Tuesday, December 31, 2013

බත්තරමුල්ලේ නිවිසැනසිල්ලේ බත් ටිකක් කන්න පුලුවන් තැනක් ....... A place to enjoy a plate of rice in Battaramulla

බත්තරමුල්ල කිව්වම එක පාරට ඔළුවේ ඇඳෙන චිත්‍රය හොඳ එකක් නෙවෙයි. හේතුව බත්තරමුල්ල කියන්නේ කිසි පිළිවෙළක් නැති නගරයක්. ඔබ කියයි බත්තරමුල්ල කොයි තරම් හොඳද කියලා. කතාව ඇත්ත. සමහර තැන් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. උදාහරණයකට දියත උයන, අපේ ගම, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය. ඒ පැති නම් මල් මසුරං. ඒ වුණාට ටවුම, ටවුම කොහොමද මතක් වෙනකොටත් බඩ දඟලනවා. ඊට එහා ටවුමේ හරියට ඉඳගෙන රසට කන්න පුළුවන් තැනක් නැති එක. හොඳ තැන් නැතුවම නෙවෙයි. ඒත් ඒ තැන් වලට ළඟා වෙන්න ටිකක් වෙලා යනවා. ඉතිං නගරයේම ඉන්න කෙනෙකුට හරි, හදිසියේ ටවුමෙන් වැඩක් කරගෙන යන්න ආව කෙනෙකුට හරි වැදගත් වෙන තොරතුරක් තමයි මම මේ කියන්න යන්නේ.  ඉතා සුපිරි මිලක් අය කරලා, විනාඩි 10-15 රස්තියාදු වෙලා, මෙලෝ රසක් නැති කෑම කන්න නම් තැනක් තියෙනවා. දන්න අය දන්නවා.

දවස් කීපෙකට කලින් බස් එකේ යද්දී දැක්ක මේ තැනට ගිහින් බලන්න මට හිතුණා. පහුගිය දවසක මම එතනට ගොඩ වැදුණා. ඇත්තටම හිතුවාටත් වඩා හොඳට මෙතැන හදලා තියෙනවා. මම කන්න වාඩි වෙලා තියෙන්නේ එතැන හිමිකරුත් සමග එකම මේසෙ. ඒ නිසා එතුමාගේ අවසර ඇතුවම මම ඡායාරුප කිහිපයක් ගත්තා.
 හිතාගන්නවත් බෑ නේද ? බත්තරමුල්ල නගරයේ  මේ වගේ තැනක් තියෙනවා කියලා. ඉදිරියෙන් පෙනෙන්නේ නැති වුණත් එතනින් ඇතුළේ මේ වගේ නිස්කලංක තැනක් තියෙනවා.
 ස්ථානය අලංකාර කරන්න මේ වගේ ඒවාත් තියෙනවා.
 රෑට මෙතන කොත්තු, ආප්ප වගේ දේවල් ඇති කියලා හිතුණා. අර පිටිපස්සෙන් පේන තැන ඒවාට සුදානම් වෙමින් තිබුණා.
 අද කාලේ කොතැනට ගියත් බොහෝ දෙනෙක් හොයන්නේ නැවුම් පලතුරු යුෂ වීදුරුවක්. පිරිසිදුව ඒ වගේ දෙයක් පානය කරන්නත් පුළුවන්.
 ෆවුන්ටන් බීම, ඒවාත් තියෙනවා.
 එයාලාගේ මේස පුටුත් සිත් ගන්නා සුළුයි. බොහොම පිරිසිදුව ඒවා පවත්වාගෙන යනවා. බලන්න දකුණු කෙළවරේ සාමාන්‍ය කෙනෙක් ආහාර ගන්නේ.
 දැන් බොහොම දෙනෙක් කන්න කැමති රයිස් ඇන්ඩ් කරි නේ. මම කෑවෙත් එහෙම. ඉතාම පිරිසුදුවටත් ප්‍රණීතවත් තියෙනවා.
 ෆ්‍රයිඩ් රයිස් කන අයට එහෙම කන්නත් පුළුවන්. බිරියානිත් තියෙනවා.
 මේ හිටගෙන ඉන්නේ එහි අධිපතිතුමා. ගනුදෙනුවන්ට බොහොම කුළුපග පුද්ගලයෙක්.
 කෙටි කෑම ගැනීමට බොහෝ දෙනෙක් එතැනට එනවා කියලා මට හිතුණේ, දවල් 1.30 වෙත්දීත් ඒ සඳහා ගනුදෙනුකරුවෝ හිටි නිසා.
 මේ එයාලගේම බයිට් වෙළඳ සැල. ඇතුල් වෙන තැනම තියෙන්නේ. මේ සලකුණ නිසා තැන හොයා ගන්නත් ලේසියි. රිෂි ෆූඩ් තමයි තැන.
මේ පොල්ගහ තියෙන තැන තමයි මේ කියන රිෂි ෆුඩ් තියෙන්නේ. කෝට්ටේ සිට කඩුවෙල පැත්තට යනකොට කොට්ටාව පාරට හැරෙන්න පොඩ්ඩක් කලින් දකුණු අත පැත්තේ. එහෙනම් ගිහිං බලන්න. 

_____________________________________________
මගේ විදේශගත මිතුරු/මිතුරියන්ට නම් මේ පොස්ට් එක වැදගත් නොවෙන්න පුළුවන්. ඒත් කවදා හරි ලංකාවට ගොඩ වැදුනාම මේ දේවල වැදගත් වෙයි.

මේක මම මේ මාසේ දාන්න සැලසුම් කරගෙන හිටපු නිසා දැම්මේ. නැතිනම් හෙටත් පොස්ට් එකක් එකතු කරනවා. ඒ හරියටම අවුරුදු දෙකකට කලින් සිදු වෙච්ච "ඇවිද්ද පය ......" ආරම්භය සමරන්න.

මෙන්න මැප් එක

54 comments:

  1. බත්තරමුල්ල පැත්තේ යැවෙනවා. ගිහින් බලන්නම්.

    සැමරුමට උණුසුම් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්න. රුක්ෂාන් කියන මෙම ස්ථානයේ හිමිකරු එක්ක මම කථා කළා. මිනිහට උවමනාවක් තියෙන පාටයි හොඳින් යමක් කරන්න.

      බොහොම ස්තුතියි. විචාරක තුමාට සියළු සිතුම් පැතුම් ඉටුවන සුහ නව වසරක් වේවා !!!

      Delete
  2. කන්න යන්න බැරි වුනත් කියවන එකත් රසයක් නොවැ..

    ReplyDelete
    Replies
    1. නැතිනම්.

      කෙන්ජිට සියළු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!

      Delete
  3. මං ඕකට ගිහින් තියෙනවා. අනික ඔය අසලම තිබ්බ අර දකුණු පළාත් මන්ත්‍රි කෙනෙක්ගේ රෙස්ටෝ එහෙකුත් තිබ්බා. ඒක දැං වහල මං හිතන්නේ. මට මිනිහගේ නම මතක නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මාසයක් ඇතුලත මේ පැත්තේ ආවා අපිටත් නොකියා ?

      දේශාට සියළු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!

      Delete
    2. ගිය සතියේ ආවා..

      ඔබටත් දොණියන්දෑටත් සුනවවේ..!!!

      Delete
    3. මොනවා සුන්නත් වේවා කියලද කිව්වේ :)

      Delete
    4. කෙටිකලාම තීන කැත නේද...සුබපැතුමක් උනත්..!

      Delete
  4. බත්තරමුල්ල පැත්ත වැඩිය රවුම් ගැහෙන්නේ නැති උණාට ඉස්සරහට ඉතිං කොහොම වෙයිද දන්නේ නෑනේ. ඒ හින්දා තැන මතක තියාගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වා විදිය මට ඒ තරම් ඇල්ලුවේ නෑ.

      බ්ලැක් පුමාටත් සියළු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!

      Delete
  5. හරිම පිරිසිදුයි පිළිවෙලයි...ලංකාවේ ආහාර පාන වෙළඳ සැල් එක්ක ගත්තම ඇත්තටම මල් හතයි....ස්තුතියි ඈ...ඒ පැත්තේ ගියොත් යන්ට බැරියැ

    ReplyDelete
    Replies
    1. පින්තූරයක් වචන දාහකට වඩා වටිනවා කියන්නේ ඔන්න ඕකයි.

      රෙහානිටත් සියළු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!

      Delete
  6. ප්‍රයෝජනවත් ලිපියක්. නොදන්නා නගරයකදී චාටර් කඩ වලින් කන්න බය නිසා මම ගමනක් ගියොත් බඩගින්නේ එනවා නැත්නම් ලොකු චොක්ලට් එකකින් බඩ පුරවා ගන්නවා. දැන් නම් බත්තරමුල්ලෙදී ඔතෙන්ට යන්න පුළුවන්.

    සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්

    ReplyDelete
    Replies
    1. බොහොමයක් නගර වල ආපන ශාලා වර්ගීකරණය කරලා තියෙනවා. A පන්තියේ ඒවා තියෙන්නේ බොහොම අතලොස්සක්. කොළඹ, බොරැල්ල, කුරුණෑගල මෙහෙම වර්ගීකරණය කරලා තියෙනවා.

      ඔබටත් සියළු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!

      Delete
  7. අඩේ එල පොට් එක... මම ඔතනට ගිහිල්ල තියෙනවා... පට්ට ගති... මම මුලින් හිතුවෙ අර හමුදාවෙන් කරන කඩේ කියල....

    ReplyDelete
    Replies
    1. නැහැ. හමුදාවෙන් කරන එක තියෙන්නේ තලවතුගොඩ පැත්තට කිට්ටුවෙන්.

      ගලුටත් සියළු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!

      Delete
  8. බත්තරමුල්ලෙනං මේ ළඟදිත් ගියා ඒත් කන්න අවශ්‍යතාවයක් මතුඋනේ නෑ අපේ අයිය කෙනෙක් මාලඹේ ඉන්න නිසා. :D
    ගොඩක් අයට මේ විස්තරේ වැදගත් වෙයි.

    ReplyDelete
    Replies
    1. අඩේ නයන්නා ආවොතින් මට කෝල් එකක් දීපං.

      නයන්නාටත් සියළු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!

      Delete
    2. සුදීකටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

      Delete
  9. සුදීක කීවා වගේ ඇතුලට ගියාම හොඳ ගතියක් තියෙනවා වගේ. මේ හිතින් ඇඳගන්ට හදනවා ඔය පැත්ත. පාර්ලිමේන්තුව පැත්තේ නම් ගිහින් තියෙනවා. ඒ පැත්ත නම් දැන් හරි ලස්සණයිනේ. :)

    ගිය වෙලාවක ගිහින් මොනාම හරි කාලා බලන්නම්..

    ReplyDelete
    Replies
    1. ඔන්න මම මැප් එක දැම්මා.

      පොඩිඩිටත් සියළු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!

      Delete
  10. මම 2009 ඉඳං ගිය අවුරුද්ද වෙනකං වැඩිපුරම කරක්'ගහපු තැනක් බත්තරමුල්ල. ශිහ්.. මට මේ තැන මිස් උනානෙ :(
    සුදීක අයියා, මේක අලුතෙන් දාපු තැනක්ද ??

    ReplyDelete
    Replies
    1. ඔව්. තවම දවස් 10ක් විතර.

      තිලිණටත් සියළු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!

      Delete
  11. තෑන්ක් යූ සුදීක ඔත්තුවට.

    මම මේකට දවස් 2 ක් ගියා. දෙවෙනි දවසෙ ගියේ ලොකු 11 යි පොඩි 3 ක සෙට් එකක් එක්ක. රයිස් ඇන්ඩ් කරී, ෆ්‍රරයිඩ් රයිස්, නාසි ගුරෑන්ග්, සොෆ්ට් ඩ්‍රින්ක්ස් ඇති තරම් අරනුත් සම්පුර්ණ බිල 1700/- ගියේ. අපි බිල ආවම ආපහු ඇහැව්වා වැරදිලාද කියලා.

    හොදම දේ කෑම වල රස සහ පිරිසිදු භාවය ඉස්තරම්. නාසි ගුරෑන්ග් එකනම් සුපිරියි.

    ඔය ස්ටෑන්ඩර්ඩ් එක දිගටම මේන්ටේන් කරනවනම් තමයි හොද.

    සුදීකට මොනවද හම්බවෙන්නේ ප්‍රොමෝශන් කැම්පේන් එකට. 2014 අවුරුද්දටම ලන්ච් එක නොමිලෙද? :-)

    ReplyDelete
    Replies
    1. මේකටයි ලන්ච් එක දෙන්න වටින්නේ.

      Delete
  12. නිතරම පාරේ නිවාඩුව ගත කරන මම වගේ එකෙක්ට මේ පොස්ටුව වැදගත්

    ReplyDelete
    Replies
    1. මේ වගේ තැන අනන්තවත් ඇති. හැබැයි බත්තරමුල්ල කියන්නේ විශේෂිත තැනක්. මේ අතින් බොහොම අඩු පහසුකම් තියෙන තැනක්.

      කෝරලේ මල්ලිටත් සියළු පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා !!!

      Delete
  13. වකේෂන් ආවම වැඩි හරියක් ඉන්නේ පාරෙනේ කොහේ හරි යන ගමන්. ඔය හරියේ කන්න තැනක් නම් හරියට නැහැ තමයි

    ReplyDelete
  14. ඔය පොත එකට ගිහින් තියෙනවා එක සැරයක් කොහොමත් හොඳ පිරිසිදු තැනක්. සුදීකට සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ආවොත් එන්න ප්‍රගීත්

      ඔයාටත් සියළු පැතුම් ඉටු වෙන සුභ නව වසරක් වේවා !!!

      Delete
  15. මොකද මේ සුදීකකේ අකුරු වල හැටි .. මීටපස්සේ බ්ලොග් පෝස්ට් එකක් දානකොට මුල ඉඳලා අගට ආයෙ පාරක් කියවන්න. නැත්තං දන ගස්සලා තියනවා

    …සු.දී.ක ඇතුලු "ඇවිද්ද පයේ" රසික රසිකාවියන්ට සුබ නව වසරක් වේවා !
    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අද උදේ කලබලේ මේ පොස්ට් එක දැම්මේ. තිබුන වැරදි හැදුවා/

      උදේෂ්ටත් සියළු පැතුම් ඉටු වෙන සුභ නව වසරක් වේවා !!!

      Delete
  16. බොහොම ස්තුති ඔත්තුවට

    ReplyDelete
    Replies
    1. හරි මගෙන් කුමක් හෝ සේවයක් වුණා නම් මට සතුටුයි.

      ආචාර්ය තුමාටත් සියළු පැතුම් ඉටු වෙන සුභ නව වසරක් වේවා !!!

      Delete
    2. ඔබ තුමාටත් කිරියෙන් පැණියෙන් උතුරන සුබ නව වසරක් වේවා

      Delete
  17. අපිත් යැවෙනවනේ ඔය පැත්තේ ගිය වෙලාවක ගොඩවෙන්නං සුදික පෙන්නපු පාරේන් ආවේ කියලා මාකටින් පාරකුත් අරන් දෙන්නම්. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. නලීන් එනවා නම් මට කතා කරලා එන්න.

      නලීන්ටත් සියළු පැතුම් ඉතු වන සුභ නව වසරක් වේවා !!!

      Delete
    2. අනිවාර්යයෙන් මටත් කතා කරලා එන්න, නලීන්

      Delete
  18. හොදට පිරිසිදුව පිළිවෙලකට තියන් ඉන්න බව පේනවා.ඒ පැත්තෙ ගියොත් යන්නම්කො බලන්න...
    අයියටයි පවුලේ හැමෝටමයි හිතේ තියන හොද බලාපොරොත්තු ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!!

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඉස්තරම් තත්වයේ තියෙනවා.

      මල් මල් ටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා !!!

      Delete
  19. කාලයක් බත්තරමුල්ලෙ පදිංචි වෙලා වගේ හිටිය ඒ කාලෙ නං ඔය මොකුත් තිබ්බේ නෑ පන්නිපිටිය පාරට හැරෙන තැන හංදියේ දේශලගේ මාමගේ කඩේ තමයි කන්න බොන්න තිබුනෙ.
    ආපු කාලෙක ඔය පැත්තෙ යැවුනොත් ගොඩවෙන්න මතක තියාගන්නං

    ReplyDelete
    Replies
    1. බත්තරමුල්ලේ බැළුවොත් ඇති දෙයකුත් නෑ - නැති දෙයකුත් නෑ.

      හැලපෙටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා!!!

      Delete
  20. අපිනම් ඉතින් බත්තරමුල්ල පැත්තට යැවෙන්නෙම නැති තරම්...ගිය වෙලාවක බඩගින්නක් ආවොත් සුදීක අයියගෙ පොතට මොනාහරි කාල එන්නම්කෝ :D
    සියලු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉෂ්ඨවෙන නව වසරක් වේවා අයියේ :)

    ReplyDelete
  21. අපි වගේ උන්ට වැඩක් නැති වුනත් ඒ පැත්තෙ නිතර කැරකෙන අයට හොද ඔත්තුවක්...කඩේ හිමිකරු මම නම් ඔයාට දෙනවා ටෝකන් එකක් මාස 6 ක කෑම නොමිලේ......

    ගම්පහ තියෙනවා නුවර පාර අද්දරට වෙන්න බැලුම්මහර OTEL කියලා පුංචි ලස්සන නවාතැන් පොලක්....පිහිණුම් තටාකයක් පවා තියෙනවා...ඉස්සර අපි බෝතලයක් එහෙම අරගෙන එතනට ගියාම හැන්දෑවට එතැන කී බෝඩ් ගහලා එන අයට සොමියක් දෙන කෙනා එක එක කෙනාගෙ ලගට ඇවිල්ලා අහනවා කොහොමද මල්ලි බයිට් එක හොදද ඔය වගේ දේවල්....එයා තමයි හිමිකරු....බොහොම සුහද කෙනෙක්...

    ReplyDelete
  22. ඉස්සර මාත් ඔය කිට්‍ටුව කොස්වත්තෙ කාල්යක් හිටිය..කෑම කඩනම් ඈක්..!

    ReplyDelete
  23. සුභ නව සවරක් වේවා!

    ඔත්තුවට ස්තුතියි!.. ඔය පැත්තෙ ගිහිල්ලත් නෑ හැබැයි.

    ReplyDelete
  24. සුදීක ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  25. පිරිසුදු කමත් එක්ක සාධාරණ මිල ගණන් තියනවා නම් ඒක ගොඩාක් වටිනවා

    ReplyDelete
  26. දුක යනු - මම වැඩ ඇරිලා එන වෙලාවට ඕකට ඇගිල්ලක් ගහන්න බැරි තරමට සෙනග..කලින් සෙන්සාල් එකට ගිය උන්ද මන්දා..පිරිලා ඉන්නවා...

    සැමට කිරි ඉතිරෙන පැණි බේරෙන අළුත්ම අළුත් එකක් වේවා...

    ReplyDelete
  27. ආයෙ ලංකාවට ආව වෙලාවක තමයි ඉතින්..

    සුහ නව වසරක් වේවා..

    ReplyDelete
  28. ඇති යන්තං හොඳ කඩයක් දාලා තියනවා. මමත් දවසක් බත්තරමුල්ලට ඇවිත් කන්න තැනක් නැතිව සෙන්සාල් ගියා. අයියෝ සල්ලි කියලා හිතැනා.

    ReplyDelete
  29. දැනන් ඉන්න එක හොඳයි ඔය වගේ තැන්..

    සුබ නව වසරක් වේවා කිවුව ඈ

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...