Friday, June 22, 2012

පියරත්න අයියා 2 : ගැටළුවට විසඳුම්.



මේ පොස්ට් එක ලියන්න හිටියේ 19 වෙනිදා උනත්, මගේ දුව ඉස්කෝලේදි නළල තුවාල කරගෙන. පහුගිය දවස් දෙකේම ඒකට දුව-ඇවිද්දා මිස මොනවත් සිහියට ආවේ නෑ. ඉතිං මම හිතනවා ඔයාලට ඒ තත්වේ තේරුම් ගන්න පුළුවං කියලා. අපි දැන් ගැටළුවට යොමු වෙමු.

මට එතනදි සඳහන් කරන්න බැරි වුනු එකම දේ තමයි, මේ මළ ගෙදර වුනේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රත්නපුර ප්‍රාදේශීය කාර්‍යාලයේ රියැදුරෙකු වෙන පියරත්න මහතාගේ නිවසේ කියල.

කතාවේ දෙවෙනි කොටසත් ලියන්නම්.

සිකුරාදා ඔන්න ශාඛාවේ වැඩ කටයුතු හමාර කරලා, එයාල දුන්න පාටියත් බුක්ති විඳලා, රෑ අටට විතර එන්න පිටත් වුනා. මේක ජයන්තයගෙන් අහල ඌව අපහසුතාවට පත් කරනකම් අපිට ඉවසුමක් නෑ. ඒත් තනිපංගලමේ මිස්ට ජයන්තව අල්ලගන්න අපිට බැරි වුනා. එ  ත් කරුමෙට නිශාර් මහත්මයා අපේ වාහනේට නැග්ග ඇහැලියගොඩින් බහින්න. එතුමාව නිවසටම ඇරලල ආපහු කොළඹ පාරට දැම්ම ගමන් මම  කටහඬ අවදි කලා

"ජයන්ත : පියරත්න අයියගෙ පුතා පව් නේද ?"

"අනේ ඔව් මිස්ෂ දිල්රුක්, පුතාට වඩා පියරත්න අයියා පව්"

"එතකොට ජයන්ත කොයි කාලෙද පියරත්න එක්ක වැඩ කලේ ?" එහෙම ඇහුවේ ආනන්ද.

"ගිය මාසෙත් වැඩ කලා මිස්ෂ ආනන්ද"

"කොහේදිද පියරත්න අයියත් එක්ක වැඩ කලේ ?" කතා බහට නාමලුත් එක් වුනා.

"ක්ලියරින් එකේදිනේ අපි දෙන්න එකට වැඩ කලේ. ඉතිං දවසක් කයියක් ගහගෙන් ඉන්නකොට තමයි පියරත්න අයියා මට මේ ගැන කිව්වේ"

"අනේ නිකං පලයං ජයන්ත යන්න, උඹ පියරත්නව ඇහැටවත් දැකලා නෑ. ඇයි යකෝ අපේ පියරත්නයා අඩි හයකටත් වඩා උසයිනේ" ආනන්ද කියද්දී ජයන්ත කිසි සද්දයක් නෑ.

"උඹ හිතුවද අපිව තම්බන්න, මේ පියරත්න වැඩ කරන්නේ එන්.එස්.බී. එකේ."

"ආහ් ! ඇත්තද ? අනේ බොරු කියන්න එපා මිස්ෂ දිල්රුක්"

-----------------------------------------------------------------------
හැබැයි ඔයාලා කතාව හරියට කියෙව්වානම් මෙන්න මේ කාරණා පැහැදිලියි


අපේ පියරත්න වැලිවේරියේ මේ පියරත්න පැල්මඩුල්ලේ. 



//"අර වැලිවේරිය පැත්තේ ඉන්නේ. මිනිහගේ ඇඟ නම් ගැලපෙන්නේ හමුදාවේ ලොක්කෙකුට. ඒත් පුදුම අහිංසකයෙක්"  එහෙම කිව්වේ මම//


අපේ පියරත්න අඩි හයකටත් වඩා උසයි හැබැයි මේ පියරත්න අඩි පහක් විතර ඇති. 

//"ඔව් දන්න්නවා අර යෝදයෙක් වගේ මිනිහානේ. පර්මනන්ට් එක්කෙනෙක්නේ. අපිත් එක්ක ගමනක් දෙකක් ගිහින් තියෙනවා"//

//සුදු බුෂ් කෝට් එකක් ඇඳගත් අඩි පහක් විතර උස් කෙනෙක් ඇවිත් වට පිට බලද්දී අර කාන්තාව අපිව පෙන්නුවා//

සැකය උපදින්නේ මෙන්න මෙතනදී 

//මෙහෙම කියද්දි තමන්ගෙ දරුව මළ ශෝකයෙන් ඉන්න පියරත්න අයියාගෙ මුහුනේ සිහින් සිනා රැල්ලක් ඇඳී යන බවත් ජයන්තය අප් දෙස හොරෙන් බලනවාත් //

ෆොටෝ එකේ පියරත්න අයියල දෙන්න ඉන්නවා.

පින්තූරය ගත්තේ : http://uphillwriting.org

12 comments:

  1. දැං පැහැදිලියි. ඉතිං ඊට පස්සෙ යාලුව මොකද කිව්වෙ? ආයෙත් ආවද ගමන් යන්න?

    ReplyDelete
  2. @රාජ්: ඌට ගානක් වත් නෑ මචං

    ReplyDelete
  3. මටනම් වැඩේ ටිකක් අහුවෙලයි තිබුණෙ. ඒකයි 1 කොටසෙ ඊට ළගින් යන කතාවක් කොමෙන්ටුව විදියට දැම්මෙ.

    ReplyDelete
  4. @සුමිත් : අර කතාවක් තියෙන්නේ සමකාලීනයන්ට සම අදහස පහල වේ කියලා. ඔය ළඟටම ආව කියල මටත් හිතුනා.

    ReplyDelete
  5. දැන්නේ තේරුනේ :D

    ReplyDelete
  6. ඔන්න දැන් තමා කතාව තේරුනේ....

    …දුවට දැන් හොඳ ඇති කියලා හිතනවා. ඉක්මණින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  7. මිස්ෂ ජයන්තගේ ඉස්සරහ උඩු ඇන්දේ දත් දෙක නැද්ද, නැත්නම් පහල ඇන්දේ දත් දෙකත් එක්ක හතරම නැතුවද එහෙම කතා කරන්නේ?

    ReplyDelete
  8. මිස්ෂ ජයන්තගේ ඉස්සරහ උඩු ඇන්දේ දත් දෙක නැද්ද, නැත්නම් පහල ඇන්දේ දත් දෙකත් එක්ක හතරම නැතුවද එහෙම කතා කරන්නේ?

    ReplyDelete
  9. නෑ එය ටී ලොප් කරල කියන්නේ. අපි මිස්ටර් කියද්දී ටී වලින් 80%ක් කියනවනම් එයා කියන්නේ 20%යි.

    ReplyDelete
  10. @Hasitha : බොහොම ස්තූත්යි. ඇයට සනීප වන්න දින කීපයක් අවශ‍ය වෙයි.

    ReplyDelete
  11. යකෝ දැන් නේ තේරෙන්නේ..

    රහස් පරීක්ෂක කතාවක් වගේ.. :)

    පොඩ්ඩට ඉක්මනට හොද වෙයි !

    ජය !

    ReplyDelete
  12. ස්තූතියි සෑමා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...