Saturday, October 20, 2012

වේදනාත්මක මතකයක් ඉතිරි කර ගිය ගැඹුරු ස්වරය .....

අද සවස යාමයේ රාජ්ට කතා කලේ, සන්ධ්‍යාවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිටුපස කොටසේ ඇති කමත නමැති අලංකාර ලෙසත්, නිර්මාණාත්මක ලෙසත් නිමවා ඇති රංඟ භුමියේ පැවැත්වෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජාත්‍යන්තර අංශයේ සුභසාධක දෙපාර්තමේන්තුව මෙහෙයවන "ගී පැදුර" නමැති සංගීත සන්ධයවට සහභාගී වේද යන්න දැන ගන්නයි.

"අනේ සොරි මචං, මම අර පොත් බෙදාදීමට අම්පාරේ යනවා, ඒ නිසා කලින් ගෙදර යන්නයි හිතා ඉන්නේ"

රාජ්ගේ පිළිතුරින් මා ගල් ගැහී ගියා. මමත් මේ සද්කාර්යට දායක වන්නට පොරොන්දු වුවා නෙවේද? දැන් මොකද කරන්නේ. මට මා පිළිබඳව මහත් ලැජ්ජාවක් හට ගැනිණි. මෙවර පොත් ප්‍රදර්ශනයෙන් පොත් විස්සකට අධික ප්‍රමාණයක් මිලදී ගත්තත්, ගිනි අව්වේ කැකෑරෙන කාෂ්ඨක පොලවේ නිරුවත් දෙපා තබා යන, අහිංසක දරු දැරියන්ට මා දෙන්නේ මොනවාද? වාසනාවකට මා මිලදී ගත් පොත් සියල්ල මාගේ කාර්යාලයේ තිබුණා..

"මචං උඹ දැන් කොහෙද ඉන්නේ? මම පොතක් ගෙනාවොත් දෙන්න පුලුවන්ද?"

"මම හතරයි කාල වෙනකං ඔෆිස් එකේ ඉන්නවා"

"රයිට් මම එන්නම්"

මම එන්න පිටත් වෙත්දී මගේ කාර්යාලීය සගයා, ජනකත් යන්න සුදානමින් ආවා. මම අතට අහු වෙච්ච පොත මැක්සිම් ගොර්කී ගේ අම්මා කෘතිය අතට ගත්තා.

"මචං උඹ එන්. එස්. බී. ද යන්නේ ?"

"ඔව්"

"මමත් එනවා උඹත් එක්ක යන්න"

මමත් ජනකත් විනාඩි කිහිපයකින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයට ආවා. මම රාජ් හමු වී පොත ඔහු ඇත තැබුවා. ඉන් අනතුරුව ඔහු සමගත් මගේ පැරණි මිත්‍රයකු වන අමල් සමගත් ටික වෙලාවක් කතා කොට ආපසු ආවා. එම ගමනට එක්  වන ලෙස රාජ් ඉල්ලා සිටියත් මා හෙට රාජකාරියකට අනුරාධපුරයට යන්න තීරණය කර තිබු නිසා එම මාහැඟි අවස්ථාව වැළකුණ. මගේ මතකයට ආවේ අප මෙවැනිම කටයුත්තක් සඳහා තණමල්විල දුෂ්කර පාසලක් වෙත ගිය ගමන. එතන පිළිගැනීමේ කතාව කල කොලු පැන්චාගේ කතාව අසා දෑසින් පෙරූ කඳුළු ප්‍රමාණය.

වැසි නොතකා සෑහෙන ප්‍රමාණයක් "ගී පැදුර" අහන්න එක් වී තිබුනා. මගේ කාර්යාලීය සගයන් සියල්ල ඒ සඳහා එක් වූවා. අපිද වරෙක හිඳ ගනිමින්ද වරෙක සිට ගනිමින්ද ඒ සොඳුරු ගී මියසියට එක් වුවා. ඇත්ත වශයෙන්ම එම ස්ථානය මනරම් නිමවුමක්. මේ කොළඹ 7 හී තිබෙන ස්ථානයක් කියා කිව හැකිද? එය සිහි ගන්වන්නේ තෙත් කලාපයේ කමතක් අද්දර තිබෙන කුඩා කඳුගැට කිහිපයක් අතර ඇති බිම් තීරයක්. එහි වචනයෙන් විස්තර කල නොහැකි අලංකාරයක් තිබෙනවා.

එම ප්‍රසංගයට ප්‍රථමයෙන් එක් වූ ජයලත් මනෝරත්නයන් විටෙක ඔහු මුහුණ දුන් අත්දැකීමුත්, විටෙක් නූර්ති සහ ටීටර් ගීතත් ගයනු ලැබුවා. ඔහු මුලින්ම පැවසු කතාව අනර්ග එකක්

"මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබද්දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඔහුගේ නාට්‍ය සඳහා කිහිප දෙනෙක් තෝරා ගැනීමට පරීක්ෂණයක් පැවැත්වුවා. මමත් ඒකට එකතු වුනා. පනහකට වැඩි පිරිසක්  එයට සහභාගී වුනා. ඔහු පැවසුවේ සෘතියට අනුව ගීත ගැයීමට හැකි නම්, එයාට නළුවකුවේ වෙන්න පුළුවන් කියලා. කෙනෙක් ගීතයක් ගැයුවාම ඔහු කියනවා. ඕනෑනම් ඒ ගීතය ඒ විදියටත් කියන්න පුළුවන් කියලා එතකොට අර ගීත ගයපු කෙනා ආයේ ඒ සඳහා ඉදිරිපත්වෙන්නේ නෑ. ඒ වගේම තව කෙනෙකුට කියනවා ඔය විදියට තව අවුරුදු පහළොවක් විතර කිව්වොත් ප්‍රතිභාපූර්ණ ගායකයෙක් වෙන්න පුළුවන් වෙයි කියල. කොහොම හරි මම එතනදී අමරදේව මාස්ටර්ගේ ගීතයක් ගැයුවා. මා මුලින්ම ගයන්නේ ඒ ගීතය"

ඉන්පසුව ඔහු මුහුණ දුන් ඉතා රසවත් අත්දැකීමක් විස්තර කරා.

"අපි කොච්චර චිත්‍රපටි, නාට්‍ය, ටෙලිනාට්‍ය ගණනක රඟපාලා තිබුනත් මේ ලෝකෙම ඉන්න අය අපිව දන්නවා කියල හිතුවත්, ඒක එහෙම නොවෙයි කියල දැන ගත්තේ එදා. අපිව නොදන්නා තමන්ගේම ලෝකේ ඉන්න ඕනෑතරම් අය ඉන්නවා. දවසක් මීරිගම පැත්තේ නාට්‍යක් සඳහා ගොස් එන අතරේ මගේ කාර් එකේ ටයර් එකක පැච් එකක් ගියා. වාසනාවට එය නතර වුනේ වොල්කනයිසින් කියා තඩි බෝඩ් එකක් තිබෙන තැනක. මමත් මගේ මිතුරාත් බොහොම අමාරුවෙන් නිදාගෙන හිටිය බාස්සුන්නැහේව ඇහැරවාගෙන වැඩේ පටන් ගත්තා. ඉතින් අපි දෙන්නත් ඉතාම උද්යෝගයෙන් බාස්සුන්නහේට සහයෝගය දෙනවා. ටයර ය ගලවාගත්ත බාස්සුන්නහේ දැන් පැච් එක දානවා.   දැන් මගේ මිතුරා උත්සාහ කරනවා බාස්සුන්නහෙට මම කවුද කියල කියන්න

බාස්සුන්නහේ දන්නවද මේ කාගේ ටයර් එකද දාන්නේ කියල?

බාස්සුන්නහේ පිළිතුරු නොදීම වැඩ කරගෙන යනවා.

බාස්සුන්නහෙට කොයි තරම ආඩම්බරයක්ද මේ වගේ කෙනෙකුගේ ටයර් එකක් දාන්න ලැබිච්ච එක.

කිසිම ප්‍රතිචාරයක් නෑ. මට පේනවා බාස්සුන්නැහේ ඉන්නේ හොඳටම කේන්තියෙන් කියල. මම අතින් කියනවා එපා කියල එත් මගේ මිත්‍රය දිගටම කියවනවා.

බාස්සුන්නහේට හෙට උදේ ආඩම්බරයෙන් කියන්න පුලුව මම ටයර් ඒක දැම්මේ ...... කියල. පොඩ්ඩක් බලන්න.

ඔලුව උස්සල රවල මගේ දිහා බලපු බාස්සුන්නහේ කියනවා

නිට්ටඹුවේ ඩිපෝ එකේනේ වැඩ කරන්නේ කියල.

මටත් තියෙන්නේ ඉතිං ඩ්‍රයිවර් මුනක්නේ" කියල ඔහු ඉතා අව්‍යාජව කියනවා. ඉන් පස්සේ ඔහු නාට්‍ය, නූර්ති, ටීටර් ගී කිහිපයක්ම ගයනාව. ඉන්පස්සේත් ඔහු කිව්වා ලොල් කතාවක්.

"ටීටර් කියන්නේ ඔය තියෙටර් කියන එකට අපේ අය කියපු වචනය. ටීටර් වලදී පසුබිම ස්වභාවික විදියටම හදනවා. දිව්‍ය ලෝකය නම් ඒ විදියට, වෙරලක් නම් ඒ විදියට නියම දේවල් ගෙනල්ලා. ඔන්න එක දවසක් අංගුලිමාල කතාව පෙන්වන්න පසුබිම හදල තිබුනා. කැලෑව මැදින් අහිංසක එන දර්ශනයක පසුබිමට හීලෑ කරපු සතුන් ගෙනවිත් තිබුනා. දැන් ඇඟිලි මාලේ කරේ දාගෙන අහිංසක එනවා. ඇඟිලි කැපුවත් මිනිහ අහිංසකයිනේ. හා පැටියෙක් වඩාගෙන හුරතල් කරනවා. ඒ එක්කම ඇඟිලි ඉල්ලලා වියරුවෙන් කෑ ගහනවා. එතකොට ප්‍රේක්ෂකයෙක් කෑ ගහල කියනවා

අහිංසක ඔන්න හාවා ඇඟිලි ටික කනවා කියල. වෙලා තියෙන්නේ ඇඟිලි වලට දාල තිබ්බ කැරට් වලින් හාවා රාත්‍රී ආහාරය ගත්ත එක"

ඔහුගේ සහය ගායනයට අනුලා බුලත්සිංහල මහත්මිය සහාභාගී වන්නේ තවමත් සුව නොවූ රෝගාබාද සහිතව. ඇය ගී ගයා අවසාන ප්‍රේක්ෂකායගෙන් සමාව ඉල්ලනවා ඇගේ ගායනයේ අඩුපාඩු නිසා රසවින්දනයට සිදු වූ බාදාවට.

ඉන් පස්සේ නුවන් ගුණවර්ධන හින්දි සහ සිංහල ගීත කිහිපයක්ම ගයනාව. ප්‍රියා සුරියසේන, ප්‍රියංකර පෙරේරාත් බැංකුවේ කිහිප දෙනෙකුත් එම ප්‍රසංගය රසවත් කරනවා. මේ සඳහා සංගීතය සපයන්නේ මහානාම වික්‍රමසිංහ ප්‍රමුක වාද්‍ය වෘන්දය.

ආපසු ගෙදර ආ මම පුරුද්දකට වගේ පරිඝණකයත්, රූපවාහිනියත් ක්‍රියාත්මක කරනවා. අද බ්ලොග් පොස්ට් එකක් දාන්න හිතාගෙන හිටි නිසයි පරිඝනකය ක්‍රියාත්මක කරන්නේ. වෙලාව රාත්‍රී 11.00 යි මේ වෙනකොට. මම බත් කන ගමන් සිරස පැරණි ගී ප්‍රසංගයක් නරඹනවා. එහි ගීත ගයන්නේ විශාරද ගුණදාස කපුගේ. අකාලයේ මියගිය කපුගේ. මානව හිතවාදියා, ගායකයා, ගී තනු නිර්මාපකයා, ශබ්ද පරිපාලකයා ඒ වගේම බේබද්දා(සමාවෙන්න මේ වචනය භාවිතා කරනවාට), සොඳුරු මිනිසා. මගේ නැති වූ සටහන් පොතේ ඔහු මියගිය කාලයේ තැබූ සටහන මගේ මතකයට එනවා.

විදේශීය සංගීත ප්‍රසංගයකට සහභාගී වී ඔහු ලංකාවට ගොඩ බසින්නේ කෙලින් හිට ගන්නවත් නොහැකි පමණට බීමත්ව. ඒ කාලේ විශාල ගුවන් යානා කෙලින්ම මගී පර්යන්තයට සමීප කර සෙනග බසවන්න කටුනායක ගුවන් තොටුපලේ පහසුකම් තිබුනේ නෑ. ඈතින් නවත්වන ගුවන්යානයේ සිටින මගීන් පර්යන්තය වෙත් කැඳවාගෙන එන්නේ කුඩා බසයකින්. ඔහු එලියට බසින විට බස් රථය පිරෙන්න සෙනග. ඔහු බස් රථයේ ෆූට් බෝඩ් එක වෙත ගොඩ වන්නේ අවසාන මොහොතේ. එහෙත් එහි දොර වැසෙනවාත් සමගම ඔහු එලියට විසි වී අනතුරට පත් වනවා. මට මේ හෝඩුවාව ලැබුනේ මගේ මිතුරකුගෙන්. ඔහුගේ මිතුරෙක් ගුවන්තොටුපල සේවකයෙක්. මේක මොනවා වුනත් ඇත්තම කතාව. ඔහු මිය යන්නේ ඒ අනතුරින් නොවෙයි. අපේ ගුවන් තොටුපලේ තිබෙන මගීන් නිදහස් කර යවන ප්‍රතිපත්තියේ අඩුපාඩුවෙන්. මියනොගිය අයෙකු නම් කෙතරම් රෝගී තත්වයක සිටියත් එම්බාකේෂන් කාඩ් පත පුරවා කස්ටම් ඔෆිසර් වෙත බාර දිය යුතුයි. ඉතින් අනතුරට පත් කපුගේ මහතා රෝහලකට ගෙන යන්න සිදු වන ප්‍රමාදයෙන් තමයි ඔහු මිය යන්නේ. ඒ අපට අහිමි වුනේ තවත් අවරුදු කීපයක් වත් අප පිනවන්නට සිටි යුග පුරුෂයෙක්. මා ලියූ ඒ සටහන තිබුනානම් ඔබට මීට වඩා සවිස්තර සටහනක් බලන්න තිබුනා. අවාසවනකට එකල බ්ලොග් යයි ජාතියක් තිබුනේ නෑ. නමුත් කවද හෝ කොහේදී හෝ මේවා ප්‍රකාශ කරන්න බලාගෙන ලියු සටහන්. 

දැන් ඔබ හිතනවා ඇති මේ පොතට වුනේ කුමක්ද කියලා. එය රහසක් වශයෙන් සඟවා ගන්න මට කිසි උවමනාවක් නෑ. මගේ "කඳුළු සලන හත් පෙති මල"  කියවපු අයට තේරුම් යන්න ඇති, මම විවාහයෙන් වෙන් වී කුඩා දියණියක් සමග තනි වූ පියෙක් බව. ඒ කතාව පසුව ඔබට කියන්නම්. මෙතන සිදු වුනේ ඇය වෙන් වී යනදා ඇයගේ පොත් ගොන්නත් සමග මගේ අර මතකසටහන් පොතත් රැගෙන යාමයි. ඇත්තටම ඇය මගේ පොත් වලින් යම් ප්‍රමාණයක් ගෙන ගොස් තිබුනා. ඒ ගැන මා විමසන්න ගියේ නෑ.

දැන් අපේ කතාවට එමු. කපුගේ යනු අප කාගේත් ගායකයි. ඔහු නිකම්ම නිකම් ගායකයකු නොව විප්ලවීය ගායකයෙක්. මා ඔහු සමාන කරන්නේ බොබ් මාර්ලෙට එහෙමත් නැත්නම් වික්ටර් හාරාට. බොබ් මාර්ලේ සහ වික්ටර් හාරා තරම් නැති වුවත් කපුගේ යනු අපේ රටේ විප්ලවීය ගායකයි. ඔහු මුදල් වෙනුවෙන් ගැයූ අයෙක් නොවෙයි. බොහෝ දෙනා ඔහුට චෝදනා කළා ඔහු සන්ෆලවර් සමග ගී තැටියක් කලාට. එහෙත් ඔහු ඒ ගැන වචනයක් හෝ මිය යන තුරුත් කතා කලේ නෑ. ඒ මුදල් ඔහු ලබා ගෙන තිබුණේ දරුණු රෝගාබාධයකට ප්‍රතිකාර ගන්නා ඔහුගේ මිතුරකුගේ දරුවකු සුවපත් කිරීමට. ඔහු තමන් ඇඳ සිටි කමිසය ගලවා කමිසයක් නැති පුද්ගලයකුට දුන් කෙනෙක්. වරක් ඔහු මිතුරන් කිහිප දෙනෙක් සමග මත්පැන් තොලගාමින් සිටින තැනකට ආ අසරණ පුද්ගලයෙක් තමන්ගේ දරුවාට කිරි පැකට් එකක් ගන්න යයි මුදල් ඉල්ලු විට ඔහුට රුපියල් පන්සීයක් දී, ඔහු ගිය පසු "අපි වගේම ඒ මිනිහත් අඩියක් ගහන්න ඕනෑ" යනුවෙන් පවසා තිබුණා. තමන්ගෙන් මුදල් ඉල්ලන්නා බොරුවක් පවසන බව දැන දැනත් මුදල් පරිත්‍යාග කරන්න ඔහු පසුබට වුනේ නෑ. 

කවුරුන් මොනවා කිව්වත් කපුගේ මට නම් වීරයෙක්. ඔහුගේ බීමත්කම ඔහුගේ අකල් මරණයට හේතු වුනා. ඔහු ගැයුවේ මේ රටේ තැලෙන පෙලෙන පීඩිත ජනතාව වෙනුවෙන්. ඔහු ගැයූ ගීත වල තිබූ ඒ ගැඹුරු හඬත්, වේදනාත්මක බවත්, ඔහුගේ මුහුණේ තිබු අවිවේකි බවත් නිරතුරු නොකියූ වේදනාවක් ඔහුගේ හිත තුල හිර කරගෙන සිටින පබව පසක් කළා. අදත් අපි ගමනක් බිමනක් යත්දී ගයන්නේ ඔහුගේ ගීත. 

රම්බණ්ඩා සෙනෙවිරත්න නමැති සංවේදී මිනිසා ලියූ "මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ" කියන ගී කොටස අදත් අපේ සිත් සතන් වල රැව් පිළිරැව් දෙනවා. 

ඔව් ඔබ නැවතත් එනතුරු අප බලා හින්දිනෙමු.

පින්තූරය ගත්තේ anurasrinath.com එකෙන්

දයාබර කපුගේ වෙත සෙනෙහසින්.

සුදීක
2012.10.20 උදෑසන 1.23ට

ප.ලි : මේ මගේ 99 වන පොස්ට් එක. 100ට හොඳ එකක් දාන්නම්. 

61 comments :

  1. හැමදාම ඔබගේ "සංවේදී" පෝස්ට් කියවා මුකුත් නොකියා ගියේ ඇයි කියන්න මම දන්නෙ නැහැ. අද නං කියෙව්ව කියල හරි කියන්න හිතුවා,

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඔබ තුමිය හැමදාම කියවන බව.

      Delete
  2. මතට ඕනවට වඩා ලොල් වන මිනිස්සු ඒකෙන්ම අකාලයෙ මියයනව. ඒත් එයාල දන්නෙ නැ එයාල ජීවත්වෙනව දකින්න කැමති අය කොච්චර ඉන්නවද කියල.

    ස්ංවේදි කතාවක්

    ReplyDelete
    Replies
    1. කොහොමත් සංගීතය සමග යනදෙයක්නේ සුරාව සහ ගැහැණිය,ඉතින් ඔය දෙකම හෝ එකක් මදපමන ඉක්මවූ පසු වැනසෙන අයත් නැතුව නොවේ නේද?

      Delete
    2. මිල්ටන් මලාවරච්චි, ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා වගේම කේමදාස මාස්ටර් කියන්නේ මේ ලයිස්තුවේ කිහිප දෙනෙක් පමණයි. ඔවුන් තව ඉන්න තිබුන කියල හිතෙනවා.

      Delete
    3. අනේ මන්දා මම නං ඔය කතාවට කැමති නැ

      Delete
    4. සමහරවිට කපුගේ නිතර මත් නොවුනානම් එවැනි සුපිරි නිර්මාන බිහිනොවෙන්නත් ඉඩතිබුනා

      Delete
  3. ලංකාවේ කලාකරුවන් ගැනනම් කියල වැඩක් නැහැ.මට හරියට කාලවකවානුව මතක නැහැ 80/81 කේ වගේ ආමර්ව්දියේ ලිමඩුවක ලි වගයක් ගන්න ගිහිල්ල ඉන්න කොට කෙට්ටුම් කෙට්ටු මනුස්සයෙක් අතපානවා කියක් හරි ඉල්ලලා,මම කියක් හරි දෙන්න බලද්දී දැකල පුරුදු මුණක් කව්ද?මිල්ටන් පෙරේරා.එතන අය කියුව මේක සුලබ දසුනක් කියල.දැනටත් කලාකරුවෝ කීදෙනෙක් නම් දුක් විදිනවද?කලාකරුවෝ ඉන්නවා මන්ත්‍රීනිල.උපදේශකයෝ සහ රජපරපුර ගැන ගුනවයන්නෝ ඒ අය හැදෙනවා මිසක් අසරණ කලාකරුවන් දෙස ඇහැක් ඇරලා බලනවද?ඔබගේ ලිපි නිතරම කියවනවා කොමන්ට් නොකලට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඔවුන් වයෝවෘද්ද වුනාම නම රජයෙන් යම් වැඩ පිළිවෙලක් තියෙන්න ඕනෑ. ඒත් ඔවුන් ළඟ මුදල් සුලබ කාලයේදී මේ නොහැකි යුගයක් උදා වෙයි කියල ඔවුන් හිතන්නෑ. යම් ආයෝජනයක් කළා නම් මෙතරම් ප්‍රශ්න නෑ. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් හොඳ උදාහරණ. ඔවුන් කණ්ඩායමෙන් යන්න කලින්ම ව්‍යාපාර ආරම්භ කරලා.

      Delete
  4. කපුගේ අකල් වියෝව ගැන මතක්වෙද්දි හැදාම ඇහැට කඳුලක් එනවා. අනේ අපිට කපුගේගෙ කිට්ටුවෙන් තියන්නවත් කෙනෙක් නැති හැටි.
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ගායනයෙන් කෙනෙක් හොයා ගත්තත් මනුෂ්‍යත්වයෙන් නම් බෑ.

      Delete
  5. කපුගේ කියන්නේ අපේ පොලවේ සහ අපේ සවන් මායිමේ නැවත ජීවමාන නොවන ගායකයෙක්..ඔහුගේ විදුලි මිණ පහන්,මාරියාවේ,නවත්වන්න ඔල්වරසන්,සබඳ අපි වැනි ගීත පිස්සුවෙන් වගේ තවමත් අහන්නේ ඒ තිබුණු රස තාමත් වැඩිවෙනවා මිස අඩු නොවන නිසා..මම බලාපොරොත්තුවුනා මිත්‍ර යමක් කරයි කියා..නමුත් ඔහු “පිය සටහන්“ වට එහා නොයන හැඩයි

    ReplyDelete
    Replies
    1. ලංකාවේ බොහෝ ගායක පුතුන්ට වරදින්නේ මෙතන. පියාගේ ගීත ගයද්දී ඔවුන්ට අතමිට ලැබුනාම ඔවුන් එ ව්‍යාපාරය දිගටම කරගෙන යනවා. එහෙම නැතිව තමන්ගේ අනන්‍යතාවක් ගොඩ නගා ගන්න අයත් ඉන්නවා.

      Delete
  6. අපේ තාත්තත් කපුගේ ගැන කතා කරන්නේ මේ විදියටම තමයි.. ඒ රසිකත්වය මට ලැබුනෙත් තාත්තගෙන්ම තමයි... ඒක නිසා තාත්තා ඒ කාලේ කියපු කතන්දර තාමත් මතකයි... ඔය අනතුර වෙච්ච බව දැනගත්ත වෙලාවේ කඳුළු හෙලපු බොහෝ දෙනගෙන් එක්කෙනෙක් අපේ තාත්තා... ඒ මතකය යලිත් අවදි උනා මේ සටහනින්...

    ස්තූතියි ස්දීක..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එක කියවල ඉවර වෙද්දී මගේ අස් තෙත් වුනා.

      Delete
    2. හිරු අපි හරිම වාසනාවන්තයි , අපේ මිනිස්සුන්ගේ රස වින්දනය මැරෙන්න කලින් අපි ඉපදුන නිසා , අරුත්බර රසවින්දනය දැනුන සමාජයේ අන්තිම මිනිස්සු විදිහට අපි ඉපදුනා.

      දවසක් අපි සෙට් වෙච්ච තැනකට එක්කගෙන ඇවිත් තිබ්බා අවුරුදු විස්සක විතර පොඩි එකෙක්,

      මම "පඹලු නගේ නා මල් තිලකේ" සින්දුව කියුවට පස්සේ කොල්ලා මගේ කනට කරලා කියනවා

      " අයියා පට්ට දුක් සීන් එක ඇයි ඔයා සීඩී එකක් කරන් නැත්තේ" කියලා

      ඔන්න අපිට වෙච්ච දේ

      Delete
    3. මෙන්න ලින්ක් එක. ඇත්තටම මමත් මේ ගීතය අහල තිබ්බේ නෑ.
      http://www.youtube.com/watch?v=YciGKXBHHpo

      Delete
  7. මම අර බස් ඩ්‍රයිවර් කොණ්ඩෙ ගැන නම් ජයලත් මනෝරත්නම කියනවා අහලා තියෙනවා. හැබැයි එදා කිව්වෙ බස් ග්‍රයිවර් කොණ්ඩෙ කියලා, මූණ කියලා නෙවෙයි.
    අර ගුණදාස කපුගේ ගැන ඔය කතාව නම් මම ඇහුවාමයි! එතකොට අර නොසැලකිලිමත් එයාපෝට් බස් ඩ්‍රයිවර් ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කොන්ඩෙන් කෙනෙකුගේ සම්පුර්ණ ස්වරූපය වෙනස් කරන්න පුළුවන්. සමහරවිට කොන්ඩෙන් හිතා ගන්න ඇති එහෙම. මම හිතන්නේ වරදින් වැඩි කොටස කපුගේගේ.

      Delete
  8. හ්ම්ම්... කපුගේ අපේ පවුලේම කැමැත්ත... ලංකාවේ ඔහුට අකමැති කෙනෙක් නැතුව ඇති... අද ඔහු ගැන නොදත් දේත් දැනගත්තා...

    ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. හොඳ රසයක් ඇති පවුලක්.

      Delete
  9. කපුගේ වගේ ගායකයෙක් ආයේ කවදා බිහිවෙයිද කියන්න බැහැ.. ඔහුගේ ගීත වලට අකමැති කෙනෙක් නැති තරම්...ඔහුගේ උන්මාද සිතුවම් ගීතය තරම් මම රස විදින ගීතයක් තවත් නැහැ ... ගායනය වගේම ඔහු තුල තිබුණු මනුස්සකමත් අගය කරන්න වටිනවා. පුදුමාකාර විදියට අනිත් මිනිසුන් ගැන හිතපු කෙනෙක්..

    ReplyDelete
  10. අහම්බෙන් ඇහැ ගැසුන සටහනක් කපුගේගේ රැව සටහන් වෙලා තිබුණ නිසා තමයි මේ පැත්තට ආවේ. දැක්කත් අහක බලා යන්න බැරි සුන්දරතම මිනිසෙක් නිසා. ඒවගේම ඔහු සමග මගේ පුද්ගලික බැඳීමකුත් තියෙනවා.

    මෙන්ම මීට කලකට පෙර මම ඔහු ගැන තැබූ සටහනක්

    http://aswanna.blogspot.com/2012/04/blog-post.html

    ReplyDelete
    Replies
    1. ටිකයි කියවන්න ලැබුනේ. සම්පුර්ණයෙන් පසුව කියවන්නම්. මම ඉන්නේ කොළඹින් පිට මේ මොහොතේ.

      Delete
  11. ඒවගේ මිනිස්සු වැඩිකල් ජීවත් වෙන්නෙ නැතිඑකයි අවුල.

    ReplyDelete
    Replies
    1. හිත හොඳ මිනිසුන්ගේ ආයුෂ අඩුයිලු.

      Delete
  12. බීමත්කම නිසා ජීවිතය අහිමි කරගත් කලාකරුවන් රාශියක් ඉන්නවා නේද? ඉන්නවා කියන්නේ ජීවත්ව ඉන්නවා කියන එක නෙවෙයි. හැබැයි එක්කෙනෙක් ඉන්නවා ඒ කාලේ හොඳට බීපු ඒ වගේම එහි ආදීනව තේරුම අරන් බීම අතහැරලා ජීවිතය රැකගත්තු. ඒ තමයි වික්ටර් රත්නායක මහතා.

    ගුණදාස කපුගේ මහතා බටහිර සංගීතය මුසුව ගීත ගායනා කිරීම හේතුවෙන් රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා ඔහු සමග අමනාපවී, බොහොම තදින් දොස්කියා, හරියට නිකම් එන්තරවාසියක් වගේ ලිපියක් යැව්වා. එය පුවත්පත් වලත් පළවුනා.

    ඒ කාලේ බීපු කලාකරුවෝ අවුරුදු 50 ක වත් හිටියා. අද කුඩු ගහන කළා රිලව් කී දවසක් ඉඳියිද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. වික්ටර් රත්නායක මහතා තේරුම් ගෙන තිබෙනවා ඔහුව අනිත් යට කෙතරම් වටිනවද කියල. ඒ කියන්නේ ඔහුව අගයද්දී ඔහු ඒ ගැන ආඩම්බර වෙනවා. කපුගේලා ඒ ගැන තැකීමක් කල අය නොවෙයි. එන්තරවාසිය හොයාගෙන බලන්නම වටිනවා. පුළුවන් නම් උදව් කරන්න. දැක්කේ නෑ. අලුත්ම ජාතිය කොරෙක්ස් නේ.

      Delete
    2. රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා නීතීඥයෙක් නේ. ඔහුට කේන්ති ගියේ, ඔහු ලියපු, දවසක් පැල නැති හේනේ ගීතය සන්ෆ්ලවර්ස් ලා සමග ගායනා කල එකට කියලයි මට මතක තියෙන්නේ. සෙනෙවිරත්න මහතා ලියා තිබුනා ඔබ මින් ඉදිරියේදී මට මහත්මයා කියා ඇමතිය යුතුය ආදී වශයෙන් අද සමාජයේ නොපිළිගන්නා යම් යම් විෂමතාවන් පදනම් කරගත් කරුණු. මා හිතනවා කපුගේ මහත්මියට සහ පුත්‍රයාට එය මතක ඇතැයි කියා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. මමත් ඒක දැක්කා ( පත්තරය මතක නෑ), සෙනෙවිරත්න මහත්තයා ගැන පිළිකුලක් ඇත් අනා ඒක දැකලා

      Delete
    4. ඔහුව ලඟින් ඇසුරු කල සෙනෙවිරත්න මහතාටවත් ඔහු සත්‍ය හෙළි කලේ නෑ. එම අපවාදය දරාගෙනම මිය ගියා. ඔහු කෙතරම් උදාර ගතිගුණ වලිනේ හෙබි අයෙක්දැයි මින් පැහැදිලි වෙනවා.

      Delete
    5. ඒත් රම්බණ්ඩාගේ චිතකය ළග කපුගේ ඉකි ගගහ හැඩුවලු.

      Delete
  13. ගී පැදුරට සහභාගි වෙන්න හැමදාම හිතාගෙන හිටියත් මේ සැරෙත් බැරිවෙන පාටයි..
    අපූරු සංවේදි සටහනක් සුදික..

    ප/ලි කෑල්ලට නම් එකඟ නෑ..මේ පෝස්ටුවත් හිතන්න දේවල් ගොඩක් එකතු කරපු අපූරු සටහනක්..

    100වෙනි පෝස්ටුවට සුභ පැතුම් කලින්ම..

    ReplyDelete
    Replies
    1. ප/ලි වලට අකමැති ඇයි? වර්ෂාව එයට අගයක් එකතු කලාද/නැද්ද කියන්න මට අමාරුයි. නමුත් වර්ෂාව බොහෝ දෙනෙකුට බාදාවක් නොවෙයි. බොහොම ස්තුතියි.

      Delete
    2. //වර්ෂාව බොහෝ දෙනෙකුට බාදාවක් නොවෙයි//
      ඒක හරි,,, මම මේ අවුරුදු 3ක් තිස්සෙ වැස්සක් දකින්න ආසාවෙන් ඉන්නවා..

      Delete
  14. ඒ සුන්දර මිනිසාව ආයෙමත් සැරයක් මතකයට ගෙනාවාට ස්තූතියි....මම එකම එක දවසක් ඉස්කෝලේ ඇරිලා එද්දි බොරැල්ල හරියෙදි කපුගේව දැක්කා.මම ඔහු තුළින් දුටුවේ වෙන කිසිම දෙයක් නෙමෙයි - ඒ ජීවිතේ 'සරල බව' විතරයි.

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම කපුගේව දකින්නේ සංගීත සංදර්ශනයක සංවිධායකයෙකු ලෙස. මම වේදිකාව පහල සුදානමින් හිටියේ ඔහු වැටුනොත් අල්ලා ගන්න.

      Delete
    2. අනේ මන්දා මම මේකට කමෙන්ට් දානවා වැඩිද කියලා

      මම දවසක් සංගීතයක ඔයා වගේ පස්සෙන් හිටපු වේලාවක , අරක්කු සිගරට් නොබොන නිහාල් නෙල්සන් මහත්තයා එක්ක කතා කරකර හිටියා ( මම නං ඉතින් චුට්ටක් අනුමත වෙලා )

      කපුගේ මහත්තයාව අල්ලලා ස්ටේජ් එකට නග්ගනවා දුකෙන් සහ තරහින් බලාගන හිටිය නෙල්සන් මහත්තයා ගොඩක් දේවල් කියුවා කපුගේ සින්දු හත අටක් කියන කං

      ඒ කතාවේ තිබ්බේ මෙන්න මේ වාගේ අදහසක්

      මේ මනුස්සයත් ලෝකයේ අන්තිම අරක්කු බෝතලය වාගේ බොනවා , මේ යක්කු බොන්ඩ දිලා මේ මනුස්සයාව මරා ගන්ඩ හදන්නේ වාගේ අදහසක්

      හෙට පත්තරේකත් තියනවා කපුගේ නොමිලේ සින්දු 10 ක් කියලා අතේ තිබුන සල්ලි වලින් සංගී‍ේත කරපු උන්ට බොන්ඩ දුන්න කතාවක්

      Delete
    3. පුදුම වෙන්න දෙයක් නෑ. පුදුම වෙන්න ඕනේ එයාගේ බිරිඳ සහ දු දරුවන් ගැන.

      Delete
  15. කපුගේ මගෙත් ප්‍රියතමයෙක්.. ඒ කාලේ අවුරුදු දහයකට විතර කලින් --පොළොන්නරුවේ ඉදන් කොළඹ එන බස් රියක ඔහු දැක්කා.හොදටම බීමතින් හිටියේ ..ඔහු තමයි අපේ වික්ටර් හාරා,සිනෙට්‍රා වගේම මාලේ... මම කවුදෝ කියනවා අහලා තියෙනවා කපුගේ සන්ෆ්ලවර් සමඟ ගීත ගැයුවේ සුගතපාලද සිල්වාට ප්‍රතිකාර කරන්නෙ ට වියදම් සොයාගන්නටයි කියලා .
    .මම කැමතිම විදිහෙ සටහනක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
    2. සුගතපාල ද සිල්වාගේ කථාව මමත් අහලා තියෙනවා රතු

      Delete
  16. මේ කතාව දවසක් මම දැක්කා ටීවීඑකේ ගීත රචකයෙක් කියුවේ

    කපුගේට දවසක් කැසට් එක‍කට 30000 ලැබුනලු

    බිරිදට 3000 දීලා දෙදහක බිව්වාලු

    ඉතුරු 25000 දුන්නාලු රස්සාව නැතුව දරුවොත් එක්ක අසරණ වෙලා හිටපු යාළුවෙකුට පැලක් අටවා ගන්ඩ

    ReplyDelete
    Replies
    1. ඇත්තම වෙන්න ඇති.

      Delete
    2. මමත් ඒ කතාව ඇහුවා ඒක කිව්වෙ රත්න ශ්‍රි විජේසින්හ මහතා

      Delete
    3. http://www.youtube.com/watch?annotation_id=annotation_250157&feature=iv&list=SPDCDA0C9D7794DD3B&src_vid=ntHuIhtj4ow&v=rPGWgL5ToWM

      Delete
  17. සුගතපාල ද සිල්වා මහත්තයා ඇඩුවළු මාව ජීවත් කරවන්න කපුගේ උගේ ආත්මය පාවාදුන්නා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔහු කෙතරම් උදාර මනුෂ්‍ය ගුණාංග වලින් පිරිපුන් මිනිසෙක්ද කියා හිතන්න පටන් ගන්නේ මේ වගේ නොදන්නා කරුණු එලියට ආවහම.

      Delete
  18. කපුගේ කියන්නෙ අවංක හිතහොද මිනිහෙක් කියලා තමයි මමත් අහලා දැකලා තියෙන්නෙ... අපේ ගම් පළාත් වලින් බිහිවුණු සංගීත කණ්ඩායම් සමග සහයෝගයෙන් ගිත ගයපු අවස්ථා මම ඕනෑ තරම් දැකලා තියෙනවා...

    හිත හොද බොහෝ කලාකරුවො බෝතලේට පෙම් බැදපු එක නොවැ වැරැද්ද.. මට හිතා ගන්න බෑ ඇයි එහෙම වුනේ කියලා...

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙනවා බොහෝ සංගීත ප්‍රසංග වලදී ඔහු නියමිත මුදලට අඩුව හෝ මුදල් නොගෙනම ආපසු ගොස් තිබෙන බව. සමහරු උවමනාවෙන්ම ඔහුට අඩුවෙන් මුදල් දී තිබෙනවා.

      Delete
  19. කපුගේට ගොඩාක් මිනිස්සු ආදරේ කළා, ඒත් කපුගේ කපුගේට ආදරේ කළේ නෑ.
    සුනිල් මාධව කියන්නෙත් ඒ ටයිප් එකෙම මිනිහෙක් තමයි පොඩි පොඩි වෙනස්කම් තිබුණට.

    එවන් සුන්දර මිනිසුන්.....!

    ReplyDelete
    Replies
    1. සුනිල් මාධව පරිවර්තනය කල "හඬනු මැන නිදහස" මා ඉතා ප්‍රිය කරන පොතක්. ඔව් ඔබ කියන කතාව සත්‍යයි.

      Delete
    2. -ස්ටීව් බිකෝ-
      අපූරු කතාවක්

      Delete
    3. මා කියවූ හොඳම කතාව. මා ළඟ එහි චිත්‍ර පටයත් තිබුනා එකතුවේ. මගේ බිරිඳ (ඒ කාලයේ) මේවා කැම්පස් ලේචෙකුට ගිහි දීලා. ඒ යකා ඒවා අපහු දීල නෑ. පොඩි එකා හුරලා කියල. පොත, ගැහැණිය පමණක් නොව කැසට්, සීඩී තැටි පවා අන්සතු නොකළ යුතුයි.

      Delete
  20. වටින ජීවිත, බෝතලේට යට වෙන විදිහ
    ජාතික අපරාද

    ReplyDelete
  21. ඔහු වටා සිටින රසිකයන්ට ඔහු කෙතරම් වටීද කියා ඔහු තැකීමක් නොකිරීම.

    ReplyDelete
  22. මේ වගේ සන්වේදී මිනිස්සු ගිය ගමන ඉක්මන් වැඩියි... හැබැයි ඉන්නකන් දායාද කරපු දේවල් අමරණීයයි වගේම මිළ කරන්න බෑ.....

    මේ තවත් ඒ වගේම සංවේදී ගායකයෙක්. තමන්ගෙ ආදරේ සදහටම මිනිස්සුන්ගෙ තොල් අතර මිමිණෙන්න සටහන් කරපු කෙනෙක්.
    http://ceylonradio.co.uk/?p=2735

    ලිපි කියෙව්වට කමෙන්ට් කරන්න වුනේ නෑ... සුදීක අයියෙ..
    මං කැමතිම ගායකයෙක් ගේ වටිනම ලිපියක්....

    ReplyDelete
    Replies
    1. මටනම් හිතෙන්නෑ ඔහු ඉක්මන් ගමනක් ගියා කියල. ඔහු ඇත්තටම ශබ්ද පරිපාලකයෙක්. පසුව තමයි ගායකයෙක් වෙන්නේ. පරක්කු වෙලා හරි කමෙන්ට් කල එකට ස්තුතියි.

      Delete
  23. ඔහු ඔහුගේ ගමන වාසනාවන්තව ගියා. අපි එවන් මනුෂ්‍යයන්ගෙ අහිමිවීමක් දැකගන්න දරාගන්න උන අවාසනාවන්තයෝ උනා. බොහොම සංවේදීව දැනුනා. මේ ලඟකදි ප්‍රේමකීර්ති ද අල්විස් කියන සෞන්දර්යවාදියාගේ ගී එකතුවක් යූ ටියුබ් එකෙන් අහලා දැනුන 'අහිමිවීම' කියන කාලකන්නි හැඟීම ආයෙත් දැනුනා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...