Friday, July 20, 2012

කෙටිම කෙටි ලොල් කතා 14 : බඩේ ගෑස් වලට පිලියම




මේක වුනේ මම බැංකුවේ වැඩට ආව අළුත. මම ක්‍රිකට් ගහන්න ගියා. ඒ කාලේ බැංකුවේ කන්ඩායමේ හිටියේ ටිකක් වය්ස්ගත කට්ටිය. පරන කට්ටිය සෙට් වෙලා කථා කරද්දි අපි අයිනක් අල්ලගෙන බලං ඉන්නවා. එයාලගේ කථා වලට හොම්බ දාන්න ගිහින් බැනුම් අහගන්න බැරි නිසා. පින්නදූව මහත්තයා මම දකිනකොටත් අවුරුදු පනස් ගානක්. මොකද මම ඇවිල්ල අවුරුදු එකහමාරක් විතර ගියහම මිනිහා පෙන්ෂන් ගත්තා. කළුයි, කොටයි, ඒ වගේම අම්බානකට බොනවා. මැච් තියෙන වෙලාවෙ වගේම මැච් නැති වෙලාවෙදීත් මිනිහාගේ කථාවේ කුණුහර්ප 3:2 අනුපාතෙට වගේ ගැබ් වෙලා තිබුනා. ඒ කියන්නේ වචන පහක් කතා කලොත් 2ක් විතර කුණුහර්ප. මේක අතිශෝක්තියක් නොවෙයි. ඇත්ත. අනිත් අයගේ අතින් වරදක් වුනාම හොඳටම බණිනවා. ඒ වෙලාවට මිනිහා කැප්ටන්ද, නැද්ද කියන එක මිනිහට වැඩක් නෑ. හැබැයි ෆීල්ඩ් කරනකොට මිනිහාගේ අතට පන්දුව දැම්මාම මින්හා බෝලෙට අත තියන්නේ හරියට අනවශ්‍ය දෙයක් තමන්ගේ ඇඟේ හැප්පෙන්න එනවා වගේ. හැබැයි බැට් කරනකොට මිනිහගේ වයස පැත්තක තියලා හයේ පාරවල්මයි ගහන්නේ. ඒක නිසා තමයි මිනිහා බය නැතුව කථා කරන්නේ. මෙයාලගේ තව පුරුද්හිඅක් තිබුනා ඒ මැච් එක ඉවර වෙන්නත් කලින් බොන්න සෙට් වෙන එක. සමහරවිට පොඩි පොදක් ගහල මැච් එක නතර කලොත් පටන් ගන්නවා. චන්න කියන්නේ අපේ කණ්ඩායමේ හිටිය තවත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක්.මිනිහා ක්‍රිකට් පවුලකින් එන කෙනෙක්. ඒ කියන්නේ තාත්තා විනිසුරුවෙක්. මල්ලී ශ්‍රී ලංකා කණ්ඩායම නියොජනය කරපු කෙනෙක්. ඉතිං මිනිහට උඩින් ක්‍රිකට් කථා කරන්න හයියක් තිබුනා නම් ඒ පින්නදූව මහත්තයාට විතරයි. දවසක්  දෙන්න අතර ඇති වුන දෙබසක්

චන්න : මොකද බං උබේ බඩ ගෙඩිය එන්න එන්නම් වැඩි වෙනවා, වොට්ස් රොන්ග් විත් යූ ?

පින්නෙ : අයි තින්ක් අයි හෑව් ගෑස්ට්‍රික්.

චන්න : ඔහ් අයි සී, වයි ඩොන්ට් යූ ටේක් ඩයිජින්.

පින්නෙ : මොකක් ?

චන්න : ඩයිජින් මචං ඩයිජින්.

පින්නෙ : ඔකේ. ලෙට් මී ට්‍රයි.

ඊලඟ තරගේ තිබුනේ තව සති ගානකට පස්සේ. මැච් එකට කලින් ආගිය කථා යනව තරගෙට සූදානම් වන අතරේ. එක පාරටම පින්නදූව  මහත්තයා චන්නගේ ඇඟට කඩාගෙන පැන්න

පින්නෙ : මොනවද හු*** උඹ මට ගෑස්ට්‍රික් වලට බොන්න කිව්වේ ?

චන්න : ඩයිජින්, එනිතින්ග් වෙන්ට් රෝන්ග් ?

පින්නෙ : මීට වඩා හොඳයි තොගේ අම්මට... යකෝ මම හොස්පිටල් ඇඩ්මිට් වෙලා බේරුනේ. 

චන්න : ඔහ් රියෙලි, නෝ වන් ටොල්ඩ් මී නෝ.

පින්නෙ : උඹ කිව්වට මම ඩ්‍රයිජින් කාල, කාල හැමදාම හවසට ගත්තා, යකෝ එන්න එන්නම වැඩි වෙලා අන්තිමට හොස්පිටල් ගියා. මට පාන් කියාගන්න බෑ යනකොට. තවඩිංගෙන් තෝ හින්දා මම කම්බස් වෙනවා.

පිංතූරය ගත්තේ : short-articles.net



ප:ලි: පින්නදූව මහතා අපි අතරින් සමු ගත්තේ වකුගඩු අමාරුවකින් අකාලයේ. ඒ කියන්නේ පෙන්ෂන් අරන් අවුරුද්දක් වත් යන්න කලින්. අපි දවසක් ගියා මිනිහව බලන්න, මමයි, මලින් සහ චන්න.


චන්න : වට් ඩිඩ් ඩොක්ටර් සේ ?


පින්නේ : ආස්ක් මෙ ටු ඩ්‍රින්ක් මෝ වෝටර්. හව් කැන් අයි ඩ්‍රින්ක් සික්ස් ලීටර්ස් අ ඩේ. මට මේ එක බෝතලයක් වත් බොන්න බෑ.


චන්න : ඔහ් වෝටර්, මයි ෆේවරිට් ඩ්‍රින්ක්.(එතකොට අරව)


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ප.ලි: එක දවසක් මම රනවුට් වෙලා එද්දී අනිත් අය අතොප්ලසන් දුන්නා, ක්‍රිකට් වල සම්ප්‍රදායට අනුව. ඒත් 



පින්නෙ : මොකක්ද හු** කලේ?


මම : එයා දිව්ව හින්දා මාත් දිව්ව
.
පින්නෙ : තෝ මහ ගොනෙක් ප*. ඌ දිව්වට කෝල් එක (ඒ කියන්නේ දුවන්න අඩ ගැසීම ) උඹේනේ. තොට දුවන්නැතුව ඉන්න තිබ්බනේ කැ*යෝ.


මම නිහඬව ඇතුලට ගියෙමි. නැත්නම තවත් කුණුහර්ප වැලක් අසන්නට හැකිය.



20 comments:

  1. ලොක්කා මළා නම් චන්නයා හිරේද ? අපේ උන් නම් ඩ්‍ර‍යි ජින් ගහන්නෙ බඩේ අමාරැවට ප්‍ර‍ත්‍යක්ෂ අවුසදයක් කියලා...

    ReplyDelete
  2. @සිරා අයියා : චන්නයා මොනවට හිරේ යනවද ? උසාවි ගෙනිච්චනම් කියයි වයි ෂුඩ් අයි ? කියලා. එහෙමද එහෙනම් නිතරම බඩේ අමාරු හැදෙනව ඇති.

    ReplyDelete
  3. මරු කතා කෑල්ල...ආහ්...

    ReplyDelete
  4. @amila chathuranga : තැන්කූ ඈ.

    ReplyDelete
  5. ම‍‍ට හිතුන කියනකොටම බඩු බනිස් කියල‍. ඕං ම‍ගේ ඊලඟ කතාව මැච් කතාවක්.

    ReplyDelete
  6. @රාජ් : මෙහෙම යනකොට කවුරු හරි ඉන්න පුළුවන් ඩෝප් වෙන්න ඩයිජින් ගත්ත. බලමු බලමු.

    ReplyDelete
  7. හි..හි..ඩ්‍රයි ජින්!!ටිකක් ටෙස්ට් කොරල බලන්න ඕනේ!හික්ස්!

    ReplyDelete
  8. ඇත්තටම මොකද වෙන්නේ ඒවා වැඩිපුර බිවුවාම.

    ReplyDelete
  9. මට දැන් තේරුනා ඒ නමින්ම යන බෙහෙතක් තියෙනවා නේද? හෙක් හෙක්..

    ReplyDelete
  10. "Water is a good beverage, taken with the right spirit" කියලා කිව්වලුනෙ කවුද බොන්නෙක්.
    henryblogwalker the Dude

    ReplyDelete
  11. ක්‍රිකට් තරඟ වල අතරමැද කතා තරම් රසවත් දෙයක් තව තියනවද. ඒවා දැනගන්න ඉතින් ක්‍රිකට් ගහන්නම එපැයි නේද ?

    ReplyDelete
  12. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @හිරුහිමාවි : තේරුණේ නෑ නේද ?
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @නාඩියා : ඇයි ඔයාටත් ගැස්ට්‍රික්ද ?
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @අසරණයා : ඩයිජින් කියන්නේ ගැස්ට්‍රයිටිස් තියෙන අයට විකල කන්න දෙන බේතක්. ඩ්‍රයිජින් කියන්නේ බාර් වල තියෙන එක.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @Dude : මෙ කිව්වේ සර්ජිකල් ස්පිරිට් වෙන්න බැරිද ? ඒවත් බොනවළු හොස්පිටල් වල ඉන්න අයියලා. ලොල්.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @Hasitha : කියල වැඩැක් නෑ. රස සාගරයක්.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @ලොකු ජෝන් : එහෙනම් ඔයත් දන්නව රසය.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ReplyDelete
  13. වතුර සමග සැන්ඩි කරීමට සෑමා මනාපයි.. :)

    omeprassol බොන්ට.. :ඩී

    ReplyDelete
  14. @සෑමා : ඔයත් එහෙනම් කෝෆ් සිරප් කල්ලියේ. ලොල්.

    ReplyDelete
  15. ඩ්‍රයිජින් කිව්වේ මොනවද?

    ReplyDelete
  16. @නිශාන් : ඩ්‍රයිජින් කිව්වේ ගෑස්ට්‍රික් වලට බොන බෙහෙතක්. බාර් එකකට ගිහින් අරන් බීල බලන්න. අර සිරා අයියා කියන්නේ බඩේ අමාරුවටත් හොඳා කියල.

    ReplyDelete
  17. බේත ඩයජින්, බීලා තියෙන්නෙ ඩ්‍රයිජින්...එහෙමද...?

    ReplyDelete
  18. @සුමිත් : ඔව් ඒක තමා වුනේ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...