Tuesday, January 23, 2024

වආර 100 චාර්ජ් නොකර භාවිතා කළහැකි බැටරියක් ......

 චීනයේ බීටාවෝල්ට් නැමැති ආරම්භක ව්‍යවසාය සමාගමක් පැතලි න්‍යෂ්ඨික බැටරියක් නිශ්පාදනය කරන්නට සමත් වී ඇති අතර එය ආරෝපණය(චාජ්) කිරීමකින් තොරව වසර 50ක පමණ කාලයක් භාවිතා කලහැකිය. ධල වශයෙන් කුඩා කාසියක් තරම් වූ ප්‍රමාණයකින් යුත් මෙම බැටරියක් වන BV100 භාවිතා කරන්නේ එහි අලවා ඇති අර්ධ සන්නායක කෘතිම දියමන්ති ඒක පඨික තට්ටුවක් හා නිකල් ලෝහ ටේප් පටියක් අතර සිදුවන ක්ෂය වීම පදනම් කරගෙන ඇතිවන විකිරණ ශක්තිය ඔස්සේ බලය ජනනය කරයි. බීටාවෝල්ට් ආයහනය පවසන්නේ තමන් සතු තාක්ෂණය ඇමරිකාව හෝ යුරෝපයේ පර්‍යේෂකයන් යොදාගෙන ඇති තාක්ෂණයන්ට වඩා ප්‍රබල බවයි.


BV100 බැටරියක් මෙගා වොට් පැය 3300 ධාරිතාවකින් යුක්ත වන අතර එය සාම්ප්‍රදායික ලිතියම් අයන් බැටරියක් මෙන් 10 ගුණයක ශක්ති ධාරිතාවකින් යුක්ත බව පැවසේ. මිලි මීටර 15x15x15 ප්‍රමාණයේ බැටරියක් මයික්‍රෝවොට් 100ක ශක්තියකින් වෝල්ට් 3ක බලයක් ලබා දෙයි. තවමත් ජංගම දුරකථන හෝ ලැප්ටොප් සඳහා භාවිතා නොකලත්, ඒ සඳහා සමාන්තරගතව හෝ ශ්‍රේණිගතව යොදාගැනීමේ හැකියාවක් පවතින බව සඳහන් කරයි. 

කාරණා කිහිපයක් නොවන්නට, හෘදස්පන්දනය ක්‍රමවත්ව පවත්වා ගැනීමට යොදාගන්නා පේස්මේකර් වැනි යන්ත්‍ර සඳහාද මෙම බැටරිය කිරීමේ හැකියාව අධ්‍යනය කරමින් පසුවන බවද සඳන් කරයි. මෙම සමාගම අවධාරණය කරන්න්නේ පිටස්තර උත්තේජනයන්ට ප්‍රතිචාර දැක්වීමක් නිසා එය ගිනිගැනීම හෝ පිපිරීමක් සිදු නොවන බවයි. දැනට න්‍යෂ්ඨික බැටරි භාවිතා කරන්නේ අභ්‍යාවකාශ ඉංජිනේරු කටයුතු සඳහා පමණක් වන අතර බීටාවෝල්ට් සමාගම එය සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා යොදාගැනීමට අධ්‍යනය කරමින් සිටී.

BV100 තවමත් පවතින්නේ නියාමක අවධියක වන අතර නුදුරේදී එය විශාල පරිමානයෙන් නිශ්පාදනය සඳහා සැලසුම් කර ඇත. වඩාත් ශක්තියකින් යුත් බැටරියක් සඳහා පර්‍යේෂණ බීටාවෝල්ට් ඉලක්ක කරගෙන ඇතිබව පවසන අතර ඒ සඳහා යොදාගතහැකි ආදේශකයන් අත්හදා බළමින් සිටින බවද පවසයි. 2025 වසරේදී වොට් 1ක බලයකින් යුත් බැටරියක් වෙළඳපොලට ඉදිරිපර්හ් කිරීමට අපේක්ෂා කරන බවද, ඒවා එක් වරක් පමණල් චාජ් කරන ජංගම දුරකථන බැටරි ලෙසද, අඛන්ඩව පියාසර කරන ඩ්‍රෝන යානා සඳහාද භාවිතා කිරීම සඳහා නියාමන අධිකාරී අවසරය ලැබෙනතුරු පසුවේ.

1 comment:

  1. අර අන්තිම ටික නං මරු. අඩු ගාණෙ දවසකට සැරයක් චාජ් කරන කරදරෙන් බේරෙනව. 😂😂😂
    හොඳ වැදගත් තොරතුරක්. ස්තූතියි බෙදා ගත්තාට

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...