Monday, February 23, 2015

රංජන් පරණවිතාන නම් වූ ඔහු ......

කළුතර මහා විද්‍යාලයේ උසපෙළ හදාරමින් උන් අපගෙන් සමහරෙක් පාසල් පැමිණියේ උසස්පෙළ විභාගයට ඉඳ ගැනීම සඳහා අවශ්‍ය 80%ක පැමිණීම සහතික කර ගැනීමට පමණි. මා වැනි කිහිප දෙනෙකු වෙනත් හේතූන් සහ අධ්‍යාපනය සඳහා පාසල් එන්නන් අතර වූහ. දෙවෙනි වසරේදී අප කිසිවෙකු පාසලේ අධ්‍යාපන කටයුතු වල නිරත නොවූ බව මගේ මතකයයි. නමුත් මා පමණක් රසායන විද්‍යා සහ භෞතික විද්‍යා ගුරුවරුන්ගේ අවසර මත පාසලේ පහසුකම් ඇති පරීක්ෂණ කිහිපයක් කල බව අදටද සිහිපත් වේ. මා නිතිපතා පාසල් ඒමට තවත් එක් හේතුවක් වුයේ රුවන් ගුණසේකර(අද දොඩන්ගොඩ පොලිස් ස්ථානාධිපති), සුසිල්(කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරයි) සහ විපුල මුණසිංහ(නාවික හමුදාවේ ඉහල නිලයක් දරන බව ආරංචි ලැබිණි) යන තිදෙනාට ශුද්ධ සහ ව්‍යවහාරික ගණිත පන්ති වලින් ලැබෙන නිබන්ධන වල ඇති ගණන් සෑදීමට උදව් වීමටයි. 

මා හැරෙන්නට බොහෝ දෙනෙකු රාජා අල්විස් මහතාගේ පන්ති වලට සහබාගී වූ අතර මෙවැනි අය ගෙනෙන ගණිත ගැටළු විසඳීමෙන්  මගේ දැනුම වර්ධනය කර ගතිමි. මෙසේ රාජා අල්විස් මහතාගේ පන්ති වලට පිටත් වන අය සඳුදා දිනවල දහවල් 11.00 පමණ විට පාසලෙන් පිටත් වූයේ ගුරුබවතුන්ගේද ආශිර්වාදය ඇතිවය. අපද කොළඹ යන කණ්ඩායමත් සමග පාසලෙන් පිටත් වීම එකල පුරුද්ද විය. මේ කාලය වනවිට පාසලේ ඉදිරිපස දොරටුවෙන්ම පිට වනු දැකගත හැකි විය. තවත් එවැනි දිනක පාසලේ ගේට්ටුවෙන් පිටතට පැමිණි අප, එළියේ ඇති අරලිය ගස් සෙවනේ තවත් මොහොතක් රැඳුනේ ඒ වනවිට එම ස්ථානයේ නවතා තිබුණු නුපුරුදු විශේෂ කාර්ය බලකායට අයත් වාහන කිහිපයක් සහ ඉන් බට කැලෑ ඇඳුමින් සැරසී එස්.ටී.එෆ්. බටයන්ගේ දර්ශනයෙන් කුල්මත් වීද ? නැතිනම් භ්‍රාන්ත වීද යන්න අදටත් නොදනිමි. නමුත් ඇත්ත වශයෙන්ම් මා තුල නම් ඇති කලේ භීතියකි. එළියේ අරලිය ගසක කොළ පැහැති ඩයරි කවරය අස්සේ රඳවාගෙන එන පොත් දෙක රඳවා මා දනිස් වලට බර වී සපත්තුවක ලේස් ගැට ගසමින් සිටින විට, මගේ පොත් දෙක දුහුවිලි සහිත බිමට පතිත වුයේ "තපාක්" වැනි හඬක් නිකුත් කරමිනි. 

එවිටම හමුදා නිලධාරියා සමග කථා කරමින් උන් සිවිල් ඇඳුමින් සැරසුන පුද්ගලයෙකු, ඔවුන් දන්නා හඳුනන අපේ පංතියේ පූජිතගෙන් විමසා සිටියේ
"අපේ ඉස්කෝලේ කෙනෙක්ද ?" යන්නයි. මා පොත් දෙක පිසදමනා ගමන්ම මේ මිනිසා දෙස බැලීමි. ඒ වනවිටත් ඔහුගේ මුවින්
"හාල්" යන වදන පිටවී හමාරය.
ඔහු ඉතිරි කොටස නොකීවත්, එය "පාරුවෙක්" යන්න විය යුතු බව එහි සිටි සියළු දෙනාට වැටහිණි. යන්තම් තාරුණ්‍යය ඉක්මවමින් සිටි, අව් රශ්මිය නිසා අවපැහැ ගැන්වුණු මේ මිනිසාගේ මුහුණින් ඉතා කලකිරුණු ස්වභාවයක් දිස් විය. මගේ සිත දැඩි ලැජ්ජාවකින් පිරී ගියේ, එතැන සිටි සියළු දෙනාම සිනහ වන්නට වීම නිසාය. හිස සලමින් මා කළුතර විද්‍යාලයේ කෙනෙකු බව පූජිතද අනුමත කළේය. ඔහු කවුරුන් නමුත් මේ පාසලට සම්බන්ධ කෙනෙකු බව මට වැටහිණි. පසුව කොළඹ පැත්තට යන බස් නැවතුමට ගමන් ගන්නා විට මා පූජිතගෙන් දැන ගත්තේ ඔහු රංජන් (පරණවිතාන) අයියා බවයි. මීට පෙර මා ඔවුන් ගැන අසා තිබුණේ මා මිතුරු ප්‍රසාද් ගෙනි.  රංජන් අයියා  යනු දක්ෂ කාටූන් ශිලිප්යෙකු බවත් ඔහු ළමා පත්තර වලට කාටූන් චිත්‍රකතා අඳින බවත් ප්‍රසාද් මා හා පවසා තිබුණි. එය සිහි වූ විට මට තවත් ලැජ්ජාව වැඩි විය. මගේ හිතේ වැඩකළ කාරණය වුයේ ඔහු විදුහල්පති තුමාට මේ බව දන්වාවිද ? යන්නයි. 

ඉන්පසුව යලිත් රංජන් අයියා මට මුණගැසෙන්නේ පානදුර-නුගේගොඩ 183 බස් මාර්ගයේ බස් රථයකදීය. දුටු ගමන්ම මා ඔහු අසලින් හිඳගෙන ඔහු හා දොඩමලු විය. පාසලේ ආදී ශිෂ්‍ය සංගමයක කොළඹ කණ්ඩායමක් නැතිද යන්න මගේ පැනයට ඔහු දුන් පිළිතුර මා මෙහි සඳහන් නොකරමි. මාධ්‍ය වේදියෙකු තුල තිබිය යුතු සෘජු බව ඉන් මනාව වැටහිණි. අදද රංජන් පරණවිතාන යනු කියන්න තිබෙන දේ කෙලින්ම පැවසීමට තඹ දොයිතුවක හෝ බියක් නැති පුද්ගලයෙකි. සමහරවිට එනිසා ඔහුට අහිමි වූ තනතුරු වරදාන බොහොමයක් තිබෙන්නට පුළුවන.

ඉන්පසුව රංජන් අයියා සහ මගේ මිතුදම තරවන්නේ ෆේස්බුක් සමාජ ජාලය හරහාය. ෆේස්බුක් ආරම්භ කල කාලයේම ගිණුමක් ආරම්භ කල මා, ආනන්ද, රෝයල් වැනි කොළඹ පාසල් වලට මෙන්ම අපේ පාසලටද ෆේස්බුක් පිටුවක් තිබුනානම් යන සිතුවිල්ල ඔස්සේ ගොස් ෆේස්බුක් පිටුවක් සාදා ගතිමි. පසුව රංජන් අයියාද ෆේස්බුක් තුලින් දකින්නට ලැබුණු නිසා, මා මේ ගැන ඔහුත් සමග අදහස් හුවමාරුවේදී පැවසීමි. ඉන් පසුව නිතිපතා මා ඔහු සමග "චැට්" කළේ, ඔහු අකුරු කරන හැම වදනකම මා වැනි පුද්ගලයෙකුට ගත හැකි දේ බොහෝ තිබුණු නිසාය. සෑම දිනකම උදෑසන, ෆේස්බුක් පිටුව ගැන මෙන්ම මාධ්‍ය භාවිතය පිළිබඳවද ඔහුගෙන් කදිම ගුරුහරුකම් තොගයක් ලැබිණි. මෙවැනි කාර්යබහුල පුද්ගලයෙකු මා වැනි පාසල් කාලයේවත් නොහඳුනන, කෙනෙකුට උපදෙස් දීම ගැන මා සිටියේ සැබවින්ම මවිතයෙනි. 

අප පාසැලේ 71 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වුණු පා ගමනට පාසලේ ආදී ශිෂ්‍ය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල මාලිංග බණ්ඩාරද එක් වී තිබුණි. නමුත් ඒ කාලයේ ඔහු මුණගැසී වචනයක් දොඩන්න තරම් මා ධෛර්යමත් පුද්ගලයෙකු නොවුණු යුගයක් විය. මට ඔහුගේ ඡායාරුපයක් ගැනීමටද අපහසු විය. මේ බව මා රංජන් අයියාට පැවසු විට, ජනමාධ්‍ය ඡායාරූප ශිල්පය කෙසේ විය යුතුද යන්න ගැන දිගු විශ්ලේෂණයක් ෆේස්බුක් චැට් ඔස්සේ ලැබිණි. ෆේස්බුක් වැනි සමාජ ජාලා අහිතකර බව සැවොම පවසන විට මා පවසන්නේ අවශ්‍ය නම් එය යහපත උදෙසාද භාවිතා කළහැකි බවයි. ඒ බව  පසක් කරගන්නට මේ නිර්ලෝභී මාධ්‍යවේදියාගේ නිහතමානී බව ඉවහල් විය.  මන්ද ඔහු යමක් කියා දෙන්නේ තමන්ගේ බාල සොයුරෙකුට උපදෙස් දෙන වැඩිමහල් සොයුරෙකු පරිද්දෙනි. 

නිශ්මන් රණසිංහ සුපිරි ක්‍රීඩා බ්ලොග් හිතවතාද පැය කිහිපයකට පෙර ෆේස්බුක් ස්ටේටස් එකක් මගින් පවසා සිටියේ ඔහු පුද්ගලික දැන හැඳුනුම් කමට වඩා හැකියාව ගැන සිතේ තබා ගන්නවා යන්නයි. ඇත්ත වශයෙන්ම ඒ පිලිබඳ සහතික කිරීමට මමද තවත් සාක්ෂියකි. එය මේ ලිපියේ අවසන් කොටස කියවන ඔබට පැහැදිලි වනු ඇත.

යලිත් මට ඔහු මුණගැසෙන්නේ එස්.එල්.පී.එල් සමාරම්භක උළෙලේදීය. මගේ මිත්‍ර සුභාෂ් සහ මම එයට සහභාගී වූයේ අපටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා උනන්දුවක් දක්වන මහජන බැංකු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල බන්ධුසිරි නමැති අපේ මිතුරාගේ ආරාධනයෙනි. එහිදී රංජන් අයියා සහ මම එකම පෙළ අසුන් වල හිඳ ගන්නා විට, සමහර නිලියන් පවා ක්‍රීඩකයින් අසලම අසුන් ගන්නා බව පෙනිණි. එය මා ඉතා අපහසුතාවට පත් වූ කාරණයකි. ශ්‍රී ලංකාවේ සිංහලෙන් ක්‍රිකට් ගැන සටහන් තබන ප්‍රමුඛ පුද්ගලයෙකු පමණක් නොව ඕනෑම ක්‍රිකට් ක්රීදකයෙකුට උපදෙස් දෙන්නට තරම් හසල දැනුමැත්තෙක් වන රංජන් අයියා ගැන බොහෝ දෙනා නොදන්නා කාරණා කිහිපයක්ම වේ. 

"ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" යන කියමන සියයට සීයක් සත්‍ය නොවන බව පැහැදිලි වන එක් සරල උදාහරණයක් දෙන්නැයි කෙනෙකු මගෙන් විමසුවහොත්, මා දෙන කෙටි පිළිතුරු රංජන් පරණවිතාන යන්නයි. සමහරවිට ලිපිය කියවන ඔබ ඔහු ක්‍රිකට්/ක්‍රීඩා මාධ්‍යවේදියෙකු බව මේ වනවිට දන්නා කරුණක් විය හැක. නමුත් ඔහුගේ කාලයේ ඔහු කළුතර විද්‍යාල කණ්ඩායම, කළුතර පී.සී.සී. කණ්ඩායම නියෝජනය කල ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එමෙන්ම මලල ක්‍රීඩාව සඳහාද පාසල නියෝජනය කර ඇත්තෙකි. පාසල්, විශ්ව විද්‍යාල, ක්‍රීඩා සමාජ කණ්ඩායම් කිහිපයකම ක්‍රිකට් පුහුණු කරුවෙකි. ඒවා වචන වලට සීමා වන දේ නොවේ. එම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය පුද්ගලයෙකි. එමෙන්ම ඔහු ක්‍රිකට් විශ්ලේෂකයෙකි. ඔහු සහ අනෙකුත් ක්‍රිකට් මාධ්‍ය කරුවන්ගේ වෙනස මෙයයි. 

ඔබ නොන්දන්නා තවත් කරුණක් නම් ඔහු දක්ෂ චිත්‍ර ශිලිපියෙකු බවයි. එයද පත්තර වලට කාටූන් අඳින චිත්‍ර ශිලිපියෙකු බව ලඝු කොට වටහා ගත යුතු නැත. ශ්‍රී ලංකා පොලීසියේ අද පවතින ලාංඡනය ඔහුගේ නිර්මාණයකි. ක්‍රිකට් ගැන ඕනෑම සභාවක අතැඹුලක් මෙන් තම දැනුමෙන් කථා කළහැකි ස්වල්ප ශ්‍රීලාංකික මාධ්‍ය වේදීන්ගෙන් කෙනෙකි. ඉංග්‍රීසි සිංහල යන මාධ්‍ය දෙකෙන්ම විටෙක නිදහස් මාධ්‍ය වේදියෙකු ලෙස කටයුතු කරන ඔහු විවිධ ක්‍රීඩා ඉසව් ආවරණය කිරීමට ලෝකය පුරා සැරිසරා ලබා ඇති අත්දැකීම් සම්භාරය අතිමහත්ය. අද ඔහු ලක්බිම ප්‍රධාන ක්‍රීඩා කතුවරයාය. වරක් මා ඔහුගෙන් සංචාරය කර ඇති රටවල් ගණන කීයක්දැයි විමසා සිටියෙමි. එහෙත් එයට නිශ්චිත පිළිතුරක් දීමට ඔහුට නොහැකි විය. මා ඉල්ලා සිටියේ මේ අත්දැකීම බ්ලොග් අවකාශයට එක් කරන ලෙසයි. මා වරක් බ්ලොග් අඩවියක්ද ඔහු වෙනුවෙන් සකසා ඉල්ලා සිටියේ, මේ අත්දැකීම අප සමග බෙදා ගන්නා ලෙසයි. මගේ ඉල්ලීම පසෙක නොදා "හරි අපි බලමු" යයි පවසා සිටියේය. නමුත් අපගේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන්නැයි මා කල ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කරන්නට ගත්තේ තත්පර කිහිපයකි. ඒ දරන්නට බැරි වගකීම් භාර ගන්නට ඔහුගේ ඇති අකමැත්තයි.

යලිත් වරක් ඔහු සහ මා මුණගැහෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටියේදීයි. ඒ මා විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලිය ආවරණය සඳහා මාධ්‍ය හැඳුනුම්පතක් කරේ එල්ලාගෙන කටයුතු කල මොහොතකයි. ඔහු සිටින තැන මේ මාධ්‍ය හැඳුනුම්පත මගේ කරට මහා බරක් දැනිණි. එහි පැමිණි ඔහුව දන්නා අය වූයේ මාත් නදීශානුත් පමණක් වීම පුදුමයට කරුණකි. එයට හේතුව එහි සිටි බොහොමයක් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල අප වැනි ආධුනිකයන් වීමය. අනෙක ඔවුන් සියල්ලම පාහේ අප මෙන් ඩිජිටල් මාධ්‍ය කරුවන්ය. ඔවුන් හා වැඩි ඇසුරක් ලබන්නට රංජන් අයියාට වෙලාවක් තිබෙන්නට නැත. අප දෙදෙනා සමග සුහද පිළිසඳරක යෙදෙන ගමන් මා කරන රාජකාරිය කුමක්දැයි විමසා සිටින්නටද ඔහු කාරුණික විය. මා ඔහුට පිළිතරු දුන්නේ ඉතා බියෙනි. ඒ ඔහු වැනි යෝධයෙකු ඉදිරියේ මා ලුලිපුට්ටේකු බැවිණි. නමුත් සැහැල්ලුවෙන් සහ සිනහවෙන් අප හා කථා කල ඔහු ඒ වනවිටත් කෙරෙමින් පැවති ක්‍රිකට් ක්‍රීඩකයින් පාපන්දු ක්‍රීඩා කිරීම දැඩි සේ විවේචනයට ලක් කළේය. 

පසුගිය වසරේ කළුතර මැන්ගුස්ටින් හටන නැරඹීමට මා ගියේ පාසලේ වර්ණය වූ කොළ පැහැති ටී ෂර්ට් එකකින් සහ පාසලේ පා ගමන දා මිලදී ගත් කැප් එකද පැළඳගෙනය. මා යනවිටත් වත්මන් ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති වූ ඔහු ලකුණු පුවරුව අසලට වී කරන්නේ කුමක්දැයි බලන්නට මා දිව ගියෙමි. මෙතරම් පිරිසක් සිටිනා තැනක ලකුණු පුවරුවේ පෙරදින ලකුණු ප්‍රමාණය ඔහු සටහන් කරමින් සිටී. ඔහු දුන් උපදෙසකට අනුව යමින් මොහොතක් හෝ ප්‍රමාද නොවී මා එය මගේ ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නගා ගතිමි. 

https://www.facebook.com/photo.php?fbid=10152124114514825&set=a.83204639824.71467.535429824&type=1&theater

එදින ලක්රේඩියොවෙන් සජීවීව ගෙනා විස්තර විචාරය මෙහෙයවූ විරාජ් මාපා වෙත මා කැඳවාගෙන ගිය ඔහු
"මෙන්න මෙයාවත් ඕකට සම්බන්ධ කර ගන්න" යනුවෙන් පැවසුවේ මා මවිතයට පත් කරමිනි.

ඒ සඳහා සුදුස්සන් ඕනෑතරම් සිටියත් මා තෝරා ගැනීමට ඔහු තීරණය කලේ කෙසේද ? නිෂ්මන්ගේ සටහනේ එයට පිළිතුර ගැබ්වී තිබුණි. ඒ ඔහු නිහඬව පුද්ගලයින් අධ්‍යනය කරන බවයි. මා එතනට කැඳවාගෙන යන්නට ඇත්තේ ඒ නිසාවෙනි. එදා මා තුල ඇති වූ මවිතය නැති වුයේ අද දිනයේදීය.

හදිසියේ මේ සටහන තබන්නට නිමිත්ත වුයේ, පසුගිය සතියේ හෘද්ධයාබාදයකට ලක් වී, බයිපාස් සැත්කමකට භාජනය වී, ඉක්මන් සුව ලබන බව ඔහුගේ ෆේස්බුක් වෝල් එකේ සටහන්ව තිබුණ නිසාය. එයද මා මවිතයට පත්කළ කාරණයකි. ඔහුට ඉක්මන් සුවය පතා සිටි පුද්ගලයින් ප්‍රමාණය කෙතරම්ද යන්න ඔහුගේ වෝලයට පිවිසි විට පැහැදිලි වේ. ඔහු ක්‍රීඩාවට කෙතරම් ඇල්මක් දැක්වීද යන්න තෝරා ගැනීමට ඔහුගේ ෆේස්බුක් ස්ටේටස් එකකින් උපුටාගත් පහල වැකි කිහිපය සමත්ය.
 A /L පන්තිත් ගිහින් ක්‍රිකටුත් ගහල ෆුට්බෝලුත් ගහල ටේබල් ටෙනිසුත් ගහල බැඩ්මින්ටනුත් ගහල මීටර් 400ත් දුවල,මීටර් 110 කඩුලුත් පැනල , මැරතනුත් දුවල,මීටර් 100,400, රිලේත් දුවල,ගෙදර ගිහින් P T S එකේදි කරුවල වැටෙනකල් බාස්කට් බෝලුත් ගහල,ඊට පස්සේ ජිම් එකට ගිහින් බොක්සිනුත් ගහල , කරාටෙත් ,ජුඩෝත් කරලා, ගත කරපු ඒ පාසල් කාලේ ආයේ එන්නේ නැහැ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගයක් පැවැත්වෙන සමයක නරඹන්නකු පමණක් වීමට සිදු වීම තරම් වේදනාවක් ඔහුට නැති බව මට හැඟේ. මේ මොහොතේ විවේක සුවයෙන් පසු වී ඉක්මන් සුවය ලබන්නට ප්‍රාර්ථනා කරමි. මේ දිගු සටහන තබන්නේ ඔහුගේ නිහතමානී ප්‍රවීණත්වයට උපාහාර පිණිසයි. 

36 comments:

  1. Subash ayya Oya KMV da Giye. Mona Year ekeda ?

    ReplyDelete
    Replies
    1. ඔව්. 1988 A/L කලේ.

      Delete
    2. හෆොයි බලන් ගියාම ඔයා අන්කල් කෙනෙක්නෙ

      Delete
    3. පව් පොඩි මල්ලියෙක් කමෙන්ට් කල්ලා යටින්

      Delete
  2. රන්ජන් පරණවිතාන නම් ඔබ දන්නා ඔහු මා කිසිම දිනයක් අසා හෝ දැක නැත්තෙමි. එනමුදු ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
    සුදීකයියේ....බ්ලොග් ලොව ලිලිපුට්ටෙක් වන මා නිරන්තර ඔබේ දැනුමින් පොෂණය වන්නෙමි. ස්තූතිය නුඹට

    ReplyDelete
    Replies
    1. ඔබ ලක්බිම පත්තරේ "අන්නාසි මාමා" එක් වරක් හෝ කියවා ඇත්නම්, එය ලියූවේ ඔහුයි.
      බොහොම ස්තුතියි. බ්ලොග් ලෝකේ එහම අය නෑ නේද? අන්තර් ජාලයට පහසුකම් තියෙන ඕනෑම කෙනෙකුට මේ දැනුම තියෙන්නේ මවුස් ක්ලික් එකක දුර. ඉංග්‍රීසි අපහසු අයට මම පොඩි සහයක් වනවා පරිවර්තනයෙන්.

      Delete
  3. Sudeeka, Oba me watina minisa wenuwen obe uthukama itukotathibenawa.nishmandalage satahanada kiyewwemi,mamada ohuge patakayekwa sitiya,TV sakachcha 1 ho2 k beluwa.mathaka hatiyata ohuge katahanda suwiseshai.Ohuta ikman suwayapathami(Ranjan)

    ReplyDelete
    Replies
    1. මට රංජන් අයියලා තිදෙනෙක් ඇත. කෙනෙක් මේ ලිපියේ කතා නායකයා වන රංජන් පරනවිතානයි. අනෙකා අපේ ගම් පළාතේ කෙනෙකු වන දැනට ජර්මනියේ ජීවත් වන රංජන් පීරිස් වන අතර අනෙක් කෙනා ජර්මනියේ ජීවත් වන රංජන් ධර්මරත්නයි. මේ කමෙන්ටුව රංජන් පීරිස් අයියාගේ විය යුතුයි.

      Delete
  4. අපිත් ඔහුට ඉක්මන් සුවය පතනවා

    ReplyDelete
    Replies
    1. ඔහු මේ දිනවල අසනීප වීම අපේ ක්‍රිකට් රසිකයින්ට ලොකු පාඩුවක්.

      Delete
  5. නිශිගේ සටහන මා පෙරහිදාද කොහේද කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. නිෂ්ගේ රඟපෑම් දැක්කේ නැනේ ?

      Delete
  6. අහලවත් දැකල වත් නැති අය එමටයි නැද්ද සුදික අය්යෙ...
    වැදගත් දැන හැදිනගැනීමටත් වඩා ඔවුන්ට ගරු කිරීම...
    රංජන් අය්යාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවි

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ වගේ අයගෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. එයාලගේ විශේෂත්වය තමයි, තමන්ට යන්න ඕනේ තැනට කොන්දත් කෙලින් තියාගෙන, අපමණ දුක්ගාහැට විඳගෙන තනිවම යෑම. දැන් නම් මේ වගේ තැන් තියෙනවා ලියන.

      Delete
  7. අයියන්ඩි “අන්නාසි මාමා“ කියවනවා..ඒක නියම ලිපියක් හිනියට රිදෙන්න ගහලා වැරදි පෙන්නනවා..
    ඔහුට ඉක්මන් සුව පතමු...

    ReplyDelete
    Replies
    1. මමත් කියවල තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ගානේ වත් තියෙන්නේ අන්න ඒ වගේ ලිපි නිසා.

      Delete
  8. රන්ජන් පරණවිතාන මා ඉතා කැමති ක්‍රීඩා ලේඛකයෙක්. ඔහු ගැන අමතර විස්තර දැනගත්තේ ඔබේ ලිපියෙනුයි. ස්තුතියි සුදීක. ඔහුට ඉක්මන් සුව පතනවා

    ReplyDelete
    Replies
    1. මත ඔහු ගැන දන්නේ බොහොම ටිකයි.

      Delete
  9. ඔහුට ඉක්මන් නිරෝගී සුව පතමු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මැලේ.

      Delete
  10. රන්ජන් පරණවිතාන.. ක්‍රිකට් තරම්ම රසවත් විචාරකයා.. ඔහු අසනීපෙන් බව දැන උන්නේ නෑ. ඉක්මණ් සුව පතනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔහු මෙය දකීවි;

      Delete
  11. ඔහුගේ අන්නාසි මාමා තීරුව අප ඉතා ආසාවෙන් කියවන ලිපියක්.තොරතුරු එක් කිරීම ගැන ස්තූතියි සුදීක

    ReplyDelete
    Replies
    1. රංජන් අයියා සතුටු වෙයි මේ කමෙන්ට් දැක්කොත්.

      Delete
  12. ///ෆේස්බුක් වැනි සමාජ ජාලා අහිතකර බව සැවොම පවසන විට මා පවසන්නේ අවශ්‍ය නම් එය යහපත උදෙසාද භාවිතා කළහැකි බවයි. ඒ බව පසක් කරගන්නට මේ නිර්ලෝභී මාධ්‍යවේදියාගේ නිහතමානී බව ඉවහල් විය. ///

    ReplyDelete
    Replies
    1. මේ වනවිටත් බ්ලොග් නිසා පවා යහපත් මිතුරන් රැසක් ලැබී තිබෙනවා. කොට්න්ම රංජන් අයියා සමග සමීප වෙන්න ෆේස්බුක් ඉවහල් වුණා.

      Delete
  13. අගේ අැති සුන්දර මතකයක් අකුරු කරලා... ඔබේ සටහන් තැබීමේ විශේෂත්වයක් තියෙනවා... අැයි දන්නෑ ඒක ඉවර වෙනකල් කියවන්න ම හිතෙනවා... මැදින් මැදින් කියවන්නෑ.... දැන් මට රංජන් පරණවිතාරණ ගැන ඔබ ලියූ සියල්ල මතකයි... ඒකයි ඔබේ විශේෂත්වය....... අදයි මෙච්චර විස්තරයක් ඔහු ගැන දැනගත්තේ.. සුන්දර මිනිහෙක් බව පැහැදිලියි................... තුති

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අගේ කිරීමට. මට ලැබුණු හොඳම අගය කිරීමද මන්දා ?

      Delete
  14. ඉක්මන් සුවය පතනවා...මම ගොඩාක් වෙලාවට පත්තරයක් ගත්තම ඉස්සෙල්ලාම බලන්නෙ අග පිටුවෙ ක්‍රීඩා පුවත්...රංජන්ගෙ ලියවිලි ඇත්තටම හරිම රසවත්...

    ReplyDelete
    Replies
    1. කීවහම මොකද මමත් එහෙමයි.

      Delete
  15. රන්ජන් පරණවිතාන

    ReplyDelete
  16. රන්ජන් පරණවිතාන

    ReplyDelete
  17. රන්ජන් පරණවිතානට ඉක්මන් නිරෝගී සුවය පතනවා.පුද්ගලිකව නොදන්නා නමුත් බොහෝම හුරු පුරුදු නමක්.ක්‍රීඩා මාධ්‍යවේදියෙක් විදියටයි අපි නම් ඔහුව හඳුනන්නේ.

    ReplyDelete
  18. මොහුව මා හදුනන්නේ නෑ,, ඔබට ස්තුතී ලිපිය තුලින් අප දැනුවත් කලාට සහ මිත්‍රයෙක් වෙනුවෙන් යුතුකමක් ඉටු කලාට

    ReplyDelete
  19. ඔහුට ඉක්මන් සුව පතනවා.

    ReplyDelete
  20. අයියන්ඩි නැද්ද අලුත් මුකුත් ලියන්නේ?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...