ දිනය බලනවා. හැබැයි බාර් වල වගේ තැන් වලට, මේ වීස් කොත්තු වලට දාන්න ගත්තොත් නම්, ඒ වගේ ඒවාටත් මාකට් එකක් තියෙනවා.

      Delete
  13. වීස් එක අඩු වුනා කියමුකෝ කොලොස්ටරෝල් වැඩි වෙයිද මන්ද??? :P
    සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  14. හරි හරි කියනවනම් කාලා බලන්නම් හැබැයි බඩේ අමාරුවක් එහෙම හැදුනොත් කෙලිම්ම යන්නේ සුදීක වෙදා හොයාගෙන.

    ReplyDelete
    Replies
    1. හමුදාවේ කට්ටියට ඕවා ඔරොත්තු දෙනවා නේද ?

      Delete
  15. වීස් කොත්තු අර "ෆ්ලයි වූඩ්" වගේ තමයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .... ඕගොල්ලෝ තමයි ඕවා පාවිච්චි කරන්න, උස බිල්ඩින් උඩට යන්න.

      Delete
  16. ගොඩක් අය චිස් කොත්තු වලට චීස් කුඩු වෙනුවට දාන්නේ ඕක කියලා මාත් දැකලම තියෙනවා..

    කෑම පාලනේ නම් ඉතින් කොහෙත්තම වෙන දෙයක් නෙමෙයිනේ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. මේවා වුනත් මොකෝ හොඳ ඒවා දානවානම්.

      Delete
    2. ඕවා දානවා මම දැකල තියෙනවා. වැඩේ තියෙන්නේ ඕවත් නොදා ඉන්න එකනේ.

      Delete
  17. චීස් කොත්තු වැඩක් නෑ සුදීක නම විතරයි චීස් දාන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇහුවොත් කියයි මාළු පාන් වල මාළුත් නෑ කියලා.

      Delete
  18. හයියෝ සල්ලි කිව්වලු.. ඒ කෙසේ වෙතත් මේ පොස්ට් එක දැකල මට කොත්තුවක් කන්න ආසාවක් ආව.. මේ දවස් වල ඔයාලගේ ලෝකේ කඩවල් ඇරලද දන්නේ නෑ කොත්තු හදන නේද? එකක් ඩිලිවර් කරගන්න බැරි වෙයිද මෙහෙට? වීස් කොත්තුවක් නම් වඩා හොඳයි...
    සු දී ක අයියට සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ආ අඟහරු වල නැද්ද ? මොනවා කරන්නද දුර වැඩියිනේ.

      සුබ අලුත් අවුරුද්දක් මල්ලි !!!!

      Delete
  19. අනේ මන්දා සුදීක...මම නම් එක වේලක් හොම්බෙන් යන්න කනවා. එවෙලෙට කරවල නම් තියෙන්නේ ..වයිෆ් බිත්තරයක් හරි තම්බලා දෙනවා ඒ එක්කම හිතට හරි නැති නිසා....මම වෙජිටේරියන් වෙලත් හිටියා මාස ගානක් නිකම් ට්‍රයි එකක් දෙන්න. ඔය දෙකම එකයි බන්..කෑම එන්ජෝයි කරන එකයි..විහාර වගේ ගිලින එකයි කියන්නේ දෙකක් කියලා තේරුම ගත්තනම් ඇති.

    හැපි කව් අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. මේ දවස් වල මමත් වෙජිටේරියන්.

      සුබ එලෙදෙන නිව් ඉයර් එක්ක වේවා !!!

      Delete
  20. ඔය විස් කොත්තුවක් කන්නේ ඉතිං පෙරුම් පුරලා පුරලා තමා! මොකෝ දිරවගන්න බැරි ගණන් නේ කියන්නේ!

    ReplyDelete
    Replies
    1. මෙහෙම කරමු. හැපී කව් කෑල්ලක් කඩෙන් අරගෙන බිත්තර කොත්තුවකට අනාගෙන කෑවා නම්, ශේප් එකයි පාරයි.

      Delete
  21. ඇයි බං Plane Hoppers විකුණන කඩත් තියෙන්නේ ඕන තරම්!

    ReplyDelete
  22. වීස් කොත්තු...නියම බෙහෙත...චීස් කොත්තු කාල හතු වැටුනම කන්න හින්ද ඇති..

    ReplyDelete
    Replies
    1. සමහර බෙහෙත් තියෙනවා ලෙඩේ හොඳ වෙනවා. ඒත් බෙහෙතේ විසට ලෙඩා මැරෙනවා.

      Delete
  23. මාත් ඉඳ හිට කොත්තුවක් නම් කනව හිතුනහම.

    සු දී ක අයියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. මම ළඟදී කෑවා එළවලු කොත්තුවක්. ඉඳිආප්ප වලින් හදපු. දාන්න හොදි ජාතියක් නෑ කියලා පරිප්පු දාලා හැදුවා. එතකොට පරිප්පුයි - ඉඳි ආප්පයි තව තෙල්, හොදි ටිකක් මිරිස් කුඩු ටිකක් දාලා කනවා වගේ.

      චන්දනටත් සුබ නව වසරක් වේවා !!!

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...