Tuesday, January 22, 2013

එක්පයර් වෙච්ච් බඩු අරන් තියෙනවද ?

එක්ස්පයර් ඩෙට් කියන්නේ අද කාලේ පාරිභෝගිකයාගේ වගේම වෙළෙන්දාගේ කටේ නිතර ගැවසෙන වචනයක්. මේක කියවන්න ආපු හැම කෙනෙකුටම පහුගිය අවුරුදු දහය ඇතුලත කුමක් හෝ කල් ඉකුත් වූ භාණ්ඩයක් මිලදී ගන්න වෙලා ඇති අනිවාර්යයෙන්ම. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් "අපි නම් හොඳට බලල තමයි අර ගන්නේ ඒ නිසා වරදින්න විදියක් නෑ" කියලා. හරි මම මෙහෙම අහනවා 
පින්තුරය ගත්තේ : mybizoflife.com
"හදිසියකදී කඩේ වහන්න ඔන්න මෙන්න කියල දුවගෙන දුවගෙන ගිහිං, අන්තිම විනාඩියේදී ගන්නවා චොක්ලට් එකක්, මේ කඩේ හෝ සුපිරි වෙළඳසැලේ ලයිට් දෙක තුන ඔෆ් කරනකොට මිලදීගැනීමේ අවශ්‍යතාවය ඉහලටම ආපු වෙලාවකට නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වූ දිනය, කාණ්ඩ අංකය මේවා බලනවද ?" 

ප්‍රායෝගිකව බැලුවොත් නෑ කියන එක තමයි උත්තරය. මොකද තමන්ට විනාඩි දෙකක අවස්තාවක් ලැබුණු විටදී කොහොමද මේවා බලන්නේ? මමත් නිරතුරුවම මේ දේවල් ගැන හොඳ විමසිල්ලකින් ඉන්න කෙනෙක්. ඒත් හැම වතාවකදීම මෙහෙම එක්ස්පයරි ඩෙට් බල-බලාම ගන්නවා කියල හරියටම සහතික වෙන්න බෑ,
පින්තූරය ගත්තේ : guywifekitchen.wordpress.com
එක්ස්පයරි ඩෙට් නොහොත් කල් ඉකුත් වූ දිනයක් තියෙන්නේ භාණ්ඩ වලට විතරක්ද ? එතකොට සේවාවල් ? ඔව් සේවාවල් වලටත් එක්ස්පයරි ඩෙට් එකක් තියෙනවා. හිතන්න දුම්රියට ටිකට් පත ගැන. එකේ සඳහන් කරලා තියෙනවා නිකතු කල දිනට පමණක් වලංගුයි කියලා. ඒ වගේම දැන් සුලභව භාවිත වෙන දුරකථන කාඩ්, ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් පත් මේ හැම දෙකටම එක්ස්පයරි ඩෙට් එකක් තියෙනවා. හැබැයි සේවා සඳහා තියෙන එක්ස්පයරි ඩෙට් එක ගැන අපි සැලකිලිමත් නොවුනත්, නිකුත් කරන්නා සැලකිලිමත්. මේකෙන් අදහස් වෙන්නේ නෑ භාණ්ඩ නිෂ්පාදකයා සැලකිලිමත් නැහැ කියන එක. මොකද එයාලත් අවන්කවම මේවා අඩාල භාණ්ඩයේ මුද්‍රණය කරලා එවන්නේ හුදෙක් පාරිභෝගික  අධිකාරී වලින් ගැලවෙන්නම පමණක් නොවෙයි.  ඔවුන් වඩාත්ම සැලකිලිමත් වන්දේ තමයි ඔවුන්ගේ කීර්තිනාමය. ඒ වගේමයි යම්කිසි කාරණයක් නිසා ඔවුන්ගේ බලපත්‍රය අවලංගු කලොත්. 
පින්තුරය ගත්තේ : lankaenews.com

 2006 දී මට වුනා නියම සිද්දියක්. මට හදිසි රාජකාරියකට යන්න වුනා ගොඩකවෙල ශාඛාවට. එහෙම ගමන් යත්දී භාවිතා කරන දත් බේත්, සබන්, ආෆ්ටර් ෂේව් වගේ අත්‍යවශ්‍ය කට්ටලයක් තියෙනවා.  දත් බේත් ටියුබ් එක අවසාන නිසා, යන ගමනේදී හෝමාගම කාර්ගීල්ස් සුපිරි වෙළඳ සැලට ගොඩ වුනා. මගේ දත් හිරි වැටීමේ ප්‍රෂ්ණයක් නිසා මම පාවිච්චි කලේ සෙන්සිටිව් ටූත්පේස්ට්. මේවා ටිකක් ගණන් වැඩි වුනත්  , දත් වලට ලැබෙන සහනය ගැන හිතුවාම, කුමන මුදලක් වැය වුනත්, හොයා ගන්න කොයි තරම් අමාරු වුණත්, පුළුවන්තරම් මහන්සි වෙලා හරි හොයා ගන්න හිතෙනවා. ඉතිං ඒ දවස් වල මම ගත්තේ මැක්ලීනස් කියන වෙළඳ නාමය තියෙන සෙන්සිටිව් ටූත් පේස්ට්. ඒක නිතරම ගන්න ලැබෙන්නේ නැති නිසා එතන තිබ්බ තුනම ගත්තා.එදා ගිය ගමනේදී මේවා පාවිච්චි කරන්න නොවුනේ හිතුවට කලින් වැඩ ටික හමාර කරලා ගෙදරම එන්න ලැබුණ නිසා. මමත් ආවයි කියමුකෝ ගෙදර. එදා රෑ පාවිච්චි කර කර හිටපු එක පැත්තකින් තියලා ගත්තා අලුත් එකක්. එකේ එක්පයර් ඩෙට් එක 2008, ප්‍රශ්නයක නෑ. මම පහුවදා අනිත් දෙකේ එක්ස්පයර් ඩෙට් නිකමට බැලුව. දෙයියනේ ! එක්ස්පයර් වෙලා මාස හතරක් විතර ගිහිං. දැන් ඉතිං මොන දෙයියන්ට කියන්නද ? අයියෝ සල්ලි කියලා හිතුනා. මම නිකමට බිල් පත ඇරගෙන බැලුව. ඒකෙ තියෙන දුරකථන අංකයට කථා කරලා වෙච්ච් සිද්දිය කිව්වා. 

"සර් ඔය ටූත් පේස්ට් තුනම ඔහොම තියාගන්න. සාර්ට ලඟම කාර්ගීල්ස් එක කොහේද ?"

"කොහුවල"

"හරි මම කොහුවල මැනේජර්ව ගෙදරටම එවන්නම් සල්ලිත් එක්ක"

"නෑ. එපා. මම පාවිච්චි කල එකේ වරදක් නෑනේ. ඒක මම තියා ගන්නම්. අනිත් දෙක මම කොහුවල ෆුඩ් සිටියට අරන් එන්නම්"

"සර්ට කරදරයක් නැත්නම් ! මම එතන මනේජර්ට කියල තියන්නම්. සර් ගිහිං කෙලින්ම මනේජර්ව හම්බ වෙන්න"

කොහොම හරි මට මේ වැඩේට දවස් දෙක තුනක් ගත වුණා. ගෙනියන්න බලනකොට අන්තිමට පැකට් දෙකෙන් එකයි තියෙන්නේ. මම හැමෝගෙන්ම අහල බැලුව. හැබැයි මේ වෙනකොට අපේ ගෙදරවැඩ කල  සේවිකාව අමු හෙර. ඇය ගෙදර ගිහිං. මට සිද්ද වෙච්ච් දේ තේරුම් ගන්න වැඩි වෙලාවක් ගත වුනේ නෑ. මම ඉතිරි එක අරන් ගිහිං කියපු විදියට මැනේජර් මුණ ගැහුනා.

"ආහ් ! ඔව් සර් මට හෙඩ් ඔෆිස් එකෙන් සර් එයි කියලා කිව්වා. සර්ට උවමනා සල්ලිද ? නැත්නම් වෙන මොනවා හරි බඩු ගන්නද?"

"මම බඩු ගන්නම්'

මේ කතාව ලාෆ්ස් ආයතනයේ තොරතුරු තාක්ෂණ කලමනාකාරු ලෙස සේවය කල අමිලට මම කිව්වා.

"අපරාදේ උඹට හොඳ ගානක් ගන්න තිබුණා. උඹ දන්නවද ඕනනම් උඹට උන්ගේ ලයිසන් කැන්සල් කරන්න පුළුවන්. ඒ නිසා උන් කියන ගානක් දීලා ගන්නවා"

අයියෝ සල්ලි. මොනවා වුනත් මල්ලිකාගේ දත් වැටෙන්න නැතිව ඇති කියලා මම විශ්වාස කරනවා. 

අපි දන්නා යාලුවෙක් ඉන්නවා. මිනිහා පුරුද්දක් විදියට කරන්නේ හොඳ නොහොඳ කොහොම වුනත් මේ ආයතන වලට ලියුම් ලියනවා. ලිව්වට පස්සේ ඒ තැන් වලින් ගෙදරටම කෑම වර්ග, ත්‍යාග පාර්සල් ගෙදරටම ලැබෙනවා. මිනිහා කෑම කාපු රෙස්ටුරන්ට් වලටත් මේ වගේම චෝදනා කරලා වාසි ගන්නවා.

තව කෙනෙක් ඉන්නවා විශේෂ අවස්ථාවක හිල්ටන් හෝටලයට ගිහිං රාත්‍රී ආහාර වේලාක් ගන්න. මේක තිබිලා තියෙන්නේ එළිමහනේ. එහෙම ඉඳිද්දී මිනිහට ගඳක් ඇවිත්. අන්තිමට හොයාගෙන යත්දී එතන කුණු ගෙන යන කානුවක්. මිනිහා කාර්ය මණ්ඩලයට හොඳටම බැන වැදිලා. අර මිනිස්සු තියෙන සුපිරිම තැනක එදා රාත්‍රී අහාර වෙලා ගන්න සලස්වලා. ඊට පස්සේ මේ පුද්ගලයා කියල තියෙනවා මගේ ළමයි දෙන්නටයි, අපි දෙන්නටයි මාස හයක් ඇතුලත බඩේ අමාරුවක් එහෙම හැදුනොත් තමුසෙලා වග කියන්න ඕනේ කියලා.

තවත් දෙයක්. අපි කුමක් හෝ භාණ්ඩයක් මිලදී ගනිත්දී හිතන්න ඕනේ, ඒක කොයි තරම් කාලෙකටද අපි මිලදී ගන්නේ කියල. මොකද අපි සමහරවිට ගන්න දේවල් අවුරුදු ගණන් පාවිච්චි කරන දේවල් වෙන්න පුළුවන්.  එක්ස්පයර් වුනොත් මොකද වෙන්නේ ? කෑමක් නම් විස වෙන්න පුළුවන්, අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්, ගුණයට හානි වෙන්න පුළුවන්, නියම රසය නැති වෙන්න පුළුවන්. ආලේපන ද්‍රව්‍ය වගේ දෙයක් වුනත් අසාත්මික වීමේ හැකියාව තියෙනවා. නියම වර්ණය හෝ ගුණය නැති වෙන්න පුළුවන්. හැම දේකටම මේ වගේ ආවේණික ගුණාංග තියෙනවා. ඒවා අඩු වැඩි වීම තමයි වෙන්නේ. 

නමුත් හෝටල් වලින් කෑම කන අපි කොයි තරම් කල් ඉකුත් වූ කෑම කාල ඇත්ද ? තවත් මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි දැන් සුපිරි වෙළඳ සැල් වල අපේ පහසුවට වගේ කැරට් කපලා, පිපිංඤඤා කපල, කට්ලට් හදලා, හුරුබුහුටියට ඇසුරුම් කරලා දෙන දේවල්. මට හිතෙන්නේ බාගෙට කුණු වෙච්ච එළවලු පලතුරු තමයි මේ විදියට විකුණන්නේ. එනිසා මම ඒ විදියට තියෙන දේවල් මිලදී ගැනීමෙන් වැළකෙනවා.

හොඳයි එක්ස්පයර් ඩෙට් පනින්නේ නැති භාණ්ඩ එහෙම මොනවත් තියෙනවද ? මේ කථාව ඒ වගේ එකක්. වසරකට වරක් පවත්වන වර්ණ රාත්‍රීයේදී සංග්‍රහ කරන්න විවිධ මත් පැන් වර්ග ගේනවා. අපි ඒවා ගේන්නේ ඒ දවසේ උදේ වරුවේ. මෙහෙම ගෙන්න අවශ්‍ය ප්‍රමාන තීරණය කරන්න අපි කථා වෙත්දී අපේ ලේකම් තුමා

"මෙන්න මේ බ්‍රැන්ඩි බෝතලේ ගිය පාර ඉතිරි එකක්. මේකත් ගන්න පුලුවන්ද බලන්න"

බෝතලය මුලිනම් ගත් කෙනා මේක ඒ මේ අතට පෙරලලා කිව්වා

"මේක වැඩක් නෑ, මේක එක්ස්පයර් වෙලා කියලා" එහෙම කිව්වේ දීකිරට බළල්ලුත් සාක්කි වගේ වැඩක් කරන්න හිතාගෙන. එතන හිටිය නොම්මර එකේ බේබද්දෙක්, ඒ වගේම පොර ටෝක් දේනේ එකෙක් පැන්න ගමන් කිව්වේ නැද්ද

"අරක්කු වලට කොහොද බං එක්ස්පයර් ඩෙට්" කියල හිනා වෙවී. කිව්ව මෝඩකම කියල පස්සේ හිතෙන්න ඇති. 

ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඕනෑ තරම් ඇති. අපි කැමතියි දැනුවත් වෙන්න. 

ප.ලි : සමහරු තෑගී ගන්න දෙන ඒවාගේ මේ එක්ස්පයරි ඩේට් එක හොයන්නේ නෑ. එහෙම වුනාම විසි කරනවා ඇරෙන්න කරන්න පුලවන් දෙයක් නෑ. උත්සව සමයේදී තමයි මේවා වැඩි වෙන්නේ. 

අන්තර් ජාලයේ දැක්ක බියර්, අයිරිෂ් ක්‍රීම්(කිරි මිශ්‍ර නිෂ්පාදනයක්) වගේ ඒවායේ එක්ස්පයරි ඩෙට් එකක් තියෙනවා කියලා. 

64 comments:

  1. කාලින වටින කමක් ඇති පෝස්ටුවක් සුදික

    ReplyDelete
    Replies
    1. මචං දාලා අනිත් පැත්ත හැරෙන්න හම්බ වුනේ නෑනේ.

      Delete
    2. නලී අයිය දැන් අන්තර් ජංජාලෙනෙ පදිංචිය

      Delete
    3. කොයි වෙලෙ බැලුවත්.. අනේ වාසනාවන් :D

      Delete
    4. නෙට්-නලීන් කියලා කියනවද ? නැත්නම් නෙනා කියනවද ?

      Delete
  2. එක්ස්පයර් ඩේට් ප්‍රශ්න නම් මට වෙනවා අඩුයි...
    ඒක් ඔය සෙන්සොඩයින් නිසා මට හෙන කේස් එකක් උනානේ..

    අපේ මහත්තයා පාවිච්චි කළේ සෙන්සෝඩයින්... මම නිකම් සිග්නල් තමයි.. බැන්දට පස්සේ මාත් ටික කාලයක් ලේසියට ඒකම පවිච්චි කළා.. හොඳට තිබ්බ මගේ දත් ටිකත් හිරි වැටෙන්න ගත්තනේ.. හි හි..

    මං ආයිමත් සිග්නල් වලටම මාරු උනා... හි හි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එක සිම්පල් ප්ලෑන් එකක් නේ :)

      Delete
  3. වටින ලිපියක් අයියේ. මමත් හැමදාම එක්ස්පයර් ඩේට් බලනවා කාල බිලා ඉවර වෙලා! නිතරම එක්ස්පයර් ඩේට් පනින බඩුවක් තමයි කිරි පැකට්. මොකද සතියක් විතරනේ කාලය තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බඩේ අමාරු හැදෙන්න හොඳම මග නරක වෙච්ච කිරි.

      Delete
  4. මේකෙනම් මොකක්ම හරි හොරයක් තියෙනවා, දැන් දැන් මෙයාගේ හැම පොස්ට් එකකින්ම මොකක්හරි වෙළද නාමයක් ප්‍රමෝට් කරනවා,
    85%දෙනෙකුම මමනම් හිතන්නේ ඔය දේ ගැන සැලකිලිමත් වෙනවා අඩුයි, සමහරු ගොඩක් වෙලාවට කඉදී බලන්නේ ගෙදර ඇවිල්ල එහෙම අයනම් මන් ගොඩක් දැකල තියෙනවා, ඔය කිව්වට මමත් දවසක් මයිලෝ ටින් එකක් බලන්නැතුව ගෙනල්ල තුන් කාලක් ඉවරවෙනකම් බිලා කිරිපිටි එක්ක මික්ස් වෙන්න හොරයිවගේ නිසා බලනකොට මාස 2ක් කල් පැනලා, ලංකාවේදී වුනානම් බලාගන්න තිබුන, ඒත් ඉතින් මෙහෙ එහෙම බැරි නිසා නොර්මල් එකේ මුදලාලියට කියල දැම්ම

    ReplyDelete
    Replies
    1. ෂරියා නීතිය ක්‍රියාත්මක පලාතකද ඉන්නේ ?

      Delete
    2. අපෝනෑ, ඒත් තියෙන ලංකාවේ කඩ දෙක තුන තරහ කරන බෑනේ, එහෙම උනොත් ලංකාවට එනකන් සමහර දේවල් කල්පැනපුව වත් නැතිවෙන්න පුළුවන්

      Delete
  5. අම්මපා අයියේ මට උන ඉලව්ව නිසා තාම නෝන්ඩි වෙනවා. පණු චොකලට් එකක් ගෙනිහින් වයිපරේට

    ReplyDelete
    Replies
    1. බලපන් මල්ලි මෙයා හැම එකටම විරිත්තන හැටි. ඔහොම වෙලාවට ගෑනුන්ගේ මුණු ෆොටෝ ගහල මෙයාට පෙන්නන්න ඕනේ.

      Delete
  6. වටින පෝස්ටුවක් අය්යේ...

    ඒත් ඉතින් මේ ඩුබායි වලට ආවට පස්සේ.. දෙය්යනේ කියල යකඩ ඇන කෑවත් දිරවන ගානට බඩ ජරාවට හුරු වෙලා...

    මේ බ්ලොග් දැවැන්තයන්ගේ රස කථා තියනවා එක්ස්පයර් ඩේට් ගැන .. ඒත් ඉතින් එව්ව කියල මට පෝරකේට යන්න බෑ

    ReplyDelete
    Replies
    1. මී ගොඩයෝ , අපි ඩුබායි ඉන්න කලේනම් එක්ස්පයර් වෙන්න කලින් ගැහෙදීම කෑව ඩේට්.. :D

      Delete
    2. ඔය එන්නේ බඩු එලියට අහු වුනානම් අරාබි කාරයෝ කටවල් කපයි.

      Delete
  7. තියෙනවා තියෙනවා. රටේ හොඳ පාරිභෝගික ආරක්ෂක පනතක් සහ ජරාවට නොනැවෙන නිළධාරීන් ඉන්නවා නම් හුඟාක් ප්‍රශ්ණ ගොඩ. වැඩේ මිනිස්සු නීතිය ගැන හරියට දැනුවත් නොවීමත්, අනිත් උසාවි කේස් වගෙ මේවටත් උසාවි වල රස්තියාදු වෙන්න වෙයි කියලා තියෙන භීතිකාවටත් තමයි.

    උඹ හිතලා බලපං, ට්‍රැ‍ෆික් කේස් එකකට නිවැරදි කාරයා වුනත් වැරදි කාරයා ස්වාමීනි කියලා එක දවසෙන් වැඩේ ගොඩ දාගන්න නේද අපි ඔක්කොම බලන්නෙ. මේකත් ඒවගෙ තමයි.

    මචං ඕක expiry date නේද?

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට අපි අතේ උන්ගේ සුපිරි වෙළඳ සැලේ ලේබල් අලවල එක්ස්පයරි ඩෙට් පැනපු බඩුවකුයි බිලකුයි තියෙන කොට උසාවි යන්න අවශ්‍යම නෑ.

      Delete
    2. මම නිකමට හිතුනා ඩූඩා ට ඕක (එක්ස්පයර් ඩේට්) නෝට් වෙලා ඇති කියලා.. :D

      Delete
  8. හොදයි මගේ බ්ලෝග් එකත් තක්සලාවක් වූ ඉස්පිරිතාලයනේ. මම ඒකෙ අත්දැකීමක් කියන්නම්.
    මගේ කොල්ලට මම කොහොමහරි දුන්නෙ ලෝකෙ හොදම බෙහෙත්. මම මගේ අවශ්‍යතාවය කියන පරක්කුවට මේ ලෝකෙ කොහේහරි ඉන්න මනුස්සයෙක් මට උදව් කලා. මට ඒ විදියට නවසීලන්තෙ ඉන්න ලංකාවෙන් ගියපු මාලිකා කියලා දේවතාවියක් MTX කියලා වටින බෙහෙතකින් වයල්ස් වගයක් එව්වා. කොහොමහරි එක්ස්පයර්වෙන්න මාස 8ක් විතර තිබුණා. (2012 ජූනි). ඊලඟ බෝන් මැරෝ එක ජූලි තිබ්බෙ. අපේ ඩොක්ට කිව්වා European FDA standard එක එක්සපයරි එකෙනුත් මාස 3ක් යනකම් ඩ්‍රග්ස් නරක් වෙන්න බෑ කියලා. ඒත් මම තව ගොඩක් තිබ්බ නිසා අප්රේල්, ජූලි Bone marrowවලට 2ක් තියාගෙන ඉතිරි ටික ඩොක්ටට දුන්නාම ඩොක්ට කිව්වා වෝඩ් එකට දෙන්න හෙඩ් නර්ස් දුප්පත් අය බලලා දෙයි කියලා. ඉතින් මම මට මේක එවපු මිනිස්සුන්ටත් පිං සිද්ධවෙන්න කියලා දුන්නා ඒක.
    ඊටපස්සෙ තමා හොඳම හරිය. ජුලි මැරෝ එකට මට ඔස්ට්‍රේලියාවෙ තානාපතිතුමා වෙලා ඉන්න අපේ කලින් නාවික හමුදාපතිතුමා බේත් එව්වා. මම ඒ ටික හදන්න බේත් හදන තැනට යනකොට එතන ඉදියා මගෙ දරුවට වඩා දරුණු ප්‍රභේදයක ලියුකේමියාවක් හැදුනු ගෑණු දරුවෙක්ගෙ අම්මෙක්. ඒ අම්මා නර්ස් කෙනෙක්. මේ අම්මගේ අතේ නිකං ෂොපිං බෑග් එකක මම අර වාට්ටුවට දීපු වයල් ටික ඔක්කොම. මම ඇහුවාම කියනවා යාලුවෙක් දුන්නා කියලා. මට කේන්තියට වඩා දුකයි. මම කිව්ව මිස් ඕවා එක්ස්පය වෙලා අනික ඕවා පාං බාගයක් වගේ ගෙනියන්න බෑ ඒව ගෙනියන්න ඕන මෙහෙමයි කියලා මගේ බේත් ගෙනියන කූල් කැරියර් එක පෙන්නුවා. බේත් හදන තැන මහත්තුරුන්ටත් වැඩේට මාරම අප්සට්. මට කමක් නෑ බේත් ඔක්කොම ඒ ලමයට දුන්නට. ඒත් හරකෙක් වගේ බේත් ටික එක්ස්පය කරපු නිසා හෙඩ් නර්ස් කරපු තකතීරු වැඩේ මම ඩොක්ටට කිව්වා. ඩොක්ට මිනිහව වෝඩ් එකෙන් මාරුකලා.
    මේ මගේ නොකියා ෆෝන් එකෙන් කොටපු දිගම කමෙන්ට් එක. දැන් නිට්ටඹුවෙ

    ReplyDelete
    Replies
    1. එකක් තමයි ඔයා ඔයාගේ ළමයට විතරක් තාත්තා වෙන්නේ නැතිව පීඩාවට පත් හැමෝටම තාත්තා වෙච්ච එක. මගේ පොස්ට් එකකට වැටුන වටිනාම කමෙන්ට් එක කියලා මම කිව්වොත් කවුර්වත් මගෙත් එක්ක තරහ වෙන එකක් නෑ. ඔයා අනිත් යට පිං ලබා දෙන ගමන් ඔයාටත් පිං ගොඩක් රැස් කරගෙන. ඔය වගේ වැඩ මටත් හරියට වෙලා තියෙනවා. මේ ළඟදී බස් එකක ඉස්සරහටම වෙන්න තියෙන ජම්පින් සීට් එකට පිටිපස්සේ ජම්පින් එකේ මම හිටියා. එතනට ගොඩ වෙච්ච් කෙල්ලෙක් මට දකුණින් ඉන්න කොල්ලත් එක්ක මහා අමාරුවෙන් කතාව මම නැගිටලා එයාට සීට් එක දුන්න. කව්රු හරි පෙම්වතුන් දෙන්නෙක් නේ කියලා. මම ඉස්සරහ එකෙන් වාඩි වෙන්න හදනකොට කොන්දොස්තර මහත්තයා කිව්වේ නැද්ද දකුණු පැත්තට බර වෙලා වාඩි වෙන්න මේක කැඩිලා කියලා. ඉතින් මම දකුණු පැත්තට බර වුණා. එතන හිටිය ගෑනු මනුස්සය මේක වැරදියට තේරුම් ගත්ත. අන්තිමට මම දත් තිස් දෙක මැද්දේ දිව වගේ ගියා. කතාවෙන් තේරුනා අර දෙන්න පෙම්වතුන් නොවේ, කාලෙකට පස්සේ මුණ ගැහුණු යාළුවන් කියලා.
      මගේ කතාව ලොකු එකක් නෙවේ ඔයාගේ එකේ හැටියට.

      මමත් නොකියා පාවිච්චි කරන්නේ. පොඩ්ඩක් කියනවද අඩුම ගන්නේ සිංහල කියවගන්න පුළුවන් වෙයිද ? මේක N8 එකක්.

      Delete
    2. මගේ ෆෝන් එක යන්තම් 2730 CLASSIC එකක්.
      මට මතක විදියට මොරටුවෙන් නොකියා එක්ක ප්‍රොජෙක්ට් එකක් කලා සිංහල සොෆ්ට්වෙයා හදන. මේක ඒකෙන් පස්සෙ හදපු එකක්. නොකියා කස්ටමර් කෙයා එකට කතාකරලා බලන්න සුදික.

      Delete
    3. අයියෙ ඔපෙරා මිනි දාගන්න. හොදටම නැතත් කියවගන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන්. මං හැමදෙයන්ම කරන්නෙ නොකියා 6120c 4n එකෙන්. සිංහල ලියන්න නම් singlish for mobile කියල කන්වර්ට් කරන්න පුලුවන් ඇප් එකක් තියනව m.getjar.com මේකෙන් හොයාගන්න පුලුවන්

      opera mini එකේ වෙබ් ඇඩ්රස් එක ටයිප් කරන්න තියන තැන

      opera:config

      ටයිප් කරල ගෝ කරන්න. ඊට පස්සෙ එන මෙනු එකේ යටින්ම තියනව

      use bitmap fonts for complex scripts

      කියල එකක්. ඒක yes කරල සේව් කරන්න.

      අකුරු කිහිපයක් නොපෙනුනත් කියවගන්න පුලුවන්.

      Delete
  9. ඔය වගේ කල් ඉකුත් වෙච්ච හරි සෞඛ්‍යයට හානිකර තත්වයට පත්වෙච්ච හරි භාණ්ඩ ගැන කරන පැමිණිල්ලක් සැලකිල්ලට ගන්න තැන් ලංකාවෙ තියෙන්නෙ බොහොම අතලොස්සයි. ඒවගෙනුත් වැඩි හරිය අර සුඛෝපභෝගී පැත්තට බර ඒව.

    වැඩිය ඕනි නෑ... මං ඉස්කෝලෙ යන කාලෙ අපේ ඉස්කෝලෙ කැන්ටිම තිබ්බෙ පිරිසිදුකම අතින් බොහොම පහල තැනක. අදටත් අපේ ඉස්කෝලෙ කැන්ටිම වගේම අනිත් ඉස්කෝලවල කැන්ටිනුත් ඒ තත්වයෙන් සැලකිය යුතු තරං ඉහලට ඇවිල්ල නෑ කියල බය නැතුව කියන්න පුළුවන්. ඒ වගේමයි අපි එදිනෙදා කෑම ගන්න කෑම කඩ සහ හෝටලුත්. ඒ තැනක කුස්සියක් දැක්කනං බල්ලො බත් කන්නෙ නෑ.

    අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ සහ අපි කරන්නෙ කන ඕනි ජරාවක් දිරෝගන්න පුළුවන් විදිහට අපේ ආහාර ජීර්ණ පද්ධති ‘ගැල්වනයිස්‘ කරගන්න එක.

    ReplyDelete
    Replies
    1. දැන් නම් හෝටල් වල තත්වය ටිකක් හොඳයි. ළඟදී ඉඳලා ඒවා ග්‍රේඩ් කරන නිසා. පාරිභෝගිකයා මේ දේවල් හොයනකොට ඉබේම හෝටල් හිමියනුත් පිරිසිදු කම ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. මම කියන්න මහා ඉහල තත්වෙක තියෙනවා කියලා. ලංකාවේ පිරිසිදුවටම ආහාර පිරිනමන්නේ කුරුණෑගල නගරයේ මගේ අත්දැකීම් වල හැටියට. නුවර නගරයේත් ටිකක් හොඳයි. කොළඹත් හොඳ වේගෙන එනවා. මේවා හදන්න අපිටත් පුළුවන්. පිරිසිදු තැන් තෝරාගන්න කියන එක මහජනයා අතරට ගෙන ගියොත්. එතකොට සෙනග අඩු වෙත්දී එයාලා නිකන්ම හරි මාර්ගයට එනවා.

      Delete
  10. එක්ස්පයර් ඩේට් කේස් එකක් මට එක පාරක් උනා කිරි පැකට් එකක් බොනකොට..
    ඉමිහිරි සුගන්ධයත් සමග උකු යෝගට් ද්‍රාවණයෙන් උගුරු කීපයක් බීමෙං අනතුරුව තමා ඒක කල් ඉකුත් වී ඇති බව වැටහුනේ...

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙද අර විකාරයෙන් වගේ හින්දි නිලියන් තමා සමග ප්‍රේමයෙන් වෙලී තිබෙන බව පවසන්නේ ?

      Delete
    2. කිරි පැකට් බොනකොට නං බොම පරිස්සමින්.. ඔය පාස්චරිත කියල ගහල එවන කිරි පැකට් (ඩේලි, මයිලෝ වගේ ඒව නෙමේ අර කොත්මලේ වගේ එව) වල නිශ්පාදිත දිනෙයි කල් ඉකුත් වීමේ දිනෙයි අතර තියෙන්නෙ දවස් දෙකයි. ඉතින් බොහො විට කල් ඉකුත් වෙලා තියෙන්න පුලුවන් සම්භාවිතාව වැඩියි

      Delete
    3. මම හිතන්නේ කිරි පැකට් වලින් බඩේ අමාරුවක් හදා නොගත්ත කෙනෙක් නැති තරම්.

      Delete
  11. මමත් හුඟක් වෙලාවට කල් ඉකුත්වීමේ දිනය බලනවා. වතාවක් අපි කඩල පැකට් කීපයක් ගත්ත. ගත්ත දිනය 2010-12-20. නිෂ්පාදිත දිනය විදිහට සටහන් වෙලා තිබුනේ 2010-12-22. ඔන්න ඔහොම ඒවත් වෙනවා. දිනය හරියටම මතක නෑ. උදාහරණයක් වශයෙන් දැම්මේ.

    ReplyDelete
    Replies
    1. නිෂ්පාදකය ක්වොන්ටම් තාක්ෂනය කෙල පැමිණි කෙනෙක් වගෙයි.

      Delete
    2. මාර භාන්ඩයක්නෙ ඒක.. අයින්ස්ටයිගෙ එකක්ද කොහෙද :D

      Delete
  12. මම පෙරේදා ගත්තා බිස්කට් පැකට් එකක් ටිකක් ලොකු.යාලුවෙක්ගෙ ගෙදරට ගෙනියන්න ගත්තේ.පස්සෙයි දැක්කේ එක්ස්පයර් වෙන්න දවස් දෙකයි තියෙන්නේ කියලා.ඉතින් දවස් දෙකක් යන්න කලින් එදාම කඩලා යාළුවො එක්ක කෑවා :).

    ReplyDelete
    Replies
    1. දවස් දෙක කියන්නෙත් ඉතිං එක්ස්පයර් වුනා වගේම තමයි.

      Delete
  13. //අපි දන්නා යාලුවෙක් ඉන්නවා. මිනිහා පුරුද්දක් විදියට කරන්නේ හොඳ නොහොඳ කොහොම වුනත් මේ ආයතන වලට ලියුම් ලියනවා. //

    මේක නම් සමහරුන්ගේ විනෝදාශයක්!!!

    //තවත් මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි දැන් සුපිරි වෙළඳ සැල් වල අපේ පහසුවට වගේ කැරට් කපලා, පිපිංඤඤා කපල, කට්ලට් හදලා, හුරුබුහුටියට ඇසුරුම් කරලා දෙන දේවල්. මට හිතෙන්නේ බාගෙට කුණු වෙච්ච එළවලු පලතුරු තමයි මේ විදියට විකුණන්නේ.//

    මම නම් එලියට ගියාම සලාද කෑමෙන් වලකින්ට උත්සාහ ගන්න කෙනෙක්. :)

    මේ ප්‍රශ්නයට කල හැකි එකම දෙයයි. දිනය ගැන පරීක්ෂාකාරීවීම හා එය නැවත වෙළඳ සැල වෙත ගෙන යාම. ඒ මගින්වත් හිතා, මතා මේ වගේ දේවල් කරනවා නම් වෙළෙන්දන් ඉන් වැලකෙයි නේද?

    අනෙක රජයේ වගකීමකුත් තියනවා නේ.

    ReplyDelete
    Replies
    1. අපි නිතරම වගකීමක් ඇති තැනකින් මිලදී ගැනීම් කරන එක හොඳයි.

      Delete
  14. ලඟදී දවසක රස ගන්වපු කිරි බෝතලයක් Expiry Date බලලම අරං ගියා... මූඩිය ඇරලා පළවෙනි උගුර කටට ගත්තා විතරයි.... කෙලින්ම දිව්වේ ඔෆිස් එකේ බාත් රූම් එකට... පස්සෙ බලද්දි දැක්කේ JUN 20, මම දැක්කේ JAN 20 වගේ... සාමාන්‍යයෙන් කිරි බෝතල් ඉක්මනින් කල් ඉකුත් වන නිසා දිනය විතරයි ඕනකමින් බලන්නේ, අවුරුද්ද සඳහන් වෙන්නෙත් බොහොම පොඩියට.අනික පහුගිය අවුරුද්දේ ජූනි මාසයේ කල් ඉකුත් වූ එකක් විකුණන රාක්ක වල තියෙන්න ඉඩක් නැහැනේ. කොහොම හරි කඩ හිමියා 10, 15 වතාවක් සමාව ඉල්ලලා මුදලුත් දීලා, හොඳ කිරි බෝතලේකුත් දුන්නා....

    ReplyDelete
    Replies
    1. අකුරු වල ප්‍රමාණය රජය පියවරක් ගත යුතුයි. හතලිස් ඇඳිරිය තියෙන අයට කුඩා අකුරු පෙන්නේ නෑ. ඒ වගේම එහෙම ඇය කන්නාඩි ඇරගෙන කඩ සාප්පු ගානේ යන්නෙත් නෑ. සුපිරි වෙළඳ සැල් වල අයනම් මේකෙදී සංවේදීයි.

      Delete
  15. බරපතල ප්‍රශ්නයක් . මමත් කිරි පැකට් යෝගර්ට් වගේ ඒවා නම් විශේෂයෙන් බලනවා . තව ඓතින් ලංකාවෙන් ගේන දේවල් බලනවා වැඩිම කාලයක් තියෙන ඒවා ගන්න ඕන නිසා .
    ඇත්තටම එක්ස්පයර් වෙච්ච බඩුවක් වික්කොත් අපි ඒවා හදන ආයතනයට පැමිණිලි කලොත් ඒගොල්ලන් කඩ හිමියාට විරුද්දව නීති මගින් ක්‍රියා කරන්න ඕනලු .

    අනික් අතට බඩුවක් මිලදී ගත්තම දිනය නොබලා ගැනීම නිසා පරිභෝගිකයත් භාගයක් වැරදියි වගේ කතාවක් අපි ඉගෙන ගත්තා මතකයි.

    ඔය සුපර් මාකට් වල පලතුරු එළවලු හෙම පොඩියට කපලා පැකට් කරලා නම් ඉතින් අනික් භාගේ නරක වෙලා වෙන්න ඕන .

    මෙහෙ තියෙනවා ආනයනික භාණ්ඩ විකුණන පොඩි පොඩි මිනි මාර්ට් . ඒවායේදී නම් හොඳට බලන්න ඕන .

    ReplyDelete
    Replies
    1. මම බඩු ගනිද්දී සාමාන්‍යයෙන් අත දාලා ටිකක් ඇතුලේ තියෙන ඒවා ගන්නේ. මොකද සුපර් මාර්කට් වල ඉස්සරහා තියලා තියෙන්නේ එක්ස්පයරි ඩෙට් ළඟ බඩු. පාරිභෝගිකයන්ට පුළුවන් ඕනෑම දෙයක් වෙනස් කරන්න.

      Delete
  16. අපි යාලුවො සෙට් එක ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙලා ෆුඩ් සිටි ගියා බඩු ගන්න. කට්ටියක් ඔන දේවල් ගනිදිදී මමයි තව එක්කෙනෙකුයි ගියා ඒ වෙලාවට හපන්න මොනවා හරි ගන්න කියලා. අපි යෝගට් ගත්තා. මුලින්ම ගත්ත එක හොදට බලලා, කට්ටියටම ඇති වෙන්න යෝගට් ගත්තා. වාහනේට ගිහින් බාගයක් දුර යද්දි තමයි දැක්කේ යෝගට් වලින් කිහිපයක් එක්ස්පයරි වෙලා. එක්කෙනෙක් යන්තම් දැකලා කිව්වම තමයි අපිත් බැලුවේ. එතකොට සමහර අය කාල ඉවරයි. මුකුත් ප්‍රශ්නයක් නම් උනේ නෑ. එකම තැන තිබුන යෝගට් වලින් බාගයක් හොදයි. බාගයක් පරණයි. අපි පැමිණිලි කරන්න ගියේ නම් නෑ.

    ReplyDelete
    Replies
    1. හැම කෙනෙක්ම මේකට විනාඩියක් දෙකක් වෙන් කලොත් එක්ස්පයර් වෙන බඩු සුපිරි වෙළඳසැල් හිමියාටම තියා ගන්න වෙනවා.

      Delete
  17. ඔය බයිට් පැකට් කරනව වගේ සමහර පොඩි නිෂ්පාදකයන්ට ඔය ඩේට් දැමිල්ල ගැන වැටහීම අඩුයි. සමහර මිනිස්සු බයිට් පැකට් එකට අවුරුද්දක් ඩේට් දාල හදනව. සාමාන්‍යයෙන් ඒව තියාගන්න පුලුවං මාස 3 ක් වගේ තමයි. ගන්න මනුස්සයට ඒ ගැන වැටහීමක් තියෙන්න ඕන.

    සුදීක ගොඩකවෙලට ආවනං අපිවත් බලල යන්න එපැයි. :D

    ReplyDelete
    Replies
    1. අරක්කු වලට එක්ස්පයරි ඩෙට් නැති නිසා බයිට් වලටත් නැති වුනාට කමක් නෑ නේද ?

      Delete
  18. අරක්කු වලට කොහෙද එක්ස්පයරි ඩේට් කිව්වලු... :D

    ReplyDelete
    Replies
    1. පලාමල්ලේ නැද්ද කාලක් වත් ?

      Delete
  19. අදමයි ආවේ යේ එන්නම්කෝ එල එල ජය වේවා මේ පැත්තෙත් යන්නකෝ http://www.lankatxt.blogspot.com

    ReplyDelete
  20. අනේ මංද. අර මොකාද එකාට මොන මෙව්ව එකක්ද කියනව වගේ මට නම් ඕව බැලවෙන්නෙම නැ. ලගදි දවසක් යොගට් එකක් කනකොට අමුතු රහක් ඇවිත් පියන හෙව්ව බලන්න..... හම්බුනේ නෑ

    ReplyDelete
    Replies
    1. බඩේ අමාරු වලටනම් මානසිකත්වය තමයි බලපාන්නේ.

      Delete
  21. පුරුදද්ක් විදිහට කල් ඉකුත් වීමේ දිනය බලන්න පුරුදු වෙන එක හොඳයි..ඒත් කොච්චර කල් තියලා ගෙනාවත් ශිතකරණයේ තියලම කල් ඉකුත් වෙන එක තමා ඉවසන්න බැරි...:)

    ReplyDelete
    Replies
    1. භාවිතය ගැන ටිකක් කල්පනා කරොත් ඒක හදා ගන්න පුළුවන්. මේ දැන් මම ෆූඩ් සිටියේ ඉඳලා ආවේ. කෝන් ෆ්ලෙක්ස් පැකට දෙකක් එකේ මිලට දෙනවා. මම බැලුව එක්ස්පයරි ඩේට් එක 02/15. මම කල්පනා කරා මේක දවස් 20 කින් ඉවර කර ගන්න බැරි වුනොත්. අනිත් එක ඇරියට පස්සේ තියා ගන්න පුළුවන් කාලය ටිකක් අඩුයි කියලයි මගේ විශ්වාසෙ.

      Delete
  22. මමත් පුරුද්දක් විදියට එක්ස්පයර් ඩේට් බලනවා. එත් ඉතින් ගෙදර ගෙනැන් පාවිච්චි නොකර තියාගෙන ඉඳලා කල් ඉකුත් වුනාම ඔන්න ඔය ඕනෙ දෙයක් වුණාවෙ කියලා පාවිච්චියට ගන්න අවස්ථාවලුත් තියෙනවා.

    ReplyDelete
  23. හොද ලිපියක්....සුපිරි වෙළද සැල් කියන තරම් සුපිරි නෑ..මටත් ඔය වගේ සිදුවීම් වෙලා තියෙනවා.. කල් ඉකුත්වූ ආහාර වර්ග රාක්ක වල අතරමං වෙච්ච අවස්ථා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. විමසිලිමත් බවෙන් තමයි මේවා නැති කරන්න පුළුවන්.

      Delete
  24. මේක වටින පොස්ට් එකක්. ඔයාගේ පොස්ට් එකේ තිබ්බා සුපිරි වෙළඳ සල් වල එළවලු පලතුරු කපලා පැක් කරලා විකිණීමක් ගැන. ඔය හරියට හරි. අමුවෙන් විකුනන්න බැරි නරක වෙන එළවලු පලතුරු තමා එහෙම කරන්නේ. කාගිල්ස් කීල්ස් සුපිරි වෙළද සල් වල වැඩ කරන අයම තම කිව්වේ මේක. ඒවායේ මිලෙහි කිසිම වෙනසක් නෑ.එයාල එකෙන් නරක වී අපතේ යාමෙන් වෙන පාඩුව ලබයකට හරවා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අපේ මාධ්‍ය තමයි මේවා ජනතාව අතරට ගෙනියන්න ඕනේ. ඒත් එයාලට මිනිස්සුන්ගේ එක එක වල් පල තමයි පෙන්නේ. ඒක නිසා තමයි අපිට සිද්ද වෙලා තියෙන්නේ මේවා ලියන්න.

      Delete
  25. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
  26. මමත අහල තියෙන්න අරක්කු නිශ්පාතන වල එක්පයර් ඩේට් ගනන් ගන් නෑ කියල. පරන වෙද්දි වෙද්දි සැර වැඩි වෙනවළු.

    මෝඩ කමට බේත් නෑනේ.. ඉතින් කල් පැන්නත් විසි කරන්න දුකේ එහෙම දෙයක් කියනව ඇති.

    ReplyDelete
  27. මෙතන කියවෙලා නැති මම දන්න දෙයක් කියන්න හිතුනා. මේ කියන දේ ඔයාලත් දන්නවා ඇති.අපි කරන ක්‍රීම් වර්ග ගොඩක් වෙලාවට එන්නෙ tube වලනේ. ඒකට box එකක් තිබුනත් නැතත් ඒවයේ expire dates බලත්දි සමහර ඒවට නෑ නේද? ඇත්තටම නැහැ නෙවි තියෙනවා. එක තියෙන්නෙ tube එකේ lid එක තියෙන පැත්තෙ නෙවි අනිත් කෙළවරේ. පුන්චි ඉරි වගෙ තියෙන edge එකේ එක පැත්තක මැදින් පොඩියට එහෙත් පැහැදිලිව month and year තියෙනවා. ඔයාලා oriflame වගේ brand එකක් use කරනවා නම් මෙහෙම තමා expire dates check කරන්න ඔනි. මොකද ගොඩක් oriflame products වලට boxes එන්නෙ නැහැ. [ඔයාලා කවුරුත් දන්න දෙයක්ද මන්දා කිව්වෙ :P]

    ReplyDelete
  28. බඩ්ඩක් මතක් වෙලා දැනගන්නත් එක්ක ආවෙ. . . දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද කල් ඉකුත්වීම නිසා සිල්ලර බඩු කඩවල් වලින් company return කරන කිරිපිටි පැකට් තේ කඩ වලට විකුනනවා කියන්නේ ඇත්තද කියලා?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...