Monday, August 13, 2012

එස්.එල්.පී.එල්. සමාරම්භක උළෙලට ගියෙමි.

අප බොහෝ දෙනා බලා සිටි එස්.එල්.පී.එල්. තරගාවලිය ආරම්භ වීමේ සුභාරංචිය ලද වහාම සතුටට පත් වන පුද්ගලයන් අතර මම ද කෙනෙකි. පසුගිය වසරේ මෙම තරගාවලිය පවත්වන්න සුදානම් වුවත් අවාසනාවකට එය අත් හැර දමන්නට සිදු විය. එකල මාගේ සිතේ ඇති වූ සිතුවිල්ල නම් අපගේ කණ්ඩායම් මිලදී ගන්න තරම් වත්කමක් තිබෙන ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාවේ නැද්ද යන්නයි. ඉන්දියාවේ නම් වෙන්දේසි වලදී ඉතා ඉහල මිලක් ගෙවා මෙම කණ්ඩායම් මිලදී ගෙන තිබුණා. අවසානයෙදී ශ්‍රී ලංකා ප්‍රීමියර් තරගාවලිය යතාර්ථයක් බවට පත් වුනා. එහෙත් එහි සමාරම්භක උළෙලට සහභාගී වීමට මට අවස්ථාවක් (වී.අයි.පී. අවසර පත්‍රයකින්) උදා වේ යයි මා සිහිනෙකින් වත් සිතුවේ නෑ. එම අවසර පත්‍රය ලැබූ ක්‍රමය ගැන විස්තර කිරීමට කාලය මිඩංගු කිරීම තේරුමක් නැති වුවත් මා එහිදී ලද අත්දකීම් ඔබත් සමග බෙදා ගැනීම වටී.

කලින් පැවසූ ආකාරයටම ඉතා තද ක්‍රිකට් ප්‍රේමියකු වන මා හට එය මහමෙරකි. පන්සීයකට අඩු පිරිසක් සහභාගී වන තැනක මමත් එක පුද්ගලයකු වීම මට කෙතරම් වටීදැයි මගේ සමීප මිතුරන් දනී. ක්‍රිකට් වලට ඇති මගේ ප්‍රේමය කිසිදා නොසිඳෙන දිය උල්පතක් වැනිය. ආනන්ද-නාලන්ද, ඉසිපතන-තර්ස්ටන්, රිච්මන්ඩ්-මහින්ද, රෝයල්-සාන්ත පීතර ආදී පාසල් ක්‍රිකට් තරග රේඩියෝවෙන් ඇසීමෙන් ආරම්භ වන මගේ ක්‍රිකට් ප්‍රේමය පසුව ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සුහද පිළිසඳරක යෙදෙන තත්වයකට වර්ධනය කර ගන්නට ලැබීම මගේ වාසනාවකි. 

අපි මොනවද ඇඳගෙන යන්නේ යයි මගේ අතිජාත මිතුරා සුභාෂ් ඇසු විට මා පැවසුවේ "ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට් ඒකඇඳගෙන යමු නේද?" කියායි. මා සිතා සිටියේ එය ඔලිම්පික් සමාරම්භක උළෙල වාගේ මහා ජනකායක් සහභාගී වන්නක් විය යුතු යන්නයි. එහෙත් මගේ මිතුරා පවසා සිටියේ මෙය සුගතදාස ගෘහස්ථ ශාලාවේ පැවැත්වෙන බැවින් උත්සවයට ගැලපෙන ඇඳුමකින් සහභාගී විය යුතුයි බවයි. ඉන්පසු අප දෙදෙනා මහත්වරුන්ගේ ක්‍රීඩාව වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට මහත්වරු මෙන් සහභාගී වීමට තීරණය කරා. එය රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිත බැවින් අප දෙදෙනාත් අපගේ මිතුරා සහ ඔහුගේ පවුලේ අයත් මෙම ශාලාව අසලට රාත්‍රී 7.00 පමණ වනවිට ලඟා වුනා. ටික මොහොතකින් අප රුපවාහිනී තිරයේ දකින මේ සියලු ක්‍රිකට් වීරයන් අප පසුකර ඇතුල් වන ආකාරය දැක ඉමහත් සතුටින් එම අවස්ථාව උදා වනතුරු පසු වුනා. එහෙත් වාහනය ගාල් කරන්නට ගිය සුභාෂ්ගේ ප්‍රමාදය නිසා ඉදිරිපස දොරටුව අසල විනාඩි 15ක් පමණ රැදී ඉන්නට සිදු වුනා. එයම අප පසු කර යන ප්‍රසිද්ධ චරිත දැක හඳුනාගෙන "මේ යන්නේ අරයා, මේ යන්නේ මෙයා" යනුවෙන් කොඳුරමින් කාලය ගෙවා දැම්මීමට හේතු වුනා.

ගෝෂාකාරී ශබ්ද පවතින තැන් වල කාලය ගත කරන්නට මා දක්වන්නේ දැඩි නොකැමත්තක්. එහෙත් මෙවැනි අවස්ථාවක් මග නොහැර සහභාගී වන්නේ  මා ක්‍රිකට් වලට දක්වන ප්‍රේමය නිසාමයි. කෙසේ හෝ රාත්‍රී 8.30 ට මත්තෙන් එය ආරම්භ වුනා. එහි වේදිකාව,   ආලෝකය, පිටුපස දර්ශන, ශබ්ද පරිපාලනය ඉතා උසස් මට්ටමකින් පැවතුනා. එහි සිටි සහායිකාවන් අපව  ඉදිරියේ මැදපෙළ අසුනක් වෙත යොමු කළා. ඇත්තටම එම උත්සවය නැරඹීමට එය කදිම ස්ථානයක්. මෙම ශාලාව ජපන් ආධාරයක් මත ලැබුන එකක් නිසා මෙහි හොඳ ශබ්ද සහ ආලෝක පද්දති සවි කරා ඇති දැන ගත්තේ අපගේ මිතුරාගෙන්. මෙහිදී මගේ ක්‍රිකට් මිතුරියන් වන චමරි අතපත්තු, සඳමාලි දොලවත්ත දකින්නට ලැබුනත් ඔවුන් සමග පිළිසඳරේ යෙදෙන්නට අවස්ථාවක් ලැබුනේ නැහැ. ගයේෂා පෙරේරාත් මෙයට සහභාගී වනු දුටුවා. ඇයද යම්තාක් දුරට මගේ සමීප මිතුරියක්. 

එය ඉතා සමතුලිත වැඩසටහන් පෙළගැස්මක් ලෙස පැවසුවොත් අතිශෝක්තියක් නොවේ. දේශීයත්වය අගයමින්, එක්-එක් පළාතට ආවේනික නැටුම් සහ ගායනා වලින් සැදී ගීත සහ ඉදිරිපත් කිරීම් පෙළ දෙස විදේශීය ක්‍රීඩකයින් මහත් ඕනෑකමකින් බලා සිටියා. ඇත්තටම එය අපටද ඉමහත් සතුටක් ගෙන දුන්නක්. මෙම අවස්ථාව හිරු රුපවාහිනිය තුලින් ඔබ දකින්නට ඇතැයි සිතනවා. එහෙත් එම උත්සවයේ මගේ සිත්ගත් අංග මා මෙසේ විස්තර කරන්නම්. 

ක්‍රීඩාවේ ජීවගුණය(Spirit of Cricket) ආරක්ෂා කරනුවස් කණ්ඩායමේ නායකා සහ හිමිකරු ඇඟිලි සලකුණු තම්බමින් කරන ලද ඉලෙක්ට්‍රොනික් එකඟතාව ඉතා මනස්කාන්ත ලෙස දර්ශන තිර මත දැක්වීම. සියලුම කණ්ඩායම් වෙනුවෙන් ඉදිරිපත් කල ගීත සහ ඉදිරිපත්කිරීම්. භාතිය සන්තුෂ් / අශාන්ති/උමාරියා සහ ජනනාත් වරකාගොඩ ගේ ඉදිරිපත් කිරීම්. මෙහිදී " නා-නා-නේ-න-න-නේ-නා-නා" ගීතයට දිල්ෂාන්, නැනස්, ලාරා, බෝජායිස් සහ කණ්ඩායම් හිමිකරුවන් මෙන්ම ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ ප්‍රධාන අනුග්‍රාහක මහින්ද්‍රා ආයතනයේ ශුක්ලා මහතා වරද්ද-වරද්දා ගායනා කරන විට අපට ඇති සිනහවනම් වලක්වා ගන්නට නොහැකි වුනා. එහිදී බ්‍රයන් ලාරාගේ  සහ කුමාර් සංගක්කාරගේ කථා ඉතා රසවත් මෙන්ම  සාරගර්භ ඒවායි. විශේෂයෙන්ම අපගේ මතකයෙන් ගිලිරි යන චමින්ද වාස් ගැන බ්‍රයන් ලාර කරන ලද විග්‍රය ඉතාම වැදගත්. කුමාර් සංගක්කාරගේ කථාවෙදී ලාරා සහ තිලාන් ගැන විස්තරය ඉතා සිනහ නංවන සුළුයි. 

නමුත් එහිදී මට මුණ ගැසුණ මගේ පාසලේ ආදිශිෂ්‍ය ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන මහතා පැවසූ දෙයින් මා තරමක් වික්ශීප්ත භාවයට පත් වුවා 

"නිකං බලන්න ආවේ මොනවද වෙන්නේ කියල, ඒත් මං මේකට කැමති නෑ"

පසුදා උදයේම ෆේස්බුක් වල සිටි ඔහුගෙන් මා විමසා සිටිය ඇයි ඒ වගේ මතයක් දරන්නේ කියා, එවිට ඔහු පැවසුයේ 

"පොඩි එවුනුත් සල්ලි පස්සේ යනවා, මුදලට තරග පාවා දෙනවා" යන්නයි. එම කතාවෙන් මගේ මතකය තරමක් ඈත හා මෑත දෝලනය වූ සිතුවිල්ලක නතර වුනා.

1994 දී මට රවීන්ද්‍ර පුෂ්පකුමර මුණගැහුනා දකුණු අප්‍රිකාවේ සංචාරයට පසු. ඔහුත් මාත් එකම බස් රථයෙන්(154) බැස ටොරින්ටන් දක්වා පයින් යන ගමන් සුහද පිළිසඳරක යෙදුණා. ඉතාම නිහතමානි පොලවේ පය ගසා සිටින පුද්ගලයෙක් බව මට පසක් වුනා. ඒ සමගම පොදු ජනයා ගැවසෙන තැන් වල ගැවසෙන සාමාන්‍ය අය ලෙස  එවක ක්‍රිකට් ක්‍රීඩකයන් සිටියා. පසුගිය අඟහාරුවාදා එස්.එස්.සී. දොරටුව අසල අලුත්ම කලුපාට වොල්වෝ රථයක නලා හඬවන සද්දය නිසා එහි සිටින්නේ කවුදැයි  දෑස් යොමා බැලුව. එහි සිටින්නේ අජන්ත මෙන්ඩිස්. ඔවුන්ට අද තිබෙන ආර්ථික සමුර්ධිමත් භාවය ගැන අපට ඉරිසියාවක් නැති වුවත් ඔවුන්ට එය ලඟා කරා ගත හැකි වුයේ 1996 පෙරළියට දායක වුනු සියළු දෙන විඳි දුක්, බාදක, කම්කටොළු නිසා බව ඔවුන් දන්නවාද ? 

සමාරම්භක උළෙලේදී මගේ ජංගම දුරකථනයේ සටහන් කරගත් චායාරුප පහත සබැඳියෙන් ගොස් බලන්න පුළුවන් 

https://www.facebook.com/media/set/?set=a.10151023620594825.431200.535429824&type=3

ප:ලි: ඔබ දන්නවාද මහින්ද්‍රා ආයතනයේ නිෂ්පාදන සහ නිෂ්පාදන කර්මාන්ත තියෙන්නේ මොන රටවලද කියලා. ශුක්ලා මහත්මයාගේ කතාවට අනුව ඉන්දියාව, චීනය, අමෙරිචාව, දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රලියාවේ නිෂ්පාදන ශාලා තියෙනවා. අප දාන්නේ ට්‍රැක්ටර්, ජීප් පමණයි එහෙත් ඔවුන් මෝටර් බයිසිකල්, යොච්, ගුවන් යානා පවා නිෂ්පාදනය කරනවා. 

25 comments :

  1. hithannata loku deyak etha

    ReplyDelete
  2. හැමදාම ක්‍රීඩකයින් දුක් විඳිය යුතුයි කියන කුහකත්වයෙන් නොවෙයි මා හෝ රන්ජන් පරණවිතාන මෙය පවසන්නේ. නමුත් අද සිටින තත්වය ලඟා වුයේ කෙසේදැයි දැන සිටීමට අවශ්‍යයි.

    ReplyDelete
  3. ඔනෑම දෙයක ධනාත්මක සහ ඍණ මුලයන් තිබෙනවා වාගේ මෙහිත් ඒ දෙකම තියෙනවා නමුත් වඩා වැදගත් වන්නේ මෙමගින් නවකයන්ගේ දක්ශතා එලිදැක්වෙනවා සේම ප්‍රවීනයන් විසින් ඉහතකි නවකයන්ගේ මනස ක්‍රිඩකයෙකුට සුදුසු ලෙස සකස්කල යුතු විමයි එවිට අර ඍන තත්වයන් මකාදැමිය හැකියි. මොකැ මමත් ඔය ක්‍රිඩාවේ නියැලෙනවනේ ඔබ එය දන්නවා

    ReplyDelete
  4. මචං Raj : අපි ක්‍රීඩාවේ නියලුනාට අපිට ලැබෙන කිසි දෙයක් නෑ. නමුත් අසීමිතව මුදල් ගලා ඒම තුල නොමග යාමයි වැඩියෙන් වෙන්නේ. මගෙත් බලාපොරොත්තුව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් 100ක් වත් නිර්මාණය වීම.

    ReplyDelete
  5. සල්ලි මත්තේ වුනත් මේක ලංකාවට හොඳ අවස්තාවක්.අයි.පි.එල් එක වගේම ආකෘතියක් හදන්නට කට්ටිය මහන්සි වෙලා තියෙනවා.ඒ අතින් බලද්දී බංගලාදේශයේ බි.පි.එල් එකට වඩා ඉහල තැනක එස්.එල්.පි.එල් එක තියෙනවා හැබැයි බාධක නම් එමටයි.

    ReplyDelete
  6. ප්‍රධාන බාදකයත් ඉන්දියාවම තමයි. එයාල කැමති නෑ අපි පටන් ගත්තට. මොකද ඉන්දියාවට වඩා ලංකාව මේ වගේ තරග නරඹන්න එන්න ඉන්දියන් අය පවා කැමතියි. මොකද ලංකාව ඉන්දියාවට සාපේක්ෂව පිරිසිදුයි. මිනිස්සු අහංකාර නෑ. ඒක නිසා තමයි ඉන්දියන් කට්ටිය මේ එස්.එල්.පී.එල්. එකේ නැත්තේ.

    ReplyDelete
  7. හොඳ අවස්තාවකට සහභාගී වෙන්න ලැබුනට සතුටුයි.
    මුදල් කියන්නෙ කවදාවත් ඇති නොවෙන, ලැබෙන්න ලැබෙන්න මිනිස්සු දුරස්වෙන සහ අත්‍යවශ්‍ය කරන දෙයක්. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ සත්‍යට මුහුණදෙන්න සිදුවෙනව. ඒකාලෙ ක්‍රීඩකයන් මුදල් පස්සෙ ගියේ නෑ. හොඳම උදාහරණය අරවින්ද. එක සැරයක් ඔහු එංගලන්ත ප්‍රාන්ත කරගවලට ගිහිං ඇවිල්ල කිව්වෙ එක් තරගවාරයක් ප්‍රාන්තයකට ක්‍රීඩා කලාම රට වෙනුවෙන් අවුරුදු 10ක් ක්‍රීඩා කරල හොයන්න පුළුවන් මුදල ලැබෙනව කියල.‍ තරග පාවාදීම් සිද්ධි වැඩිවෙන්නෙ ඒකයි.

    එස්එල්පීඑල් වල ලාභ පාඩු කතා කරන්න වෙලාව තවම මදි කියන එකයි මගේ හැඟිම. මොකද වියදම් කරන මුදල හොයාගන්න තරමේ ප්‍රේක්ෂක පිරිසක් නැතිවුනොත් තරගාවලියෙන් වැඩක් නෑ. බලමු මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
  8. ඔබ හිතන්නේ ඔවුන් ඒ ගැන දැනුවත් නැහැ කියාද ,,ඔවුන් දැනුවත් නැතුවා නොවෙයි ලැබෙන ප්‍රතිලාභයන් ඔවුන්ට බල කරනවා සියල්ල අමතක කර දමන්නට. කිකිළිය හැමදාමත් රන් බිජු දමන්නේ නැති බව ඔවුන් දන්නවා..ඊළග තරග කිහිපය හරියට සෙල්ලම් කරන්නට බැරිව ගියොත් එළියට යන්නට වෙනවා. ඔවුන් ලද අවස්තාවන්ගෙන් ප්‍රයෝජනය ගන්නවා. සමස්තයම ගිලා බැස යමින් තිබෙන විට කුඩා බෝට්ටු පමනක් නොගිලී තිබේයැයි බලාපොරොත්තු වන්නේ කොහොමද ?

    ReplyDelete
  9. ඒත් මේ ක්‍රීඩකයන් මේ තත්වයට එන්න සෑහෙන්න කැපකිරීම් කරලා තියනවා. මා දන්නා බොහෝ දෙනෙක් කුඩා කල සිටම බොහෝසේ කැපකිරීම් කල අය. හැබැයි … නරබන්නන් වශයෙන් අපි ඊට දක්වන කැමැත්ත මත ඊට විශාල මිලක් නියමවෙලා තියනවා. ඕනෑම පාසලක සිටින සිසුවෙකුව ක්‍රිකට් ක්‍රීඩකයෙකු කරන්න හදනවා මිස වොලිබෝල් ක්‍රීඩකයෙකු කරන්න දෙමාපියන් උත්සහා නොකරන්නෙ මේ නිසානේද ? වොලිබෝල් වැනි ක්‍රීඩාවලටත් මෙවැනිම තත්වයක් ඇත්නම්. ඔලිම්පික් වැනි තරඟාවලියකට අපට ලංවන්නට නොහැකිවී තිබෙන්නෙ ඊට කුඩා එවුන් නොදක්වන කැමැත්ත නිසා නොවෙද ?

    ReplyDelete
  10. @රාජ් : අපට මේකේ ලාභය ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නෑ. මුල් අවුරුදු තුනම මෙය සංවිධානය කරන්න එංගලන්ත සමාගමකට පවරලා. එතකොට එකෙන් ලැබෙන මුදල තනිකරම ලාභය.

    @රතුරජරට : සම්පුර්ණයෙන්ම එකඟයි.

    @Loku John : හොඳටම කැප කිරීම් කරපු අයමද මෙතන ඉන්නේ කියල පොඩි සැකයක් තියෙනවා. මම නම් හිතන්නේ කිහිප දෙනෙක් ඇරුණාම අනෙක් අය මේ ලබන්නේ ඔවුන් ආයෝජනය කල මුදලේ ප්‍රතිලාභ.

    ReplyDelete
  11. කොහොම හරි SLPL තියපු එක වටිනවා....

    ReplyDelete
  12. ඔය සංදර්ශනේට ගිය සල්ලි වලින් ඉස්කෝල වලට බැට් බෝල ටිකක් අරං දුන්න නං වැඩිය වටිනවා...

    ReplyDelete
  13. @ඉන්ද්‍රජිත් : අනිවාර්යයෙන්ම. සිම්බාබ්වේට, බංග්ලාදේශයට පුළුවන් වුනානම් අපටත් පුළුවන් වෙන්න ඕනෑ.

    @ඔබ නොදුටු ලොවක් : එහෙම හිතන්නත් පුළුවන්. ඒත් මේ තරගාවලිය සංවිධානය කරන ආයතනය බ්‍රිතාන්‍ය එකක්. ඔවුන් මේ වෙනුවෙන් ආයෝජනය කරන්නේ යම් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන්.

    ReplyDelete
  14. කියෙව්වා. ඔබ වාසනාවන්තයි. අපේ රටේ මෙහෙම දෙයක් සිදු වීම ඇත්තටම සතුටු යි.

    ReplyDelete
  15. නෑ මම කියුවෙ අද ප්‍රතිලාබ ගන්න අද හොඳ තත්වෙක ඉන්න අය සෑහෙන්න කැපකිරීම් කරලා තියනවා කියලා වෙනස් පැත්තකින් කියනවනම් අර්ජුන රනතුංග අද දෙශපාලන තැනක් ගත්තෙත් ක්‍රිකට් නිසානේ අර්ජුනට දෙශපාලන තත්තගෙ දෙශපාලනය කියලා මම පිලිගන්නෙ නෑ ඒ ජනප්‍රිය දෙශපාලනය (අර්ජුන ක්‍රිකට් වෙනුවෙන් කැපකිරීම් කරලා තියනවා අද හුඟක් අය බුක්තිවිඳින්නෙ ඒවා )

    ReplyDelete
  16. @ශශි : ඔව් මේක එක පැත්තකින් රටට ගලාගෙන ආපු ආයෝජනයක් වගෙයි. ඒත් ඉන්දීය ක්‍රීඩකයින් ආවානම් ඉන්දීය ජනතාව ලංකාවට එනවා තරග බලන්න. ඉන්දීය පාලක මණ්ඩලය මෙන්න මේකයි නැවැත්තුවේ.

    @Loku John : ඔයා බලන්න මේ තරගාවලිය ඉවර වුනාම පත්තර වල ලියවෙන්නේ මොනවද කියල ? අරය හොඳයි, මෙය හොඳයි සුදුස්සාට තැන ලැබිල නෑ කියල කියයි. මුල 100 දෙනා අතරට එන්නේ නම් දක්ෂතා නිසයි. එහෙත් එතනින් පස්සේ විවිධ ආකාර වලට අවසාන 20 අතරට එනවා. ඉන් පස්සේ වෙන්නේ අර රතු රජරට කියන ටික.

    ReplyDelete
  17. ක්‍රිකට් ක්‍රීඩාවට ආකර්ශනය අවශ්‍යයි. ඒත් මුදල් වලටම ක්‍රීඩාව යටවුනොත් එහි තිබෙන ජීව ගුණය නැසී යන්න පුලුවන්...

    ReplyDelete
  18. SLPL මැචස් වල සෑහෙන්න හිස් පුටු තියෙනවනෙ.

    ReplyDelete
  19. @සිරා : මෙතන තියෙන එකම අවදානමත් එකයි. නමුත් මේ ආකෘතියේ අමුතුම නැවුම් භාවයක් තියෙනවා.

    @Kandyan : හුඟක් දෙනෙක් නගන ප්‍රශ්ණයක් තමයි අපේ ප්‍රීමියර් ලීග් තරගාවලිය ඉන්දියාවේ තරම් ජනප්‍රිය නෑ කියන එක. ඒකට හේතු රාශියක්ම තියෙනවා.මේ ගැන මම වෙනම පොස්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  20. ඇත්තටම slpl වගෙ එකක් පවත්වන එක හොඳයි. ඒත් මේකේ මුල්‍යමය පැත්ත ගැනත් ජනතාවට හෙළි කරනවානම් තවත් හොඳයි. මොකද ලංකාවේ ඉතින් ගොඩක්ම ඉන්නේ හොරුනේ. විශේෂයෙන් slpl එකෙන් උපයන ලාභය SL cricket board, Somerset Entertainment Ventures,ටිම්ස් වල අයිතිකාර ආයතන අතර බෙදාගන්න විදිහ එහෙම මාධ්‍ය දැනුවත් කරන එක ක්‍රිකට් බෝර්ඩ් එකේ වගකීමක් මං හිතන්නේ..... ඔබතුමාටත් මේ ගැන හොයලා ලිපියක් පලකරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.කොහොම වුනත් රටට මේකෙන් හොඳක් වෙයි කියල මං හිතනවා.

    ReplyDelete
  21. හොඳ අවස්ථාවකට සහභාගිවෙලා තියෙන්නේ. මට බලන්න වෙන්නේ ඉන්ටෙර්නෙට් එකේ. අමාරුවෙන් එකත බලනවා. සල්ලි ගැනම හොයන්නේ නැතුව අලුත් අයට හොඳ අවස්තාවක් මේක.

    ReplyDelete
  22. එංගලන්ත සමාගමක් ? අපි දන්න විදිහට නම් සංවිධානය කරන සමාගම සිංගප්පුරු එකක්

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. මේ උත්සවය නම් මමත් නෙට් එකෙන් බැලුවා. ලස්සනයි හොදට කරලා තිබුනා. රන්ජන් එක්ක මම නම් එකග වෙන්නෙ නෑ. මොකද මුදලට තරග කිරිම නිසා සල්ලි පස්සෙ පොඩි එවුනුත් යනව කියන එක ක්‍රිඩකයොන්ගෙ ප්‍රශ්නයක් මිස මේ වගෙ තරගාවලි වල ප්‍රශ්නයක් නෙවේ මම හිතන්නෙ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...