Tuesday, February 3, 2015

ප්‍රෝක්‍රැස්ටිනේෂන්(Procrastination) නොහොත් අන්තිම මොහොතේ වැඩ කිරීම ......

ඔබ කැමතිම ක්‍රීඩාව කුමක්ද ? කියන මාතෘකාව යටතේ මම ලියපු පහුගිය සටහනේදී හෙළි වුණා, අපි අතරේ ඉන්න වැඩි දෙනෙක් අන්තිම මොහොතේ වැඩ කරන අය. ඒ කියන්නේ තදියමේ වැඩ කිරීම ? මට වගේම බොහෝ දෙනෙකුට මෙහෙම අන්තිම මොහොත දක්වා හිර වුණාම වැඩේ කරන්න පහසු වෙනවා. මේ වගේ අය දැක්කම අපේ වැඩිහිටියෝ කියපු කියමන තමයි "මොකද මේ කඩදාසිය ලිපේ දාලා වගේ ?" කියලා. ඒ සටහනේ කමෙන්ට් වලදී මම කිව්වා මතකද සමහර ලෝක පූජිත පුද්ගලයොත් මේ අපි වගේ වැඩ කරන අය කියලා. නමුත් වෙනවස්ක් තියෙනවා. 
Now Later on Blackboard written in chalk. Later box chechked
පින්තූරය ගත්තේ : www. mint.com

මම කිව්ව මේ ලෝක පූජිත අය ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ වගේම ඉතාම ධනවතුන් වෙලා තියෙන්නේ එයාලාගේ ක්ෂේත්‍රයේදී එයාලා දක්වන ප්‍රමාදය. මෙන්න මේකට තමයි මාතෘකාවේ විස්තර වෙන ප්‍රෝක්‍රැස්ටිනේෂන් (Procrastination) කියන අන්තිම මොහොතේ වැඩ කිරීම ගැන විද්‍යාඥයෝ පර්යේෂණ කරලා තියෙන්නේ. උදාහරණයකට ලෝකයේ දැන් ඉන්න අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා රොජර් ෆෙඩරර් මේ ප්‍රෝක්‍රැස්ටිනේෂන් (Procrastination) ඉහළින්ම යොදා ගන්නවා කියන එක පර්යේෂණ වලදී සොයාගෙන තියෙනවා. අපිත් අන්තිම මොහොතේ වැඩ කරන්නේ, ඔවුනුත් එහෙමයි එතකොට අපි ටෙනිස් නොගහපු එකද වරද ? මේක අහලා කට්ටිය අද ඉඳලා ටෙනිස් ගහන්න පටන් ගන්න එපා. අපි දෙගොල්ලෝ අතර විශාල වෙනසක් තියෙනවා. 

එතකොට මොකක්ද මේ වෙනස ? නැෂනල් ජෝග්‍රැෆික්(National Georaphic) නාලිකාවේ මේ ගැන කරපු පර්යේෂණය ගැන වැඩ සටහනක් විකාශනය වුණා ටික කාලෙකට ඉහතදී. මම ඒ මොහොතේම තමයි හිතා ගත්තේ මේ ගැන බ්ලොග් සටහනක් ලියනවා කියලා. වැඩේ තියෙන්නේ අර අන්තිම මොහොත දක්වා වැඩේ ඇදගෙන යන පුරුද්ද නිසා මේ දක්වා ඒක ප්‍රමාද වුණා. මේකේ තියෙන නරක පැත්තත් ඒකම තමයි. මොකද මෙහෙම කල්-දාගෙන, කල්-දාගෙන ගිහිං අන්තිමේදී අමතක වෙලා ගිය වැඩ කොයි තරම් නම් තියෙනවද ? මට නම් අනන්තවත් තියෙනවා. ඔන්න ඔය හේතුව නිසා තමයි අපි සහ ෆෙඩරර්ලා වෙනස් වෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේත් මේ ක්‍රියාව සිදු කෙරෙනවා දඟ පන්දු යවන්නන්ට එරෙහිව පිතිකරණයේ යෙදෙන විටදී. එහෙම අය සාර්ථක වෙලාත් තියෙනවා. ඒ තමන්ගේ පහර තරමක් ප්‍රමාද කිරීම මගින්. 

ක්‍රිකට් වලදී නම් වෙන්නේ පන්දු රකින්නන් සාමාන්‍යයෙන් පන්දුව ගලා යා හැකි ස්ථාන වල ස්ථානගත කරලා තියෙන මොහොතක නම්, මේ ප්‍රමාදය නිසා පන්දුව ගමන් ගන්නා කෝණය වෙනස් වෙනවා. එහෙම වුණාම අර සාම්ප්‍රදායික ස්ථාන වල ඉන්නා පන්දු රකින්නන්ට තරමක් ඈතින් තමයි පන්දුව ගමන් කරන්නේ. එහෙනම් ලෝක පූජිත ටෙනිස් ක්‍රීඩකයා මොකක්ද කලේ ? හරි ඊට කලින් මම කියන්නම් මගේ සේවා ස්ථානයේ ඉන්න දක්ෂම අත්පන්දු ක්‍රීඩකයා කරන වැඩක්. 

සාමාන්‍ය ජීවිතයේදී ඉතාම කලබලකාරී, ඒ වගේම කලහකාරී, ඉක්මනින් කේන්ති ගන්නා මේ පුද්ගලයා අත්පන්දු ක්‍රීඩාවෙදී ඉතාම සංයමයකින් තමයි ක්‍රීඩා කරන්නේ. ඔහු දක්ෂ ඩෑෂ් පහර එල්ල කරන්නෙක්, නමුත් සාමාන්‍ය ශරීරයකට හිමිකම් කියන මේ පුද්ගලයාගේ දක්ෂතාව තමයි නෙට් එකේ ඉහල කෙලවර දක්වා පමණ ඉහළට උඩ පනින්න තිබෙන හැකියාව. එහෙම උඩ පනින ඔහු ඉතාම විකට ආකාරයට වටපිට බලනවා. ඔහුගේ තීක්ෂණ දෑසට පෙනෙනවා ක්‍රීඩකයින් අඩු ස්ථාන. මේක කරන්න ඔහු කෙතරම් වේගවත් වෙන්න ඕනෙද කියලා ඔබට වැටහෙනවා ඇති. ඉන් පස්සේ ඔහු කරන්නේ ක්ෂණයකින් පන්දුව අර ප්‍රදේශයට තල්ලු කරන එක. එමගින් ඔහු ලකුණු ලබා ගන්නවාට අමතරව ඔහුගේ ශක්තිය ඉතිරි කර ගන්නවා. බොහෝ ක්‍රීඩාවල පරිනත පුද්ගලයන් කරන්නේ මේ දේ තමයි කියලා පොඩ්ඩක් පරීක්ශාකරී වූනොත් පැහැදිලි වෙයි.

ලෝක පූජිත ටෙනිස් ක්‍රීඩකයා සමග ක්‍රීඩා කරන අනෙක් ක්‍රීඩකයාත් ඒ වගේම  දක්ෂ කෙනෙක්, බොහෝ විට රෆායල් නඩාල්, නොවැක් ජෝකෝවික්, ඇල්ෆ්‍රඩ් ට්සොන්ගා වගේ අය. එයාලා එල්ල කරන පහරක් පැයට කිලෝමීටර 150 ත් 200ත් අතර හෝ ඊට වැඩි වේගයකින් එන්නේ. මේ වගේ අවස්ථාවක දැලෙන් අනිත් පැත්තට පන්දුව යවා ගන්න එකත් දක්ෂතාවක්. නමුත් රොජර් ෆෙඩරර් මේ පහර එල්ල කිරීම තවත් මොහොතක් ඒ කියන්නේ තප්පරයෙන් පන්සීයෙන් පංගුවක් විතර ප්‍රමාද කරනවා. ඒ මොහොත ඇති මේ වගේ ක්‍රීඩකයෙකුට අනෙක් පස ඉන්නා ක්‍රීඩකයා නොමග යවමින් පහර දෙන්න. මෙන්න මේ හැකියාව නිසා තමයි ඔහුට අංක එක ස්ථානයේ බොහෝ කාලයක් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකට තමයි ඔහු ගෙවීම ලබන්නේ. 

දැන් තේරෙනවා නේද වෙනස. අපි මොකද කරන්නේ. අපි දැන් කරන්න පුළුවන් වැඩෙත් ඒක කරන්න තියෙන අන්තිම මොහොත දක්වා කල් දානවා. අව්රුද්දක් ඇතුලට කරන්න පුළුවන් වැඩේ අවුරුද්ද්දේ අන්තිම දවසට කල් යනවා, මාසේ ඇතුලට කරන්න පුළුවන් වැඩෙත් මාසේ අන්තිමට, සතියේ කරන්න තියෙන වැඩේ සතියේ අන්තිම දවසට, දවසේ, පැයේ, දේවලුත් මේ විදියට කල් දානවා. අපි කරන එක එකට හේතුව බැලුවොත් කම්මැලි කම තමයි මුල් වෙන්නේ. නමුත් අදක්ෂයෝ නෙවෙයි. මේ වගේ අය මත වැඩ වැඩි කලොත් උපරිම ප්‍රතිලාභ ලබන්න හැකි බව මම දන්නේ මගේම අත්දැකීම් වලින්. මම වැඩ තොගයක් තියෙන දවසට අමතක වෙන්නේ නැතිව ඒ හැම එකම කරනවා. වැඩ අඩු දවසට කරන්න තියෙන ඒවායෙන් එකක් දෙකක් වුණත්, අතපහු කරපු අවස්ථාත් නැත්තේම නෑ. 

ඔන්න ඔය කාරණය නිසා තමයි අපේ ප්‍රෝක්‍රැස්ටිනේෂන් (Procrastination) එකයි රොජර්ගේ ප්‍රෝක්‍රැස්ටිනේෂන් (Procrastination) එකයි වෙනස් වෙන්නේ. මේක අඩුපාඩුවක් විදියට පිලිගන්නත් සමහරු කැමති නෑලු. එහෙම කැමති අය ඉන්නවා නම් ඉන් මිදෙන විදිත් තියෙනවා. මම පසු සටහනකින් ඒ ගැන විස්තර කරන්නම්. හැබැයි ඔබ තවමත් පිලිගන්නවා නම් පමණයි මේ දේ කරන්න පුළුවන්. කවුද පිළිගන්නේ අපි තවමත් ප්‍රමාදයි කියාලා ?

මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රස්ථා පිරුළු 
  • ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ
  • Better late than never
  • පනින්න පෙර සිතා බලනු
  • අද මුදලට හෙට ණයට 

57 comments :

  1. අපි වැඩ පිලිවෙල් සකස් කරද්දි සහ ක්‍රියාත්මක වෙද්දි කාල රාමුව ගැන සැලකිල්ල අඩුයි. නියමිත දවස් දීල ඊට කලින් වැඩේ ඉවරවෙන්න ඕනි කියල ෆලෝ කරනවා නම් කොයි මොහොතෙ වැඩකලත් සිස්ටම් එකට හානියක් නෑ

    ReplyDelete
    Replies
    1. මේ වගේ සේවකයන් ගැනත් හිතන්න ඕනේ.

      Delete
  2. මමත් ඇවිල්ලා වැඩ අඩු වෙලාවට කම්මැලි කමෙන් තියෙන වැඩේ දෙකත් කල්දදා ඉන්න පොරක්. වැඩ ගොඩ ගැහුනම යකා වගේ කරගෙන කරගෙන යන්න පුළුවන්.. ඕක තමා මගේ ක්‍රමේ...වැඩ අඩු දවස් වලට මගේ ‍ටුඩූ ලිස්ට් එකේ ගොඩක් එවා එහෙම්මම ඉතිරි වෙලා..

    ReplyDelete
    Replies
    1. මිලිටරි වුණත්, මමත් තවම ඉන්නෙ ඔතනම තමයි සුදීකයියේ!!!

      Delete
  3. සුදීක..............

    අැත්තට ම මිදෙන විදිහ ලියනවානම් අපිට වටිනවා....... අපිත් තාම ඔය තත්වය තුළ තමයි ඉන්නේ......... පුරුද්දට ගිහිං වගේ

    ReplyDelete
    Replies
    1. මේකෙන් මිදෙන්නත් පුළුවන්.

      Delete
  4. මටත් ඔය මොකක්ද එක තියෙනවා.

    ReplyDelete
  5. මටත් ඔය කැත පුරුද්ද තියෙනවා බොහෝ වෙලාවට..වැඩියම වෙන්නේ බිල් ගෙවන්න පාඩම් කරන්න වගේ රතු ඉර වැදෙන ඒවාට..:D

    ReplyDelete
    Replies
    1. අනේ කියලා වැඩක් නෑ. මේ වගේ රතු ඉරි පැනලා දඩ වැදිච්ච වෙලාවල් අනන්තයි.

      Delete
  6. අන්තිම මොහොතෙ හැම වැඩේම කරන්න පුරුදු වෙච්ච එකියක් අපේ ඔපීසියෙත් ඉන්නවා...මට උවමනා ‍සමහර දත්ත ගන්න ඕනෙ එයාගෙන් නිසා...මම ‍ගොඩාක් වෙලාවට හිර වෙනවා...මගේ ක්‍රමය ඒක නොවන නිසා...

    ReplyDelete
    Replies
    1. සිරා ඒ ක්‍රමයට නෑ කියලා තේරෙනවා බ්ලොග් එකෙන්ම.

      Delete
  7. අවධානමක් තියනකොට විතරක් ක්‍රියාකාරීවෙන අයටත් නමක් තියේද?

    ReplyDelete
    Replies
    1. උන්ට කියන නමක් තියනවද මංදා, හැබැයි මම එකක් දන්නවා උන් හදිසියකදී අදාල ස්තානයේ පාලනය නිරායාසයෙන්ම උන්ගෙ අතට ගන්නවා. ඒ වගේ වෙලාවල් වලට උන්ට මාර වේගෙන් හිතන්න, ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

      Delete
    2. සහතික ඇත්ත සෙන්නා. මමත් ඒ වගේම තමා.

      Delete
  8. මාත් ඔයාගේ බෝට්ටුවෙමද මන්දා...හැබැයි මට එකෙන් වැඩි වැරැද්දක් වෙලාත් නෑ සහෝ.....

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ඉක්මනට ගැලවෙන්න බලමු.

      Delete
  9. මාත් ඔයාගේ බෝට්ටුවෙමද මන්දා...හැබැයි මට එකෙන් වැඩි වැරැද්දක් වෙලාත් නෑ සහෝ.....

    ReplyDelete
  10. මම දන්නේ නැහැ මේ තත්වයද නැද්ද කියලා. ඔය පුරුද්ද යම් තරමකට මටත් තියනවා. මම අණදෙන නිලධාරි කාලේ හරි අකමැතියි විනයශාලාවට ගෙන්වා දඬුවම් කරන්න මගේ යටතේ ඉන්න අයට. තරමක් කල් ඇරලා තමයි මම ඒවා ගැන බලන්නේ. එතකොට මගේ හිත ටිකක් විතර අනුකම්පාවේ පැත්තටත් බරවෙනවා. තදබල දඬුවම් නොවිඳ බොහොමයක් අය බේරෙනවා.

    බ්ලොග් ලිපි ලියන්න ලකුණු කරගත් මාතෘකා මේ වනවිට 30 ක් පමණ තියනවා තාවකාලික ගොනුවක දාගෙන. අනේ මන්දා ඒවා කවදා ලියවෙයිද කියලා. කම්මැලිකමත් මේ තත්වයට බලපානවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහර තීරණ පමා කිරීම කොයි අතිනුත් හොඳයි.

      Delete
  11. මමනං අන්තිම වෙලාවට වැඩ ඉතිරි කරගන්නවා හරිම අඩුයි. දෙතුන් පාරක් වත් චෙක් කරන්න ඕනේ මට වැඩක් කලාට පස්සේ

    ReplyDelete
    Replies
    1. මම කලින් වැඩ කරපු තැන සහකාර කළමනාකරුත් ටිකක් විතර ඔය ජාතිය. මිනිහා මොනවා හරි අනුමත කරන්නේ නෙගටිව් අැප්රෝච් එකෙන්. ඒ කියන්නේ අනුමත නොකර ඉන්න හිතෙන විදියේ හේතු දීලා, දීලා බැරිම තැන තමයි දෙයක් අනුමත කරන්නේ. ඉතිං විචාරක තුමා දඬුවම් දෙන්නෙත් ඒ ක්‍රමේටම වගේ නේද ?

      Delete
  12. මමත් බෙට්ට පුකට එනකම් ටොයිලට් එකට දුවන්න හිතෙන්නේ නැති පොරක් තමයි

    ReplyDelete
  13. මටත් ඉතින් සමහර වෙලාවට ඕක තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අපේ ටීම් එක එන්න එන්නම ලොකු වෙනවා.

      Delete
  14. මට නම් තියෙන්නේ කම්මැලිකම. ඒත් වැඩ ඉක්මනට ඉවර කරලා ඊලඟට මුකුත් නෑ වගේ ඉන්ට මම හරිම ආසයි. :D

    ReplyDelete
    Replies
    1. මෙන්න ඉන්නවා අපේ ටීම් එකේ කට්ටිය.

      Delete
  15. මමහ් වැඩ අඩු දවසට නිකම්ම ඉන්න වැඩි දවසට ඔක්කොම කරන එකෙක්.

    ReplyDelete
    Replies
    1. එකම බෝට්ටුවේ සෙට් එකක්.

      Delete
  16. ඔය ගතිය මම හිතන්නේ හැම කෙනකුටම අඩු වැඩි වශයෙන තියෙනවා. අවශ්‍යතාවය වෙන්න මේ ප්‍රොකස්ටිනේෂන් සංකල්පය වැඩදායි විදිහට යොදාගැනීමයි. හැමදේම අනවශ්‍ය විදිහට අතපසු කිරීම නොව ෆෙඩරර් එය යොදාගත් ආකාරය අධ්‍යයනය කර ඒ ආකාරයෙන් එතුලින් වැඩගනීමට හැකි ආකාරයට යොදා ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ෆෙඩරර් ගෙ ක්‍රමය කරන්න අපි හැමෝටම බැරි වෙන්නත් පුළුවන්, ඒ වගේම හැම දේකදීම යොදා ගන්නත් බෑ. උදාහරණයකට පාර පනින එක.මේකෙන් ගැලවෙන ක්‍රමත් තියෙනවා.

      Delete
  17. මාවත් එකතුකර ගත්තනම්

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි දැන් බර ගානක් ඉන්නවා.

      Delete
  18. මමනම් ඕනෑම වැඩක් හරිම වෙලාවට තමයි කරන්නේ පොඩ්ඩක්වත් ඉස්සෙල්ලවත් පස්සෙවත් නෙවි........... හැබැයි බ්ලොග් හැර ........

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්... හෙක්... මමත් දැන් බ්ලොග් වලට ප්‍රමුඛතාව දීම අඩු කරලා තියෙන්නේ.

      Delete
  19. වැඩක් අන්තිම මොහොත දක්වා කල්දැමීම තුළින් තමන්ගේ තරඟකාරයන් කරන්නේ කුමක්ද යන්න දෙස බලා ඒවා අභිබවා යන විදියට වැඩ සකස්කරගත හැකියි. හැබැයි අන්තිම මොහොත 'මොහොතක්' මිස දවසක් නොවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. නැතුව, නැතුව. දැන් බලන්න වෙන්දේසි සීට්ටු වගේ ඒවායේ කල් දාන තරමටනේ ගොඩ යන්නේ. හැබැයි අවදානම ගන්න කැමති මිනිහා ගොඩ යනවා කලින් අඩු ගාන අරගෙන.

      Delete
  20. අපිත් අන්තිම මොහෙතේ කන ලගට තියලා ෂිපමන්ට් දානවා..ඒ වේලාවට ලෝක්කෝ බෝක්කො ඔක්කෝම එකා වගේ පෙට්ටි කරගහනවා කෑ ගහනවා එක කෙලියයි හැබැයි ඉවර වුනාට පස්සෙ මාර සතුටක් දැනෙන්නෙ.
    අවුරැදු නිවාඩු දෙන දවසකට ඉස්ල්ලා දවසේ ළමයි හැමෝම නිවාඩු ගිහින් කන්ටේනර් දෙකක් ඇවිත් තිබුනා ලෝඩින් වලට Mangers, Executive ලා එකතුවෙලා කන්ටෙනර් දෙකම පටවලා කාර් වල නැගලා යනකොට ඇවිත් හිටපු ඩ්‍ර්යිවර්ස්ලා ගෝලයෝ කට ඇරගෙන බලාගෙන හිටියේ “යකෝ මේ ප්‍රැක්ට්‍රි එකේ ලොරි පටවන අයටත් කාර් තියනවනේ කියලා.

    ReplyDelete
    Replies
    1. මේක කිව්වම හොටෙල් ජීවිතේ අත්දැකීම් කිහිපයක් මතක් වුණා. ඒවාත් ලියන්නම්.

      Delete
  21. කිසිමදෙයක් කල් නොදාන සිරිත අපි ඉගෙනගත්තෙ තාත්තාගෙන්. සමහරදාට රෑ නිදිමරාගෙන වැඩ ඉවර කරන තාත්තාලඟ නිදි කිරා වැටි වැටි ඉන්න අපි නිදාගන්නෙ බැරිම තැනයි වෙලාවකට අම්ම කියනවා මොන පිස්සුවක්ද මන්දා මේ මනුස්සයාට ඕක හෙට කරන්නතිබ්බනෙ කියලා. ඔය ලෙඩේ දැන් මටත් තියෙනවා. කරන්න දෙයක් හිතට ආවම ඒක නොකර හිටියොත් නින්ද යන්නෙත් නෑ. (මං කියන්නෙ මේ ... එක්කෝ ඕනෙ නෑ.)

    ReplyDelete
    Replies
    1. අපිට තේරුණා සරත් අයියාගේ පහුගිය බ්ලොග් පොස්ට් එකකින් ඔයා නිසි කළමනාකරණය සහිතව වැඩ කරන කෙනෙක් කියලා. මමත් සමහර දේවල් වලට ඔය වගේ නිදි මරාගෙන වැඩ කරනවා. ඒත් ඉතිං අන්තිම මොහොතේ තමයි, :)

      Delete
  22. මමත් එහම වැඩ කල් දාන කෙනක් තමයි

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට ඇනෝ මහත්වරු කමෙන්ට් කරන්න නම් පරක්කු නෑ,

      Delete
  23. මට එක්සෑම් වලදි වැඩ කල්දැමීම නිසාම අන්තිම මොහොතේ පට්ට ස්පීඩ් පාඩම් කරන්න පුලුවන් වෙලා තියෙනවා. ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් වලදිත් එහෙමයි. ඒ අතින් බලද්දි මටනම් හිතෙන්නෙ වැඩ කල් දැමීමත් ඒ තරම් නරක නෑ කියල.

    ඒත් හැමෝටම ඕක කරන්න බැරි අන්තිම වෙද්දි ස්ට්‍රෙස් වෙලා පිස්සු නටන හින්දා. ඒ හින්දා ඔය ක්‍රමය හරි යන්නෙ නැව ගිලුනත් බෑන් චූන් ටයිප් එකේ උදවියටම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඕකනේ මම කියන්නේ. අර බස් කොන්දොස්තරට මෙසේ හොලවන්නැතිව ලියන්න බෑ වගේ, සමහරුන්ට ස්ට්‍රෙස් නැතිව වැඩ කරන්න බෑ. මට ඒ වගේ වෙලාවල් වලට කිසිම ස්ට්‍රෙස් එකක් නෑ. හැබැයි අනිත් අය කියන දේවල්, ටෙලිෆෝන් වදින ඒවා ඇහෙන්නේ නෑ.

      Delete
  24. ඔය තත්වේ හැමෝටම අඩු වැඩිව තියෙනවා... අරුමයක් නැහැ

    ReplyDelete
    Replies
    1. තමන්ට තමන් ගැන තමයි හොඳටම විස්තර කරන්න පුළුවන්. අනෙක් අයගේ ගැන ජජ්මන්ට් තමයි ඇති වෙන්නේ. ප්‍රෝක්‍රැස්ටිනේෂන් එක පැත්තකින් හොඳ තව පැත්තකින් නරක දෙයක්. හැම දේම කල් දදා ඉන්න එක හොඳ නෑ. නමුත් අසීරු තීරණයක් ගැන අධ්‍යනයෙන් ඉඳලා, තීරණය ගන්න තියෙන අන්තිම මොහොතේ ගත්තම ගන්න පුළුවන් හොඳ ම තීරණය ගන්න පුළුවන් වෙනවා.

      Delete
  25. මමත් දෙයියනේ කියල වැඩ අන්තිම මොහොත වෙනකම් කල් දාන කෙනෙක් හරිය...... ඒම උනාම ලේසියි මටනං මොකෝ මම කලින් ප්ලෑන ගහල ඉවරයි කරන්න ඕනි කෝමද කියල ඒත් ප්ලෑන ක්‍රියාත්මක වෙන්නෙ අන්තිම මොහොතෙදි...... හැබැයි ඒක හැමෝටම ගැලපෙන්නෙ නෑ බැනුම් අහපු වාර අනන්තයි ඒත් වැඩේ හරියට උනාම බැනපු අයට හිනාවෙලා එයාලගෙ මූණු මෙහෙක් වෙනව බලා ඉන්න තරං මෙව්ව එකක් නෑ ඉඳගෙන ඈ

    මම හිතන්නෙ සමාර විට කිරිකැට් ගහද්දි ඕක ඇඟට කා වැදුනද මන්ද යාර තිහේ ඉදං කඟවේනා වගේ දුවං ඇවිත් අන්තිම තර්පරේට වඩා අඩු කාලෙකදි හිතල ස්ලෝබෝල් එකක් දාන එක නැත්නං බවුන්සරයක් කොටන එක අන්තිම ලාස්ට් ෆයිනල් මොහොතෙ හිතල කොරන ඒවනෙ ආයුබෝං අන්න ඒකයි මම කියන්නෙ ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. දැන් බලාගෙන යනකොට මේක ක්‍රිකට් ගහන එවුන්ටයි බ්ලොග් ලියන එවුන්ටයි පොදු ලෙඩක් වගේ.

      Delete
  26. ඇත්තම කියනවනම් මම ගොඩක් කලයුතු දේවල් කල් දාන්නේ ඒවාට මුණ දෙන්න තියෙන අකමැත්තට ,එහෙම නැත්නම් බයට. කොච්චර කරන්න ඕන කියල හිතුවත් සමහර දේවල් කරන්න හිත හදාගන්න හරිම අමාරුයි. එවෙලාවට ඉබේම ඒක මග ඇරලා වෙන ලේසි දෙයක් කරනවා. එත් කවද හරි ඒදේ අපහු අපේ පස්සෙන්ම එනවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ගොඩක් අයට වෙන්නේ මේක වෙන්න ඕනේ.

      Delete
  27. කියෙව්වා. කලින් පෝස්ට් එකට කියපු හින්දා මේකට කියන්න දෙයක් නෑ වගේ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...