Thursday, February 16, 2012

ප්‍රතිපත්තිගරුක කෙල ගිලීම ...... Abide to strategy in a Mouthwatering moment



mangoes sliced in a dish
පින්තුරය ගත්තේ : http://ecolocalizer.com

මේකත් 89/90 අඳුරු යුගයට සම්බන්ධ කථාවක්. ඒ කාළයේ මගේ හොඳම මිතුරා වෙලා හිටියේ ලකී. ලකී තමයි අපේ ගමෙන් රොයල් එකට ගිය එකම කෙනා. ඒක නිසා මිනිහට කවුරුත් වගේ හොඳට සැලකුවා. මමත් ලකීව ආශ්‍රය කලේ හේතු කාරණා කීපයක් නිසා. මිනිහව ආශ්‍රය කරණ එකට කවුරුත් බනින්නෑ මොකද කවදා හරි ඉංජිනේරුවෙක් වෙන්න ඉන්න කෙනා කියලා කාගෙත් විශ්වාසය. අනිත් පැත්තෙන කිසිම් රස්තියදුවකට යන්නැතුව ගෙදරටම වෙලා ඉන්න නිසා. ප්‍රයිවෙට් ක්ලාස්  එක පවා ගෙදරට ගෙන්වගෙන තමයි කලේ. ඉතිං අපි එහෙට ගියොත් ඇර මිනිහා අපේ ගෙවල් පැත්තේ එන එක නම් බොරු. ඉතිං මමත් බොහොම කැමැත්තෙන් එහෙ යනව. අපෙ ගෙදර ඉන්දල වැඩි ඈතක් නෑ. ඔන්නම් කිලෝ මීටර් එකක් ඇති. බයිසිකලේ පැදෙගෙන එහෙ ගිහින් මොනවා හරි කථා කර කර ඉන්නව. මමත් මිනිහා ගණන් හදන පොත් බලනවා. එක්කෝ එහේ ගෙදර මිදුලේ බැඩ්මින්ටන් ගහනව. බැඩ්මින්ටන් ගහන්න නම් බොහෝ දෙනෙක් එකතු වෙනව. ඒකට ලකීලගෙ ගෙදර අය වැඩි කැමැත්තකින් නොවෙයි උන්නේ. මම යන එකට නම් හරිම කැමතියි. ඉඳලා හිටල පොඩි පොඩි උදව් පදව් එහෙමත් කලා. ලකීගේ
අක්කව වැඩට ඇරලනව වගේ ඒවා. ඒ කාලේ කිලෝ මීටර් 2 ක් බයිසිකල් පදින එක මට සිම්පල්.



එක්තරා වැහිබර දිනයක උදේ 10ට විතර මම ලකීලගේ ගෙදර ගියා. එදා නිවාඩු දවසක්. වෙනදා වගේ එහෙ ගිහින් සතුටු සාමීචියේ ඉන්නකොට ලකීලගේ අම්ම කිවා අමුතුම කතන්දරයක්

බලන්න සුභාෂ් හරි වැඩක්නේ ඊයේ වෙලා තියෙන්නේ ?

ඒ මොකක්ද ?

ඊයේ වරාහේන රේල් ගේට්ටුව ගාවදි අඹ ලොරියකට ගිනි තියලා

එහෙනම් ජේවීපී එකේ වැඩක් වෙන්නැති

මටත් හිතෙන්නෙ එහම තමයි

එතකොට ලොරියෙ ආපු අය ?

එගොල්ලොන්ට මොනව වුනාද දන්නෑ

මරලද දන්නෑ ?

මිනියක් එහෙම පෙන්න තිබුනෙ නෑලු ?

එතකොට ඒ මිනිස්සු කොහේද ගියේ ?

දෙයියො තමයි දන්නෙ  (එහෙම කිව්වේ කම්මුලේ අත තියාගෙන).

ඒක් නෙවෙයි වැඩේ. බලන්න සමහර මිනිස්සු ගිහින් ලොරියේ තියෙන අඹ අරගෙන එනවලු. හරි කැත වැඩ නේද?

ඒක තමයි.
මමත් එහෙනම් යනව ඇන්ටි. කොයිකටත් ඒ පැත්තේ ගිහින් බලල එන්නම්. 


මමත් මිටින් ඇරිය කුරුල්ල වගේ ඒ පැත්තට ගියා. හැබැයි හොර පාරෙන්. ඒ ගාමිණියේ(ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය ) පිට්ටනිය අයිනෙන් තියෙන පාරෙන් ගිහින් පාලමෙන් එගොඩ උනාම කහඹිලියකන්ද හංදිය ගාවට ලේසියෙන්ම යන්න පුලුවං. එතන ඉඳලා ගාලු පාරේ කඳු දෙකක් නැගල බැස්සාම වරාහෙන රේල් ගේට්ටුව ගාව. වැරදිලාවත් අපේ ගෙවල් ලඟින් ගියානම් අම්ම හරි තාත්ත හරි දකිනවා. ඒ දවස් වල හැටියට තරුණ වයසේ ඉන්න පුතෙකුට ඕනවට වඩා එහෙ-මෙහෙ යන්න දෙන්න දෙමව්පියන් කැමති වුනේ නෑ.


මම එතනට යනකොට එකම ගාලගෝට්ටයයි. මිනිස්සු පොර කකා ලී පෙට්ටි වල තියෙන අඹ අරන් මලු වලට දා ගන්නවා. අපේ ගමේ අය විතරක් නෙවෙයි අහල ගම් හතේම එවුන් එතමට ඇවිත්. සමහරු පෙට්ටි පිටිනුත් අර ගන්නව. සමහරු මං වගේ බයිසිකල් නවත්වාගෙන බලං ඉන්නවා. පොඩි එවුන් එතනම අඹ කනවා. හරියට ඉතියෝපියාවට තම්පලා ගෙනිච්ච වගේ. මචං වරෙන් කන්න කියලා මං දන්න අය කීප දෙනෙක්ම කථා කලත්, ලකීලගෙ අම්ම කියපු කථාව මගේ හිතේ රැව් දුන්නා.


කෙනෙක් විපතට පත් වෙච්ච වෙලාවට උදව්වක් කරනවා විනා කරදරයක් වෙන්න නරකයි කියලා. ඇත්තම නෙන්නං මේ මුදලාලිට මේ වැඩෙන් කොච්චර අලාභ වෙන්න ඇද්ද? "මම නම් කන්නේ නෑ" කියල මම හිතා ගත්තා.

එහෙම කිව්වට මටත් කන්න ආසා හිතුනා. ඒ වුනාට එහම කන එක හරි නැහැ. මම එතන තවත් බලන් ඉන්න එකේ තේරුමක් නැති නිසා අපහු ආවා. 

උදේ ලකීලගේ ගෙදර ගියාට හරියට කථා කර ගන්නවත් බැරි වුනා මේ කලබල අස්සේ. ඒක නිසා මම හවසත් ගියා. 

ඇන්ටි මමත් ගියා අඹ ලොරිය බලන්න. හයියෝ එතන එකම ගාලගෝට්ටියයි

ආහ් ! ඇත්තද? මෙන්න අඹ කෑල්ලක් කන්න හරිම රසයි. අපිටත් ගොඩක් හම්බ වුනා

hundreds ripe wilad mangoes
පින්තුරය ගත්තේ : http://www.all-creatures.org


මට ඒ වෙලාවේ තරු පෙනුනා. "ඇහ් ! යකෝ උදේ මේ ගෙදර හිටියේ වෙන කවුරුවත්ද ? " මම හිතින් හිත ගත්ත. හනේ මට වෙච්චි දෙයක්. 

නෑ ඇන්ටි මම ගෙදරින් ගස්ලබු කාලා ආවේ. හොඳටම බඩ පිරිලා. 

කෑවට කමක් නෑ ළමයෝ අඹ කෑල්ලක් කන්නකෝ. 
කියලා අඹ පීරිසිය මගේ දිහාවට දික් කරනවා.  මමත් කටට උණන කෙල ටික ගිලගෙනම මෙහෙම කිව්වා.

අනේ බෑ ඇන්ටි මම තව ටිකකින් කන්නම්

හා එහෙනම් පස්සෙ කන්නකෝ කියල අඹ පීරිසිය මේසේ උඩින් තියලා ඇතුලට ගියා. මම හිමිහිට ගෙදර ආවා.

4 comments:

  1. පස්සේ ආරංචි උනා මේක පුද්ගලික කොන්තරයක් නිසා කරපු දෙයක් කියල. ඇඹිලිපිටියේ ලොරියක් තමයි එහෙම ගිණි තියල තිබුනේ. ඒ දවස් වල ජේවීපි එකවුන්ට් එකටයි ආණ්ඩුවේ එකවුන්ට් එක්ටයි දාලා බොහෝ දෙනෙක් තම තමන්ගෙ පුද්ගලික කොන්තරත් පිරිමහ ගත්ත.

    ReplyDelete
  2. මම මේවා ගැන දන්නේ නෑනේ. හරිම ලස්සන කතාවක්නේ.

    මල්ලී

    ReplyDelete
  3. ලස්සන කතාවක් වෙන්නේ කොහොමද. ඒ මිනීමරු කාලයේ හිටපු නැති කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. ඇවිද්ද පය අඹ නොකාපු එක හොඳයි. අසු තුනේ සිරිල් මැතිව් ගේ ජුලි "විප්ලවය" දවසේ, මේ වගේම ඇත දැකීමක් මට තියනවා. සමහර මිනිසුන්ගේ ජරා ගති එලියට එන්නේ මේවගේ වෙලාවල් වලට.

    ReplyDelete
  4. 88/90 මට අවුරුදු 7-8 ක් විතර ඇති ඔය කාලෙ අපේ පළාතෙ නම් වාසනාවකට කලබල තිබුණෙ නැහැ.

    හැබැහින් දුටු එකම සිද්දිය JVP එකෙන් කියාපු කාණ්ඩයක් විසින් කුකුල් හොරුන් දෙදෙනෙකු ගස් බැඳ තිබීම විතරයි

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...