Wednesday, October 6, 2021

ඕමාන් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා : " කිසිවකුට කියන්න බෑ අපි එක් ලෝක කුසලානයක් ක්‍රීඩා කොට අතුරුදහන් වෙනවා කියළා"......

සංවාදය : 


තම රට තරගාවලිය සඳහා සම සත්කාරකත්වය දැරීමත් සමග විස්සයි20 ලෝක කුසලානය,

 ඕමාන් ක්‍රිකට් ප්‍රධාන විධායක පන්කජ් කිම්ජිගේ විශ්වාසය මෙම තරගාවලිය සඳහා දෙවන 

වරටත් ඉදිරිපත්වන ඕමානය ප්‍රබල තරගකරුවෙක් වනු ඇති බවයි. 


පින්තුරය : ESPN Crickinfo වෙබ් අඩවියෙනි
දශකයකට ප්‍රථම ඕමානය සතුව තණකොළ සහිත ක්‍රීඩාංගනයක් නොතිබුණි. අද එකකට එකක් යාබදව ක්‍රීඩාංගන දෙකක්, එහි අගනගරය වන මස්කට් නුවරට, කෙටි ගමනකින් ලඟා විය හැකි අල් අමරත් හී තිබේ. මෙම ස්ථාන දෙක, විස්සයි20 ලෝක කුසළාන තරගාවලියේ පළමු අධියරෙහි තරග 6ක් සඳහා සත්කාරකත්වය දරන විට,  ලෝක ක්‍රිකට් සිතියම තුළ ඔවුන් රඳවනු ඇති. ඕමාන ජාතික කණ්ඩායම තරගාවලිය සඳහා සහභාගී වීමෙන් එහි සුපිරි 12 වටයට ඇතුලත් වීමට බලාපොරොත්තු වීමත් සමග, එය රටෙහි ක්‍රිකට් වල සංදිස්ථානයක් සනිටුහන් කරන මොහොත වන බව පුළුල්ව දකින බව එහි ප්‍රධාන විධායක නිලධාරී පංකජ් කිමිජි පවසා සිටිනවා.


ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය දක්වන්නට ලැබීම ඔමානයට කෙතරම් විශාල දැයි යන්න ගැන දැනෙන හැඟීම ගැන විස්තරයක් දිය හැකිද ?


අයිසීසී ආශ්‍රිත සාමාජිකත්වය දරන දේශයකට ලෝක කුසලානයකට සත්කාරකත්වය දරන්නට 

නිතරම අවස්ථා හිමි වෙනවාද ? ස්ටාර් පොර්ට්ස් [තරගාවලියේ නිළ විකාශකයා ] මා හා පැවසුවා 

මුළු ඉතිහාසයේම සිදු කෙරෙන, තෙවන විශාලතම රූපගත කර විකාශණය කරන ක්‍රීඩා තරගාවලිය 

බව. එය බිලියන 3ත් 3.5 ත් අතර ප්‍රමාණයක සැඟවුණු ප්‍රේක්ෂණ ජනතාවක් වෙත ලඟා වන බවත්, 

ඕමානයේ ක්‍රීඩා කරන මුල් තරග 06 අඩුම තරමින් ඉන්දීය උප මහාද්වීපය තුළ බිලියනක පමණ 

නැරඹුමක් සිදු වුවහොත්, එය ලොකු දෙයක් බව. මීට කලින් එහෙම වෙලා නෑ. අපිට ගොඩක් 

සන්තෝෂයි ඒ ගැන. දේශීය නාගරික සභාවේ ප්‍රධානියාගේ සිට අපට රට තුළ තිබෙන සියළුම 

අධිකාරීන්ගේ ආශිර්වාදය සහ සහයෝගය ලැබෙනවා, ඔවුන් පවසා සිටින්නේ “අපි ඕමානය ලෝක 

සිතියමේ රඳවමු" යන්නයි.


ඕමාන කණ්ඩායමේ සහභාගීත්වය ගැන සහයක සේවා කණ්ඩායම සිටින්නේ මොන වගේ මානසික තත්ත්වයකද ?


කාරණා දෙකක්. එක, ලෝක ප්‍රේක්ෂකයා ඕමානය දකින්න යනවා. අවසන් විස්සයි විස්ස ලෝක 

කුසලානයේදී [ඉන්දියාවේ 2016 පැවති] අප අයර්ලන්තය පරාජය කරමින් ඉතිහාසයට යමක් එකතු

 කළා. දැන් බොහෝවිට විස්සයි20 ලෝක කුසලානයේ දෙවෙනි වටය සඳහා සුදුසුකම් ලබන 

ආසියාවේ එකම ආශ්‍රිත සාමාජික රට විය හැකියි. එය අහම්බෙන් ලැබුණු වාසියක් නොවෙයි.


දෙක; අපගේ අභිප්‍රාය, අප අර්ථ ගන්වාගෙන තිබෙනවා. සුදු පාට බෝලයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන

 මුල් රටවල් 20 අතර අප ඉන්නවා. කාටවත් කියන්න බැහැ, එක් ලෝක කුසානයක මෙම ස්ථානය 

ලබාගෙන අප අතුරුදහන් වේවි කියළා අපගේ බලාපොරොත්තුව සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමට.

 කණ්ඩායම ඒ සඳහා සිත යොමුකර තිබෙනවා. එය කරන්න හැකියාව ලැබුනොත් අපට ස්වයංක්‍රීයව

 ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය සඳහාත් සුදුසුකම් ලබනවා.

 එනිසා ලොකු අභියෝගයක් තිබෙනවා. එක්වරම සම්පුර්ණයෙන්ම පාපන්දු ක්‍රීඩාවට ප්‍රේම කරන

 ජනතාවක්, තුළන් අලුත්ම කණ්ඩායමක් බිහි වේවි, ඔවුන් කියාවි ඔමානයට ලෝක කුසලානයක් 

ගෙන ඒම විශ්මිත දෙයක් බව.


මෙම කෝවිඩ් කාලයේ, තරග පැවති කාළය ගැන මතකය පවා ගිලිහෙන තත්වයක කොහොමද ඔබ මෙම තරගාවලිය සඳහා පෙර සුදානම සිදු කළේ ?


ඕමානයේ අප සතුව සිටින සියළුම ක්‍රිකට් ක්‍රීඩකයින් ආධුනිකයින්. අප සති අන්ත ක්‍රිකට් ක්‍රීඩා 

කරනවා අපගේ දේශීය ක්‍රිකට් සමය සැප්තැම්බර් සිට අප්‍රේල් දක්වා සති අනත තරගාවලි වලින් 

සමන්විත වෙනවා. සති පහක-හයක කාලයකට කලින් අපගේ සියළු ක්‍රීඩකයින් නිරෝධායනකින් 

පසුවයි පැමිණියේ. මේ කාළය තුලදී, ශාරීරික පුහුණුකරුවන් ඔවුන්ව නිසි හැඩයකට ගන්නට සමත් 

වී තිබෙනවා. ඔවුන්ගේ වැඩි වී තිබු කිලෝ කිහිපයක් බර අඩුකරගෙන තිබෙනවා. එයින් 

පැවසෙන්නේ කණ්ඩායම සුපිරි හැඩයක සිටින බව.


අප මුම්බායි වල ඉතා හොඳ විස්සයි20 තරගාවලියක් ක්‍රීඩා කළා 2-1 ක් ලෙස ඔවුන පරාජය කරමින්. 

තරගාවලියෙන් පසුව රාත්‍රී භෝජන සංග්‍රහයකදී, මුම්බායි පුහුණුකරු අමෝල් මුසුවදාර් මා හා 

පැවසුවා “ඔබ ගිනිගොඩ අවුළුවාගන්න සමත් වුණා [මුම්බායි කණ්ඩායම සමග] මටවත් එය කරන්න 

බැරි වුණා” විස්සයි20 තරගාවලියේදී ලැබූ පසුබැස්ම, මුම්බායි කණ්ඩායමට එක්දින තරගාවලියේදී 

පැහැදිලි ජයක් වාර්තා කරන්නට හේතු වන්නට ඇති, නමුත් අපට මුම්බායි වගේ ඉස්තරම් 

කණ්ඩායමක් සමග ක්‍රීඩා කරන්නට ලැබීම තරම් වටිනා පුහුණුවක් තවත් නැහැ. ප්‍රබල ප්‍රතිවාදියෙකු 

සමග පහුණු වනවිට ඔබ ඉගෙන ගන්නවා. දුර්වල ප්‍රතිවාදියා සහය වන්නේ තවතවත් ලිහිල් 

වන්නටයි. අවුරුදු 22-23ක් අත‍ර සාමාන්‍ය වයසක පසුවන ප්‍රතිවාදී කණ්ඩායමක් සමග ක්‍රීඩා 

කළ අපගේ කණ්ඩායමේ සාමාන්‍ය වයස වුණේ 33-34ක් අතර. එය ඇත්ත වශයෙන් යොවුන් 

කණ්ඩායමක් සහ ප්‍රවීනයන්ගේ අතර තරගයක් වගෙයි. සුදානම අනර්ඝයි.

Mumbai Crkcket Team
පින්තුරය : ESPN Crickinfo වෙබ්අඩවියෙනි

 


ඔබගේ ක්‍රිකට් අධ්‍යක්ෂ වරයා, දුලිප් මෙන්ඩිස් ගැන යමක් සඳහන් කරන්න. කණ්ඩායම වෙත ඔහුගේ බලපෑම කොහොමද ?


ඔහු දැන් අප සමග වසර 10ක කාළයක් ගතකර තිබෙනවා. මම හිතන්නේ නැහැ ඔහු හිතුවා කියළා 

මේ තරම් කාලයක් මෙහි රැඳී ඉන්න. ඕමාන් ක්‍රිකට් හැඩගන්වන්න ඔහු ලැබීම් ආශිර්වාදයක්. 2016 දී

 විස්සයි20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ සිට, ශ්‍රේණිගත කිරීම් වල 40 වන ස්ථානයේ 

රැඳී සිටි අපි 14වන හෝ 15වන ස්ථානය දක්වා ඉහළ ගමන් කළා සුදු පැහැති පන්දුවෙන් කරන ක්‍රිකට්

 වලදී. එයට වඩා දෙයක් අපට ඉල්ලා සිටිය හැකිද ? ඔහු පියවරෙන් පියවර එය ගොඩනැගුවා.


ලෝක කුසලාන ලීගය 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ මාර්ගය වී 

තිබෙනවා, මුළු තරග ප්‍රමාණයෙන් තුණෙන් එකක් දැන් ක්‍රීඩා කර හමාරයි. අප ලකුණු සටහන් වල 

ඉහළින් රැඳී ඉන්නවා. මගේ සගයන් සමග මා පවසන දේ තමයි, “අපි ක්‍රිකට්  වලට අතපෙවීමෙන්  

වැළකෙමු. අප එය දුලිප්ට කරගෙන යාමට ඉඩ හරිමු” කියළා.  අප මෙහි පාලකයින් පමණයි. අප 

මේ රේඛාව ඇඳ, ඔහුට ක්‍රිකට් කරගෙන යාමට ඉඩ හැරිය පසු, එය අතිවිශාලයි. ක්‍රිකට් කියන්නේ 

එක දිගට තරග පහක් පරාජය වුවහොත් කළමනාකරු ඉවත් කරනා, පාපන්දු වගේ විවේචනාත්මක 

ක්‍රීඩාවක් නෙවෙයි, පාරජයයන් යනු එහි කොටසක් සහ වර්ධනය වෙනුවෙන් ලැබෙන පාර්සලයක්. 

වාසනාවකට, [අවසන් පස් වසර තුළ] අප ජයගත් තරග පරාජයට පත්වූ තරග වලට වඩා වැඩියි. 


දක්ෂයන්ට තැන ලබා දීම සඳහා පෝෂක පද්දතියක් තිබෙනවද ? 


අප සතුව මෙහි අපූරු පාසැල් පද්දතියක් තිබෙනවා එසේම දැනට සිටින ක්‍රීඩකයින්ගෙන් සිවු 

දෙනෙක් ජාතික කණ්ඩායම දක්වා පැමිණ තිබෙන්නේ 13න් පහළ, 16න් පහළ සහ 19න් පහළ 

ක්‍රීඩා කිරීමෙන් පසුව. ඉන්දියන් සහ පාකිස්තාන, පාසල් ක්‍රිකට් පද්දති මෙහි ඉතා ශක්තිමත් අතර 

අප තවදුරටත් එය ශක්තිමත් කිරීම සඳහා උත්සාහ ගනිමින් සිටිනවා. අපගේ ක්‍රීඩකයින් දේශීව 

වගා කෙරුණු, සහ විදේශිකයන් අතර සම්මිශ්‍රණයක්. තමන්ගේ රටවල ඉහලට පැමිණීමට අවස්ථාව

 නොලද අය දැන් සලකා බලන්නට ඉඩ තිබෙනවා ඕමානය ඔවුන්ගේ ආශාව පසුපස ලුහුබැඳීමට 

කදිම ස්ථානයක් කියළා.


අප 2020දී බිම් මට්ටමේ සංවර්ධන වැඩසටහනක් දියත් කළා [කෝවිඩ් පැමිණෙන්න කලින්]. අප 

රජයේ පාසල් 10ක වගකීම භාරගත්තා, අපගේ පුහුණුකරුවන් අවුරුදු 8-9 වයසේ සිසු-සිසුවියන් 

සඳහා ක්‍රීඩාවේ මුලික දේ ඉගැන්වීමෙන් යෙදුණු අතර ඔවුන්ට එය ඊළඟ මට්ටම දක්වා ගෙන යා 

හැකිදැයි බැලුවා. අපගේ ප්‍රධාන ක්‍රීඩාංගනයට ඔවුන් රැගෙන විත්, ඔවුන්ට ගෘහස්ථ මධ්‍යස්ථානයේ 

පුහුණුවීමට ඉඩ ලබා දුන්නා. අප උත්සාහ කළේ එය විනෝදාත්මක ස්ථානයක් බවට ඔවුන්ට පුරුදු 

කරන්න. ඔවුන්ට ක්‍රිකට් නැරඹීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ, එනිසා හැකිතාක් ඔවුන්ට ක්‍රීඩා 

කිරීමේ අවස්ථාව ලබාදීම සහතික කර ගත්තා. අල් අමරත් හි ප්‍රධාන ක්‍රීඩාංගනය ආසන්නයේ 

හොඳ නෙවාසිකයින් පිරිසක් සිටිනවා. අප ඔවුන්ට සන්ධ්‍යා කාළයේ ශරීර සුවතාව සඳහා ඇවිදීමට 

අවස්ථාව සලසා දුන්නා, තණකොළ පිට්ටනියේ ව්‍යායාම සඳහා ඉඩ හැරියා. තවත් අවුරුදු 10-15 

කාලයකදී 50%ක් පමණ ඕමාන ජාතිකයින් කණ්ඩායමේ සිටිනු දකින්නට අපට කළහැකි දේ අප 

කළා. 

Oman Cricket Team Streaching Al Amarath Streaching
පින්තුරය : ESPN Cricinfo වෙබ් අඩවියෙනි.

 


කොපමණ කාලයකට පෙරද සිට ඔබ සිතුවේ ඕමාන ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමට පත් වේවි කියා ?


වඩාත් යථාර්ථවාදීව අර්ධ-වෘත්තීය මට්ටමේ ව්‍යුහයක් පවත්වාගෙන යනවා. අපගේ සියළුම 

ක්‍රීඩකයින් උදේ 9ත් හවස 5ත් අතර රාජකාරියක් කරනවා. ඔවුන්ට තාමත් පුහුණු කඳවුරු හෝ 

විශාල තරගාවලි සඳහා නිවාඩු ලැබෙන්නේ නෑ. සමහර ක්‍රීඩකයින් අර්ධ-දෙමුහුන් කොන්ත්‍රාත් මත 

සිටිනවා, නමුත් ඔවුන්ව බඳවාගත් ආයතනය වෙනුවට ඕමාන් ක්‍රිකට් වෙතින් වැටුප් ගෙවනවා

[ඔවුන් රාජකාරි වෙත වාර්තා නොකළ අවස්ථා වල]. අවංකව අපි තවමත් ආධුනිකයින්, එනමුත් 

කුඩා කණ්ඩායම් නිරතුරු පරදවනවාට වඩා ඉඳහිට හෝ ඉහළ ශ්‍රේණිගත කණ්ඩායම් පරාජයට 

පත් කරනවා, ඔබට සම්පූර්ණ වෘත්තීය මට්ටමේ කණ්ඩායමක් නිර්මාණය කරන්න බැහැ,  

කණ්ඩායමේ වැඩේ දෙනෙක් විදේශිකයන් වූ විට. එය හරි යන්නේ නෑ.


මෙවැනි විශාල මට්ටමක තරගාවලියක් සඳහා විශාල මට්ටමක යටිතල පහසුකම් නවන්න සිදු වනවා, ඔබ එය සිදු කලාද ?

 

අපේ ක්‍රීඩාංගනය [අල් අමරත් වල] හරියට, වර්ණනාවට නගන එංගලන්තයේ ගම්බද ප්‍රදේශයක 

ක්‍රීඩාංගනයක් වගෙයි. එක් පැත්තක ක්‍රීඩා සමාජයේ ශාලාවක් තිබුණා, එය මුම්බායි  සී.සී.අයි. 

එකෙන් තුණෙන් එකක් විතර ඇති. එහි අනෙක් කොටස කොහොඹ සහ මැයි ගස්, ලන්ඩනයේ 

මල්වතු වල ඇතිවාක් මෙන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු වාඩි වී සති අන්ත තරගය නරඹන්න 

ඇති බංකු වගේ කොටසක්.  


නමුත් ලෝක කුසලානය සඳහා සත්කාරකත්වයත් සමග අපට එය වෙනස් කරන්න සිදු වුණා. 

අපිට සිදු වුණා සැලසුමක දල සටහනක් ඇඳ ගන්න, කී දෙනෙකුට තරග නරඹන්න අවසර 

දෙනවාද ? කෝවිඩ් නීති-රීති සමග, අප පැවසුවා 3000ක් පාළනය කළ හැකි බව. අපි පිට්ටනියේ 

බංකු වල 200ක් 300ක් අතර ප්‍රමාණයකට ඉඩ ලබා දිය හැකියි, දැන් අපි 3000කට නරඹන්න 

දෙන්න සුදානම්.


වායුසමනය කළ ඒකාබද්ධ නැරඹුම් කුටි 30ක් සහ මාධ්‍ය කුටියක් දර්ශණ තිරයට ඉහළින් ගොඩනැගුවා. 

එක් විස්තර විචාර කුටියක් ප්‍රමාණවත් නැහැ. දැන් අපි භාෂා කිහිපයකින් විස්තර විචාරයන් කරනවා. 

එනිසා ඒ සඳහා අපට විශාල ප්‍රදේශයක් සංවර්ධනය කරන්න සිදු වුණා. මට කියන්න බැහැ අපිට 

ලෝර්ඩ්ස් තරමේ මාධ්‍ය කුටියක් තිබෙනවා කියා, නමුත් අපිට කදිම පුංචි සැකසුමක් තිබෙනවා. 

අපට දැනුම් දුන්නා ලක්ස් 1000ක පමණ විදුලි ආලෝක ධාරා ඉස්සර තිබුණ ක්‍රමය බව. ඔබට 4K HD 

රූපගත කිරීමට අම අවම වශයෙන් ලක්ස් 3500ක වත් ආලෝක තත්වයක් පැවතිය යුතුයි. අපට දැනුම්

 දුන්නා ලෝහ හැලයිඩ් විදුලි ආලෝකය යොදා නොගෙන ඒ වෙනුවට එල්.ඊ.ඩී. ලාම්පු යොදා ගන්නා 

ලෙස. එවැනි විදුලි පහන් ඇඟිලි තුඩකින් දැල්වීම හෝ නිවා දැමීම සිදුකල හැකියි. ඉතිං අපි ඒකත් කළා. 


එකින් එක සැමදේම දැන් සුදානම් කර තිබෙනවා. එය තරග හයක් පමණක් වුවත්, මෙය ලෝක 

කුසලානයක්. ඉතිං මේ උද්යෝගිමත් කාලයක්. 


සාකච්ඡාව: ESPN Crickinfo වෙබ් අඩවියේ උප කතෘ වරයෙකු වන ශෂන්ක් කිෂෝර්, ඕමාන ක්‍රිකට් ප්‍රධාන විධායක වරයා වන පන්කජ් කිමිජි සමග කළ සම්මුඛ සාකච්ඡාවක් එම වෙබ් අඩවියේ 2021 ඔක්තෝබර් 03 දින පළවූ ලිපියක සිංහල පරිවර්තනය.

20 comments:

  1. ඇත්තටම ඩුබායි වලට කොහෙන්ද මැයි ගස්? කියන ප්‍රශ්නේ මගේ ඔලුවට ආවේ, එහෙ ඉන්න අපේ මිත්‍රයෙක් වෙච්ච ඒරන් ගේ ඩබල් කැබ් එකේ යත්දී දැකලා පුදුමයෙන් මම මම අහපු ප්‍රශ්නෙට, ඒරන් දුන්න උත්තරය වුණේ. ඒවා ගෙනාවේ ඕමාන් වලින්. මට පොඩ්ඩක් පුදුමත් හිතුණා. මං බලාපොරොත්තු වුණේ, ලංකාවෙන් වගේ උත්තරයක්. බලනකොට වැඩේ ඇත්ත. ඕමාන් වල මැයි වගේම කොහොඹත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ගස් වලට නිත්‍ය ජල සැපයුමක් තියෙනවා නල මාර්ගයෙන්. පාර දෙපැත්තේ තියෙන රටඉඳි ගස් තණකොළ හා මල් ඇතුළුව. පෝෂක පද්ධතියක් වගේම ගෝෂක පද්ධතියකුත් ඕමානයේ තියෙනවා. වතාවක් ඕමානය ජාත්‍යන්තර පුට්බෝල් තරඟයකදී එක රටක් පරාද කළා. එදා මුළු මස්කට් නගරයම එකම සැණකෙළියක්. පාරක යන්නත් බෑ වාහන ජාතික කොඩිය එළියට දමාගෙන මර හූ තියනවා. එදා වාහන අනතුරු බර ගාණක් සිද්දවෙලා තිබුණා.
      ඔමාන්වල අය මෙන්ඩිස්ට දෙවියෙකුට වගේ සලකන්නෙ.

      Delete
    2. බොහොම ස්තුතියි හැලපේ, මේ තොරතරු වලට. අපිට ඒ රටවල් වල නම් කිවුවම ඔටුවොයි කාන්තාරයි නේ සිහි වෙන්නේ. මේකෙනුත් උන් සතුටු වෙයි එහෙනං.

      Delete
  2. ඒව ඉස්සරහට යයි. අපි පස්සට යයි. ඒ අස්සෙ පස්සත් විකුණයි 😒😒😒😒

    ReplyDelete
    Replies
    1. ජාතියක් වශයෙන් එකමුතු නැති කම.

      Delete
  3. හොඳ විස්තරයක්,ක්‍රිකට් ක්‍රීඩා ලෝලීයෙක් නූනත්, කතාව රස වින්ඳා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බස්සා ක්‍රිකට් වලට එහා ගිය අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් මෙතැන තියෙනවා.

      Delete
  4. වටින කියන තොරතුරු ටිකක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මංජුල.

      Delete
  5. අපිට ලේසි වෙන එකක් නෑ....

    ස්තූතියි සුධීක මෙක ලියුවට.. ඕමාන ක්‍රිකට් ගැන වැඩි තොරතුරක් අපි දන්නෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්. මේ වගේ පොඩි ටීම් එක්ක ගහනකොට පරිස්සම් වෙන්න ඕනේ. ෆ්රන්චයිස් ක්‍රිකට් නිසා විස්සයි20 ගහන්න පොඩි රටවල ක්‍රීඩකයින් පවා ගන්නවා. උදාහරණයකට මගේ කාර් එකේ වාඩි වෙලා ගිය නේපාලයේ සංදීප් ලමිචානේ අයි පී එල් ගැහුවා. අනික මේ වගේ ඇසෝසියේට් මෙම්බර්ලා ගහන්නෙම විස්සයි20. අපිට වඩා අත්දැකීම් තියෙනවා. ටීම් එකේ කට්ටිය මාරු වෙන්නෙත් නෑ.

      Delete
  6. ඕමාන් වල ක්‍රිකට් ටීම් එකක් තියනවා කියල දැන ගත්තේ අද යකෝ

    ReplyDelete
    Replies
    1. පැපුවා නිව් ගිණි වලත් තියෙනවා. මුළු යුරෝපෙම තියෙනවා. දකුණු ඇමරිකාවේ හැම රටකම. අප්‍රිකාවේ. ආසියාවේ. ඔලිම්පික් වලත් බලාපොරොත්තු වෙන්න.

      Delete
  7. සුදීක, මාත් ක්‍රිකට් ලෝලියෙක් නෙවෙයි. ඒත් ඔබේ ලිපිය ආසාවෙන් ක්යවන්නට එන ක්‍රිකට් පිස්සන් දෙතුන් දෙනෙකුටම link එක යවනවා. ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිමල් අයියා(නම හරි නේද?). පහුගිය කාලේ නිද්‍රගතව හිටපු මට වාර්ෂික නිවාඩුව නිසා පොඩ්ඩක් ලියන්න ඉඩ පහසුවක් ලැබුණා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...