Friday, April 25, 2014

ලොල්ද මන්දා අංක 14 : ඒ කඩේ කේම රස නේ මාත්තයා ...... Food in that hotel have no taste sir

ඊයේ හවස මම ඔෆිස් එකෙන් එලියට ආවේ හරියටම හවස 5.05 ට තලංගම බස් ඩිපෝව ඉදිරියේ තියෙන බස් නැවතුමට එන කැස්බෑව බස් එක අල්ලා ගන්න. එක අහු වුණොත් 5.45 ට ගෙදර. නමුත් මම පොඩ්ඩක් ප්‍රමාද වැඩියි. බස් එකක් එනකම් අපේ ආරක්ෂක නිලධාරියත් එක්ක පොඩ්ඩක් කතා කරලා 163 බස් එකක් එත්දී හෝල්ට් එක පැත්තට යන්න හැදුවා විතරයි, නිල් පාට ලෑන්ඩ් කෲසර් එකක් මගේ ඇඟට කැපුවා. බලනකොට බැංකුවේ එකක්. ඒක ප්‍රධාන කාර්යාලට යන නිසා එයට ගොඩ වුණා. ඩ්‍රයිවර් මහත්මයා මගේ හොඳ මිත්‍රයෙක්. ඉක්මනින්ම් රාජගිරියට එන්න පුළුවන් වුණා. බස් හෝල්ට් එකට එත්දීම බස් එකක් ගියා.

 මට හිතුණා එතන තියෙන හෝටලයට ගොඩ වෙලා කෝපි කෝප්පයක් බොන්න. එහෙම හිතලා කඩයට යන්න හදනකොටම ඒ පැත්තේ ඉඳගෙන එන මුස්ලිම් වගේ මනුස්සයෙක් මගෙත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

මිනිහා : මාත්තයා මම දන්න ඉන්දා කියන්න ඔය කඩේට යන්ඩ එපා කේම රස නේ.

මම : නෑ මම යන්නේ කෝපි කෝප්පයක් බොන්න.

මිනිහා : ඉතිං මාත්තයා කේම රස නේ කියන්නේ, කෝපිත් රස නේ කියන එකනේ. එගොල්ලා රස නෙතුව තමයි හදනවා.

මම : ඔයා කොහොමද දන්නේ ?

මිනිහා : මාත්තයා පොඩ්ඩක් එයා පැත්තේ තියෙනවා මුස්ලිම් හෝටල් එකක්. පොඩ්ඩක් ගීන් බලන්ඩ.

මම : නැ කමක් නෑ මම මේකට යනවා.

මට වෙන්න යන වැඩේ යස අපූරුවට වැටහිණි. මුන් හදන්නේ සිංහල කඩේ වහලා දාලා, උන්ගේ කඩ පෝසත් කරන්න. ඉතිං බොදු බල සේනා හැදෙන එක පුදුමයක් නෙවෙයි. එහෙං ඉඩම් අල්ලනවා, මේ කස්ටමර්ලා අල්ලනවා. මම කඩේට ගොස් කෝපි කෝප්පයක් බීවෙමි. එහි කිසි අඩුපාඩුවක් නැත. එවෙලාවේ ඇති වූ කේන්තිය නිසා එළවළු රොටි දෙකක්ද කෑවද, ඒවා රසින් කිසි අඩුවක් නොවීය. මා නැවතත් එන විට සිනා මුසු මුහුණින් "තම්බියා" මා දෙස බලා සිටී.

මම : මේ ඕයි . නිකං යනවා යන්න බොරු නොකියා. ඒ කඩේ කෑම රසයි. තමුසෙලා හදන්නේ සිංහල කඩ වහලා තමුසෙලාගේ ඒවාට බිස්නස් වැඩි කර ගන්නද ?

තම්බියා : කෑ ගහන්න එපා සර්. අපි නෙවෙයි එගොල්ලා තමයි කියන්නේ කෑම රස නේ කියලා.

මම : ඒ කියන්නේ තමුසේ කඩේ ඉන්න කොල්ලන්ට ගානක් දීලා අල්ලාගෙන කෑම වල රස නැති කරනවා. ඉන්නවා මම තමුසෙට හොඳ වැඩක් කරන්න.

මම නැවතත් කඩේ දෙසට යන්නට සරසුනෙමි. මෙවර තම්බියා මගේ අතින්ම අල්ලාගෙන යලිත් කථාව පටන් ගති.

"බලන්න සර් එගොල්ලා බෝඩ් ගහලා කියලා තියෙන එකනේ මම කියන්නේ. සර් නිකං කේන්ති ගන්ඩ හොඳ නේ"

මම කඩයේ බෝඩ් එක දෙස බැලුවෙමි. මට හිනහව නතර කර ගැනීමට නොහැකි විය.

"නේ - රස කියන්නේ ඉතින් රස - නේ කියන එකනේ සර්"

මිනිසාගේ කරට තට්ටුවක් දැමූ මම කඩයේ බෝඩ් එකේ ෆොටෝ එකක් ගතිමි. පින්තූරය පැහැදිලි මදිනම් ඒ මත ක්ලික් කරන්න. මෙහි තේරුම කුමක්දැයි සොයන්න පසුවට තබා මා බස් රථයට ගොඩ වුණේ  ළඟ එන වැස්සට අසු නොවීමේ බලාප්රොත්තුවෙනි.

රාජගිරිය හන්දියේ තිබෙන නේ - රස හෝටලය

53 comments:

  1. මගේ ඇඟට ලෑං කූසරයක් කැපුවනං මං පාරට පනිනවා..ෂහ්..එතකොට ගමේ උං කියයි අපේ පත්තර මල්ලි මලේ ලෑං කූස‍රේකට හැප්පිලානෙ කියලා..මොන නම්බුවක්ද ලෑං මාස්ට්‍ර් වල යන අපි වගේ මිනිස්සුන්ට ආයිබෝං !!!

    ReplyDelete
    Replies
    1. ඈහ්... මේ අර සුදීකගෙ කලින් පෝස්ට් එකේ කොමෙන්ට් දැම්ම පත්තර මල්ලිමද. එක්කො මේකගෙ ඔළුව කොහේ හරි හැප්පිලා.
      මට නිකං මඤ්ඤං වගේ. :D

      Delete
    2. උඹ අර රේල් පාරක වාඩි වෙලා ගිටාර් ගැහුවෙත් ඒක වෙන්නැති

      Delete
    3. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි ප්‍රසන්න අයියේ :D
      සුදීකයියා ඒ මං ක්ලැරන්ස් වගේ සිංදුවකට මෙලඩියක් දානවා..හැකියාව තියනවා අත දෙන්න කෙනෙක් නෑ..

      Delete
    4. එහෙම කියන්නෙපා බොල පත්තරේ. අපේ රට තාරුණ්‍යට හොටක් හදපු රට. හික්.
      :)

      Delete
    5. පත්තරයගෙ ඔලුව ලැන්මාස්ටරේම වැදිල වගේ :D

      Delete
  2. මොකද්ද අම්මපා මේ කඩේ බෝඩ් එකේ තේරුම. නොයෙක් රස කියන අදහසද?

    ReplyDelete
    Replies
    1. නෙක රස කිව්වනම් කොයි තරම් ලස්සනද

      Delete
    2. ප්ලේස් එක මටත් යන්තමට වගේ මතකයි. කොහෙ යද්දි දැකපු එකක්ද කියලා හරියට සිහියක් නෑ. මේ, අටත් හිතෙන්නේ අපේ විචාරක තුමා හරි උත්තරේ දුන්නා කියලා. "නේ රස= නො+එක් රස= නොයෙක් රස" නේද??
      ඒකනං ඇත්ත. නෙක රස කිව්වනං කාටත් පැහැදිලියි නේ.

      Delete
  3. කවුරුහරි සිංහල නම් දැමීම ගැන පණ්ඩිතයෙක් වෙන්න ඇති මේ නම දාන්න ඇත්තේ.අනේක විධ රස කියන එකේ අ යන්න ලොප් කරලා අරං මේක දාලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේක ගැන මෙහෙම කථා වෙන එකද දන්නෑ බලාපොරොත්තුව.

      Delete
  4. අර අහුබුද්ධ වගේ මොකෙක්ගෙං හරි උපදෙස් අරගෙන වෙන්න ඇති නම දාන්න ඇත්තෙ. මිනිස්සුන්ට තේරුං ගන්න පුලුවන් නමක් දැම්මනං මක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. කඩේකට නම් මොන නම දැම්මත් මොකෝ. පොඩි එවුන්ට දාන නම්

      Delete
    2. අහුබුදු ලොක්කා දැන් නැහැ නේ. සමහර නම් අංජබජල් උනාට හොඳ නම් තියෙනවා. ළමයින්ට නම් දෙන විට නම් 100 විතර දාලා එවන ලිස්ට් එකෙන් බබාලට හොඳ නමක් තෝරා ගන්න බැරි එක දෙමපියන්ගේ වැරැද්ද.

      Delete
    3. අහුබුදු ලොක්කා දැන් නැහැ නේ. සමහර නම් අංජබජල් උනාට හොඳ නම් තියෙනවා. ළමයින්ට නම් දෙන විට නම් 100 විතර දාලා එවන ලිස්ට් එකෙන් බබාලට හොඳ නමක් තෝරා ගන්න බැරි එක දෙමපියන්ගේ වැරැද්ද.

      Delete
    4. අහුබුදු මහත්තයාගේ පුතා මාත් එක්ක ඔබරෝයි එකේ වැඩ කලා කාලයක්. ආශූබෝධ. දේමින්තද කොහෙද මුල නම. හොඳ කොල්ලෙක්.

      Delete
  5. මුන්ට වෙන නමක් තීලම් නැද්ද බං. මීට හොඳයි " නී රස" කියලා දැම්මා නම්.

    ReplyDelete
    Replies
    1. තව නාවල පාරේ සෝලිස් එක ගාව තියෙනවා රන්දෙණි හෝටලය සහ හාඩ්වෙයාර් කියලා එකක්.

      Delete
  6. ඔය නමේ තේරිමත් හොයලා දාන්න අයියෙ.

    ReplyDelete
    Replies
    1. මේ ෆොටෝ එකත් බයෙන් ගත්තේ. මම ඊළඟ පාර කඩෙන් අහන්නම්.

      Delete
  7. Board එක වැඩක් නැහැ තව ටිකක් Zoom කරා නම් අර කොළ පාට එකක් ඇඳගෙන එන ගෑනු ලමය ව බලා ගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙතනින් බලා ගන්න
      සූම් කල පසු

      Delete
    2. මොන හුයන්නක්ද බන්. රජතුමාට කියන්න ඕනේ ඇඳුම් වලට Age Limit එකක් දාන්න කියලා.

      Delete
  8. හරිනේ ඔය හරියටම ගහලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා නාඩි මලේ.

      Delete
  9. නේ .. ඉරක් (හිස් තැනක්) ..රස...ඕනෑ අකුරක් දාගන්ටයි එහෙම ලියලා තියෙන්නේ... නේක රස...නේන රස..

    ReplyDelete
  10. කිවුවත් වගේ නෙක රස වගේ නමක් තිබුනා නම් ලස්සනයි.

    ReplyDelete
  11. අනේ මන්දා.මොකක්ද කතාවක් යටින් කියනවා.හැබැයි මම ඒකට කැමතියි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... කාලීන මාත්රුකානේ. ඒකත් මේ අස්සට ඔබලා දැම්මා.

      Delete
  12. මාර නමක් නේද එක.. අර මීවනපලානයද මොකාද එකාව හොයා ගන්න වෙයි ඕකේ තේරුම හොයාගන්නනම්..

    ReplyDelete
    Replies
    1. දැන් මිනිහා නෑ නේද ?

      Delete
    2. ශුවර් එකට සුදු වැන් එකකින් උස්සල ඇති මෑන් ව

      Delete
  13. නේ රස කියන්නේ මොකක්ද? මටත් තේරුණේ නම් නෑ...රස නේ කියනවා වගේ...:D

    ReplyDelete
    Replies
    1. මටත හිතුණේ එහෙම තමයි.

      Delete
  14. මම කඞෙක දැක්කා
    මකුල් කුස්
    මාරැ උස්
    මරක් හස්
    විකිනිමට තිබෙි කියලා. මෙිකත් එ වගේ වෙලද උපකුමයක් වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මාරු උස් ඉල්ලන ටෙලි නාට්‍යයක් ගියා මතකද? දැන් මමම දීපු පබ්ලිසිටිය මදිද ?

      Delete
  15. ඔය අර නගර සභාව ඉස්සරහ තියෙන හෝටලේ නේද? මමත් දැක්ක දවසේ ඉඳන්ම හිතන්නේ මුන්ට දාන්න වෙන නමක් ත්බ්බෙම නැද්ද කියලා ...

    ReplyDelete
  16. ඔයා නමට කතාව හැදුවද...? නැත්නම් කතාවට නම තිබ්බද? මේක නිධාන කතාවද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාට තේරුණා සීන් එක.

      Delete
  17. සමහරක් විට ඕකත් මාර්කටින් එකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් බැරි නෑ.

      Delete
  18. අන්න අර කොළ පාට එකක් ඇඳල එන ගෑනු ළමය ලයිට් කණුවට වැහිලනෙ,අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. හලපයියාගේ හිත රිදවන්න හොඳ නැති හින්දා ඔන්න මං ඒ වැඩෙත් කළා. ලයිට් කණුවට වැහිලා නම් නෑ

      මෙන්න මෙතනින් බලා ගන්න
      සූම් කල පසු

      Delete
    2. හුහ් පොෂ් ඇන්ටි කෙනෙක්නෙ බං.මම හිතුවෙ කෙල්ලක් කියල, අනේ හුකේ කිව්වලු.

      Delete
    3. ප්හු උඹත් දකින ඒවා හැලපයියේ,මම හිතන්නේ ඕවා හොදට හැලපයියාට පේන්නේ නිතරම කොළ කැද බොන,පලා ජාති කන පොරක් නිසා වෙන්න ඇති මයේ හිතේ....:D

      Delete
    4. හැලපේ.. නරකම නැහැ බන් නේක නේක රස!!

      Delete
    5. අනෙක් අනෙක් රස :)

      Delete
  19. අනේ මන්දා සුදීක උඹටත් පුදුම කඩ තමයි අහුවෙන්නේ.

    ReplyDelete
  20. නේ-රස

    අැත්ත කියන්න මේ ගරිල්ලා මාර්කටින් පාරක් නේද?
    හැක්

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සුදීකයිය කඩ වල ඇඩ් දාල අමතර ආදායමක් හොයාගන්නවා :D
      අපිට දැන් කඩ කීයක් ගැන කිව්වද හැබෑට :D

      Delete
  21. හිහ්...ඇත්ත සිද්ධියක්ද?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...