මා ලිවිය යුත්තේ කුමන මාතෘකා ඔස්සේදැයි මුහුනුපොතෙහි මාගේ පිටුවෙන් කළ විමසීමෙදී මගේ මිත්‍ර සුභාෂ් හෙවාවිතාන ඉල්ලා සිටියේ සංචාරක සටහන් පිලිබඳ සටහන් කියවීමට කැමති බවයි. මින් අදහස් කරන්නට ඇත්තේ විදෙශයන්හී සිදුකළ සංචාරක සටහන් බව මා විශ්වාස කරනවා. මා කළ බොහෝ සංචාර වලදී ඔහුත් එකතු වී තිබෙනවා. අපගේ පළමු බැංකොක් සවාරිය, සිංගප්පුරු සවාරිය, මැලේසියා සවාරිය සහ දෙවන බැංකොක් සවාරියේදී අප දෙදෙනාම එකට එකතු වුණා. ඉන් පසුව අප දෙදෙනාට වෙන වෙනම සවාරි වලට සහභාගී වන්නට සිදු වුණා ඒ ඔහුට රාජකාරිය පදනම්ව බොහෝ අවස්ථා හිමි වුවද, මා කළේ ක්‍රිකට් සම්බන්ධව සිදු වූ සවාරි වීමයි.
අවසන් වරට අප දෙදෙනා එක්ව කළ සංචාරය දෙවන වරට බැංකොක් හී කළ සවාරියයි. අප දෙදෙනා ජනසතු සේවා තරගාවලි වලදී දැක්වූ දක්ෂතා පදනම් කොට ගෙන ඒ සඳහා නම් කෙරුණා. මෙවැනි සංචාර බොහෝ සුඛෝපභෝගී ඒවා යයි සිතනවානම් එය මුලාවක්. බොහෝවිට මේවා බජට් මට්ටමේ සංචාරයි. ගුවන් ටිකට් පත, විදේශයන්හී වියදම, වීසා ගාස්තු සහ තරග සඳහා අවශ්‍ය වෙනත් වියදම් එකතු වූ විට බොහෝ අවස්ථා වල රුපියල් ලක්ෂයක් ආසන්නයට මේ වියදම් වල එකතුව ලඟා වනවා. ඉතිං අපගේ ආයතන වළින් මේ සඳහා ගෙවනු ලබන්නේ අදාළ චක්‍රලේඛ වලට අනුකූලවයි. එවැනි විටෙක ක්‍රීඩකයාට හෝ නිලධාරියාට පුද්ගලිකව යම් වියදමක් දැරීමට සිදු වනවා. එහිදී නෑසිය හිත මිතුරන්ට සහ අපහට අවශ්‍ය දේ මිලදී ගැනීම සඳහා තවත් රුපියල් ලක්ෂයක් වත් අත තබාගෙන යාම එකළ අපේ පුරුද්දයි. නමුත් මා අවසන් වරට කරන ලද සවාරි වලදී තේරුම් ගත්තේ සැහැල්ලුවෙන් එම කටයුතු වලට සහභාගී වීමට නම් අවම වශයෙන් රුපියල් ලක්ෂ තුනක්වත් අවශ්‍ය වන බවයි. නැතිනම් කොත්තු මී වැනි පහසුවෙන් සකසා ගතහැකි ආහාර ලංකාවෙන් එහි ගෙන යා යුතුය. සමහරුන් මාළු ඇඹුල් තියල්, සීනි සම්බෝල, පොළොස් ව්‍යංජන පමනක නොව හිස්ව ගෙන යන ලගේජය පුරවා පෙති කපන ලද පාන් පවා රැගෙන යන බව නොරහසකි. එසේ යන බොහෝ අය ෆීලින් ෆැන්ටාස්ටික් යනුවෙන් සෙල්ෆි ගසා මුහුණු පොත සැරසීම වෙනත් කාරණයකි. මෙවැනි අවස්ථා වලදී අනුන්ගෙන් යැපෙන පුද්ගලයින්ද අපට එමට හමු වී තිබේ. විදේශ සංචාරයකදී බොහෝ විට තමන්ගේ වියදම් තමන්ම දරා ගත යුතුය.
මේ සංචාර වලට සහභාගී වූ පසුව මා සිත තුළ අපේ ආයතන වල සේවයට පැමිණෙන විදේශිකයන්ගේ හැසිරීම ගැන තිබූ, කුකුසක් නිරාකරණය කර ගැනීමට හැකි විය. ඔවුන් බස් එකකට ගොඩ වූ විට සල්ලි එකතු කර ටිකට් මිලදී ගනියි. එවැනි විටෙකඅප ඉදිරිපත් වී ඒ මුළු මුදල ගෙවා දැමුවත්, ඔවුන් වහා එය ආපසු අපහට ලබා දීමට උත්සුක වෙයි. නමුත් ඉන්දියානුවන් නම් ඊළඟ දිනයේත් අපෙන් ගෙවීම කරගැනීමට බලා සිටියි. මැලේසියානුවන් ඒ අතින් කෙනකුට කරදර කරන්නට කැමති නැත. අපද විදෙස් ගතවූ විට අපේ විය හියදම් වෙන වෙනම කර ගැනීමට වග බලාගන්නා විටෙක පෙරකී හැසිරීමට හේතුව පසක් කර ගන්නට හැකි විය.
එම සංචාරය මා අවසන් වරට ක්‍රීඩකයෙකු ලෙස ලැබූ සවාරියයි. ඉන්පසු ජනසතු සේවා ක්‍රිකට්සංගමයේ කමිටු සාමාජිකයෙකු වූ පසු සහභාගී වුයේ නිලධාරියෙකු වශයෙනි. ඉන්පසුව මගේ ආයතනයේ ක්‍රීඩකයින් සමග එම ගමන් වලදී එකට ගත කිරීමට ලැබෙන කාළය සීමිත විය. මන්ද නිලධාරියෙකු වශයෙන් සහභාගී වනවිට අප දැරිය යුතු නිශ්චිත වගකීම් රැසක්ද වන නිසාය. මේ සංචාරයේ තතු එය අවසන් කළ විගස මගේ බ්ලොග් අඩවියට සටහනක් ලෙස එකතු කළා. නමුත් අද උදෑසන රුපවාහිනි නාලිකාවක දුටු දෙයකින් එම සටහනට මා එකතු නොකළ කාරණයක් සිහිපත් වුණා.
එවැනි සංචාරයක අවසන් දිනය ඕනෑම සංචාරයකදී කාර්යබහුල අතින් දෙවන වනවානම් පිටත් වන දිනට පමණක්ම වේ. මේ සංචාරයෙදීද එය එසේම විය. එවැනි දිනක පාන්දර අවදි වීම මගේ පුරුද්දක් වුවද එදිනට මා හට අවදි වන්නට හේතුවක් නොවිණි. මන්ද පෙරදා රාත්‍රියේ කරගෙන ආ සංවාදයක් අවසන් වුයේ උදෑසන හයට පමණය. එය සිදු වුයේ ඉංජිනේරු සංස්ථාවේ චාලුක සහ චමිල් සිටි කාමරයේය. එයට එකතු වූ අනෙක් පුද්ගලයන්අකාලයේ වුයේ වරාය අධිකාරියේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ, අප අතරින් වියෝ වූ ලසන්ත සහ නාගරික සංවර්ධන අදිකාරියේ සුදර්ශන යන අයයි. එදින මේ අය ජනසතු සේවා ක්‍රිකට් සංගමය ඉහළ නැංවීමට නම් කලයුතු යෝජනා බොහොමයක් ඉදිරිපත් කළහ. මා ඒවා හොඳින් සිහියේ තබා ගත්තේ, ඉන් පසුව එළැඹෙන මහ සභාවේදී මගේ නම සංගමය වෙත ඉදිරිපත් කිරීමට මහජන බැංකුවේ ක්‍රීඩා සමාජ ලේකම් අජිත් රත්නායක මහතා මා සමග සාකච්ඡා කොට තිබූ බැවිණි. එයට අමතරව සය සාමාජික ක්‍රිකට් තරගාවලියේදී මා ස්වේච්ඡාවෙන් ඉටු කළ සේවය දැක සංගමේ ලේකම් උදය ඉමල්ෂ මහතාගෙන්ද විවරණ ලැබී තිබුණි. එනිසා ප්‍රමුඛ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විසින් ඉදිරිපත් කළ මෙම අදහස් තරයේ සිහියේ තබා ගතිමි.
ඉන් පසු චමිල් විජේවර්ධන මගෙන් ඇවිටිලි කළේ රාත්‍රී වෙළඳ පොලට ගොස් ඔහුගේ මවට සහ නැන්දනියට ඇඳුම් කිහිපයක් මිලදී ගැනීමට අවැසි බැවින් ඔහුත් සමග එකතු වන ලෙසය. මා හැරෙන්නට එම සංචාරයට කලුතර පාසලකින් අධ්‍යාපනය ලැබූ කෙනෙකු සහභාගී වූවානම් ඒ චමිල්ය. ඉතිං ඒ ඉල්ලීම අහක දැමීමට නොහැකිව මා ඔහුත් සමග මාර්ගයට පිළිපන්නේ තදින් දැනෙන නිදිමත අමතක කර දමමිනි. නමුත් ඔහු පොලෙහි ඇඳුම් තෝරන විට මට හිටගෙන නින්ද යන තත්වයට පත් වී තිබුණි. පැයක පමණ කාළයක් කෙසේ ගෙවුනාදයි මට අදටත් විස්තර කළ නොහැක. මෙවැනි සංචාර වලදී නිදා ගත්තානම් ඒ පැය කිහිපයකි. විවිධ ආයතන වලින් එක් වන මිතුරන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීම මටනම් විනෝදාශ්වාදයක් ලබා දෙයි. නමුත් සමහරුන්ට රෑ දහය පහුවන විට නිදි දෙව්දුව පළමු සිහි කැඳවුම ලබා දෙයි. මේ අයුරින් එකා-දෙන්නා සංවාදයෙන් ඉවත් වෙයි. අප එදා දින කළ සංවාදය වරායේ ඉන්දික හඳුන්වන්නේ බාප්පාගේ මළගෙදර යනුවෙනි. උන්පන්ගෙයි විහිළුකාරයෙකු වන වරායේ ඉන්දික ගැන මෙවැනි සටහනක කෙටි සඳහනක් කර විස්තර කළ නොහැකිය. ඔහු ගැන ලියනවානම් පොස්ට් දෙකතුනක තොරතුරු තිබේ.
අවසන් දිනයේ මගේ කාලසටහන සෙසු සියළුදෙනාට වඩා කාර්යබහුල එකක් විය. අප පිටත් වීමට නියමිත වෙලාව පස්වරු එක බව පෙරදින පැවති කණ්ඩායම් රැස්වීමේදී දැනුම් දී තිබුණි. අප නවාතැන් ගත් ෆස්ට් හෝටලය ආසන්නයේ ඇති නේපාල ජාතිකයින් පවත්වාගෙන යන ටේලර් සාප්පුවෙන් දිනයකින් නිමවා දෙන්නට පොරොන්දුව මත ඇණවුම් කළ ෆුල් සුට් එක ලැබෙන්නේ හරියටම 12:45 ටය. එය ලබා ගැනීමට තිබෙන අන්තිම වෙලාව එයයි. තායිලතයෙන් ලාභයෙන් ලබාගත හැකි දේ අතර මෙම ෆුල් සුට් එක් අයිතමයක් බව මා හා පැවසුයේ, එකළ ප්‍රබල ඇමති වරයෙකු වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නෑනා විසිනි. එනිසා මේ සංචාරයේදී එසේ ඇඳුමක් මසාගන්නා අරමුණක් පැවතියත්, යම් රටකට ගොඩබට සැණින් එවැනි වියදම් නොකිරීම සාමාන්‍යයෙන් කාගේත් සිරිතයි. සියළු කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව මා ඒ සඳහා ඇණවුම ලබා දුන්නේ එනිසාය. නමුත් එදින උදෑසනම අප සියළුදෙනා තොරතුරු තාක්ෂණ සුපිරි වෙළඳ සංකීරණයට යාමට කථිකා කරගත්තේ එහි ගොඩබට මුල් දිනයේදීමය. මෙවැනි ගමන් වලට සුභාෂ් සහ මා අනිවාර්ය කර ගන්නේ, අප තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා කළ නිසාය. මගේ මතකයේ හැටියට අජිත්ට ඉන්ක්ජෙට් වර්ගයේ ප්‍රින්ටරයක් මිලදී ගැනීමට අවශ්‍ය විය. බ්‍රයන් කුමක් හෝ මිලදී ගත්තා වගේ මතකය.
මේ හැම මොහොතකම මා කාළය ගත කළේ නිදි විකාරයෙන්ය. අජිත් මා කිහිප වතාවක් හෝටලයට හරවා යැවීමට උත්සාහ කලද මම ඒවා ප්‍රතික්ෂේප කරමින් එහි රැඳී සිටියෙමි. අප බැංකුවේ කණ්ඩායමම ඒ සඳහා එක් වී සිටීම එයට හේතුවයි. එහෙත් ඔවුන් එම මිලදී ගැනීම් අහවර කර යාබද වෙළඳ සංකීර්ණයටද යාමට හදිසියේ තීරණය කළහ. මාද නින්දෙන ඇවිදින නියායෙන් එහි ගමන් ගත්තේ හිස් දෑතිනි. ඔවුන් ඇවිද අවසන් කර 11:30 ට පමණ එහි ද්වාරය අසල හමු වන පොරොන්දුවෙන් කණ්ඩායම් වලට වෙන් වී ගමන් ගන්නට කථිකා කර ගත්හ.
|
පින්තුරය ගත්තේ : https://www.lifestyleasia.com
|
මාද කණ්ඩායමෙන් මිදුන මොහොතේ වටපිට බැලුවෙමි. එහි පේෂල් කරන තැනක් ඇත. මා එහි පිවිස ඔවුන්ගෙන් විමසා සිටියේ, කණ ආශ්‍රිත මවිල් ස්ථිරව ඉවත් කළ හැකිද යන්නයි. නමුත් ඔවුන්ගේ සුදානම මුහුණට සාත්තුවක් කිරීමයි. ඒ සඳහා පැය එකහමාරක් ගතවන බව දැනගත් පසු, මට කදිම අදහසක් ඇති විය. මේ පැය එකහමාර හොඳ නින්දක් ලබාගත හැකිය. මා මුදල් ගෙවා ඔවුන්ගේ ඇඳට ගොඩ වී උපදෙස් දුන්නේ මා නිදා ගන්නා බවත්, කාර්ය අවසන් කර මිස මා නින්දෙන් අවදි නොකරවන ලෙසත්ය. මට නින්ද කෙසේ ලගා විනිදැයි මතකයක් නැත, ඔවුන් මා ඇහැරවන්නටද සෑහෙන ප්‍රයත්නයක යෙදී ඇත. ඔවුන්ට ස්තුතිකර සන්තෝසමක් ලබා දුන් මා, කෙළින්ම පිටත් වුයේ වතුර බෝතලයක් මිලදී ගැනීමටය. මේ ගැන මාගේ මතකය අවධි වුයේ, රුපවාහිනි නාලිකාවක පේෂල් එකක් කරන දසුනක් දැකීමෙන්ය.
මෙවැනි ඔබේ මනසේ සැඟවී ඇති බොහෝ දේ ඉඳහිට ඉන් එලියට පනියි. එවැනි අවතාවක මෙසේ සටහන් කර තැබීම වටියි
නින්ද ගිය හින්දා හැපි එන්ඩින් එක මිස් උනා නේද?
ReplyDeleteකඩුල්ලෙන් පිටතට යන පන්දුවක්. පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හැරියා.
Deleteපුරාණයේ; කොන්ඩෙ කපලා මසාජ් එක දාද්දි නින්ද යාම මටත් පොදුවූ දෙයක්! දැන් ඉතින් කෝ ඒ සැප!?
ReplyDeleteකොන්ඩේ කපලා නම් මසාජ් කරළා තියෙන්නේ එක වතාවයි. ඒකත් මිත්‍රයෙක් නොමිලේ කරපු එකක්.
Deleteහෙහ් ඒක මරු වැඩේ...ඒත් පැයක් යනවද ඔය පේෂල් එකකට...?
ReplyDeleteදන්නේ නැහැ. මම කළේ අවස්ථාව මගේ පැත්තට වාසියට හරවා ගැනීම.
Deleteදවස්ක යන්න ඔනේ..
ReplyDeleteපලයන්. පලයන්. හැබැයි ගල්-අරක්කු නම් නැහැ එහෙ
Deleteකනේ මයිල් තියෙද්දි වෙන කොහේවත් මයිල් ගැලෙව්වද දන්නෑ.
ReplyDeleteඒ නින්දේ හැටියට නම්, එහෙම කළත් දැනෙන එකක් නෑ. හැබැයි මං ඇඳුම් ඇඳන් හිටියේ.
Deleteපට්ට රහයි. මේ වගේ ලිපි ආයෙ ලියන්න. පමාවී පැමිනීම ගැන කනගාටුයි, දැන් තමා ආයෙ උනන්දුව ආවෙ කියවන්න.
ReplyDelete