Sunday, August 25, 2013

ඉදිරියේදී විනිශ්චයකරු වෙනුවට රිටක් හිටවයිද ?

කාලෙකින් ක්‍රිකට් ගැන කුමක් හෝ ලියන්නට නොහැකි විය. ඇවිද්ද පය කියවන  පාඨකයන් බොහෝ දෙනෙක් ක්‍රිකට් ගැන වැඩි උනන්දුවක් නැති බව දනිමි. එහෙත් ක්‍රිකට් ගැන නොහිතනනා මොහොතක් මගේ ජීවිතයේ තිබී නොමැත. ඒ තරමට ක්‍රිකට් සමග සමීප සබඳතාවක් මට ඇත. මගේ ක්‍රිකට් පිස්සුව කෙතරම්ද කියනවා නම්, ඊයේ උදෑසන කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සජීවීව නරඹමින් සිටින අතරතුර මා කුඩා නින්දකට වැටී, සිහිනෙන් එම තරගාවලිය ක්‍රීඩාංගණයේ නරඹමින් සිටිනු දුටුවෙමි. 

අද මෙම සටහන තබන්නේ එම තරගාවලියේ අවසන් තරගය නරඹන අතරතුරය. එක් අතකින් මෙම තරගාවලිය ලංකාවේ අපට වැදගත්ය. හේතුව මෙම අවසන් පූර්ව තරග දෙකම ජයග්‍රහණය කරා මෙහෙයවූයේ අපේ ක්‍රීඩකයන් දෙදෙනක් වීමය. එක් අවසන් පුරවා  තරගයක දිල්ෂාන් තරගයේ වීරයා වූ අතර, අනෙක් තරගයේ වීරයා වූයේ සංගක්කාරය. දිල්ෂාන්ගේ කණ්ඩායමේ මාලිංගද, සංගක්කාරගේ කණ්ඩායමේ මුරලිද ක්‍රීඩා කිරීම, මෙම තරග නැරඹීමට අප පොළඹවන තවත් හේතූන්ය.

මට විවිධ අවස්ථා වල නොයෙක් අදහස් පහල වේ. බොහෝ විට ඒවා නව නිර්මාණයන් බවට පත් කල හැකි ඒවාය. ඔබටද එවැනි අදහස් පහල වී තිබෙන්නට පුළුවන්. මා එලෙසෙ සිතු බොහෝ දේ සති ගණනකින් හෝ මාස ගණනකින් අදාලා සමාගම් නිර්මාණය කර තිබෙන දැකීම පුදුමයට කරුණකි. එහෙත් ඔබට තිබෙන නිර්මාණ අදහස් ඔබ යතාර්ථයක් බවට පත් නොකළහොත්, ඒ අදහස පහල වන වෙනත් කෙනෙකු එසේ කරනු ඇත. 

මා එලෙස සිතූ තවත් දෙයක් දැන් යතාර්ථයක් බවට පත් වෙමින් තිබේ. නමුත් මා සිතූ ආකාරයට මදක් වෙනස්ව එය නිමවා ඇත. මෙම නව නිර්මාණය කුමන නමකින් හඳුන්වනවාදයි මා නොදනිමි. මුලින්ම මගේ අදහස ඉදිරිපත් කරන්නම්. මගේ නිර්මාණය මා නම් කිරීමට සිතා සිටියේ තර්ඩ් අයි(Third Eye) නමිනි. එනම් විනිසුරු පළඳින කූලින් වර්ගයේ කන්නාඩියක්, හෝ අව් කන්නාඩියකට සවි කල හැකි කුඩා කැමරාවකි. 


තර්ඩ් අයි අදහස ඉදිරිපත් කලේ නම්, විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මගින් එම තීරණය ලබා දීමට මා යෝජනා කරනු ඇත. එවිට එක අයෙක් වැරදි තීරණයක් ලබා දුන්නත් තවත් දෙදෙනෙකුගෙන එය නිවැරදිව ලැබෙනු ඇත. 

එසේ සවිකරන කැමරාවක් මගින් විනිසුරු දකින මට්ටමට බොහෝ සෙයින් සමාන දසුනක් ලබා ගත හැක. එම දසුන් යොදාගෙන තෙවන විනිසුරුට තීරණ දීමට පහසු වනු ඇත. නමුත් විනිශ්චකයරු දකින දසුනට සමාන දසුනක් පමණක් එය ලබා දේ. උදාහරණයකට විකට්ටුව දෙස බලා සිටිය යුතු මොහොතක ඔහු ඉවත බැලූයේ නම් එම කැප් වීව් කැමරාව ලබා දෙන්නේද එවැනිම දසුනකි. නමුත් එය නොවෙනස්ව තැබීමට නම් එය විනිසුරුගේ ස්ථානයේ සවිකළ හැකි රිටක් හෝ බටයක් විය යුතුය. එවිට පන්දු රකින කණ්ඩායමේ ක්‍රීඩකයෙක් හෝ පන්දුව එහි නොගැටුනහොත් එය පැහැදිලි දසුන් ලබා දේ. නමුත් ඕවරයකට පසු අන්තය මාරු වනවිට එය අනෙක් අන්තයට රැගෙන යාමද සිදු කල යුතුය. අද මෙය ඔබට විහිළුවක් මෙන් පෙනුනද අනාගතයේදී මෙය සිදුවීමට බොහෝ ඉඩකඩ ඇත. 






මෙමගින විනිසුරුවන්ට සපයන පහසුකම් බොහෝ ඇත. ක්‍රීඩාංගණය මැදදී ඇතිවන පීඩනය, ප්‍රේක්ෂකයන්ගේ නාදය මගින් සිදුවන බාදාවල් මගහරවා, සීතල එමෙන්ම පිටත නාදයන් ඇතුලතට නොඑන(Sound Proof) කාමරයක සිට තීරණය ලබා දිය හැක. එවිට බොහෝවිට වඩාත් නිවැරදි තීරණය ලැබෙනු ඇත.

පෙර පැවති ලෙස කිසිදු තාක්ෂණික සහයක් නොමැතිව තරග කෙරෙනවාට කැමති බොහෝ දෙනෙක් ඇත. ඇත්තටම පෙර වාර්තා සියල්ල තාක්ෂණය අවම කාලයක තැබූ ඒවාය. එනිසා එම අද තැබෙන වාර්තාවන් වඩා නිවැරදි සහ අපහසු ඒවා වේ. තාක්ෂණයේ හොඳ පැති මෙන්ම නරක පැතිද බොහොමයක් ඇත. ඕනෑවට වඩා තාක්ෂණික වීමෙන් තරගයේ රිද්මයට බාදා සිදු වන බව බොහෝ දෙනා පිළිගන්නා මතයයි. නමුත් මීළඟ පාපන්දු ලෝක කුසලානයේදී තාක්ෂනය යොදා ගැනීමට FIFA තීරණය කරන්නේ වඩාත් සාධාරණව තරගය සිදුවීමට එය පිටිවහලක් වන බැවිණි.

51 comments:

  1. කිරි කැට් වලට වැඩි මනාපයක් නැත...
    හැබැයි කියලා තියෙන්නේ තිත්ත ඇත්තය..

    ජයෙන් ජය ....

    ReplyDelete
  2. හොඳ අදහසක්. ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට වටිනා අදහසක්. බොහොම ස්තුතියි ඔබේ මේ නව සංකල්පයට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ! ඇගයීමට.

      Delete
  3. මිනිසුන් තාක්ෂනය යොදාගන්නවට බොහෝවිට අකමැති වන්නේ ඒ ගැන තමන් තුල ඇති නොදැනුවත් කම නිසාය ..... නමුත් කාලයත් සමග දැනුවත් වීමෙන් පසු ඉබේම එයට හුරු වේ..... මටත් හිතෙන්නේ ඔබගේ සංකල්පය ඉක්මනින්ම ක්‍රියාත්මක වනු ඇති කියාය

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙය මගේ සංකල්පයක් නොවේ. සමාන්තර අදහසක් පහල වූ බවයි මා කීවේ. ඇත්ත මේ තිබෙන කැප් වීව් ක්‍රමය ඉදිරියට යයි කියලා මටත් හිතෙනවා.

      Delete
  4. අම්පයර්ලා එක එක උසින් යුක්ත අයනෙ ඉන්නෙ. එතකොට කාගෙ උසටද මේ රිට ගන්නෙ ? එතකොට ලෙග් අම්පයර්ටත් රිටක් හිටවනවද ? ක්‍රීඩකයන් වෙනුවටත්...... හ්ම් හ්ම්...

    මමනම් තියන ක්‍රමේට කැමතියි. හැම ක්‍රීඩාවක්ම ඉදිරියට යන්න ඕනා සාමාන්‍ය මිනිස් වැරදි එක්කමයි. එතකොට තමා ඒක ලස්සන. හැමදේම යාන්ත්‍රික වුනාම කිසි ගතියන් නෑ..

    අර පින්තූරෙ ඉන්නවා වගේ කැප් එකේ කැමරාවක් හයි කරන් ඉන්න කෙනෙක්නම් අවුලක් නෑ...

    ReplyDelete
    Replies
    1. උස සාමාන්‍ය අගයක් ගන්න පුළුවන්. හිතන්න අඩි හයක් කියලා. නමුත් ප්‍රධාන විනිසුරුවා විදියට ගැනීමේ ප්‍රායෝගික ගැටළු තියෙනවා. සාම්ප්‍රදායිකව ප්‍රධාන විනිසුරුවා දුවද්දී දැවී යාම් බලන්න දෙපැත්තට ඇවිදගෙන යනවා. ඒ කියන්නේ තීරණේ ගන්න පහසු තැනකට යනවා. ඒ අතින් ගත්තාම විනිසුරුගේ ශරීරයේ තියෙන එක තමයි හරි. ඇත්තටම ලෙග් අම්පයර්ට නම් රිටක් හිටවීමේ කිසි ගැටළුවක් නෑ. හැබැයි පන්දුව හා ක්‍රීඩකයින් ගැටීමේ ප්‍රවනතාව වැඩියි.

      Delete
  5. මමත් හිතන්නේ මේ කැමරා ඔලුවේ එල්ලන එක තේරුමක් නැති වැඩක්

    ReplyDelete
    Replies
    1. ඔය කැමරාව කරලියට ආවේ, තුන්වෙනි විනිසුරු හඳුන්වා දීමත් සමග. මේවා නැති කාලේ අරක අවුට්, අරක අවුට් නෑ කියන්න ප්‍රේක්ෂකයෝ පුරුදු වුනේ කැමරාවේ පෙන්වන දසුන බලාගෙන. නමුත් පියවි ඇහෙන දකින කෙනෙක් තප්පර කිහිපයකදී ගන්නා තීන්දුවක නිවැරදිබාවය කැමරාවක් ඉදිරියේ හෑල්ලු වෙනවට වඩා හොද හින්දා මෙහෙම කරන්න ඇති.

      Delete
  6. මේවා ඉදිරියේ නොවෙන්න බැරි දේවල් නොවෙයි සුදීක. ඒ වගේම දැනටත් කැමරා රදවන්නේ පිටියෙන් පිටත වුවත් මේ කෝණ අනුවම නේද.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි කෝණය හරි වුනත් ගොඩාක් උසින් තමයි තියෙන්නේ. නමුත් කැමරා සංඛ්‍යාව වැඩියි.

      Delete
  7. මෙහෙමෙයි! ක්‍රීඩාවේ ලස්සන තියෙන්නේ වැරදිත් සිද්ධ වෙද්දී... මනුස්ස වැරදි.. නැත්නම් මේවත් කම්පියුටර් ගේම් එකක් වගේ වෙයි! :D

    ReplyDelete
    Replies
    1. නැත්නම් ප්‍රේක්ෂකයන්ටයි, මාධ්‍යවෙදීන්ටයි කතා කරන්න දෙයක් නැතිව යනවා.

      Delete
    2. ඊටත් වඩා අපේ ක්‍රිකට් බෝඩ් එකට කියන්න දෙයක් නැතුව යනවා ඔය රමිත රඹුක්වැල්ල වගේ හෝ හපුටුවෝ දාගෙන මැච් පැරදුනාම.

      Delete
    3. ඇයි අපිට! ගේම් එක පැරදුනහම අම්පයර්ට පලු යන්න බනින්න බැරි වෙනවනේ!

      Delete
  8. ඔබේ අදහසට කිට්ටුවෙන් හෝ යන ලෙසට ක්‍රියාත්මක වේවි කියල හිතෙනව.
    මමත් ගොඩක් කල් හිතන් ඉන්නව ලංකාවයි ඉන්දියාවයි පාලමකින් යා වුනොත් කොහොමද කියල.

    ReplyDelete
    Replies
    1. ලංකාවයි ඉන්දියාවයි පාලමකින් යා කරන එක ගැන කථා වුණා. නමුත් ඉන්දියාව මේකට ඒ හැටි කැමති නැති පාටයි. එතකොට අපේ අය එහෙ යනවට වඩා එහෙ අය මෙහෙ එනවා. ලංකාවේ ඉන්නේ කී දෙනාද ? අපිට ඒක ලොකු ආදායමක් වෙනවා. දැනටත් ඉන්දියාවේ මිනිස්සු හරියට මෙහෙ එනවා.

      Delete
  9. තාක්ෂණය භාවිතයෙන් නිරවද්‍යම තීරණයක් ලබාදෙන්න පුළුවන්. නමුත් විනිසුරුවන් භෞතිකව පිටිය මැද සිටීමේදී ක්‍රීඩකයන් ඔහු සමග කටයුතු කරන ආකාරය සහ පිටිය තුල විනය ආරක්ෂාවී වගේම තීරණාත්මක කාරණා තාක්ෂණයට බාර නොදී මනුස්ස මනසකින් කිරීමේදී ඇතිවන අවිනිශ්චිතතාව වගේ කාරණා එක්ක ක්‍රිකට්වල ඇතිවෙන රසය තාක්ෂණයෙන් දෙන්නට බැරිවේවි

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි කැමරාවක් දැම්මත් තීරණ ගැනීමෙන් කොටස කරන්නේ විනිශ්චයකරුවන්මයි. එකම දේ එයාලා පිටියෙන් ඉවත ඉන්න එක. නමුත් ක්‍රීඩාව ජීවගුණය ආරක්ෂා කරන්න විනිසුරුවන් ක්‍රීඩාංගණයේ සිටීම වැදගත්.

      Delete
  10. මම ක්‍රිකට වලට කැමති නැත.. මන්ද එය මහත් හොරුන්ගේ ක්‍රීඩාවක් බැවිනි... නමුදු කියා ඇති දේ සත්‍යකි...

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් කමෙන්ට් නොකර ඉන්නෙත් අකමැත්ත නිසා.

      Delete
  11. මතෘකාව දෑක්ක හෑටියෙ හිතුනෙ ලන්කවෙ උසාවි ගෑන කියනව වත්ද කියල.මම නම් හරිම කෑමතියි මෙ වෑඩෙට.නිවරදිම තිරන අනිවාර්යෙන් දෙන්න ඔන.තාන්ෂනෙ යොදාගන්න ඔන පුලුවන් තරම්.කෑරිබියන් ප්‍රිමියම් ලේගෙ පෙන්නුවෙ මොකෙද .ස්ටර් ක්‍රිකට් ටෙන් ක්‍රිකට් දෙකෙම පෙන්නුවෙ නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. සීපීඑල් පෙන්නුවේ සෝනි සික්ස් එච්ඩී කියන චැනල් එකේ.

      Delete
  12. සුදීක, මේවා කාලයකදි ක්‍රියාත්මක වෙන අපුරු නිර්මාණ වේවි. ඒකේ දෙකක් නෑ.. ලොකු ස්ක්‍රින් එකක් මගින් හැම තිරණයක්ම දැනුම් දෙන කාලේ වැඩි ඈතක නෙමෙයි කියල මටත් හිතෙනවා. හැබැයි තාක්ෂණය නිසා ක්‍රිඩාව තවත් එක් රොබෝ ක්‍රිඩාවක් වෙනවා. ආසාවෙන් බලපු ක්‍රිකට් දැං බලන්නැත්තේ ඒකයි. මිනිස් ක්‍රියාකාරම් වල ඉඩ කඩ අහුරපු ක්‍රිඩාවක් දැං මේක

    ReplyDelete
    Replies
    1. IPL වගේ තරගාවලි පිටපතකට අනුව ක්‍රීඩා වෙන තත්වෙක, මේ වගේ දේවල් නොවුනොත් පුදුමේ. සමහරවිට අම්පයර්ලා හෝම් ඔෆිස් ක්‍රමයට ගෙදර ඉඳන් වැඩ කරයි.

      Delete
  13. කොහොමත් තාක්ෂනය එක තැන පල් වෙන දෙයක් නෙමේනේ,
    කාලයත් එක්ක අලුත්,අලුත් නීති එවි.හැබයි මම පුද්ගලිකව දැන් මේ තියෙන කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තවමත් කඩුල්ල මුවා කිරීමට දෙන තීරණ 100% නිවැරදි නෑ.

      Delete
  14. ඒකත් මාරු අදහස අයියේ...

    දැන් නම් තාක්ෂණය දියුණු නිසා ඔය දෙන්නෙක්ව මොකට අව්වේ හිටවලා තියෙනවද කියලත් හිතෙනවා. කැමරා බර ගාණකින් ඇත්තම තත්වේ කාටත් පේන නිසාත්, පරිගණක වලින් අන්තිම තිතට නිවැරදි තීන්දු දෙන නිසාත් අම්පයර්ලා කුල් කාමරේක ඉඳන් වැඩේ කලත් කමක් නෑ කියලා මට නම් හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. සමහරවිට ස්පයිඩර් කෑම් එකටම මේ වැඩේ කරන්න පුළුවන් වෙයි. එය ක්‍රීඩාංගණය තුල ඕනෑම ස්තානයකා ගෙන යාමේ හැකියාව තිබෙනවා. විනිසකරුට ජෝයිස්ටික් එකක් වගේ උපකරණයක් දෙයි එහා-මෙහා කරන්න.

      මේවා තවත් දියුණු කරලා රොබෝ අම්පයර් කෙනෙක් තියලා ඇතුලේ ඉන්න විනිසුරුට පාලකය අතට දෙන යුගයක් එයි.

      Delete
    2. තාක්ෂණය දියුණු වෙන හැටි

      Delete
  15. ක්‍රිකට් ගැන මගේ කැමැත්තක් නැති මුත් තාක්ෂණය ඉතා අගය කරමි.

    ReplyDelete
    Replies
    1. මෙතන දැන් ක්‍රිකට් වලට වඩා තාක්ෂණයයි, අනෙක් ක්‍රීඩා වලින් එකතු කර ගත්ත කෑලියි වැඩියි.

      Delete
  16. ඔයා ඉන්න තිබුනේ බැංකුවක නෙමෙයි

    ReplyDelete
    Replies
    1. කිුකටි වලට සමිභන්ද තැනක. (වරදවා හිතන්න එපා මම ඔයාව අගය කිරිමක් කලේ)

      Delete
    2. නැහැ මම දන්නවා සංජීව.

      Delete
  17. ඩිකී බර්ඩ් මුත්තරා ඇගේ හලාගනිමින් පිටියෙන් ඉවතට දුවපු දසුන දැක්කම මම හිතුවෙ පිටිය මැද්දෙම වැසිකිලියකුත් හදයි කියලා විනිසුරන්ට...පීඩනය සුලු පටුද හැබෑට ඒ ඇත්තන්ට....

    ReplyDelete
    Replies
    1. එතකොට අර ඩූඩ්-සිරා යූරින් බෑග් එක හොයාගෙන නැතුව ඇති.

      Delete
  18. මේකත් හොද අදහසක් තමයි..

    ReplyDelete
    Replies
    1. දැන් පටන් අරන් තියෙන්නේ. හැබැයි ඉන්දියාව බෑ කිව්වොත් තමයි.

      Delete
  19. කැමති නැතත් කොමෙන්ට් නොකර කොහොමද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඕවා වෙබ් පුරවැසියන්ගේ අයිතිවාසිකම් නේ.

      Delete
  20. තාක්ෂණය පැමිණීම හොඳයි. සාමාන්‍යයෙන් සමහරු කැමති නෑ අම්පයර් පඹයෙක් වෙයි කියල. ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය තරගය මිසක් අම්පයර්ලගෙ කෙරුවාව නෙවේ. සාධාරණය ඉෂ්ඨ වෙනවා නම් ඕනෑම තාක්ෂණයකට මම එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඔව් 100% නිවැරදි තීරණ එනවානම් ඕනෑම කෙනෙක් කැමති වෙයි. තරගයේ රිද්මයට බාදා ඇති වෙයි කියන එකයි ගැටළුව.

      Delete
  21. තාක්ශනෙත් එක්ක ක්‍රීඩාව දියුනු වෙනවා.. ඒක හොද දෙයක් ඉතින්

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයකට යම් සීමාවක් තියෙනවා. අන්න එතනින් නවතින්න ඕනේ. අර ගැටළුවට උත්තර දුන්නද ?

      Delete
  22. Replies
    1. බලමු. හැමෝම ඔන්න ඔය වගේ ලින්ක් එක දෙනවා නම් මම කැමතියි.

      Delete
  23. මටත් පෙන්න බැරි ක්‍රීඩාවක් ඕක. හැබැයි මොන ක්‍රීඩාව උනත් සෙල්ලං කරන්නේ මිනිස්සුනම් ඒවාට මිනිස් ගති තියෙන්න ඕන. ඔහොම ගිහින් virtual ක්‍රිකට් ක්‍රීඩකයෝත් එයි.

    ReplyDelete
    Replies
    1. දැනටමත් ගේම් තියෙනවානේ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...