මේ කියන සිද්දිය 1986-87 කායලට දිව යන්නක්. ඒ කාලේ ඕ ලෙවල් කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් උන්නේ. පොත් පත් වලට ඇස් ඔබාගෙන හිටපු ඒ අසීරු යුගය පහු කරලා, කුරුල්ලෙක් වගේ නිදහසේ සැරිසරන්න ලැබුණ මේ මාස කිහිපය, මගේ ජීවිතයේ රසවත්ම කාලය කියලා කියන්න පුළුවන්. මේ සමය මා අංශ කිහිපයකින්ම නිදහස ලැබූ යුගයක්. ආර්ථික නිදහස, අධ්‍යාපන නිදහස වගේම සමාජීය නිදහස උපරිමයෙන් භුක්ති වින්දා.
පින්තූරය ගත්තේ : http://www.exoticmeatmarkets.com/ |
ඒ දිනවල මගේ දිනචර්යාව වුණේ, නගරසභාවට අනුබද්ධව කෙරීගෙන ගිය නිවාස තක්සේරු නිලධාරීන්ගේ සහයකයෙකු ලෙස කල දෛනික සේවය අවසන් කර සවස ක්රීරීඩා කිරීම. ඒ මගින් මගේ අවශ්‍යතා සපුරා ගැනීමට සරිලන වැටුපක් සොයා ගන්න සමත් වුනා. කොටින්ම ඒ ලෙවල් කරන්න අවශ්‍ය පාසල් නිල ඇඳුම්, සපත්තු සහ වෙනත් දේවල් බොහොමයක් මම සපුරා ගත්තේ මගේ දාඩිය මහන්සියෙන්. මේ අතරවාරේ උසස් පෙළ ගණිතය සඳහා පන්ති යන්නත් වග බලා ගත්තා. ඉතිං ආර්ථික නිදහස ලැබුණේ ඔන්න ඔය විදියට. අපේ නිවාස ළඟ කුඩා කඩයක් පවත්වාගෙන ගිය දයානන්ද අයියා(බාප්පා) ගේ කඩෙත් මම නිතර ගැවසෙන තැනක් වුණා.
උදේ හතට ගෙදරින් ගියේ පාපැදියෙන්. ඉන් පස්සේ මගේ ඉහල නිලධාරියා වුණ ධර්මරත්න මහත්මයා මගේ සයිකලයේ තබාගෙන අදාළ ප්‍රදේශයට යනවා. අපේ සහයට තවත් සේවකයෙක් සිටිනවා. එයා තමයි ටේප් එකේ කෙලවර අල්ලා ගන්නේ. මගේ රාජකාරිය බිත්තිය දිගේ ටේප් එක ගෙනගොස් ඇතුලත බිත්ති ඇති තැනදී අදාළ කියවීම ධර්මරත්න මහත්තයාට කියන එක. එහෙම කියන්නේ "දහතුනයි පොයින්ට්, විස්සයි පොයින්ට්" ආදී වශයෙන්. පොයින්ට් කියන්නේ බිත්තිය පිහිටන තැන. දහවල් 12න් පස්සේ මගේ රාජකාරිය අවසන්. මම කෙලින්ම ගෙදර දුවගෙන එනවා. දුවගෙන නොවෙයි පැදගෙන. එහෙම ඇවිත් දවල්ට තියෙන දෙයක් කාලා, පිට්ටනියට යන ඇඳුම ඇඳ ගන්නවා. එහෙම අඳින ඇඳුම හොඳින් හොදා අයන් කරන්න මම අමතක කලේ නෑ.
මගේ ඉලක්කය වුණේ, පාසල ඇරෙන්නට පෙර ගාමිණි විද්‍යාල ක්‍රීඩාංගනයට යන එක. එහෙම යනකොට අපේ කණ්ඩායමේ කිසිවෙක් ක්‍රීඩාංගනයේ නෑ. මම කෙලින්ම යන්නේ පිට්ටනියේ ඈත කෙලවරේ තියෙන සුසිරිපාල - කුසුම්සිරි කියන මගේ වයසේ සහ මදක් වැඩිමහල් අප කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නිවසට. එහි තමයි අපගේ පාපන්දු සහ ක්‍රිකට් උපකරණ රාත්‍රී කාලයේ තබන්නේ. මීට අමතරව අපේ පිපාසාව සංසිඳුවා ගන්නේ එම නිවසින්. මම පාපන්දුව පමණක් ඉල්ලාගෙන එයට පයින් තට්ටු කරමින් එන්නේ මෑත කෙලවර තිබෙන ගෝල් කණුව වෙත. එයට මදක් ඔබ්බෙන් පිට්ටනිය අසලින්ම ගමන් ගන්නා අඩි පාරත්, තවත් යාර කිහිපයක් ඔබ්බෙන් ඇති ලඳු කැලෑව සහ පොල් ගස් කිහිපයේ සෙවනට. එතනින් ඔබ්බේ තියෙන්නේ ලන්දේසි ඇල. මෙතන ඉඳන් මා හොරගල් අහුලන්නේ පාසල නිම වී එන එක්තරා ශිෂ්‍යාවක් දකින්නට.
ක්‍රීඩා සමාජයේ උප ලේකම් වශයෙන්, මේ අයගේ සම්පූර්ණ පැටිකිරිය දන්නා නිසාත්, ඔවුන් සමග තොරතුරු හුවමාරු කර ගන්නා නිසාත් යම් හිතවත් කමක් ඔවුන් සමග ගොඩනගාගෙන තිබුණත්, ඒ කාලයේ කෙල්ලන් සමග දොඩමළු වන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුණේ නෑ. නමුත් පාසල ඇරෙන තුරු පාපන්දුවෙන් තනිවම පුහුණු වීම මගේ ජීවන පුරුද්ද වුණා.
මා ඇරුණුපසු මෙහි කලින් පැමිණෙන තවත් දෙදෙනෙක් සිටියා. පළමුවැනියා එම පාසලේම පහල පන්තියක ඉගෙන ගන්නා සිසුවෙක්. අපි ඔහුට ආදාරයට හෝ උසුළු - විසුළුවට කිව්වේ ජෙමස්සිනා කියලා. ජෙමස්සිනා කාල වර්ණ, කෙසඟ කොලුවෙක්. ඉත්තෑකූරු කොණ්ඩයත්, ගිලී ගිය දෑසත් ඔහුට සැපයුවේ භයංකාර පෙනුමක්ද නැතිනම්විකට පෙනුමක්ද කියා අදටත් මට හිතා ගන්න බෑ. නමුත් ජෙමස්සිනාට ඉතා හොඳ තීක්ෂණ ඇසක් තිබුණා. ඒ බව පසක් කරන්නේ ඇල අයිනේ ඇති පොල්ගස් වල තිබෙන ගෙඩි ගණන හරියටම නිවැරදිව සටහන් කිරීමට තිබූ හැකියාව.
"සුභාෂ් අයියේ අන්න අර ගහ යට ගෙඩියක් තියෙන්න ඕනේ. අර ගහ යට දෙකයි. අදට ඒ ඇති"
එසේ පවසා ලඳු කැලෑවට රිංගන ජෙමස්සිනා ආපසු එන්නේ අතින් කටිං පොල් ගෙඩි බාදාගෙනය. ගෙන එන පොල් ගෙඩි අප අසල හෙළන කොලුවා වචනයකුදු නොදොඩා නැවතත් ලන්දට රිංගයි. ඔහු නැවත එන්නේ කහඹිලියා ගසක් මුලින් උදුරාගෙනය. මෙය අපට සුලබ දසුනකි. ඉන්පසු කහඹිලියා මුල සූරා ගන්නා හෙතෙම, කහඹිලියා ගෑවී, පලු නැගී ඇති තැන්හී අතුල්ලයි. සැනෙන් ඉන් සහනයක් ඇතිවන බව අත්දැකීමෙන් දනිමු. මෙය අපටහඳුන්වා දුන්නේ රෝහණ අයියයි. මෙය ඔබ අප සැම මතක තබා ගත යුතු කාරියකි. එය විසෙන් විස නැසේ කියන කියමන පසක් කරනවන එක් උදාහණරයක් පමණි.
ඉන්පසු අප තිදෙනා පිය නගන්නේ ක්‍රීඩාංගනයට වාහන ඇතුලත් වීම වලක්වනු පිණිස අඩි හයෙන් හය පමණ පරතරයෙන් තබා ඇති කළුගල් වෙතය. දෑතින් ඔසවා පොල් ගෙඩි එම ගල් මතට දමා ගසන්නේ කතරගම දේවාලය සිහි ගන්වමිනි. නමුත් එහි වෙනසක් වේ. ඒ අප අත ඇත්තේ ලෙලි නොගැසූ පොල් ගෙඩිය. තවත් විනාඩි කිහිපයකින් පොල්ගෙඩිය වටා ඇති ලෙලි සහ පොල්මුඩු ඉවත් කරන්නට තරම් අප සමත් වන්නෙමු. එම හැකියාවන් තවමත් අප තුල පවතී. අප මෙසේ ලෙලි ගසා ගන්නා පොල් ගෙඩිය ඉරටුවක ආධාරයෙන් එහි එක්ඇසක් විද වතුර ටික පානය කරමු. එය කාලය ගන්නා විට අප කරන්නේ පොල් ගෙඩිය අතේම තබාගෙන ගලේ ගැසීමය. ඉන්පසු ඉතිරි වතුර ටිකද, පොල්ද කා දැමීම අරඹමු. මේ වනවිට තවත් දෙතුන් දෙනෙක් අප අසලය.
ඉමහත් කෙලිදෙළෙන් සහ සමගියේ ගතකල මේ සුන්දර කාලය කෙසේ අමතක කරන්නද ? නමුත් ඔබ තුල තවමත් නොවිසඳුණු ගැටළුවක් ඇත. ඒ සිංහ පීකුදු පිට්ටනියකට එන්නේ කෙසේද යන්නයි. සිංහ පීකුදු අප වෙත ගෙන එන්නේ සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින ප්‍රසන්නයි. ඔහු සේවය කරන්නේ ඔහුගේ බාප්පාට අයිති අයිඩා ස්වර්ණාභරණ ආයතනයේය. එහෙනම් සුද්දන් මාර්ගයෙන් සිංහ පීකුදු අපවෙත එනවා යයි ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් දකුණු අප්‍රිකාව වැනි රටකින් හැරෙන්නට සිංහ පීකුදු කෙසේ මෙහි ගෙන එන්නද ?
ප්‍රසන්නගේ මුහුණට සමාන මුහුණක් අන්තර්ජාලයෙන් සොයා ගත නොහැක. ක්‍රිකට් පිස්සෙකු වූ ඔහු අත යහමින් මුදල් ගැවසේ. ගෙල වටා බැඳී රන් කඹය එයට සාක්ෂි සපයයි. බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ඩෙවොන් ස්මිත්ට සමාන රූ සපුවක් ඇති ඔහු නිතරම සිනා මුසු මුහුණින් සහ විහිලු තෙපලමින් කල් ගෙවයි. ක්‍රීඩාංගනයට එන්නේද ඔහුගේ මෝටර් සයිකලයෙනි. පොලීසියේ සාජන් වරයාද ඔහුගේ හොඳම මිතුරෙකි. සිංහ පීකුදු හා පොල් කෑම කෙතරම් රසවත් දැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන. ඇත්තටම සිංහ පීකුදු මොන රස ඇත්ද ? මා නම් කිසි දිනක කටේ තබා නැත. සමහරවිට වේලාපු ගෝන මස් රස මෙන් විය හැක. නමුත් ප්‍රසන්න නමැති මේ තරුණයා ඔහු විසින්ම ඔහුට අමතා ගන්නේ සිංහ පීකුදු යනුවෙනි. අපේ ගමේ ඕනෑම කෙනෙකු ඔහු හඳුනාගෙන ඇත්තේ සිංහ පීකුදු ලෙසය. අද මෙන් එදා පච්ච කෙටිල්ල තිබුණා නම් අනිවාර්යයෙන්ම ඔහු පපුවේ පච්චයක් ලෙස "සිංහ පීකුදු" කොටා ගනු ඇත.
මා වරක් ඔහුගෙන් එහි තේරුම අසා ගත්තේ වාසනාවටය. නැතිනම් ඔහේ කියන්නං වාලේ මටත් සිංහ පීකුදු යනුවෙන් මුමුණ මුමුණා ඉන්නට හැක. අද දින ඔබ වෙත ගෙන එන්නේ එදා දූරදර්ශීව ගත් ඒ තීරණය නිසාය.
"මචං කැලේ රජා කවුද ? සිංහයා. සතෙක්ගේ තියෙන හොඳම කෑල්ල මොකක්ද පීකුදු. ඉතිං සිංහ පීකුදු කියන්නේ ආයේ කාටවත් සෙකන්ඩ් නැති රජ පොරක්ටනේ. ඉතිං මම එහෙම නැද්ද ? "
ඇත්තටම කෙනෙකුට සිංහ පීකුදු අවශ්‍ය නම් http://www.exoticmeatmarkets.com/lionliver1lb.html වෙත යන්න.
_____________________________________________
ප්‍රසන්න නොහොත් සිංහ පීකුදු කොහේ හෝ ජීවත් වනවා යන්න මගේ විශ්වාසයයි. නමුත් ජෙමස්සිනා පිලිබඳ කිසිම ආරංචියක් නොමැත. ඔහු එකල පෞද්ගලික ආරක්ෂක භටයෙකු ලෙස රැකියාවට ගියේ තම පවුලට තිබූ දුෂ්කරතාවන් පමණක්ම නිසා නොව, සහෝදර දේශපාලනයට සම්බන්ධව ඔත්තු බැලීමට එය කදිම අවස්තාවක් වූ බැවිණි. ඉන් පසු ඔහු ගැන කිසිදු ආරංචියක් ලැබුණේ නැත.
_____________________________________________
කාට හරි කමෙන්ට් කරන්න හොඳ නමක් නේ සිංහ පීකුදු ?
ඔයා මොකක්ද ඒ කරපු වැඩේ අර ගෑණු ළමයෙක් එනකල් බලන් ඉන්නවා කියලා ඉවරවෙලා ජෙමස්සිනෙක් ගැන කිවා :( ඔය 86 .87 කාලේ තමයි අපේ තාත්තත් අම්මට ටෝක් කරලා තිබ්බේ ..කහඹිලියා වලට ඔය ප්‍රතිකාරේ අපි දැනගෙන හිටියේ නැහැනේ ඒකාලේ..පොල් තෙල් තමයි ගාන්නේ කැලේ දගලලා ආවම. ,,රාජකාරි ගවේෂකයගේ මතක සටහන් හරිම ෂෝයි
ReplyDeleteකරුමේ කියන්නේ රාජකාරි අත්දැකීම් ලියලා තියෙන්නේ බොහොම පොඩ්ඩයි.
Deleteසිංහ පීකුදු පොල් එක්ක කීවම ටිකක් ඊෂ් වගේ. :)
ReplyDeleteලඟදි තාරා පීකුදු කෑවා...නිකං මොන රහද කියලා බලන්ට විතරයි.
නම නොකියා දුන්නොත් නම් ඕන එකක් කයි.
Deleteමම ඇහැව්වමයි සිංහ පීකුදු කනවා කියල.
ReplyDeleteගාන දැක්කම පික්ෂු පීකුදු උනා බං....
රුපියල් හතලිස් දාහක් වගේ යන්නේ කිලෝ එකකට. මෙහෙ ෆුඩ් සිටියේ වගේ ග්‍රෑම් 100ක් ගන්න බැරිද දන්නේ නෑ :)
Deleteහිතුවට වඩා සුදීකයිය වයසයිනෙ :D
ReplyDeleteඕක තියෙන්නේ හිතේ තමයි. හිතිං තරුණව ඉන්න පුළුවන්.
Deleteයකෝ අපි ජිල් ගහන කාලේ උඹ ජොබ් කරලනේ
Deleteපිස්සු පීකුදු කාපු පොරක් වෙන්න ඇති...
ReplyDeleteඌ නම් ඒ වගේ පොරක් තමයි. පිට්ටනියේ සෙල්ලම් කර කර ඉන්න ගමන් මහ හයියෙන් සිංදු කියනවා.
Deleteසුදීකත් සිංහ පීකුදු පොරක්නේ බලන් ගියාම. මමත් මේ බලන් හිටියේ අර ගෑල්ලමයා ගැන කතාව යනකං.. වටිනාම පාඩම් කහඹිලියා ගැන කතාව එක හොඳයි නැත්තම් කරන්නේ පිඹ පිඹ දුවන එක තමයි
ReplyDeleteලව් කතාවල් පස්සේ ලියන්නම්.
Deleteමටත් කහපාටින් පච්චයක් ගහගන්න හිතෙනවා සිංහ පීකුදු කියලා.
ReplyDeleteමේක දැකලා මට මාර හිනාවක් ගියා. ඉස්සෙල්ලාම ජිලට් එකක් පාවිච්චි කරන්න වෙයි.
Deleteඊට වඩා හොද නැතිද ඩුඩ් අයියා ටිපෙක්ස් වලින් ගහ ගත්තොත්...:D
Deleteපීකුදු කිවුවම මතක් උනේ අයියෙ. ලගදි මන් පත්තරේක කියෙවුවා මීනීකපන රස්සාව කරන මනුස්සයෙක් ගැන තිබ්බ ලිපියක්. ඒකේ තිබුනා ඒ මනුස්සයා මිනී පීකුදු කන කතාවකුත්.
ReplyDeleteමට මතක විදියට පත්තරේ මවුබිම.
ඕවට වැඩිය ප්‍රසිද්ධිය දෙන්න හොඳ නෑ. තව එවුන් කරන්න ඉඩ තියෙනවා.
Deleteඒකත් ඇත්ත තමා සුදීක අයියෙ. ඕක මට නම් අදහන්නත් බැරි උනා.
Deleteසුභම සුභ උපන් දිනක් වේවා !!
එච්චර ලොකු ගානක් නෑ නොවැ.. මගේ මාස 10 ක විතර පඩිය...
ReplyDeleteමුදලාලි මට ලයන් පාට්ස් කිලෝ එකක් දෙන්න කියලා ගන්න පුළුවන්. ග්රෑම් සීයක් වගේ ට්‍රයි එකක් දෙන්න පුළුවන් නේ.
Deleteමේව කියෝපුවාම පිස්සු පීකුදු වෙනව අප්ප...
ReplyDeleteඅම්ම මුත්ත කාලෙවත් අහපුවද හැබෑටම ඈ...
අය්ය කහඹිලිය කතාව නං ටිකක් වටිනව..මොකද ඉදල හිටල කැලේ පැන්නම කහඹිලිය ගෑවිල පලු දාපුවම වෙනද ගෙදරම එන්න එපෑ... මං හිතන්නෙ ආයෙ එහම කරන්න ඕන නැතිවෙයි...
ඇත්තටම සිංහයගෙ සස් කනවද ඈ...
ටාසං අය්ය නං කියන්නෙ උගෙ මස් කන්න අප්පිරියයි කියල
කන එකාට මොන මසත් එකයි. ඩිස්කවරි පොඩ්ඩක් බලන්නකෝ.
Deleteහැබෑට ඒවා කනවද සුදීක.. මං දන්නෙත් නෑ. ඒ උනත් අර හාදයව හොයාගන්න වටිනවා..
ReplyDeleteසිංහ පීකුදු ද ? ජෙමස්සිනාද ?
Deleteජෙමස්ස්නා නෙවද??
Deleteචඃ, කහඹිලියා මුලේ බෙහෙත ඒකාලේ දැනගෙන හිටියේ නැහැ නොවැ
ReplyDeleteඒ අතින් අපි වාසනාවන්තයි.
Deleteමං හෙඩිම දැක්කම හිතුවෙ 'සු දී ක' කියන්නෙ දරුණු විලෝපියයෙක් කියල. :D
ReplyDeleteපොල් වලට ගල් ගහපුවාම දවසක් දෙකක් යනකොට ඒව ඉබේම වැටෙනව.
පොල් ගස් යට සිංහයෝ කොයින්ද මල්ලි.
Deleteඅර ජෙමස්සිනානං එල බුවෙක් වගෙයි.
ReplyDeleteසිංහ පීකුදු තියා අපේ සමහර අය කුකුළ් ඒවවත් කන්නෙ නෑනෙ.
කුකුල්ලු ඉතිං අහු වෙන හැම දෙයක්ම ගිල දානවනේ.
Deleteසුදීක අයියත් ඒ කාලේ ලව් මාර්ටින් කෙනෙක් නේ හික් හික් හික්
ReplyDeleteඅපෝ නෑ මම හරි බයයි ඕවට. ඒ කාලේ කෙල්ලෝ ඊටත් වඩා බයයි. අද වගේ fb තිබ්බේ නෑනේ.
Deleteසුදික අයියත් බලාගෙන යනකොට සිංහ පීකුදු පොරක්නේ ඈ..
ReplyDeleteහෙක් හෙක් හෙක්
Deleteදැන් ඔයාට පේනවනේ වැඩි දෙනාගේ ඉල්ලීම ලව් කතාවට .... ඒ නිසා ඉක්මනටම ලව් කතාවත් දාන්න
ReplyDeleteමිට
සිංහ පිකදු
නැද්ද මැලේසියන් කතාවක් එහෙම ?
Deleteමේක පුලුවන් තරම් ඉකමනට පබ්ලිශ් කරන්න සුදීක.
ReplyDelete"වැඩි වැඩියෙන් තෑගි ලැබෙන සුබම සුබ උපන් දිනයක් වේවා"
වැඩිපුර තෑගී ලැබුනොත් දෙන්නම්.
Deleteබ්ලොග් ලෝකයට වෙනස් මගක් ගනිමින් අපිව පිනවන ඔයාට සුබම සුබ උපන් දිනයක් එහෙනම් අපිත් ප්‍රාර්ථනා කරනවා
Deleteහැලපස්ටයිල් එකට වටේ යන්න හදලා තියෙන්නේ ඒත් වැඩේ තාම හරියට අහුවෙලා නෑ සුදීකට. කමක් නෑ තව වරක් ට්‍රය්ි කොරලා බලමු මේ ආරෙටත් ලියන්න
ReplyDeleteඔය ආරේ මම මුලින්ම දැක්කේ මහින්ද අබේසුන්දරගෙන්. අර ආස කාම ගොඩක් තියෙනකොට කොයික කන්නද කියලා හිතා ගන්න බෑ වගේ, මේක ලියන්න ගියාම ගොඩක් කතා ගලාගෙන ආවා. ලියනවා නම් තව පොස්ට් දහයක කරුණු තියෙනවා.
Delete\\Exotic Meat Market offers African Lion Meat from African Lions born in USA since 2009.
ReplyDeleteExotic Meat Market does not offer African Lion Meat from Africa.
Lion is not an endangered species as per the Laws of the USA.\\
කොහොමද නීතියේ හිලකින් රිංගන අපූරුව. ඇමරිකාවෙ සිංහයෝ මරන එක තහනම් කරන්න එහෙ කැලෑවල සිංහයෝ ඉන්න එකක්යැයි. මේ කම්පැනි එක අයිති ලංකාවෙන් ගිය එකෙකුටද?
ඔව් අපේ අය තමයි ඔහොම වැඩ වලට දක්ෂ.
Deleteසුදීක අර බොරැල්ලෙ නැවතිල හිටපු කතා ටික ලියල ඉවරද?ඒ කතා ඉවර නෑ නෑ වගේ මතකයක් තියෙන නිසයි ඇහුවේ.
ReplyDeleteතව එක කොටසක් වගේ ලියන්න වෙනම කතා ටිකක් තියෙනවා. බලමු මතක් වෙන විදියට.
Deleteමමත් බලාගෙන ඉන්නවා බොරැල්ල බස් එක එනකම්.
Deleteමම මේ හිතුවේ මූ කොච්චර දුර හිතන්න ඇතිද සිංහපීකුදු කියලා නම දාගන්න ඉස්සෙල්ලා.
Deleteමම මේ හිතුවේ මූ කොච්චර දුර හිතන්න ඇතිද සිංහපීකුදු කියලා නම දාගන්න ඉස්සෙල්ලා.
Deleteඅර ගුණදාස ලියනගේ මහත්තයා එයාගේ පුතාට ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ කියලා නම දැම්ම වගේ. හැබැයි 89-90 කාලෙදී නම් එපා වෙන්න ඇති.
Deleteදත කට මැදගෙන හිටියා ගෑනු ලමයාගෙ සීන් එක දිගට යයි කියලා..කෝ එකපාරට අතුරුදහන් කරලනේ...අර කහඹිලියා බේත ඒ දවස්වල දැනගෙන හිටියා නම් සෑහෙන්න වටිනවා...
ReplyDeleteතව ටිකක් කල් යනකොට කහඹිලියා බලන්නත් උද්භිද උද්යානයකට යන්න වෙයි.
Deleteඅපිට කොයින්ද සිංහ පීකුදු.?
ReplyDeleteහම්බුනොත් කනවද ?
Deleteපිස්සු පීකුදු ගැන අහල තිබ්බට සිංහ පීකුදු ගැන අහල තිබ්බෙ නෑනෙ කලින්...
ReplyDeleteඅන්තිම ටික කියෙව්වම ජෙමස්සිනා ගැන දුක හිතුනා...
එතකොට "රත්තරං කෙන්ඩියෙ සිංහ තෙල් වගේ " කියලා කතාවක් අහලා තියෙනවද ?
Deleteඅපොයි ඔව්... ඒක ඇහුවෙ ගොඩක් ඉස්සර... :D
Deleteසිංහ පීකුදු කනවා කියලා මේ ඇහැවුවමයි..
ReplyDeleteමමත් අහලා දවස් දෙකයි.
Deleteඅම්මපා ශෙප් එකේ ලිස්සල ගියානේව අර මුල් කතාවෙන් සිංහ පීකුදු නම් පට්ට රහයි මංකිව්වේ බොගේ ස්ටොරීය හික්ස්...
ReplyDeleteඒ කතාවත් පස්සේ දෙන්නම්.
Deleteසින්හයන්ව කන කතා මම කියෙවල තිබුනෙ ටාසන් ගෙ කතාවල.
ReplyDeleteඅයියෙ එකෙ අලුත් තත්වය ගැන ටිකක ලියමුද
හොයලා බලමු.
Deleteඒ ගෑනු ළමයා හොයාගෙන තාමත් යනවා එනවද?
ReplyDeleteහපෝ නෑ. ඒවා ඒ කාලෙම අමතක වෙලා ගියා.
Deleteඔය කියපු ගෑණු දරුවා නේද ලැම්බට් කොක්ක...ඒ කිව්වෙ තමන්ට වැඩිමල්
ReplyDeleteහපෝ නෑ මලේ. මෙයා මට වඩා බාලයි.
Deleteසුදීකයියා ඔයා පට්ට තරුණ හාදයෙක්නෙ අනේ
ReplyDeleteප්‍රසන්නයා හිතනවා වැඩිද මන්දා :P
ReplyDelete