Thursday, February 6, 2014

මමත් මාරු වුනා සිම්පල් ප්ලෑන් එකකට (අතිශයින්ම පුරුෂ පාර්ශවයට) ...... I too found a simple plan (Extremely for Gents)

මට මගේ පියා ජීවිතය ගැන බොහෝ උපදෙස්  දී තිබෙනවා. නමුත් තරුණ වයසේදී අපි දෙමව්පියන් කියන දේවල් කණකට ගන්නේ නෑ. ටිකක් කල් යත්දී තේරෙනවා "අනේ තාත්තා කිව්වා කතාව ඇත්ත නේද ? අම්ම කිව්වා එක මම එදා ඇහුවේ නෑ නේද ? " කියලා. මම මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. මම ඒ ලෙවල් කරනකොට වගේ, යන්තමට දැලි රැවුල වැවීගෙන එත්දී, මටත් හිතුනා රැවුල කපන්න. ඒ කාලේ ඉතිං මේ වගේ දෙයක් කරන්නත් ලේසි නෑ. මොකද අපේ අතේ මුදල් ගැවසෙන්නේ නැති නිසා. මම බික් රේසරයක් ඉල්ලලා වද කරනකොට තාත්තා කිව දෙයක් තමයි
"දැන් ඔයා ඔහොම ආසාවෙන් රැවුල කැපුවට, කවදා හරි ජොබ් එකක් කරන කාලෙට තේරෙයි ඕක මහා එපා කරපු වැඩක් කියලා"
ඒ කතාව 100% ඇත්ත කියලා මට පහුගිය කාලේ මතක් වුණා. මොකද සමහර වෙලාවට විනාඩියක දෙකක ප්‍රමාදය, කාර්යාලයේ රතු ඉරට අහු වෙන්න හේතු වෙනවා. මේ වගේ කතාවක් කිව්වම බොහෝ දෙනෙක් කියන කතාව තමයි
"තව පොඩ්ඩක් කලින් ලෑස්ති වෙන්න"
කියලා. ඕක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මම කොහොමත් උදේ පහට, සමහර දවසකට ඊටත් කලින් ඇහැරෙන මිනිහා. ඒ වුණාට මම දන්නා දෙයක් තියෙනවා. අපි වැඩට යන්න සුදානම් වෙන්නේ අපේ පරිසරයත් එක්ක බැඳිලා, වටේ පිටේ ඇහෙන සද්දත් එක්ක. උදාහරණයකට උදේ 5:30 ට ආරම්භ වෙන පිරිත් අවසන් වෙන්න් උදේ 6:30 ට. මේක මම නොදැන ගත්තත් මගේ යටිහිත දන්නවා. ඒ නිසා ඔරලෝසුවේ වෙලාවට වඩා අපේ හිත මේ පරිසරයට බැඳිලා වෙලාව ගෙනියන්නේ ඒ ශබ්ද, ආලෝක, තත්වයන් එක්ක. ඒක වෙනමම කතාවක්. දැන් අපි එමු මාතෘකාවට.

ඉතිං මම රැවුල කපන්න ඕනේ කිව්වම මටත් හම්බ වුණා මෙන්න මේ පහලින් තියෙන ජාතියේ රේසර් එකක්. ඒ කාලේ හැටියට ඔනෙම ජගතෙක් මේකක් තමයි ගන්නේ. ඒ දවස් වෙනකොට මේවා ඇවිත් වැඩි කාලයක් නෑ. නමුත් සංචාරක පුරවරයක් වෙච්ච අපේ ගමට බොහෝ දේවල් කලින් ආවා කියලා මම මීට පෙරත් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් අපිට කලින්ම දැක ගන්න ලැබුණා. නමුත් පරිහරණය කරන්න ගියේ නෑ.
පින්තූරය ගත්තේ : sharpologist.com 
මේ වෙත්දී අපේ තාත්තා හැම දවසකම උදෑසන රැවුලත් එක්ක යුද්ධ කරනවා මම දැකලා තියෙනවා. සබන් කෑල්ලේ බුරුසුවක් අතුල්ලලා ඒක මුණේ උලාගෙන රේසරෙන් අදිනවා. මේ අපි වගේ කණ්නාඩිය ඉස්සරහට ගිහින් නෙවෙයි. ඇවිදින ගමන්. නොකැපිච්ච තැන හොයා ගන්නේ මුණ අත ගාලා. හැබැයි අපිට වගේ ලේසි රේසරයක් එයාලට තිබ්නුනේ නෑ. අපේ තාත්තා හැම දවසකම රැවුල කපන එක නොවරදවා කරපු දෙයක්. ඒ වගේම එයා මට මෙන්න මේ වගේ උපදෙසකුත් දුන්නා.
"හොඳට රැවුල කපලා, පිරිසිදු ඇඳුම් ඇඳගෙන, සපත්තු පොලිෂ් කරලා හැමදාම යන්න පුරුදු වෙන්න. ඕනෑම තැනකදී වැඩක් කරගන්න පුළුවන් එහෙම ගියාම"
ඇත්තටම ඒ උපදෙසත් 100%ක් සත්‍ය බව මට පහුකාලීනව වැටහුනා.  ඉස්සර අපේ ගෙදර ලයිට් නැති කාලේ තාත්තා රැවුල කපනකොට කුප්පි ලාම්පුව අල්ලලා තාත්තට උදව් කරේ මම. මුලින් මුලින් ආසාවෙන් ඒ වැඩේ කලත්, පස්සසේ මට මේක එපා කරපු වැඩක් වුණා. ඒ නිසා වෙන්න ඇති තාත්තා මුණ අතගාලා ඉතිරි රැවුල් ගස් හොයන ක්‍රමයට යන්න ඇත්තේ.
පින්තූරය ගත්තේ : www.digital-rights.net
 තාත්තා රැවුල කපන්න පාවිච්චි කලේ මේ වගේ රේසර් එකක්. මට නම් හිතා ගන්නවත් බෑ මේ වගේ එකකින් කොහොමද රැවුල කපන්නේ කියලා. ඒ වුනත් මට බාල සහෝදරයා මේ වගේ එකක් පාවිච්චි කරනවා කියලා දැන ගන්න ලැබුණා.
පින්තූරය ගත්තේ : www.ebay.com
ඒ කියන්නේ තවම මේවාට වෙළඳ පොලක් තියෙනවා කියන එක. 

ඒ ලෙවල් අවසන් වෙනවාත් සමගම රැකියාවක් කරන්න වාසනාව මට ලැබුණ නිසා, මට අවශ්‍ය අඩුම-කුඩුම සපයා ගන්නත් මට පුළුවන් වුණා. ඉන් පස්සේ මම විවිධ රේසර් වර්ග වලට මාරු වුණා. ඒ කාලේ නොයෙක් වර්ග වල රේසර් වෙළඳපොලට ආවා. විල්කින්සන් කියන රතු-කළු රේසරයක් මම කාලයක් පාවිච්චි කළා. නමුත් ටික කාලෙකින් ඒවා ගන්න නැති වුණා. ඒවා එංගලන්ත වෙළඳ භාණ්ඩ නිසා මිල අධික වීම වෙන්න ඇති හේතුව.

ඊට පස්සේ බොහෝ කාලයක් මගේ හිතවතා වුණේ ජිලට් බ්ලූ ටූ රේසර් එක.
පින්තූරය ගත්තේ : www.atc-center.com
මේක ඉතිං බොහෝ දෙනෙක් දන්නා නිසා, ආයි අමුතුවෙන් විස්තරයක් කරන්න අවශ්‍ය නෑ. මම හිතන්නේ ලංකාවේ තවමත් වැඩියෙන්ම විකිනෙන්නේ මේ වර්ගය.

මට තියෙනවනේ ලෙඩක් අලුත් මොනවා හරි දැක්කොත් අත්හදා බලන. මෙහෙම කාලයක් ඉන්නකොට අනූ අටේදී විතර ආවා තල තුනක් තියෙන රේසර් එකක්. නුගේගොඩ සෑම්ස් එකේ මේක තියෙනවා දැක්කම මට ඉන්නම බැරි වුණා. ඉතිං සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව ගත්තා එකක්.
පින්තූරය ගත්තේ : www.acne.org
මේක අරගෙන ඉන්න බැරි කම කොයි තරම්ද කියනවා නම්, එදා හවසම මේකෙන් රැවුල ගා ගත්තා. "ඇත්තටම මේක නියම භාණ්ඩයක්" මට එහෙම හිතුණා. මම ඉතිං නිකන් හිටියේ නෑ ඔෆිස් එකේ මගේ යාලුවොත් එක්කත් මේ ගැන කිව්වා. මම හිතන්නේ ඉන් පස්සේ කවුරු හරි මේකක් ගත්තා. දැන් වැඩේ නැගලා යනවා. මේකට දාන්නා රේසර් තල වෙනම ගන්න ඕනේ. ඒවා තියෙනවා සුපර් මාර්කට් වල ඕනෑ තරම්. කෑලි දෙකේ ඒවා, කෑලි හතරේ ඒවා.  සමහර වෙලාවට ලොකු ඩිස්කවුන්ට් එක්ක. මම ඒ වගේ වෙලාවල් වලට දෙක-තුන අරන් තියා ගත්තා.

මට මතක හැටියට 2000 ඉඳලා 2005 වෙනකං මම පාවිච්චි කලේ මේ වගේ රේසර් සහ තල. කිසි වරදක් නෑ මුණ තුවාල වෙන්නේ නෑ. සුමුදුව රැවුල කැපෙනවා. ආ.... කියන්න අමතක වුණා. ශේවින් ෆෝම්, ආෆ්ටර් ෂේව්. ඒවාත් මම භාවිතා කළා. ආෆ්ටර් ෂේව් නම් මුල ඉඳලම. ඔව් ඔව් බ්ලැක් නයිට් තමයි. ගෑවාම දෙයියෝ සිහි වෙන්නේ. 

 ඇත්තටම හොඳට රැවුල කපන්න නම් මේ ජාති දෙක අත්‍යවශ්‍ය දේවල්. ශේවින් ෆෝම් සහ ආෆ්ට්ර් ෂේව් (මේවාට සිංහල වචන තියෙනවද ?). රැවුල් ගස් කෙලවර ඉහලට ඇවිත් රළු පෙනුම එන්නේ නෑ, ශේවින් ෆෝම් භාවිතා කලහම. හැමදාම කොල්ලා වගේ ඉන්න පුළුවන්. :) . ආෆ්ටර් ෂේව් ඉතින් පාවිච්චි කරන එක ශරීර සෞඛ්‍යයට හොඳයි. අපිට පෙනෙන්නේ නැති කුඩා කැපුම් නිසා ඇති වන විවර මේ මගින් වැහෙනවා. ඒ වගේම විෂබීජ නැසෙන්නත් හොඳයි. ඒ වගේම තමයි රැවුල කපද්දී උණු වතුරෙන් රේසරය හෝදන්න පුළුවන් නම්. ඒක රැවුල කපන සාම්ප්‍රාදායික ක්‍රමයේ තියෙන එක් අංගයක්. තව දෙයක් රැවුල කපද්දී, ඒවා පිහිටලා තියෙන අතට විරුද්ද අතට කපන්න හොඳ නෑ. එහෙම කැපුවොත් ඉන් පස්සේ ඒවාහරි පැත්තට කොයි තරම් කැපුවත් හරි යන්නේ නෑ. 

2006 දී විතර මල්ලී රට ඉඳලා එත්දී ගෙනත් දුන්නා මෙන්න මේ ජාතියේ එකක්. ඇත්තටම ඒක ජාති බඩුව. මොකද ඒක රැවුල කපන ගමන් වයිබ්රේට් වෙනවා(දෙදරනවා ලාවට). හැබැයි ඒකට බැටරි දාන්න ගියාම විකිණෙනවා. A3 වර්ගයේ බැටරි තමයි හරි යන්නේ. ඒ මගින් රේසරයට අවශ්‍ය බරත් ලැබෙනවා.

පින්තූරය ගත්තේ : www.mysupermarket.co.uk
 මට දුන්න එකට අමතරව එයා පාවිච්චි කල ඒකත් මටම දීලා ගියා.  එකක් තියා ගත්තේ ගමනක් යනකොට භාවිතා කරන්න කට්ටලයට. ඒ කාලේ නිතර ඇවිදින්න වෙච්ච නිසා ඒකත් පහසුයි. නමුත් මුල් කාලේ මේ කොළ පාට බ්ලේඩ් නැති නිසා. උඩින් තියෙන මැච් 3 ඒවාම මේකට දාලා භාවිතා කළා. එක දෙයක් මතක් කරන්න ඕනේ. මේවායේ මිල හරිම වැඩියි. ඩිස්කවුන්ට් දාන වෙලාවට ගන්න එක තමයි මගේ සිරිත. සමහර වෙලාවට රේසරෙත් එක්ක, කාට්‍රිජ් පැකට එකක් දෙන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ වෙලාවකට පොඩ්ඩක් ඔලුව භාවිතා කරලා වැඩ කරොත් වාසි ගන්න පුළුවන්.

ඉන් පස්සේ මම චන්ද්‍රිකා නාලිකා වල ජිලට් ෆියුෂන් පෙන්වනවා දැක්කා. මේකේ විශේෂත්වය තමයි තල 5ක් සහිත වීම. ඉතිං මටත් හරි ආසා හිතුණා එකක් පාවිච්චි කරලා බලන්න. ලංකාවේ 2008 විතර ඒවා තිබුණේ නෑ. මෙහෙට ආවේ 2011 අග හරියේ මගේ මතකය නිවැරදි නම්. ඉතින් සිංගප්පූරුවේ ගිය වෙලාවේ මමත් එකක් ගත්තා. ඒකත් එහෙදී පාවිච්චි කරලා බැලුව. මල් මසුරන්. මම එක දෙයක් දැනගෙන හිටියා. මේවාට කාට්‍රිජ් ලංකාවේ නැති බව. නමුත් මේවා මැච් 3 බ්ලේඩ් එක්ක ගැලපෙනවා. එහෙම නොගැළපෙන එකක් තියෙන්නේ සෙන්සර් එක්සෙල් කියන වර්ගය විතරයි. ෆියුෂන් වල තියෙන විශේෂයක් තමයි නාහේ, කනේ වගේ තියෙන රෝම ඉවත් කරන්න පුළුවන් තනි තලයක් බ්ලේඩ් මණ්ඩලයේ උඩ පැත්තේ තියෙන එක. ඒක නම් මම වගේ කණේ මයිල් මොඩ්ල් වලට හරි වැදගත්. හැබැයි ප්‍රවේසමෙන් මේවා භාවිතා කරන්න ඕනේ. වෙන කල්පනා වල ඉන්න ගමන් මේ වගේ වැඩ කරන එක අනතුරුදායකයි. කණේ සම හරිම සිනිඳුයි.
පින්තූරය ගත්තේ : http://www.frugalcouponliving.com

මේකත් මම 2012 විතර වෙනකම් පාවිච්චි කළා. එහෙම කරලා හොඳටම හෙම්බත් වෙලා අන්තිමේදී තාත්තා කිව්වා වගේ රැවුල කපන එක මහා වදයක් වුණා. පස්සේ මම රැවුල එක ගානකට ට්‍රිම් කරලා වැව්වා. පස්සේ තේරුණා ඒක ට්‍රිම් කරන්න යන කාලය ඊටත් වඩා වැඩියි කියලා. බැරිම තැන ආයිමත්  කපන්න ගත්තා. මේ පාර මම අලුත් වෙළඳ දැන්වීමක් දැක්කා. ඒ ජිලට් ෆියුෂන් ප්‍රෝග්ලයිඩ් කියන එක ගැන. ගාණත් ටිකක් අඩුයි. බලන්නත් එක්ක ගත්තා.

පින්තූරය ගත්තේ : http://thriftytexan.com
ෆියුෂන් එක්ක මේකේ තියෙන වෙනස, බැටරි යොදවන්නේ නැති එක. ඇත්තටම ඒක අත්‍යාවශ්‍ය නෑ. ඒ වයිබ්රේට් මොඩ්ල් එකේදී මුහුණ මත රේසරය ඉතා සුළු ප්‍රමාණයකින් බම්ප් වෙනවා. ඒ නිසා වෙන්නේ කැපෙන ප්‍රමාණය අඩු වෙනවා. හරියටම 50%කින් නැතත්, එයට ආසන්න ප්‍රමාණයක්. එතකොට මුහුණ තුවාල වීම අඩු වෙනවා. මොනවා වුණත් හොඳ සොයා ගැනීමක්. මේක ටිකක් බරයි. හැබැයි වැඩේ කෙරෙනවා.

කොහොම හරි පහුගිය කාලේ දවසක මට ඔෆිස් එකේ ෆුල් නයිට් ගහලා උදේ ලෑස්ති වෙන්න ගියාමයි තේරුණේ රේසරය ගෙනැත් නෑ කියලා. මම ළඟ කඩෙන් බ්ලූ 2 එකක් ගත්තා. අනේ මේ කැපෙන්නේ ශෝක් එකට. බැලුවම එක-එක ඒවාට වඩා මේක හොඳයි නේ. හරිම සිම්පල් ප්ලෑන් එක. මමත් සංගා වගේ මාරු වුණා මේ සිම්පල් ප්ලෑන් එකට.

මොනවා වුණත් ත්‍රිත්ව විද්‍යාලයේ සංගා ගත්ත ත්‍රිත්ව ශතකයට මගේ සුභ පැතුම්.

හා ! මේ ඉන්නේ හොරු ටික. මොකද මේ කාන්තා පාර්ශවේ කට්ටිය මේක බැලුවේ. කමක් නෑ. මම දන්නවා බලනවා කියලා. හැබැයි එයාලත් දැන් අපි වගේම ශේවින් ෆෝම් ගාලම ෂේව් කරනවා මෙයාලා. බොරුද බලන්න පහලින් තියෙන පින්තූරේ. හැබැයි මේක කාන්තාවන්ට පමණයි. මොකද මේ මහත්තුරු කට්ටිය මේක දිහා බලාගෙන ඉන්නේ. 


පින්තූරය ගත්තේ : www.wisegeek.com
මේ සටහන ලිවීමේදී අපේ විචාරක තුමාගේ ශෛලිය පොඩ්ඩක් අනුගමනය කළා. එතුමා ආඩම්බර වෙයි මම හිතන්නේ. :)

මේ පහලින් තියෙන පින්තූර අනාගතයේදී සත්‍යයක් බවට පත් වෙන්නත් පුළුවන්.

පින්තූරය ගත්තේ : http://hanistan.blogspot.com
 මේ පින්තූරය ගත්තේ ඒ ගැන බ්ලොග් පොස්ටුවක් දාපු තැනකින්. ගාසා තීරයේ සේවය කරන විදේශිකයෙක් තමයි මේ ඩබල් කිරිල්ල ගැන ලියලා තියෙන්නේ. තවමත් මෙහෙම එකක් නෑ. සමහරවිට එන්න පුළුවන්.
පින්තූරය ගත්තේ : https://www.fasthorseinc.com
මේ පින්තූරයත් බ්ලොග් එකකින්. එහි රචකයා කියන්නේ කොයි තරම් බ්ලේඩ් ප්‍රමාණයක් අවශ්‍යද කියන කාරණය. මේවා අනාගතයේදී වෙන්නත් බැරි නෑ. 

පින්තූරය ගත්තේ : http://russell.heistuman.com
මේ දාපු රසල් මහත්තයා බොහොම රසවත් සටහනක් ලියලා තියෙනවා. ඒ මුවර් ගේ (ඉන්ටෙල් සමාගමේ) න්‍යාය භාවිතා කරමින්. ඒ මාස 18කදී ප්‍රොසෙසර් එකේ වේගය දෙගුණ කරනවා කියන එක. ඒ වගේ දවසක ජිලට් ආයතනයත් මේ වගේ රේසරයක් හදන්න පුළුවන් කියලා තමයි ඔහු කියන්නේ. 

96 comments:

  1. බ්ලෙඩ් 22 එකක් ආවත් ඉතින් , ඔබ තුමා තමයි ඔකා මුලින්ම ගන්නෙ . මෙකෙ තියන විදියට පුදුම හදිස්සියක් නොවැ තිබිල තියෙන්නෙ අලුත් එවා ටෙස් කරන්න

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. මේක ලංකාවට එන්නේ මාස කීපයකට පස්සේ නේ.

      Delete
  2. ඈ බොල සුදීකයෝ එතකොට ඔය ජීවිත කාලේම ඔහේ රැවුල බාන එක විතරද කරේ.. හැක්..

    මටත් මැසිමක් තිබුවා ඒක දුන්නා නායක හාමුරුවන්ට.. මං කපන්නේ මාසෙට දවසයි රැවුල

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇයි අවුල්ද ?

      මාසේ විසි නව වෙනිදා තෝරා ගත්තොත් කොහොමද ඔය දවසට ?

      Delete
    2. දේශකයගෙ මූණ කොහොම ඇත්ද කියල මන් මේ කල්පනා කරන්නෙ :D

      Delete
    3. මටත් එක පාරට මැවිලා පෙනුණා.

      Delete
  3. අපේ තාත්තා නම් රැවුල තනියම දැලිපිහියෙන් කැපුවා. මම නම් එදා ඉඳලා ජිලට් බලු ටු තමයි

    ReplyDelete
    Replies
    1. ඔයා බලු ටු කිව්වම මාරු කතාවක් මතක් වුණා. අපේ ඔෆිස් එකේ හිටියා සෑමා කියලා පොරක්. දවසක් මගේ මොබයිල් එක දැකලා අහනවා "මචං ඔකේ බ්ලු ටු" තියෙනවද කියලා.

      Delete
  4. පිස්සු බම්ප් වෙනවනේ ලොක්කා.

    මාත් මොනව හරි කියන්න එපායැ. මම නම් සෙට්ල් වෙලා ඉන්නේ සුපර් මැක්ස් ට්‍රිපල් බ්ලේඩ් එකට වෙන මොකකින් කැපුවත් එහෙම ගතියක් නෑ මට නම්. මම ඉලෙක්ට්‍රික් ෂේවර් පාවිච්චි කලා. අර ‍Philishaver හෙම. නමුත් ඇත්තෙන්ම ඒවායෙන් ඔය සාම්ප්‍රදායික රේසර් එකක් තරම් කිට්‍ටුවෙන් ස්මූත් එකට ගැඹුරට කැපෙන්නේ නෑ. ඒක මම පාවිච්චි කරන්නේ ඔය බාතෲම් එකට නොයා අමුවටම ‍රැවුල කපන්න වෙන වෙලාවට විතරයි.

    ඔය උඩ අතර කපන්න එපා කියලා උඹ කියන කතාව ඔය ගැන උපදෙස් දෙන කවුරුත් කියනවා. නමුත් රේසර් දැන්වීම් වල අවා පෙන්නන්නේ ඒ විදියට කපන්න. ඇත්තෙන්ම මාත් කපන්නේ ඒ වැරදි පැත්තට. Against the grain. ඒ කියන්න ඉස්සෙල්ල හරියට කපලා දෙවෙනි වතාවට උඩ අතට against the grain කපනවා. අන්න එතකොටයි පැය විසි හතරක් අල්ලා සිටින සුමුදු නිමාව ලැබෙන්නේ. නැතිනම් දවසෙන් බාගයක් යද්දි ක‍ටු ඇනෙනවා.

    ReplyDelete
    Replies
    1. අර විචාරක තුමා පහලින් කියන්නේ ශේවර් එකක් ගන්න කියලා. මගේ දැනුමේ හැටියට වැරදි අතට කැපුවම ඒවා ඉදෙනවා ඉක්මනට.

      Delete
    2. ඩූඩ් කිව්ව වගේ වැරදි අතට කපන්නෙ නැතිව කැපෙන්නෙ නෑ හරියට ...නැත්නම් දවල් වෙනකොට ක‍ටු ඇනෙනව. සමහර විට අපේ ‍රැවුලෙ/මුහුනෙ පිහිටීම වෙන්න පුලුවන්.

      Delete
    3. // සුමුදු නිමාව ලැබෙන්නේ//
      උබෙ මුනට........... හය්යො බඩ කොර වෙනවො

      Delete
  5. කතන්දර තට්ටේ ගාන්නෙත් තල 5 එකකින් වගේ මතකයි.. අර සෙක්සි තට්ටේ ලිපියෙ තිබුණා.. ඔය ඔක්කොටම වඩා මරු මෙට්ල් ගාඩ් බික් තනි තලේ.... රේසරය.

    ReplyDelete
    Replies
    1. නලින් තට්ටේ ගෑවේ මොන එකකින්ද ? තනි තලෙන්ද ?

      Delete
    2. අන්න කොල්ලෝ ,දාන්ඩ නලින් අයියේ පහක්. මම මේ බැලුවේ මම විතරද ඒක පාවිච්චි කරන්නේ කියලා. අන්න සිම්පල්ම රෙසරේ ...

      Delete
  6. සුදීක අයියේ අලුත් ඒව ටොස්ට් කොරන්න ගිහිල්ල වෙච්චි අකරතැබ්බ වලුත් දැම්මනම් නේද හොද??

    මමත් ජිලට් 02 තමා... සුමුදු රැවුල බෑමකට නම් ජිලට්... ජිලට් නම් රැවුල... රැවුල නම් ජිලට්...

    ප.ලි. මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමක් පමණි...

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හෙක් මගේ පොස්ට් එකත් දැන්වීමක් වගේ තමයි. අකරතැබ්බ නම් නෑ. ඔය තොල, කුරුලෑවක් වගේ නම් කාගේත් කපෙනවනේ.

      Delete
  7. අදනං සුදීක ජිලට් කොම්පැණියෙන් කෝට එකක් අරන් වගේ. :D
    මාත් මුලින්ම පාවිච්චි කළේ BiC 2 එක. ඒත් ඒකට මූන සීරෙනව. ඊට පස්සෙ ඉඳල මේ වෙනකල්ම පාවිච්චි කරන්නෙ ජිලට් II එක තමයි.
    අර තාත්ත කපපු ජාතියෙ රේසර් තල දාන රේසර් තාම තියෙනව. ඒත් ඒව ඉස්සර ඒව තරං කොළිටි බඩු නෙමෙයි.

    ‍ශේවිං ෆෝම් = බාන පෙන
    ආෆ්ටර් ශේච් = පසු බෑම් නරකද මේ වචන.

    ReplyDelete
    Replies
    1. ඇයි උඩින්ම දාලා තියෙන බික් එක දැක්කේ නැතෙයි ?

      හික් හික් නියම නම් දෙක

      Delete
  8. කාන්තාවන් රැවුල බාන්නේ රේසරෙන්ද කියා මම දවසක් ඇහුවා,නෑ අපි ප්ලාස්ටර් එකක් අලවල ඇදල දැම්මහම ඔක්කොම රවුල් ගස් ගැලවිලා යනවා කියල කිව්ව,ටිකක් වේදනයිලු නමුත් රෙසරේ පාවිච්චි කරනවට වඩා ලෙසිලු.

    ReplyDelete
    Replies
    1. ලොක්කා නඩුව පරදියිද ?

      Delete
  9. ඔය සල්ලි එකතුකරලා මම කිව්වට අරන් බලන්නකෝ ෆිලිප්ස් ඉලෙක්ට්‍රික් රේසර් එකක්. වතුර නැතුවත් කපන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. " වතුර නැතුවත් කපන්න පුළුවන්." මොනව ගැනද විචාරක මහත්තයා කියන්නේ ... :D

      Delete
    2. හරි බලමුකෝ. ඕකත් ට්‍රයි කරලා.

      Delete
    3. විදුලි රෙසරයේ අධිවේගී ක්‍රියාකාරිත්වය නිසා මුහුණේ වතුර නොගා රැවුල කාපිය කකියි. හැබැයි ඊටේ සිට අද දක්වා වැවුණු කොට රැවුල් ගස් පමණයි. අත්දුටුවයි සත්තයි.

      Delete
  10. රැවුල කපන එක නම් දැන් කරදරයක් තමයි.. මොකට ආවද මන්දා ඕව. :)

    බ්ලේඩ් එක ඇඟිල්ලට දාල රැවුල කපන එවුනුත් ඉන්නෙ. සමහරු තාම දැලි පිහි පාවිච්චි කරනව.. මං නම් ජිලට් ටු.

    ReplyDelete
    Replies
    1. ඇඟේ මයිල් කෙළින් වෙනවා ඔය කතාව ඇහුවම.

      Delete
  11. හැක් ...........උඩ රැවුලද යට රැවුලද

    ReplyDelete
    Replies
    1. ඇනෝ මල්ලිට කැමති එකක්.

      Delete
  12. මමනම් ඉතින් රැවුල සම්පූරණයෙන් කපන්නෑ සතියකට පාරක් සැලුන් එකට ගිහිල්ල මැෂින් එකෙන් ට්‍රිම් කරගෙන එක තමා කරන්නෙ...ඉදල හිටල රැවුල කපල වැදගත් ගමනක් යන්න යෙදුනොත්නම් එදාට ජිලෙට් බ්ලූ 2 තමා :)

    ReplyDelete
    Replies
    1. මේ ළඟදී අපේ ඩ්‍රයිවර් මල්ලි කෙනෙක් (අවු 28-30 විතර ඇති), බදුල්ලේ යන ගමනකදී දෙමෝදර සැලුන් එකකට රිංගුවා. ආවට පස්සේ මම ඇහුවා

      "උඹ සැලුන් එකකට යන්නේ කම්මැලි කමට නේද ?"

      "නෑ ලේසියට"

      Delete
  13. ඉදල හිටල ආසාවට වගේ බ්ලු 2 1න් කැපුවට මාකද වැඩි හරියක්රැවුල වවන 1 තමා කරන්නෙ හැමදාම කපන්න කම්මැලිනෙ.
    අර උඩ දාල තියෙන 1කින් බ්ලේඩ් 1ක් දාල මාත් කපල තියෙනව අපොයි ඊට වඩා හොදා නොකපම ඉන්නව... අම්බ වහක්

    ReplyDelete
    Replies
    1. මගේ දත් හිරි වැටෙනවා දැක්කම.

      Delete
  14. ඔය රැවුලත් වෙලාවකට එපා වෙනවා ,වෙලාවකට ජොලි .හැබැට පුදුම මහන්සියක් නේ වෙලා තියෙන්නෙ රැවුල කැපිල්ලට මම ලිව්වා ඔක ගැනම ,ගොඩක් දෙවල් නෑ

    රැවුල් කැපිල්ල

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල කාලයත් එක්ක පොඩි සටනක ඉන්නේ. පුළුවන් විදියට ඒ පැත්තේ එන්නම්.

      Delete
  15. අපි නම් කපන්න ගත්තු දා ඉදන්ම ඔය සිම්පල් ප්ලෑන් එකේ තමා.

    මම මුලින්ම කපපු දවස (රැවුල) උණ හැදිලා සේලයිනුත් දීලා ගොඩ එන්න තරම් සොදුරු මතකයක් රැවුලත් සමග ඇත.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මල්ලියේ. ලියමුකෝ ඒ කතාව.

      Delete
  16. සුදීකගේ රැවුලට සෑහෙන වයසයිනේ බලන් ගියාම...

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්... උඹ ඉතිං ඇඟිල්ල දිහානේ බැලුවේ.

      Delete
  17. අයියෝ සල්ලි සුදීක මහතා මම මහතාගේ කොමෙන්ටු වාරණය කරලා වගේ....! වරදක් වීදැයි නොදනිමි......එසේ වීනම් සමාව භාජනය කරමි.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ කෑවැයි.

      Delete
  18. 2003 ඉදන් මම කපන්නෙ අහුවෙන එකකින් ඔය මොකවත් නෑ සබන් ටිකක් එහෙම ගාල ගත්තම සුපිරිවට කැපෙනවා.දන්නවනෙ ඉතින් අපි කපන කැපිල්ල යට ඉදන් උඩට

    ReplyDelete
    Replies
    1. අහු වෙන එකකින් ? බලාගෙන :)

      Delete
  19. මටත් ඔය රැවුල කපන එකනම් මහ වදයක්..මම කොහොමත් කැමති ගානකට ට්‍රිම් කරලා තියාගන්න.වැඩේ ලේසියි...

    ReplyDelete
    Replies
    1. මමත් කාලයක් ඕක කරන්න ගියා, කරුමේ කියන්නේ වැඩේ හරි ගියේ නෑනේ. වෙලාව මදියි.

      Delete
  20. Replies
    1. මේ කමෙන්ට් එකෙන් කියන්න පුළුවන්, ඔයා ටච් සිස්ටම් එකට ටයිප් කරන කෙනෙක් කියලා.

      Delete
  21. එදත් අදත් කවදත් mach3

    ReplyDelete
    Replies
    1. මැලේ මල්ලි තනි වචනේ මිනිහා එහෙනං.

      Delete
  22. මමත් කරන එකක් තමයි රැවුල කපන්න කලින් මූන උණු වතුරින් හෝදන එක සහ razor එක ඇල් වතුරින් හෝදන එක. එතකොට razor එක වැඩි වාර ගණනක් පාවිච්චි කරන්න පුලුවන්.

    හැබැයි රැවුල කියල සබන් කපන අයට මේක අදාල නෑ :)

    ReplyDelete
    Replies
    1. හොඳ තොරතුරක්. ට්‍රයි කරලා බලන්නම්.

      Delete
  23. අයියෝ බොලං...රැවුල බාන්න විදලා තියෙන දුකක්...සිරා කොලුවා නම් එදත් අදත් බ්ලූ 2 තමයි....මම විනාඩියට දෙකට රැවුල කපන එකෙක්...මුල්ම කාලෙ තාත්තගෙ බ්ලේඩ් දාන එකකින් කැපුවෙ...පොඩ්ඩ එහා මෙහා වුන ගමන් ලේ පනිනවා...පොඩි කුරුලෑවක් එහෙම තිබුනොත්....

    ReplyDelete
    Replies
    1. මම හිතා උන්නේ සිරා කොලුවා පිළිවෙලකට වැඩ කරන නිසා මේවත් බොහොම පරිස්සමෙන් කරනවා ඇති කියලා. උඹ තාම ඉලන්දාරියා නොවේද ?

      Delete
    2. ඉලන්දාරියා තමා බොලන්...ඉලන්දාරියා අග කොටසෙ දැන් ඉන්නෙ...මම කොහොමත් විච්චූරණ පස්සෙ දුවන එකෙක් නෙමෙයි එදා වගේම අදත්...මට ගැලපෙනවා නම් කවුරු පාවිච්චි නොකලත් මම පාවිච්චි කොරනවා...මම රැවුල කපන්නෙ සතියට දවස් දෙකයි...ඒ සදුදා සහ බ්‍රහස්පතින්දා....

      Delete
  24. ඔය විදිහයට හිතෙන හිතෙන විදිහට කපන්න" පාට පාට රැවුලක්" ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
    2. රෑට රෑට පවුලක්

      Delete
  25. කඩේට ගියහම ඇහැට දකින එක ගන්නවා බං

    ReplyDelete
    Replies
    1. මං දන්නැතැයි උඹේ වැඩ.

      Delete
    2. මොකක් කපන්නද උබ දකින දකින එක ගන්නෙ

      Delete
  26. කම්මැලි රැවුල කපන්න ඇත්තටම. ඒ හින්දා ඔහේ වවනවා. මාසෙකට සැරයක් සේරම බරු ගහලා දානවා. මමත් අර ජිලට් දෙක නැතිනම් තල තල මාරු කරන ජිලට් එක තමයි එහෙම වෙලාවට ගන්නේ

    ReplyDelete
    Replies
    1. උඩ බලන්න අපේ කම්මැලි ඩ්‍රයිවර් මල්ලි මොකද කලේ කියලා.

      Delete
  27. අපේ අප්පච්චි තවමත් රැවුල කපන්නේ අර දෙවනියට දාල තියෙන රේසර් එකකින්. ඕකට බොහොම සීරුමාරුවට ‍බ්ලේඩ් මාරු කිරීමත් පරිස්සමින් කරනවා. අපි එහෙම කැපුවොත් ඒ එකකින් මාසයක් විතර ඉස්පිරිතාලේ ඉන්න වෙයි.

    නූතනයට එන කොට අර අන්තිමට දාල තියෙන ඒව යෙන් රැවුල නෙවෙයි ගෙ‍ොයම් කපන්නත් පුලුවන් වගේ පේන්නෙ

    ReplyDelete
    Replies
    1. මේවා හදන්න කොයි තරම් මහන්සි වෙනවා ඇත්ද ?

      Delete
  28. මාත් දන්න කාලේ ඉදන්ම ජිලෙට් තමයි.. ශේවින් ක්‍රීම් එක පවා ජිලෙට්.. අළුත්ම ජිලෙට් ටේසර් එකේ අග රටවල් වල කොඩි ගහලා තියෙනවා.. මාත් මේ එකක් හොයනවා.. ඊයේ පෙරෙදා ඇඩ් එක දැක්කේ.. යුටියුබ් ගහලා බලන්න.. රොජර් ෆෙඩරර්, ලයනල් මෙසී ඉන්නේ ඇඩ් එකට..

    ReplyDelete
    Replies
    1. මම ආසම ක්‍රීඩකයෝ දෙන්නෙක්. බලන්නම්.

      Delete
  29. මචං මාත් ඉතිං චාරයක් නැති මිනිහනේව ඉතින් නොවැරදීම හැම ඉරිදාම රැවුල කපනවා ..!!!

    ReplyDelete
    Replies
    1. හැක් හැක් පල්ලි යන්නද ?

      Delete
    2. අපොයි නෑ මචං මං බුද්ධහගං කාරය නේව මං කිව්වේ ඉතින් සතියටම එකදවසයි නේව රැවුල කපන්නේ කියලා

      Delete
  30. මම නම් රැවුල කපාගන්නේ නැති තරම්.. මට නම් රේසර් එකක් වත් නෑ... හිහ් හිහ්... මගේ මූණට ෆුල් ෂේව් හරියන්නෑ අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. එහෙම අයත් ඉන්නවා තමයි.

      Delete
  31. හි හි... එපා කිව්වට අපි කවද්ද ඒව ඇහුවෙ...

    ReplyDelete
    Replies
    1. මම හිතුවා කොස්වටු කන්දේ රොසලින් නැන්දගේ දුව දැන් බ්ලොග් කියවන්නේ නෑ කියලා.

      Delete
  32. මමත් ඉතින් ජිලට් සාමාජිකයෙක් තමයි

    ReplyDelete
    Replies
    1. වැඩි හරිය එහෙම තමයි.

      Delete
  33. හෆුයි මට නම් එකක් කියල නෑ. කෝමත් මාසෙකින් විතර කපන නිසා කපන දවසට අලුත් එකක්ම ගන්න වෙනව ගොඩක් වෙලාවට. තල එකට වඩා තියන එව්වගෙන් කපන්න බෑ රැවුල ටිකක් වැව්නහම. gillette guard කියන තනි තලේ එක නම් මට මල්. ඊයෙ පෙරේද දවසක හදිස්සියේ රැවුල කපන්න වෙලා බැලුවම එව්ව ඉවරයි කඩේ. gillette vector එකක් තිබිල ඒකෙන් කැපුවෙ. විනඩි 45ක් විතර ගියා වැඩේට. වැඩි ගානක එකකින් වැඩි වෙලාවක් ගිහින් වැඩේ කරගන්නවට වඩා මට නම් අර කිව්ව වගේ සිම්පල් ප්ලෑන් වටිනව.

    ReplyDelete
    Replies
    1. මට දවසක් ශේවින් ෆෝම් එකත් එක්ක ජිලට් ගාඩ් එකක් හම්බ වුණා. එකෙන් කපද්දී දෙයියෝ සිහි වෙනවා මල්ලි.

      Delete
  34. සුදීක.....මගේ රැවුල හරියට ඉඩෝරෙට වැවෙන තණකොල වගේ. මම දන්න කාලේ ඉඳන් කපන්නේ අර උඩම තියෙන බික් තල තුනේ ඩිස්පෝසබල් රේසර් වලින්. දැන් උඩුරැවුලත් කපන නිසා තුන් හතර පාරක් වුනත් අර එකක් පාවිච්චි කරන්න පුළුවන්. නිකන් සබන් තම්යි පාවිච්චිය. ඕල්ඩ් ස්පයිස් තමයි ආෆ්ටර් ශේව් කොලොන් එක.

    ReplyDelete
    Replies
    1. මොන හේතුවක් නිසාද මන්දා මම දවස් කීපයයි බික් වලින් කැපුවේ.

      Delete
  35. මේ දවස්වල මයිල් කතාවක් යන නිසා වෙන්න ඇති රේසර් මතක් උනේ.. බොහෝම මහන්සිවෙලා ලියාපු ලිවිල්ල නම් හොඳ ෂේව් එකක් ගත්තා වගේම තමයි.. අපි ඕවා පාවිච්චි කලාට, දැන් සුද්දෝ පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රික් ෂේවර්ස්.. මාත් දෙකක් විතර පාවිච්චි කලා.. ඒත් දෙකම සැත්ත පෝච්චි.. වතුර ගිහින්.. තව එකක් ගන්න ඕන.. දැනටනම් ජිලඩ් බ්ලූ ටූ එකකින් ඇදලා දානවා..

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට අපි ඇමරිකාවට හෙන මුදල් සම්බාරයක් යවනවනේ ?

      Delete
  36. හොද විස්තරයක්.
    ආෆ්ටර් ෂේව් මම ගොඩක් කල් පාවිච්චි කලේ ස්පයිස් කියන වර්ගය.
    දැන් නැහැ මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕල්ඩ් ස්පයිස්. අර අරුගේඅඩවිය තවමත් පාවිච්චි කරනවා කියන්නේ.

      Delete
  37. කාලේ විනාස කරන්න මේ පොස්ට් එක ගොඩක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඔයා මගේ අනිත් පොස්ට් බලලා නැහැ එහෙනම්. ඒවායේ ෆොටෝ වලට වඩා තියෙන්නේ වචන. ඔය දිගම ඇති.

      Delete
  38. අදයි පෝස්ට් එක කියවුවේ,,ඔයා පියවරෙන් පියවර ලියලා තියෙනවා ලස්සනට. මට රැවුලක් නැහනේ කපන්න ..අපේ තාත්තා රැවුල කපනකල් මං පොඩි කාලේ ලගට වෙලා බලන් ඉන්නවා. එයා හැමදාම තුවාල කරගන්නවා..බික් ඔරේන්ජ් එකකින් තමයි කැපුවේ,.ඊට පස්සේ අවුරුදු 18 දී වගේ අපේ සීයා මැරෙනකල් අවුරුදු 3,4 ක් වගේ එයාගේ රැවුල කැපුවේ මං. එයා ලග තිබ්බේ අර උඩ පියන කරකෝලා ගලවලා බ්ලේඩ් තලේ තියලා ආයේ පියන කරකවන එක,, ඒකෙන් කපලා සයිඩ් බම්ප් දෙක ගාව කම්මුල් දෙපැත්ත දැලි පිහියෙන් කපන්නේ .. එයාගේ නිතර රැවුල වැවුනා..සතියට සැරයක් කපනවා.. මං එක එක කට් වලට කපලා ඊට පස්සේ කපලා දානවා ... දැන් නම් අවුරුදු 2.මාරක් ඉදලා හැම දවස් දෙකකටම සැරයක් මගේ එම්ප්ලෝයර්ගේ රැවුල කපන්න ඕනේ,, හෙඩ් එක මාරු කරකර රටාදාලා කපන්න ඕනේ,, ෆිලිප්ස් ත්‍රී හෙඩ් ශේවින් මැෂින් එකකින් මුණ සොෆ්ට් වෙන්න අල්ලන්න ඕනේ..දවසක ෆොටෝ එකක් දාන්නම්කො

    ReplyDelete
    Replies
    1. ඔයා මේක පහු වෙලා දැම්ම එක හොඳයි.

      Delete
    2. එහෙමද ,,හ්ම්ම්,,

      Delete
  39. මාත් අයියා තරම් නොවුණත් සංකීර්ණ ප්ලෑන් කීපෙකට ගිහින් ජිලෙට් බ්ලූ ටූවලට මාරුවුණා. ඒ වගේමයි ඉස්සර තරම් රැවුල කැපිල්ලක් දැන් කරන්නෙත් නැහැ :D

    ReplyDelete
  40. මම ගත්තා කොන්ඩේ කපන මැෂින් එකක් එකෙන් නියමෙට රැවුල කපන්න පුළුවන් සබන් ගන්න ඕනෙත් නෑ......................... ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් එත් රැවුල ටිකක් ඉතුරුවෙනවා මට එක අවුලක් නැතිනිසා ප්‍රස්නයක් නෑ.....

    ReplyDelete
  41. දැන් Mach3 කාට්‍රිජ් දෙකේ පැක් එක රු500ක්!! රැවුල නෙමේ බෙල්ල කපාගන්න හිතෙනවා ඒක දැක්කාම...

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...