Thursday, November 14, 2013

හදිසියේ හමුවුණ ...... Stumble Upon ......

අපේ ජීවිතයේ බොහෝ දේවල් අපට හමු වෙන්නේ හදිසියෙන්. බොහෝ දෙනාට තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා මුණ ගැහෙන්නේ හදිසියෙන්. කාලාන්තරයක මුණ නොගසුන මිතුරන් හදිසියේ හමු වෙනවා. සමහරවිට හොයන්න යන දේ නෙවෙයි හමු වෙන්නේ වෙනත් දෙයක්. රුපවාහිනිය හොයා ගත්තු ජෝන් ලොගී බෙයාඩ් මහත්මයා වෙන මොකක් හරි හොයනකොටළුණේ, ටී වී එක හමු වුණේ. හැබැයි කෙනෙක් අහන්න පුළුවන් හොයාගන්න නැති වෙලා තිබුණද ? කියලා.  ඉස්සර (2000 දී විතර) මම පැය ගාණක් අන්තර්ජාලේ සැරිසරලා ඕන දේ හොයා ගන්න බැරි වුණ දවස් තියෙනවා. එහෙම දවසට ඇති වෙන්නේ පුදුම අපේක්ෂාභංගත්වයක්. ඒ දවස් වල කාලයට අනුව තමයි බිල හැදුනේ.

ඇත්තටම තමන් හොයන දේ පැත්තක තියලා, එක්කෝ කලින් හොය-හොයා ඉඳලා අමතක වුණ දෙයක් හරි, නැතිනම් අනපේක්ෂිත විදියට හමු වෙන. හොඳම උදාහරණය තමයි සුපිරි වෙළඳ සංකීරණ වල ට්‍රොලි හෝ බාස්කට් තියන්නේ අන්න ඒ වැඩේට. සීනි කිලෝ එකක් ගන්න ආ මිනිහා තව ලට්ට ලොට්ට ගොඩ පොඩි බැඳගෙන ගෙදර යන්නේ ඒ නිසා. හැබැයි මට මේ හදිසියෙන් හමුවුන  කෙනා හදිසියක්මත් නෙවෙයි.

හිතන්න ඔබට ලස්සන ඊ මේල් පණිවුඩයක් ලැබෙනවා. මිහිරි වදන් වලින් පිරුණු එකක් වෙන්න පුළුවන්. නැතිනම් ලෝකයේ තියෙන ලස්සනම ස්ථානයක පින්තූර වෙන්න පුළුවන්. ඔබ මොකද කරන්නේ? මේක දන්නා අයට ෆොර්වඩ් කරනවා නේද ? හැබැයි ඒ ඉස්සර. දැන් එහෙම තොරතුරු බෙදා ගන්නේ ෆේස්බුක් හෝ ට්විටර් හරහා. ෆේස්බුක් එක අර කලින් කියපු සුපිරි වෙළඳ සංකීර්ණය වගේ තමයි. ඕන එකයි, එපා එකයි, අරකයි, මේකයි ඔක්කොම තියෙනවා. අපිත් ඔහේ ශෙයා කරලා දානවා. 

නමුත් හිතන්න ඔබට සුපිරි වෙබ් අඩවියක් හමු වුණොත් ඔබ මොකද කරන්නේ ?   ඉස්සර නම් ඊ මේල් එකකට ලින්ක් එක දාලා මිතුරන් අතරේ බෙදා ගන්නවා. දැන් එෆ්.බී. එකේ ශෙයා කරනවා. ට්විටර් එකෙත් පුළුවන්. ෆෝරම් වල ඉන්න අයට එවායෙදීත් ඒ ගැන කියන්න පුළුවන්. නමුත් ඒ සඳහාම වෙන් වුණු තැනක් තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද ? සමහරවිට උත්තරය "ඔව්" වෙන්නත් පුළුවන්, "නෑ" වෙන්නත් පුළුවන්. 

හදිසියේ හමු වීම නැත්නම් දන්න සිංහලෙන් කිව්වොත් Stumble Upon කියන්නේ ඒ වගේ තැනකට. දැන් කියයි අයියෝ මේකද ? කියලා. බොහෝ දෙනෙක් දැනගෙන ඉන්න ඇති. නමුත් මේ ගැන හොයා බැලුවද ? අර පණුවෝ දෙන්නෙක් නැවිල ඉන්නවා වගේ තියෙන්නේ.

පින්තූරය ගත්තේ : www.jeffbullas.com/
අර මීඩියම් ආපු වෙලාවේ මම චැට් එකකින් ඔය ගැන අපේ අන්සතු දිනපොත ලියන  අමිල චතුරඟට ඒ ගැන කියන්න ගිහිං. අපි දෙන්නා අතර වුණු කතාබහ මෙන්න මේ වගේ.




ඉතිං අමිල ඒ ගැන දැනුවත් වීමක් තිබුණා. මීට ටික දවසකට පස්සේ මම මගේ බ්ලොග් එකට සමාජ ජාලා විජේට්ටුවක් (Social Network Widget) එකක් එකතු කළා. ඒකෙත් මේ ස්ටම්බල් එක තිබ්බා. දැන් දවස් දෙකක් යනකොට මගේ කුතුහලය හොඳටම වැඩි වුණා. ඕන එකක් කියලා ඔබලා බැලුවා. ඔබලා නෙවේ ලිහළම බැලුව. අමිල කිව්වා වගේ මේක නම් සුපිරිම බඩුවක් තමයි. ඒකෙ ඔය බ්ලොග් වගේ ලියන්නත් නෑ, ෆේස්බුක් වගේ වල්පල් එකතු කරන්නත් නෑ, හැබැයි ඉතාම වගකීමෙන් හැසිරෙන බව පේනවා. එහෙනම් එතන වෙන්නේ මොනවද ?

එතන තියෙන්නේ අටෝරාශියක් වෙබ් පිටු අතරේ ඔබට හමු වෙන වටිනා(සිරා, පට්ට, මැක්සා) වෙබ් පිටු අනිත් අයට රෙකමදාරු කරන එක. එතනට එකතු වෙත්දී තෝරා ගන්න පුළුවන් ඔබ උනන්දුවක් දක්වන විෂයයන්. එතකොට ඒකෙ තියෙන ස්ටම්බ්ල් කියන බට්න් එක ප්‍රෙස් කරහම එනවා ඔබ කැමති කාණ්ඩ වලට අදාල  වෙබ් පිටුවක්. හරි නෑ කියලා හිතුණොත් ආයි ඔබන එකයි ඇත්තේ. අර කැසට් ප්ලේයර් එකේ සිංදු ෆාස්ට් ෆෝවඩ් කරනවා වගේ.  නැත්නම් ටීවී එකේ චැනල් මාරු කරනවා වගේ. ලයික් අන්-ලයික් දෙකකුත් තියෙනවා. එතකොට ජනප්‍රියත්වය අනුව මේවා ඉහළ - පහළ යනවා. හැබැයි රජෝ තාම සිංහල සයිට් නම් මේකේ ශෙයා වෙලා නෑ. හේතුව අමිල කියනවා වගේ මේක අපේ කලාපයේ ජනප්‍රිය නැති නිසා. 

මම මේ තවත් අටම්ගලකට මාකටිං පාරක් දෙනවා නෙවේ. මට නම් මේක නැගලම ගියා. ඔයාලත් ගිහින් බලන්න. මම ආයේ ඉරිදා හවස තමයි ජාලගත වෙන්නේ. හේතුව තමයි, මොනරාගල පැත්තේ හේනක රාත්‍රී දෙකක් ගත කරන්න යනවා. ඒ ගැන තොරතුරැ දෙන්නම් පසුවට.

____________________________________________


කලින් පොස්ට් එකකින් අහපු "බෙන්තර ප්‍රසිද්ධ මොනවටද ?" කියන ප්‍රශ්නෙට උත්තෙරේ "කාවාටි". මම කාවාටි කන්න තරම් වාසනාවන්ත වුණා. මේවා  ගඟේ තියෙන ගල් වල හැදෙන බෙල්ලෝ විශේෂයක්. පුදුම මිහිරි රසක් (ක්‍රීම්) තියෙන්නේ. හැබැයි කන්නේ අමුවෙන්. මටත් දුන්නේ අපේ තාත්තා. 

36 comments:

  1. මට පේන්නේ චතුරංග කියන්නේ ඕක ගැන නෙවෙයි Tumblr (https://www.tumblr.com/) ගැන.

    ReplyDelete
  2. ඇත්තෙන්ම දැන් තමයි ඒක බැලුවේ.

    ReplyDelete
  3. ප්‍රශ්ණෙ අපේ කලාපෙ ඕක ප්‍රසිද්ධ උනාට පස්සෙත් ඔය ගුණාත්මක බව ඔහොම්ම තියෙයිද කියන එකයි. මොකද දන්නවනෙ අපෙ අයගෙ හැටි.

    ආ තව ටිකෙන් අමතක වෙනවා. සුභ ගමන්!

    ReplyDelete
  4. අනේ මන්ද... මම නම් ඕවගෙ කාලය ගත කරන්නෙ හරි අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. පුළු-පුළුවන් විදියටනේ බලන්නේ.

      Delete
  5. හොද සොයා ගැනීමක් ... සුදීක

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ ට්‍රයි කරලා.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මේ ගැන මම ඡායාරූප කළාව ගැන කතා කරන කොට කිව්වා.. අපේ අය ඇත්තෙම නැති තරම්.. මෙන්න මගේ එකවුන්ට් එක.. හරිම නිදහස් තැනක්....

    http://maathalan.tumblr.com/archive

    ReplyDelete
    Replies
    1. මේ දෙක දෙකක් මාතලන්. එකක් ස්ටම්බල් අනික ටම්බ්ලර් (කෙටියෙන් බ්ලොග් කරණය කෙරෙනේ තැනක්)

      Delete
  8. සුදීක මම ටෙක්නිකල් දේවල් දන්නේ නැහැ. හැබැයි මම කාවාටි දන්නවා. මේවා සමහරක් රටවල ලුනු වතුර සමග බෝතල් කර තියෙනවා. බොහෝ කාලයකට පෙර ඔබරෝයි එකේත් තිබුනා. මේවාගෙන් රසවත් ඩිශස් හදන්න පුළුවන්. සමහර වර්ග පනපිටින්ම තමයි කුකින්ග් වලට ගන්නේ..නැත්නම් විශ වෙනවා.වර්ග කිහිපයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තාගේ විශ්වාසේ පසුකාලීනව ගඟ ආශ්‍රිතව ආරම්භ කරපු කොහුමෝල් වලින් එකතු වුණු විෂ නිසා මේවා විනාශ වෙන්න ඇති කියලා.

      Delete
  9. අතහදා බලන්න ඕනේ එහනම් එකෙන්ම.

    ReplyDelete
    Replies
    1. හොඳින් කියවන කෙනෙකුට වැදගත්.

      Delete
  10. බ්ලොග් එකපාලුවට ගිහින් වත්ද ? නැත්නම් කමෙන්ට්ස් ඇපෲව් කරල නැද්ද ?

    පරන පෝස්ට් වලට යන්න තියන ගැජට් එකට නම් මං ආස නෑ.. ස්ක්‍රොල් කරලම පන යනවා.. ඒක උඩ යටවත් මාරු උනා නම් හොදයි අප්පා

    ReplyDelete
    Replies
    1. නැහැ සමියා කමෙන්ට් මොඩරේට් කරලා නිසා කමෙන්ට් පබ්ලිෂ් කරනකම් දකින්න ලැබෙන්නේ නෑ.

      මටත් අර බූරුවා අරන් ගිය පිය-පුතු දෙදෙනාට වුණ දේ වෙයිද ?

      Delete
  11. මටනම් මේ ගැන එච්චර තේරුණේ නෑ හැබැයි..

    ReplyDelete
    Replies
    1. ස්ටම්බල් කියන්නේ එක්තරා විදියක සින්ඩිකේටර් එකක්. එතැන යනෙන අය හොඳයි කියපුවා තමයි තියෙන්නේ.

      Delete
  12. කාවාටි කියන්නේ බෙල්ලොද? තව ටිකක් විස්තර කරනවද සුදීක?

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ පොස්ට් එක බලන්න. ටිකක් විතර ඒ වගේ
      rollingharbourlife.wordpress.com/tag/pulpit-rock/

      Delete
  13. oya Sadru Mungahanna yanawada? Blog Lokaye Mage Viraya Matak kara kiyanna.

    ReplyDelete
    Replies
    1. නැහැ සංජීව. මේක ටිකක් වෙනස් තැන තියෙන්නේ.

      Delete
  14. ජෝන් ලෝගී බෙයාර්ඩ් මම හිතන්නෙ රූපවාහිනිය හොයන්නම තමයි පරීක්ෂණ කලේ... X Ray කිරණ සොයා ගත්ත විල්හෙල්ම් රොන්ජන් මහත්තයා නම් වෙනත් පරීක්ෂණයක් කරන අතර තුර තමයි මේ ආගන්තුක කිරණ විශේෂය දුටුවෙ..වීජ ගණිතයෙදි නොදන්නා යමක් හදුන්වන X පදයෙන් තමයි ඔහු එයට නම තැබුවෙ...පසු කාලෙක එය තවත් සංවර්ධනය කරලා ලෝකයේ පළමු එක්ස් රේ පිටපත ලෙස තමන්ගෙ බිරිදගෙ අතේ එක්ස් රේ පිටපතක් ගත්තා කියලයි කියන්නෙ. මෙන්න ඒ රසවත් විස්තරේ.
    http://www.two-views.com/article_Rontgen.html

    ReplyDelete
    Replies
    1. ඔයා හරි සංජීව. මගේ මතකය තරමක් පැරණියි. මේ ගැන ගූගල් කරන්න වෙලාවක් නැතිව ලියපු සටහනක්. වෙන වෙලාවක නම් නොදන්නා දෙයක් ඵල කරන්නේ නෑ. නිවැරදි කලාට ස්තූතියි.

      Delete
  15. ඊයේ රෑ තමයි දවස් 2 කට පස්සේ බොග පැත්තේ ආවේ.පසුව කියවනවා.

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩ කාලෙකින්.

      Delete
  16. එළ කිරි....... මං දැක්කා හේනක ගලක් උඩ මලක් කඩ කඩා ඉන්නවා(නෑ නෑ උර උරා ඉන්නවා

    ReplyDelete
  17. මමත් බලන්නම් සමහර සයිට් එපාවෙන ඒවත් හමුවෙනවා. ඒවගේම මමෂෙයා කරන්නේ බොහෝවිට මම කැමති මතෘකාවකට අදාල දෙයක් විතරයි. එය අවස්ථ‍ාව සහ කාලානුරූපව සිදුවන්නක්.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම වගකීමෙන් වෙන දෙයක් තමයි එතන තියෙන්නේ.

      Delete
  18. කොටින්ම කිව්වොත් අයියා බුකියට යන්නෙත් බොහොම අඩුවෙන් බ්ලොගේ පටන්ගත්තට පස්සේ.

    ReplyDelete
    Replies
    1. හෙක් .. හෙක් ... හෙක් ..

      Delete
  19. හප්පේ තව එකක්...

    ReplyDelete
    Replies
    1. මේකේ කරන්න මොනවත් නෑ මලයා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...