Monday, May 13, 2013

ඔබත් පුංචි පහේ හපනෙක්ද ? පිළිතුරු .....


නිවැරදි පිළිතුරු

(1) Black Puma 

මුලින් ලින්ක් මගින් පින්තුරයක් දාල තිබ්බ Google+ එකේ. මගේ ඉල්ලීමට ඒක ඉවත් කළා. දැන් ඒක දාන්න කියල ඉල්ලා සිටිනවා. මට කොපි කර ගන්න බැරි වුනා. :(

(2) ඉඳුනිල් රාමදාස


එක සමාන පඩිපෙලාකාර  කොටස් 2 යි. එක කොටසක් 3 X 12 , 3 X 8, 3 X 4 ප්‍රමාණයේ කොටස් එකතු වෙලා එන හැඩය..
මුලින් විකර්ණ ගහගෙන ට්‍රයි කළා. හරි යන්නේ නැහැනේ , සැකේට ඒ වගේ ඇඳලා බැලුවා.
කමෙන්ට් එකක් දැම්මා.


(3) වී පොකුරේ වීයා ඊට පස්සේ හරි පිළිතුර මට ඊ-මේල් කළා

(4) පැහැදිලිම උත්තරේ දුන්නේ මාරයා 

ඕක ඒ හැටි දෙයක් නෙවෙයි නේද..? පඩි පේලියක හැඩේට කැපුවනං හරිනේ... අඩි 16ක් තියෙන පැත්තෙන් අඩි දොලහක් තියෙන තැනින් ඇතුලට( - )අඩි තුනක් කපලා ආයෙම අඩි හතරක් අනිත් පැත්තට (|)කපලා ආයෙම අඩි තුනක් ( - )කපලා..ආයෙම අඩි හතරක් අනිත් පැත්තට (|) කපලා අවසානයට තවත් ( - ) කපලා දැම්මනං වැඩේ ඉවරයි... එක කට්ටයක් පන්නලා පුරුද්දලා වෙල්ඩිං කොරලා දැම්ම ඔය එන්න හතරැස් වෙලා... :D


ඔය වරහන් ඇතුලේ දාලා තියෙන්නේ කපන්න ඕන අත... මට ඕවට චිත්තර අදින්න කම්මැලියි... ගණීත හැකියාවනං අනේ මංදා...ඔව්වා අපි කොලේ වාහන ටිංකරිං කොරන කාලෙනේ... :D 
පසුව ඔහු මෙහෙමත් කමෙන්ට් කළා
NDT ත් නැත.. ගණීතයට ඇති අමුතු හැකියාවකුත් නැත... වැඩක් කොරන හැටි අහු මුලු නොතියා කියා දුන්න ගරාජ් බාසුන්නැහේලාට පින් සිද්ධ වේවා... :D 

මෙන්න මේ වැකිය මම අර අපි කොමස් කලේ, ගණන් වලට කවදත් කම්මැලියි, සඳුදට ඇවිත් බලන්නම් වගේ උත්තර දීපු අයගේ අවධානයට මම යොමු කරනවා. මෙන්න මෙහෙම කියමනක් මම අහලා තියෙනවා
"If there's a will, there's a way" - උවමනාව ඇත්නම් ක්‍රමයක්ද ඇත

සයිලන්ට් සහන් මුල ඉඳලම ඉඳලම හොඳ උත්සාහයක යෙදුනා. නමුත් වැඩේ පොඩ්ඩක් සංකීර්ණ කර ගත්තා අඩියේ අඩියේ කොටු අඳින්න ගිහිං. ඒක දැක්කම මමත් පොඩ්ඩක් නොමග ගියා. මමත් ඒ වගේ එකක් ඇඳලා මේකට තවත් පිළිතුරක් තියෙනවද කියලා හොයන්න උත්සහ ගත්තා. සහන් සමහර විට උත්තරය හොයා ගන්න ඇති, නමුත් ඒක ඉදිරිපත් කරපු විදියේ යම් ගැටළුවක් තියෙනවා. 
තවත් දෙදෙනෙක් මේක කලින් දැනගෙන හිටියා කියලා කමෙන්ට් කරලා තිබුණා. මම හිතනවා ඒ අය ඒ ප්‍රකාශ කලේ අවංකවම කියලා. ඒ ශෂී සහ නදිනි. 

මොනවා වුනත් උත්සාහ කරපු හැමෝටම ස්තුතියි. 

Friday, May 10, 2013

ඔබත් පුංචි පහේ හපනෙක්ද ?

මේ දවස් වල පුද්ගලික ජීවිතයේ වගේම රාජකාරී ජීවිතයේත් ටිකක් කාර්‍ය බහුල වෙලා. ඒ නිසා දිග පොස්ට් එකක් දාන්න තරම් නිස්කලංකයක් නෑ. ඒ මදිවට ඇනෝ මහත්තයෙක් කතතන්දර බ්ලොග් එකෙක් මගෙත් එක්ක ඔට්ටු වෙනවා. එයා කියන්නේ නම් බ්ලොග් එකක් කරන කෙනෙක් වුණත් කෙලින්ම ඇවිත් උත්තර දෙන්න තියෙන කුලෑටි කම නිසා ඇනෝ දානවා කියලා. ඒ මදිවට එයා මගේ පරිඝනක දැනුමත් පරීක්ෂා කරනවා. මේ වගේ අයට උත්තර බඳින එක මගේ සිරිත් නොවුනත්, එයාගේ අහිංසක උත්සාහය පව් කියලා හිතෙන නිසා උත්තර දුන්නා. 

මම අද හිතුවා හොඳ ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්න. මේක ඇත්තටම නාවික හමුදාවකට නිලධාරීන් තෝරා ගන්න පරීක්ෂණයකදී අහපු එකක්. මට මේක දුන්නේ මම උසස් පෙළ ඉවර වෙලා බෙන්තොට බීච් හෝටලයේ සේවය කරන කාලේ එතන ෆෝමන් විදියට වැඩ කරපු, ගණිතයට ඉතා දක්ෂ (NDT ඉංජිනේරුවකු) අයෙක් වෙච්ච ගයාන් කැල්ලේපොත කියන මගේ මිත්‍රයා. එයා හරියට බටහිර ඉන්දීය කණ්ඩායමේ කාලයක් ක්‍රීඩා කරපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙච්ච කාල් හූපර් කියන ක්‍රීඩකයාට සමාන රුපයක් තියෙන කෙනෙක්. මේ දෙදෙනාටම මම එක වගේ ප්‍රිය කරනවා. ගයාන් එක්ක ඉන්නකොට ඇත්තටම දැනුමක් එකතු කර ගන්න පුළුවන් කල්‍යාන මිත්‍රයෙක්. මෙන්න මේකයි ගැටලුව.

එකතරා නැවක් මහා මුහුදේ ගමන් කරන අතරතුරදී එකේ ලොකු සිදුරක් ඇති වෙලා නැවට වතුර කාන්දු වෙන්න ගන්නවා. ඒ සිදුර ඇති වෙච්ච තහඩුවේ ප්‍රමාණය අඩි 12 x 12. වර්ග ප්‍රමාණය වර්ග අඩි 144ක්. නමුත් අවාසනාවකට මේ නැවේ තියෙන්නේ 16 x 9 ක තහඩුවක්. වර්ග අඩි 144 යි. අර සිදුර විතරක් වහලා දාන්න බෑ. ඒ තහඩුවම ඉවත් කරලා වෙනත් තහඩුවක් දාන එක තමයි පිළිගත් ක්‍රමය. මේ දෙක වර්ගඵලයෙන් සමාන නිසා මේ අය කල්පනා කරලා විසඳුමක් හොයා ගන්නවා. ඒ සමාන කෑලි දෙකකට මේක කපලා පාස්සන එක. අනිත් දේ තමයි කෑලි දෙකකට වඩා වැඩි ගණනකින් පාස්සන එක සවිශක්තියට ප්‍රශ්නයක් නිසා, කෑලි දෙකකට වැඩියෙන් කපලා පාස්සන්න බෑ. කොටින්ම මේ කපන කෑල්ලක වර්ග ප්‍රමාණය වෙන්නේ වර්ග අඩි 72යි. 


මට ගයාන් කිව්වෙත් ඔය විස්තර ටිකම තමයි. පැය 2 කදී මේ ගැටළුව විසඳන්න ගයාන් සමත් වෙලා තියෙනවා. මට නම් දවස් ගානක් කල්පනා කරන්න සිද්ද වුණා.

ආහ් ! තව දෙයක් කලින් මේ ගැන දන්නවානම් ඒ ගැන සඳහන් කරන්නත නිහතමානී වෙන්න. ඔබ උත්තරය සොයා ගත්තානම් කමෙන්ට් නොකලත් ඔබ දිනුම්. ඒ නිසා මම කමෙන්ට් සඟවනවා. හරි උත්තරය සඳුදා විතර බලමු. බ්ලොග් ලෝකේ සිරා maths කාරයෝ ඉන්න නිසා ඊට කලින් හරි උත්තරය ලැබෙන බව මට විස්වාසයි. අර මගෙත් එක්ක කකාගේ බ්ලොග් එකේ ඇර ගත්ත මහත්තයාටත් මේක විවෘතයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි. : කමෙන්ට් කිරීමේ ගැටළුවක් තිබුණා කියලා දැනුම් දීපු ප්‍රවීන් ඉන්ද්‍රනාම මිතුරාට ස්තුතිය.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...