අපේ පැරැන්නන් එදිනෙදා ජීවිතයේදී තමන්ට අවශ්‍ය දේවල් සම්පාදනය කර ගත්තේ ඔවුන් විසින්ම. කිසිම දෙයක් රටින් හෝ පිට ගමකින් වත් ගෙන්වා ගැනීම මදිකමක් ලෙස ඔවුන් සැලකුවා. අද තත්වය ගත්තොත් ඉතා ශෝචනීයයි කියන එක තමයි කියන්න වෙන්නේ.අද අපේ රටට බොහෝ දේවල් විදෙස් වලින් ගේනවා. ආනයනය කරනවා නොකියා ගේනවා කිව්වේ,මේවා ගෙන්වීමේ කිසිම ප්‍රතිපත්තියක් නැති නිසා.බොහෝවිට මුදලාලි කෙනෙක් තමයි ගෙන්වන්නේ. ඒකත් ඉතින් ආනයනයම තමයි.හැබැයි මහා බැංකුවේ පොත්පත් වල ආනයනගිණුමට මේවා එකතු වෙන්නේ නෑ. එක අතකින් මෙලෙස ඇදී යන්නේ විදේශ විනිමය නේද ? කියලා හිතෙනකොට ඇති වෙන්නේ කනගාටුවක්.මේ දේවල් අපිට නවත්වන්න බෑ. හැබැයි අපි කරන පුංචි දෙයකින් මේ දේවල් වල බර අඩු කරන්න අපිට පුළුවන්. කොහොමද එහෙම කරන්නේ ?ඔබට හිතෙන්න ඇති.
අපි වගේ පුංචි මිනිසුන්ට මේ වගේ මහා පරිමාණ වෙළඳාම් / ජාවාරම් නවත්වන්න බෑ. එහෙමනම් අපි කෑ ගහලත් වැඩක් නෑ. අපිට කරන්න බැරි වැඩක් වෙන කෙනෙක්ට කරන්න කියලා කෑ ගහන එක තේරුමක් නෑ. තේරුමක් තියෙනවා, එහෙම හඬ නැගීම් අවශ්‍යයි. නෑ කියනවා නෙවෙයි. ඒ දේවල් නිසා කෙරෙන දේ නවතින්නේ නැති නිසයි මම අලුත් විකල්පයක් ගැන හිතුවේ.
මේ වගේ අදහසක් මගේ ඔලුවට ආවේ අවුරුදු පහක් ඇතුලත ගත්ත තුන්වෙනි ඔෆිස් බෑග් එකත් ඉතා වේගයෙන් භාවිතාවට ගත නොහැකි තත්වයට පත් වෙන්න ආවාම.මගේ මතකය නිවැරදි නම් අන්තිමට මම බෑග් එකක් ගත්තේ පෙබරවාරි මාසේ. අරගෙන මාස හයක් යන්නත් කලින් ඒකෙ තියෙන ලෙදර් පටියක් හම යන්න පටන් ගත්තා. ඊට කලින් ගත්ත එකටත් වුණේ ඔය දේමයි. හැබැයි මේ දෙකටම කලින් ගත්ත බෑග් එක තවම හොඳ තත්වයේ තියෙනවා. ටිකක් ගාන වැඩියි තමයි. ඉතාම කණගාටුවෙන් කිව යුතු කාරණය තමයි මේ තුනම චීනයේ හදපුවා. මුල් දෙකම ගත්තේ හමීඩියා එකෙන්.දැන් මේක කියවන සමහරුන්ට මෙහෙම හිතෙනවා ඇති "හොඳ වැඩේ මූට - හම්බයන්ගේ කඩවල් වලින් බඩු ගන්නවට", තව කෙනෙකුට මෙහෙම හිතෙනවා ඇති "කයිය ගැහුවට අරං තියෙන්නේ චීන බඩුනේ. කැඩෙන එක අහන්නත් දෙයක්ද ?"තුන්වෙනි එක ගත්තේ රෝමාෆෝඑකෙන්.

හැබැයි ඔය කතා දෙකම සම්බන්ධයෙන් මම මෙහෙම අහනවා "එහෙනං කොහෙන්ද ගන්න පුළුවන්?" චීනත් නොවෙන හම්බත් නොවෙන තැනකින් බඩු ගන්න පුළුවන් හැබැයි මම වගේ රැකියාවක් කරන කෙනෙකුට නෙවෙයි, ව්‍යාපාරිකයෙකුට.අද කාලේ අඩුවට ගන්න පුළුවන් චීන බඩුම තමයි.මේ දේ ඇමරිකාවට, එංගලන්තෙටත් පොදුයි. ඒ රටවල් දෙක යැපෙන්නෙත් ඔය කියන චීනේ නිසා. හැබැයි අපිට එවන මට්ටමේ බඩු එහෙ යවන්නේ නෑ. තියෙන බාලම ඒවා තමයි අපිට පටවන්නේ. චීන්නු බඩු සපයත්දී අහන්නේ මිල.ඔබ කියන ගණනට ඔවුන් භාණ්ඩය නිෂ්පාදනය කරනවා. හැබැයි කොලිටියක් නෑ. මෙන්න මේ කාරණය නිසා අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කරපු අයත් දැන් චීනේ පැත්තට හැරිලා. මොකද ඔවුන් ඔබේ ලේබලය් භාණ්ඩ නිෂ්පාදනය කරන්න කිසිම අකමැත්තක් නෑ. ඒ වගේම අඩුවට. කොහොමද වැඩේ ? දේශීයව නිෂ්පාදනය කරනවාට වඩා මේ සිම්පල් ප්ලෑන් එක එයාලට පහසුයි.
මම කියන්න ආවේ වෙන කතාවක්.නමුත් ලියන්න වුණේ තවත් එකක්. කොහොම වුණත් මේ කියන්න යන "Do It Yourself" ව්‍යාපෘතිය වගේ දේවල් වලින්,අර කලින් කියපු විදේශ විනිමය ගලා යාම දශම ගණන් වලින් හරි අඩු කරන්න දායක වෙන්න පුළුවන්. ග්‍රොසරි බෑග් එකක් දෙවතාවක් භාවිතා කිරීමෙන් එම නිෂ්පාදනය අඩක් කරන්න පුළුවන් කියලා මම ඩේලි නිව්ස් පත්තරේ දැන්වීමක් දැක්කා. මේකත් ඒ වගේ වැඩක්.
හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. ඔය මිනිසුන්ට යාදෙනවා කියලා තියෙන්නේ. අන්න ඒක.ඒ කියන්නේ සමහර අයට කොච්චර හොඳ දේවල් ලැබුණත් එයාලා ගාව තියෙනවා හම්පඩ වෙච්ච පරණ එක හරි යනවා. උදාහරණයක් තමයි බොහෝ දෙනෙක් ගාව තියෙන පසුම්බිය නැත්නම් පර්ස් එක. කොච්චර අලුත් ඒවා හම්බ වුණත්, ගත්තත් අර පරණ එකම තමයි හරි යන්නේ. මගේ අර මුලින්ම් ගත්ත බෑග් එකත් අන්න ඒ වගෙයි. වැඩිපුර ආලවට්ටම් දාන්නේ නැතිව මිනිහගේ පින්තූරයක්ම දාන්නම්.හැබැයි මේක ඔක්කොම් වැඩ ටික ඉවර කරලා ගත්තු එකක්.
මෙයාගෙන් මට ලැබුණු සහයෝගය කියලා වැඩක් නෑ. බෑග් එකේ පිට පැත්තට පිහිටලා තියෙන පොකට් තුනක්(ඔය සිප් එක දාලා තියෙනවා වගේ, ඔය පියන ඇරියම එකයි, පිටිපස්සේ එකයි. ඇතුලත ඒ වගේ සිප් දාපු තැන දෙකක්. ඒ මදිවට කාමර දෙකක් තියෙනවා. කෑම, එක පොත්, ලියකියවිලි ඕනෑම දෙයක් දාන්න පුළුවන්. ඒ වගේමයි මේකේ සවි ශක්තියත්. ඒ නිසා මට මේක කීයට වත් අත අරින්න හිතෙන්නේ නෑ.
අන්තිමට ගත්ත බෑග් එකෙන් මුලින්ම එලියට පැන්නා ස්ප්‍රින් එකක්. ඒ අර බෑග් එකේ කෙලවර මහනකොට එකතු කරන ප්ලාස්ටික් වයරය වෙනුවට දාපු එකක්. මම වැඩි කෑල්ල කපලා දැම්මා අඬුවක් ආධාරයනේ. ඊට පස්සේ ඒක ෂර්ට් වල පැටලෙන්න ගත්තා. තව ටිකක් දවස් යනකොට පිටුපස පොකට් එකේ සිප් එක කොයි පැත්තට ඇද්දත් ඇරිලා තියෙනවා. බැරිම තැන පැත්තකට විසි කරලා දාලා තියපු මෙයාව ආපහු අර ගත්තා. හැබැයි එකම ප්‍රශ්නෙකට තිබුණේ අර කෙළවරවල් හම ගිහින් සුදු පාට වුණ එක. මේ බෑග් එකේ සිප් නම් ඉතාම හොඳ ඒවා බව භය නැතිව කියන්න පුළුවන්. මට හිතෙනවා අනිත් එක්කෙනාගේත් පින්තූරයක් දාන්න. නයා අදිනවා කියලා හිතයිද මන්දා. ඒත් කමක් නෑ. ඔන්න දානවා.
මේක දැක්කම ඉන්න බැරි කට්ටියකුත් ඉන්නවා. ඒ ආනන්ද - නාලන්ද ඉස්කෝලේ ගිය අය. අපේ කලර්ස් කියලා මැරෙන්න හදනවා. මම ඉතිං තියෙන තැන කියනවා. ඕන නම් ගිහින් ගනීනෙ. දැන් අපි මාතෘකාවට එමුකෝ. මේකටත් ආයුබෝවන් කියන්න සිද්ධ වුණා. දැන් ඉතිං අරයා දිහා ලජ්ජාවෙන් වගේ බලලා රෙදි කෑල්ලක් අරං පිහලා එහෙම ගත්තා කියමුකෝ. නමුත් ඒකෙ ජංජාල ගොඩයි. මොකද බෙල්ට් එකේ තිබ බකල් එකක් කැඩිලා එතැන කලුපාට ඉන්සියුලේෂන් ටේප් එකක් ඔතලා. එතනින් ගැලවෙන්න දඟලන බෙල්ට් එකේ කොටස් දෙක, දෙපස ගම් සහිත පටියක් තියලා අලවලා ගොඩ දා ගත්තේ. ඒ ගම් ටේප් එක සුදු පාට නිසා කරන්නම දෙයක් නැතිව දුඹුරු පාට පෑනකින් පාට කළා. ඒ වුනත් පේනවා. සතියක් විතර මේක අරගෙන යත්දී මගේ කාර්යාල සගයා කියන්නේ නම්, පරණ බෑග් එක ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන බව.
මේ ළඟදී දවසක පොඩි එකීගේ ඉස්කෝලෙන් මැටි වාස් එකක් පාට කරන්න ෆැබ්රික් පේන්ට් පාට දෙකක් ගේන්න කිවවා කියලා මට කිව්වේ අදාළ දවසේ උදේ. ඉතිං කොහොම හොයන්නද ෆැබ්රික් පේන්ට්. ඒ මදිවට මැටි වාස් එකක්. පොතේ නෝට් එකක් දාලා, ඊළඟ සතියේ එවන්නම් කියලා පොඩි එකී ශේප් කළා. එහෙම කලාට මොකද මට ඊළඟ සතියේ අදාළ දවසට කලින් දවසේ රෑ අටට විතර මතක් වුණා කියමුකෝ. දැන් මොකද කරන්නේ. වහන්න ඔන්න මෙන්න තියෙන කඩයකින් මැටි වාස් එකක් නම් ගත්තා. කරන්නම දෙයක් නැති තැන බත්තරමුල්ලේ ආර්පිකෝ එකට රිංගුවා. පොඩ්ඩක් කලින් ආවනම් සෙත්සිරිපයට ළඟ තියෙන පොත් කඩෙන් ගන්න තිබුණා. කලින් මගේ ටී ෂර්ට් වැඩකටත් කහ පාට එකක් ගෙනාවේ එතනින්. ඒ ගෙනා පින්සලත් තවම ඇති. ඇපල් වර්ගයේ පින්සල් ටිකක් ගණන්. ඒ වුනත් ඉතා හොඳ කෙඳි ප්‍රමාණයක් තියෙන නිසා අඳින්න පහසුයි.
ෆැබ්රික් පේන්ට් කුප්පි තුනක අවශ්‍යතාව තිබුණ මට, අවසානයේ කෑලි හයක පෙට්ටියක් මිලදී ගන්න වුනේ රුපියල් එක්දහස් හාරසිය ගණනකට. මා එය මුදල් අපතේ යැවීමක් ලෙස සිතුවේ නෑ. මේවාගෙන් ඇය වර්ණ සංකලනය ගැන යමක් ඉගෙන ගනීවි කියන විශ්වාසයේ මම හිටියේ. පහුගිය කාලේ මගේ පැරණි බෑග් එක පාවිච්චි කරත්දී හිතේ පොඩි අඩුවක් තිබුණා, "මේක හම ගිහිං නේද " කියන අදහසත් එක්ක. මගේ කාර්යාලීය සගයා යෝජනා කළා දුඹුරු පාට පොලිෂ් ආලේප කරන්න. එය මටත් කිහිප විටක් සිතුනත්, එය ඇඳුම් වල ගෑවීම වලක්වා ගන්නේ කෙසේද ? මේ අතරේ දියණියගේ ෆැබ්රික් පේන්ට් එක්ක මට ආවා කදිම අදහසක්. මේවා මිශ්‍ර කරලා මට අවශ්‍ය වර්ණය හදා ගන්න පුළුවන් නේද කියන එක. දියණිය ගෙදර නැති මොහොතක් එනතුරු මා බලා සිටියා. අද ඒ අවස්ථාව උදා වුණා. මම වැඩේට බැස්සා. මේ දිනවල තිබෙන අඳුරු සහ තෙත් පරිසරය මෙවැනි දේ සඳහා නුසුසුදුසු වුවත්, වෙනත් විකල්ප අවස්ථාවක් නැති නිසා පහල තියෙන බඩු ටිකත් අරන් මම සුදානම් වුණා.

වර්ණ සංකලනය ගැන ඔබට යම් අවුබෝධයක් මෙහදී අවශ්‍ය වනවා. මගේ බෑග් එකේ වර්ණය චොක්ලට් පාට. මම හිතාගෙන හිටියේ දම් පාට සහ කහ පාට මිශ්‍ර කර ඒ වර්ණය ලඟා කර ගන්න. නමුත් මගේ වාසනාවට නිල් සහ රතු මිශ්‍ර කරලා අවශ්‍ය වර්ණය සොයා ගන්න හැකි වුණා. වර්ණ ආලේපයේදී ප්‍රවේසම් වන්න උත්සාහ කළත්, වර්ණය බොහෝ දුරට සමාන නිසා, එහෙන් මෙහෙන් පිට පැන්නත් ගැටළුවක් නැති වුණා. මේ පින්තූරයේ තිබෙන කෝටු කෑල්ල, කාල අවසන් වුණු අයිස් ක්‍රීම් කෝට්ටක්. ඒක වැදගත් වුණේ වර්ණ බෝතලයෙන් ගන්න. අවංකවම කිව්වොත් කහ පාටත් පොඩ්ඩක් දැම්මා. අර දුඹුරු හැදෙන්නේ මේ වර්ණ තුණේ එකතුවෙන් කියන මතය මගේ හිතේ තිබුණු නිසා.
ඉන් පස්සේ මම හෙමින් වර්ණ ගැලවීම කළා. ටිකක් වෙලා යත්දී තමයි මතක් වුණේ, මේ වගේ සටහනකට මේක හොඳයි නේද කියලා. වාසනනවට තවමත් පින්තාරු නොකළ කොටස් බෑගයේ ඉතිරි වෙලා තිබුණා. පෙර සහ පසු පින්තූර කිහිපයක් ගත්තා බලන්න වැඩේ සාර්ථක ද කියලා. වර්ණ තරමක් වේලෙන්න පෙර තමයි මේ පින්තූර ගත්තේ. හොඳින් වෙළුන පසුව එහි වෙනසක් පෙනෙන්නේ නැති බව වැටහුණා. මෙන්න ඒ පින්තූර
![]() |
පෙර |
![]() |
පසු |
දෙවෙනි පින්තූරේ තරමක් සුදට පෙනෙන්නේ දිලිසීම නිසා. නැතිනම් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කළා.
![]() |
පෙර : කලුපාට ඉන්සියුලේෂන් ටේප් පටිය සමග. |
![]() |
පසු : ඉන්සියුලේෂන් පටිය වර්ණ ගැන්වීමෙන් පසුව. තීන්ත 100% වේලී නැත. |