Saturday, March 28, 2015

මෙන්න කරනවා නම් වැඩ : ශ්‍රී ලංකාවේ නම් දිග වැඩිද ? Are Sri Lankan names too long ?

ආහ් ! අයිඩියාස් ගැන මා කොතැනක හෝ ඔබට පවසා ඇතත්, මට එය පිළිපදින්නට නොහැකි වීම නිසා මාසයක් පමණ කාලයක් බ්ලොග් සටහනක් නොලියා සිටින්නට මට හැකි විය. යම් දෙයක් පිළිවෙතක් සේ කරගෙන යනවිට අබිං කෑවා සේ කරගෙන යන මා, එම ක්‍රියාව නවතුවහොත් ඒ පැත්ත වත් නොබලා, එහෙම දෙයක් කළාදැයි විචාරයක් නැතිව සිටින්නටද ඒ ලෙසම දක්ෂය. මගේ මේ ලක්ෂණයට විටෙක මගේ සමීප මිතුරන් සිනා සේ. මා අලුතෙන් දෙයක් පටන් ගන්නා විට "වැඩි කලක් කරන එකක් නෑ" යන්න ඔවුන්ට හිතෙන දේ විය හැක. නමුත් කියන්න අවැසි දේ පසෙක ලා මා මාතෘකාවෙන් පිට පැන්න අවස්ථාද මාගේ බ්ලොග් අත්දැකීම තුල විරල නැත. ඉන් සිදු වන්නට ගියේද එවැනි වැඩකි. තවත් මොහොතක් ගියානම් මා මා ගැනම ස්වයං විවේචන ලිපියක් ලිය හමාර කරන්නට ඉඩ තිබුණි.
Pen and the application form
පින්තූරය ගත්තේ : http://www.sra.gov.ph/

මිනිස්සුන්ගේ නම් ගැන මට තිබෙන්නේ පුදුම උනන්දුවකි. ඕනෑම කෙනෙකුගේ නමක් ඇසු විට ඒ ගැන මොහොතක් කල්පනා කිරීම මගේ සිරිතය. මේ වනවිට නම් සම්බන්ධ පොස්ට් කිහිපයක්ම ලියා තිබේ. ඒ කලින් කී කුතුහලය නිසාය. නමුත් මාගල් වැනි දිග නම් තිබීමෙන් තමන් මෙන්ම අනෙක් අයද අපහසුතාවට පත්වන බව ඔබටත් සිතුනාද ? මේ මාතෘකාව මගේ සිතට ආවේද  ආහ් ! අයිඩියා එකක් විලාසය. වාසනාවකට අද උදෑසන මගේ මතකයට එය යලිත් ආවේය. නැතිනම් එයද ගං ජලයට විසි කල ගල් කැටයක් මෙන් එහි පතුල සොයා යනු ඇත.

මෙය කොතනින් පටන් ගන්නදැයි මගේ සිතට දෙගිඩියාවක් දැනේ. දෙගිඩියාව යනු යම් දෙයක් ගැන දෙපැත්තට සිතීමය. "එක්කෝ කරනවා - අනේ බෑ. එහෙම කරලා ලෙඩක් වැටෙයිද ?" වගේ සිතුවිල්ලකට වැටීම දෙගිඩියාව ලෙස අපි දකිමු. සමහරවිට තුන් පැත්තකට හිතන්නට වෙන වෙලාවල්ද තිබිය හැක. එයට අපි තෙගිඩියාව යයි නොකීවද, ඇත්ත වශයෙන්ම භාවිතා කළ හැකි වචනය එයයි. හොඳයි, අපිට ඒ වගේ හතරක්, පහක්, හයක් හතක් අන්ත එකවිට පොදි ගැසෙන විට අප භාවිතා කල යුත්තේ කුමන වචනයක්ද ? සිවුගෙඩියාව, පන්ගෙඩියාව, හයගෙඩියාව, හත්ගේදියාව, අටගෙඩියාව.... වගේ ඒවාය. ඔහොම හිතන්නට ගියහොත් තව අපූරු වචන එලියටා එන්නට හැක. නමුත් මේ වෙලාවේ මට එන්නේ මල්ටිගෙඩියාවකි.

හොඳයි මට තියෙන ප්‍රශ්නය "ලංකාවේ අපේ නම් මෙච්චර දිග ඇයි ?" මෙය සමාජ ප්‍රශ්නයක් නොවේද ? ඇත්ත වශයෙන්ම මෙය ප්‍රශ්නයක්. මොකද අපේ පැරණි අය නම් දමා ගැනීමේදී "යකා දොඩංගොඩ බදා ගත්තා වගේ" ප්‍රතිපත්තියක් අනුගමනය කලද ? යම් අයෙක් ඔබ අමතන්නේ එක් නමකිනි. රාජකාරි මට්ටමෙන් නම් නම සහ වාසගම සමග නම් දෙකකිනි. නැතිනම් භාවිතාවට පහසු නමකිනි. මේ වෙලාවේ දහසක් උදාහරණ ඔබේ හිතට එන බව මම දනිමි. අපේ හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍රරාජපක්ෂ වුවද මේ රටේ හෝ ලෝකයේ ඔහු දන්නා අය ඔහුට අමතන්නේ මහින්ද රාජපක්ෂ යනුවෙනි. මගේ කාර්යාලයේ දම්මිත් නමැති මිතුරෙකු සිටී නමුත් කිසිවෙකු ඔහුට දම්මිත් යනුවෙන් අමතන්නේ නැත. දම්මික යන ආමන්ත්‍රණයට පහසු නමකින් සියල්ලෝම ඔහු අමතයි. 

අපේ කාර්යාලයේ ප්‍රශාන්තිලා දෙදෙනෙකු ඇත. ඔවුන් ලොකු ප්‍රශාන්ති සහ සහ පොඩි ප්‍රශාන්ති යනුවෙන් මුලින් අමතා පසුව පොඩි ප්‍රශාන්තිට "පොඩ්ඩි" යනුවෙන් අමතන්නට පටන් ගෙන ඇත. දැන් ඇය පොඩ්ඩිය. නමුත් ඇගේ නියම නම ප්‍රසන්ති ය, මේ වගේ උච්චාරණයට අමාරු නම් ජනතාව කිසිදු විටක බාර නොගනී. ඔවුන්ගේ දෙමාපියන් දහසක් බලාපොරොත්තු ඇතිව ඇයට තබන ලද අපූරු නමට පින් සිදු වන්නට අද ඇය පොඩ්ඩි බවට පත් වී ඇත. මේ මොහොතේ නොකියාම බැරි තවත් කාරණයක් මගේ මතකයට එයි. ඒ මා බැංකුවට බැඳුනු මුල් කාලයේ අත්දැකීමකි. ඉහත කී උදාහරණය නිසා මා "කොටා" නොවී බේරුණේ අනුනමයෙනි. කතාව මෙසේය. 

මා ඉපදී හැදී වැඩුණු බෙන්තොට නොහොත් බෙන්තර ගමේ සියල්ලන්ම පාහේ මා අමතන්නේද, මා ගැන දන්නේද "සුභාෂ්" යන නමිනි. ඉතිං බැංකුවට ආ විට මගේ නම විමසන විට එය සුභාෂ් යනුවෙන් කියූවේ පුරුද්දටය. නමුත් මෙතන පොඩි කොස්සක් තිබුණි. ඒ මා සමග තවත් සුභාෂ් කෙනෙකු මේ දාහත් දෙනෙකුගේ කණ්ඩායමේ සිටීමය. නමුත් අහඹු ලෙස ගත්විට ලංකාවේ මිනිසුන් ලක්ෂයක සුභාෂ් ලා දෙදෙනෙකු සොයා ගත හැකිද ? වඩා රසවත් කාරණය අනෙකා මට වඩා අඟල් හය හතක්ම උස වීමයි. ටික දිනකින් ඔහු "උස සුභාෂ්" ද, මා නිකම්ම සුභාෂ් ද යනුවෙන් යනුවෙන් අමතන බව මට දැනිණි. නමුත් ඔවුන්ගේ පෙර අත්දැකීම් අනුව උස කෙනාට "දිගා" යනුවෙන් අමතනු දැක ගත හැකි වූ අතර, මෙවර එය සුභාෂ්ට පට නොබැඳෙන බවට සහතිකය. මිටි සුභාෂ් යනුවෙන් එකෙකු හෝ මා ඇමතීමේ අවදානම ඇත, සමහර විට කෙනෙකු කොට සුභාෂ් යනුවෙන් මා ඇමතිය හැක. එසේ වුවහොත් වැඩි කාලයක් යන්නට මත්තෙන් මා කොට සුභාෂ් වී පසුව කොටා වනු ඇත.  එවෙලාවේ බුද්ධිමත්(කට්ට) වූ මා ඉල්ලා සිටියේ මට දිල්රුක් යනුවෙන් අමතන ලෙසය. එවැනි වෙලාවල් වල උපක්‍රමිකව පල්ලම් බැසීම ප්‍රඥාගෝචරය. :)


මිනිසුන්ට කෙතරම් දිග නම් තිබුනද, සෙසු අය ඔවුන්ව අමතන්නේ ආමන්ත්‍රණයට පහසු නම් දෙකකිනි. අපේ රටේ අයගේ නම් දිග වැඩි යයි මැසිවිලි නගන්නේ විදෙස් රටවල ආගමන විගමන නිලධාරීන් බව ඔබ දන්නවාද ? ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සකස් කෙරෙන පාස්පෝට් ලියවිල්ල හොඳම උදාහරණයය. එහි මාගල් වැනි දිගු නම් වලට ඉඩ නැත. ඔබේ නමින් කොටසක් එයින් ගිලිහී තිබෙනු සමහරවිට ඔබ දැක තිබෙන්නට පුළුවන්. ඒ පෙර කී ප්‍රමිතිය නිසාය. ඔබේ උප්පැන්න සහතිකය දෙස විමස්ලිමත්ව බැලුවොත් එහි නම ලිවීවට ඇති ස්ථානයේ පේලි දෙකකට නම් ලිවීමට ඉඩ ඇති බව පැහැදිලි වනු ඇත. නමුත් එසේ නම් දහයක් පමණ තිබීම කාගේ පහසුවට හේතු වේද ? මේ ඒවා නිවැරදි කර ගැනීමට කදිම කාලය බව මට මෙන්ම ඔබටද සිතෙන්නට හැක. ඔබට කොපමණ දිග නමක් තිබුනද, ඉන් ලැබෙන වාසියක් නැත්තේය. එකම වාසිය වන්නේ ඔබව යම් වරදකට නීතියේ රැහැනට කොටු කිරීමට ඇති පහසුව පමණි. ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගන්නා විට "ඔබේ මවගේ අවිවාහක නම" කුමක්දැයි අසන්නේද මේ කාරණයටය. හේතුව ඔබව තනිකර අඳුනා ගැනීමට බව ඔබට නොසිතෙන්නට ඇත.  මෙය වෙනත් ජාතීන්ට ගැටළුවක් වුවද අපටනම් මහලොකු ගැටළුවක් නොවේ. 

හිතන්න, අපේ රටේ මුස්‌ලිම ජාතිකයන් නම් තබන ආකාරය. බොහෝ දෙනෙකුට මොහොමඩ් හෝ අහමඩ් කියන පොදු නාමය ඇත. බොහෝ දෙනෙකුට මොහොමඩ් කෑලි දෙකක් ඇත. උදාහරණයක් ලෙස "මොහොමඩ් රියාස් මොහොමඩ් ඉර්ෆාන්" මෙහි මොහොමඩ් රියාස් යනු ඔහුගේ පියාගේ නමේ කොටසකි. මේ ආකාරට ඔහුගේ පුතෙකුට නම් තබන විට මොහොමඩ් ඉර්ෆාන් යනුවෙන් නම් තැබීම කරනු ඇත. අපේ දමිළ සහෝදරයෙකු නම් තබන්නේ පියාගෙන් නම මුලට ගෙන වෙනත් නමකිනි. මුත්තයිය්යා මුරලිදරන්ගේ පියාගේ නම අවසන් වන්නේ මුරලිදරන් මුත්තයියා (රසිකලොජිස්ට් ගෙ නිවැරදි කිරීම අනුව)යනුවෙනි. මේ ආකාරයෙන් නම් තැබීම නිසා එම ජාතීන් දෙකට තිබෙන්නේ සීමිත නම් ප්‍රමාණයකි. වෙනත් යුරෝපීය ජාතීන්ටද සීමිත නම් ප්‍රමාණයක් ඇත. එවැනි නම් ඇති අවස්ථාවක හරියටම කෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට නම් මවගේ අවිවාහක නම වැදගත් වේ. නමුත් කෝල් සෙන්ටර් වල සිටින කොල්ලන් කෙල්ලන් මෙය පුද්ගලයන් හඳුනා ගැනීමට යොදා ගැනීම අද විහිළුවක් බවට පත් වී ඇත. මෙසේ මවගේ නම වැදගත් වන්නේ කලින් කී මොහොමඩ් රියාස් මොහොමඩ් ඉර්ෆාන් යනුවෙන් නම ඇති සමාන පියවරුන්ගේ නම් ඇති අය බහුලව සිටින නිසාය. දමිළ නම් වලද මේ සම්භාවිතාවන් වැඩිය. 

ලංකාවේ සිංහල කෙනකුට තිබෙන සාමාන්‍ය නම් ගණන කවුරුන් හොඳ ගණනය කර ඇතිද ? එය විශ්ව විද්‍යාල සිසුවෙකුට කරන්නට කදිම ව්‍යාපෘති මාතෘකාවක වනු ඇත. දකුණු කොරියාවේ පිරිමින්ගෙන් 92% කට "කිම්" යන නාමය ඇති බව මා කියවා ඇත. එවැනි පොදු නාම රටක පැවතීම සාමාන්‍ය වුවද, නම් පහක් හයක් පැවතීම අසාමාන්‍ය ලක්ෂණයකි. 

මගේ මතකය දිව යන්නේ මා මහජන බැංකුවට එකතු වූ මුල් කාලයටය. එකල අපට ශාඛා පරිගණකගත කිරීමට දත්ත ප්‍රවේශනය කිරීමට සිදු විය. එවැනි විටෙක "ඇත්තටම මොකටද මෙච්චර දිග නම් ?" කියන සිතුවිල්ල මට සිය දහස් වරක් ඇති විය. 1998 දී අප දෙපාර්තමේන්තුවට එකතු වූ එක් සොයුරියක් නිසා අපගේ වැටුප් වලට අදාළ පරිගණක පද්දතියක නම සඳහා ඇති ඉඩකඩ වෙනස් කිරීමට සිදු විය. හේතුව අැගේ නමට මුලකුරු දහයක් පමණ පැවතීමයි. එනිසා ඇගේ සම්පූර්ණ නම ඇතුලත් කිරීමට නම් පද්දතියේ ඒ සඳහා වන ඉඩකඩ පුළුල් කිරීමට සිදු විය. පුද්ගලයෙකු හඳුනා ගැනීමට ප්‍රමාණවත් වන නාමයක් හැරෙන්නට ඒ පුද්ගලයාගේ ගම, දරන ලද පදවි තානාන්තර ආදිය එකතු කිරීම ඇත්ත වශයෙන්ම විහිළුවකි. මේවා අතීතයේදී නම්බුවට කාරණා වුවද අද කාලයේදී වෙනස් විය යුතු බව පැහැදිලිය. මගේ දියණියට නම් තැබීමේදී මේ සම්ප්‍රදාය වෙනස් කිරීමට මා උත්සාහ කලද, මගේ මවගේ දැඩි පෙරැත්ත කිරීම මත මටද හැම දෙනාම යන පාරේ යන්නට සිදු වියේ.

අප මෙසේ නම් කෙටි කර ගත යුත්තේ ඇයි ? වසර දෙදාහේදී සෑම දිනයක්  සඳහන් වන තැන එහි වර්ෂය  අංක හතරකින් ඉදිරිපත් කිරීමට සිදු වූවා ඔබට මතක ඇත. ඒ පිලිබඳ සමීක්ෂණයක යෙදුනු එක් පුද්ගලයෙක් එම කටයුත්ත නිසා වසරක් වෙනුවෙන් සිදුවන මුද්‍රණ වියදම(එක් ආයතනයක) ගණන් බලා තිබුණි. එය මිලියන ගණනක් බව මගේ මතකයයි. අප මොහොතකට සිතමු, ශ්‍රී ලංකාවේ සෑම පුද්ගල නාමයක්ම නම් දෙකකට සීමා කළා කියා. එනිසා ලබා ගත හැකි ලාභය කොපමණද ? එවැනි නමක් සඳහන් වන සෑම ස්ථානයකම යම් ඉඩ ප්‍රමාණයක් ඉතිරි වේ. උප්පැන්නය, ජාතික සහ කාර්යාල හැඳුනුම්පත්, සියලුම පරිගණක පද්දති වල නම් සඳහා තැබෙන ඉඩ ප්‍රමාණය, මේ සියල්ලේම මුද්‍රණ වියදම්, සියල්ල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගත හැක. දුරකථන නාමාවලියක ප්‍රමාණය අර්ධයක් වනු ඇත. ප්‍රවෘත්ති පත්‍ර, සඟරා වලද ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇත. පරිගණක පද්දති සඳහා වැය වන මුදලද අඩු වනු ඇත, ඒවා බැකප් කරන ටේප්, සී.ඩී. පට සහ පෙන් ඩ්‍රයිව් වල ධාරිතාවද සෑහෙන ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැක. ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වලටද පැටවෙන බර අඩු වනු ඇත. 

මෙවැනි රැඩිකල් වෙනසක් ඇති කල හැක්කේ රටක පාලනයටය. එවැනි වෙනසක් කළහොත් රටේ සමස්ත කාර්යක්ෂමතාවද යම් මට්ටමකින් ඉහල යනු ඇත. මන්ද මේ නම් කියවීමට යන කාලය වුවද මිලට සම කල හැකි ධනයක් වීම නිසාය. 

බුදු දහම අදහන රටක සිටින අපි නාමයක් - රූපයක් නැති ආත්මයක් සඳහා කෙටි කාලීන නම් දීමේදී මෙතරම් ආත්මාර්ථකාමී වන්නේ ඇයි ?

______________________

යලිත් බ්ලොග් සටහනක් ලිවීමට මට බල කල එලද බ්‍රා මෙන්ඩියාගේ ඉල්ලීමට ඇහුන්කන් දීමක් වශයෙනි.

71 comments:

  1. Replies
    1. කවදාවත් කෙරෙන එකක් නෑ. ඒ වුණාට මේ වගේ එකක් ලියලාවත් තිබ්බොත් හොඳයි කියලා හිතුණා.

      Delete
    2. Very interesting article....out of normal thinking....hidden social problem......logically scooped....

      Delete
    3. Thank you so much. It is inherent thing. My thinking is different. Always out of the box.

      Delete
  2. අපිනං දන්න කොට සුභාෂ් කෙනෙක්වත් දිල්රුක් කෙනෙක්වත් නෑ. සුදීක කියල හාදයෙක් ගැනනං දන්නව. :D

    ReplyDelete
  3. නම් වල දිග වැඩි කම නිසා බොහෝ ලාන්කික යන් වගේම වෙනත් විදේශිකයන්ටත් ඔය ප්‍රශ්නෙ ඇතිවෙනවා නම් වල ඉස්සරහායින් වගෙම අගිනුත් කෑල්ලක් තියෙනවනෙ.මමත් මෙහෙ භාවිතයට හදපාන්ගොඩගේ +++++ කියන කෑල්ල හලල රන්ජන් පීරිස් විතරක් පාවිච්චි කරනවා. හදපාන්ගොඩගේ කෑල්ලට උන්ට කියන්නම බෑ.ඒ දවස්වල.මට මතක් උනේ රජකෙනෙකුට පගාවට කෙසෙල් ගෙනිච්ච එකාගෙ කතාව.ජරාව දුන්නට දඩුවම් හැටියට කෙහෙල්ගෙඩි පස්ස පැත්තෙ ගහගන්න කිව්වම ඌට හිනාලු.මොකද ඌට පස්සෙ එන එකා ගේන්නෙ අන්නාසි නිසා.ඒ වගේ මගේ නමට වඩා හෙන දිග නම් තියෙන උදවිය මතක් වෙලා මටත් හිනා (Ranjan)

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවේ මගේ මතකයට එන්නේ මගේ තාත්තව. එයාලට උපතින් ඉංග්‍රීසි නම් දාලා තිබුණා. තරුණයින් විදියට ඇල්බට් පෙරේරා , ඩබ්.ඩී. අමරදේව විදියට නම වෙනස් කරත්දී මගේ පියාත් ඔහුට උරුම ඇල්බට් කියන නම වෙනුවට ධර්මදාස කියන නම තෝරා ගත්තා. අදත් ගමේ බොහෝ දෙනෙකු ඔහු අමතන්නේ ඒ නමින්.

      Delete
  4. සහතික ඇත්ත සුදීක අයියා !!

    ReplyDelete
    Replies
    1. නිකං සහතික නෙවෙයි, උප්පැන්න, විවාහ, මරණ සහතික.

      Delete
  5. මගේ වාසගම නමේ ඉස්සරහත් තිබිලා පස්සෙත් තියෙනවා...
    වාසගම නැත්තම් මට තියෙන්නේ නම් දෙකයි....
    මේ වගේ වැඩක් කරන්ඩ නම් අපේ මිනිස්සු මකවලා හදන්ඩ වෙයි...

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත. රුපය දිරයි - නාමය නොදිරයි කියන්නේ නිකන්ද ?

      Delete
  6. මම උසස් පෙළ අධ්‍යාපනය ලබපු කාලේ අපේ පන්තියේ ගෑණු ළමයෙක් හිටියා දිග නමක් තියන. මුල අකුරු 10 ක් තියනවා. ඒ මුලකුරු වලින් වලව්වක නමක්, ගම් දෙක තුනක නම්, රාජ පරම්පරාවල නම්, කියවුනා. මෙයින් සමහර නම්, ටිකක් හාස්‍යජනක වගේ නිසා, ඒ කෑලි කියලා, ළමයි විහිලු කරන්න පටන්ගත්තා. දිනපතා පැමිණීමේ ලේඛනයේ, මේ ළමයාගේ නම ලිව්වේ, පේළි දෙකකට. අන්තිමට මොකද වුණේ. මේ ළමයා, 'චාන්දනී බණ්ඩාර' කියලා තමන්ගේ නම කෙටි කරගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒ චාන්දනී බණ්ඩාර දැන් ඉන්න ප්‍රසිද්ධ රුප ලාවන්‍ය ශිලිප්නිය නොවෙයි නේද ?
      කිව්වම මතක් වුණේ මගේ කුඩා කාලේ ක්‍රීඩා සමාජයේ යාලුවේ දෙන්නෙක් හිටියා එක්කෙනෙක්ගේ වාසගම ලොකු අරක්කුගේ, අනිකා තුප්පහිගේ.

      Delete
    2. අම්මෝ නැහැ. ඒ චාන්දනී බණ්ඩාර නෙවෙයි. A.R.M.R.R.W.B.M.M.N. චාන්දනී බණ්ඩාර

      Delete
    3. එහෙම ඒව තියනවා . අහවල් අහවල් අහවල් පණ්ඩිත මුදියන්සේ රාලහාමිලාගේ කියල කිව්වම ඉස්සර හිටපු එවුනුත් පණ්ඩිත වැඩ කරන්න ඇති කියල හිතෙනවා. එයා ඉතින් හරි පණ්ඩිතයිනෙ කියල තමා කියන්නෙ .කට උත්තර නෑනෙ නමේම තියනවනෙ.පණ්ඩිතයි කියල කියන්නෙ පුස්කොල පොත්වල එහෙම බ්ලොග් ලියනව වගෙ දෙයක් කළාද දන්නෙ නෑ ඉතින්.

      වාසගම් අහෝසි කරනවනම් ඊට කැමති කෙනෙක් මම . ඒකට හේතුව දිග වීම නොවෙයි . ඔය ප්‍රශ්නෙ නිසා සමහර අය පීඩාවට පත්වෙනව අන්න ඒකයි.

      Delete
    4. කාගේ පහසුවට තියෙන ඒවාද මන්දා. මෙහෙම කලොත් ගොඩාක් ප්‍රශ්න අඩු වෙනවා කියන එකයි මගේ විශ්වාසෙ.

      Delete
    5. අයියෝ සල්ලි කිව්වලු. කවුද ඒ නෝනා බැඳපු පින්වතා ?

      Delete
    6. ගුවන් හමුදාවේ එක්කෙනෙක්. අර වාසගම ඇහුවමත් මිනිහා නිකම්ම උඩ යනවා ඇති.

      Delete
  7. ටිකක් දිගයි තමා.. ඒත් ඉතින් අපි අනිත් උන් කරන දේම කරන්න ඕනද ? ඇරබික් නමුත් ඔහොම තමා... උන්ගේ නම් වල බින් මොහොමඩ් බින් මොහොමඩ් කියකිය තාත්තගෙ, සීයාගෙ, අත්තගෙ කිරි කිත්තගෙ නමුත් තියනවා...

    ලෝකෙ කෙටිම නම් තියෙන්නෙ මම හිතන්නෙ ඉන්දුනීසියානුවන්ට.. උන්ගෙ සමහර් උන්ට තියෙන්නෙ එකම එක නමයි.. එහෙම නැත්නම් උන්ගෙ නමුත් දිග වැඩි නිසා අනිත් ඔක්කොම අයින් කරලා එකම එක නමක් විතරක් පාස්පෝර්ට් එකට දාලද දන්නෑ...

    ReplyDelete
  8. ඕන එකක් දාගත්තට කමක්නෑ පාරවල්වලට නොදා. වැඩිපුරම හාමුදුරුවරුන්ගෙ නම්
    ඇඩ්‍රස් ලියන්න ගියහම " අතිපූජ්ය ඌරගස්මන්හන්දියේ ධර්මාලෝක නාහිමි මාවත" වගේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රා ජේ ඊළඟ ප්‍රශ්නේ ඕක. නමුත් මේක විසඳුවොත් ගොඩක් ඒවා විසඳෙනවා.

      Delete
  9. උඹ මගේ සම්පූර්ණ නම් දන්නවා නම් හිනා කාලා මැරෙනවා... කෑලී හයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මමත් දන්නවා දෙක තුනක්.

      Delete
  10. ඒක තමා සිංහලයින්ගෙ අනන්‍යතාවය.....ලංකාවෙ සමහර ප්‍රදේශවල ඇතැමුන්ට තියෙන්නෙ එක වචනයක නමක්..නමුත් යම් යම් හේතූන් නිසා ඔවුන් ඔවුන්ගේ එම කෙටි නම් දීර්ඝ කරගෙන තියෙනවා...නමුත් ලංකාවේ නම් කෙටි කරන්න කියල අවශ්‍යම තාවයක් තියෙනවනම් නීතී කෙටුම්පතක් මගින් කෙරෙන්න ඕනෙ...නම වචනයකට හරි දෙක්කට සීම කෙරෙන්න ඕනෙ කියල...නැත්තං වෙන්නෙ අර සුදීක අයිය උඩින් කියපු දේම තමා කියලයි මට හිතෙන්නෙ..." මගේ දියණියට නම් තැබීමේදී මේ සම්ප්‍රදාය වෙනස් කිරීමට මා උත්සාහ කලද, මගේ මවගේ දැඩි පෙරැත්ත කිරීම මත මටද හැම දෙනාම යන පාරේ යන්නට සිදු වියේ."

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත මේවා රැඩිකල් චේන්ජ් කරන්න බලවත් නායකයෙක් ඉන්න ඕනේ.

      Delete
  11. වැලිවිට වත්ත වලව්වේ වික්‍රමසිංහ තිලකරත්න වාසල කුලතුං මුදියන්සේ රාළහාමිලාගේ නුවන් ධනුෂක බණ්ඩාර වැලිවිට
    මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට දායාද කල මිනි පහනක්. ඔය මම මතකෙන් කිව්වේ මුළු නමම මොකක්ද බන් අය්යේ අවුල

    ප.ලි. අර අටමගේ ඔයා අහල තියෙන එකට මම පොඩි ඌණ පූර්ණයක් ලිව්වා

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ. මේවට යන වෙලාවයි, ඉඩකඩයි ගැන හිතුවා.

      Delete
  12. කාලින මාතෘකාවක් සුදීක අයියා. ඇත්තටම අපේ රටෙත් නමක තිබිය හැකි උපරිම කෑලි ගණන තුනයි කියල වගේ නීතියක් ගෙනාවනම් හරි. නැත්තම් ඉතින් උප්පැන්නෙ ඉඳන් පාස්පෝට් එක හදන්න යෑම දක්වා සැහෙන්න ප්‍රශනනෙ :D. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්. හැම දෙනාගේම කාලේ ඉතිරි කර ගන්න පුළුවන්.

      Delete
  13. ඒ අතින් අපේ තාත්තා නියමයි.. පව්ලේ ඔක්කොටම එක නමයි වාසගමයි...... එකටත් එක්ක හරියන්න අපේ මුත්තලා,... තියාගෙන ඉන්න මුල්නම ඉංග්‍රීසියෙන් ලියන්න ගියාම අකුරු 15ක්.... මෙහෙ ඉන්න මොනම චිනේක්ටවත් එක කියවන්න බැ

    ReplyDelete
    Replies
    1. මැලේ ගේ තාත්තාට මගේ ප්‍රණාමය.

      Delete
  14. අප්පේ ඔය අලකලංචිය නම් හෙනම කේස් එකක්!
    මගේ නමේ මුල වාසගම කියලා නම් දෙකකුයි අගින් තව පවුලේ නම කියලා එකකුයි තියනවා.
    හොඳ වෙලාවට අපේ අප්පච්චි කල්පනා කරලා දාල තියෙන්නේ එක නමයි! ඒ නිසා filed 4 කින් නම ගොඩ දාන්න පුළුවන්! ඒත් මේකත් මහා දිගයි නේ!

    පාස්පෝට් එක දුන්නහම උන් බලන්නේ කන්න වගේ! ඇයි නම කියවගන්න්න වෙනම ගේමක් දෙන්න එපැයි!

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලා. සමහර රටවල එම්බාකේෂන් කාඩ් පුරවන්න ගියාම පිස්සු හැදෙනවා.

      Delete
  15. මේ කාරනේ හින්ද ලොකු අපහසුතාවයකට පත්වෙන කෙනෙක් මම. මුලකුරු වලින් කියවෙන නම කියන කොටස ෆෝම් වල ලියනකොට ඉඩ මදි. හත් මුතු පරම්පරාවටම සාප කරන්න වෙනව. වාසගම කියනකොට ඉංග්‍රීසි හෝඩියෙ අකුරු 26 ම කියනව කියල යාළුවො විහිළු කරනවා. මුලදි සමහරු හිනාවෙනකොට මට ඇත්තටම තරහ ගියත් මටම තේරුනා හිනාවෙනව නෙමේ හිනා යනව කියල. වාසගමේ තියන පුද්ගල නම් සහ ග්‍රාම නාමයන් අත ඇරල අන්තිම අකුරු දෙකයි මගෙ නමයි විතරයි කෙනෙක් නම ඇහුවම කියන්නෙ. අහවලාගේ මධ්‍යස්ථ මතධාරියා අන්න එහෙම. ශෝට් ඇන් ස්වීට් .එතකොට වැඩේ ගොඩ.

    වාසගම බරක් වුනත් එය තුලින් දිග ඉතිහාස කතාවක් කියවෙන නිසා අත ඇරල දාන්නත් හිතෙන්නෙ නෑ. රජාට හිතෙන හිතෙන කෑලි වාසගමට එල්ලල. හොඳ වෙලාවට දැන් රජෙක් නැත්තෙ. හිටියනම් මට ෆෝම් පුරවන්න වෙන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. මේවා පරම්පාරවෙන් අරගෙන ආවට අපි කාට හරි පුළුවන් වෙන්න ඕනේ මේවා අත අරින්න. මම මගේ නමේ ඔය සු.දී.ක. කියන කොටස විතරක් විභාග වලට ලියලා මාර ඇන ගැනිල්ලක් ඇන ගත්තා. ඉන් පස්සේ මුළු නමම ලියනවා.

      Delete
  16. අඩේ මේ අයිඩියා එක නම් මරු..ඒත් කිව්වත් වගේ කෙරෙන එකක් නම් නෑ..
    සුධික අයියාව එදා හම්බෙච්ච එකට නම් පට්ට හැපිලු හොඳේ..ජය!

    ReplyDelete
    Replies
    1. කෙරෙන එකක් නම් නෑ.

      ඒත් මහේෂ් ලා දෙන්නාගෙන් එක්කෙනෙකු හරි මුණගැසීම සතුටට කරුණක්.

      Delete
  17. මෙහෙත් පාවිච්චි කෙරෙන්නෙ First Name Last Name විතරයි. අපේ නම් දැක්කම මෙහෙ උන් හරි අපහසුවකට පත් වෙනව.

    ReplyDelete
    Replies
    1. සුද්දන්ට සමහර නම් කියවන්නම බෑ.

      Delete
  18. නම දිග වැඩි එක ප්‍රශ්ණයක් වෙන්නේ විදෙස් ගත වෙලා ඉන්නකොට තමයි.. සමහර වෙලාවලට දුරකතන මගින් තොරතුරු සපයන්න වෙන වෙලාවල් වලට අනිත් පැත්තේ ඉන්න අයට හරි අමාරුයි අපේ නම් ලියා ගන්න.. අනික ගොඩක් ඩොකියුමන්ට්ස් වල නම ලියන්න තියෙන ඉඩ අඩුයි.. ඒත් ඉතින් කොහොම හරි ලියලා දාන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. උන්ට අපෙත් එක්ක මාර මලක් ඇත්තේ.

      Delete
  19. එක එක කාලෙන් කාලෙට නමුත් වෙනස් වෙනවා නං තමා සහෝදරයා. ඒත් නමේ දිග නම් අඩු වෙන්නෙ නෑ ලංකාවේ අපේ කට්ටියගේ. මගෙත් නම හෙන දිගයි.පෙළපත් නම, ප්‍රධාන නම, මැද නම, අයෙත් කෙටි පෙළපත් නම.හෙන වදයක් තමා නම දිග උනාම. මගේ යාලුවෙක් ඉන්නවා. ඌට තමයි මං අහල තියන දිගම නම තියෙන්නෙ. වික්‍රමසිංහ මුදියන්සේලාගේ රුවන් පරාක්‍රම තීක්ෂණ බණ්ඩාර වික්‍රමසිංහ. W.M.R.P.T.B. වික්‍රමසිංහ. පේලි දෙකක් යනවා නම ලියන්න. ඌ දැන් දොස්තර කෙනෙක්. අන්දරේ ගෙ නමත් දිගයි නේ? සද්ද විද්ද පළඟ පතිරණ කෑල්ලක් තියනවනේ. ආ ඇයි රන්ජගෙ නමත් එහෙම දිගයි නෙ? සද්ද විද්ද පළඟ පතිරණ (තවත් තියනවද මන්ද) රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අපෝන්සෝ රාමනායක.. :D

    ReplyDelete
    Replies
    1. ඔය කියපු නම් සාමාන්‍ය යන්තමට ඉක්මවපු ඒවා. නමුත් වාසගම් තුන හතර තියෙන, මුලකුරු 10 විතර අයත් ඉන්නවා.

      Delete
    2. අහ්! සජ්ජට කියන්න.. අන්දරේගේ නමට තියෙන්නේ සද්ද විද්ද පළඟ පතිර කියලා.. පතිරණ නෙවෙයි. අර සද්දේ අහගෙන ඉඳල ඒ පැත්තට ඊය විදලා රජතුමාගේ පොකුණෙ හිටපු ගෙම්බව මැරුව නිසා ඊට ලැබුණු නම්බු නාමයලු. මගේ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් හිටියා ඔය වාසගම තියෙන.

      Delete
  20. ඕවා නං මොනාද... අර අලුත ( දැං පරණයි) උපන්න එංගලන්තෙ රජ පවුලෙ පොඩි එකාට දාපු නමේ දිග කොහොමද... හි හි...

    මටත් ඔය නම දිග අවුල තියෙනව.... මාව ඉස්කෝලෙ දාද්දිම අපේ අම්මටම තේරිලා තිබ්බෙ නම දිග වැඩියි කියල... අම්මගෙ නම ඒ කාලෙ ඉඳලම වාසගම් හලල පාවිච්චි කරල තිබ්බෙ... මාත් එහෙමයි දැං.. කෑලි දෙකයි....

    ReplyDelete
    Replies
    1. අපේ හිතුමතයට කොට කර ගන්න නම් පුළුවන්. වැඩේ තියෙන්නේ විභාග ප්‍රතිඵල, ක්‍රීඩා සහතික, වෙනත් ලියකියවිලි වල වෙනස් නම් තිබුණම දිවුරුම් පෙත්සම් ලියන්න වෙනවා.

      Delete
  21. /* මුත්තයිය්යා මුරලිදරන්ගේ පියාගේ නම අවසන් වන්නේ මුරලිදරන් යනුවෙනි. */

    නෑ. සම්ප්‍රදාය අනුව නම් තබා ඇති නම් මුරලිදරන් ගේ තාත්තා ගේ නම *** මුත්තයියා විය යුතුයි. මුරලිදරන් ගේ දරුවෙකුගේ නම මුරලිදරන් **** විය යුතුයි.

    නමුත් ඒ සම්ප්‍රදායත් දැන් නැති වී යනවා සිංහල අයගේ "ගේ" කෑල්ල අගට ආවා වගේ.

    චමින්ද වාස් නේද ලෝකයේ දිගම නම තියෙන ක්‍රිකට් ක්‍රීඩකයා?

    ReplyDelete
    Replies
    1. වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝසප් චමින්ද වාස්... :D

      Delete
    2. @රසික : ඔබ පෙන්වා දෙන කාරණය හරි. මුරලිගේ පියාගේ නම මුත්තයියා තමයි. එය නිවැරදි කළා.

      Delete
  22. අපේ යාළුවෙක්ගෙ තාත්තා ඔය කියන වෙනස කරලා තිබුණා. තාත්තගේ දිග වාසගම (වික්‍රමසිංහ වාසල මුදියන්සෙලාගේ වගේ දිග එකක් මගෙ හිතේ) දාන්නෙ නැතුව යාළුවගෙ නම අගට වික්‍රමසිංහ කියලා විතරක් දැම්මා.

    සුදික ආපහු ලියන එක ගැන සතුටුයි. මේ වගේ සංයමයකින් ප්‍රයෝජනවත් කාරණා ගැන බ්ලොග් ලියන කෙනෙක් ඒක අතහරින එක අපරාධයක්!

    ReplyDelete
    Replies
    1. ඒ පියා භය නැතිව කෙලින් තීරණ ගන්න කෙනෙක්.

      බොහොම ස්තුතියි. ආසාව නැති වුණාම පටන් ගන්න හරි අමාරුයි.

      Delete
  23. මට හිතුනොත් මගේ නම 'බස්සි' කියලා වෙනස් කරගන්නවා අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. බැරි නම් යස්සනී හරි වෙනස් කර ගත්තට කමක් නෑ, අර අහිංසකයට බැස්සා නොකියා.

      Delete
  24. බස්සාගෙ බැචෙක් හිටියා නම් කෑලි විසි එකක් තියෙන එකෙක්. පව් උගේ ඉනීෂියල්ස් මතක නොහිටින නිසා කවුරුත් ඒකා වෙනුවෙන් හොරට ඇටෙන්ඩන්ස් මාර්ක් කරන්නවත් ඉදිරිපත් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකට නිතරම ආච්ච්ව මතක් වෙනවා ඇති.

      Delete
  25. ඉස්කෝලෙට බාරදීල මාසයක් යනකොටම නම කොට කරල රෙජිස්ටර් කරල දෙනව. ඝන පිහිටුවල අම්මල, තාත්තල තිබ්බ නමට වඩා නැගල යන්නෙ ඒ නම. කිසිම දෝශයක් නෑ.

    ReplyDelete
    Replies
    1. හෙක්. .. හෙක්... නැත්තං.

      Delete
    2. උදාහරන
      කම්මල
      පත්තර මල්ලි
      දේශකයා
      කමියා
      කූරැට්ටෝ
      බස්සි
      මාතලන්
      ඉවාන්

      Delete
  26. රැඩිකල් චේන්ජ්.. ඔයැයි කියන්නේ අපිට සුද්දා වගේ වෙන්න කියලද හිටං...දැං බැංකුවේ පෝම් පුරවන කොට නම ලොකු වැඩියි පුරස්න වැඩියි කියල එයාට නම කොට කරගන්න කියන්න පුලුවන්ද? නිකං බයිලාවක් නේ අනේ..

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කියවන්න අනේ, අතරින් පතර කියෙව්වම ඔහොම වෙනවා.

      Delete
  27. මටත් ඕකේ හොඳම කට්ටක් කන්න වෙලා තියෙනවා.. හමුදාවල ලෙඩක් තියෙනවනේ සීනියර්ස් ලගෙ නම් ඔෆීශියල් නම්බර් එහෙම ට්‍රේනීස් ලට මතක තියෙන්න ඕනි කියල.. සමහරුන්ට තියෙනව ඉනීශියල් 10-12 විතර.. ඉතින් කාට හරි ගහන්න ඕනිනම් එහෙම එකෙක්ව පෙන්නල අර සර්ගෙ නම මොකක්ද කියල ඇහුවනම් ඇති.. හැබැයි ඔය වෙනුවෙන්නම් මට ලේසියෙන් ගුටිකන්න වෙලා නෑ.. මොක්ද එකපාරක් කියවපු ගමන් මට ඕක මතක හිටිනව.. අදටත් ඉනිශියල් වලින් කියවෙන නමුත් එක්කම මතක ඒ වගේ නම් කීපයක්ම තියෙනව.. උන් සක්‍රිය සේවයේ ඉන්න නිස කියන එක හරි නෑනේ.

    මං නම් සම්ප්‍රදාය බින්දා.. මගෙ පොඩි උන් දෙන්නටම නම් දැම්මේ මමමයි. මුලට වාසගම් නෑ.. කෙටි නම් දෙකයි අග වාසගමයි..

    ReplyDelete
    Replies
    1. ෂාහ් ! නියමයි කමි.

      Delete
    2. එල ද බ්‍රා..
      මමත් එහමයි
      සවින්ද නිහාර මෙන්ඩිස්
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  28. ඇත්තටම අයියන්ඩි කාටවත් හිතෙන්නෙ නැති විදිහෙ යෝඡනාවක්..
    සමහරැ තමන්ගේ නම වාසගම ගැන ආඩම්බර වෙන ගමන් අනිත් කෙනාගේ පරම්පරාව උපත ගැන බාල්දු කරනවා..මම ඒ වේලාවට කියන්නෙ අපි සුද්දන්ගෙන් සල්ලි වලට නම් ගත්ත අය..ඉතිං ඇයි කියලා?

    ReplyDelete
  29. මැලේ කොල්ලන්ගෙ මුලින් උගේ නම ඊට පස්සෙ තාත්තගෙ නම කොල්ලෙක් නං තමන්ගෙ නමට පස්සෙ බින් කියලා දානවා..කෙල්ලෙක් නම් බින්ති තියලා දාලා තමයි තාත්තගෙ නම ලියන්නෙ.

    ReplyDelete
  30. මගේ නමත් පුදුම දිගයි. මෙහෙ උන්ට කියා ගන්න බැරි නිසා ධර්ම කියල කෙටි කරගෙන ඉන්නේ.

    ReplyDelete
  31. මටත් ඕකම උනා සුභාෂ් අයියේ. අපේ branch එකෙත් මගේ නමේ මුල් කොටස තියන එකෙක් ඉන්නවා. ඒ නිසා පාවිච්චි කරන්නේ නමේ දෙවෙනි කොටස. සමහර වෙලාවට branch එකේ එවුන් අපේ savings brand එකක කල්ලකුත් දාලා ඔය නම කියනවා.

    ReplyDelete
  32. ලංකාවෙ එවුන්ට මහ පුදුම කරුමයක් තියෙන්නෙ.. පාරවල් වලට නම් දානකොට.. 'අතිපූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමි මාවත.. ශ්‍රීමත් මොහමඩ් මාකන් මාකර් මාවත ......කාල වරෙල්ලකො.....ලියුම් කවරය දිග මදි

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...