Monday, August 10, 2015

එතකොට අරවා කාටද ? ...... For whom those for ......

දිනක් පියෙකු අවුරුදු අටක වයසින් යුත් තම පුතු සමග ෆාමසියකට ගොඩවැදුනි. ඔවුන්ට උපත් පාළන කොපු සහිත රාක්කය අසලින් යන්නට සිදු විය. ඒවා දුටු දරුවා "තාත්තේ මොනවද ඒ?" යනුවෙන් ප්‍රශ්න කළේය. පියා කිසිදු පැකිලීමකින් තොරව, කරුණු කාරණා සහිතව පිළිතුරු දුනි.
"පුතා ඒවාට කියන්නේ කොන්ඩම් කියලා. පිරිමි ආරක්ෂිතව ලිංගික හැසිරීම් කරන්න ඒවා පාවිච්චි කරනවා"
"ආහ් ! එහෙමද ? " යනුවෙන් මදක් කල්පනාවට වැටුණු කොලුවා පැවසීය.
 "සෞඛ්‍යය පාඩමට පන්තියේදී අහල තියෙනවා" රාක්කය දෙස බැලූ හෙතෙම කොන්ඩම් තුනක් සහිත පැකට්ටුවක් අතට ගෙන
"ඇයි මේකේ තුනක් තියෙන්නේ ?" යනුවෙන් විමසීය.
"ඒවා උසස්පෙළ පන්තිවල ඉන්න අයට. එකක් සිකුරාදාට, අනිත් දෙක සෙනසුරාදා-ඉරිදට" යනුවෙන් පිළිතුරු දුණි.
 "හොඳයි" යනුවෙන් පිළිතුරු දුන් කොලුවා, එක පැකට්ටුවක හයක් තිබෙන ඒවා ඇති බව දැක 
"එතකොට මේවා කාටද ?"
"ඒවා තියෙන්නේ කැම්පස් යන අයියලට. දෙකක් සිකුරාදාට, තව දෙක-දෙක සෙනසුරාදා ඉරිදට"
"ෂාහ් ! " යනුවෙන් විශ්මය පළ කළ කොලුවා. "එතකොට අරවා කාටද ?" යනුවෙන් පවසමින් එක්ක 12ක් තිබෙන කොන්ඩම් පැකට්ටුව පෙන්වීය.
පින්තූරය ගත්තේ : www.exchangesupplies.org

 දෑසට නැගුනු කඳුලත් සමග සුසුමක් පිට කරමින් පිළිතුරු දුන් පියා
"ඒවා බැඳපු අයට. එකක් ජනවාරි වලට, එකක් පෙබරවාරි වලට, අනික මාර්තු ....." යනුවෙන් පැවසීය.
 
http://www.awesomequotes4u.com වෙබ් අඩවිය ඇසුරිනි. 
 මෙය බටහිට රටක පියෙකු සහ පුතෙකු අතර ඇති වූ සංවාදයක් බව කරුණාවෙන් සලකන්න. 

61 comments:

  1. මටත් දොළහේ පැකට් එකක්.. හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. ඇයි බැලුම් එල්ලන්නද?

      Delete
    2. උවමනා නම් දොළහේ පැකට් එකක් වෙනුවට තුනේ හතරක් හරි හයේ දෙකක් හරි ගන්න පුළුවන්.

      Delete
    3. එකට ආපහු ඒ ලෙවල් කාලෙට හරි කැම්පස් කාලෙට හරි යන්න වෙනවනේ.. දැන් 'එක දිගට පාඩම් කරන්න' ටිකක් අමාරු වෙයි.. හැක හැක ..

      Delete
  2. මට මතක් උනේ අර පෑන්ටි කතාව

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද අයියේ

      Delete
    2. මමත් අහලා තියෙනවා, මතක නෑ.

      Delete
    3. ඔන්න අර සංජීව මෙන්ඩිස් වගේ බුවෙක් ගියාලු පෑන්ටි හදන කම්පැනියක ඉන්ටවීව් එකකට. පෑන්ටි 5, 7, 12 පාර්සල් තුනක් පෙන්නල ඇහුවලු මේවා මොකටද කියල. කොල්ල කියන්නෙ මෙහෙමයි.

      ‍"මේ පහේ එක ඇමරිකාවටයි යුරෝපයටයි. දවසට එක ගානෙ. වීකෙන්ඩ් එකට එහෙ ගෑනු පෑන්ටි අඳින්නෙ නෑ"

      "මේ හතේ එක ලංකාවට. ලංකාවෙ කෙල්ලො දවස් හතේම අඳිනවනෙ"

      "එතකොට මේ දොලහෙ එක?"

      "ඒක ඉන්දියාවට. ඉන්දියාවෙ කෙල්ලො එකක් මාසයක් අඳිනව. මාස දොලහට දොලහයි"

      Delete
    4. පෑන්ටි නම් මෙන්ඩා
      මෙන්ඩා නම් පෑන්ටි

      Delete
  3. බැඳපු අයට....? ම්.... බඳින්නෙ නැතුව ඉන්න එක හොඳයිද මන්දා......

    ReplyDelete
    Replies
    1. පිස්සු කියන්න එපා බැඳපු අයට කොන්ඩම් නැතිව පුලුවන් යකෝ..

      Delete
    2. අම්මටසිරි ඕක මතක් උනෙ නෑ කියහංකො.... මාසෙකට සැරයක් ඕනෙ වෙන්නෙ ඒකයි එහෙනං.....

      Delete
    3. පල නෙලුවට කමක් නෑ - ලෙලි බිම දාන්න එපා :D

      Delete
    4. @යසන්ත : හොඳ නරක දෙකම තියෙනවා.
      @ඇනෝ : සාර්ථකත්වයේ ප්‍රතිශතය කීයද ?
      @යසන්ත : ඕක කිව්වේ ටැමිල් වලින්ද ?
      @පත්තරේ : ඒ කතාවත් මරු.

      Delete
    5. AnonymousAugust 10, 2015 10:12 AM
      උඹේ කට කපනවා දැනගනින් ........................
      32 යි දැනට තුනක් ඩෝ.... එකෙක් යන්තම් ඉස්කෝලේ යනවා

      Delete
  4. දැන් සුදීක ගන්නේ කොයි පැකට් ද

    ReplyDelete
    Replies
    1. @නලින් : බැංකොක් වල අර මැෂින් වල තියෙන, දෙකේ ඒවා තියෙනවනම් හොඳයි.
      @පත්තරේ : බත් රස දන්නෝ .... වෙල හඳුඅන්න්නෝ...
      @මෙන්ඩා : කඩතොළු රහිත.
      @ඩ්‍රැකී : කථාවක් හැදෙයිද දන්නේ නෑ, කොහොමද දන්නේ කියලා.

      Delete
  5. බැඳපු අයට ලිංගිකව හැසිරෙන්න කොන්ඩම් ඕනම නැති හින්ද වෙන්න ඇති නේද​? [ ළමයි එහෙම හදන්න බලාපොරොත්තුවෙන්... :) ]

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ හැටියට නේ අවශ්‍යතාව.

      Delete
  6. මටත් හයක පැකැට් එකයි..
    තුනක පැකට් එකයි..
    එකක් ගෙදරට..12 එක
    ඡනවාරි/ පෙබරවාරි වලට එකයි
    මාර්තු/ අප්‍රේල් වලට එකයි
    මාස දෙකකට එක බැගින් මාස 6ට
    අනික ඉරිදට..18 ටේ කනුවට..
    තුනේ එකේ..
    එදා දවසේම ඉවරයි..

    ReplyDelete
    Replies
    1. මං මේ වැලේ වැල් නැතුව ඉද්දි මූ මගුලක් කියවනවා .… චැහ් :D

      Delete
    2. @මෙන්ඩා : උඹගේ නම "එලද බ්‍රා කොණ්ඩා" කියලා දාන්න හිතෙනවා.
      @පත්තරේ : බලපන් මල්ලි මේවට තමයි කියන්නේ "බත් තියෙන තැනටමයි කොසුත්" කියලා.

      Delete
  7. Replies
    1. පුතා පව් වෙන්නේ කොහොමද? ඒ ලේවලුත් කරයි.. කැම්පස් එකටත් යයි.. හැබැයි බඳින එකක්නම් නෑ කතාව තෙරුනානම්.. හැක හැක හැක..

      Delete
    2. @පොඩ්ඩි : නෑ එයාලට ඒවා ඕනේ නෑ.

      @ කමි : ෂුවර් එකටම ඉන් පස්සේ හොඳට පාඩම් කරන්න ඇති.

      Delete
  8. ෆාමසියටම එකපාර සාධරණ ගානක් කියන්ඩ :D

    ReplyDelete
    Replies
    1. ඇයි බැලුම් එල්ලන්නද?

      Delete
    2. @පත්තරේ : මේවා ලොකු ෆාමසි ආයිබෝවන්ඩ. හේම ලේසියට ගන්ඩ බෑ.
      @මෙන්ඩා : මදුරුවෝ කනවට කියන්නේ.

      Delete
  9. හි හි මං හිතුවේ පෙපරමින්ට් පැකට් එකක් කියලා ඒකයි කියවන්න ආවේ :p

    ReplyDelete
    Replies
    1. ඉතිං දැන් මොකෑ හිතෙන්නේ. මට බැරි වුණානේ මේකට 18+ දාන්න.

      Delete
  10. මං මේ කල්පනා කළේ මේ කතාව ලංකාවෙ එහෙම උනානං කොහොම වෙයිද කියලයි.

    ReplyDelete
    Replies
    1. @ප්‍රසන්න : එහෙම වුණානම් තාත්තා කියයි, ඕවා සුද්දන්ට විකුණන්න තියෙන ඒවා කියලා.
      @මෙන්ඩා : පොඩි මෙන්ඩට ගැහුවොත් බලාගෙන.

      Delete
    2. ඇම්ඩන් දවසක් ෆාමසියකට ගිහින් කොන්ඩොම් එකල මිලදි අරගත්තා.පස්සෙ ඇම්ඩන් තමන්ටම හිනා වෙමින් යනවා.ෆාමසි මුදලාල හිතනවා මොකද මිනිහා හිනා වෙන්නේ.ලැජ්ජා කාරයෙක් වගේ.

      ඊලඟ දවසෙත් ඇම්ඩන් මේ ෆාමසියටම ඇවිල්ලා කොන්ඩොම් එකක් ඇරගෙන තරමක ලොකු සිනහවක් පාලා යන්න ගියා.
      කොන්ඩොම් ගන්න එක හිනා වෙන්න කාරණයක්ද? මෙහෙම හිතපු ෆාමසි මුදලාලි සිය සේවකයට කියනවා " හෙට ඔය මිනිහා ආවොත් තමුසේ උගේ පස්සෙන් ෆලෝ කරලා
      බලනවා මිනිහා මොනාද කොන්ඩොම්ස් වලට කොරන්නේ කියලා.
      තුන්වැනි දවසෙත් ඇම්ඩන් ඇවිල්ලා කොන්ඩම් මිලදී අරං මහ හයියෙන් හිනාවෙලා යන්න ගියා. මුදලාලිගේ සේවකයා හොරෙංම ඇම්ඩාගේ පස්සේ ගියා.
      පැයකට පස්සේ සේවකයා දාඩිය පෙරාගෙන කඩේට එනවා.මුදලාලි අහනවා කොහෙද අයිෂේ මිනිහා ගියේ කියලා?

      සේවකයා කියනවා " සෑර් ඔයාගේ ගෙදරටනේ"

      Delete
  11. ඕවා හදන පැට්ටරියක කාමරයක් කුලියට ගන්ඩ ඕන :P

    ReplyDelete
    Replies
    1. මේක කිව්වම තව කතාවක් මතක් වුණා රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවේ ගිය.

      එක් මහලු කාන්තාවක් දතක් ගලවා ගන්න දන්ත ශල්‍යාගාරයකට ගිහිං. එතන ඉන්න දොස්තරට පෙනිලා කාන්තාව ඉන්නේ හයකින් ඒ නිසා අැයව රිලැක්ස් කරන්න විහිලු කතාවක් කියන්න ඕනේ කියලා.

      දොස්තර : මිසිස් ඇග්නස් දන්නවද මෙක්සිකෝවේ ලේටෙක්ස් වලින් ග්ලවුස් හදන හැටි.

      මේකට පිළිතුරු ඇය කට පියාගෙන හිසින් දීලා. උත්තරය දන්නේ නැති බව.

      දොස්තර : උණු ලේටෙක්ස් එකක් ගාව, එක-එක සයිස් වල ගැහැණු පිරිමි ඉඳගෙන අත් දෙක ඒකට දාලා, එලියට අරං නිවුනම ග්ලවුස් ගලවනවා.

      කාන්තාව දන්නවා ලේටෙක්ස්(රබර් මිශ්‍රණයක්) නිෂ්පාදන වලට ප්‍රසිද්ධ මෙක්සිකෝව කියලා.ඉතිං ඊට පස්සේ කාන්තාව නවත්තන්නේ නැතිවම හිනා වෙනවලු. දොස්තරටත් හරි සතුටුළු. මොකද එයාගේ විහිළුව වැඩ කරපු නිසා. ආයාසයෙන් හිනාව නවත්තපු කාන්තාව කිව්වලු

      "මම මේ කල්පනා කලේ කොහොමද මෙක්සිකෝවේ කොන්ඩම් හදන්නේ කියලා."

      Delete
  12. මට නං එකක්වත් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ නිෂ්පාදනාගාරය වසා ඇත කියන එකද ?

      Delete
    2. අවදානම් කලාපයෙන් බැහැරව ඇත! හික්

      Delete
  13. දැනට භාවිතයේ පවතින රාජ්‍ය ලාංඡනය වෙනුවට කොන්ඩමයක් පින්තූරයක් යොදා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවට රජය ඊයේ නිවේදනය කලාය.
    ඊට හේතු වශයෙන් වත්මන් රාජ්‍ය ලාංඡනයට වඩා මැනැවින් කොන්ඩමය රජය ස්ථාවරය ප්‍රදර්ශණය කරන බව රජය වැඩි දුරටත් ක්‍රියා සිටී.
    කොන්ඩමය වඩා හොඳින් උද්ධමනයට ඔරොත්තු දෙන අතර, නිශ්පාදනය අවහිර කරයි. ඊට අමතරව මතු පරම්පරා විනාශකිරීමෙන් නොනැවතී, ප*යින්ව ආරක්ෂා කරයි. එමෙන්ම ජනතාව අපහරණයට පත් වෙද්දී පවා ඔවුන්ට ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ඇතිවේ.

    ReplyDelete
    Replies
    1. @ඩූඩ් /ඩ්‍රැකී : පුද්ගල නාම, ආයතන නාම, පිලිබඳ සඳහන් කිරීමේදී ඒ පිලිබඳ වගකීම තමන්ම දරන්න ඕනේ. මාධ්‍ය ආයතන විදියට අපි ඒවාට වග කියන්නේ නෑ.

      Delete
    2. ++++++++++++++++++++ dude

      Delete
    3. බාවිතයෙන් පසු ඉවත දැමීම යන යන රාජ්‍ය ප්‍රතිපත්තියද මැනවින් පිළිබිඹු කරයි.

      Delete
  14. මමත් සුපර් මාර්කට්, ෆාමසි, වගේ තැන්වලට ගියාම ඔව්වා දකිනවා. ඉතිං මං ඔව්වා දිහා බලා ඉඳලා, ඉඳලා, ඉඳලා, ඉඳලා, ................................

    ආපහු එනවා.

    ReplyDelete
    Replies
    1. දුකේ බෑ නේද ? ලොක්කා. හමුදාවේ ඉන්න කාලේ මතක් වෙනවා ඇති.

      Delete
    2. මඩ ගහන්න එපා............දැන් කොල්ලෝ ගහන්නේ නෑ නෑ නෑ

      Delete
  15. 12හේ පැකට් එක ගන්න එක ලාබයි වගේ ඒ කියන්නේ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔයා කැම්පස් ගිහිං ඉවරයි.

      Delete
  16. ගන්න ඒක පුළුවන් තරම් වැඩි පුර තියෙන ඒකක් ගමු......

    ReplyDelete
  17. ඇම්ඩන්ගේ මව වැඩට ගොසිනි.අල්ලපු ගෙදර වයලට් ඇන්ටි එනකන් තත්තා කොන්ඩමයක් අතේ තියාගෙන කාමරයේ බලා ඉඳී.තාත්තාගේ සරම කුඩාරමක් වැනිය. ඇම්ඩන් හදිසීයේම සිය පියාගේ කාමරයට දිව
    ආවේය.තාත්තා කූඩාරමක් සේ කෙලින් වී තියෙන සරම සඟවා ගැනීමට යමක් සොයන්නාසේ වහා බිම නැමුනි.කුඩා
    ඇම්ඩන් කොන්ඩම් ගැන නොදන්නවායැයි සිතා හෙතෙම එය සඟවා නොගත්තේය.
    ඇම්ඩන්- මොකද තාත්තා බිම නැමිලා
    තාත්තා- ආ මේ මීයෙක් බිම දිගේ දීවා මෙතැනින්.ඌව අල්ලගන්න බැලුවේ
    ඇම්ඩන්- ඇයි තාත්තා මීයා හොයන්නේ ඔය අතේ තියෙන කොපුව දාලා ඌටත් අරින්නද? ඇම්ඩ ආවාටත් වඩා වේගයෙන් එලියට දිව යමීන් ඇසීය

    ReplyDelete
  18. අපේ සමහර කැම්පස් කොල්ලන්ටනං ඔය පැකට් ඇතුලෙ මොකවත් නැතිව දවටනය විතරක් තිබුණත් ඇති මයෙ හිතේ. සුදීක සහෝ, මග ඇරිලා තිබුනෙ මේ බ්ලොග. මෙන්ඩා එහෙම ඉතාම දයා බැතියෙන් සිහිකරන නිසා හොයාගෙන ආවෙ. දැං ඉතිං සඳේ එන්නම් ඔබේ බොගටා....

    ReplyDelete
    Replies
    1. අපේ කැම්පස්වල කොහොමත් කෙරෙන්නේ ඝර්ෂණය ගැන පාඩම් කියලා තමා අහලා තියෙන්නේ

      Delete
  19. සුදීක අයියෙ ..ඒ ලෙවල් කාලෙ ඉන්නකොට ඔය ස්ටඩඩ් , රිබ්ඩ් කොන්ඩම් ගැන ඇඩ් වගයක් කොහේ හරි දැකල අපේ පංතියේ එවුන් ඒ ගැන කතාව.. එකෙක් කියනවා, අපිට ඔව්වයින් වැඩක් නෑ නේ බං විරුද්ධ පක්ෂේටනේ ඕකෙ ප්‍රයෝජනේ (මං මේ සංවරව ලිව්වෙ) ..එතකොට එකෙක් පැනල කියපි "ඉතින් යකෝ ඕක කණපිට හරෝල දාගනින්කෝ.. වැඩේ ඉවරනේ"......

    ReplyDelete
  20. ඇමරිකාවෙ කොණ්ඩම් වෙළදාම ගැන වතාවක් එහෙ ඉන්න සමීරයා කාමරේට ලිව්වා...

    ReplyDelete
  21. තාත්තාගෙන් මමත් අහලා බලන්ඩ ඕනේය...

    කියලා හිතන්නේ
    4/15 ඉන්න යා ෂා.

    ReplyDelete
  22. අයියන්ඩි අලුත් ලිපියක් ඔනේ

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...