අපේ රටේ බහුවලව ඇහෙන කියමනක් තමයි "අප්පා කල දේ පුතා නොකලොත්, ඌ නොට්ටිගේ පුතෙක් කියලා". මේ නොට්ටිගේ කියන එකට විවිධ අය විවිධ අර්ථකතන දුන්නා. අපේ සිංහල රාජ් මේ මාතෘකාවෙන් පොස්ට් එකකුක් ලිව්වා. මෙතන නොට්ටිගේ කියන එකේ පද නිරුක්තිය අනුව හැදිලා තියෙන විදිය අපේ පැත්තේ අන්කල් කෙනෙක් දවසක් කිව්වා. ඒ කියනකම් මම හිතා හිටියේ මේක ලෙවල් ටූ කුණුහරපයක් කියල. ඒක වෙන්නේ නොට් + උගේ කියන හයිබ්‍රිඩ් නිරුක්තියකින් කියලා තමයි කියන්නේ. නොට්ටුගේ කියන එක පසුව නොට්ටිගේ වුණා කියලා තමයි අර අන්කල් කිව්වේ.
අපේ තාත්තාගේ කාලයේ බ්ලොග් තිබුණේ නැත. තිබුණා නම් අනිවාර්යයෙන්ම තාත්තාද බ්ලොග් කරුවෙකි. එසේ වූවානම් මම නොට්ටිගේ පුතෙක් නොවීම සාධාරණය. නමුත් ලිවීමේ ක්‍රියාවලිය ඔබ කරන්නේ තල් පතක් මතද, ගල් කුලක් මතද නැතිනම් අපට වඩාත් හුරුපුරුදු බ්ලොග් එකකද යන්න එතරම් විශේෂයක් නොවේ. මෙහිදී ඔබ කොහේ හෝ ලේඛණ කලාව කරගෙන යාම ප්‍රස්තුත වේ. ඒ අතින් මගේ පියා හා මා ගත් කල මම "නොට්ටිගේ පුතෙක්" නොවෙමි. හේතුව තාත්තා සාම්ප්‍රදායික ලෙස පෑන සහ කඩදාසිය යොදා ගත් අතර මා වඩාත් පහසු බ්ලොග් කෙරුවාවට හුරු වීමය.
අපේ තාත්තලාගේ කාලයේ ලියන්නට හැකි බොහෝ දෙනෙකුට සිදු වූ පරිදි, තත්තාටද ඔහු ලියූ පොත් එලි දක්වන්නට බොහෝ කාලයක් බලා ඉන්නට සිදු විය. කාලයක් තිස්සේ කඩදාසියේ සටහන් කර ගත් නවකතා කිහිපයක් ඔහු ළඟ තිබුණද, ඒවා එලි දක්වන්නට තරම් ආර්ථික ශක්තියක් රජයේ සේවකයෙකු වූ මගේ පියාට නොවිණි. තම අතින් ලියූ එක පොතක් හෝ මුද්‍රණ ද්වාරයෙන් එලි දැක්වීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව විය. අවසානයේ වසර 2005 දී මෙම හීනය හැබෑ කරගන්නට ඔහුට හැකි විය. පහලින් ලියවෙන්නේ ඒ පොත ගැන සුළු සටහනකි. අද එය විශ්ව විද්‍යාල වල සිසුන් සොයාගෙන එන්නේ අප මවිතයට පත් කරමිනි.
එම පොත නමින් බෙන්තොට පාරාදීසය වේ. එහි පිටු සැකසීම මගේ නැගණිය වන සුදර්ශනී කන්නන්ගරගේ වන අතර පිටකවර නිර්මාණය ඔබ කවුරුත් හඳුනන සුභාෂ් දිල්රුක් කන්නන්ගරගේය. ඒ අතින් මගේ පියා වාසනාවන්තය තමන්ගේම දූ-පුතුන්ගේ සහයින් සහ තමන්ගේම ප්‍රකාශන අයිතියකින් එය එලි දක්වා ඇත. අප ගම ගැන ලියවුනු ඒ කුඩා පුස්තකහි සඳහන් මගේ සිත් ගත් කොටස් කිහිපයක් මා ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන්නම්. එහි පෙරවදනෙහි මෙසේ සඳහන් වී ඇත
පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ වලින් වල් වැදී ගිය බෙන්තොට පුරවර නැවතත් ඒකාලෝක වූ අයුරු රසවත් කතාපුවතක් මෙන් සුන්දරය. එකල්හී ගම්බිම් අතැර වෙනත් ප්‍රදේශවලට පළාගිය ජනතාව නැවතත් බෙන්තොට පුරවරය වට රොක්වන්නේය. ඒ බෙන්තොට ප්‍රදේශයේ දෙවන උත්පත්ති කාලයයි.
අප කුඩා කාලයේ(ඉංග්‍රීසි පාළන කාලයයි) දුටු පුදුමාකාර අත්දැකීම් සමූහයක් මා මගේ දරුවන් සමග රසකර කීවෙමි. අප අසා ඇති එතිහාසික මෙන්ම අත්භූත සිද්ධීන්ද ඒ අතර විය. ඒවායින් මට මතක ඇති බොහෝ දෑ මෙහි සටහන් කරන්නට අමතක නොකළෙමි. ඒවා ඔබට රස විඳිය හැකි තත්වයේ ඇති බව මා විශ්වාස කරන්නේ වරක් ධර්මසිරි ගමගේ මාධ්‍යවෙදියාණන් අප සමග බෙම් ගඟේ චාරිකාවක යෙදෙන අවස්ථාවේ මා කියූ අතීත පුවත් කිහිපයක් අසා එතුමන්ද ඒවා අගය කල බව මතක් වීමෙනි.
බෙන්තොට අතීතයේදී ප්‍රසිද්ධියක් ඉසුලුවේ කුමක් සඳහාද ? මෙම ග්‍රන්ථය ඒ සඳහා සාක්ෂි දරයි.
නාවල අන්නාසි, කෝට්ටේ දොඩම්, මීගමුවේ අලුවා යන හෑල්ලෙහි බෙම්තර ප්‍රසිද්ධවැව තිබුනේ 'කාවාටි' නම් බෙල්ලන් විශේෂයටයි. මේවා ලබා ගත්තේ මෙහි ගං මෝයෙන් හෝ පහුරුමුල්ල සීමාවේ පිහිටි මහා ගල හා දිග් ගලෙනි.
මේ කතාව මට තවත් ස්ථානයකින් තහවුරු කර ගන්නට හැකි විය. ඒ කළු සුදු සහ අළු චිත්‍රපටයෙනි. එහි එක් තැනක "බෙන්තරින් කාවාටි ගෙනැත් දෙන්න තිබුණා නේ" යයි කියන කොටසක් මගේ මතකයේ ඇත. මාද එක වරක් මෙම බෙල්ලන් විශේෂය රස බලා ඇත. ඒ මගේ පියාත් සමග ගඟේ නාන්න ගිය විටකදීය. ඉහත කී මහා ගලේ ඇලී ඇති, ගලටම සමාන ලක්ෂණ ඇති පතුරක්, ගලක් මගින් ගසා ගැලවූ විට ඒ තුල ඇති රිදී පැහැති දියරයක් මෙන් බෙල්ලන් අමුවෙන්ම උරා බීමය. මෙය අපේ ගමේ කොයි කවුරුත් එකල කල දෙයක්ය.
මීට අමතරව සංදේශ කාව්‍ය වල බෙන්තොට පිලිබඳ සඳහන් මෙම පොතෙහි සඳහන්ය. මයුර, තිසර, ගිරා සංදේශ වල සටහන් කවි මෙහි දක්වා ඇත. බෙන්තොට වඩාත් ප්‍රචලිත වූ වනවාස විහාරය ආශ්‍රිත සංදේශ සටහන් එකල සුලබ විය. පරෙවි, කොවුල්, ගිරා සංදේශ ඒ පිලිබඳ දක්වා ඇති කව්‍යද මෙම පොතෙහි අන්තර්ගතය.
මෙහ ශාස්ත්‍රීය සහ එතිහාසික දේ බොහෝ තිබුනද, මා සිත් ගත්තේ එහි තිබෙන හාස්‍ය සහිත දේටය. මේ එවැනි කතාවකි.
එකල ඕනෑම තොවිල් ගෙදරකට පැමිණ, උදව් කිරීමට සුදානම් තැනැත්තෙක් අපේ ගමේ විසුවේය. හේ රා බීමටද හපනෙකි. පියදාස නමින් හඳුන්වනු ලැබූ ඔහු මිටි පුද්ගලයෙකු වුයේය. එදින අපගේ තොවිලයට උදව් කිරීමට සඳහාද පියදාස පැමිණ සිටියේය. ඔහු ඇත පෙට්‍රෝමැක්ස් ලාම්පුව විය. මෙන්ඩිස් කට්ටාඩි උන්නැහේ පසුපසින්ම ගමන් කරමින් ඔහුට අවශ්‍ය පරිදි ආලෝකය ලබාදෙන්නට සැරසී සිටි පියදාස අනෙක් කිසිවක් පිළිබඳව අවධානය යොමු කලේ නැත.
මැන්ඩිස් අයියා ඉදිරියෙනි. පැට්‍රොල් මාක්ස් ලාම්පුව රැගත් පියදාස පසුපසිනි. සුරතින් කඩුව ගත් මැන්ඩිස් අයියා පුහුල් ගෙඩිය ගෙන දිය යටට යාමට සැරසෙයි. පියදාස මැන්ඩිස් අයියාට බොහෝ ආදර ගෞරව ඇත්තේ තව තවත් හොඳින් ආලෝකය ලැබෙන සේ ලාම්පුව අල්ලාගෙන සිටියි. මැන්ඩිස් අයියා පුහුල ගෙන එක්වරම දියයටට යනවිටිය හදිසියේම ආලෝකය නැති විය. තැතිගැන්මෙන් යුතු අප එකිනෙකාට ලං වීමු. තවත් මොහොතකින් ජල තීන්දුව කැපීමට දිය යටට ගිය මෙන්ඩිස් අයියා සමගින් පෙට්‍රෝමැක්ස් ලාම්පුව ඔසවා ගත් පියදාස දියෙන් මතුවෙනු ඒ වනවිට කරුවලට ඇස් හුරු වූ අපට පෙනිණ.මෙම පොතට පසුවදන සපයන ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතා මෙසේ සඳහන් කරයි
ඇල්බට් කන්නන්ගර මහතා ගුරු වෘත්තීය පිලිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති, බෙන්තොට ප්‍රදේශයේ තොරතුරු අතැඹුලක් සේ හොඳින්ම දන්නා, එය ලේඛනයට මහා පරිචයකින් ඉදිරිපත කල හැකි දක්ෂ නිර්මාණ ශිලිපියෙකි. මේ බව පසක් කර ගත්තේ බෙන්තොට පිලිබඳ සිළුමිණ, රසඳුන අතිරේකයට ලිපි මාලාවක් ලිවීම සඳහා මා බෙන්තොට සංචාරයේ නියැලුණු අවස්ථාවේදීය. බෙන්තොට ප්‍රදේශයට අදාළ සියළුම පෞරාණික වූ ද වැදගත් වුද කරුණු කටපාඩමින් විස්තර කිරීමට තරම් හසල දැනුමක් එතුමා සතුව ඇත.
එසේම ඉතා රමණීය භාෂා විලාශයකින් එය පාඨකයා වෙත ඉදිරිපත් කිරීමේ නිසඟ ලේඛන කුසලතාවක් ද එතුමා සතුව ඇත. එතුමා විසින් ලියන ලද "බෙන්තොට පාරාදීසය" කෘතිය අද සංචාරක පුරවරයක් තෙක් විහිද යන ඇති පෞරාණික ඉතිහාසයක් ඇති බෙන්තොට ප්‍රදේශය පිලිබඳ කෝෂ ග්‍රන්ථයක් වනු නොඅනුමානය.එතුමා පැවසූ අන්තිම වාක්‍ය සත්‍ය බව අපට වැටහුනේ, මගේ පියා සොයා එන විවිධ සරසවි ශිෂ්‍ය-ශිෂ්‍යාවන් ප්‍රමාණය දුටු විටය.
එම පොත ගැන පුවත් පත් වල සඳහන් වූ අවස්ථා කිහිපයක්ද නෙත ගැටුණි
[1] The temple on the rock
[2] ඩේලි නිවුස් පුවත
හරිම සුන්දර පොතක් වගේ...
ReplyDeleteගමක යටගියාව කුමක්ද ? කියන එක එහි හැදී වැඩුණු වැසියෙකු විස්තර කරන එකක්.
Deleteඋඹට වඩා රහට ලියන්න පුළුවන් වගේ. සුදීක මේ දේවල් කියවන්න අපි කවුරුත් කැමතියි. මාටින් වික්‍රමසිංහ ජනප්‍රිය වෙන්නෙත් මේ නිසයි. ජනප්‍රිය ලේඛකයෝ ගොඩක්, වත්මන් ලියනවට වඩා කරලා තියෙන්නේ තමා කුඩා කලයේ දුටු ජීවීතය ගැනයි. සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක. අප කුඩා කළ දුටු දෑ අද පරපුරට මැජික්. අපි උනත් පොඩි කාළේ දෙයක් ලිව්වම ඒකට තියෙන ඉල්ලුම වැඩියි. හැලපයා අද බොහොම ජනප්‍රියත් ඒකයි. ඔබා ජනප්‍රිය උනෙත් ඒකයි. ඔබාලා, හැලපයලා ලියපු දේවල් පොතක් ලෙස එලි දැක්වූවානම්, ඒවාට තිබෙන ඉල්ලුමත් මෙසේම විය හැකියි.
ReplyDeleteමේකෙන් පැහැදිලි වන එක දෙයක් තමයි ගැමිකමට සමස්තයක් දෙනා දක්වන කැමැත්ත.
Deleteඒක වැරදියි.. ගැමි කමට තැන තියෙන්නේ බොරු පුරාජේරුවට. හැබැයි හරියට නිලේ අල්ලල ලියපු මිනිහගේ එකට ඩිමාන්ඩ් එක වැඩියි.. ඔය පොත් අවශ්‍ය වෙන්නේ තිසීස් වලට කරුණු එකතු කරන්න. නැතිව කියවන්න තියෙන ආසාවට නෙමෙයි. හැබැයි පොත ගත්තම රසවත් බව දැක්කම කියවන්න වෙනවා. ඒකයි ඇත්ත..
Deleteඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. අර මේ දවස් වල කෑම කඩ වලට ඇඹුල, ලුණු මිරිස, කමත වගේ නම් දාන්නේ. මාකට කරන්න පුළුවන් දෙයක් බවට ගැමිකම පත් වෙලා කියලා මටත් හිතෙනවා.
Deleteසුදීකගේ පියා ලියවූ පොත මා කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේදි කියවා ඇත්තෙමි. ලියන කියන කාගෙත් සිහිනයක් වන පොතක් මුද්‍රණත්ද්වාරයෙන් නිකුත් කිරීමේ අවස්ථාව ලබා දීම ගැන ඔබ හැමට ස්තුතියි.. මාතලං කිව්ව වගේ තාත්තා හොදා නෙව පුතාට වැඩිය.. හැක්.. ජයවේවා.. අපිත් ඉතිං ඔන්න ඔය කියන ගගට ටිකක් එහායින් වැඩිපුර ගැවසුන හින්දා ඕවා දැක්ක ගමන් බලනවා. තැන්කුයි මේක දැම්මට
ReplyDelete//මාතලං කිව්ව වගේ තාත්තා හොදා නෙව පුතාට වැඩිය//
Deleteමට වඩා හොඳට රසකතා කියන්න අපේ තාත්තා දක්ෂයි.
පොත කියවන්න වෙනවා, ධර්මසිරි ගමගේ සොඳුරු මාධ්‍යවේදියෙක්... එවන්නෙකු පසුවදන් ලියුවානම් ඔබගේ පියාත් එ තරම් සොඳුරු මිනිසෙකු බවට සක නැත.
ReplyDeleteමෙහි දෙවන මුද්‍රණයක් කරන්න අවශ්‍යතාව දැනී තිබෙනවා. එසේ කළහොත් කැමති අයට ලබා දෙන්න පුළුවන්.
Deleteතාත්තත් හොද ලේඛකයෙක්නේ, බැරිද තාත්තාගේ කථා දෙක තුනකුත් දාන්න ... මේ පොත තවම පොත් සාප්පු වල තියේද ගන්න ..
ReplyDeleteතවම පබ්ලිෂ් නොකරපු කතා වගයක් තිබුණා. ඒවා අද සමාජෙත් එක්ක කොහොම ගැලපෙයිද කියලා දන්නේ නෑ. නිකං දිරාපත් වෙනවට වඩා හොඳයි ඒවා මෙහෙම හරි පාඨකයා අතරට ගේන එක. නමුත් කෙනෙක් වැරදියට වටහා ගන්න පුළුවන් නේද ? මම ඒක මෙතන දැම්මොත්.
Deleteඅය්යාන්ඩි මම පොත කියවන්න කැමත්තේන් ඉන්නවා..මුදල් ඇනුමක් එවලා ගෙන්න ගන්න පලුවන් ක්‍රමයක් හදලා දෙන්න.
ReplyDelete"මෙන්ඩිස් කට්ටාඩි උන්නැහේ" ඉතින් මම පොත නොකියවා ඉන්නේ කොහමද?
අපේ තාත්තා ගේ ගම බලපිටියෙලු එත් ඒ ගැන එතනනින් එහාට අපිට කිසිම අරංචියක් නැහැ. සියා ගම අතැරලා ඇවිත් තියන්නේ පොඩි කාලේ
මේ මමත් එකමයි ලියන්න තමයි හිටියේ. බැරිද මතත් පොතක් ගන්න.මටම විතරක් නෙමෙයි මගේ පොත් ගොඩෙන් ගොඩක් අය පල ප්‍රයෝජන ලබනවා.ඊට අමතරව දැන් මම මිනිබිරිට අනාගතයේදී කියවන්න (තවම වයස අවුරුදු 6යි) කියවන්න පොත් එකතු කරනවා.
Deleteදෙවෙනි මුද්‍රණයක් කලොත් මම ඔබලාට නොමිලයේම ලබා දෙන්නම්. මේ පොත රුපියල් 150කට කලින් විකුණුවේ. කෑම පාරසලයක මිල නේද?
Deleteමාත් ගන්නව එකක්.
Delete@WMK
Deleteමමත් මගේ පුතාට මිනි පුස්තකාලයක ට පොත් එකතු කරනවා.
හිතවත් කමට පොත් ඉල්ලගෙන් ගිහින් ගෙනැත් නොදී ඉන්නොකොට, ඒ එකතුව අඩු වෙනකොට ඇඩෙනවා.
හොඳයි තාත්තා නම් මීට කලිනුත් කිව්වා ආයේ මුද්‍රණය කරමු කියලා.
Deleteඅඩේ සංජීවයට පුතෙකුත් ඉන්නවද බං, මං හිතුවේ පොඩි කොල්ලෙක් කියලා,
Deleteසංජීව,
Deleteපොතුයි, ගෑණුයි පිටට දෙන්න එපා කියලා අහලා නැද්ද ? දුන්නොත් දුන්නා, ගියොත් ගියා.. අර කතාවකුත් තියෙන්නෙ පුස්තක ගත්තං ගතං ගතංද මොකක්ද කියලා..... හැක් හැක්..
ඉවාන්,
Deleteමට 36 යි,සදු ඒ මගේ බිරිද 26යි, පුතාට 3 යි මගේ ඒ ලෝකය මාර සුන්දරයි
අපි දවසක මුන ගැහුනොත් ඔයා මගේ කොල්ලා ගැන පොස්ට් එකක පරිචෙදයක් වෙන් කරයි එයා ඒ තරම් හුරතෙල.(සිරාගේ ගම්පහ ගෙට්ටුව).
සෙන්නා,
කියවන්න මාරම උවමනාවක් තියනවා කියලා ගෙනියන්න ඉලන්නේ ..මාසෙකට පහුවෙලා ඇහවුවහම පොත කෝ කියලා "අනේ වෙලාවක් තිබුනේ නැහැ කියවන්න" "හොයලා දෙන්නම්" කියනොකොට දෙන්න හිතෙනවා මුණ පොඩි වෙන්න.
ගම්වල ඒ කාලෙ තිබ්බ පරිසරය සමාජ තත්වය ගැන ලියන කතා දැං කියවනකොට රසය වැඩියි. ඒ හින්ද මේ පොත වගේ පොත් ජනප්‍රිය වෙන්න ඇති.
ReplyDeleteනැවත මුද්‍රණයක් කරනවනං හොඳයි.
මේ වැඩේ කරන්න වෙන්නෙත් මටම තමයි.
Deleteමට මේ පොත ගන්න පුළුවන් ද?
ReplyDeleteඔබේ පියා නියම පුරුෂයෙක්. එනම් පිරිමියෙක් නම් පුතෙක් හැදීමත්, ගහක් සිටුවීමත්, පොතක් ලිවීමත් කළ යුතුයි කියලා කියනවනේ. එනම් හැම පිරිමියෙක්ටම දරුවන් හැදීමේ ශක්තියත්,(සරුභාවයත්,) රැකියාවක් හෙවත් ජීවන ක්‍රමයකුත්, තම දැනුම අනෙක් අය අතට පත් කිරීමේ හැකියාවකුත් තිබිය යුතුයි. ඒ අතින් ගත්තම ඔබේ පියා නියම පුරුෂයෙක්.
බොහොම ස්තුතියි වෙද මහතාණනි. මම තාත්තට මේක පෙන්වන්නම්.
Deleteවෙද මහත්තයා කියන කතාව එක්ක එකඟයි..
Deleteමේ පොතනම් සියලු රසයන්ගෙන් අනූන පොතක් වගේ . මාටින් වික්‍රමසිංහ මහතාගේ පොතක් කියවලා හිතට දැනෙන සතුට ලබා ගත හැකි කියා සිතෙනවා .ඔබේ පියා බොහොම සොඳුරු කෙනෙක් විය යුතුයි .
ReplyDeleteමාටින් වික්‍රමසිංහ මහතා ප්‍රකාෂණ සම්භාරයක් කරපු කෙනෙක්. ඉතිං මගේ පියාගේ මේ පොත් පිංච එතරම් ඉහලින් තැබිය හැකිද යන්න නොදනිමි. මගේ පියා ඉතාමත් සැහැල්ලුවෙන් ජීවත් වන කෙනෙක්.
Deleteඔබේ පියාට මෙහි ඇති කොමෙන්ටු ටික පෙනන්න ඔහු ඔබ ගැන ආඩම්බර වේවි
Deleteඒ වගේ පියෙකුගේ පුතෙකු වීමත් වාසනාවක්.තමන්ගේ පියාගේ දක්ෂතාවයන් ගැන උදම් අනන මේ වගේ පුතුන් ලබන පියවරුන්ද වාසානාවන්තය
ReplyDeleteමමත් ඔය වගේ කතා නම් කියවන්න ආසයි.. ඒත් ඉතින් දැන් මාස 2, 3 ක ඉදන් කියවීම ටිකක් විතර ඈත්වෙලා...
ReplyDeleteපොතේ දෙවෙනි මුද්‍රණයක් කරොත් ඉල්ලුමක් තියෙයි අනිවාර්යෙන්ම
අළුත් මුද්‍රණයක් කළොත් මටත් පොතක් ගන්න ඕනෙ.
ReplyDeleteතාත්තටත් බ්ලොග් ලියන්න පුරුදු කරපං.
ReplyDeleteඑතකොට බං අර “නොට්ටුගේ පුතා“ සීන් එක අවුල් වෙනව නේ.. හැක්
Deleteඒක හොද අදහසක්, එහම නැතිනම් ඔහු ලියු ලිපියක් පොස්ට් එකක් ලෙස ඔබගේ බ්ලොගට එකතු කරන්න
Deleteතාත්තාගේ වයස දන්නවද ? 82යි.
Delete@දේශකයා : එතකොට නොට් + උගේ තාත්තා. නොට්ටුගේ තාත්තා, නොට්ටිගේ තාත්තා. නරකම නෑ ඒකත්. අහේතු කාලේන කජජේන පුහුලන් වෙනවලු නේ.
Deleteදීර්ඝායු වේවා. කියවන්න ආසයි. අවාසනාවට මට මෙහෙදී පොත පත පරිශීලනය කරන්න අවස්තාව අඩුයි. හැබැයි නෙට් එකේ අහු මුළු වල තියන ගොඩක් ඊ පොත් බාගෙන ෆෝන් එකෙන් කියවනවා. ඇස් දෙකට එච්චර හොඳ වැඩක් නෙවේ එක. එත් බත් ඔතාගෙන එන කොලේ පවා කියවන්න ඇබ්බැහි උන කෙනෙක්.
Deleteතාත්තා ට නිරෝගී සුව සමග දිර්ගායු ලැබේවා.
Deleteitnishanatha/sanjeewa : බොහොම ස්තුතියි. මම තාත්තාට ඒ ගැන දැනුම් දෙන්නම්.
Deleteදෙවන මුද්‍රණයක් කල වහාම ඔබට ලැබෙන්න සලස්වන්නම්.
මටත් ආස යි පොත කියවන්න. ආයෙත් මුද්‍රණේ කළොත් අපිට දැනුම් දෙන්න. මේ දවස්වල නං ටිකක් වැඩ වැඩි යි. ඒත් ඉතින් ආයෙත් මුද්‍රණේ කරන කාලේ වෙනකොට නිදහසේ, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් වෙයිනේ.
ReplyDeleteඅනිවාර්යයෙන්ම ලැබෙන්න සලස්වන්නම්.
Deleteමේ සටහනත් එක්ක සුදීකගේ පියාගේ පොත කියැවිමේ ආසාවක් ඇතිවුණා. තාත්තගේ හැකියාවන් ඉදිරියට ගෙන යාම දැන් ඔබට බාරයි. දෙන්නටම සුබ පැතුම්.
ReplyDeleteබොහොම ස්තුතියි නලීන්. පොත ලැබෙන්න සලස්වන්නම්.
Deleteසුදික අයියගෙ පියා බොහොම ලස්සනට ලිවිය හැකි ලේඛයයෙක් නෙ. ආයෙ මුද්‍රණය කලොත් පොතක් ගම්මු.. කියවන්න ආශාවක් ඇති වුනා..
ReplyDeleteබොහොම ස්තුතියි චන්දන. පොත මුද්‍රණය වූ වහාම ලැබෙන්න සලස්වන්නම්.
Deleteලස්සන පොතක් කියල හිතෙනවා. ආයෙත් මුද්‍රණයක් කලෝතින් පොතක් ගමු බලන්න.
ReplyDeleteදෙවන මුද්‍රණය කල විගස ඔබට පිටපතක් එවන්නම්.
Deleteමාටින් වික්‍රමසිංහ මහතාගේ ලිවීමේ ශේලියට ටිකක් හුරු වගෙයි පේන්නේ.
ReplyDeleteඅර මුද්‍රණය කරන්න බැරි උන ටික මෙකෙවත් දැම්මොත් මොකෙයි වෙන්නේ...?
අවුරුදු හතළිහකට කලින් ලියැවිච්ච අත් පිටපත්. මම දැකලා තියෙනවා. එක්තරා තරගයකදී තාත්තා දෙවෙනි වෙලා තියෙන්නේ පියසේන රතුවිතාන ශූරීන්ට.
Deleteඑක වල්ලේ පොල් කතාව මතක් වුනා. තාත්තයි පුතයි දුවයි හැමෝම දක්ෂයෝ වගේ පේන්නේ.මං ඔය කවටි කාලා නෑනේ.
ReplyDeleteඇත්තටම මගේ නැගණියට හොඳ ලේඛණ හැකියාවක් තිබෙනවා. මම දන්නේ නෑ ඇය බ්ලොග් එකක් ලියයිද කියලා. ඇය සතුවත් අත් පිටපත් කිහිපයක්ම තිබෙනවා.
Deleteතාත්ත හොඳට ලියලා තියනවා කියලා මටත් හිතෙනවා...කවුද මේකෙ ප්‍රකාශකයෝ.. ගන්න ඕනා එක පිටපතක්...
ReplyDelete>> පිටකවර නිර්මාණය ඔබ කවුරුත් හඳුනන සුභාෂ් දිල්රුක් කන්නන්ගරගේය. <<
ඒ කවුද ? අපි එහෙම කෙනෙක්ව දන්නෙ නෑනෙ... :D
අර පැට්‍රො මැක්ස් කතාව කියෙව්වම මට මතක් වුනේ අර ඩූඩ්ගෙ කතාව.. අර කුඩේ අරන් සර්ගෙ පස්සෙන් මහ වැස්සෙ දිව්වේ අධික ගුරු ගෞරවය හින්දා...
තාත්තා ඉතින් ඊට පස්සෙ වෙන පොත් ලියුවෙ නැද්ද ?
මමනම් ලිවීම පිළිබඳව සළකලා බැලුවොත් නොට්ටිගෙ පුතෙක්.. හැබැයි කියවීමෙන්නම් එහෙම නෙමේ..
මේකේ ප්‍රකාශන අයිතිය තියෙන්නේ සාරාර්ථි ප්‍රකාශකයන්ට. ඒ කියන්නේ අපේ නංගිට. අපිම මුද්‍රණය කල එකක්. තාත්තාගේ තව පොත් තිබෙනවා. ඒවා මෙහි වත් පල කරන්න ඕනේ.
Deleteඔබේ පියා ගැනත් දැන ගන්න ආසයි.
මගේ තාත්තා ගැන කියන්න විශේෂ දෙයක් නෑ සුදීක. ඔහු ජීවතුන් අතර නෑ. වෘත්තියෙන් විදුලි කාර්මිකයෙක් වුණා...ඔහුගෙ තිබුනා පොත් එකතුවක්ම..පළවෙනි සිංහල නවකතාව වුණ "මීනා" ගෙ සිට රුසියානු පරිවර්තන මහ ගොඩක්... මම විසින් යාලුවන්ට දීලා විනාශ කරලා දාපු.. අද මම ඒ ගොන්කම ගැන හරියට පසු තැවෙනවා.. මට කියවීමේ පුරුද්ද ලැබුනෙ ඔහුගෙන්..
Deleteසුදීක අයියා ලොකු වරදක් කළේ.ඇයි මේච්චර ප්‍රමාද මේ පොත ගැන කියන්න.අපි කෙහේන්ද මේ පොත ගන්නේ?
ReplyDeleteමම මුලින්ම මේ ගැන කිව්වා නම් හරි නැති නිසා දැන් දැම්මේ. මමත් පොස්ට් 200ක් පසු කරාට පස්සේ. දෙවෙනි මුද්‍රණයෙන් පොතක් එවන්නම්.
Deleteමටත් ඔය පොතෙන් පිටපතක් මිළට ගන්න ඕනෙ. දොළ දුකක් ඇතිවුනා ඒක කියවන්න.
ReplyDeleteහරි ඩුඩා. උඹට එකක් එවන්නම්.
Deleteමීළඟ මුද්‍රණය පිටවූ වහාම ඔබේ අඩවියේම ඒ බව සඳහන් කරන්න. මම පොතක් ගන්න බලාගෙන ඉන්නවා.
ReplyDeleteබලන්න කීදෙනෙක් මේ අදහසම කියා තිබෙනවාද කියා. පොත් කියවීම අපි අතරින් ගිලිහිලා නැහැ තවම. ඉක්මනට නැවත මුද්‍රණය එළිදක්වන්න.
ඔබ ඔබේ පියාගේ අතිජාත පුත්‍රයෙක්.
අසමි දකිමි සොයමි ලියන විචාරක
අපේ තාත්තාගේ සිහිනයක් සැබෑ කරන්න තමයි අපි එකතු වෙලා මේ පොත මුද්‍රණය කලේ. ඇත්තටම අපි විශ්වාස කලේ නෑ ඒක ඒ තරම් ජනප්‍රිය වෙයි කියලා. අර දේශකයා කිව්වා වගේ සරසවි සිසුන් නිබන්ධන සඳහා මෙය සොයා එනවා. මුල් එකත් සීමිත මුද්‍රණයක්. එය පොත් සාප්පු වලට නිකුත් කලේ නෑ. නමුත් බොහෝ දෙනෙක් එය ඉල්ලා සිටිනවා. දැන් මේ වැඩේට අත ගහන්න මටම සිද්ද වෙලා. දෙවන මුද්‍රණයෙන් පිටපතක ඔබට ලැබෙන්න සලස්වන්නම්.
Deleteඅද තමා දැනගත්තේ බෙන්තර කාවාටි ගැන.දැන් ඉතින් පොත දාගත්තා ගන්න ඕනෑ පොත් ලිස්ට් එකට.බෙන්තර ගැන මුලින්ම කියෙව්වේ බෙම්තොට රුහුණු දොරටුව- තොම්සන් ඒ වැන්දබෝනා මහතා ලියු පොතක්. යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමියන් සුද්දෙක් ගැන ලියු චිල්ඩර්ස් අෂ්ටකය ගැන, 1970 ගනන් වලදී සුද්දෙකුට ජීවමාන බුදුන්ව පෙන්නපු බෙන්තරයකු ගැන,සංචාරක ව්‍යාපාරයේ ස්වභාවය අපුරුවට එහි විස්තර කර තිබෙනවා.
ReplyDeleteහරියට විදෙස් භාෂා නොදැන විදේශිකයන්ට ගමේ තිබෙන ගහකොළ ගැන විස්තර කරන හරි අපූරු බස් වහරක් ගැන අපේ ගමේ නිතරම කියවෙනවා. බෙලි කොළ වලට කියන්නේ හැලපෙනියා ඔතේනියා කියලලු. :) අර තොම්සන් වැන්දබෝනා මහත්මයාගේ පොතත් බැලුවනම් මේකත් බලන්න වටිනවා. අපේ ගමේ තිබුණ කාවාටි ටික නැති වෙලා ගියේ කොහුමෝල් පටන් ගත්තට පස්සේ කියලයි ගම්මුන්ගේ විශ්වාසය. ඒවාට යොදන රසායනික ද්‍රව්‍ය නිසා කියලා තමයි කියන්නේ.
Deleteඋබ වාසනාවන්ත පුතෙක්
ReplyDeleteපරපුරේ උරුමය නියමයිනේ. අයියලාගේ තාත්තාගේ පොත නම් මට කියවලා නැහැ. හොයාගන්න උත්සහයක් දරන්නම්. තව පොත් තියෙනවා කියලා කිව්වා නේද තාත්තා ලියපු ?
ReplyDelete