Saturday, August 31, 2013

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ මරාගෙන මැරෙන ප්‍රතිපත්ති ......

ලෝක ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ඉන්දියාවේ හයිද්‍රාබාද් ලොකු කර නොගෙන තමන් උපන් රටේ කඳුකර පෙරමුණ වෙනුවෙන් ක්‍රීඩා කරන්නයි අපේ ක්‍රිකට් බලධාරීන් යෝජනා කර ඇත.ක්‍රිකට් සම්බන්ධයෙන් මේ තරම දේශ හිතෛෂී ප්‍රකාශයක් මා මීට පෙර  අසා නැත. එක්කෝ මට මතක නැත. 

පින්තූරය ගත්තේ : http://kumarsangakkara.lk
මා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලෙස නොහඳුන්වා, ලෝක ක්‍රිකට් ක්‍රීඩක ලෙස හඳුන්වන්නේ, ඔහු ලංකාවෙන් බිහි වුවද, අද ලෝකයේම ජනාදරයට පාත්‍ර, ලෝකයම ඉතා කැමැත්තෙන් බලා සිටින, කියන දෙයක් අසා සිටින ලෝක වස්තුවක් බවට පත් වී හමාර නිසාය. මේ සිද්ධිය මාලිංග මූලික කරගෙන සිදු වුවා නම්, බලධාරීන්ගේ මේ ප්‍රකාශයට අලගු තබන්නට තවත් බොහෝ දෙනෙක් එකතු කර ගන්නට හැකියාව ඇත. එහෙත් සංගක්කාර යනු ආවාට ගියාට වචන පිට නොකරන, වැදගත් මහත්මයකු ලෙස ලෝකයම පිළිගෙන ඇති, හුදෙක් පිත්තෙන් පන්දුවට පහර දෙන තවත් එක්  ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවේ. අද ලෝකයේ ඕනෑම කණ්ඩායමක නායකයෙකුට කණ්ඩායමක් තෝරා ගන්නට කීවොත් එම කණ්ඩායමට නම් කරන වර්ගයේ ක්‍රීඩකයෙකි. ඔහුගේ වටිනාකම පිටිය තුලත්, ඉන් පිටත් මනාව ප්‍රකට කරන්නට කුමාර් සංගක්කාර සමත් වී ඇත. හැබවින්ම ඔහු සමතෙකි. 

සියලු දෙනාම පළමුවෙන් තේරුම් ගත යුතු දෙය නම් අයි.පී.එල්. සහ චැම්පියන්ස් කුසලානය යනු අයි.පී.එල්. මගින්ම සංවිධානය කරන තරගාවලීන් බවයි. චැම්පියන්ස් තරගාවලියට ඔවුන් කණ්ඩායම් තෝරා ගන්නේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුල් කණ්ඩායම් තුන සහ අනෙකුත් රටවල් තුල පවත්වන විස්සයි20 දේශීය තරගාවලි හරහාය(ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් තරගාවලියේ මුල් කණ්ඩායම දෙක, දකුණු අප්‍රිකාවේ රෑම් ස්ලෑම් තරගාවලියේ මුල් කණ්ඩායම් දෙක, කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ එක් කණ්ඩායමක් වශයෙනි). මෙම තරගාවලියට හෝ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කිසිදු ක්‍රීඩකයෙක් අදාලා කණ්ඩායම නියෝජනය කරනු විනා තම රට නියෝජනය නොකරයි. හේතුව මේවා රටවල් අතර තරග නොව එකී කණ්ඩායම් අතර තරග වීමයි. 

මෙම තරගාවලියට පහුගිය අවුරුද්දේ තෝරා ගැනුනේ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ජයගත් ඌව නෙක්ස්ට් කණ්ඩායමයි. එම කණ්ඩායමේ පකිස්ථානයේ උමාර් ගුල්ද, නවසීලන්තයේ ජැකොබ් ඔරම්ද  සිටි බව මතක් කල යුතුයි. මේ වසරේදී එම තරගාවලිය නොපැවැත්වෙන්නේ ඒ සඳහා අවශ්‍ය බරපැන පොම්ප කිරීමට පසුගිය වසරේ එකඟතාවන් ඇති කරගත් කණ්ඩායම හිමිකරුවන් ඉදිරිපත් නොවීම හේතුවෙනි. එය වෙනමම මාතෘකාවක් ඔස්සේ සාකච්ඡා කලයුත්තකි. මෙවර චැම්පියන්ස් කුසලානයට කණ්ඩායමක් නම් කිරීමට අවශ්‍ය නිසාම ඉතාම චාමෙට පැවැත්වූ දේශීය විස්සයි20 තරගාවලිය දිහා අප බලා සිටියේ ඉතා අනුකම්පාවෙනි. එය හරියට සුනාමියට අසු වූ නගරයක මිනිසුන් සිහි ගන්වන ආකාරයේ එකක් විය. අයි.පී.එල් බැලු කෙනෙකුට එය නවදැලි හේනට ගිය මානසිකත්වය ඇති වීම නවතාලිය නොහැක. කොටින්ම කියනවා නම් කිසිම "ගෝ " එකක් නැත. එනමුදු ලෝකයට විවිධ වාර්තා එකතු කරමින් සිටින අපි එහිද වාර්තාවකට හිමිකම් කියයි. ඒ රටක ක්‍රිකට් බලධාරීන් කණ්ඩායමක් ඉදිරිපත් කරමින් අයි.පී.එල් වෙතින් මුදල් ලබා ගන්නා පළමු අවස්ථාව එය බැවිනි. අනෙකුත් සියලුම කණ්ඩායම් වෙනුවෙන් අදාලා කණ්ඩායම වෙත මුදල් ගෙවීම සිදු වේ. 

එවැනි දියාරු තරගාවලියකින් තෝරා ගත් කණ්ඩායම "මෙන්න අපේ චැම්පියන්ලා" යයි පම්පෝරි ගසා අයි.පී.එල් එකට පෙන්වන්නට අපේ බලධාරීන් සිතුවා වන්නට හැක. එහෙත් මෙම කණ්ඩායම එහි නියම තරගාවලියට අවතීර්ණ වීමට නම්  ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ හතරවන ස්ථානයට පත් සන්රයිසස් හයිද්‍රාබාද්, පකිස්තානයේ ෆයිසලාබාද් වුල්ව්ස්, නවසීලන්තයේ ඔටෙගෝ වොල්ට්ස් යන කණ්ඩායම් සමග සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ජය ගත යුතුය. ඒ අතින් ගත් විට සංගක්කාරට මෙම කණ්ඩායම් දෙකෙන් කොයික නියෝජනය කලත් එකය. එහෙත් මෙම කණ්ඩායම් දෙක සැසඳූවොත් වඩා ශක්තිමත් සහ වඩාත් සංවිධානාත්මක කණ්ඩායම සන්රයිසස් කන්ඩායම බව පිළිගත යුතුය. 

කණ්ඩාම් තෝරා ගැනීමේ ගැටලුව ඉදිරියට ආ පළමු වතාව මෙය නොවේ. පසුගිය වසරේ එවැනි සිද්ධියක් බටහිර ඉන්දීය ක්‍රීඩකයන් වන පොලාර්ඩ්ට සහ බ්‍රාවෝට් ඇති විය. ඒ ගැන ක්‍රීක්ටර්ෆ් වෙබ් අඩවියේ පලවූ අපූරු වාර්තාවක පරිවර්ථනයක් ඇවිද්ද පය බ්ලොග් අඩවියේ පසුගිය වසරේ පල කළෙමු. එය කියවූවානම් මෙය ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට පහසු වනු ඇත. අයි.පී.එල්. සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යොමු කරන්නේ අපගේ බලධාරීන්ය. එම ගිවිසුම් වලට අත්සන් තබන්නේ ක්‍රීඩකයා පමණක්ම නොවේ. පාලක මණ්ඩලය වෙනුවෙන්ද කෙනෙකු අත්සන් තබයි. ඉතිං මේ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ද බැදී සිටී. ඒ අනුව යම් ක්‍රීඩකයෙක් අයි.පී.එල්. කණ්ඩායම නියෝජනය නොකර තම රටේ කණ්ඩායම හෝ වෙනත් රටක කණ්ඩායමක් නියෝජනය කරයි නම් එය ගිවිසුම උල්ලංඝණය කිරීමකි. එවිට ගිවිසුම් ප්‍රකාරව නියම වන දඩ මුදලක් පෙරලා අයි.පී.එල්. වෙත ගෙවීමට ඔවුන් බැදී ඇත. 

මෙය මරාගෙන මැරීමක් ලෙස මා නම් කලේ එමගින් මුල්‍ය අලාභ සිදු වන්නේ කුමාර්ට පමණක් නොවන බැවිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයකටද සැලකිය යුතු මුදලක් අහිමේ වේ. මෙම තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතද ඩොලර් මිලියන 1.5 ක මුදලක ලැබේ(සහභාගී වන ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු මුදලින් 10% ක කොමිෂන් මුදල් මගින් හා කණ්ඩායම සහභාගී කරවීමට ලැබෙන ඩොලර් මිලියන භාගයක මුදල). එයින් ඩොලර් එක් ලක්ෂ පනස් දාහක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අහිමි වේ. නමුත් සන්රයිසස් වෙතින් කුමර්ට ලැබෙන මුදලින් කොටසක් අඩු කිරීමට ඔවුන්ට හැකියාව ඇත.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙයට දෙන්නට හැදුවේ, රට අමතක කර මුදල් පසුපස දුවන තත්වයක් යන ලේබලයයි. දැන් එය ඔවුන්ටම පාරා වළල්ලක් වී ඇත. රට වෙනුවෙන් සෑම අතින්ම ගරු නම්බු නාම හිමි කර ගන්නා කුමාර් වැනි ක්‍රීඩකයන් රටට සම්පතක්ය. 2011 කොලින් කවුඩ්රි දේශනයත් සමග ක්‍රිකට් ලෝකය මවිත කල කුමාර්ට, ක්‍රිකට් රන් දෙවොල ලෙස සැලකෙන එම්.සී.සී. හී ලෝක ක්‍රිකට් කමිටුවේ සාමාජිකත්වය පවා හිමි වුණි.

මේ සිද්ධියෙන් පසු ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක් වන කුමාර්, 2003 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලැබීමෙන් පසු දේශීයව තමන් වෙතට ලැබුණු සහ ඉපයූ කිසිම මුදලක් තමා නොගත් බවද, ඒවා සෙසු ක්‍රීඩකයන් අතරේ බෙදා දුන් බවද පවසා ඇත. තම ක්‍රීඩා සමාජය තමා වෙත ලබා දුන් මුදල් එහි සේවකයන්ට පරිත්‍යාග කල බවද ඔහු පවසා ඇත. එමගින් ඔහු පෙන්වන්නට උත්සාහ දරා ඇත්තේ තම වචන වලින් පමණක් නොව ක්‍රියාවෙන්ද "මුදල් පසුපස නොගිය අයෙක් බවයි". මෙවැනි දේ කිසි දිනක පවසන්නට ඔහු සිතා නොසිටින්නට ඇත. නමුත් බලධාරීන් ඔහු පත් කල අසීරුතාව නිසා මේ දේවල් හෙළි කරන්නට ඔහුට සිදු වන්නට ඇත. නියමිත දිනට ක්‍රීඩකයන්ගේ පඩි වත් ලබා නොදෙන තත්වයක එවැනි චෝදනාවක් කිරීම කෙතරම් යුක්තිසහගතද ? ඇත්ත වශයෙන්ම මුදල් උපයන්නට අවශ්‍ය නම් ඔහුට මේ වනවිටත් විවිධ රැකියා අවස්ථා ඇත.  අයි.සී.සී. ආයතනය පවා තනතුරු ලබා දෙන්නට සුදානම්ය. ක්‍රිකට් නිවේදකයෙක් වන්නට ඔහුට ඉහල හැකියාවක් ඇත.

මෙවැනි ජාතික සම්පත් නොව ලෝක සම්පත් ලෙස සැලකිය හැකි ක්‍රීඩකයන්ට පල නොකියා පලා බෙදීමෙන් ඔවුන් අකාලයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්වන්නට දරන උත්සාහයන්ද යන්න අපට ඇති වන සැකයයි. 

29 comments:

  1. මේ ලංකාව! තියෙන දේ ගසාගෙන කෑමත්.. ඇති දේ ඉතා කැමැත්තෙන් නැති බංගස්තාන කර දැමීමත් අපේ අයගේ පුරුද්දය!

    ReplyDelete
  2. මෙ රටෙ හෑටි.මුන්ට රට මතක් වෙන්නෙ ක්‍රිඩවෙදි විතරයි.මාලින්ග ගෑන කිවුවත් මිනිහගෙ කකුල ඉන්ජර්ඩ් වෙලා ඉන්න්කොට ඔය බලදාරියො බෑලුවෙ නෑ නෙ.ඉතින් මිනිහ තමන් ගෑන බලාගන්න එක වෑරදිද.ඔය රට වෙනුවෙන් පොර ටොක් දෙන එකෙක් රුපියල් 1000 අත අරිවිද රට වෙනුවෙන් කියල.බලන්නකො රනවිරුවන්ට ගෙවල් හදන්න සෑලසුමක් හදල රු 1000 ටිකට් ගහල විකුනන්න ගිහින් විකිනෙනවද කියල.හෑබෑයි රටවෙනුවෙන් කොටිගානක් අතාරින්න කියල අනුන්ට කියන්න ඔන තරම් මිනිස්සු ඉන්නව.ඔය ක්‍රිඩකයන්ට සෙල්ලම් කරන්න බෑරි දවසට ඔයකියන එකෙක් සල්ලි දෙයිද.මෙක කොහොමත් බන කියන රටක් මිසක් බන පිලිපදින රටක් නෙමෙයි නෙ.

    ReplyDelete
    Replies
    1. අනිත් එක බලධාරීන් ජීවත් වෙන්නෙත් ක්‍රීඩකයින් නිසා. ඔවුන් ජයග්‍රහණ ලබා නොගෙන එක්දහස් නවසිය අසූ ගණන් වල හිටි තත්වයේ හිටියා නම්, ලංකාවට මේ සා මුදලක් ලැබෙන්නේ නෑ.

      Delete
  3. සංග එක්ක පැහැදිලි "කුහකත්ව"යෙන් බලන/කටයුතු කරන කීප දෙනෙක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සංගාගේ හිත රිදී ඇති බව ඔහු පවසන දෙයින් වැටහෙනවා. ඉන් පසු මොනවා කලත් වැඩක් නෑ. දැන් මුළු ලෝකෙම මේක දන්නවා.

      Delete
  4. //අයි.සී.සී. ආයතනය පවා තනතුරු ලබා දෙන්නට සුදානම්ය.//

    මමත් හිතන්නෙ එහෙම වෙයි කියල.

    ReplyDelete
  5. ක්‍රිකට් ගැනවත්, ක්‍රිකට් ඉතිහාසේ ගැනවත් මුකුත් දන්නේ නෑ. පාලුවට ටෙලි විසෝන් එකේ මුකුත් නැති වෙලාවට බලනවා. ඒත් දැන් ඒකත් එපා වෙලා. ක්‍රිකට් ගහපු කාලයක් තිබ්බා. හොඳට දාඩිය පෙරාගෙන. පස්සේ බලද්දී ඊට වඩා රබර් බෝලෙන් ටකර ගහන එක කරන එක වාසියි.
    නොදන්නා දේවල් කියලා කට වණ කරගන්නේ මක්ක ද ? පොස්ට් එක කියෙව්වා. නොදන්නා දේවල් ටිකක් ඔලුවට දා ගත්තා. මං යනවා තෙරුවන් සරණයි. තැන්ක්ස්..

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. හරි හරි. මේවත් දේශපාලනයේම කොටස්. ක්‍රිකට් කියලා ඇත අරින්න බෑ.

      Delete
  6. දක්ෂයන් සහ හොඳ මිනිසුන්ට ලංකාවේ කෘතගුණ දක්වන්නේ ඔහොම තමා.. ඉතින් මෙවන් අය මේ රට ගැන කලකිරෙන එක අහන්න දෙයක්ද?

    ReplyDelete
  7. සුදික අයියා අමතක කරන්න එපා මේක ලංකාව කියන එක.
    මේ තරගාවලිය ගැන නොදත් බොහෝදේ මේ පොස්ට් එකෙන් දැනගත්තා.
    ක්‍රිකට් ආයතනය ගැන කතා කිරීමත් අපරාධයක් වගේ දෙයක් කියලයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
  8. කඳුරට කියන්නෙත් හයිද්‍රබාද් සන්රයිසස් කියන්නෙත් රටවල් නෙමේ කමර්ෂල් ක්‍රිකට් ගහන ෆ්රැන්චයිස් දෙකක්.කඳුරටට ගහන්නේ නුවර කට්ටිය විතරක් නෙමෙයි.හයිද්‍රබාද් ගහන්නේ තෙලිඟු කට්ටිය විතරක් නෙමෙයි.අපිට එස් එල් පී එල් තියාගන්න්වත් ශක්තියක් නැති උන නිසා තමයි හදිසියට මේ කඳුරටක් අටව ගත්තේ.එහෙම නොවුන නම් ලංකාවෙන් යන ටීම් එකේ විදෙස් ක්රීඩකයොත් ඉන්නව.එහෙම බැලුවම මේක රටට සෙල්ලම් කිරීමකට සම්බන්ධ කරගන්න හදන නොදරුවන් පවු!දුර්වල පරිපාලනය සහ කුහක දේශපාලනය!

    ReplyDelete
    Replies
    1. කුහකත්වය තමයි තියෙන්නේ.

      Delete
  9. //එහෙත් සංගක්කාර යනු ආවාට ගියාට වචන පිට නොකරන, වැදගත් මහත්මයකු ලෙස ලෝකයම පිළිගෙන ඇති, හුදෙක් පිත්තෙන් පන්දුවට පහර දෙන තවත් එක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවේ.//

    නුවර පැත්තේ කොල්ලෝ කොහොමත් හොඳයි.:D:D
    හපොයි විහිලුවට කීවේ. නැත්නම් කට්ටියගෙන් ගුටි කන්ට වෙයි.

    ReplyDelete
    Replies
    1. අපිටනම් කලාතුරකින් තමයි කෙනෙක් මුණ ගැහෙන්නේ. :)

      Delete
  10. සුදීක...මේ වගේ මෝඩ පාලකයෝ නිසා තමයි දක්ෂයෝ රට අත හැර යන්නේ.මගේ පෞද්ගලික අදහස නම් සංගා වෙන රටක තනතුරක් බාරගෙන යනවානම් හොඳයි කියලා මේ ගොන් පාට් වලට යට නොවී.ඔන්න දැන් මීඩියා එකට කතා කලාට පරීක්ෂන.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඊළඟ පියවර. පල නොකියා පලා බෙදනවා.

      Delete
  11. මම කැමතිම ක්‍රිඩකයා :) ඒත් ලන්කාවෙ කොහෙද හොද මිනිස්සුන්ට දියයුතු තැන දෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මේවා මිනිස්සු හිතාමතා අමාරුවේ දැමීම්.

      Delete
  12. පාලකයො එහෙම ක්‍රීඩකයන්ට බලපෑම් කරනවානම් එය සම්පූර්ණයෙන්ම හෙලා දැකිය යුතුයි...සංගක්කාර වගේ ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්ට එහෙම කවුරු හරි බලපෑමක් කරනවා නම් ඒ පිටුපස දේශපාලන හස්තයකුත් අනිවාර්යෙන්ම ඇති.

    ReplyDelete
    Replies
    1. පක්ෂ දේශපාලනය නැති වුනත්, මේ සිද්දියම දේශපාලනික දෙයක් විදියටයි මම දකින්නේ.

      Delete
  13. මෙන්න ලියුම..කුිකටි ගැන මෙලෝ හසරක් නොදන්න මටත් තේරෙන එකම දෙය අපේ එවුන් ගේ තියන කුහකත්වය

    ReplyDelete
    Replies
    1. හරියටම හරි කුහකත්වය.

      Delete
  14. එස්එල්පීඑල් නාගැනීම තමයි මේ තාම යන්නෙ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...