Tuesday, November 27, 2012

මේ ඉතිං මට හිතෙන හැටි : නර්මදාට පෙම් කල එඩ්වඩ් ජය...

ඇත්තටම මෙතන මේ ප්‍රේමය ඇති වෙලා තියෙන්නේ ගායකයාගේ හිතේද? නැත්නම් ගීත රචකයාගේ හිතේද? එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකුගේ හිතේද ? කියන්න මම දන්නේ නෑ. එම ගීතය බිහි වීම පිලිබඳ කිසිම සටහනක් නැති නිසා. දන්නා කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් ලෙසින් ඉදිරිපත් කලත් කමක් නෑ. ඇත්තටම මේ ගායකයා වෙන කව්රුවත් නෙවෙයි. ඉතාමත් නිහතමානී, මම ප්‍රිය කරන ගායකයන්ගෙන් කෙනෙක්. මම ඔහුට නිහතමානී කියල බය නැතිව කියන්න හේතුව මගේම අත්දැකීමක්.  ඒ සිද්දිය මෙන්න මෙහෙමයි ...

මම කොළඹ රස්සාවට ආව කාලේ ඉතිං බෝඩින් උනහම, හවසට බොරින් හින්දා. සතියකට දවසක් විතර අපි කණ්ඩායමක් හිටියා ගාලු මුවදොර නොහොත් ගෝල් ෆේස් එකට ගිහින් විනෝද වෙන්න. ඉර බැහැල ගියාට පස්සේ මේ කියන දවසෙත් අපේ කණ්ඩායමට  යාළුවො හත් අට දෙනෙක් එක්ක, විවාහක අයගේ මහත්වරු, බිරින්දෑවරුත් එක් වුණා. මෙතන හිටිය අපි කව්රුත් වගේ ශාස්ත්‍රීය සංගීතයට ලැදී අය. ඉතිං එදා දවසෙත් අපේ කට්ටිය කාලා බීලා වල්පල් දොඩවලා ඉවර වෙලා සිංදු කියන්න පටන් ගත්තා. අපි ගායනා කලේ අමරදේවයන්ගේ, කපුගේගෙ, වික්ටර්ගේ ගීත. එතන කව්රුන් හෝ යුවලක් සහ දරුවන් කිහිප දෙනෙක් අප අසලට විත් නැවතුනා. කියන්න අවශ්‍ය නෑනේ ඒ එඩ්වඩ්-චරිතා කියන සුප්‍රසිද්ද ගායක-ගායිකා යුවල. මට නම් ඇස් අදහා ගන්නත් බැරි වුනා. ඒ වනතෙක් රුපාවහිනියෙන් දැක තිබූ ගුවන් විදුලියෙන් ඇසූ ඔවුන් අප ඉදිරියේ. 

අපේ ගායනට ඔවුන්ද එක් වුවා. මගේ මතකයේ හැටියට එතුමා පමණයි එකතු වුනේ. අපත් සමග හරිහරියට මේ ගීත පමණක් නොවේ. ඔහු ගයන පන්සලේ පියතුමා විසින් රචිත  "පන්න්සලේ පල්ලියේ" ගීතය ගායනා කරන්න පටන් ගත්තා. ඒත් ඔහුට ඉඩක් නොදී එම ගීතයේ අයිතිය අප සන්තකයේ රඳවා ගන්නට අප වග බලා ගත්තා. එතුමා කොතරම් නිහතමානීදැයි හිතා ගන්න මේ කාරණයම මදිද? ඒ ඇරෙන්න ඔහුගේ සමකාලීන මිත්‍රයෙක් වන වසන්ත මහත්මා අප සමග පවසන දෙයින්ද මේවා වඩ-වඩාත් තහවරු වෙනවා.  එනිසයි මා එතුමා ප්‍රිය කරන්නේ. 
පින්තුරය ගත්තේ : geerasa.com
එතුමාගේ මේ ප්‍රේම-කතා(නවතා මොහොතක් :D)ව මොකක්ද කියල දැන් ඔබට ප්‍රෙහෙලිකාවක් කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දැන් ඔබතුමාලා හිතනවා ඇති අහිංසකයා වගේ හිටියට, මීයෝ දෙන්න දෙන්න අල්ලලා ඇති කියල. වැරද්දක් නෑ. ඒක කාට වුනත් හිතෙන විදිය. මටත් එහෙමම තමයි හිතුනේ. ඒත් එතුමා ඒ ජාතියේ මිනිහෙක් නොවෙයි කියලා කියන අය කීයක් ඉන්නවද? මෙන්න මෙතනදී අවන්කවම හිතට ආපු දේ කමෙන්ට් කරලා ඉවර වෙලා කියවන්න කියා මා ඉල්ලා සිටිනවා. 

ඒත් මන් මේ කියන ගීතය තමුන්නාන්සේලාත් හොඳට අහල තියෙන එකක්. මේක රචනා කරලා තියෙන්නේ ප්‍රියානන්ද විජේසූරිය මහත්මයා. ගීතය තමයි "යලි උදා වූ වසන්තේ ලෙසින්, එන්න ලං වී සදා ආදරෙන්". මේක ටිකක් විතර වෙනස් ආකාරයක වචන සහිත ගීතයක්. මම හරි නේද? දැන් එතකොට මොකක්ද මේ නර්මාදාගේ පලහිලව්ව. මම පුංචි ඉඟියක් දෙන්නම්. මේ ගීතයේ එන "ජීවත් වෙනවා නම්මා වෙනුවෙන්" කියන කොටසින් තමයි මේ නර්මදාට එඩ්වඩ් මහත්මයාගේ ප්‍රේමය හෙළි වෙන්නේ. හරි කාට හරි කියන්න පුලුවන්ද කොහොමද කියලා ? එතුමා කෙතරම් නර්මදාට පෙම් කලාද කියනවනම් අන්තිමේදී එතුමා ජීවිතය පවා  පරදුවට තියලා තමයි මේ ආදරය ගැන කියන්නේ. 

නර්මදා ඉන්නේ අපේ ඔෆිස් එකේ. මම පුරුද්දක් විදියට කාට වුනත් සම්පූර්ණ නමින්ම කතා කලත්, සමහර අය ඉන්නවා නමේ කොටස් වලින් අමතන. එක්තාර විදියකට ඒවා සමීප ආමන්ත්‍රණ. අපේ ඔෆිස් එකේ ඉන්න අකිල තමයි බොහෝ අයට මෙහෙම නම් හැදුවේ. ඉතින් මට කියන්නේ "දිලී" කියලා, ඉරෝෂාට කියන්නේ "ඉරෝ" කියලා, ආනන්දට "ආනා", සුසන්තට "සුසා",  මේ වගේ නර්මදාට කියන්නේ "නම්මා" කියලා. දැන් ආපහු මේ ගීත කණ්ඩය දිහා බලන්න.

ජීවත් වෙනවා නම්මා වෙනුවෙන්

දැන් පේනවා නේද? අහිංසක කම. චරිතා නෝනා දැන ගත්තොත් දෙයි බැට් එකෙන්. D

ප.ලි. : මේක ඉතින් මගේ ලට පටස් වැඩක්. "නම් මා" කියන එක තමයි "නම්මා" කියල ගැට ගහලා තියෙන්නේ. එතුමා ගැන අබමල් රේණුවක අහිතකින් ලියපු එකක් නොවේ. 

මාරයාට පොරොන්දු වෙලා සතියක් ගියේ නෑ, හැම සති අන්තයේම පොස්ට් දෙකක් දානවා කියල, මට භාරදූර වගකීමක් පැවරුන ක්‍රිකට් තරගාවලියකට නුවර ගියා. ඒත් මම පොස්ට් එකක් දාන්නමයි හිටියේ. මගේ ලැප් එක අනිත් අය නිදහස් නොකළ නිසා ඒ වැඩේ අතපහු වුනා. ලබන සතියේ උත්සාහ කරලා බලමු. අද පෝය දවස ඇතුලත් දෙකක් දාන්න බලන්නම්. 

33 comments:

  1. බුදු අම්බෝ මෙව්ව හෙන පව් වැඩ :D

    අර මාම ගැන කියවෙන
    ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ
    තොටියෙකි මාමේ සීතල වතුරේ
    අර්තකතනය වගේ තමා :D

    පන්සලේ පල්ලියේ සින්දුවෙ මහ මොකක්ද මන්ද එකක් තීයේ අප්ප. ඇගට මාර අමුතු ෆීල් එකක් එනව වචනෙකට නගන්ඩ බැරි.

    ReplyDelete
  2. මාමා මා වෙත සඳළු තලේ සිට, මලේ මටත් හිතයි කරන්න ආදරේ.

    ReplyDelete
  3. මූ හොඳා පවුල් කඩන්න නං... :D
    චරිතා අක්කා දැනගත්තං අර යෝධයගේ මයිල් ගලෝනවා...

    නිදහසට කාරණා වැඩක් නැත... කිව්ව තරමට කොරලා නැත...

    ReplyDelete
    Replies
    1. මෙලෝ විචාරයක් නැතිව ගැටුම් ඇති කර ගන්න කෙනෙකුට නම් එහෙම වෙන්න පුළුවන්.

      Delete
  4. එඩ්වඩ්ගෙ පිංතූරය බ්ලොග් රොල් එකේ තියෙනවා දුටුවම මමත් ටිකක් වික්ෂිල්ත වුනා මොකද්ද මා නොදන්න පළහිලව්ව කියලා.

    එඩ්වඩ්ගේ ළබැඳි ඇසුරේ වසර විස්සකට වැඩිය ඉන්න මට මේ හැම ගියක්ම අසා හුරුපුරුදු ගීත. ඒ නිසාම තමයි ඔහුගේ තිස් වසරක සංගිත දිවිය ඇසුරින් "මාරම්බරී" කෘතිය ලියන්න මට ඇරයුම් කලේ.

    එඩ්වඩ්‍
    යලි උදාවූ වසන්තේ" ගිතය ගැයුවේ සරත්ද අල්විස්ගේ තනුවකට අනුව ප්‍රියානන්ද විජේසුන්දර විසින් වචන යෙදීමෙන්. ඒ නිසා මේක පුර්ව නිර්මිත තනුවකට අනුව නිමවු ගියක් .

    ඒ කොහොම වුනත් ඔබ නිර්මාණය කර ඇති කතාපුවත නම් අපූරුයි ඒවගේම රසවත්.

    ReplyDelete
    Replies
    1. මම හිතුවා මම ඉවරයි කියල මුල හරිය කියවද්දී. බොහෝම ස්තුතියි.

      Delete
  5. නියම කතාව... සුදීක අබිලින් වගේනෙ...හි හි හි

    ඔය වගේම තව සින්දුවක් ගැන මම අහලා තියෙනවා. ඒක කියන්නෙ ශශිකා නිසංසලා. කට්ටිය බ්ලොග් එකෙක දාල තිබ්බා ඒක ලෙස්බියන් සින්දුවක් කියලත්... සින්දුව තමා " සඳ එළිය මම නම්..සඳ සාවි මගෙ මැණික "

    ReplyDelete
  6. හෆොයි කරුමෙටවත් ඒ දෙන්නා දන්න නම්මෙක් හිටියොත් ගම කෑවා නේඩ සුදීක මහත්තයෝ !

    ReplyDelete
    Replies
    1. එතකොට මේක ප්‍රශ්නයක් වෙන්නේ ප්‍රියානන්ද මහත්මයට නේද?

      Delete
  7. සුදීක අයියා මොලේ කොලොප්පං කරනවනේ.. මං මේ බැලුවේ මොකක්ද මේ වින්නැහිය කියල. :D
    මේක නිර්මාණය කරලා තියන විදිහ නම් මරු..

    ReplyDelete
    Replies
    1. හේ .. හේ.. හේ.. බොහොම ස්තුතියි. මේක අහිංසක විහිළුවක්.

      Delete
  8. ඇත්තටම නිහතමානී ගායකයෙක් , මමත් කැමතියී ගොඩාක්

    " මේ ඉර හඳ යට හමු වී
    ආදරයෙන්
    කතා කරපු අය
    ළඟ පාතකවත් නෑ......"

    ReplyDelete
    Replies
    1. ඔහුගේ බොහොමයක් ගීත අහගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ලයාන්විත හඬකුත් තිබෙනවා.

      Delete
  9. අම්මෝ මේ සුදීකයා කරන වචන හරඹ රෙදි ගැලවිලා, බෙල්ල ගහලා යන ඒවානෙ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  10. කොහෙන්ද අප්පේ මේ විස්තර හොයාගත්තේ.. :)

    ReplyDelete
    Replies
    1. මේක කන් වල කෙස් එකක් මල්ලී.

      Delete
  11. මං ඒත් කල්පනා කළා එක්කෝ මම මෙච්චර කල් ඔය සින්දුව හිතාගෙන ඉඳලා වැරදියි.. නැත්තම් සූදික අයියට අමු කැවිලා කියලා... හි හි...

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුව හිරු නැත්තේ වහින හින්දද කියල. හී හී

      Delete
  12. අපායෙ නම් යන එක යනවා මයි, පෝය දවසෙ කරන පවු වැඩ වලට

    ReplyDelete
    Replies
    1. පෝය දවසට පවු දබල්ද ?

      Delete
  13. මන් වැඩිය අහලම නැහැ එඩ්වඩ් ජයකොඩිගේ සිංදු.

    ReplyDelete
    Replies
    1. මූව උල තියලත් මදිනේ.

      Delete
  14. මමත් ආවා කට ඇරගෙන ඕපයක් කියවන්න....

    ReplyDelete
    Replies
    1. ඕපයක් නැති නිසා දුකද ? නැත්නම් සතුටුද ?

      Delete
  15. හැමොම අහන්න බලන්න කැමති ඕප දූපනෙ ඒ අයට ගැලපෙන්න වැඩෙ කරලා තියෙනවා


    ReplyDelete
    Replies
    1. ඔයාට තමයි වැඩේ තේරුනේ.

      Delete
  16. කලාකාරයෝ කියන්නේ පොදු වස්තු :P

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඔවුන්ගේ නිර්මාණත්.

      Delete
  17. ඒ කථාවත් හරියට පාවී යයි සුනිල් වලා වර්ගයේ එකක් නොවැ... සින්දුව අහන වාරයක් ගානෙ සුනිල් ට තද වෙනවලු...

    ReplyDelete
    Replies
    1. මේක කිව්වහම මතක් වුනේ. මගේ යාලුවෙක් ඉන්නවා පානදුර වලාන කියන පැත්තේ. මම ඒ යාලුවගේ නම කියල බැංකුවේ නෝනා කෙනෙක්ගෙන් ඇහුවා දන්නවද කියලා. එයා ගත් කටටම කිව්වා. ආ .... වලානේ? කියලා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...