Thursday, July 26, 2012

කදුළු සලන හත්පෙති මල ......


ෆේස්බුක් වල කුමක් හෝ ගෲප් එකක් මගින් පල කරන ලද එක්තරා නෝට් එකක් කියවා මා කෙතරම් වෙලා කඳුළු පෙරුවාදැයි මතක නැත. ඒ තරමටම එම රචනාව මගේ හදවතට සමීප විය. එම කතාවේ සාරාංශය ගතහොත් 

තම පියා සමග සුපිරි වෙළඳ සැලකට ගමන් කරන කුඩා දියණිය ඉතා අලංකාර වර්ගයේ සෙරෙප්පු තිබෙන තැනක සිට තම පියාගෙන් මටත් අරවයින් එකක් කියා පවසද්දි පියාගේ මුළු ඇඟම සීතල වී ගියේ තමාගේ පසුම්බියේ තිබෙන මුදල් නෝට්ටු වල අගය ඔහු හොඳින්ම දන්නා නිසාය. එය මිලදී ගන්නවා තියා සතියේ ආහාර අවශ්‍යතා වලටවත් ප්‍රමාණවත් මුදලක් ඔහු ලඟ නැති බව දියණියට කෙසේ කියන්නද ? එහෙත් දියණිය ඉල්ලා සිටින්නේ වීදුරුවෙන් එලියේ රටකජු විකුණන වෙලෙන්දා ලඟ තිබෙන රටකජු ගොට්ටක් බව පසක් වූ විට අර පියාට තම දියණිය බදා ගන්නට තරම ආදරය මුසු එහෙත් තමා පිළිබඳ ඇතිවෙන කලකිරීම මිශ්‍ර හැඟීමක් ඇති වේ. 

මෙවැනි අවස්ථා මගේ ජීවිතයේද එමටය. මටද සිටින්නේ දියණියකි. ඇයගේ ලෝකයේ පිරී සිටින්නේ සුරංගනාවියන්, බාබි ඩෝල් වර්ගයේ බෝනික්කන්, දිය කිඳුරියන් බව මා දන්නේ ඇයට පරිඝණකය හැසිරවීමට ලබා දුන් ඔනෑම මොහොතක යූටියුබ් මගින් ඇය පෙරලා ගන්නේ එවැනි දසුන් බැවිනි. එහෙත් වෙලඳපොලේ ඒවාය්ගෙ ගණන් විමසූ විට මටද අර පියාට ඇති වූ හැඟීමම ඇති වීම වැලැක්විය නොහැක. එක් අතකට තමන්ගේ දරුවන් වෙනුවෙන් හද උණු කරගත් එකම පියා මා නොවනු ඇත. එහෙත් ආදරය යනු කුමක්ද යන්න මා තේරුම් ගත්තේ ඈ මෙලොව එලිය දුටුවායින් පසුවය. 


ඔබ පෙම්වතියට, බිරිඳට, දෙමව්පියන්ට යන මේ කුමන කෙනාට ආදරය කලත්, කෙදිනක හෝ මවකු-පියකු වශයෙන් තම දරුවන්ට ආදරය දැනෙන විට එය කෙතරම් ශක්තිමත් හා හැඟීබර එකක්දැයි මෙය කියවන ඕනෑම දෙම්ව්පියෙක් දන්නවා. දෙමව්පියන්ගේ ආදරය හරියට ලිඳක තිබෙන ජලය මෙන් යයි මා කොහේදී හෝ දැක ඇත. මා අද කරන සෑම දෙයක්ම කරන්නේ මගේ එකම දියණිය වෙනුවෙන්. සමහරවිට ඇයට මාත් සමග ගත කරන්නට තිබෙන කාලය අල්ප වන්නේද වැඩ රාජකාරී තුල මා සිර වී ගෙදර ලඟා වන්නේ ඉර බැසගොස් තවත් පැය කිහිපයක ඇවෑමෙන් නිසාය. ඒ මොහේතේදී පවා මා කරන අතිකාල පැය මුදල් වූ විට ඉන් වැඩි හරිය ඇයගේ සුබසිද්දිය වෙනුවෙන් වෙන් වනු ඇත. ඇත්තටම මා මේ කියන්න යන්නේ ඉහත කී සිද්දි වලට සමාන මා මුහුණදුන් සිදුවීම් කිහිපයකි. මේවා මෙසේ අකුරු කරන්නට මාගේ අදහසක් තවමත් නැතැයි පසුගිය සතියේදී මා කොහේ හෝ සටහනක් තැබූ බව මතකය. 

ඇයගේ මව අප හැර දමා යන්නට ගියේ හරියටම ඇයට අවුරුදු දෙකකුත් මාස හතරක් වන විටය. එතැන් පටන් අප දෙදෙනාගේ සම්බන්ධය වඩා දැඩි වූ බව නොරහසකි. ඇය මා හට දක්වන ඇල්මද ඉතා තද බව මට දැනේ. එතැක් පටන් මගේ වැඩිමහල් සොයුරියගේ ඇකයේ හැදී වැඩෙන ඇය දිනෙන් දිනම මට දක්වන ආදරය නිසාම මා මේ ලෝකයේ ජීවත් වන බව මට දැනින. ඇත්ත වශයෙන්ම අද මා ජීවත් කරනවන බලවේගය ඇයය. 

ඇය මුලින්ම පාසල් යන්නට පටන් ගත්තේ යන්තම් වයස හතරක් වන විටිදීය. මේ කතාබහ වන විට ඕනනම් ඇයට වයස අවුරුදු හතරහමාරක් වන්නට ඇත. දිනක් ඇයගේ වතුර බෝතලය බොහොම අබලං වී ඇති බව දැනී පුතාට අළුත් වතුර බෝතලයක් අරන් දෙන්නදැයි ඇසූ විට, නෑ තාත්තේ මට මේ තීන බෝතලේ හොඳයි කියූ විට මගේ දෑස් තෙත් වූවා පමණක් නොව, මගේ මුළු පපුවම හිර වී යන බවක් මට දැනුන. එවන් හැඟීමක් ඇති වූ විට යථා තත්වයට පත් වන්නට සෑහෙන වෙලාවක් ගත වෙනවා.  


එහෙත් ඇය මගේ ආර්ථික තත්වය මෙතරම් කලින්ම තේරුම ගත්තේ කෙසේදැයි යන ප්‍රහේලිකාවේ ගැලී සිටියෙමි. තවත් මොහොතකින් තාත්තේ වයි ආර් යූ සෑඩ් කියා අසන්නීය. ඇත්තටම මගේ මුහුණේ වන පුංචි වෙනස් වීමක් පවා ඇයට ඉතා හොඳින් තේරුම් ගැනීමට හැකි මට්ටමකට ඇය දියුනු වී තිබීම සතුටට මෙන්ම අර කියූ කලකිරීමටද හේතු වනවා. මා ඇය තුරුළු කරන එදා කොපමන වේලාවක් කඳුළු පිට නොකර කෙතරම් හැන්ඩුවාදැයි මතක නැත.

තවත් දිනයකදී ඇගේ බෑගයේ හැඬලය කැඩුනද මා වෙනත් බෑගයක එම කොටස එම බෑගයට බද්ද කලේ මෙවැනි දේට මා කුඩා කල සිටම දක්වන ලද දක්ෂ කම නිසාය. එහෙත් මා අත යහමින් මුදල් ගැවසෙන දිනයකදී නම් මා මේසේ නොකරනු ඇත. ඒ වෙනුවට පහුවදාම අලුත් බෑගයක් ඇයට තිලින කරනු ඇත. එම බෑගයට දමන ලද ඇණ දවස ගානේ තද කල යුතු විය. ඇය එම බෑගය බිම් තබා(රෝද සහිත) ඇදගෙන එන විට ඇණ්-මුරිච්චි බුරුල් වීම සාධාරණය. නමුත් මා දින කිහිපයකට නිවසින් පිටව සිටි දිනක මේ ඇණ මුරිච්චි හැලී අර බෑගය එල්ලෙන තත්වයකට පත් වී තිබුනි. එයද කම්බියක් දමා ගැට ගැසූ මා පුතාට පඩි ගත්ත ගමන් අළුත් බෑග් එකක් ගෙන්නම්, මේ පාර ඕනේ බාබි ඉන්න එකක්ද, මර්මේඩ් ඉන්න එකක්දැයි ඇසීමි. පුදුමයකි. මට අලුත් බෑග් එපා තාත්තී, මේක හොඳයි. මා නැවත් වරක් අර අසරණ තත්වයටම පත් වුනෙමි. එහෙත් දින කීපයකින් අළුත් බෑගයක් ගෙන යන්නට සමත් වුනෙමි. 

තවත් දිනක ඇය වාර විභාගේදී දක්වන ලද දක්ෂතා නිසා මා ඇයට ත්‍යාගයක් අරන් දීමට මා කැමති කරවා ගැනීමට ඇය සමත් විය. එහෙත් ක්‍රෙඩිට් කාඩ් එකේ ඉතිරි තවත් රුපියල් දෙදාහකට අඩු මුදලක් බව මා කාඩ් මධ්‍යස්ථානය අමතා දැන ගතිමි. අප දෙදෙනා පාමංකඩ තිබෙන ක්‍රීඩා භාන්ඩ තිබෙන අළෙවි සැලට ගියේ මගේ ත්‍රීවීල් මිතුරා සමගයි. සර් මේවගේ බඩු හරි ගණන්, සර්ට දෙකෙන් පංගුවට ගන්න පුළුවන් පිට කොටුවට ගියානම්. ඔහු කියන කතාව සත්‍ය වුවත්, කුඩ දරුවන්ට අවශ්‍යතාව ආ විට කල් ගැනීම පහසු නොවේ. අනික ඇයට මතක ඇති කාලෙක මා කිසිදු ත්‍යාගයක් අරන් දුන්නේ නැත. නෑ සාගර අපි මෙතනින් ගමු. ඇය තෝරා ගත්තේ ඇයට වඩා මදක් මිටි බාබි වර්ගයේ බෝනික්කෙකි. එහි පෙට්ටියේ සඳහන් මිල දුටු විට මට උන් හිටි එතැන් අමතක විය. සාගර කිව්වේ ඇත්ත බව මට වැහුනේ එවිටයි. නැවතත් මා අර අසරණ පියාගේ තත්වයට පත් වුනේ නිතැතිනි. මෙවර නම් ඇය සිටින්නේ අර බෝනික්කාව දැඩිව වැළඳගෙනය. අදනම් කෙල්ල අඬාවී යන්න මගේ හිත කියයි. මම ඇගේ කණට කර "ඉට්ස් ටූ එක්ස්පෙන්සිව්"  කියා අගේ මුහුණ බැලුවා. ඇය කිසිදු වෙනසක් නැතුවම "ඕකේ තාත්ති ලෙට්ස් බයි සම්තින්ග් එලස්". අවංකවම එවර නම් මට් ඇය බදා ගන්නට සිතිනි. ඉන්පසු මුළු වෙළඳසැලේම ගමන් ගත් ඇය කුඩා වෝකි-ටෝකි යන්ත්‍රයක් මා අත තබා "චෙක් දිස්" යයි පැවසුවා. මගේ වාසනාවට එය රුපියල් අට්සීයකට මදක් අඩු එකක්. මා දෙවරක් නොසිතාම කැෂියර් වෙත ගමන් ගත්තා. 

මගේ ලැප්ටොප් එකට් ඇය අතින් වතුර ගියා බව මා බ්ලොග් පොස්ට් කිහිපයකම සඳහන් කරා ඔබට මතක ඇති. දිනක් "තාත්ති වයි ඩෝන්ට් යූ මෙන්ඩ් ඉට්" යැයි කියා සිටියා. "යූ නීඩ් ලොට් ‍ඔ‍ෆ් මනි" කියා මා කිව් විට මෙවර සිංහල අවුරුද්දටට ඇයට ලැබුණු රුපියල් අටසිය ගණනක් මා අත තැබුවා. එයට වැඩ විශාල මුදලක් අවශ්‍ය බව කිව විටනම් අගේ මුණ මැලවී යනු මා දුටුවා. මෙවර එය පිලිසකර කර ඇතත් ඈ ඒ දෙසවත් බලන්නේ නෑ කීවොත් ඔබ පුදුම නොවන්නේද ? ඇයට මා කිසිදු තහංචියක් පනවා නැති වුවත් ඇය විසින්ම එය මගහැර සිටීම කෙතරම් ආශ්චර්යයක්ද ?

මෙතරම් කලින් ඈ මගේ හැඟීම් තේරුම් ගනීවියැයි මා හීනෙකින්වත් බලාපොරොත්තු නොවුනත් ඇය අද මට මහත් අස්වැසිල්ලක් ගෙන දෙයි. ඇය වැනි දුවක් ලැබීම මගේම භාග්‍යයක් යයි මම සිතමි. මේ දේවල් මෙහි සඳහන් කලේ ඔබගේ අනුකම්පාව ලබා ගැනීමටවත්, වෙනයම් ප්‍රතිලාභයකටවත් නොව, ඇය ඔබ වෙනුවෙන් කල සේවයක් සඳහන් කිරීමටය. මගේ ලැප්ටොප් එක කැඩුන සමයේ මා බ්ලොග් පොස්ට් දැමූවේ කාර්‍යාලයේ සිට මගේ රාජකාරී කාලයෙන් පසුවයි. ඒ හැම මොහොතක්ම ගෙදර ගොස් ඇය සමග ගත කිරීමට තිබූ වෙලාවන්ය. මා ලියූ දේය ඔබ කියවා යම් වින්දනයක් ලැබුවානම් ඇයටත් එම ගෞරවයෙන් කොටසක් හිමි විය යුතුයි. මගෙන් ඇයට ලැබී තිබෙන් එක් ගුණයක් යයි ම බය නැතුව කියන "පරිත්‍යාගය" ඇය ඔබ වෙනුවෙන් කර ඇත. 

මේ සියල්ලටම වඩා අද දින ඇයට වැදගත්ය, ඒ ඇගේ හත්වන උපන්දිනය අදට යෙදී තිබීමයි. කඳුළු පිරි දෙනෙතින් ලියා අවසන් කරන මේ පොස්ට් එක මේ ලොවේ මා වෙනුන්වෙන් සිටින් එකම ජීවියා වන ඇගේ උපන් දිනයට සුබ පැතීමටයි. මගේ රත්තරන් දුවේ ඔයාව මට මුළු ලෝකෙටත් වඩා වටිනවා. ඔයාට සුබ උපන්දිනයක් !!! 

පින්තූරය ගත්තේ :http://www.flickr.com/photos/arifaqmal/

ප: ලි: සමහර දෙබස් ඉංග්රීසියෙන් ලියා ඇත්තේ සිදුවීම එලෙසම ඉදිරිපත් කිරීමටය. අවංකවම ඇයට හොඳින් ඉංග්‍රීසි හසුරවන්නට පුළුවන් වන්නේ ඇය ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවක් නිසාය.  


42 comments :

  1. සුබම සුබ උපන් දිනයක් වේවා දෝණි!

    ReplyDelete
  2. සුබම සුබ උපන් දිනයක් වේවා දෝණි!

    ReplyDelete
  3. ඔබේ ලෝකයේ ෆැන්ටසියක හිරවුනු මටත් ඇඩුනා

    ReplyDelete
  4. Is this your own story? I am so sorry. It made me think of my own father.

    You ask how it is possible that she knows your financial situation at such a young age. Let me tell you from a daughter's perspective, children simply know. I knew when I was a very small kid, that the only reason I did not have so many barbies and the best colour pencils like my friends did was that my parents couldn't afford it. I used to refuse pocket money or gifts, thinking it would be too much strain on them.

    Today, my parents are much more financially stable, and can and will buy me all I want, cars, laptops, books.. Anything.. But still I refuse things they offer me, because I remember those hard times.

    Don't worry, the good times will surely come one day. It did, for us. Best of luck!

    ReplyDelete
  5. ලස්සන අනාගතයක් පතමි..

    ReplyDelete
  6. මචං, මොනව කියන්නද කියන්නද කියල හිතාගන්න බෑ. දෝනිට සුබ උපන්දිනයක් වේවා.කියල විතරක් කියන්නම්.

    ReplyDelete
  7. අතිශයින්ම සංවේදී කතාවක්.....

    ....දෝනිට සුබ උපන්දිනයක්......!!!!

    ඇගේ සතුටත්....ඔබේ සතුටත්....අපේ සතුටයි....!!!

    ReplyDelete
  8. ඇත්තටම සංවේදී සටහනක්...
    අපෙන් දෝණිට සුබ පැතුම් !

    ReplyDelete
  9. මචන් දිල් ..
    මාව තවත් අඬවන් නැතිව ඉන්නවද..?

    දුවේ ..
    උඹයි අපේ හැමෝගේම දුව...!

    ReplyDelete
  10. මටත් දුවෙක් හෝ පුතෙක් ඉන්න කාලෙක මේ කතාව තවත් සංවේදීව දැනේවි.

    දුවට සුභ උපන් දිනයක් පතනවා. තුනුරුවනේ ආරක්ෂාව නිරතුරුවම ඇයට ලැබේවා. යහපත් ලෙස කාලය ගෙවන්නට හැකිවේවා :)

    ReplyDelete
  11. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @විමුක්ති : Thanks.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @Pramudi : බොහෝම ස්තුතියි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @Anonymous July 26, 2012 8:25 PM : මම හිතන්නේ ඇනෝ කෙනෙක් අඩපු පලවෙනි වතාව මේක. බොහෝම ස්තුතියි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @Anonymous July 26, 2012 8:52 PM: One thing I always trust is, when you express yourself, someone else will express themselves with similar stories. That is something I could not ask herself, whether she understood of my financial problems or not. But your expression suggests that it could be. I even felt very sorry about your life, realizing how it had been. I manage well with essential stuff but I perhaps failed to fulfill some extra requirements in time. Again anonymous come forward in positively. Thank you.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @සෑමා : බොහෝම ස්තුතියි මචං.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @රාජ් : ඊයේ උබේ "පුතෙක් උපන්නා" පොස්ට් එක බලද්දී මගේ දුවගේ උපන්දිනේ හෙට කියල ලියන්නත් හිතල පස්සේ මේ වගේ පොස්ට් එකක් බවට පෙරළුවා. ස්තුතියි මචං.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @අටම්පහුර : ඇඩේන්නතුව තියේයැයි උඹටත් ඉන්නේ දුවලා දෙන්නෙක් නේද? සමාවෙයන්.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @Sumith Niriella : //ඇගේ සතුටත්....ඔබේ සතුටත්....අපේ සතුටයි....!!!//
    මුළු ලෝකයම මෙහෙම හිතනවානම් ? බොහෝම ස්තුතියි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @ලිහිණි : බොහෝම ස්තුතියි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @Prasad : සොරි මචං. මම දන්නවා උඹ හැමදාමත් මගෙත් එක්ක ඉන්නවා කියල.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @Hasitha : අනිවාර්යෙන්ම දරුදුක විතර දුකක්, දරුවන්ගේ සතුට විතර සතුටක් වෙන කොහෙද. ඔයාටත් තෙරුවන් සරණයි !!!
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ReplyDelete
  12. පුත්ථා වත්ථු මනුස්‌සානං

    ReplyDelete
  13. බ්ලොග් එකක තිබුන පෝස්ට් එකක් කියවල මම මෙහෙම ඇඩුවමයි..දැන් වෙලාව රැ 2.04 නිසා මට වෙලාවත් එක්ක වැඩිපුරම දැනෙන්න ඇති මේ පෝස්ට් එක.

    දන්නවද සහෝ ඔබ කොයිතරම් වටිනා අප්පච්චි කෙනෙක්ද කියල??මට මේ දැනුත් කදුළු එනවා.ඔබේ දියණියට සමානයි මම මගේ ජීවිතෙත්..
    ඒ නංගියාට අම්මගෙ අඩුව කොයි තරම් දැනෙනවද කියල මට හිතාගන්න පුළුවන්..

    අම්මයි අප්පච්චියි වෙන් උනාම කොයිතරම් දරුවෝ අසරණ වෙනවද..ඒත් ඔබේ දියණිය පුදුම පින්කාරයි ..ඔබ වැනි පියෙක් ලබන්න.

    මට ලියන්න තේරෙන් නැහැ අප්ප..ඇඩේනව.ඔබ දෙදෙනාටම යහපතක්ම වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

    පුළුවන් තරම් ඇයව බලාගන්න.වැරදිලාවත් හොස්ටල්වල,බෝඩින්වල දාන්න එපා..පුළුවන් තරම් හැමදාම ලඟින්ම ඉන්න.නැත්තම් ජිවිතේ කොච්චර සර්ව සම්පුර්ණ උනත් අම්මෙක්ගේ අප්පච්චියෙක්ගේ අඩුව හැමදාටම මතක් වෙන්න ඉතිරි වෙනවා..ඒවා අපේ දුර්වලකම් බවට පත් වෙනවා..අන්තිමේ දෙමාපියන්ට වයිර කරන්න හිතට එනවා.

    ඇය විවාහ වෙනකම්ම ලඟින්ම ඉන්න.මම මේ ලියාගෙන යන්නෙ ඔබට මෙන්ම මගේ අප්පච්චිටත් කියන්න තිබ්බනම් දෙයියනේ කියල හිතෙන දේවල්..

    මම නම් ජිවිතේ හැම තැනම ජයගත්තා .පැරදුන තැන් නැති තරම්.ඒත් මගේ දුර්වලකම ආදරය..නිකන් ආදරය නෙවෙයි.අම්මා අප්පච්චිගේ ආදරය.ඔබ කියවන්නටත් ඇති මගේ ඊයේ පෝස්ටුව සමහරවිට..

    අවසානේ කියන්න තියෙන්නේ මෙච්චරයි..මං ඇයව අගයනවා පොඩි උනත් ඇගේ ගතිගුණ වලට.පතනවා ඔබ වැනි අප්පච්චියෙක් ඊළඟ ආත්මේ වත්.............................

    ReplyDelete
  14. baya nathiwa jjevitheta muhuna denna.
    eya illanne adare witharai. eka adu nathiwa denna.
    eya oya kamathi unath nathath, dawasaka oyawa raja karanwa.
    habai... eya hithanna puluwan loke hama pirimiyama oya wagei kiyala.
    eka mulawak.
    nisi wayasata enakota,oba wagema sanwedi hithak athi minisun soya ganna hati kiyala denna.
    Naththan obe duwa wage adaraya witharak illana, watina hadawath narumayo pawichchi karai.

    ReplyDelete
  15. දෝණිට සුභ උපන් දිනයක් වේවා!!!!



    දැනට එච්චරයි.. ඒත් ආපහු එනවා අනිවා...

    ReplyDelete
  16. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @හිරුහිමාවී:
    \\.ඔබ කියවන්නටත් ඇති මගේ ඊයේ පෝස්ටුව සමහරවිට..\\

    ඉස්සෙල්ලාම කලේ ඔයාගේ පොස්ට් එක බලන එක. මෙය ලිවීමෙන් ඔබට දුකක් ඇති වුවා නම් සමා වෙන්න.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @Anonymous July 27, 2012 5:43 AM : ස්තුතියි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @නාකියා: ස්තුතියි මචං.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ReplyDelete
  17. සුභ උපන්දිනයක් දුවේ !!!

    ReplyDelete
  18. සිරාගේ සංවේදී හදවතට ඔබේ මේ වචන බර වැඩී... මම මේ පෝස්ටුව කියවන අතරතුර වාර කීපයක් මගේ ඇස් කෙවෙනි තුලින් ගලා ආ කදුලු පිස දැම්මෙ ඔබ මා තවමත් මුණ ගැසී නැති වුවත් මිනිස්කමේ මහ බැම්මෙන් ඕනෑවටත් වඩා අප ළග නිසයි.

    මව අහිමි දියණියකට රැකවරණය සලසන ඔබ වැනි පියෙකු කෙරෙහි මා හට ඇතිවූයේ වචනයෙන් මිනිය නොහැකි තරමේ ගෞරවයකි... ඔබේ මේ ගෞරවය දෙගොඩතලා ගොස් මහා අභිමානයක් බවට පත් වන්නේ දියණිය හොද පුරවැසියෙකු වී විවාහ වන දින අන්‍යයන් ඔබ අගය කරනා විටදීය.

    මම හොදටම දනිමි ඇය විවාහ වී ඔබ හැරයන දින ඔබ හට දැනෙනා වේදනාව... ඒ නිසා ඔබේ හදවතේ පුංචි ඉඩක් හදා ගන්න ඒ යථාර්තයට මුහුණ දෙන්න.. සිරා තවමත් විවාහ වී නොමැති වුවත් විවාහ වූ දිනයක දියණියක කෙරේ අප්‍ර‍මාණ බලාපොරොත්තු දල්වා සිටින්නෙකි...

    සුදීක මහතාණෙනි... ඔබේ පුංචි සමනලියට, ඇගේ හත්වන උපන්දිනයට සියලු යහපත් දේ පතන අතරම යහපත් පියෙකු ලෙස ඔබටද මගේ නොමද පැසසුම හිමිවේ.

    පුංචි සමනලියගේ පුංචි පින්තූරයක් දැකීමට මසිත ලෝභ වී ඇත.. හැකිනම් ඉදිරි දිනයක පෙන්වන්න..

    ස්භාවධර්මයා හැම විටම අප කැමති දේම නොදෙන හෙයින් සිදු වූ දෙයින් කම්පා නොවන්න..එහෙත් මතු දිනක ඒ වෙනුවට වඩා යහපත් දෙයක් ඔබ වෙත තිළිණ වෙනු ඇත.

    ජයම වේවා !

    ReplyDelete
  19. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @චමී4යූ~chami4u : බොහොම ස්තුතියි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @සිරා : හොඳ පියෙක් වන ලකුණු ඔබ දැනටමත් පෙන්වා අවසන්. ‍
    facebook.com/subash.dilruk වලින් ෆොටෝ බලන්න.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ReplyDelete
  20. දුක් වෙන්න එපා දවසක එයාට රජ සැප දෙන්න පුළුවන් තත්වයක් ඔබට උදා වේවි.

    ReplyDelete
  21. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @නිශාන් : බොහොම ස්තුතියි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ReplyDelete
  22. සුබ උපන් දිනයක් වේවා දෝණි!

    ReplyDelete
  23. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @WAGOLLA : බොහොම ස්තුතියි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ReplyDelete
  24. ඔෆිස් එකේ කේන්ති ගියපු වෙලාවක කියවපු මේ පොස්ට් එක ඒ සැනින්ම මාව සිතල වෙලා ගියා මාර සංවේදී කමක් දැනුනා මේ දේ මේ සිද්දිය කියවද්දී.

    දූ ගැන කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ මේ තරම් පුංචි වයසකදී තාත්තාව තේරුම ගන්න පුළුවන් වීම ගැන ඉස්සරහටත් හිතට බරක් නොවෙන්න දූ ජිවත් වෙයි.

    සුභ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා මමත් හදවතින්ම.

    ReplyDelete
  25. වාසනාවන්...! ගොඩක් සංවේදී කතාවක්..
    හදවතින්ම සුබ පැතුම් පුංචි දෝණිට ලස්සන සුබ අනාගතයකට..!!! :)

    ReplyDelete
  26. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @අසරණයා : බ්ලොග් ලිපියකින් කෙනෙකුගේ කේන්තියක් නිවන්න පුළුවන් බව ඇහුවාම මට සතුටක් දැනුනා. ස්තුතියි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @නන්දු : බොහෝම ස්තුතියි කමෙන්ට් කලාට.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ReplyDelete
  27. මම මේ ළගදි කියෙව්වා ශ්‍රියන්ත මෙන්ඩිස් කියන කළාකරැවා තමන්ගේ ලොකු දෝණිට ලියපු ලියුමක් පත්තරෙන්. කරැමේ කියන්නේ මට ඒ ලියුම ටිකක් වත් මානුෂීය විදියට දැනුන්නේ නෑ.. ඒත් උඹ දන්නවද සහෝ මේ පෝස්ටුව මම තුන් පාරක් කියෙව්වා.. මේකේදි මම දැක්කා නියම දාරක ස්නේහෙය කියන දේ.. ඒ සමහර විට උඹ උඹේ ආත්මාර්ථකාමී කම අපිට පෙන්නන විදියක්ද කියලත් සැකයක් ආවට මම ඒක එහෙමයි කියලා හිතන්න කැමති නෑ.. මොකද මම හිතනවා ඒක නෙමෙයි ඇත්ත කියලා..
    දෝණිට වෙඩි වගේ තාත්තා කෙනෙක් ඉන්න හන්දා අම්මා නැති අඩුව දැනෙන්න දෙන් නැතිවෙයි උඹ. ඒක මට ෂුවර්.ඒ විතරක් නෙමෙයි කෙහේ හරි ඈත ලෝකෙක ඉදල දෝණිගෙ අම්මා මේ අපි උඹ ගැන ආඩම්බර වෙනවට වඩා සිය දහස් ගුණයකින් ආඩම්බර වෙනවා ඇති..

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මුලින්ම පුන්චි නන්ගියට සුබම සුබ උපන් දිනයක් පතනවා!!!! එයා වගේ දුවෙක් ලබන්නත් ඔයා වගේ තාත්තා කෙනෙක් ලබන්නත් ඔයාලා ගොඩක් වාසනාවන්තයි.

    මේක කියවද්දි මට මතක් වෙන්නෙ මගෙ මල්ලිව. අපි Maldives ගිය ගමන්ම අම්මටයි තාත්තටයි පඩි ලැබුනෙ නෑ. ගෙනිච්ච ඩොලර්ස් ටිකෙන් තමා හිටියේ. ඔහොම ඉන්නකොට අන්තිමේට පඩි දවසත් ආවා. එතකොට මල්ලිටත් අවුරුදු හතරක් විතර ඇති. එයා හිමිහිට තාත්තා ගාවට ගිහින් අහනවා " තාත්තා, මගේ දතක් රිදෙනවා අපිට ඒක පෙන්නන්න යන්න දැන් පුලුවන්නේද? " කියලා.

    බලද්දි එයාට සතියක විතර ඉදන් දතේ අමාරුව තිබිලා ඒත් මුකුත් නොකිය ඉදලා සල්ලි ලැබෙනකල්. එදා තරම් අපි දුක් වුන දවසක්!!! අවුරුදු හතරක පොඩි එකෙක් කොහොම දත් අමාරුවක් දරා ගන්න ඇත්ද? මට මතක විදියට nerve filling එකක් කරන්න වුනා

    ReplyDelete
  30. සුදීක ඔය උඩ කමෙන්ට් එක දාලා තියෙන්නෙ මගෙ දුව. ඔය කතාව මගෙ බ්ලොග් එකක මම ලියලා තියෙනවා. මේ විදියට.මේ කතාව කියෙව්වම උඹට තේරෙයි උඹේ කතාව මට වැදුන හැටි.

    This story is not funny at all. We hadn’t brought much cash with us when we arrived here. And everything was unexpectedly, artificially and ridiculously expensive. What we had we had to spend so carefully till we got our first month’s salaries. The little one who had a roomful of toys at home (both his and his sister’s) was fingering the toys in the shops here and but never asked for them. We gritted our teeth and prayed for the salary.

    This actually sank our hearts. Specially this unusual attitude from a four year old.He must have heard our discussions about money.

    The final blow came when we got out first salaries. He asked in his baby voice, “Now do you have money to show my tooth to the dentist? This was hurting for days.”
    Actually he never told us and I felt the lump in my throat and turned my face away to hide the tears welled up in y eyes and streamed down my face. It didn’t work and I ran to the bathroom and cried in the shower.
    මෙන්න ලින්ක් එකත් ලින්ක් එකත් තියෙනවා.

    උඹේ දූ පැටියට වාසනාවන්ත උපන්දිනයක් පතනවා අපි හැමෝම. සමාවෙයං පරක්කු වුනාට. අද මගෙ පුතාගෙත් උපන් දිනේ. මාත් පෝස්ට් එකක් දැම්ම ඒ ගැන.

    henryblogwalker the Dude

    ReplyDelete
  31. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @නාකියා: \\ඒ විතරක් නෙමෙයි කෙහේ හරි ඈත ලෝකෙක ඉදල දෝණිගෙ අම්මා මේ අපි උඹ ගැන ආඩම්බර වෙනවට වඩා සිය දහස් ගුණයකින් ආඩම්බර වෙනවා ඇති..\\

    එයා මේ ලෝකේ තවමත් ඉන්නවා. බොහෝම ස්තුතියි උඹේ අදහස් වලට. නෑ මම ආත්මාර්ථකාමී නෑ. එහෙම උනානම් උඹගේ ඔය උද වාක්‍ය ඇත්ත වෙන්නත් පුළුවන්.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @හිරුණි දුව : ඔයාට ගොඩාක් ස්තුතියි. ඔයාලට හම්බ වෙලා ඉන්නේ මේ ලෝකේ ඉන්න හොඳම තාත්තෙක්. ඒ ගැන සතුටු වෙන්න.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @Dude : ඇත්තටම මම වගේ තවත් කෙනෙක් සයිබර් අවකාශයෙන්ම හමු වූ එක ගැන සතුටුයි. මම ලින්ක් එකේ තියෙන පොස්ට් දෙකම කියෙව්වා. ගොඩාක් ස්තුතියි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ReplyDelete
  32. උඩින් දමා ඇති කතාව මාත් කියෙව්වා.
    ඔයාට ඉන්නේ හොඳ චූටි දුවෙක්නේ.:)

    දියණියට සුබ උපන් දිනයක් සහ වාසනාවන්ත අනාගතයක් පතනවා...

    ReplyDelete
  33. @පොඩි කුමාරිහාමි : මේ පැත්තට ආවාට හා සුබ පැතුවට ස්තුතියි.

    ReplyDelete
  34. ඔන්න ඉතිං.. මේක බලලා මාත් කඳුළු පෙර පෙර අඬනවා.... ඩූඩ්ගේ කතාවත් කියෝගෙනම ආවේ පහලට... කමෙන්ට් එකක් නොදා යන්නම හිතුනේ නෑ...

    ReplyDelete
    Replies
    1. මාත් සමග හඬන්න මේ ලෝකේ තවත් මව් පිය වරු ඉන්න බව දැනුනම මට ඇති වන්නේ සතුටක්.

      Delete
  35. පරක්කු වෙලා කියව්වත් ගෙවෙන හැමදවසක්ම පුංචි දෝනිට වාසනාවන්ත වෙන්න කියලා පතනවා.ඔබ වගේ අප්පච්චියෙක් ලබන්න දෝනි වාසනාවන්තයි.මේක කියව්වාම ඔබ වගේම තවත් පියෙක් මට මතක් වුනා.ඒ පියාටත් ඔබට වගේම මේ හැගීම් කොහොම දැනෙන්න ඇද්ද කියලා. ඒ දෝනිව අම්මා දාලා ගියේ මාස තුනෙන්. බැංකු කළමනාකාරවරයෙක් වුනු ඔහු සියලුම සැප සම්පත් දීලා දෝනිව බලාගත්තා.එත් ටික කාලෙකින් ඔහුගේ රැකියාව අහිමි වෙලා ඔහුට දෝනිව බස් එකේ පන්ති ගෙනියන්න උනාම ඔහුට මොනවා හිතෙන්න ඇද්ද කියලා ලොකු දුකක් ඇති වුනා. අද ඒ දෝනි ඉගෙනගන්න අම්ම ගාවට ගිහින් වෙන රටක.පියා මෙහෙ තනියම.හැමදාම කතා කරනවා.එත් ඒ පියාට මොනතරම් පාළුවක් තනිකමක් දැනෙනවා ඇද්ද?? ඒ දොනිටයි අප්පච්චිටයිත් ඉක්මනට එකට ඉන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..ඔබ දෙදෙනාට තුනුරුවන්ගේ සරණයි.

    ReplyDelete
    Replies
    1. ඒ තත්වය හරිම භයානකයි. මට හිතා ගන්න පුළුවන්කමක් වත් නෑ.

      Delete
  36. නියම දුවෙක් සහ තාත්තෙක්. අද කාලේ හැදෙන ළමයි හරිම බුද්ධිමත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චතුල.

      Delete
  37. කරකියාගන්න දෙයක් නැති තරමට හිත සංවේදී වුනා...මගේ පුංචි පුතා ත් ඔයාගේ දුව වාගෙමයි සුදික..
    කවමදාකවත් දෙයක් ඉල්ලලා ඇඩුව දරුවෙක් නෙවෙයි...කොයි දේටත් කලින්..අම්මි ළඟ සල්ලි තියද අහලයි ඉන්නේ...
    ලෝකේ මොනවා නැතත්....මේ වගේ හුරතල් හිතක හෙවන අපිට තියනවා ..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...