Sunday, September 23, 2012

කෙටිම කෙට් ලොල් කතා අංක 20 - ගූගල් දෙයියා හා බයිබලය


මං මේ ලියන්න යන කතාව අපේ වර්ගපූර්ණිකාව ලියන ආචාර්යමීවනපලානේ ජයරත්නයන් දැනගත්තොත් මොනවයින් මොනවා වෙයිද කියන්නමං නම් දන්නේ නෑ. සමහරවිට එතුමා මං එක්ක උදහස් වෙන්නත් බැරි නෑ. ඒත් මට වෙලාවකට හිතෙනවා එහෙම වෙන එකක් නෑ කියල. උදහස් නොවෙන්න හේතුව මේ පොස්ට් එක කියවල ඉවර වුන ගමන් ඔයාලට තේරුම් යයි.

හොඳයි දැන් ඔබට හිතෙනවා අති ගූගල් දෙවියන් සම්බන්ධ ලොල් කතාව මොකක්ද කියල. මේ පාරනම් සුදීකය ඇන ගන්නයි යන්නේ කියලත් හිතෙනවා ඇති. මොකද ආගම් සම්බන්ධ දේවල් වලට ඒ හැටි හොද කාලයක් නෙවෙයි මේක. දන්නවනේ හැමෝම අර ඉස්ලාම් ආගම සම්බන්ධ චිත්‍රපටය නිසා මේ දවස් වල ඇති වෙලා තියෙන තත්වේ. මේ යකත් කරන තරමක් ගොන් වැඩ තමයි කරන්නේ කියලත් ඔබට මේ වෙනකොටම හිතිලා ඇති. එක ඉතිං සුදීකයාගේ හැටියක්ම තමයි. ඇන ගැනීමයි සුදීකයයි කියන්නේ ආයි දෙකක් නොවෙයි එකක්ම තමයි. පහන් දැල්ලට පියාඹන පළඟටියට වෙච්ච එක තමයි වෙන්නේ. ඒත් ඉතිං ක්‍රිස්තියානි ආගමිකයන් ඒ තරම්ම අන්තවාදී නොවෙන හින්ද ඒ තරම් කරදරය නොවෙයි කියලයිමගේ විශ්වාසය. 

මම ඇත්තම කියන්නම්. මම කිසිම ආගමක් ගැන හරි හැටි අවුබෝධයක් තියෙන මිනිහෙක් නෙවෙයි. ඒ කියන්නේ කිසිම ආගමක් ගැන ගැඹුරින් හදාරලා නෑ. ඒත් හසිතට පිං සිද්ද වෙන්න සාර්ධාර් වරුන්ගේ ආගම ගැන නම් පොඩි අවුබෝධයක් තියෙනවා. කරුමෙට් එකත් ආගමක් නෙවෙයි. අපේ වගේ දර්ශනයක්. මේ කතාව මම කිව්වට මගේ ක්‍රිස්තු භක්තික මිතුරෝ තරහා නොවේව කියලයි මගේ පැතුම. ඔන්න එහෙනම් කතාව

බයිබලය රචනා කරලා තියෙන්නේ මෝසස් කියන දෙවියෙක් නොවූ එහෙත් මින්සුන් අතර දෙවියෙක් කියල කියන්න පුළුවන් කෙනෙක්. මේ කාරණා මම දන්නේ කොහොමද කියල දැන් සැකයි නේද? ඉතිං දෙයියනේ මම ගූගල් කළා. ඇත්තටම එතුමා බයිබලය රචනා කළා කිව්වොත් වැරදියි. එතුමා එහි ලියන්නා ලෙස කටයුතු කලත් එතුමාට මේ දේවල් දෙවියන් වහන්සේ විසින් විටින් විට මතු වී පැවසු දේවල් (වෙන්න ඕනෑ). ගූගල් කරලා බලන්න. ආ බයිබලයේ කොටස් දහසයක් තියෙනව. එකත් හොයා ගත්තේ ගූගල් කරලා. මේ කොටස් දහසයම ලියලා තියෙන්නේ එතුමා නොවෙයි. එකත් දැන ගත්තේ ගූගල් කරලා. අයියෝ මේ කියන්න ඕනෑ කතාව නොවෙයිනේ මම ලියාගෙන යන්නේ. හැමදාම වෙන වෙන වල් පල් ලියලා ඔයාලගේ වෙලාව වගේම බෑන්ඩ්විත් එකත් කනවා නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම මම තේකක් බොන්න කොටුවේ වයි.එම.සී.ඒ. එකට ගිය වෙලාවේ ටිකක් වයසක ඒත් කාර්යාලයක සේවය කරනවා වගේ පේන මහත්වරු දෙන්නෙකුගේ කතාවට කණ තියන් ඉඳල දැන ගත්තේ. එකත් මම ගූගල් කරලම.... ආ නෑ. ඇහුන කියල කිව්වනේ. දැන් දිව මතුරක් වගේ ගූගල් කළා, ගූගල් කරනවා, ගූගල් ලියනවා, (අර සෙලින්කෝ ඇඩ් එක මතකද කෝල් සෙලින්කෝ අන්න ඒ වගේ ගූගල් කරන්න කියන එක තමයි දැන් මගේ කටේ තියෙන්නේ). මේ දෙන්න අතර ඇති වුනා මෙන්න මේ වගේ දෙබසක්

 තමුසේ දන්නවද ගූගල් කියන්නේ මොකක්ද කියලා ?

 නෑ මං දන්නේ නෑ.


හොඳයි, දැන්නැත්නම් ඒ ගැන වැඩිය හිතන්න යන්න එපා. ඒත් ඕක නැතුව දැන් අන්තර්ජාලයේ කිසිම දෙයක් කරන්න බෑ කියලා අපේ පුතා යාලුවෙකුට කියනවා මම අහගෙන.

ආහ් ! ඇත්තද? තමුසෙත් දන්නා දේවල්.


පස්සේ මම අපේ පුතාගෙන්ම අහ ගත්තා ගූගල් කියන්නේ මොකක්ද කියල.

ඉතිං ඉතිං මොකක්ද ඔය ගූ...ගල් කියන්නේ. සමහරවිට මල බද්දය වගේ කෙස් එකක් වෙන්න ඕනෑ. 


මේ මේ තමුසේ ඔය දෙවියන්ගේ දේවල් වලට අගෞරව කලර නිකන් කරදර වෙන්න එපා. (රහසින්) ගූගල් කියන්නේ දෙවියෙක් !!!

 මොනවා. මං නම් ඔය ඇහුවමයි.


 නැත්තේ නෑ. ඔය ගූගල් කියන දෙවියාගේ පහල වීම ගැන බයිබලයේත් සඳහන් වෙලා තියෙනවා. පුතා ඔය ගූගල් කරන දේවල් කිව්වම මට එක පාරටම මතක් වුනේ. මේක බයිබලයේ තමුසේ දන්නවද මැතිව් 7:8 කියල තියෙන්නේ මොකක්ද ? කියල.

පොඩ්ඩක් ඉන්නවා බලන්න (සාක්කුවට ඇත දමා කුඩා පොත් පිංචක් අතට ගෙන පෙරලා බලයි). ආහ් ! මේ තියෙන්නේ. මේක ඉතින් බොහොම ප්‍රසිද්ධ කියමනක් නේ. "සොයන්නාට හම්බ වෙයි. තට්ටු කරන්නාට ඇරෙයි" කියන එක. ඉතින් එකෙන් කොහොමද ඔය දෙවියෙක් ගැන කියවෙන්නේ?

මම කිව්වනේ මම පුතාගෙන් ඇහුව කියල ගූගල් කියන්නේ මොකක්ද කියල. ඉතින් පුතා කිව්වා.  මටනම් දෙවියෙක් කියලා. මම හැම දේම කර ගන්නේ ඒ දෙවියන් හින්ද. කියල.

මටත් දැන් ඉවසගෙන ඉන්න බැරිම තැන මැද්දට පැනල කිව්වා

ගූගල් කියන්නේ සෙවුම් යන්ත්‍රයක්. ඒකත් ඉතින් වැරදි නෑ. අංකල්ලාගේ පොතේ කියල තියෙන්නේ සොයන්නාට හම්බ වේ කියලනේ. ඇත්තටම ඕකෙන් හොයා ගන්න බැරි දෙයක් නෑ තමා.

ප.ලි: මීවනපලානේ ජයරත්න මැතිදුන් මේකට උරණ නොවෙන්නේ එතුමාගේ බ්ලොග් එකෙත් ගූගල් හොඳම සෙවුම් යන්ත්‍රය කියල දාල තියෙන්නේ දඬු මොණර යන්තරයටත් වඩා උඩින් ගිහින් හොයන්න පුළුවන් හින්ද වෙන්න ඕනෑ.

මම පුද්ගලිකව සියලුම ආගම් වල ගරුත්වයට කිසි හානියක් කරන පුද්ගලයෙක් නොවෙමි. ඒත් මේක හාස්‍ය උපදවන්න පුළුවන් නිසා ප්‍රබන්ධ කළා. ක්‍රිස්තු දහමට හෝ භක්තිකයන්ට අබමල් රේණුවක හෝ අහිතකින් ලියන ලද්දක් නොවේ. කිසිවකුට යම්කිසි සිත් තැවුලක් සිදු විනි නම් මගේ බලවත් කණගාටුව.

පින්තූරය ගත්තේ : http://www.pbs.org




28 comments:

  1. ගූගල් සහ බ්ලොග් ගල් ගැන මගේ අදහසත් ඔබතුමාගේ සහෘදයින් දැනගන්න කැමති ඇති. වෙනත් තැන් වලත් මේක කිව්වත් මෙහිත් සටහන් කිරීමට අවසර.

    1995 වසරේදී ලැරී පේජ් ලන්ඩන් කෞතුකාගාරයේ තිබී හමුවූ හෙළ පුස්කොළපොත් බොහොම අමාරුවෙන් පරිවර්තනය කරවාගෙන කියවද්දී ඔහුට තේරුම් ගියේ සීගිරියේ තිබූ මළපහ බැහැර කිරීමේ තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයක තිබුණ බවයි. එනම් ඔබත් සමහර විට දන්නා පරිදි සීගිරිය ගල මුදුනේ ඇති රාජ වැසිකිළි වලට මළපහ කළ පසු ඒවා ප්‍රතිචක්‍රීකරණයකට ලක් වී අසල ඇති කුඹුරු වලට පොහොර ලෙස බැහැර වෙයි.

    නමුත් එකී පුස්කොළපොත් වල ඊට වඩා විශාල රහසක් ගැබ් වී තිබුණි. එනම් වැසිකිළි වලින් ඇතුළු වන මළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයකට යැවෙන අතර එහිදී ඒවායින් කොටසක් කාබනික පාෂාණ (ගල්) බවට පත් වෙයි, ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය වී කුඹුරු වෙත පොහොර ලෙස නල මගින් ගමන් කරයි.

    ඉතින් පාෂාණ බවට පත් වූ මළ වල ඇති ප්‍රධාන ගුණයක්නම් ඒවා මත සටහන් කරන දෑ ලෙහෙසියෙන් නොමැකීමයි. එම ගල් ප්‍රධාන සම්ප්‍රේෂණාගාරයක් වෙත යැවෙන අතර එහිදී ඒවා ආරක්ෂිතව තැන්පත් වෙයි. පසුව සීගිරියේ කුරු‍ටු ගී යන්ත්‍රාණුසාරයෙන් ඒවා මත සටහන් වෙයි. කිසියම් පාථකයෙකුට සීගිරියේ චිත්‍ර මෙන්ම කුරු‍ටු ගී සෙවීමට අවශ්‍ය වූ විට සිගිරිය ගල තුළ ඇති යන්ත්‍ර මගින් අදාල ගල් උපයෝගී කරගෙන ලෙහෙසියෙන් ඒවා සොයා දීමට පුළුවන.

    මා ඉහත සඳහන් කළ මළපහ හෙවත් ගූ මගින් නිෂ්පාදිත ගල් වර්ගය හඳුන්වා ඇත්තේ "ගූ-ගල්" නමිනි. මේ බව අවබෝධ කරගත් ලැරී පේජ් මහතාත් තම සෙවුම් යන්ත්‍රයට අර කිව් ගල් වල නමම යොදන ලදී. අද මුළු ලෝකයම උජාරුවෙන් භාවිතා කරන ගූගල් වල ආරම්භය ඇත්තේ හෙළයින්ගේ ගූ-ගල් වලය.

    විමල් වීරවංශ යනු පැහැදිළිවම රාවණා විරෝධියෙක් වන තර මාස ගණනාවකට පෙර ගූගල් වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමේ හේතුව දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතමි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මෙහි පැමිණීම සහ ඔබගේ දීර්ඝ පැහැදිලි කිරීමට ස්තුතියි. එහෙනම් ගූ-ගලුත් හෙලුවන්ගේ වැඩක්. ඉදිරියේදී ගූගල් - ඩුඩල් වලට මේ පාෂාණ ඇඳෙන දිනයත් වැඩි ඈතක නෑ.

    ReplyDelete
  4. දැක්කනේ වැඩේ ඔන්න ඔහොමලු ගූ - ගල් වුනේ, වංශයයි මායි දන්න ගූ - ගල්.

    ReplyDelete
  5. හිකිස්.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මම ක්‍රිස්තියානියෙක් ඒක නිසා මම කවදාවත් බෞද්දයන් ගැන කිසිම දෙයක් ලියලා නැහැ එහෙම ලීවොත් ඔයාලා අනිවා මගේ පතුරු යවනවා කියලා මම දන්නවා ඒත් බෞද්දයන් ක්‍රිස්තියානින් ගැන පහත කරලා ලියලා තියෙනවා මම එක බ්ලොග් එකක දැකලා තියෙනවා ඒ බ්ලොග් එකේ කොමන්ට් කරපු උදවියත් (දැනට බ්ලොග් කලාවේ නියැලෙන්නන්) අපූරුවට අප් එක දෙනවා මම දැක්කා ඒ අතින් නම් මට ඇත්තටම අපි (සිංහලයන්) ගැන දුක හිතෙනවා.

    මොනා වුනත් ඔබේ කතාව නම් ලොල් සහගතයි.ගූගල් ඇත්තටම දෙවියෙක් වගේ තමා.මාත් කොච්චර බර ගණන් වටිනා සොෆ්ට්වෙයාර් වල සීරියල් හොයාගෙන ඇද්ද ගූගල් දෙයියන්ගෙන් :)

    ReplyDelete
  8. @මඩිස්සලේ නිශාන්
    මම දන්නේ නෑ මම උපුටා ගත්ත බයිබල් පාටය වත් හරියට ගත්තද කියල. ඒත් අපේ තාත්තා අපි පොඩි කාලේ නිතර කියන එකක් තමයි ඔය කියමන. අපි මට කුඩා කාලයේ ඉඳල විවිධ ආගම් වල විවිධ ජාතීන් වල අය ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. එනිසා ආගමික ජාතික සහජීවනය අපිට හුරුයි. මම කිසිම ආගමක් විවේචනය කරනවට කැමති නෑ. අපිට් අපේ ආගම වැදගත් වගේම අනිත් අයට ඒ අයගේ ආගම වැදගත්.

    කතාව ලොල් කියල ඔයා කියනවා නම් මට සතුටුයි.

    ReplyDelete
  9. මෙතන කතෝලික ආගමට අපහාසයක් වෙලා තියෙන බව මට පේන්නෙ නෑ. ඒත් හිනා යන්නෙත් නෑනෙ.. :)

    හිනා යන කෑලි පැත්තකදාලා බැලුවොත් ඉදිරිපත් කරපු කරුණුවලත් වැරදි තියෙන බව පේනවා. ඔබතුමා නොදන්නා නිසා වගේම මේක හිනා යන්ඩ ලියපු එකක් නිසා ප්‍රශ්නයක් නෑ..

    "සොයන්නාට හම්බ වෙයි. තට්ටු කරන්නාට ඇරෙයි" දොර කෝ.. :)

    මම මේ දවස්වල මෝසෙස්ගේ කතාව ලියන් යනවා..

    http://dreamsofharee.blogspot.com/2012/09/12.html

    ReplyDelete
  10. @හරී
    තට්ටු කරනවා කියන්නේ ක්ලික් කරන නැත්නම් ටච් ස්ක්‍රීන් ෆෝන් ටැප් කරන එකට. එතකොට ඉතින් ඕපන් වෙනවනේ.:)

    ReplyDelete
  11. හරීගේ "පොරොන්දු දේශය කරා" කියන ලිපි මාලාව දැක්ක නම් ඒවා කියවලයි මේක ලියන්නේ.

    ReplyDelete
  12. එක අතනික් බලපුවහම ගූගල් කියන්නෙත් දෙයියෙක් තමා ;)

    ReplyDelete
  13. මේකෙ කොහෙන්ද ආගමට අපහාසයක්? මම නම් එහෙම එකක් දැක්කෙ නෑ. නමුත් මරු කතාව සුදීක.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  14. @අවතාර්
    අපේ බ්ලොග් කරුවෝ බොහොමයක් ගූගල් දෙයියෝ කියල තමයි කියන්නේ.

    ReplyDelete
  15. @Dude
    ඔයත් කියපු නිසා මගේ බය ගියා.

    ReplyDelete
  16. පොඩි ලොල් ගතියක් සහ ඩී ගතියක් තිබේ ඇයි පී....එකත් තියේ හෙක්..හෙක්

    ReplyDelete
  17. @Raj
    LOLPD. හරියට ලොස් ඇන්ජලීස් පොලිස් ඩිපර්ට්මන්ට් වගේ.

    ReplyDelete
  18. හරි එහෙනං. එහෙම තමයි ඕක හැදෙන්න ඇත්තෙ. :)

    ReplyDelete
  19. ගුගල් නැත්නම් අත කැඩුනා වගේ තමයි ඉතිං දැන්නම්....

    ReplyDelete
  20. ගුගල් නම් දෙයියෙක් වගේ තමයි.. හැබැයි දොළ පිදෙනියේ පොඩි අඩුවක් උනොත් ඉල්ලන දේ නෙවෙයි දෙන්නේ..

    ReplyDelete
  21. @Chandana
    ඉස්සර අන්තර්ජාල බිල එන්නේ කාලයට අනුව මැනලා. ඒ කාලේ සමහරදාට් පැය ගානක් කුරු ගාලත් අවශ්‍ය දේ ලැබෙන්නෑ.

    ReplyDelete
  22. ගූගල් දෙයියාගේ කතාවත් ඉස්සරහට දේව පුරාණයක් වෙයිද මන්දා ?? ස්තුතියි අයියා මාවත් මතක් කළාට :)

    ReplyDelete
  23. machan...post eka hodai..idea eka hodai....habai kathawa kiyanna yodawa gatthu dewal hari naha....bible pataya wenas karapu eka gananam mage echara pahadeemak naha...

    kathawa hodai habai...agamak ganane kiyanne...e nisa tikak parissam wela kiwwoth thamai godak hoda.

    good luck

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...