දිනේෂා මට හමු වන්නේ රිවරිනා හෝටලයේ මා සේවය කල සිව් වසරක කාලය තුළදීය. මා රිවරිනාවේ සේවයට යන්නේ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ පරිගණක පාඨමාලාව අවසන් කරනවාත් සමගමය. ඇය ඒ වනවිටත් එහි සේවයේ නියුතුවුව සිටියාය. මේ කතාවට දිනේෂා විශේෂ වුවත්, පිළිගැනීමේ අංශයේ සේවය කල දිනේෂලා සහ අප අතර මිතුදම තර වන්නේ දවසට දෙවරක් ලැබෙන තේ විවෙකයේදීය. රිවරිනාවේ ගිණුම් අංශය ඇත්තේ හරියටම පිළිගැනීමේ අංශයට පිටුපසිනි. එනිසා තේ විවේකයට පිළිගැනීමේ නිලධාරීන්, දුරකථන ක්‍රියාකරුවන් සහ අප එක වන්නේ අප දෙපාර්තමේන්තු දෙක යා කරන දොරටුව අසල ඇති බිත්ති තුනකින් වට වූ වර්ග අඩි 10ක පමණ කුඩා ඉඩකදීය.
ගිණුම් අංශයේ අපට රාජකාරී අවශ්‍යතා මත හැර පුද්ගලික කථාබහ සඳහා ඉඩකඩක් නැත. අප විහිළුවක් තහළුවක් හෝ ඕපයක් දොඩවන්නේ මේ මිනිත්තු පහේ විවෙකයේදීය. එකල මා පරිගණක කාමරයක කොටු කර තැබූ බැවින්, උදේ ආහාරයෙන් පසු මේ විවේකය එනතුරු මා බලා සිටින්නේ තේ විවේකය එනතුරුය. ඉන්පසු දොළහයි පහලවට එන දිවා ආහාර විවේකය වෙනතුරුද, සවස තුනට ලැබෙන තේ විවේකය ලඟා වනතුරු මා නොඉවසිලිවන්තව බල සිටියා මතකය. මේ තේ විවේකයේදී නොයෙක් විහිලු තහළු, ඕපාදූප, අණ්ඩර දීම් සහ අවලම් විහිළුද විසි කරනු ලබයි. වරක් මා දිනේශාට කල එවැනි විහිළුවක් නිසා ඇයට සිනහව නවතා ගන්නට බැරිව බොමින් සිටි තේ උගුර අසල බිත්තියක් ස්ප්‍රේ කළා තවමත් මතකය.
ෆේස්බුක් වෙබ් අඩවියේ සුවිශේෂත්වය ලෙස මා දකින්නේ, යුග ගණන් ඔබට මගහැරුණු ඔබේ මිතුරන් යලි මුණගැසීමේ අවස්ථාව ඔවුන් සලසා තිබීමය. ජංගම දුරකථන පැමිණෙන්නට ප්‍රථම මෙසේ වෙන් වුවන් සියල්ල සමග ලිපි ගනුදෙනු නොකිරීම, ස්ථාවර දුරකථන සුඛෝපබෝගී සේවාවක්ව පැවති එම යුගය තුල සිදු නොවීය. ඇරත් සාමාන්‍ය ජීවිතයේදී ගැඹුරු මිත්‍රත්වයක් නොමැති අය සමග ලිපි මගින් අදහස් හුවමාරු කර ගන්නේ නැත. නමුත් අරයාට යවන ලිපියේ මෙයාවද මතක් කරන්න යන ආයාචනා බොහෝ තිබු බව මෙය කියවන තිස්පහ ඉක්මවූ සැවොම දන්නා කරුණකි. ෆේස්බුක් වඩා වැදගත් වන්නේ මේ සියලු කල්හී පැවති මිතුරු සමාගම් මවුස් ක්ලික් කිහිපයක දුරින් තබා ගැනීමේ හැකියාවය. එලෙස දිනේශාත් මාත් නැවත මිතුදම ගොඩනගා ගන්නේ දැනට අවුරුදු කිහිපයකට උඩදීය. ඇයට මා ගැන පැහැදිලි මතකයක් නැතත්, ෆේස්බුක් මිතුරන් සේ ගත කිරීම එයට බාධාවක් නොවේ. අප දෙදෙනා අතර වැඩි චැට් ගනුදෙනුවක්ද නොවීය.
එහෙත් මෝඩයාගේ දිනයේදී ඇගේ ෆේස්බුක් බිත්තිය නොහොත් වෝලය මත දමා තිබූ වීඩියෝව නිකම්ම නිකං එකක් නොව ටෙඩ් වීඩියෝවකි. මේ වන විට ඔබ අප සැම ටෙඩ් වීඩියෝ එකක් හෝ කිහිපයක් බලා ඇත. ටෙඩ් යනු ලාබ නොලබන රාජ්‍ය නොවන සංවිධානය යන වර්ගීකරණයට අයත් ආයතනයකි. රාජ්‍ය නොවන යන වචන යුගලය දුටු ගමන් අපේ සිතට එන්නේ මොකක් හෝ මර උගුලක් යන්න බව නොරහසකි. ඔවුන්ගේම වචනයෙන් කියනවනම්
දිනේෂා බෙදාහැර තිබු වීඩියෝව විලියම් කම්ක්වම්බා විසින් ටෙඩ් වේදිකාවේ පවත්වන ලද්දකි. මේ ඔහුගේ කතාවයි
මේ අපූරු වීඩියෝව ශෙයා කල මගේ මිතුරිය දිනේශාටත්, TED ආයතනයටත් මගේ ස්තුතිය. මම හිතනවා ඔබත් මං වගේ අද ඉඳලා TED වීඩියෝ පිස්සෙක් වෙයි කියලා. ඔබේ දරුවන්ටත් මේවා පෙන්වන්න. එය ඔවුන් තුල ආත්ම විශ්වාසය ඇති කරයි.
ලොව තුල ප්‍රචලිත කිරීමට වටින නව අදහස් සඳහා වේදිකාවකි. 1984 දී තාක්‍ෂණය, විනෝදාස්වාදය සහ සැලසුම් වල එකතුවක් වූ සමුළුවක් ලෙස ඇරඹියද, අද විද්‍යාවේ සිට ව්‍යාපාර දක්වාත්, ටෙඩ්(TED) පුළුල් පරාසයක විහිදුනු අදහස් භාෂා 100කට වැඩි ගණනකින් ප්‍රචලිත කරන ආයතනයකි. මේ අතර ටෙඩ්-එක්ස්(TEDx) තමන්ගේ ජාතීන් අතර ටෙඩ් වැනි නිදහස් උළෙලවල් සංවිධානය කරන ලොව පුරා විසිරුණු සංවිධාන සඳහා උපකාර කිරීමේ අරමුණින් පවත්වාගෙන යන්නකි.
දිනේෂා බෙදාහැර තිබු වීඩියෝව විලියම් කම්ක්වම්බා විසින් ටෙඩ් වේදිකාවේ පවත්වන ලද්දකි. මේ ඔහුගේ කතාවයි
අවුරුදු දෙකකට කලින් මා ටැන්සානියාවේ අරුෂා නගරේදී ටෙඩ් වේදිකාවට ගොඩ වුණා. එහිදී මම ඉතා කෙටියෙන් කථා කළා මගේ භාණ්ඩ නිෂ්පාදනයෙන් එකක් ගැන. ඒ මගේ ජීවිතය වෙනස් කල සරල යන්ත්‍රයක් ගැන.
ඊට කලින් මම මලාවි රටේ තියෙන මගේ ගෙදරින් පිට ඉඳලා නෑ. ජීවිතේට කොම්පියුටරයක් පාවිච්චි කරලා නෑ. අන්තර්ජාලය දැකලා නෑ. එදා වේදිකාව උඩදී මාව වෙව්ලුවා. මගේ ඉංග්‍රීසි නැති වෙලා ගියා. මට වමනේ දාන්න හිතුණා. ජීවිතේට ඒ තරං අසුන්ගු ගොඩක් මා වටේ ඉඳලා නෑ. (අසුන්ගු කියන්නේ) සුදු මිනිස්සු.
එදා මම කිව්වේ නැති කතාවක් තිබුණා. හොඳයි දැන් මම ඉන්නේ හුඟාක් හොඳින්. මම කැමති ඒ කතාව අද කියන්න.ඒ අපි දැක්කේ මගේ පවුලේ ළමයි.මං ඇරෙන්න හැමෝම කෙල්ලෝ. මේ මම තාත්තා එක්ක ගොඩාක් පුංචි කාලේ. විද්‍යාවේ ආශ්චර්ය ගැන දැන ගන්න කලින් මම දුප්පත් ගොවියන්ගේ රටේ සාමාන්‍ය ගොවියෙක්. අනිත් හැමෝම වගේ අපිත් වැව්වේ බඩ ඉරිඟු .
එක අවුරුද්දක වාසනාව අපිට පයින් ගැහුවා. 2001 දී අපිට භයානක අහේනියක් ඇති වුණා. මාස පහක් ඇතුලත හැම මාලාවි ජාතිකයෙක්ම බඩගින්නේ මැරෙන්න පටන් ගත්තා.මගේ පවුලේ අය දවසකට කෑවේ එක කෑම වේලයි. ඒකත් රෑට. ඒ (න්)සිමා ගුලි තුනක් එක් කෙනෙකුට. අපේ ඇඟවල් හරහා ඒ කෑම ගියා. අපිව ක්ෂය වෙලා ගියා.
මලාවි රටේ උසස් පෙලට ගෙවන්න සිදු වෙනවා. බඩගින්න නිසා මට පාසලෙන් පිටමං වෙන්න සිදු වුණා. මම තාත්තා දිහාත්, වියලී ගිය ගොවි බිම දිහාත් බැලුවා. ඒ මට බාර ගන්න අකමැති අනාගතය.
උසස් පෙලට පාසල් යන්න ලැබීම ගැන මම සතුටු වුණා, අධ්‍යාපනය ලබා ගන්න ඕන දෙයක් කරන්න මම හිතා ගත්තා. මම පුස්තකාලයට ගියා. මම පොත් කියෙව්වා, විද්‍යාව විශේෂයෙන්ම පිසික්ස්. මට එච්චර හොඳට ඉංග්‍රීසි කියවන්න බෑ. මම රූප සටහන් සහ පින්තූර වලින් ඒවා වටේ තියෙන වචන තේරුම් ගත්තා.
තවත් පොතක් ඒ දැනුම මගේ දෑතට ගෙනාවා. හුලං මෝලකට ජලවිදුලිය දෙන්නත්, වතුර පොම්ප කරන්නත් හැකි බව තිබුණා. වතුර පොම්ප කරනවා කියන්නේ වාරිමාර්ග, ඒ වෙනකොට අපි අත්විඳපු බඩගින්නට විරුද්ධව කළහැකි සටන. මම තීරණය කළා මමත් හුලං මෝලක් හදා ගන්නවා කියලා. නමුත් මට ඕන කරන කළමනා තිබ්බේ නෑ, මම ගියා සුන්බුන් ගොඩක් ලඟට එතැන මට ඕන දේ තිබුණා. මගේ මවත් ඇතුළුව බොහෝ දෙනෙක් කිව්වේ මට පිස්සු කියලා.
මට හමු වුණා ට්‍රැක්ටර් ෆෑන් එකක්, ශෝක් ඇබ්සෝබර් එකක්, පී.වී.සී. බට, බයිසිකල් රාමුවක් සහ ඩයිනමෝවක්. මම මගේ මැෂිම හැදුවා. මුලින්ම එක ලයිට් එකක්. පස්සේ ලයිට් හතරක් සුවිච් විතරක් නෙවෙයි විදුලි සීනුවක ආකෘතියට හදපු සර්කිට් බ්‍රේකර් එකක් එක්කම. තවත් මැෂිමක් වතුර පොම්ප කරා.
පෝලිං ගණන් මිනිස්සු අපේ ගේ ළඟ පෝලිමට හිටියා එයාලගේ ජංගම දුරකථනය චාජ් කර ගන්න. මට ඔවුන්ගෙන් ගැලවෙන්න බැරි වුණා. පත්තර වාර්තා කරුවනුත් ආවා, තවදුරටත් යත්දී බ්ලොග්කරුවනුත් ආවා, ඉන්පස්සේ ටෙඩ් කියලා එකකිනුත් ආවා. මම ඊට කලින් ගුවන් යානයක් දැකලා තිබුණේ නෑ. හෝටලයක නිදාගෙන තිබුණේ නෑ. ඒක නිසා අරූෂා වල වේදිකාවේදී මගේ ඉංග්‍රීසි නැති වෙලා ගියා. මම මෙහෙම දෙයක් කිව්වා "මම උත්සාහ කළා. මම හැදුවා"
ඒ නිසා මට හැම කෙනෙකුටම, මම වගේ අප්‍රිකානුවන්ට, බඩගින්න වෙනුවෙන් තමන්ගේ හීනත් එක්ක අරගල කර දුප්පතුන්ට, කියන්න දෙයක් තියෙනවා. දෙවිපිහිටයි. කවදාහරි ඹබ මේක අන්තර්ජාලයෙන් දකින්න පුළුවන්. මා ඔබට කියනවා, තමන් ගැන විශ්වාස කරන්න, බලාපොරොත්තු තියාගන්න. මොනවා වුණත්, අත අරින්න එපා. ස්තුතියි.ඇත්තටම ලෝකය අද පවතින තත්වයට පත්වෙලා තියෙන්නේ මේ වගේ උඩුගම් බලා පීනපු මිනිසුන් නිසා. තමන්ට යමක් ගැන විශ්වාසයක් තියෙනවනම්, අනෙක් අය මොනවා කිව්වත් ඒ දේ කරන්න ඕනේ. විලියම් අපිට කියා දෙන පාඩම එයයි.
මේ අපූරු වීඩියෝව ශෙයා කල මගේ මිතුරිය දිනේශාටත්, TED ආයතනයටත් මගේ ස්තුතිය. මම හිතනවා ඔබත් මං වගේ අද ඉඳලා TED වීඩියෝ පිස්සෙක් වෙයි කියලා. ඔබේ දරුවන්ටත් මේවා පෙන්වන්න. එය ඔවුන් තුල ආත්ම විශ්වාසය ඇති කරයි.
අහම්බෙන් ආවෙ. මලාවි අපි ජීව්ත් උන රටට කිටිටු නිසා මේ වාගෙ අය ගැන සංවේදීව හිතන නිසා බොහොම ආසාවෙන් කියෙව්වෙ. ස්තූතියි ! සටහනට. ඒ අඳුරු ලොකෙ දිනන්න ඔවුන්ට හැකිවේවි කවදා හරි.
ReplyDeleteදැන් ලංකාවෙත් බොහොමයක් කළු ජාතිකයන් ඉන්නවා. අධ්‍යාපනයට හෝ වෙනත් අවශ්‍යතා සඳහා ආ අය. මේ අය ගැන අපි පොඩි කාලේ ඉඳලා අහලා තිබුණේ හොඳ කතා නෙවෙයි. නමුත් මේ තරුණයා ලොවටම හඬගා කියන පණිවුඩය, ලංකාවේ අපිට නම් ඉතාම ආදර්ශමත්. මෙවැනි අය සරණාගත කඳවුරකට වෙලා කවුරු හරි දෙන දෙයක් කන එන පුරුද්ද වෙලා තිබුණේ. ඒත් මේ තරුණයා ස්වෝත්සාහයෙන් නැගී සිටිය ආකාරය මුළු ලෝකයම අගය කරා. විල්ලියම්ගේ කතාව පොතක් සහ චිත්‍රපටයක් ලෙස අපිට දකින්න ලැබෙයි. The boy who harness the wind නමින්. බොහොම ස්තුතියි මෙහි පැමිණියාට.
Deleteකලු ජාතිකයො මැලේසියාවෙත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා.
Deleteලෝකය වෙනස් කරන්නේ වෙනස් විදිහට හිතන මිනිස්සු. එත් කරුමේ කියන්නේ ඒ හැම වෙලාවකම ඒ මිනිස්සු පිස්සෝ හැටියට හංවඩු ගහන්න බලාගෙන ඉන්න මිනිස්සු තමා වැඩි.
ReplyDelete//බලාගෙන ඉන්න මිනිස්ස්//
Deleteමෙන්න මේ කෑල්ල තමයි වඩා සිත් ගත් කොටස. ලංකාවේ නම් එහෙමම තමයි. වෙනස් විදියට හිතන්නේ නැති ඔක්කෝම ඇදේට පේන්නේ, පොදු විදියට හිතන අය වැඩි නිසා වෙන්න ඕනේ. නමුත් තමන්ගේ හීනය පසුපස හඹා යාම තමයි කරන්න ඕනේ. මේ තරුණයා දැක්කම දැනෙන දෙයක් තමයි ඔහු උපේක්ෂාවෙන් අනෙක් අය දිහා බලලා තියෙන බව.
අනිවා අයියන්ඩි මගේ තියරියත් වතුරේ ගැඹුර කෝටු ගහලා බලන්න එපා..පැනලා පිනන්න එක්කෝ ගිලිලා මැරෙයි නැත්නම් පිනලා ගොඩ යයි.
ReplyDeleteහැබැයි පෙර සුදානම්ත් අවශ්‍යයි. මොකද වතුරට පැනලා පීනන්න ඉගෙන ගැනීම හරි, හැබැයි පලවෙනි පාරටම ගැඹුරු තැනක වැටුනොත් ? මේ තරුණයා හොඳ අධ්‍යනයකින් පස්සේ තමයි වැඩේට බැස්සේ. සාර්ථකත්වයට හේතුව ඒක තමයි.
Deleteමමත් මේගොල්ලන්ගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්නවා... ඉන්බොක්ස් එකට එන ගොඩක් විඩියෝ විනාඩි පහලොව, විස්ස දිග ඒවා... ඒ නිසා ගොඩක් වෙලාවට බැලෙන්නේ නැහැ...
ReplyDeleteme too මං නම් වීඩියෝ ටික කොහොමහරි බලනො
Delete@බීටල් : බැලුවට පස්සේ පාඩු හිතෙන එකක් නෑ.
Delete@ඔමා : ඔයාට නම් වෙලාව තියෙනවනේ.
බොහොම අපූරුයි සුදීක සහෝදරයා.. මාත් ඔය වගේ wind turbine එකක් හැදුවා මතකයි. භාෂා ශෛලිය පොඩ්ඩක් වෙනස් උනාට ඔහු අපූරුවට තමන්ගෙ අදහස් ඉදිරිපත් කරනවා. මට මැවිලා පේන්නෙ Steve Jobs අලුත් apple නිෂ්පාදනයක් හඳුන්වාදෙන presentation එකක් ඉදිරිපත් කරන ආකාරය.. මමත් ted පිස්සෙක් වෙයි. අලුත් දෙයක් හඳුන්වා දුන්නට ස්තුතියි...
ReplyDeleteසහෝදරයා - සහෝදරයා කිව්වට ඒ දේශපාලනය කොරන්නේ නෑ නේද ? :)
Deleteඇත්තටම TED බැලුවොත් පිස්සු වටෙනවම තමයි.
හප්පා නෑ.. සහෝදරයා කිව්වෙ සුදීක කියල නිකං කිව්වම මදි මදි වගේ දැනුන නිසා.. :D
Deleteහැම මනුස්සයාම එක විදිහට හිතුවානම් මේ ලෝකය කවදාවත් මේ වගේ තැනකට එන එකක් නෑ. ඇත්තටම මේ වගේ වෙනස් විදිහට හිතන මිනිස්සු ලග ලොකු ආත්ම විස්වාසයක් තියෙනවා. මුලු ලෝකයක්ම තමන්ට පිස්සු කියලා කියද්දිත් තමන්ගේ අරමුණ අත අරින්නෙ නැතුව ඉදිරියටම යන්න තරම ශක්තියක් තියෙනවා.....
ReplyDeleteආත්ම විශ්වාසය සහ අධිෂ්ඨානය. එවැන්නෙක් මේ වගේ අඩු පහසුකම් සහිත තැනකින් බිහි වීම හරියට මඩේ පිපුන නෙළුමක් වගේ.
Deleteමේ හැම දේම අපේ ජීවිතයට මෝටිවේෂන් එකක්. කිසිම තාක්ෂණික දැනුමක් නැතිව, ස්ව උත්සාහයෙන් ඔහු කල නිර්මාණය කොච්චර වටිනවද ? තව මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිත ධනාත්මක විදිහට ඔහු වෙනස් කරලද ?
ReplyDeleteමේකෙදි හිතට එන කාරණය තමයි අපි කසල කියලා විසි කරන දේ අපද්‍රව්‍යක් නෙවයි කියලා අද ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේමයි අපිට වදයක් වෙලා තියෙන ඕනෑම දෙයක් වෙනත් අකාරයකින් සම්පතක බවට පෙරලන්න පුළුවන්. උෂ්ණත්වය, අව්ව, වැස්ස, අකුණු. දැනටත් මේවා ගැන හොයන අය ඉන්නවා.
Deleteලිපියේ තියන වීඩියෝව ලෝඩ් වෙන්න වෙලායන නිසා මම මේක ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා. (බොහෝ දෙනෙක් තම අන්තර්ජාල සම්බන්ධතාවයේ ඇති සීමාසහිත පහසුකම් නිසා මෙය නොබලනු ඇතැයි සිතනවා)
ReplyDeleteමිනිසා තුළ පෙළඹවීමක් හෝ උත්තේජනයක් ඇතිකරන්නට සමහරවිට සමත්වන්නේ තමන් මීට පෙර දැන නොසිටි පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් දෙස බලා සිටීමෙන්.
වීඩියෝව වුණත් අධිෂ්ඨාන තියෙනවා නම් බලන්න පුළුවන්. හමුදාවේ හිටි ඔබතුමාට මේ ගැන විස්තර අනවශ්‍යයි.
Deleteස්තුති සුධික,
ReplyDeleteමමත් දැන් ටික කාලෙක ඉඳන් ටෙඩ් රසිකයෙක්. ඒකෙන් ඉගෙන ගත්ත දේවල්නං මහ ගොඩක් තියනව.
ReplyDeleteමේ වගේ ජීවිතය ජය ගත්ත අය කියන දේ ඇහුවම පොත පතින් ගන්න අධ්‍යාපනයට වඩා දාහක් දේ ගන්න පුළුවන්.
Deleteස්තුතියි මේ ගැන දැනුවත් කළාට.
ReplyDeleteකවුරුවත් කරල දෙනකල් බලාගෙන ඉන්නෙ නැතුව තමන් පීඩා විඳින අපහසුතා වලට මේ ආකාරයෙන් පිළියම් සොයන අය ඇත්තටම වාසනාවක්.
මේ වගේ ඒවා පොඩ්ඩක් ඇඟේ තියෙන්නත් ඕනේ. සමහරක් අයට ගෙදර බල්බ් එකක් දා ගන්නත් බෑ.
Deleteපට්ට මොටිවේෂන් ස්ටෝරියක්....
ReplyDeleteඅර අත් නැති නික්ගේ කතාව අහලා තියෙනවද?
https://www.youtube.com/watch?v=13N6gAlhAqg
මේ වගේ වෙන මොටිවේෂන් කරන අත් නැති කෙනෙකුගේ වීඩියෝ එකක් බලලා තියෙනවා. මේක නම් අද දැක්කේ.
Delete//තමන්ට යමක් ගැන විශ්වාසයක් තියෙනවනම්, අනෙක් අය මොනවා කිව්වත් ඒ දේ කරන්න ඕනේ//
ReplyDeleteමේක තමා ඇත්ත සුදීක.
නදීෂාට ඔයා අමතක වෙලා තිබුනු එක නම් අපරාදේ...:P
නදීෂා නෙවෙයි දිනේෂා
Deleteඋඩ ඉඳන් පහලට එනකොට 'දිනේෂා' 'නදීෂා' වෙනවලු. :P
ReplyDeleteපෝස්ට් එක කියෙව්වේ ෆෝන් එකෙන්. කමෙන්ට් කලේ ආපහු කියවන්නේ නැතුව පහුවෙලා.
Sorry Sudeeka... :)
අයියෝ ඕවා මොනවද ?
Deleteහදවතට දැනෙන කථාවක්. මේ වර්ගයේ වාර්තා වීඩියෝවකින් මම දැක්කා කෙන්යාවෙ දරුවෙක් තමන්ගෙ හරක් පට්ටිය සිංහයන්ගෙන් බේරාගන්න හදපු උපාංගයක් ගැන වැඩසටහනක්. එදා මේ පුංචි දරුවා තමන්ගෙ කථාව පවත්වලා ඉවර වෙද්දි ආචාර්ය මහාචාර්ය වරු පවා ඇතුලත් සභාව හිටගෙන අත්පොලසන් නැගුවෙ. ඇසට කදුලක් එකතු කරපු වීඩියෝවක් එය.
ReplyDeleteඒ ගැන සටහනක් බලාපොරොත්තු වෙනවා.
Deleteමා යොදන ලද සිංහල උපසිරස් ඔවුන්ගේ වීඩියෝව සමග බෙදා හැරීම ඔවුන් අනුමත කළා. ඉදිරියේදී ටෙඩ් වීඩියෝ කිහිපයක් සඳහා සිංහල උපසිරස් යොදන්න බලාපරොත්තු වනවා.
ReplyDelete