Tuesday, July 23, 2013

ලොල්ද මන්දා 5 : කෙන්ජිගේ පළමු සටහන සහ ලන්ඩන් ගිය ගමගේ......

අන්තිමට ලියපු ලොල්ද මන්දා කතාව කියවපු අපේ කෙන්ජි ඒ වගේම කතාවක් ලියලා එවන්න පොරොන්දු වුණා. දින කිහිපයකින් මට හීයක් මගින් ඒ කතාව එවලා තිබුණා. කෙන්ජි ඉල්ලලා තිබුණේ වෙනස් විදියකයට ලියන්න කියලා. නමුත් ඒ කතාව මම හිතුවා ඒ විදියටම දාන්නා. මොකද මේ කෙන්ජි ලියන පළමු සටහන නිසා. සමහර විට වෙනත් තැනක කලින් ලියලද දන්නෙත් නෑ. මම දන්නා පළවෙනි එක මේක නිසා ඔන්න මම දානවා.

අපේ රටේ කොල්ලො 5 දෙනෙක් '89වලදී වගේ ජපන් යන්න හිතනව.කොහොම හරි ජපානෙට පැනල හොරෙන් රස්සාවල් කරල පුළුවන් තරම් සල්ලි හොයන් ඇවිල්ල ලොකු බිස්නස් එකක්,ලොකු ගෙයක් හදාගෙන පජෙරෝ අරගෙන හොද කෑල්ලක් සෙට් කරගෙන ඔය වගේ සිහින මාලිගා. 
පස් දෙනාගෙන් අයිය,මල්ලි දෙන්නයි එයාලගෙ ඥාති සහෝදරයො දෙන්නයි,අයියගෙ යාළුවෙකුයි.යාලුව එයාර් ලංකා කේටරින් වල වැඩ කරනවලු එතකොට.මට මතක විදියට බන්දුල වගේ නමක්.අයියයි,මල්ලිගෙයි තාත්ත එයාර්පෝට් immigration ඔෆිසර් කෙනක්.(මේ ලමයි දෙන්න දෙවැනි පවුලගෙ කියල පස්සේ ආරංචි උනා.ඒ කතාව අපිට අදාල නැහැ)
කොහොමත් බන්දුව අමුතු ඩයල් එකක්.කේඩෑරි,උස,උරහිසින් ටිකක් ඉදිරියට නැමිල,මෝඩ විහිළු කලවම් මුහුනක් තියෙන පොරක්.හැබැයි අති පණ්ඩිතය.ඇගැපුරා මොලේ තියෙන විදියට තමයි කතාව.ඒ පස් දෙනාගෙ ගැන්සියේ යමක් ඉගෙන ගෙන හිටියෙත් ඒක විතරයි.අනිත් එවුන් 4ම ගොන් තැම්බෝ.(මුන් ටික ජපානයට ආවම තමයි ඔය ටික දැනගත්තෙ) 
තාත්ත කාරය හදන්නෙ නැවකට නගින විදියට එයාපෝට් බස්සල වාෂ්ප කරන්න.කොහොමහරි එම්බසිය අල්ලල පස් දෙනා යන්නේ නැතිවම "ට්‍රාන්සිට් විසා" වද්දල ඒ ගේම ෆිනිෂ්.
දැන් වීසත් ලැබුනම බන්දුව සතුටින් අනිත් අයට කියනවලු අපිට රස්සාවක් තමයි බං ප්‍රශ්නෙ.රස්සාවක් හම්බුනාම විසා නැති එක ගානක් නැහැ බන් ලංකාවේ කිව්වම මාර තැනක්ලු තියෙන්නෙ, JRට මාර සැලකිල්ලලු. සැලකිල්ල කොහොමද කියනව නම් ගොඩක් ප්‍රසිද්ධ තැන් වල JR ගෙ නම ගහලලු. අර UN සෙමින එකේදි "නහි වේරේන"ගාථාව කියල ජපානෙ බෙරගත්තළු නෙ. එකනේ ලොක්ක ආපු ගමන් රුපවාහිනිය,ජ.පු.ඉස්පිරිතාලෙ තව ඔය මහවැලි වගේ ලොකු ප්‍රොජෙක්ට් සේරම ජප්පොනෙ දීල තියෙන්නෙ. අනිත් 4දෙනා තුස්නිම්බුත වෙලා අහගෙන ඉන්නව විතරලු. බන්දුව කියන එකට මහවැලිය කලේ ජපානෙන් නෙමේ කියන්න එකෙක් නැහැ. 
මගෙ පියාගෙ යාලුවෙක් අහල තියෙනව එයාගෙ යාළුවකුගේ ළමයි 5ක් ජපන් යනව, විසත් හරි එයාපෝට් එකෙන් බාර අරන් රස්සාවල් හොයල දෙන්න පුලුවන්ද පුතාට කියල. සමහරු අහන්නෙ පුතාට කියල අපේ ළමය ජපානෙට යවාගන්න ක්‍රමයක් නැද්ද කියලනෙ. පියා වගේම මමත් කල්පනා කලා අමාරුම දේ විසානෙ. ඉන්න,කන්න බොන්න රස්සාවක් ප්‍රශ්නයක් නැහැ ලංකාවෙ එව්වො නෙ කියල එකෙන්ම OK එක දුන්න. 
කොහොම හරි නරිට එයාපෝට් බැහැල 5ස් දෙනා කවුන්ටර් පහකට වෙනම ගිහිල්ල ට්‍රාන්සිට් (දින 7කට විසා)ගහගෙන එලියට එන තැනදී ඩයල් ටික අල්ලගෙන මා සහ මගේ මිත්‍රයකු ඔවුන් රැගෙන ස්කෙලේටර් නාග/බැස ගොස් දුම්රිය පලට ගියා. 
හිතා ගන්න පුලුවන්ද මොකද වුනේ කියල. මම ටිකට් අරං එද්දී දුරට පේනවා බන්දුව අර 4දෙනාට අතපය දික් කර කර පෙන්න පෙන්න කට කනේ. 
අපි ඇවිල්ල හිටියෙ ජැපනීස් රේල්වේ දුම්රිය ස්ථානයකට නිසා, දුම්රිය පෙට්ටි දුම්රිය ස්ථානයේ නම සහිත බෝඩ් වල JR කෙටි යෙදුම යොදල දැකල තමයි බන්දුවගේ කට කනේ.
පින්තුරය ගත්තේ : http://jats60.umin.jp

පුද්ගලික සමාගම් වලට අයිති වෙනම රේල්වේ ලයින් තිබෙනව.ඒවා ඒ සමාගම් නාමයන් ගෙන් හදුන්වනව.
Kenji @ Japan 

දැන් මෙන්න මගේ කතාව

මේ වගේ ලංකාවේ යාලුවේ දෙන්නෙකුත් එංගලන්තෙට ගියා. ඒ එක්දාස් නවසිය හැට ගණන් වල. එංගලන්තෙට වීසා ගන්න එතරම් අමාරු නැති නිසා දෙන්නටම කිසි කරදරයක් නැතිව වීසා ලැබුණා. එහේ ඉන්න යාලුවෙක්ගේ නිවහන මේ දෙදෙනාටත් සෙවන වෙලා. ඉතිං පුංචි පුංචි රස්සාවල් කරලා ජීවත් වෙන ගමන් ගානකුත් ඉතිරි කරගෙන මේ දෙන්නා සතුටින් සමාදානයෙන් ඉන්නවලු. 

මේ දෙන්නාගෙන් එක්කෙනෙක්ගේ නම ජෝර්ජ්. ජෝර්ජ් කිව්වාම ඉතිං එංගලන්තේ කොයි තැන බැලුවත් තියෙනවනේ. කඩසාප්පු වලද, බස් නැවතුම් වලද, කොටින්ම රජ පරපුරේත් ජෝර්ජ්ලා ඉඳලා තියෙන නිසා තැනකට ගියත් ජෝර්ජ් කිව්වම මාර තැනලු. ඒ නිසා ජෝර්ජ් ඉන්නේ පොඩ්ඩක් උජාරුවෙන්ලු. මිනිහා නිතරම කියනවාලු
බලපන් අපේ පප්පා මට නම දාලා තියෙන්නේ බොහොම දුරදිග කල්පනා කරලා. පප්පා දැනගෙන ඉඳලා තියෙන්න ඇති මම කවදා හරි ඉන්ග්ලන්ඩ් යනවා කියලා. දැන් බලපන් ජෝර්ජ් කිව්වම මාර තැනක් නේ තියෙන්නේ 

මේකට දෙවෙනි යාලුවාගේ පොඩ්ඩක් හිත රිදිලා ඉඳලා තියෙන්නේ. මිනිහගේ නම ඉතින් ගමගේ නේ . ඔන්න දෙන්නා දවසක් හවස ලන්ඩන් නගරයේ පාරක් දිගේ යනකොට ගමගේ, ජෝර්ජ්ගේ අතින් අල්ලලා නවත්තුවාලු

ගමගේ : බලපන් කඩේ දිහා හොඳට 

ජෝර්ජ් : මාර බයිසිකල් තොගේ නේ 

ගමගේ : අන්න, අන්න උඹ කැත මිනිහා. මෙච්චර ලස්සනට ලොකුවට තියෙන එක උඹට පෙන්නේ නෑ.

ජෝර්ජ් : පේනවා, පේනවා, බයිසිකල් තමයි ඉතිං හැම තැනම.

ගමගේ : එතකොට උඹට ඔච්චර ලොකුවට ගහලා තියෙන, කඩේ බෝඩ් එක පෙන්නේ නෑ. බලපන් අපේ අය ලන්ඩන් ඇවිත් තියෙන්නේ උඹලට කලින්.

පින්තූරය ගත්තේ : www.lookandlearn.com
දෙන්නා නතර වෙලා බලන් ඉඳලා තියෙන්නේ මෙන්න මේ සාප්පුව ගාව. ඒගොල්ලෝ මේක කියන්නේ "ගැමේජ්" කියලලු. ජෝර්ජ්ට ඒ ගැන වැඩි තේරුමක් නැති නිසා තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉඳලා. 

 

89 comments:

  1. Lol ගෙදර ගිහින් කොමෙට් එකක් දාන්න අපහු එන්නම

    ReplyDelete
  2. වස ලැජ්ජාවයි සුදීක මල්ලියො.මම ලියල එව්ව එක ගෙඩිය පිටින් දාල.
    මම හිතුවෙ මේ විස්තරේ එව්වම ඔබ රසට කතාවක් ගොතල ලියයි කියල.

    ReplyDelete
    Replies
    1. මට ආයේ අලුතෙන් එකතු කරන්න දෙයක් තිබුණේ නෑ.

      Delete
  3. ඇයි අපේ ලංකාවෙ කුරේ කියලා පොරක් තමයි ඉන්දියාවෙ කුර්කුරේ 1 පටන් අරන් තීන්නෙ.

    ReplyDelete
    Replies
    1. කුර්කුරේ කියන්නේ මොකක්ද ?

      Delete
  4. කෙන්න්ජීගේ කොමේට්ස් දැන් අවුරුද්දක් විතර ඉඳන් මම කියවලා තියෙනවා. ඒ තියෙන අත්දෑකීම් එක්ක බ්ලොග් එකක් ලියන් නැති එකනම් හෙන අපරාදේ .....කොහේද තැනක මාරයත් කියලා මාසේට එක ගානේ හරි ලියමු කියලා......අනික හිට්ස් ගැන කොමේට්ස් ගැන බය වෙන්න දෙයකුත් නැහැනේ ...කෙන්න්ජීව සයිබරයේ නොදන්න කෙනෙක් නැහැනේ?


    ජේ.ආර් කියුවාම මතක් උනේ ළඟදී ජපානේ රූපවාහිනී චැනල් එකක් ලංකාව ගැන කථා කරපු වැඩසටහනක ජේ.ආර්ගේ සැන් ෆැන්සිස්ක්‍රො කථාව ගැන එහෙම තිබිලා තියෙනවා..යාළුවෙක් ඔකේ ලින්ක් එක එවලා තියෙලා මාත් බැලුවා.ලංකාව ගැන බලන ජප්පන්ට මාර ගෞරවයක් ඇති වෙන විදිහට හදලා තිබුනේ..මහින්ද ලොක්කත් වැඩසටහනේ හිටියේ....ජේ.ආර්. ගැන අහගන්න වැඩසටහනේ නිවේදිකාව ගියේ ලොක්කා ගාවට...ඔන්න ජේ.ආර්ගේ කෑල්ලේ ලින්ක එක..කෙන්ජී එහෙම ආවොත් බලන්නකෝ.


    හැබැයි අන්තිමටම මට මෙහෙම දෙයකුත් හිතුනා....."අපි ජාතියක් විදිහට වෙන කෙනෙක්ට කරපු උදව්වක් ගැන ඕ හැටි පම්පොරී ගහන එක හරි නැහැ කියලත්...."මොකද සිද්දිය අපි බහුතරයක් දැනන් හිටියට බහුතරයක් ජප්පෝ දන්නේ නැහැ....

    ReplyDelete
    Replies
    1. කෙන්ජීට බ්ලොග් එකක් අටවා ගැනිමට කාලය පැමිණ ඇත

      Delete
    2. Gaijin,බොහෝ ස්තූතියි ලින්ක් එකට.කාලයක් හොයපු එකක්

      Delete
    3. ගයිජින් විසින් දීල තිබෙන ලින්ක් එක බලන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනව.
      ලින්ක් එකට ස්තුතියි ගයිය.

      Delete
    4. අපි හැමෝම කෙන්ජිට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ පුංචි කතාව නිසා එතිහාසික කතාවක් එලියට ගන්න ලැබුණ එක ගැන. ගයිජින්ටත් ස්තුතියි ලින්ක් එකකට.

      මේ ලින්ක් එක හොයා ගන්න අමාරුයි වගේ පේනවනම්
      ".ඔන්න ජේ.ආර්ගේ කෑල්ලේ ලින්ක එක..කෙන්ජී එහෙම ආවොත් බලන්නකෝ." කියන කොටස ක්ලික් කරන්න.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මෙකේ 2:00 විතර වගේ ඉඳලා බලන්න.
      http://www.youtube.com/watch?v=are3D0TEaig

      Delete
  5. කතා දෙකම රසවත්. අපරාදේ කිව්වත් වගේ කෙන්ජි අයියා දැන්වත් ඔය කම්මලි කම අත ඇරලා ලියන්න ගත්තා නම් හොදයි තමා.

    ReplyDelete
    Replies
    1. ජනතා ඉල්ලීමට කන් දෙන්න වෙනවා.

      Delete
  6. මරු කතා 2ක ..... මට තියෙන ප්‍රශ්නේ මේ වගේ බාලාංශ පන්තියේ කොමිටල් වැඩ වෙන්නේ ලංකාවේ එවුන්ට විතරමද කියන එකයි............. අද තමයි දන්නේ කෙන්ජි බ්ලොගක් ලියන්නේ නෑ කියලා පහුගිය කලේ හැමතැනම හෙව්වා එක කලගුණ සලකන්න .....

    ReplyDelete
    Replies
    1. දැන්නම් කෙන්ජි ඒ ගැන සලකලා බලයි.

      Delete
  7. කෙනජිගේ සටහන ඒ විද්යහටම දාපු එක හොදයි. කොහා උනත් අපේ නම දකින කොට පොඩි ආඩම්බරයක් එනවා. ගමගේ ඔහම හරි ජාමේ බෙර ගත්ත එක ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. මගේ විදියට ලිව්වනම් කෙන්ජිගේ හැකියාව ගැන කවුරුත් දැන ගන්නේ නෑ.

      Delete
  8. කෙන්ජි (මාම) ට පුළුවන් ඔබා මාම නැති අඩුව පුරවන්න..

    ReplyDelete
  9. මට මගේ පොඩි පුතා මතක් උනා, එය තවමත් මගෙත් එක්ක තර්ක කරනවා GAMAGE කියලා තියෙන්නේ ගමගේ නෙවෙයි ගැමේජ් කියලා...

    ReplyDelete
  10. කෙන්ජියට දැං අමාරුව හැදිල වගේ.. කලින් ඉස්ම යන්න කෑම වට්ටෝරුවකුත් දුන්න නෙව..

    ReplyDelete
    Replies
    1. එහෙනං මේ දෙවෙනි එක ?

      Delete
  11. ඔන්න බලපං කෙන්ජිය බ්ලොගක් පටන් ගන්නෙ නැද්ද කියල

    ReplyDelete
    Replies
    1. ඊට කලින් ඌට මූලග්ගින්නට බෙහෙත් අරං දෙන්න වෙනවා..

      Delete
    2. ඔන්න මට නම් බනින්න එපා කෙන්ජි අයියේ.

      Delete
  12. කතා දෙකම ලොල් , කෙන්ජිටත් බ්ලොගක් ලියන්න පුළුවනි දැන් ..

    ReplyDelete
  13. කතා දෙකම නියමයිනේ.. කෙන්ජිගේ බ්ලොග එනකම් අපිත් නොයිවසිල්ලෙන් බලන් ඉන්නේ. සුදීකට කෙන්ජිගේ පෙනෙළ බැදුම අහුවෙලා නැති හැඩයි.

    ReplyDelete
    Replies
    1. නලී,ඒ ලින්ක් එක දැම්ම නම් සුදික බලයි.

      Delete
    2. නලීන් ඔයාගේ එකේ නේද තිබුණේ. දැන් මතකයි.

      Delete
  14. කෙන්ජි............මොනවා හරි කුරුටු ගාන්න.හැම කුරුට්ටක්කම වටිනවා.
    සුදීක.......මේ ඇඩ්‍රස් එක බලන්න.ලිං ගි කයි කියන්නේ මාත් එක්ක ඉස්සර වැඩ කරපු වියට්නාම් ගෑනු කෙනෙක්.අනිත් ගම් සහ ගෙවල් මේ කිට්ටුව තියෙන ඇත්ත ඒවා.එකට දාලා මම ඇඩ්‍රස් එකක් හැදුවා.
    Miss Ling Gi Kai,
    Kimberley Villa,
    Pie Lane,
    Puckeridge.

    ReplyDelete
    Replies
    1. අයියෝ...මෙහෙමත් විකෘතියක්.....

      Delete
    2. තනිකරම ලිංගිකයිනේ.

      Delete
  15. කෙන්ජි, සුබපැතුම් !! අපූරු කතාව. හොන්දින් රස වින්දා..

    සුදීකගෙ කතාවත් නියමයි. මම අනුමාන කරනවා ඒක පසුපසට ගොතපු කතාවක් කියලා.

    ReplyDelete
    Replies
    1. නැහැ සෙන්නා. මම මුල්ම ජොබ් එක කලේ හොටෙල් වල. ගමගේ කියලා අපේ ටෙලිෆෝන් ඔපරේටර් කෙනෙක් හිටියා.අපේ හිටිය මැනේජර් කෙනෙක් ඌට කතා කරන්නේ ගෑමේජ් කියලා. අපි ඇයි ඇහුවම මේ කතාව කිව්වේ.

      Delete
  16. කතා දෙකම සුපිරියි. තැනක ගිහිල්ලා ඇද බාන්න පුළුවන්...

    අර බිබිලේ ඉඳන් කොළඹ ආපු දෙන්නත් කිව්වලු අපේ ගම ගැන සුද්දෝ පොත් පවා ලියලා තියෙනවා කියලා. පොතේ පිට කවරේ තිබුනලු bible කියලා. කොළඹ ආපු වෙලේ R10 හෝල් එකෙන් ෆිල්ම් එකකුත් බලලා තිබුනලු.

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් හිටියා සම්පත් කියලා. දවසක් කැල්කිව්ලේටර් එකක් ගෙනත් පෙන්නලා මට කිව්වා කැස්ටෙන් කියලා. ඒකෙ ජාතිය CASIO(CAS10 වගේනේ).

      Delete
  17. නියමයි අපේ කෙන්ජි බ්ලොග් එකක් පටන් ගත්ත නම් නැගලා යයි. ලියන්නකො කෙන්ජි. මට තව පොඩ්ඩෙන් මේක මිස් වෙනවා. කෙන්ජි කිව්ව නිසා පට්ගාල ඇවිත් බැලුවේ. දිගට ලියන්න කෙන්ජි. ඔබා අයියත් ඔහොම තමයි පුදුම අමාරුවකින් ලියන්න ආවේ. හැබැයි ආවට පස්සෙ නොම්බර එක.

    ReplyDelete
  18. නියමයිනෙ කෙන්ජි කතාව. ඔයවගේ දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. පොඩි කකුලුවෝ මහා එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා ....

      Delete
  19. කෙන්ජියගේ කොමෙන්ට් වල තියෙන රහ පෝස්ට් එකේ නෑ. ඒක තේරුන නිසා වෙන්න ඇති සුදීකයට එවන්න ඇත්තේ. සිරා ගන්නෙ නැතුව, කොමෙන්ට් ලියන විදියටම ලිව්වා නම් ඉවරයි. උඹ බොගක් දානවා නම් කොමෙන්ට් වල ඉට්ටයිල් එකට කරපන්.

    මගේ ඇස් වල වතුර ගතිය වැඩි වෙලා අර ඇක්ස්ප්ලේන් කොරන්න බැරි ෆීලින්ග් එක ආවා. සුදීකයා කෙන්ජියගේ කතාවක් දාලා තියෙනවා කිව්වම. ඇයි බං එහෙම වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔහොමද ආධුනික බ්ලොග් කරුවෙක්ට අත දෙන්නේ ?

      එහෙම වෙන්නේ බෙදාගන්න දෙයක් නැති නිසා.

      Delete
    2. එහෙම වෙන්න ඇයි කියන ප්‍රශ්ණේ මට තේරුණේ පස්සේ. ඔන්න මම ඒවා ආයි මෙතන මතක් කරන්න යන්නේ නෑ. කොහොමත් ඒක හොඳටම දැනෙන්න ඕනේ ඔයාට තමයි.

      Delete
  20. කතා දෙකම රසවින්ඳා, බොහෝම ස්තුතියි

    ReplyDelete
  21. කෙන්ජි සීයට අපි කලින්ම කිව්වා.. කෝ අහන්නේ නෑ නේ... හැබැයි තිසර කියනවා ව‌ෙග් මූලග්ගින්නට බේත් ටිකකුත් දුන්නනං හොඳයි තමයි.... මෙයාට කේන්ති යනවා වැඩියි... හි හි

    ReplyDelete
    Replies
    1. ලියන්න ගත්තම ඉවසීම පුරුදු වෙයි.

      Delete
  22. සුදීකගෙ බ්ලොගේදි කෙන්ජිට සුබ පැතුම්...ඔය විදියටම ලියල බ්ලොගක් පටන්ගන්න එකයි ඇත්තෙ...මොකද පාඨකයන්ගෙන් අඩුවක් වෙන එකක්යැ...කෙන්ජිව බ්ලොග් ලෝකෙ සියලු දෙනාම දන්න නිසා

    ReplyDelete
  23. කතා දෙකම සිරා.. ඔන්න ඔහේ බ්ලොගක් පටන් අරන් ඔය තියන අත්දැකීම් සම්භාරයයි කතා ටිකයි ලියල දාන්න කෙන්ජි අයියා. කට්ටිය සප් එක දෙයි බොක්කෙන් ම..

    ReplyDelete
  24. හැමෝම කියන එකේ, අගේ නොකර බොගක් දාපං කෙන්ජි. මූලග්ගින්නට ඔය මොනවා හරි කරගන්න බැරුවයැ. අපි යෝජනා කරමුද නමක්?

    ReplyDelete
    Replies
    1. නහී වේරේන වේරානි කියලා දාමුද ?

      Delete
    2. නෑ මම හිතන්නේ "කොතල හිඹුටු" කියලා දාන එක හොඳයි. මොකද ජපන්නු අපෙන් උදුරා ගත්තු දේනේ :)

      Delete

  25. ඕක මාත් කළින්ම කිව්වා කෙන්ජි අයියට..දැන් ඉතින් ලියන ඒකයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. කෙන්ජිගෙන් පිළිතුරක් අවශ්‍ය වී ඇත.

      Delete
  26. කෙන්ජි වෙත කෙරෙන කාරුණික තර්ජනයයි. වහාම බ්ලොග් ලියන්නට පටන්ගනු. නැතහොත් තමාව කූඹි කා මැරෙන ආකාරයට සීනි දමා වෙඩි තබනු ලැබේ. :D :D

    සුදීක, මම මෙච්චර දවසක් කාටවත් නොකියා හිටිය රහසක් කියන්නම්. ඔය සෑම නගරයකම මෙන්ම විශේෂයෙන් දුම්රියපල වල තියනවා මගේ නමටම වෙන් කරලා හදපු වැසිකිළි, විවේකාගාර, ආදිය. මම ඉතින් මොකුත් කියන්නේ නෑ වෙන අය ඒවා පාවිච්චි කලාට. මට ගෙදරට කියන නම් 'මහතුන්'

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපෝ අපිනම් ඔය මහතුන්ගේ වැසිකිලියට යන්නේ නෑ.

      Delete
    2. ඒ කාලේ එහෙම වෙන්ටැති. ඒ උනාට “වයසක මහතුන්“ ට පමණයි කියල ඒවා නං දැං නෑ.. හැක්..

      Delete
    3. උඹ අහුවෙයන්කෝ මට. 'වයසක' පෙන්නන්ඩ. :D :D

      Delete
  27. කිබුලා අතෙ ගහපු, හරිය පිටයේ ගහපු ට්‍-ෂර්ට්
    "බිමජ්" එකයේ උත්සවයක් තියනවා කිව්වලු (BMICH)

    ReplyDelete
    Replies
    1. බ්මිච් එකේ නෙවෙයිද?

      Delete
    2. මගේ සිංහල කෙටිල්ල දන්නවනේ..ඉස්තුති හැදුවට

      Delete
    3. ඔය කිඹුලා ගහලා තියන ආකාරයට ගහපු කුරුල්ලාගේ කතාව අහලා තියනවද?

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. ගුවන් නැවි නිලදරානියක් - "සර්ජන් මගේ අතේ ගහන කුරුල්ලා නැති වෙලා මට අතේ ගහන කුරුල්ලෙක් දෙන්නොකෝ...."
      ගබඩා බාර සර්ජන් - "අතේ ගහන කුරුල්ලෝ නැහැ පැටියෝ #$%^&* සාරජන්ල නම් ඉන්නවා"
      (නරක හිතකින් නොලිය්වමි වැරදි වචන ලියවී ඇත්නම් සමාවෙන්න)

      Delete
    5. හරි හරි සංජීව. ඔයා හරියටම හරි. ඔය කතාවම ආමි එකේ තියෙන්නේ සොල්දාදුවෙක් ගිහින් කඳවුරේ කැන්ටිමේ (ඒකට හමුදා භාෂාවේ කියන්නේ ජන අවන්හල කියලා) බොම්බඩියර් කෙනෙකුගෙන් තමයි අහලා තියෙන්නේ බොම්බඩියර් මට අතේ ගහන කුරුල්ලෙක් දෙන්න කියලා. මොකද ඒ ප්‍රදේශයේ සේනාංක ලාංඡනය formation sign හැටියට තිබිලා තියෙන්නේ කුරුල්ලෙකුගේ ලාංඡනයක්. ඉතින් බොම්බඩියර් කිව්වලු අතේ ගහන කුරුල්ලොනම් නැහැ මල්ලි *^%$#@ බොම්බඩියර් ලා නම් ඉන්නවා, වරෙන් කැන්ටිමේ ගබඩාව ඇතුලට කියලා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    6. යුද්ද කාලයේ යාපනේ වතුර ටැංකියක ගහලා තිබුනලු
      ගුවන්
      නෙවි
      එකයි ..කියලා...ආමි එක ගිහින් යටීන් ගැහැව්වලු ...අපි නැත්තන්
      හූ%&යි කියලා

      Delete
    7. සුදික අය්යා ඔයගේ බ්ලොගේ කුණුහරුප ලියනවා කියලා බනින්න එපා වරදක තියනවනම් කියන්න
      ලොල් කථා නිසා ලිව්වෙ

      Delete
  28. කෙන්ජිගෙ කතාවට ගත්ත දෙවන කතාවත් නියමයි.සමහර ඉංග්‍රි සි වදන් ඒ විදියට සිංහලට හරවගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයා.

      Delete
  29. මාගේ දෙවන ලිපිය පල කරමින් දැක්වූ සුහදතාවයට සුදික සහෝදරයාට ස්තුති වන්ත වෙමි.
    ඒ වගේම මේ ලිපිය කියවා අපට වටිනා වීඩියෝ ක්ලිපයක් ලබා දීම ගැන ගයිජින් සහෝදරයාටත් තුති පුදමි.
    එමෙන්ම මා දිරිමත් වන ලෙස වචන කොටමින් සහ ආදරනීය එක් මරන තර්ජනයක් :) කරමින් මාගේ සහෝදර කැල සමග මේ බ්ලොග් අවකාශයේ මගේ මිනිබිරිය එකතු කල වචන මට ඉතාමත් වටිනව.මා වෙනුවෙන් වචනයක් ලිවීමට කාලය වැය කිරීම ගැන ඔබ සැමට මාගේ ප්‍රණාමය පුද කරමි.!
    බ්ලොගයක් ආරම්භ කිරීම ගැන කියන්න තියෙන්නෙ ටිකක් පරක්කු වෙයි කියල.
    ඔබ සියලු දෙනාට පේනව ඇති මම කොමන්ට් කරද්දියි,ලිපියෙයි තියෙන වෙනස.
    එම වෙනස මාතලන්ට තේරුම් ගිහිල්ල කෙලින්ම කියල තිබුන.ඒ ගැන ස්තුතියි මාතලන්.
    මම කොහොමත් දිගටම ඔබ සැම සමගින් ඉන්නව.
    ඔබලාගෙන් ඉගෙන 2015 විතර වෙද්දී බලමු මගේ එකක් පටන් ගන්න.
    අද පටන් අරන් හෙට වේලෙන්න දෙන්න බැහැනේ.
    ඔබ සැමට දීර්ඝායුෂ පතමි.!

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා ස්තුති කතාවකුත් කරලා. කොහොමත් කමෙන්ට් සහ පොස්ට් අතර වෙනසක් තියෙන්න ඕනනේ.

      Delete
    2. අයි උන්නැහේ 2015 වෙනකල් නැකතක් නැද්ද බ්ලොග් එකක් පටන් ගන්න. එච්චර කල් හිටියොත් නැකත් ......වෙයි. ඒ නිසා අද අදම පටන් ගන්නවා හොඳයි.

      Delete
  30. කතා දෙකම මරු .. බලපන් මගේ නමත් එතන තියනවා

    ReplyDelete
  31. කෙන්ජි සහෝදරයා ලියමුකො බ්ලොගක්.. හැබැයි ඉතිං ඔය ආදරණීය මූනෙ පොටෝ එකකුත් දාල..

    අපේ ගොඩගේට සුද්දො කිවුවෙ ගොඩාජ්

    ReplyDelete
  32. @කෙන්ජි,

    හී හී...හරිම ලස්සණ කතාවක් කෙන්ජි. මේ ඔයා බ්ලොග් එකක් පටන් ගන්ටකෝ. ලියන්ට මහා ගොඩක් ජාති ඇතිනේ.

    බලාගෙන යනකොට හැමෝම කියලා තියෙන්නේ මම කියලා තියෙනදේ.:)

    @ සුදීක,

    //ජෝර්ජ් කිව්වාම ඉතිං එංගලන්තේ කොයි තැන බැලුවත් තියෙනවනේ.//

    හපොයි එංගලන්තේ අලුතෙන් ඉපදුනු කිරුළ හිමි කුමාරයත් 'ජෝජ්' නේ. :D:D

    ReplyDelete
    Replies
    1. හත්වලාමේ ... ඒකත් එහෙමද ? ඔයා කොහෙද ගිහින් හිටියේ ?

      Delete
    2. තකහනියෙ ආවට ස්තුතියි පොඩ්ඩි.

      Delete
  33. අඩෙ මට මෙකට කොටන්න බෑරිවෙලා නෙ.ඔපිසියෙදි බලන්න ඈත්තෙ.කෙන්ජි ප්‍රජාතන්ත්‍රවදයට ගරු කරමින් ජනත කෑමෑත්තට හිසනමන්නම වෙනව හරිය

    ReplyDelete
  34. ෂා මරු කතාව, කතාව නෙවෙයි කතා දෙකම මරු

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...