ඊයේ හවස මම ඔෆිස් එකෙන් එලියට ආවේ හරියටම හවස 5.05 ට තලංගම බස් ඩිපෝව ඉදිරියේ තියෙන බස් නැවතුමට එන කැස්බෑව බස් එක අල්ලා ගන්න. එක අහු වුණොත් 5.45 ට ගෙදර. නමුත් මම පොඩ්ඩක් ප්‍රමාද වැඩියි. බස් එකක් එනකම් අපේ ආරක්ෂක නිලධාරියත් එක්ක පොඩ්ඩක් කතා කරලා 163 බස් එකක් එත්දී හෝල්ට් එක පැත්තට යන්න හැදුවා විතරයි, නිල් පාට ලෑන්ඩ් කෲසර් එකක් මගේ ඇඟට කැපුවා. බලනකොට බැංකුවේ එකක්. ඒක ප්‍රධාන කාර්යාලට යන නිසා එයට ගොඩ වුණා. ඩ්‍රයිවර් මහත්මයා මගේ හොඳ මිත්‍රයෙක්. ඉක්මනින්ම් රාජගිරියට එන්න පුළුවන් වුණා. බස් හෝල්ට් එකට එත්දීම බස් එකක් ගියා.
මට හිතුණා එතන තියෙන හෝටලයට ගොඩ වෙලා කෝපි කෝප්පයක් බොන්න. එහෙම හිතලා කඩයට යන්න හදනකොටම ඒ පැත්තේ ඉඳගෙන එන මුස්ලිම් වගේ මනුස්සයෙක් මගෙත් එක්ක කතා කරන්න පටන් ගත්තා.
මිනිහා : මාත්තයා මම දන්න ඉන්දා කියන්න ඔය කඩේට යන්ඩ එපා කේම රස නේ.
මම : නෑ මම යන්නේ කෝපි කෝප්පයක් බොන්න.
මිනිහා : ඉතිං මාත්තයා කේම රස නේ කියන්නේ, කෝපිත් රස නේ කියන එකනේ. එගොල්ලා රස නෙතුව තමයි හදනවා.
මම : ඔයා කොහොමද දන්නේ ?
මිනිහා : මාත්තයා පොඩ්ඩක් එයා පැත්තේ තියෙනවා මුස්ලිම් හෝටල් එකක්. පොඩ්ඩක් ගීන් බලන්ඩ.
මම : නැ කමක් නෑ මම මේකට යනවා.
මට වෙන්න යන වැඩේ යස අපූරුවට වැටහිණි. මුන් හදන්නේ සිංහල කඩේ වහලා දාලා, උන්ගේ කඩ පෝසත් කරන්න. ඉතිං බොදු බල සේනා හැදෙන එක පුදුමයක් නෙවෙයි. එහෙං ඉඩම් අල්ලනවා, මේ කස්ටමර්ලා අල්ලනවා. මම කඩේට ගොස් කෝපි කෝප්පයක් බීවෙමි. එහි කිසි අඩුපාඩුවක් නැත. එවෙලාවේ ඇති වූ කේන්තිය නිසා එළවළු රොටි දෙකක්ද කෑවද, ඒවා රසින් කිසි අඩුවක් නොවීය. මා නැවතත් එන විට සිනා මුසු මුහුණින් "තම්බියා" මා දෙස බලා සිටී.
මම : මේ ඕයි . නිකං යනවා යන්න බොරු නොකියා. ඒ කඩේ කෑම රසයි. තමුසෙලා හදන්නේ සිංහල කඩ වහලා තමුසෙලාගේ ඒවාට බිස්නස් වැඩි කර ගන්නද ?
තම්බියා : කෑ ගහන්න එපා සර්. අපි නෙවෙයි එගොල්ලා තමයි කියන්නේ කෑම රස නේ කියලා.
මම : ඒ කියන්නේ තමුසේ කඩේ ඉන්න කොල්ලන්ට ගානක් දීලා අල්ලාගෙන කෑම වල රස නැති කරනවා. ඉන්නවා මම තමුසෙට හොඳ වැඩක් කරන්න.
මම නැවතත් කඩේ දෙසට යන්නට සරසුනෙමි. මෙවර තම්බියා මගේ අතින්ම අල්ලාගෙන යලිත් කථාව පටන් ගති.
"බලන්න සර් එගොල්ලා බෝඩ් ගහලා කියලා තියෙන එකනේ මම කියන්නේ. සර් නිකං කේන්ති ගන්ඩ හොඳ නේ"
මම කඩයේ බෝඩ් එක දෙස බැලුවෙමි. මට හිනහව නතර කර ගැනීමට නොහැකි විය.
"නේ - රස කියන්නේ ඉතින් රස - නේ කියන එකනේ සර්"
මිනිසාගේ කරට තට්ටුවක් දැමූ මම කඩයේ බෝඩ් එකේ ෆොටෝ එකක් ගතිමි. පින්තූරය පැහැදිලි මදිනම් ඒ මත ක්ලික් කරන්න. මෙහි තේරුම කුමක්දැයි සොයන්න පසුවට තබා මා බස් රථයට ගොඩ වුණේ ළඟ එන වැස්සට අසු නොවීමේ බලාප්රොත්තුවෙනි.
මගේ ඇඟට ලෑං කූසරයක් කැපුවනං මං පාරට පනිනවා..ෂහ්..එතකොට ගමේ උං කියයි අපේ පත්තර මල්ලි මලේ ලෑං කූසරේකට හැප්පිලානෙ කියලා..මොන නම්බුවක්ද ලෑං මාස්ට්‍ර් වල යන අපි වගේ මිනිස්සුන්ට ආයිබෝං !!!
ReplyDeleteඈහ්... මේ අර සුදීකගෙ කලින් පෝස්ට් එකේ කොමෙන්ට් දැම්ම පත්තර මල්ලිමද. එක්කො මේකගෙ ඔළුව කොහේ හරි හැප්පිලා.
Deleteමට නිකං මඤ්ඤං වගේ. :D
උඹ අර රේල් පාරක වාඩි වෙලා ගිටාර් ගැහුවෙත් ඒක වෙන්නැති
Deleteකියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි ප්‍රසන්න අයියේ :D
Deleteසුදීකයියා ඒ මං ක්ලැරන්ස් වගේ සිංදුවකට මෙලඩියක් දානවා..හැකියාව තියනවා අත දෙන්න කෙනෙක් නෑ..
එහෙම කියන්නෙපා බොල පත්තරේ. අපේ රට තාරුණ්‍යට හොටක් හදපු රට. හික්.
Delete:)
පත්තරයගෙ ඔලුව ලැන්මාස්ටරේම වැදිල වගේ :D
Deleteමොකද්ද අම්මපා මේ කඩේ බෝඩ් එකේ තේරුම. නොයෙක් රස කියන අදහසද?
ReplyDeleteනෙක රස කිව්වනම් කොයි තරම් ලස්සනද
Deleteප්ලේස් එක මටත් යන්තමට වගේ මතකයි. කොහෙ යද්දි දැකපු එකක්ද කියලා හරියට සිහියක් නෑ. මේ, අටත් හිතෙන්නේ අපේ විචාරක තුමා හරි උත්තරේ දුන්නා කියලා. "නේ රස= නො+එක් රස= නොයෙක් රස" නේද??
Deleteඒකනං ඇත්ත. නෙක රස කිව්වනං කාටත් පැහැදිලියි නේ.
කවුරුහරි සිංහල නම් දැමීම ගැන පණ්ඩිතයෙක් වෙන්න ඇති මේ නම දාන්න ඇත්තේ.අනේක විධ රස කියන එකේ අ යන්න ලොප් කරලා අරං මේක දාලා තියෙන්නේ.
ReplyDeleteමේක ගැන මෙහෙම කථා වෙන එකද දන්නෑ බලාපොරොත්තුව.
Deleteඅර අහුබුද්ධ වගේ මොකෙක්ගෙං හරි උපදෙස් අරගෙන වෙන්න ඇති නම දාන්න ඇත්තෙ. මිනිස්සුන්ට තේරුං ගන්න පුලුවන් නමක් දැම්මනං මක් වෙනවද?
ReplyDeleteකඩේකට නම් මොන නම දැම්මත් මොකෝ. පොඩි එවුන්ට දාන නම්
Deleteඅහුබුදු ලොක්කා දැන් නැහැ නේ. සමහර නම් අංජබජල් උනාට හොඳ නම් තියෙනවා. ළමයින්ට නම් දෙන විට නම් 100 විතර දාලා එවන ලිස්ට් එකෙන් බබාලට හොඳ නමක් තෝරා ගන්න බැරි එක දෙමපියන්ගේ වැරැද්ද.
Deleteඅහුබුදු ලොක්කා දැන් නැහැ නේ. සමහර නම් අංජබජල් උනාට හොඳ නම් තියෙනවා. ළමයින්ට නම් දෙන විට නම් 100 විතර දාලා එවන ලිස්ට් එකෙන් බබාලට හොඳ නමක් තෝරා ගන්න බැරි එක දෙමපියන්ගේ වැරැද්ද.
Deleteඅහුබුදු මහත්තයාගේ පුතා මාත් එක්ක ඔබරෝයි එකේ වැඩ කලා කාලයක්. ආශූබෝධ. දේමින්තද කොහෙද මුල නම. හොඳ කොල්ලෙක්.
Deleteමුන්ට වෙන නමක් තීලම් නැද්ද බං. මීට හොඳයි " නී රස" කියලා දැම්මා නම්.
ReplyDeleteතව නාවල පාරේ සෝලිස් එක ගාව තියෙනවා රන්දෙණි හෝටලය සහ හාඩ්වෙයාර් කියලා එකක්.
Deleteඔය නමේ තේරිමත් හොයලා දාන්න අයියෙ.
ReplyDeleteමේ ෆොටෝ එකත් බයෙන් ගත්තේ. මම ඊළඟ පාර කඩෙන් අහන්නම්.
DeleteBoard එක වැඩක් නැහැ තව ටිකක් Zoom කරා නම් අර කොළ පාට එකක් ඇඳගෙන එන ගෑනු ලමය ව බලා ගන්න තිබ්බා.
ReplyDeleteමෙන්න මෙතනින් බලා ගන්න
Deleteසූම් කල පසු
මොන හුයන්නක්ද බන්. රජතුමාට කියන්න ඕනේ ඇඳුම් වලට Age Limit එකක් දාන්න කියලා.
Deleteහරිනේ ඔය හරියටම ගහලා තියෙන්නේ!
ReplyDeleteඅනේ මන්දා නාඩි මලේ.
Deleteනේ .. ඉරක් (හිස් තැනක්) ..රස...ඕනෑ අකුරක් දාගන්ටයි එහෙම ලියලා තියෙන්නේ... නේක රස...නේන රස..
ReplyDeleteනේද රස
Deleteකිවුවත් වගේ නෙක රස වගේ නමක් තිබුනා නම් ලස්සනයි.
ReplyDeleteඅනේ මන්දා.මොකක්ද කතාවක් යටින් කියනවා.හැබැයි මම ඒකට කැමතියි.
ReplyDeleteහ්ම්ම්... කාලීන මාත්රුකානේ. ඒකත් මේ අස්සට ඔබලා දැම්මා.
Deleteමාර නමක් නේද එක.. අර මීවනපලානයද මොකාද එකාව හොයා ගන්න වෙයි ඕකේ තේරුම හොයාගන්නනම්..
ReplyDeleteදැන් මිනිහා නෑ නේද ?
Deleteශුවර් එකට සුදු වැන් එකකින් උස්සල ඇති මෑන් ව
Deleteනේ රස කියන්නේ මොකක්ද? මටත් තේරුණේ නම් නෑ...රස නේ කියනවා වගේ...:D
ReplyDeleteමටත හිතුණේ එහෙම තමයි.
Deleteමම කඞෙක දැක්කා
ReplyDeleteමකුල් කුස්
මාරැ උස්
මරක් හස්
විකිනිමට තිබෙි කියලා. මෙිකත් එ වගේ වෙලද උපකුමයක් වෙන්න බැරිද?
මාරු උස් ඉල්ලන ටෙලි නාට්‍යයක් ගියා මතකද? දැන් මමම දීපු පබ්ලිසිටිය මදිද ?
Deleteඔය අර නගර සභාව ඉස්සරහ තියෙන හෝටලේ නේද? මමත් දැක්ක දවසේ ඉඳන්ම හිතන්නේ මුන්ට දාන්න වෙන නමක් ත්බ්බෙම නැද්ද කියලා ...
ReplyDeleteඔව්. ඔව්.
Deleteඔයා නමට කතාව හැදුවද...? නැත්නම් කතාවට නම තිබ්බද? මේක නිධාන කතාවද?
ReplyDeleteඔන්න ඔයාට තේරුණා සීන් එක.
Deleteසමහරක් විට ඕකත් මාර්කටින් එකක් වෙන්න ඇති.
ReplyDeleteඑහෙම වෙන්නත් බැරි නෑ.
Deleteඅන්න අර කොළ පාට එකක් ඇඳල එන ගෑනු ළමය ලයිට් කණුවට වැහිලනෙ,අපරාදෙ.
ReplyDeleteහලපයියාගේ හිත රිදවන්න හොඳ නැති හින්දා ඔන්න මං ඒ වැඩෙත් කළා. ලයිට් කණුවට වැහිලා නම් නෑ
Deleteමෙන්න මෙතනින් බලා ගන්න
සූම් කල පසු
හුහ් පොෂ් ඇන්ටි කෙනෙක්නෙ බං.මම හිතුවෙ කෙල්ලක් කියල, අනේ හුකේ කිව්වලු.
Deleteප්හු උඹත් දකින ඒවා හැලපයියේ,මම හිතන්නේ ඕවා හොදට හැලපයියාට පේන්නේ නිතරම කොළ කැද බොන,පලා ජාති කන පොරක් නිසා වෙන්න ඇති මයේ හිතේ....:D
Deleteහැලපේ.. නරකම නැහැ බන් නේක නේක රස!!
Deleteඅනෙක් අනෙක් රස :)
Deleteඅනේ මන්දා සුදීක උඹටත් පුදුම කඩ තමයි අහුවෙන්නේ.
ReplyDeleteනේ-රස
ReplyDeleteඅැත්ත කියන්න මේ ගරිල්ලා මාර්කටින් පාරක් නේද?
හැක්
ජය වේවා!!!
සුදීකයිය කඩ වල ඇඩ් දාල අමතර ආදායමක් හොයාගන්නවා :D
Deleteඅපිට දැන් කඩ කීයක් ගැන කිව්වද හැබෑට :D
හිහ්...ඇත්ත සිද්ධියක්ද?
ReplyDelete