මම ඊයේ හිටියේ කළුතර. හිටියා කිව්වට ගිහිං එන්න ගියේ. කළුතර කියන්නේ මගේ දෙවෙනි ගම වගේ තැනක්. ඒ මගේ පාසල් වියේ වැඩි හරිය කළුතර ගත කරපු කරපු නිසා. ඒ අත්දැකීම් බොහොමයක් තවමත් මා ඔබත් සමාගෙන බෙදාගෙන නෑ. එහි ගමන් කරන මාවතක් මාවතක් පාසා කුමක් හෝ මතකයක් අවදි වෙනවා. නමුත් මා අද ඔබට කියන්න යන්නේ වෙනස් කතාවක්.
සල්ගාදු හෝටල් සමූහයේ හෝටල් දෙකක් කළුතර තිබෙනවා. එකක් බස් නැවතුම්පොළ ඉදිරිපිට, අනික මහලේකම් කාර්යාලය ඉදිරිපිට. මම මහලේකම් කාර්යාලයට යාමේ බලාපොරොත්තුවෙන් තමයි කළුතර ගියේ. හරියටම උදේ 9.15ට එතැනින් බැස ගත්තා. උදේ ආහාර වේල මම පුරුද්දක් විදියට ගන්නේ මේ වෙලාවට. ඉතිං දෙවරක් නොසිතාම සල්ගාදු හෝටලයට ගොඩ වුණා. දැන් සල්ගාදු හෝටලය පෙර තරම් සාරයක් නෑ. ඉස්සර ඕනෑම නගරයක සල්ගාදු හෝටල් තරම් සුවිසල් ආහාරපාන සපයන තැනක් නෑ. සල්ගාදු හෝටල් වලට කුඩා කාලයේ ගිය විට බොස්ගෙඩිය ලොකු ෆෑන් එක දිහා බලා ඉන්න එක මගේ පුරුද්දක් වෙලා තිබුණා.
දැන් සල්ගාදු හෝටලුත් නවීකරණය වෙලා. කෙටි කෑම තමයි උදේට කන්න වුණේ. මෙහෙම කමින් ඉන්නකොට මගේ ඉදිරිපිට අපූරැ දසුනක් මැවුනා. මම මොහොතක් හෝ පමා නොකර එය ඡායාරූපයට නැගුවේ, සල්ගාදුවේ තිබූ ෂෝට් ඊට් වලට පින් දෙමින්. හොදි අනාගෙන කන කෑමක් වුනා නම් මට මේ වැඩේ කරන්න වෙන්නේ නෑ. කොයිකටත් එක්ක පින්තූරේ දාන්නම්, එතකොට වැය වෙන වචන ගණන අඩුයිනේ.
පින්තුරයකින් වචන දාහකින් කියන්න බැරි දේවල් විස්තර වෙනවා කියලා තමයි මමත් විශ්වාස කරගෙන හිටියේ. මේ පින්තුරය දිහා බලාගෙන වචන දාහක් කියන්න පුළුවන්. ඒත් මෙතන වෙන්නේ මොකක්ද කියලා හරියටම කියන්න කාටවත් පුලුවන්ද? බෑ. බොහෝ දෙනෙකුට මේක ගැන දල අදහසක් ගන්න පුළුවන් වුණත්, හරියටම වෙන දේ කියන්න අපහසුයි.
මේක දැක්කම මගේ මතකයට ආව කරුණු දෙකක් තියෙනවා. මේ දෙකේම සමානකම් බොහෝමයි. ඒත් මේවා සිද්ද වුනේ සාක්ෂරතාව බොහොම අඩු ප්‍රදේශ දෙකකින් වීම තමයි මෙහි පොදු ලක්ෂණය. පලවෙනි එක වුණේ වැලිමඩදී. ඒක නම් ඉතාම හාස්‍යජනක සිදු වීමක්. දෙවෙනි එක වුනේ මස්කෙළියේදී. මුලින්ම ඒක කියන්නම්.
මගේ මතකය නිවැරදි නම් ඒ 2003 අවුරුද්දේ මුල් කාලය. මස්කෙළිය කියන්නේ ශ්‍රීපාදය පාමුල කිව්වොත් ඔබේ මතකයට එන්නේ මොන වගේ හැගීමක්ද ? සීතල. ඔව් දත් පැලෙන සීතලක් තියෙන්නේ. එහෙව් ප්‍රදේශේකට අපිට යන්න වුණේ පරිඝනක පද්දතිය එම නගරේ ශාඛාවේ ස්ථාපනය කරන්න. මේ වගේ ගමනකට තුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යනවා. මේ ගමනට එකතු වුණේ මමත්, අකිල සහ ආනන්දත්. අපි තුන්දෙනා උදේ දහයට විතර එලියට බැස්සේ උදේට බඩට යමක් දා ගන්න. අපේ රුචිකත්වයට නැතත්, උණු උණුවේ වඩේ එකක් පරාටා එකක් කාලා ප්ලේන්ටියක් හරි කෝපි එකක් හරි බිව්වම එන ශක්තියෙන් ආයි එකට දෙකට දවල්ට කනකම් ඉන්න ඕනේ.
මෙහෙම යනකොට වටපිටට ඇහැ යොමන එක මගේ පුරුද්ද. මොකද මොනවා හෝ අලුත් අත්දැකීමක් එකතු කර ගන්න මේ ගිය හැම ගමනකදීම පුළුවන් වුණා. වැස්ස... මේ වගේ ප්‍රදේශ වලට ආගන්තුක දෙයක් නොවේ. අනෙක් ඒවා කුඩු වැහි කියන ඝණයට තමයි අයිති වෙන්නේ. ලා හිරුරැස් යාන්තමට පතිත වෙලා තිබුණක් සීතලේ අඩුවක් නෑ. මම ජැකට් එකක් දාගෙනම හිටියේ. ආනන්ද මට වඩා හීතලට සංවේදී පුද්ගලයෙක්. වර අපි හෝර්ටන් තැන්නේ සංචාරයක නිරත වෙලා, එහිම තිබෙන වනජීවී දෙපාර්තමේන්තුවේ සර්කිට් බංගලාවක නතර වුණා. එදා රෑ ආනන්දට හීතල ඉවසන්න බැරිව කිව්වේ "මෙහෙ ඉඳන් දුක් විඳින්නේ නැතිව, බලංගොඩ හරියේ හෝටලයක නතර වෙලා හෙට උදේ එමු" කියායි. ඉතිං හිතා ගන්නකො මිනිහට හීතල කොච්ච්චර ඇලජික්ද කියලා. අකිල මීට හාත්පසින් වෙනස්. නුවර ඉපදුන අකිලට මේක දරා ගන්න පුළුවන් වුණා.
එක්තාර පාලු කඩ කාමරයක් අසල පාරේ තැනකට මිනිසුන් වට වී සිටින අයුරු මා දුටුවා. සැනෙකින් අනෙක් දෙදෙනා නවතා මා ඒ අසලට ගියේ එහි වන දේ දැන ගන්න. මේසයක් මතා පිළිවෙලට තබා තිබෙන්නේ අපේ බැංකුවට අයත් මුදල් තැන්පත්, මුදල් ආපසු ගැනීමේ ස්ලිප් පෑඩ් කිහිපයක්. වට වී සිටින අය අත බැංකු පොත්ද, විදුලි බිල් සහ වෙනත් පෝරම කිහිපයක් තිබුණා. ඔහු වටපිට ගැන කිසිදු අවධානයක් නොගෙන එක දිගට මුදල් ගැනීමේ ස්ලිප් එකක් පුරවන ගමන්ම අසල සිටින වියපත් දමිල කාන්තාව වෙත ප්‍රශ්ණ යොමු කරනවා. ඒ සඳහා පිළිතුරුද ලැබෙනවා. කතා කල දේ ගැන වැඩි යමක් සඳහන් කරන්න බැරි මගේ දෙමළ භාෂාව පිලිබඳ සාක්ෂරතාව බිංදුව වීම නිසා. නමුත් ෆෝරමය පුරවා අවසානයේ මහළු කත ඔහු අත රුපියල් පහේ කාසියක් තැබුවා. පුරවන ලද ස්ලිප් එක ගත ඈ පාර මාරු වී ශාඛාවට යන දෙස මා බලා සිටියා. අර මිනිසා සුපුරුදු පරිදි වැඩ. තවත් කිහිප දෙනෙක් ඔහු වෙත ගමන් කළා. මේ වනවිට මගේ මිතුරන්ද මා අසලට පැමිණ සිටියා. කෑමට යන ගමන් ආනන්ද මෙවැනි තවත් සිදු වීමක් ගැන මතකය අවදි කළා.
ඒ සිදුවීම මා මුලින් සඳහන් කල සිදු වීම් දෙකේ පළවෙනි එක. එකවර ශාඛා දෙකක් පරිඝනක ගත කරන්න කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශයට ගමන් ගත්තා. ඒ වැලිමඩ සහ හපුතලේ. වැලිමඩ ශාඛාවේ මුදල් කවුන්ටරයෙදී ආනන්ද අපූරු දෙයක් නිරීක්ෂණය කර තිබුණා. මෙවැනි ශාඛාවකට අලුතින් පරිඝනක පද්දතියක් හඳුන්වාදීමත් සමග එතෙක් අත්හුරු ක්‍රමයට ගෙන ආ ලෙජර්-පාස්පොත් ක්‍රමය වෙනුවට පරිඝනක පාස්පොත හඳුන්වා දෙනවා. මෙහිදී අපි කරන්නේ පැරණි පාස් පොතේම නව අංකය සටහන් කර දීම. අංක හයකින් යුත් පැරණි අංකය වෙනුවට අංක දහයකින් යුත් නව අංකය හඳුන්වා දෙනවා. ඒත් බොහෝ දෙනා සුපුරුදු පරිදි අංක හයකින් යුත් පැරණි අංකයම සටහන් කරනවා. නමුත් මෙහිදී ආනන්ද එක්තරා වෙනසක් දුටුවා.
සියළුම කාන්තාවන් රැගෙන එන තැන්පත්/ආපසු ගැනුම් ස්ලිප් වල සම්පූර්ණ අංකය සටහන් වී තිබීම, පැහැදිලි අකුරින් සියලුම කොටස් සම්පූර්ණ කර තිබීම මේ කාරණා. ඇත්තටම මෙය අපගේ රාජකාරිය පහසු කරවන දෙයක්. දියෙන් ගොඩ දැමූ මාළුවන් සේ ගැහෙනා සේවාකයන් වෙනුවෙන් පරිඝනකය වෙත අවශ්‍ය දත්ත සටහන් කරන්නේ අපිමයි. නැතහොත් අදාළ ශාඛාවේ ගනුදෙනු කරුවන්ගෙන් අඩකට වත් සේවාව ලබා දෙන්න බෑ. ඒ ශාඛාවේ සිටින සේවකයන්ගේ පරිඝනක සාක්ෂරතාව අඩු නිසා.
මටත් වඩා ආනන්ද හොඳ නිරීක්ෂකයෙක්. මේ දේ වෙන්නට ඇර, ශාඛාවේ ලොබියේ ගනුදෙනුකාර කාන්තාවන් පිරී සිටින එක් තැනක් වෙත ආනන්ද පිය නැගුවේ සිදු වන්නේ කුමක්දැයි දැන ගැනීමට. වටවී සිටින කාන්තාව අතරින් තම නාසය දිගේ පහලට රූටන ඇස්කණ්නාඩිය වම් අතේ දබරන්ගිල්ලෙන් ඉහලට තල්ලු කරන බී.එම්. තම දිවෙන් තොලකට තෙමන ගමන් එහි සිටින තරුණ ලඳක් දෙස ඉහල සිටි පහලට කෑදර බැල්මක් හෙළා ප්‍රශ්න යොමු කල ආකාර ආනන්ද පසුව ඉතා කදිමට විස්තර කළා. එහි නමට අමතරව ලිපිනය, ස්වාමියාගේ රැකියාව (හමුදාවේද ? රටද ? ආදී ලෙස) විමසන ජවනිකාව ආනන්ද විස්තර කරන්නේ අසා සිටින සැම සිනා සයුරේ ගිල්වමින්. එයට ප්‍රධාන හේතුව බී. එම්. නමැති අපේ රියදුරු තැන උපන් ගෙයි මනමාලයෙකු වීමය. ඔහු ගුටි නොකා අනූ-නවයෙන් ජීවිතය බේරා ගත් අවස්ථා සහෝදර රියදුරු වරුන් අප වෙත කියන්නේ බී එම් නැති විටකය.
කළුතරදී සිදු වූයේ ඉන් ඉතා අල්ප කොටසක් වුවත්. අප සමාජයේ දන්නා දෙයින් උපරිම ප්‍රයෝජන ගන්නා මෙවැනි දක්ෂයින් කොතෙකුත් සිටී. මේ සිද්දිය මතක් කල විට අපේ කාර්යාලයේ තවත් මිතුරකු වන සුරේෂ් පවසා සිටියේ අන්තර්ජාල බැංකු පහසුකම් භාවිතා කරමින් විදුලි බිල්පත් සඳහා මුදල් එක්රැස් කරන මිනි-ඔෆිස් කිහිපයක් තමා දැක තිබෙන බවයි. පද්දති ඇතුලේ පද්දති ගොඩ නගනා මෙවැනි අය සැබවින්ම දක්ෂයන් නොවේද ? මේ ඔවුන් ලබාගෙන තිබෙන සාක්ෂරතාව සඳහා ලබන ගෙවීම නොවේද ?
ඇයි අය්යේ වරායේ වන්දි ගෙවන දවස්වල අපේ බ්‍රාන්ච් එක ගාව withdrawal slip පුරවන්න කස්ටිය හිටියලුනේ.එකක් පුරවන්න රුපියල් 100 යිලු.
ReplyDeleteඒක කෙටිකාලීන ව්‍යාපෘතියක් හින්දා වෙන්නැති ගණන්.
Deleteඔයිට වඩා වෙනස් නේද පාස්පෝට් කන්තෝරුව ලග JP කාක්කො?
ReplyDelete(ඊයක් විද්ද ලැබුනද දන්නෙ නැහැ සුදික?)
අපොයි කියලා වැඩක් නෑ. ඊය ලැබුණා. ලැබෙද්දී මේ පොස්ට් එක මගක් ලියලා ඉවරයි. නැත්නම් අද පොස්ට් එක වෙන්නේ ඒකම තමයි.
Deleteපිට රට යන එන කොට ෆොර්ම් පුරවලා දෙන කොට මීට පස්සේ මාත් කීයක් හරි හොයා ගන්න ඕන.
ReplyDeleteකිව්වම මතක් වුණේ මමත් ඔය වැඩේ කරලා තියෙනවනේ.
Deleteකට්ටිය කියනව අපේ රටේ සාක්ශරතාවය 90% ක් කියල නේද සුදීක අයියේ... ඒක ඇත්තද??
ReplyDeleteඒක ඇත්ත එත් සමහර බැංකු වල සහ ආයතනවල ඇප්ලිකේෂන් ෆෝරම් හරිම සංකීර්ණයි
Deleteඔය සංකීර්ණතා වලට හේතුව තමයි හොරකම්. සාක්ෂරතාව මනින්නේ මම හිතන්නේ සංගණනය වෙලාවට කටින් අහලා. එතකොට බොරු කියන ප්‍රතිශතය අඩු කරන්න වෙනවා.
Deleteබැංකු වලට ගියාම වයසක සීයලා ආච්චිලාට ඕනි තරම් කොළ පුරවලා දීලා තියනවා ඒ වගේද රට යද්දී අර ඉමිග්රේෂන් ෆෝරම් එක පුරවන්න බැරි මිනිස්සුත් හම්බ වෙලා තියනවා ඒ මිනිස්සු නොදන්නා රටකට ගිහිං කොහමද සර්වයිව් වෙනවද මංදා ඒ වගේම තමා පාස්පෝර්ට් ඔෆිස් එක ලග සහ නාරාහේන්පිට රථවාහන දෙපාර්තමේන්තුව ලග මේක ගජ බිස්නස් එකක්
ReplyDeleteමේ කොළඹ කෙරෙන එක බිස්නස් එකක් වුණත්, ගම්බදට වෙන්න (සාක්ෂරතාව බින්දුව තිබෙන අයට) මේක සේවාවක් ලෙස ගන්න පුලුවන්. ඔවුන් අය කරන්නේ සුළු මුදලක්. බැලුවොත් ඒක වින් වින් අවස්ථාවක්.
Deleteෆෝම් පිරවිල්ලටත් එහා මල පනිනවා බැංකුවේ තැපැල්කන්තෝරුවේ කච්චේරියේ දී පෑන ඉල්ලන් එක එක්කෙනා එනකොට.
ReplyDeleteඅපේ තාත්තාගෙන් කෙනෙක් ඔහොම පෑන ඉල්ලගෙන ආපහු දීලා නෑ. ඒකට විසඳුම විදියට තාත්තා කියන්නේ හොඳ පෑනක් නම් ක්ලිප් එක අතේ තියාගෙන දෙන්න කියලා.
Deleteමේ කියන්නෙ වෙන එකක්. මගේ අත්සන හැමදාම වරදින හින්දා මං සාමාන්‍යයෙන් පොතෙන් සල්ලි ගන්න යන්නෙ නැහැ. මේ මෑතදි බැරිම තැන කාඩ් එක හොයගන්නම බැරි තැන කොලඹ බැංකුවකට පොතයි ස්ලිප් එකයි දික් කරාම මම වටයක් ගියා ඒ සල්ලි ටික ගන්න. මේ අත්සන මහත්තයගෙ වෙන්න ඇති. ඒත් මේ අන්තිමේට පොඩි කෑල්ලක් උඩට ඇවිත් මෙහෙම නැමෙනවා. මුල් අස්සනේ එහෙම නැ නේද. එහෙම කියාල දහපාරක් විතර ගහලා ගහලා යාන්තම් හරි එක කිට්ටුවටම ආවා. එහෙම වැරදුනාම බැංකුවල ඉන්න ගෑනු මගේ දිහා බලන්නෙ හොරෙක් දිහා බලනවා වගේ. කන්නාඩි දාපු කලමණාකරු ඇවිත් කන්නාඩියට උඩින් මගෙ දිහා බලනවා. මම හොරෙක් වගේ. --මගේ එකවුන්ට් එක මගේ කියලා අදුනගන්න බැරි එක මගේ වැරැද්දක්ද? අනේ මන්දා. බැංකුවට වගේම අස්සන හරියට ගහන්න බැරි අපිවගේ උන්ටත් හරි ලේසියි අර ඇගිලි සලකුනු ක්‍රමය එනවනම්. පංකාදු පහයි.එක්කෝ ඇගිල්ල ඔබලා කන අත්සන ගහන්ඩ හරි නැත්නම් ෆින්ගර් ප්‍රින්ට් කෙරේමෙ හරි එහෙමත් නැත්නම් ෆේස් ඩිටෙක්ෂන් සිස්ටම් එකක් වගේ හරි එනව නම්. එතකොට අපිට හිටගෙන නිදාගෙන නෙමෙයි පෙරලීගෙන නට නට හරි ඇගිල්ල ඔබලා , මූණ දික් කරලා වගේ ලේසි එකක් කොරලා සල්ලි ගත්තැහැකි.
ReplyDeleteමටත් තියෙන්නෙ ඔය සෙතේමයි. කවදාවත් අත්සන් දෙකක් එක විදියට ගහන්න බෑ.
Deleteමගේ ප්‍රශ්ණය තියන අය ඉන්න එක සෑහෙන්න වටිනවා. හදිසි උදව්වට එන්න ඕන ඈ.......
Deleteමාව අන්දුනනේ නැති අලුත් ඔෆිසර් කෙනෙක් ළඟදී මටත් කිව්වා අත්සන වෙනස් වෙලා කියලා. මේක ඔනෑම කෙනෙකුට වෙනවා. හොරෙක් දිහා බලනවා වගේ බලන්නේ එක අතකින් ගණුදෙනු කරුවාගේ මුදලේ සුරක්ෂිත භාවය ආරක්ෂාව තහවුරු කරන්න. අනෙක් අතින් වැරදීමක් වුනොත් ඔවුන්ට සිදු වන අවදානම අඩු කර ගන්න.
Deleteකාර්‍යාල ලඟ ෆෝම් පුරවල දීල බර ගාණක් හොයන අය ඉන්නව නෙ. මෙහෙත් සමහර තැන්වල තිබුන. දැන් නම් ඒ ආයතන වලින්ම ඒ වැඩේ කරල දෙනව... හුඟක් වෙලාවට වෙන්නෙ ඒ ෆෝම් වල තියන අමුතු වචන මිනිස්සුන්ට තේරෙන්නෙ නැති එකයි..
ReplyDeleteමම මේ කියපු පළාත් වල අය නිතර අකුරුත් එක්ක සෙල්ලම් නොකරන කොටස්. ඉතින් අපිට වුණත් නිතර භාවිතා නොකර දෙයක් කරන්න වුණොත් අඩුපාඩු වෙයි.
Deleteසාක්සරතාවෙන් පරයෝජනයක් නොගන්නේ අපි විතරයි.. නොමිලේ බ්ලොග් කටු ලියල.. ඕක හැමතැනම වෙනවා අයියේ..සල්ගාදු හෝටලේ මොන අළුතක්ද තිබ්බ පාටමයි..
ReplyDeleteමම කිව්වේ කෑම වල. සල්ගාදුලත් දැන් ෂොට් ඊට් කාරයෝ වෙලානේ.
Delete'දියෙන් ගොඩ දැමූ මාළුවන් සේ ගැහෙනා සේවකයන් වෙනුවෙන්' ඉතිං බැංකුවක වැඩ කරන මිනිස්සුත් එහෙමනං සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද.
ReplyDeleteඒ කිව්වේ ප්‍රසන්න ජීවිතේට පරිඝනකයට හුරුවක් නැතිව වැඩ කරන්න ගිය විට සිදු වෙච්ච අපහසුතාව. දැන් ඒ තත්වය නෑ.
Deleteයාලුවක් එක්ක ඉන්ද්යන් එම්බසියට ගිය වෙලාවක ඉල්ලුම් පත්තරයක් පුරවලා දුන්නා කියලා එතන හිටපු එකෙක් මාත් එක්ක වලියට ආවා එයාලගේ ජොබ් එකලු ඒක.
ReplyDeleteමම නම් ඕක අනුමත කරන්නේ නැහැ බැරි කෙනුකට ෆෝම් එකක් පුරවලා දීලා සල්ලි ගන්නේ කොහමද?
අහක බලාගෙන නෙව ගන්නේ මල්ලි. එතකොට අවුලක් නෑ..
Deleteඑයාලට ඒක පුරුදු ඇති. ඒත් අපි වගේ කෙනෙකුට ඒක ආගන්තුකයි.
Deleteඅලුත් පරම්පාරව ඒ තත්ත්වයෙන් මිදිලා නැද්ද? අඩු තරමේ ජංගම දුරකථන හින්දාවත්?
ReplyDeleteසාපේක්ෂව අලුත් පරම්පරාව ඉදිරියෙන් ඉන්නවා. ඔයා පිළිගනීද මන්දා මම 2003 දී යුනික්ස් ඉගෙන ගත්තා වතු-දෙමළ උප්පත්තියක් තිබෙන තරුණයෙක්ගෙන්. ඔහු ඉන්දියානු ශිෂ්‍යත්වයකින් ඉගෙන ගත් අයෙක්.
Deleteඔන්න මෙහෙත් තියෙනවා ඔය වගේ වැඩක් .... මැලේසියාවට විසිට් වීසා එකකින් එන ඕන ම කෙනෙක්ට මෙහෙ Airport එකේදී හම්බවෙන්නේ සාමාන්‍යයෙන් මාසයක් වලොගු විස එකක්. ඒ ඇරෙන්න ඔනම් ඉමිග්රේෂන් ශාකාවකින් පුළුවන් ඒ මාසය අවසානයේදී තව මාසයකට එම විස එක දික්කරගන්න මේ රජය එම සේවය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන්නේ.... ඕක නොදන්න අපේම අයට අපේම මිනිස්සු ඕක අරගෙන දෙනවා රුපියල් 5000ක් සමහර වෙලාවට 10000ක් විතර අය කරලා.... ඔන්න අපේ කන පෙන්නන හැටි .... වැඩි විස්තර බලන්න මේ පැත්තටත් ඇවිත් යන්න
ReplyDeletehttp://onemalaysiasinhala.blogspot.com/
හදිසි අවශ්‍යතාව නිසා ඔයිට වැඩි ගාණක් වුණත් ගෙවයි.
Deleteමං හිතන්නෙ සාක්ෂරතාවය තිබුණ කියල මිනිහෙකුට හැම පෝරමයක්ම පුරවන්න පුළුවන් වේවි කියල කියන්න අමාරුයි මොකද බොහෝ අය තමන්ගෙ විෂය ක්ෂේත්‍රෙයන් එහා වැඩිමනක් දන්නෙ නැ. දැන ගත්තත් ඔය පෝරමයක් වගේ දෙයක් පුරවන්න ඒ ඒ කාර්යාල වල අය ඇරෙන්න අනිත් පුද්ගලයින් දන්නව අඩුයි. අනිත් එක මිනිස්සු බොහෝවිට දන්නෙ තමන්ගෙ විෂය ක්ෂේත්‍රය පිළිබදව පමණක් වීම නිසා.අනිත් එක ඔය පෝරමයක් පුරවන්න පැය ගණන් දගලනවට වඩා හොදයි JP කෙනෙකුට කීයක් හරි දීල පුරවගන්න එක
ReplyDeleteඔයාගේ කතාවේ අත්තක් තියෙනවා. දැන් ඔස්ට්‍රේලියාවට එංගලන්තයට වීසා ගන්න ෆෝරම් එකක් සාමාන්‍ය සාක්ෂරතාව තිබූ පමණින්ම පුරවන්න බෑ. එයාලා ඒ ඒ කොටු වලට බලාපොරොත්තු තොරතුරු වලින් ඇතුලත් කරන්න ඕනේ. ඒ නිසා ඒවාට බලයලත් අයත් ඉන්නවා පුරවන්න. ඒ මගින් කාලය ඉතිරි කර ගන්න පුළුවන් නිසා.
Deleteඕස්ට්‍රේලියාවට එන්න තියෙන ෆෝම් එක පුරවන්න බලයලත් අය වෙන්න අවශ්‍ය නැහැ... ඒකෙ අහල තියෙන ඔක්කොම දේවල් ඕනෙ කෙනෙක්ට පුරවන්න පුලුවන්... බලයලත් අය (JP වගේ) අය ඕන වෙන්නෙ ලියකියවිලි වල සහතික කල පිටපත් ගන්න... :)
Deleteමමත් ඔය ෆෝරම් සෙට් එක පිරෙව්වා වෙනත් කෙනෙකු වෙනුවෙන්. නමුත් එය එතරම පහසු කටයුත්තක් නොවෙයි. නමුත් මගේ මතකය නිවැරදි නම් ඒ ෆෝරම් පත පුරවන කෙනාගෙන් අහන ප්‍රශ්න වගයක් තියෙනවා. එතන ඔහොම බලයත් කතාවක් තිබුණා වගේ මතකයි. ඔබ මේ සඳහා මුදල් අය කලාද කියලා නම් ප්‍රශ්නයක් තිබූ බව මතකයි.
Deleteඒ බලයලත් අය කියල අදහස් කරන්නෙ "migration agents/lawyers" වගේ අය ගැන... එහෙම අය ඇප්ලිකේශන් ෆෝම් පුරවන්න උදව් කරල සල්ලි ගන්නවා... එහෙම කෙනෙක් ලවා ෆෝම් පුරවගන්න එක ලේසියි තමයි... ෆෝම් එකේ අහන්නේ, එහෙම කෙනෙක් උදව් කලාද, එයා රෙජිස්ටර්ඩ් ඒජන්ට් කෙනෙක් ද, එයාට ගෙවීමක් කලාද කියල... ඒත් ඉතින් කීයක් ගෙවන්න ඕනෙද කියල දන්නෙ නැහැ.. :)
Deleteමුලින් සුදීක කියන්න හදපු දේ මං හරියට තේරුම් අරන් නැහැ (වෙලාව ඉතුරු කර ගන්න පුලුවන් කියපු එක මට මග ඇරිලා)... අපොයි මගේ සාක්ෂරතාවය... :D
ඔය ෆෝර්ම් හුඟක් පුරවන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන්, ඒක තමා ඕකට ගොඩක් හේතුව. ලංකාවෙ ඉංග්‍රීසි සාක්ෂරතාවයේ ප්‍රතිශතය කීයක් විතර ඇත්ද ? අනිත් කරුණ වයසක අයට ඔය කුරුමිණි අඬු පැහැදිලිව නොපෙනීම.
ReplyDeleteඅපේ බැංකුවේ ඒවා සිංහලෙන් පුරවන්නත් පුළුවන්. මම හිතන්නේ අනෙක් බැංකු වලත් ඒවාට බාදාවක් නෑ. ඉංග්‍රීසි සාක්ෂරතාව නම් 30% කටත් අඩු මට්ටමක ඇත්තේ. ඒ ෆෝරම් වයසක උදවියට පැහැදිලි නැති බව ඇත්ත.
Deleteඅකුරු නොදැනීම එකක්. ඒ වගේම ෆෝම් එකක් පුරවන එකත් ස්කිල් එකක්. අපි උගන්නන IGCSE සිලබස් එකේ එක ප්‍රශ්ණයක් Information Transfer නැතිනම් Form Filling. ඕකටත් ආඅත්ම විශ්වසය ඕනෙ කරනවා. අනික බං නිකම්ම නිකං කම්මැලිකම.
ReplyDeleteආත්ම විශ්වාසය ඉතා වැදගත්.
Deleteමමත් ඇනගන්නම තැනක්නේ පෝම් පිරවිල්ල. මලාට තේරෙන්නේ නැ ඔය වැඩේ. කඩ්ඩෙන් එහෙම තිබ්බොත් සුනේ සුං තමා. නිතර මට මේ ඉසව්වලට එන්න හැටියක් නැ. සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
ReplyDeleteමම සෙන්කෝලයා
මගේ අත්සනත් කාලීනව පරිනාමය වූවක්. තවත් පරිනාමයට භාජනය වෙමින් පවතිනවා කියලයි හිතෙන්නේ. මගේ බ්ලොග් ලිපිවල මා යොදන අත්සන 1970 දශකයේ ම පාවිච්චි කල අත්සනයි. දැන් අත්සන ඊට වඩා ලොකු වෙනසක් තියනවා. මගේ විවාහ සහතිකයේ තියෙන්නේ අර පරණ අත්සන. මම සමහර වෙලාවට අපේ උන්දැට කියනවා මට පහසුවෙන් දික්කසාද වෙන්න පුළුවන්. ඒ තියෙන්නේ මගේ අත්සන නෙවෙයි කියලා. :D :D
ReplyDeleteසාක්ෂරතාව දියුණුවෙමින් පැවතීම නම්සතුටට කරුණක්. නමුත් සමහර අයට බැහැ නම, ගම, වයස, ලිපිනය, ආදිය ලිව්වාට, (සමහරු අකුරු දැනගෙනත් වරද්දනවා. එක සොල්දාදුවෙක් තමාගේ පෙම්වතියට ලිව්වා, 'මම මේ ලිපිය ලියන්නේ ටක ටක රූට රූට' කියලා. ඒ කියන්නේ 'ටික ටික රෑට රෑට' කියන එකයි. 'ඔයාලාගේ පැත්තේ පුස්නයක් නැත්නම් අපේ පැත්තෙන් පුස්නයක් නැහැ' කියලාත් ලිව්වලු. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියන එකයි)යමක් සිතාමතා ලියන්න.'මේ කාර්යාලයේ සේවා තත්වය ගැන ඔබේ අදහස් දක්වන්න' කියලා ලියන්න කිව්වොත් බොහෝ දෙනා ලියන්නේ, 'හොඳයි' කියලා විතරයි. ස්වාධීනව සිතා, වැකි කීපයක් ලියන්න හැකියාව/උනන්දුව/චින්තන ශක්තිය නැහැ.
අප්පොච්චියේ බැංකු කාඩ් එක දමා පැන්සොන් පඩිය ගන්න ගියාම ඉස්තිරියාවන් සෑහෙන ගණනක් ඉන්නවා කාට හරි කියලා තමන්ගේ කාඩ් එකෙන් සල්ලි ගන්න. ඒ ඔලමොට්ටල වැඩේ මට කරන්නට බැහැ, එය නීති විරෝධියි, තමන්ගේ පින් අංකය කාටවත් දෙන්න එපා, කියලා මම ලක්ෂ වාරයක් එවැනි අයට කියලා තියනවා. කවුරුවත් අහන්නේ නැහැ. කරුමෙට ගාත් අටයි කියනවා නොවැ.
අසමි දකිමි සොයමි ලියන විචාරක
අපේ ගමේ සල්ගාදු හෝටලයක් නෑනේ ? . ගමේ කිව්වට නගරයේ . හිහ් හිහ් හිහ්
ReplyDeleteඔයා කලුතර කොහෙද ඉස්කෝලෙ ගියේ?
ReplyDeleteමමත් කලුතර
ඥානෝදය සහ විද්‍යාලය
Deleteමමත් විද්‍යාලෙ. ඔයා කොයි කාලෙද?
Deleteහැබැයි මම දන්න හුඟදෙනෙක් ඉන්නවා (සීතල වතු යායේ) ඔය වැඩේ කරන්නෙ මනුස්සකමට එතන සාක්ශරක්තාවය මනින්නෙ මනුස්සකමත් එක්ක .
ReplyDeleteඑහෙම කරනවා නම් හොඳයි. සල්ලි ගෙවලා ෆෝම් පුරව ගන්න අය තමන්ගේ දූ පුතුන්ව අධ්‍යාපනයට උනන්දු කරයි.
Deleteකියක් හරි හොයාගන්න කරන වඩක්නෙ, වෑඩි අවුලකුත් නෙ මගෙ හිතෙ. කාගෙ කාගෙත් වෑඩෙ කෙරෙනවනෙ...
ReplyDelete