අයස ලඟදි මා ළඟ සිටි
|
යසවතිය
|
සසිරිබර සැපත නොම දුටු
|
සිරිමතිය
|
නීරස කුල බොජුන් වැලඳු
|
රසවතිය
|
කටුක වැල් යහන සැරසු
|
පතිවතිය
|
පර මල කියා මා ගැරහු | කුසුමාවී |
අඳ වූ මනෙත දිවසින් දුටු | නයනාවී |
මූ දේවිය ලෙස මා දුටු |
සීදේවී
|
නුඹේ සොහොන ළඟ නෙත් ලදුයෙමි | දේවී |
කෑවද බීවද කොහිදෝ අදත් | ගියේ |
නින්දට යන තුරුම නිදහස | නසාවියේ |
නුඹ නැතිදා මගෙ නිදහස | එපාවියේ |
ඇයි මා දා ගියෙ මුර | දේවතාවියේ |
මේ අත් දනී දුන් හැටි බැට නිමක් | නැතී |
මේ මුව දනී දුන් නොසරුප් බැනුම් | වැසී |
අනේ ගහ බැනුම් කිසිවක් හිතේ | නැතී |
පාලුයි මගේ පැල අඳුරුයි | පබාවතී |
වද වද මගේම පරපුර හොඳ හිතින් | දරා |
ලැබ ලැබ කටුක දුක් ගිනි නැගුනු බුර | බුරා |
විඳ විඳ අපා දුක් මට සැපත දුන් | සරා |
අභිනික්මන් කලේ ඇයි මගෙ | යසෝදරා |
මෙම කවිපෙළ මාගේ නිර්මාණයක් නොවේ. රචකයාද අඥාත මෙය මගේ සොයුරියට ලබා දී තිබුණේ ඇගේ නිවසේ මියුරල් වැඩක් කරන්න ආ පුද්ගලයෙකි. සහකාර ඉංජිනේරුවකු වශයෙන් සේවය කර පසුව නිර්මාණකරණයේ යෙදෙන ඔහුද දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයෙකු බව දැනගන්නට ලැබුණි. ඔහුගේ නිර්මාණය පසුව රසවිඳිමු.
සැපතට වඩා නෙක දුක් දොම්නස් ලබන්නී
ReplyDeleteදරුවන් සැපත දින දින නිති පතන්නී
කුල ගෙය සතුට තම උරහිස දරන්නී
ගැරහුම් මිස පැසසුම් නම් නොදන්නී
කමෙන්ට් වල තියෙන කවි සෙට් එක වෙනම කවි පන්තියක් හදා ගන්න පුළුවන්.
Deleteඑයා කවදාහරි මේක දැක්කොත් ශෝක්,,
ReplyDeleteහරිම ලස්සනයි
එයා කිව්වේ සමියද ?
Deleteමම හිතන්නෙ දුක් විඳින්න බැරුව සිය දිවි නසාගෙනද කොහෙද.
ReplyDeleteඒ වගේ පෙන්නේ
Deleteහරි ලස්සනයි. කදුළුත් ආවා .. එයාගේ ඇත්ත අත්දැකීමක් ද මේක .
ReplyDeleteමම හිතන්නේ ලියපු කෙනාගේ අත්දැකීමක්.
Deleteඑකේන්ම පට්ට කවි ටික....
ReplyDeleteනැත්තං
Deleteඅන්තිම කවිය මරු..සාහිත්‍යය තුල වෙනස් විදියේ ක්ෂේත්‍රවල ඉන්න අයගේ දායකත්වය තුලින් මැවෙන නිර්මාන ඉතා විශිෂ්ටයි
ReplyDeleteඅවබෝධය ලැබෙනවිට ප්‍රමාදවී වැඩියි.
ReplyDeletemeka yamuna malanee perera mahathmiyage nirmanayak... den AL walata nirdeshithay..
ReplyDeleteඑහෙමද ? ඒ ගැන පොඩ්ඩක් හොයා බලන ඕනේ.
Delete