Thursday, October 2, 2014

වෙඬරු සදිසි හදක් ...... A kind hearted mother ......

මේ කුරිරු ලෝකය බලා සිටින්නේ බාල බොලඳියන් ඩැහැගන්නේ කොයි මොහොතේද කියායි. මෙය තවත් එවැනි කුරිරු කතාවක්ද ? මේ සටහන අවසානයේ ඔබම තීරණය කරන්න. ඇයගේ මවගෙන් පළමු දිනයේ එන අධික ප්‍රතිශක්තියකින් යුතු පළමු කිරි උගුර උරා බොන්නට ඇය වාසනාවන්ත වුවාය. යන්තම් දෙපයින් නැගී සිට ඇවිදින්නට තතනන මොහොතේදී තවත් කුරිරු මවක් ඇය ඩැහැගන්නේ දෛවයේ සරදමක් ලෙසය. එසේ ඩැහැගන්නේ බිලිඳියට යහපතක් කරන්නද ? තමන්ගේ දෙමව්පියන්ගෙන් පවා දරුවන්ට අතවර සිදුවන  යුගයක, ආගන්තුක මවකගෙන් දරුවකුට කුමන රැකවරනයක්ද ?
lion mother saved a calf old one day initiyally intended to kill for her daily bread amazing miraculous national geographic video
පින්තූරය ගත්තේ : http://www.runningwithsafetyscissors.com

එහෙත් ලෝකයේ කලාතුරකින් හෝ ආශ්චර්යයන් සිදු වේ. එවැනි සිදු වීම් අපට ඉඳහිට අසන්නට දකින්නට ලැබේ. මේ බිලිදියද එවන් වාසනාවක් කරපින්නාගෙන පැමිණ ඇත. ඇය පසුව හමු වූ මවට තුරුල් වන්නේ ආදරය, රැකවරණය පමණක්ම බලාපොරොත්තුවෙන් නොව තම කුසගින්න නිවාගැනීමට කිරි උගුරුක් ලැබේයයි සිතමින්ය. කිරි දෙන්නට නොහැකි වුවද, දරු සෙනෙහස කුමක්දැයි ඇය හඳුනන්නීය. නමුත් බිලිඳිය ඩැහැගැනීමේ ඇගේ අරමුණ වෙනස්ය. දරු සුරතල් කරන්න නම් තම ජාතියේ දැරියක් හුරතල් කරන්නට හැකිය. ඉතා කුඩා වයසක පසු වන බිලිඳියගේ තොඳොල් බස් සහ සිරුරේ වෙලී සොයන මවු සෙනෙසහ කුමක්දැයි ඇයට නොවැටහෙනවා නොවේ. මුලින් ඔහේ තුරුල්වී උණුසුම විඳින්නට ඇය ඉඩ හරී.  මේ බිලිඳියට මේ සිටින්නේ තමාගේ මව නොවේ යන්න මොහොතකටවත් සිතෙන්නේ නැත. බිලිඳිය දැඩි කුසගින්නකින් පසු වේ. මවක් ලෙස ඇගේ හිත උණු වේ. සමහරවිට ඇගේ දරුවකු අකාලයේ මිය යන්නට ඇත. ඊළඟ පැය කිහිපයේ ඇය වෙනත් පාපතරයින්ගේ මේ බිලිඳිය ආරක්ෂා කරයි. උණුසුමද දෙයි. හුරතල් වන්නට ඉඩ හරියි. එහෙත් අබමල් රේණුවක කරදරයක් නොකරයි. බිලිඳියට දෛවයේ කුරිරු සරදමට මුහුණ දීමට සිදු නොවේ. මේ මොහොතේ අප සැමගේ ප්‍රාර්ථනයද එයයි.

පැය විසිහතරක කාලය බිලිඳියට කල්පයක් සේ දැනෙයි. අධික කුසගින්නෙන් ඇය දුර්වල වේ. කුරිරු කත ඇයට යන්නට හරියි. එහෙත් පසුපසින් හිඳිමින් ඇය ආරක්ෂා කරයි. එළඹෙන සන්ධ්‍යාවේදී අකල් වැස්සක් කඩා වැටේ. කුසගින්න, සාංකාව, සීතල අතර ඇය සීතල පොළව මතම රාත්‍රිය ගත කරයි. අවට සිටින ලේ පිපාසිතයින් පමණක් නොව මැසි මදුරුවන්ද ය වට කැරකෙන්නේ, තවත් පැය කිහිපයකින් මේ ගොදුරෙන් තම කුස පුරවා ගන්නටය. අරුනොදයත් සමග අයට නව පණක් ලැබේ. තවත් මොහොතකින් තම හාත්පස සිටින්නේ තමාගේ මව වටා සිටි මිතුරියන් සහ ඔවුන්ගේ දරුවන්ය. දැඩි කුසගින්නේ පසුවන බිලිඳිය අර මවුන්ගෙන් කිරි උගුරක් උරා බොන්න සුදානම් වනවා. මේ ඉන්නේ මගේ මවද ? ඇයට තවමත් තෝරා ගන්න බෑ. දැඩි කුසගින්නකින් පසුවෙන ඇයට මේ සියළු දෙනා ඇගේ මවුන් වගේ පෙනෙනවා. එහෙත් ඔවුන් ඉතා කුරිරු ලෙස මේ බිලිඳිය පලවා හරිනවා. අවසානයේ තම වයසේ වෙනත් අයගේ කිරි බුරුල්ලට තොල තබා ඇය කුසගින්න නිවාගැනීමේ නිෂ්ඵල වෑයමක නිරත වනවා. එවිටත් ඇයට මවගේ මිතුරියන්ගෙන් සුපුරුදු ප්‍රතිචාරය ලැබෙනවා. ඈතක සිට ඒ දෙස ඉතා කණගාටුවෙන් ඇය පැහැරගත් මව බලා සිටිනවා. ඇයගේ ලේ කිරි නොවීම ගැන ඇය මේ මොහොතේ පස්චත්තාප වනවා සිකුරුයි.

මෙසේ දිව යන බිලිදිය වෙත නොපැතූ මොහොතක ඇගේ මව දිව එනවා. එහෙත් බිලිඳිය ඇය හඳුනන්නේ නෑ. නමුත් ඈ කිරි වලින් පිරී ඇති බුරුල්ලෙන් ඇයගේ කුසගිනි නිවාලනවා. තවත් මොහොතකින් දෙදෙනා සතුටින් දිව යනවා. බිලිඳිය තව මව වටා දිව යමින් ඉහවහා යන සතුට ප්‍රකාශ කරනවා. 

දීර්ග සටහනකින් මා විස්තර කරන්න හදන කතාව වීඩියෝ පටයක සටහන්ව තිබෙනවා. එහෙනම් ඔබම බලා තීරණය කරන්න සිදු වූයේ කුමක්ද කියා ?

විශේෂ ස්තුතිය : මෙය මගේ ඇස ගැසීමට සැලැස්වූ තිලක් ලියනවඩුගේ මගේ මිතුරාට. අද මම මෙය මගේ දියණියට බලන්නට සැලැස්වූවා. ඇය දෑස් පිසදමනු දුටු මා ඔයා අඬනවාදැයි විමසා සිටියා. "මට සතුටු ඇයට මව හමු වූ නිසයි. ඒකයි මට කඳුළු ආවේ" ඇගේ පිළිතුර වුණා.

42 comments:

  1. අනේ පව්, ස්තුති,
    //"මට සතුටු ඇයට මව හමු වූ නිසයි. ඒකයි මට කඳුළු ආවේ" ඇගේ පිළිතුර වුණා./// මේක ඔයාට ගොඩක් සංවේදී වෙන්න ඇති,,දුවගේ වචන

    ReplyDelete
    Replies
    1. ඇත්තටම. දරුවෝ සංවේදී වුණ වෙලාවට අපිත් සංවේදී වෙනවා. ඒත් පෙනන්නේ නෑ.

      Delete
  2. ඔමා හරි. සුදීකගේ ලියවිල්ල දුවගේ වදන්වලින් කෙටි කරලා. ඇස්වලට කඳුලුත් ආවා සුදීක.

    ReplyDelete
    Replies
    1. කඳුළු එන්නේ නැද්ද දෙයියනේ. ජීවිතේටවත් වෙන්න පුළුවන් දේවල්ද ?

      Delete
  3. සුන්දර සිදුවීමක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ටී.වී. එකේ සතුන් පසුපස හඹා යන දර්ශන දෙස බලා ඉන්න පොඩ්ඩක් අකමැතියි මොකද අවසානය දන්නා නිසා. නමුත් මේ වගේ ඒවා කලාතුරකින් දකින්න ලැබෙනවා.

      Delete
  4. මමත් කදුලු පිහදැම්මා.. මට නම් මගේ පොඩි එකා නැතුව පැලිලා මැරෙයි.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයා ඔහොම කියලා අපිට කදුළු දෙන්නේ මෙන්ඩි ? මගේ තාත්තා ඔය වචනේ කී පාරක් කියන්න ඇද්ද. :(

      Delete
    2. මෙන්ඩා හාමිනේට ළමයින්ට උනත් කාට උනත් පුලුවන්තරම් ආදරේ කරහං රැකවරනය දියං , හැබැයි අත අරින්ඩ බැරි විදිහේ බෑදීමක් ඇති කරගන්ඩ එපා , ඒක දෙලොවටම හොද දෙයක් නෙමෙයි , අත්හරින්න පුලුවන් මට්ටමේ බැදීමක් තියාගනින්

      Delete
    3. අපුර්වි/ අටං
      මම සදුට, පොඩි මෙන්ඩාට එක වගේ ආදරේයි ඒ උනාට වයිෆාට මම කියලා තියෙන්නේ පොඩ්ඩට මෙනවාහරි උනොත් මම ඇවිත් එල්ලනකන් ඉන්න එපා ඔයා බාල්කේට කඹ දෙකක් දාලා එල්ල්ලා මට එකක් ඉතුරැ කරන්න කියලා.
      පොඩි මෙන්ඩියාව පුසා හුරලා බෙහෙත් විදින්න කැනියුලා ගහපු දවසේ මම ඉස්පිරිතාලේ දෙක වෙන්න කෑගහගහ ඇඩුවා අන්තිමෙට ගැනිට උනේ ළමයාව බලන එක පැත්තකින් තියලා මාව බලන්න. මම පොඩි කෙලි පැටික්කියෙකුට ආසයි ඒ උනාට මගේ සදුට මොනවා හරි වෙයි කියලා බයට මම තව ළමයෙක් හදන්නේ නෑ.
      ළමයි 1612 ක් මගේ විධානවලට වැඩ කරනවා ඒ වුනාට පොඩි මෙන්ඩියා දිහා රවලවත් බලන්නේ නැහැ.
      පොඩි මෙන්ඩා අම්මාගෙන් මාම් (කූක්කූ) බිලා මම ලගට එනවා ඇගට කකුලක් දාගෙන තුරැල් වෙන්න.
      අපේ ගෙදර පොඩි මෙන්ඩයි සදූයි වලි ඒ මාව බෙදාගන්න බැරිව.

      Delete
    4. මෙන්ඩියා, හිතවත් කමට මට තේරෙන විධිහට පොඩි උපදෙසක් දෙන්නම්.. උබේ පෞද්ගලික ජීවිතේ හැම දෙයක්ම බ්ලොග් අවකාශෙට ගෙනත් අතාරිණ එක එච්චර ඥානාන්විත ක්‍රියාවක් නොවන බවයි මගේ හැඟීම.

      Delete
    5. Ow aiye meke innawa hithak papuwak nathi ano coment dana thirisan set ekak, ape wachanawalinma apita gahanna balan inne. .

      Delete
    6. සෙන්නා & අටම්
      +++++

      Delete
    7. ඔව් මෙන්ඩෝ සෙන්නා කියන කතාව සම්පූර්ණ ඇත්ත. අටමා කියන කතාවත් ඇත්ත. ටිකක් අමාරුයි.

      Delete
    8. හැමෝටම ස්තුතියි උපදෙස්

      Delete
  5. මම නං වීඩිියෝ බැලුවේ නෑ..

    ReplyDelete
    Replies
    1. දේශක අයියට ඩේටා නැහැ වගේ, ඔය සම්බන්දෙ එහෙනම් අතහැරලා දාන්න. :D

      Delete
    2. බය නැතුව ඔිනම තැනකට අරගෙන යන්න පුලුවන් අනියම් සම්භන්දතාවයක් ගන්න.

      Delete
    3. දේශ නිට්ටඹු ගිහින්, සිග්නල් නෑ.

      Delete
  6. වීඩියෝව බලනවා තියා එකදිගට කියවගන්නවත් බැහැ මට... මම දුර්වල මැටි මෝලෙක් !

    සත්තු උනත්, උන්ගේ හැසිරීම් අපිට 'මනුස්සකම' මතක් කරලා දෙනවා

    ReplyDelete
    Replies
    1. මිනිස්සු වෙන්න ඕනේ අය තිරිසන් වෙලා ඉපදිලා. තිරිසන්නු වෙන්න ඕන අය මිනිස්සු වෙලා ඉපදිලා.

      Delete
  7. සොබා දහම මොනතරම් විශිෂ්ටයිද සුදීක අයියේ, මේ වගේ දසුන් කැමරා කාචයට ගන්න ඒ මිනිස්සුත් ඒ වගේමයි. ඇත්තටම මනුස්සයින්ට වඩා හොඳ ගති තිරිසන් සත්තු ගාව තියෙනවා. අවසානයේ කඳුලක් එන්නත්තේ නම් ගල් හදවත් වලින් විතරයි. ස්තුතියි බෙදා ගදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. සොබාදහම නිතරම සමබරතාවය රකිනවා. මිනිස්සු තිරිසන් වැඩ කරනකොට තිරිසන්නු මිනිසුන් කලයුතු වැඩ කරනවා.

      Delete
  8. දෙවෙනි ඡේදය කියවද්දි හුණුවටය මතක් වුනා. වීඩියෝව බලන්නට විදිහක් නැත.

    ReplyDelete
    Replies
    1. බැලුවා චන්දන. ඩේටා ඉඩදෙන වෙලාවක හරි බලන්න වටිනවා.

      Delete
  9. සම්භාව්‍ය චිත්‍රපටි, සිංදු, පොත් දාහකටවත් කියන්න බැරි, මිනිහෙක් රහත්වෙන තරම් ලෝකාවබෝධයක් දෙන්න පුළුවන් චැනල් එකක් ටීවී එකේ ඇත්නම් ඒ ඉතින් නැට්ජියෝ වයිල්ඩ් තමයි...

    ReplyDelete
    Replies
    1. රහත් වේගන එනකොටම හින්දි ඇඩ් එකක් යනකොට මටනම් ධර්මය අධර්මය වෙනවා පින්වතුනී.. :D

      Delete
    2. ඇත්තෙන්ම බීටල් මම බලනම චැනල් ටිකක් තමයි ලයිෆ්ස්ටයිල් කැටගරියේ තියෙනවා ඒවා. ඩිස්කවරි, නැට්ජියෝ, ඇනිමල් ප්ලැනට්, ෆොක්ස් ලයිෆ්, ඩිස්කවරි සයන්ස්, ට්‍රැවල් එක්ස්පී.

      සෙන්නා : උන් පෙන්නන්නේ ටෙලිසීන් මෙව්වා වීම ඊට වඩා රසවත්.

      Delete
  10. මුළු පොස්ටුවේම ජීවය රැඳිලා තිබ්බේ දුවගේ වචන ටිකේ ,ස්තුතියි සුදීක

    ReplyDelete
    Replies
    1. ඔව්. එයා එහෙම බලපු එකත් ලොකු දෙයක්.

      Delete
  11. වීඩියෝ බලාන්ඩ ඩේටා නැති අපි පින්ෙ නාකරන්න ඇති වීඩියොව බලාන්ඩ...තිබුන දවසක බලාගන්ඩ ඕනි..

    ReplyDelete
    Replies
    1. හපොයි. එකම රටක් එකම හඬක් විතරද ? එකම ඩේටා නැතිද ?

      Delete
  12. සුදීක විතරක් නෙමෙයි දුවත් හරිම සංවේදී දුක වේදනාව සතුට තේරෙන කෙනෙක් වීම ගැන සතුටුයි. ඒක තමයි තාත්තා කෙනෙක් හැටියට දෙන්න පුළුවන් හොදම දායාදය. මනුස්සකම තියෙන අලුත් පරම්පරාවක්... ඔය මනුස්සකම නැති කෝටි ගානක් මේ ලෝකය විනාශ කරගෙන කනවා කියන එකත් දුවට කියලා දෙන්න සුදීක.... අපි මනුස්සකම රකිනවා වගේ ම ඒ අමනුස්සයන්ගෙන් මේ ලෝකය බේරගන්න එකත් කරන්න වෙන්නේ අපිට ම යි කියලත් අපි කිව්වා කියන්න...............

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මම ඒ පණිවුඩය දෙන්නම්.

      Delete
  13. පිස්සු හැදෙනවා සුදීක. Joy today...jeopardy tomorrow.... that is life!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ***nk Responsibly කියලා.

      Delete
  14. බොහොම සුන්දර සිදුවීමක්....

    ReplyDelete
    Replies
    1. කලාතුරකින් තමයි වෙන්නේ.

      Delete
  15. සුදීක අයියේ දුකයි ඇත්තටම.තිිරිසන් සතා අද අපට යමක් කියන්න උත්සහා කරනවද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඔව්. අපිට ටොක්කක් ඇනලා තියෙන්නේ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...