මාතෘකාව බැලුවම මොකක්ද මම මේ කියන්න යන හරුපේ කියලා අපේ කාන්තා වගේම පිරිමි පාර්ශවේ අයටත් හිතෙන්න පුළුවන්. ඇයි දෙයියනේ මේ අවුරුදු කටේ මේ වගේ හරුපයක් කිව්වම මඥ්ඥකොරොස් වෙන්නේ නැද්ද ? මේ දවස් වල ලංකාවට ඉර මුදුන් වෙලා නිසා ඔලුව කුරවල් වෙලා කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. සිංහල අලුත් අවුරුද්ද කිව්වම කොහෝ නාදය, අවුරුදු ක්‍රීඩා, රසකැවිලි වගේම වැදගත් දෙයක් තමයි අලුත් ඇඳුම්. මේ සටහන අලුත් නැතත් පරණ ඇඳුම් පිළිවෙලකට තබා ගන්න වැදගත් වෙනවා කියලා කියන්න පුළුවන්.
ඇඳුම් කිව්වම ඉතින් ඕනෙම කෙනෙකුට මතක් වෙන්නේ ෂර්ට්, කලිසම්, සරම්, ගවුම්, සාරි හැට්ට්ට වුණත්. වැඩට යන, ක්‍රීඩා කරන, පුරුෂ පාර්ශවයට ඉතා වැදගත් ඇඳුම් කොටසක් තමයි මේස් නැත්නම් සිංහලෙන්ම කියනවා නම් සොක්ස් (හරි හරි නෑ කිව්වේ නා යටිතල පහසුකම් .... ඒවත් ඇඳුම් තමයි. හැබැයි මෙතනට අදාළ නැති නිසා ඒ ගැන දොඩවන්න යන්නේ නෑ. ඇරත් ඉතිං ඒවා ගැන කථා කරන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා නේ. දැන් බ්ලොග් වසන්තයා නිදියගෙන හිටිය අමු වැඩ්ඩෝ ටිකක් අවුස්සගෙන ඉන්න හින්දා මොන මොනවා ලියවෙයිද කියලා කියන්න බෑ. අප්පට සිරි තවම වරහන් ඇතුලේ නේද යන්නේ. කෝ ඉන්න මං වහලා දාන්නනම්). ඕං වැහුවා.
හරි මම මොනවද මේස මේස් (දෙමළ නයන්නාගේ පෙන්වීම අනුව නිවැරදි කරන ලදේ)වලින් දාන්න යන සෙල්ලම. අන්තිමට බලන්නකෝ. මොනවා වුනත් මම නොමිලේම මගේ මේස් දාලා තියෙන පෙට්ටි දෙක පෙන්වනවා ඔයාලට නොමිලේම. නයා පාරක් කියලා හිතන්න එපා. අන්තිම වෙනකම් බලන්න. මේ තියෙන්නේ බඩු.
උදේට හරි කරදරේ. අපේ ගෙදර ඉන්න අයිල් මැතිනිය තමයි මේ රාජකාරිය කරන්නේ. වැඩේ තියෙන්නේ උන්දා ගහන ගැට නිසා පෙට්ටි දෙකක් පුරාවට මේවා පුරවලා තියෙන්න වෙලා. එක පෙට්ටියක දැම්මොත් උදේට එකටත් විනාඩියක් විතර අපතේ යනවා. හැබැයි අපි දකින්න යන මේ වැඩෙන් වෙලාවත් ඉඩත් ඉතිරි වෙනවා. මොකටෙයි මම අටුවා ටීකා ලියන්නේ ඔන්න වචන දහසක් වටින ජේ.පී.ජී. පින්තූර නෙවෙයි ඒ වගේ තුන් ගුණයක් ඒ කියන්නේ වචන තුන්දහසක් වටින ජී.අයි.එෆ්. වලින්ම. අන්තිමට තියෙන වීඩියෝව කැමති නම් බලන්න. තාම හැම තැනම ෆ්‍රී වයිෆයි නෑ තමයි.
මේ තියෙන්නේ සෙල්ලම චීන්නු හැම දේකටම මොනවා හරි කෙටි ක්‍රමයක් හොයා ගන්නවා. මුලින්ම තියෙන තනි රූපෙන් වැඩේ අල්ලා ගත්ත අය කෙලින්ම යටට ගිහිං මගේ සොක්ස් පෙට්ටි වලට මොනවද වුනේ කියලා බලාගෙන ඩේටා ඉතිරි වෙලා තියෙනවා නම් වීඩියෝ එකත් බලන්න.
පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/ |
පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
ඊට පස්සේ මේම නමා ගන්න(නමා ගන්න කිව්වම අපේ ගල් බලකායේ මහත්තුරුන්ට මතක් වෙනව ඇත්තේ වෙන දෙයක්)
පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/ |
පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/ |
පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/ |
පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/ |
තොරණේ විස්තරය ඉවරයිද නෝනාවරුනි මහත්වරුනි. නැත නැත පිංවත කලින් පෙන්වනවා කිව්වා මගේ නයි පෙට්ටිය. ඕං බලාන්ඩලා.
මොකෝ මේ මැජික් වගේ එක පෙට්ටියක් වාලා. ඇයි අනේ නයි දාසයක්ම එක පෙට්ටියකට දැම්මට පස්සේ මොකටෙයි තව පෙට්ටියක්. ඒකෙ වෙන මොනවා හරි දාන්න බැරියැයි. හා... හා... බිත්තර බැරිනම් ඔම්ලට් හරි මගේ මොකෝ.
ඔන්න දැන් තමයි වීඩියෝ එක. බලාගන්නකෝ මුල ඉඳන් සරල පැහැදිලිව.
මේක දැක්ක ගමන් අපේ විචාරක මහත්තයයි, ජූඩ් නෙවෙයි ඩූඩ් කියලා සුදු මහත්තයෙක් ඉන්නවා මතක ඇතිනේ. අන්න එයයිලා පරල වෙනවා ෂුවර්. මොකද ඒ දෙන්නට මේවා පෙන්නන්න බෑ.
එහෙනම් ලබන්නාවු සිංහල දමිල අවුරුද්දද සියලු දෙනාටම සුබ වෙන්න කියලා හදවතින්ම පතනවා.
මං ඔය ක්‍රමය ඉගෙන ගත්තේ මුලින්ම වැඩ කරපු සියගෙන්, පොඩි මේස් ඔය විදියටත්, වින්ටර් එකට දාන ලොකු කකුලේ උඩටම දිග මේස ඔයිට සමානම වෙනස් විදියකටත් තමයි මෙයාලා නමන්නේ,,
ReplyDeleteස්තුතී..
අපි කැමතියි ඒ ක්‍රමේ බලාගන්න. දාමු පොස්ට් එකක්.
Deleteහෝදද්දී තමා මේවා අන්තරස්දාන වෙන්නේ! මං ළඟ තියෙනවා සහයකයා අහිමි උණු තනි කකුල් සෙට් එකක්ම! :D
ReplyDeleteමම ලැජ්ජාවට ඉතිරි වෙච්චි තනි කකුල් ටික අර මැජික් පෙට්ටියේම තියලා තිබ්බා. මම හිතුවේ අපේ සේවිකාව(අයිල් මැතිනිය) එක කකුලක් හංගලා කියලා.
Deleteහෙහ් හෙහ් හෙහ්...........................අනේ අනේ නන්නානේ. ඉස්සරනං ඔහොම හෝදලා නවලා, නියම තැනින් තිබ්බා. (මේස් යකෝ මේස්) දැන්නං මගේ ඇඳුම් අල්මාරියේ වෙනම තට්ටුවක මේස් පිරී තිබේ. දැන් වැඩිය ගමන් යන්නේ නැහැනේ ඔව්වා දාගෙන. හැබෑටම මේක දැක්කමයි මතක්වුනේ මේස් කුට්ටම් 50ක් වත් ඇති අල්මාරියේ. පිනට දෙන්නත් බැහැ. කවුද ගන්නේ?
ReplyDeleteකොහොමද ඉස්කෝලේ යනකාලේ මේස් සුවඳ? ඒ වගේම තමයි හමුදා පුහුණුව කාලෙත් මේස් සුවඳ දසත පැතිරෙනවා. තවමත් සමහර අය මේස් තෝරාගැනීම අතින් දුර්වලයි. පාට දිහා විතරයි බලන්නේ. තුනී කපු මේස් තෝරාගන්න ඕනේ අපේ රටේ දේශගුණය අනුව.
මේස් විතරක් නෙවෙයි, ලාග්ගෝ, බැනියම්, ලේන්සු, ආදියට තමන්ගේ අල්මාරියේ වෙනම තැන් සකස්කර නොගත්තම තමයි උදේට වැඩට යන්න ලෑස්ති වෙලා වෘෂභ ලීලාවෙන් දඟලන්නේ.
ඉස්කෝලේ යන කාලේ ඉතිං එක මේස් එකයිනේ. ඒකත් නයිලෝන්. ඒ ගඳට හේතුව ඒකයි. ඒ කාලේ දෙක තුනක් පාවිච්චි කරන්න නිකං මොකක්ද මොකක්ද වගේ.
Deleteමම කිව්වේ. අවසර ආයිබෝවන්ඩ ලාග්ගෝ කිව්වේ .....
Deleteමෙන්න ඉන්නව ලාග්ගා
පිටරටක වැඩ කරපු නිසා පිලිවල කියන දේ බොහෝම ඉගෙන ගත්තා..
ReplyDeleteerrrrr.... බැනුම් ඇහීමට තරම් වෙරි වීනොමැති නිසා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකීමට අතිශය අකමැත්තෙන් වුවද තීරණය කල බව සාතිශීය සංවේගයෙන් දැනුම් දෙමි. දැනටත් පිටරට ඉන්නා පත්තරමහතා වැනි නිර්බීත අයට ඉඩ සලසමි
Delete++++++++++++++++++++++++
Deleteහෙක්.... හෙක්... අපිත් ඕවට එඩිතර නෑ. එයාටම(පත්තර මාතියා) කියමු.
Deleteඇත්තේනම මේ ආවමයි ඔබේ පෝ්ස්ටුව බැලූ බැල්මටම සිත් ඇදගත්තා. අනෙක් ලිපිත් කියවල මොනවා හරි ලියන්නම්
ReplyDeleteගුණසිංහ මහත්මයාගේ කමෙන්ට් මම දකිනවා අපේ විචාරක තුමාගේ බ්ලොග් එක. බොහොම ස්තුතියි.
Delete//මම මොනවද මේස වලින් දාන්න යන සෙල්ලම.// මේසෙ උඩ ඔලුවෙන් හිටගෙගන ඉන්න එක තමයි ඉතිං. :D
ReplyDeleteවැඩේනං අපූරුයි. ඔය විදියට කළාම කල්පැවැත්මටත් හොඳ වෙයි මම හිතන්නෙ.
ඇත්තටම සමස්තයක් ඇඳුම් වලට හොඳයි, ගලේ ගහනේ නැතිව , මිරිකන්නේ නැතිව හෝදලා. හෙවනේ වෙලාගෙන(පාට රෙදි කණපිට හරවල), හොඳින් නවලා හෝ හැඟර් වල එල්ලලා තියා ගැනීම. එතකොට ස්ත්‍රික් කරන්න යන කාලේ අඩු වෙනවා. ලයිට් බිලටත් හොඳයි.
Deleteමමත් ඔහොම කරලා බලන්න ඕන. හැබැයි ඊට කලින් මගේ මේස් දාපු තැන හොයන්න ඕනනේ. :)
ReplyDeleteමම මේක දැක්කේ ගෙදර ඉන්නකොට හොඳ වෙලාවට. ඉන් පස්සේ තමයි දැන ගත්තේ තනි කකුලේ මේස් කීපයක්ම තියෙනවා කියලා. ඊටත් පාස්සේ තමයි දැන ගත්තේ මේවා වොෂින් මැෂින් ගල් කරනවා කියලා. ඔන්න ඕකයි කියන්නේ කමෙන්ට් වලින් ඉගෙන ගන්න පුළුවන් කියලා.
Deleteමේ ක්‍රමේනම් ප්‍රරෝජනයි. කාලේ ඉතුරුයි උදේට නැත්තම් ....
ReplyDeleteඒකෙ වටිනාකම තේරෙන්නේ අන්තිම මොහොතේ වැඩ කරන්න පුරුදු වෙලා ඉන්න අයට
Deleteමේකත් හොඳ වැඩක්. මම නම් දෙකට නවල සපත්තු රැක් එකේ අයිනකින් තියල තියෙන්නෙ. බලමු මේ විදිහටත් කරල. දිගටම කරගෙන යන්න පුළුවන් වෙයිද තමයි දන්නෙ නැත්තෙ. :D
ReplyDeleteකතාවක් තියෙනවනේ එක දිගට දවස් 21 කළොත් ඒක ස්ථිරවම පුරුද්දක් බවට පත් වෙනවා කියලා.
Deleteඅඩේ.... මම අදුරන මෙහෙ (මෙහෙ කිව්වේ අපේ ගෙදරම) ඉන්න නංගි කෙනෙක් මගේ මේස් තියන පිලිවල මීටත් වඩා ලේසියි පහසුයි වගේ.............. එන්නකෝ බලන්න වෙලාවක පොටෝ කැල්ලක් දෙකක් දාන්න (මේස් වලයි නංගිගෙයි)
ReplyDeleteආවා ආවා. ඒ සුදු මහත්තයා ආවා. ඇත්තෙන්ම සුදීක මම මේ වගේ පෝස්ට් වලට හරි කැමතියි. මතකද මමත් මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කලා. නමුත් දැන් ඒක අතෑරලා දාලා මේස් කුට්ටම් එකට ගැට ගහලා නැතිනම් එකක් ඇතුලට අනික රිංගවලා ලාච්චුවකට පුරවල තියෙන්නේ. එක හේතුවක් මම බය වුනා මම එක්තරා විදියක මේනියාවකින් නැතිනම් control freak වගේ තත්වයකින් පෙළෙනවද කියලා. අනික අරවිදියට නීට් එකට නවලා දාන්න පුලුවන් සීමාවක් තියෙනවා ලාච්චුවක් ඇතුලේ. ඔක්කොම එක ගොඩේ එබුවාම අරවගේ දෙතුන් ගුණයක් ඔබන්න පුලුවන්.
ReplyDeleteඔය හෝදද්දි තනිවෙන මේස් කේස් එක ජාත්‍යන්තර සංසිද්ධිය. තාම කිසි කෙනෙක් හොයාගෙන නෑ ඒවට මොකද වෙන්නේ කියලා. මට නම් එකම එක දවසක් එහෙම නැතිවෙච්ච මේස් එකක් හම්බවුනා. ඒ වොෂිං මැෂින් ස්පිනර් එකේ චේම්බර් එක අස්සට වැටිලා තිබිලා. නමුත් ඒක හම්බවෙද්දි ඒක පල්ප් එකක් වගේ දිරලා.
ඔය හෝදදි තනි වෙන මේස් වලට කියන නියම නමක් තියෙනවා. ඒතමයි Orphan socks.
Onna mamath awa mehaata
ReplyDeleteGodak wedagath postuwak
Me widihata nathath mamath socks dânne ekama thanakata
E wagema ekama jâthiyen kuttam thunak hatharak wath eka pâra gannawa
Ethakota sahayakaya nathi wimen siduwena gatalu awama wenawa
මට නං තියෙන්නෙ හැම තිස්සෙම මේස් තුට්ටං 3යි. ඒකට මොන කොන්ට්‍රෝල්ද? ඒ වුනත් වැදගත් ලිපියක්, හරිම කොමිටලාත්මකයි. යන්ඩ හැරුණ සුදික ආපහු ඇවිත්. ඒ ගැන සතුටුයි.
ReplyDeleteඋඹ මේස් ගැන ලියලා තියෙන පෝස්ට් එක රසවත් වෙන්න මම ඉදිරිපත් කරනවා පොඩී මේස් ගැටළුවක්. මෙන්න ගැටළුව.
ReplyDeleteඅඳුරේ තියෙන කාමරේක (බල්බ් එක පිච්චලා කියහංකෝ) ලාච්චුවක් තියෙනවා කලු මේසුයි සුදු මේසුයි. තමන්ට එක පාටකින් මේස් ජෝඩුවක් හදාගන්න අවම වශයෙන් මේස් කීයක් අතර අරගෙන කාමරෙන් එලියට යන්න ඕනෙද?
ශා මරු නේ...
ReplyDeleteමට මේස් එකක්වත් නැ
ReplyDelete