Thursday, May 30, 2019

ඇවිද්ද පයට නව මුහුණුවරක් ......

මගේ බ්ලොග් අඩවිය බොහෝ කාළයක්   ඒකාකාරීව පැවතුණා. ඇත්තටම මේ බ්ලොග් අඩවියෙන් මම බලාපොරොත්තු වුණේ, මගේ රාජකාරියේදී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ගිහිං ලබපු අත්දැකීම් බෙදාගන්න. ඒ කියන්නේ සංචාරක අත්දැකීම්. එවැනි බ්ලොග් අඩවියකට ළඟදී ගොඩවදින්න සිද්ධ වුණා. ඇත්තටම ඔහුගේ නිර්මාණශීලී පසුතලය දුටුවාම මට හිතුණා, ඇවිද්ද පයටත් ගැලපෙන්නේ මේ වගේ එකක් නේද කියා. ඉතිං මමත් ගැලපෙන එකක් නිර්මාණය කර ගත්තා. මේකට නිතර ගොඩවෙන ඔබත් මේ අලුත් මුහුණුවර කොහොමද කියළා අදහස් ඵල කරන්න. මේ දවස් වල අලුත්ම සංචාරක අත්දැකීමක් අකුරු කරමින් ඉන්නේ. ඒක අද සවස හෝ හෙට කියවන්න ලැබෙන තුරු මේ ගැන ඔබේ අදහස් දක්වන්න.

ප.ලි. : ඒ වගේම ඔබගේ අදහස් අවශ්‍යයි. මා කුමන මාතෘකා ඔස්සේ ලියනවාටද ඔබ කැමති ?
  • ජීවන සහ සංචාරක අත්දැකීම්
  • පරිවර්තන - නවකතා, ලිපි
  • ක්‍රීඩා - ක්‍රිකට් පාපන්දු හා වෙනත්
  • විනෝදාශ්වාදය පදනම් වූ කතා (ලොල් කතා)
  • තාක්ෂණික සහ විද්‍යාත්මක

39 comments:

  1. අගේයැ.. අගේයැ...

    ReplyDelete
  2. Replies
    1. අහ්න්ඩත් සන්තොසය ......

      Delete
  3. මැද එක්කෙනා ඉස්සරහට ආවොත් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේකෙන් මම පෙන්වන්න උත්සාහ කළේ අවධි තුනක්. මුලින්ම ළදරුවෙක් වශයෙන් ගෙවපු කාලේ. ඒ යුගයේදී නිතරම වැඩ කළේ දෙමවුපියන්ගේ ගුරුහරුකම් මැද්දේ. ඉන් පස්සේ ඉලංදාරි අවධිය. බය නැතිව කඩාගෙන යන යුගය. ඉන් පස්සේ වැඩිහිටියෙක් විදියට ගෙවන යුගය. නිතරම පරෙස්සමෙන් අඩිය තියන කාලේ. ඒ අතින් ගත්තම දොර තල්ලු කරන් ඇතුලටම ගියා වගේ තමයි මැද එකෙන් පෙන්වන්නේ.

      Delete
    2. ඒකත් හොඳයි.. මම අදහස් කළේ ඒම් සහ යාම් ගැන. ජීවිතේ කියන්නෙම ඒම් සහ යාම් වල එකතුවක් නිසා..

      ඊයේ "සුදු ඇඳගෙන කළු ඇවිදින් " එකේ මරු කතාවක් කියනවා..

      "ගමන තමයි නවතින එක" කියලා..

      Delete
    3. සෙන්නා ඉස්සරහට ආවොත් කියන එක මම ගත්තේ ග්‍රැෆික් පැත්තෙන්. ඒ කියන්නේ ඔය විදියටම ඉදිරියට ගන්න කියන එක. මේ කමෙන්ට් එකන් පස්සේ තමයි තේරුණේ ඔයා කියන්නේ මූණ ඉස්සරහට එන විදියට ආවොත් හොඳයි කියළා කියන එක. ඔන්න දැන් ඒ විදියට හරි යන රූපයක් හොයාගෙන දැම්මා. දැන් බලන්න. මේ එක්කම අසංග කියන වෙනසත් සිදු කළා.

      Delete
    4. සංනිවේදන දුර්වලතා.. සුදීක කියපු එක බලලා මගෙ කමෙන්ට් එක ආයෙ කියෙව්වම තමා මටත් තේරුනේ කියන්න ඕනා මළදානේ මම හරියට කියලා නෑ කියලා.. :D

      Delete
    5. සන්නිවේදන හිඩැස්. මම හිතන්නේ දැන් තමයි ලස්සනම එක ආවේ. ඒක සමූහක ජයග්‍රණයක්. මම හිතන්නේ කියවන අයට වැඩි අයිතියක් මේකට තියෙනවා.

      Delete
  4. බොහොම කදිමයි සුදීක මහත්මයා. ඒ වගේම ඔබතුමා භක්තිමත් කිතුනුවෙකු වශයෙන් දේව ධර්මය බෙදාහැරීම සදහාත් මෙම සටහන් භාවිතා කර මිත්‍යා දෘෂ්ටිකයන් පාපයෙන් ගලවා ගන්න කටයුතු කරන්නේ නම් තවත් අගනේ මහත්මයා.

    ReplyDelete
    Replies
    1. ඔබ මා ගැන දක්වන හිතෛෂී භාවය ගැන මගේ ප්‍රණාමය. නමුත් මා බුදුන් සරණ ගිය පුද්ගලයෙක්. ඒ වගේම මා සියලු ආගම් වලට ගරු කරන කෙනෙක්. කළින් කීවාක් මෙන් කිසිවකු සුවපත් කරන්න කළ හැකි පුංචි දෙයක් වුවත් කරන්න මා සුදානම්.

      Delete
  5. අලුතෙන් පොඩි කොටසක් එකතු කළා. ඔබේ අදහස කාරුණිකව සටහන් කරන්න.

    ReplyDelete
  6. දෙපස පින්තූරත් එක්ක මැද පින්තූරේ ගැලපිමක් නැති බවයි පෙනේනනේ. අතින් ඇදපු පින්තූර දෙකට මැද එක සමාන නෑ නේද? මාතෘකා නම් ඔන එකක් ලිවිල්ල ඔබේ අයිතිවාසිකමක් කියවිල්ල අපේ අයිතිවාසිකමක්......

    ReplyDelete
    Replies
    1. අසංග ඔයා හරි. ඒ වගේම සෙන්නත් හරි. මටත් ඔය ගැන පොඩි කහටක් තිබුණා. ඒ නිසාමයි මේ වෙනස කළේ. බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්ම කියවන අය නැත්නම් මොන චක්‍රවර්තියෙක් ලිවුවත් වැඩක් නෑ.

      Delete
  7. ජීවන සහ සංචාරක අත්දැකීම් වැඩියෙන් ලියවෙනවනං හොඳයි.

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවා වැඩියෙන් ඒ අංශයට බර කරන්න. දැනුත් එහෙම එකක් ලියමින් ඉන්නේ.

      Delete
  8. ක්‍රිකට් ගැන ලියමු මේ දවස්වල..කාලීනයි නේ.....!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කෙරුවාවේදී කාලීන තොරතුරැ ලිවුවොත්, දවස ගානේ ලියන්න වෙනවා. හරියට මාතලන් වගේ. ඒක හරියට ප්‍රවෘත්ති වගේ. අද හිට් වෙන දේ, හෙට වැඩක් නැති වෙනවා. කල් පවතින දේ තමයි ලියන්න ඕනේ. නමුත් පොරොන්දු පරිදි අර ලිපි මාලාව ලියනවා.

      Delete
  9. වෙනස හොදයි . අළුත් අළුත් දේවල් කියවන්න බලාගෙන ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොට 400 කට අධික ප්‍රමාණයක් ලිපි මම ලියලා තියෙනවා. මුල සිට කියවන්න කියළා තියෙන ටැබ් එකට ගියොත් පැරණි නමුත් අලුත් දේ හොයා ගන්න පුළුවන්. සමහර දේ සදා නොමියෙන ඒවා.

      Delete
  10. ජීවන සහ සංචාරක අත්දැකීම්
    තාක්ෂණික සහ විද්‍යාත්මක

    ලියන ඕන මගුලක් කියවනවා හැබැයි ඉතිං.... :D

    ReplyDelete
    Replies
    1. මම විසින් මට යොදා ගත් යම් වාරණයක් නිසා, මෙහි ලිවිය හැකි රසවත් දේ බොහොමයක් නොලියා තිබුණා. දැන් ටික ටික ඒවා දිග හරින්න සුදානම්.

      Delete
  11. මට මගේ බ්ලොග් එකේ පෙනුම වෙනස් කරන්න හිතෙන්නේ නෑනේ කවදාවත් දැන් අවරුදු 13ක් :)
    මේ වෙනසට මම කැමතියි...

    ReplyDelete
    Replies
    1. වෙනස් කරලම බලන්න ඕනේ. මොකද අපි කැමති දේට අපේ ඕඩියන්ස් එක කැමති නොවෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් වෙනසට කැමතියි. ඒ අයගේ මත විමසුම කරන්න ඕනේ, විටින් විට.

      Delete
  12. මචං සයිකල කරුට අත නොතබනු! ඔයාගෙ මේ බ්ලොග් එකත් ඉස්සර දෙමටගොඩ හංදියෙ තිබුනු සෝඩියැක් එකේ මික්ස් ග්‍රිල් එක වගේ. ඒක වෙනස් කරණ්න එපා. පෝක් කාගෙන කාගෙන යනකොට දැන හෝ නිදැන කැවෙන අන්නාසි කෑල්ල කෝමද?

    ReplyDelete
    Replies
    1. හරි හරි. මමත් කැමති හැම මගුලක් ගැනම ලියන්න. කවි ඇර. ඒක මගේ විෂයය නොවේ. මම ආස මේක සඟරාවක් වගේ පවත්වන් යන්න. ඉස්සර මමත් ආසම කෑමක් තමයි මික්ස් ග්‍රිල්. නුගේගොඩ තිබුණා පෙන්ගුවින් කියළා රෙස්ටෝරන්ට් එකක්. ඒකෙ මස් වර්ග, මාළු වර්ග, පලතුරු වර්ග, එළවලු වර්ග, හැම දේම තිබුණා. දැන් වෙජි ඔන්ලි ග්‍රිල්.

      Delete
  13. ඇවිද්ද පය බයිසිකලෙන්. සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම කොයි තරම් බයිසිකල් පැදලා ඇත්ද ? දැන් ඔය වැලිපැන්න හයිවේ එන්ට්‍රන්ස් එක තියෙන හරියට පොඩ්ඩක් මෙහා තියෙනවා ගල්මත්ත කියළා හරියක්. ඉස්සර ඒ තරම් දියුණු පාටක් නෑ. හරියට මල්ගුඩිය වගේ. මගේ යාලුවෙක්ගෙ මාමා කෙනෙක් හිටියා ඔය හරියේ. යාළුවයි මායි සයිකලයෙන් එහෙ යනවා. මේ ලඟක් වෙනකම් මං ගාව මවුන්ටන් බයික් එකක් තිබුණා. ඒකෙන් කොළඹ වටේ ඇවිද්දා. ඇවිදින්න පයින් යන්නම ඕනේ නෑ.

      Delete
  14. තවුසෙට ඕන දෙයක් ලියනෝ මනුත්තයෝ!

    ReplyDelete
    Replies
    1. ආ ... දිතානාත .... තමුතෙත් ආවත ?

      Delete
  15. මගේ සිත ගත්තේ ඔබේ අත්දැකීම්. ක්‍රිකට් වුණත් ආසාවෙන් කියවනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම මුහුණ දීලා තියෙන දේවල්. රසවත්ම ඒවා ලියලා නෑ. බලමු. මේ බ්ලොග් එක පොස්ට් 500කින් නතර කරනවා. මම විශ්වාස කරනවා. 2020ට අලුත් එකකින් එන්න.

      Delete
  16. බ්ලොග් එකක් හදන්න ආසාවක් තිබුණට ඇත්තටම ඒක කොහොම වෙන්න ඕනද කියල අදහසක් තිබුණෙ නෑ...බොහොමයක් බ්ලොග් අඩවි බලනකොට මම දැක්ක දුර්වලතාවක් තමා ලියූ දේවල් එක තැනක හොයා ගන්න අපහසු වීමත් අනවශ්‍ය තරම් පසුබිම් වර්ණ පින්තුර භාවිතා කර ඇති නිසා කියවන්න අපහසු වීමත්...ඉතින් ඇහැට පහසු වෙන්න වැඩිපුර තද පාට භාවිතා නොකර සුදු වර්ණය මුල් කරගෙන බ්ලොග් එක හදන්න තීරණය කළා.. ඒ නිර්මාණය සාර්ථක බව දැකීම ලොකු සතුටක්..!! ඔබේ බ්ලොග් අඩවියට සුබ පතනව...!

    ReplyDelete
    Replies
    1. මේකට හොඳ නිධාන කතාවක් මතක් වෙනවා. ඉස්සර අපි ශාඛා වලට වැඩට ගියා. එතකොට ඉන්න ලස්සන කෙල්ලෙක් ගැන විස්තර ඇහුවම බ්‍රාන්ච් එකේ කොල්ලෙක් කිවුවා. අයියේ ලාවලු වල පෙනුම හොඳ වුණාට කන්න ගියාම එපා වෙනවා නේද නියලා. ඉස්සර මමත් මේක අලංකාර කරන්න ලෝකෙම තියෙන ගැජට් එල්ලුවා. හැබැයි වැඩක් නෑ කියළා හිතුනොත් අයින් කරලා දැම්මා. මට ඔයාගේ ප්‍රොෆයිල් පින්තූරේ දැක්කම තේරුණා මට හරි යන්නෙත් මේකම තමයි කියළා. අනික පොස්ට් ඒකෙන් අවධානය වෙනත් පැති වලට ගියොත් පොස්ට් එක ගැන කිසිම හැගීමක් නැති වෙනවා. හරියට පාරේ වාහනයක් එලවනකොට දෙපැත්තේ තියෙන කඩවල බෝඩ් කියවන්න යනවා වගේ. ඒ ඇතිම් මම දැකපු සාර්ථකම බ්ලොග් එකක් ඔයාගේ එක. ඔක්කොම පොස්ට් එකතැනකට එන්න ඕනේ කියන එක මමත් විශ්වාස කරපු දෙයක්. මුලසිට කියවන්න කියළා පිටුවක් එකතු කළේ ඒ නිසා. මුලින්ම යාහූ පයිප් කියළා එකකින් මේක ස්වයංක්‍රීයව වෙන ගැජට් එකක් හමු වුණා. පස්සේ එයාලා පයිප් සේවාව නතර කළා. ඉන් පස්සේ වෙනත් මෙවලමක් හොයා ගන්න මට පුළුවන් වුණා.

      Delete
    2. //හරියට පාරේ වාහනයක් එලවනකොට දෙපැත්තේ තියෙන කඩවල බෝඩ් කියවන්න යනවා වගේ.//

      මේ කතාව සහතික ඇත්ත. පමණට වඩා තියන දේවල් බැහැර කරල අවශ්‍යම දේවල් ටික විතරක් ඉතුරු කරාම ඒක ඇහැට හරි ප්රියයි..හරියට පොතක් කියවනවා වගේ..අපි පුරුදු වෙලා ඉන්නෙ සුදු කඩදාසියක කලු අකුරෙන් කියවන්න නෙ..ග්රැෆික් ඩිසයින් ඉගනගද්දි පහුකාලීනව තමා Simplicity , Visual Economy වගේ ඩිසයින් මූලධර්ම ඉගෙන ගන්නෙ...එතන කියන්නෙත් මෙහෙම කාරණාවක්...ඩිසයින් එක අනවශ්‍ය තරම් සංකීර්ණ වෙන එක පුලුවන් තරම් වළක්වාගන්න කියල...මම හිතන්නෙ ජීවිතේටත් ඕක ඇතුලෙ පාඩමක් තියනව... මුල සිට කියවන්න වැඩෙත් මරු..මගෙත් බ්ලොග් එකක් හැදීමේ පළවෙනි අවශ්‍යතාව වුණේ ඒක තමා..මූණුපොතෙයි තැන තැන ටයිප් කරල දාන දේවල් එක තැනක එකතු කරල තියන එක..බ්ලොග් කියවන අයටත් තමන්ටත් ලොකු පහසුවක් ඒක..

      Delete
    3. මම ඔය ගැන ලියලා තියෙනවා. .ඇත්තටම මේක ජාතක කතාවක්. එතැන තිබ්බ ලස්සර පින්තූරේ නෑ. ඒකට අයිතිකාරයෝ කොටලා. මුල්ම කාලේ මම පින්තූර භාගත කරලා දානවා වෙනුවට ලින්ක් එක දාලා
      http://awidda-paya.blogspot.com/2012/06/blog-post.html

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...