දවසක් කටුම්බා ජෝ එක්ක මාව බලන්න ආවා. කාටෝගේ ඔළුව ගියාට පස්සේ, මට ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්නම බැරි වුණා. මම වැඩියක්ම කාලේ ගත කළේ අම්මා නිසොල්මනේ අඬන වෙලාවට එයාගේ ඇස් වලින් කඳුළු ගලන විධිය බලාගෙන ඉන්න. ඇන්ටි කිට්ටුව-පාත ඉන්න වෙලාවක එයා ඉතාම පහත් හඬකින් කථා කරනවා ඇහුණා.
"තාත්තා කිවුවා ඒ වැඩේ කරලා තියෙන්නේ ටොමාමා කියලා" ජෝ කිවුවා.
"මම දන්නේ නෑ" මම කිවුවා.
"එයාගේ ඔළුව ගන්න කාටෝට එයා ටොෆි/චොකලට් ටිකක් දෙන්න ඇති" කටුම්බා කිවුවා.
"තාත්තා කිවුවා එයා ඒ වැඩේ කරනවා පොලීසියට අහු වෙලා තියෙනවා කියලා, ඒ වුණාට ඒ හැම පාරම එයා පැනගෙන. එයා කිව්වා පිට කෙනෙක් කථා කළොත් ගණන් ගන්න එපා කියලා"
"ඒත් ටොමාමා පිට කෙනෙක් නෙවෙයිනේ"
"පිට තමා. එයා මේ ගමේ දැන් ටික කාලෙක ඉඳලා නෑනේ, එයා එන්නේ ඔයා වගේ පුංචි අයගේ චූ එක කපාගෙන යන්න, මන්තර කාරියන්ට දෙන්න"
"ඒකයි එයා පෝසත්"
"ඔව්. එයාගේ වෙළඳාම තියෙන්නේ ළමයින්ගේ ඔළුයි, චූ එකයි එක්ක"
මම පොඩ්ඩක් හිතලා බැලුවා පිරිමි ළමයි දෙන්නා කියන දේවල් ගැන. ඒගොල්ලෝ කථා කරන්නේ මොනවද කියලා දෙවියෝ තමයි දන්නේ. මම එයාලගේ කථාව අහගෙන වාඩි වෙලා හිටියා. කාටෝගේ මරණෙන් පස්සේ අම්මගේ මුණේ චිත්‍රයක් මම හිතිං ඇඳ ගත්තා, කොහොමද එයා කෙහෙල් ඇවරියක් ළඟ තියාගෙන, නැවිලා ඔළුව ගහගෙන පැය ගාණක් ඉන්නේ කියලා, එයින් එකක් අරං ලෙලි ගහන්නැතුව.
"ඉස්සර වගේ එයා අපිට ටොෆි/චොකලට් දුන්නොත් මොකද කරන්නේ, අපි ඒවා ගන්න ඕනෙද ?"
"හා, කොලොප්පන්ද, ඔයාගේ දත් දෙක තුනකුත් නැති ඔය තඩි ඔලුගෙඩිය යයි කාට හරි සල්ලි වලට. ඔයා හැමතිස්සෙම සෙල්ලම් කරන චූ එකත් යයි, සමහරවිට ඊට යටින් තියෙන බෝල දෙකත් එක්කම" කටුම්බා හිනාවුණා.
එයාලගේ වචන දරා ගන්න බෑ. අවුරුදු හයේදීත්, කටුම්බා දන්නේ නෑ, එයාගේ වචන වල තියෙන තේරුම් අනිත් අයට දැනෙන විදිහ. එයාගේ වචන මට තවත් එයාලත් එක්ක ඉන්න අපහසු කරවනවා. මම ගොවිපළට ගිහින් අපි තුන්දෙනා කාටෝත් එක්ක සෙල්ලම් කරපු හැම වතාවකම හිටිය කෙහෙල් ගාලක් ළඟින් වාඩි වුණා, අල වලින් කුරුල්ලෝ ඇවිත් කෙහෙල් පැල වෙන්නේ ඇයි කියන එකට හේතුව අපි හැම වෙලාවකම කල්පනා කරා, ඇයි ඒවා ඇට තවාන් කරලා ගන්නේ නැත්තේ, ඇයි පලතුරු ආවම ගහ කපලා දාන්නේ. මම එතන වාඩි වෙලා පුදුමයෙන් කල්පනා කළා මට ආයේ කාටෝ දකින්න වෙයිද කියලා, එයාගේ ඔළුවට ලැබෙන මුදල අම්මට ලැබේවිද කියලත්. අසිහියෙන් වගේ ජෝයි කටුම්බයි කියන දේවල් අහගෙන, මම කිසි දවසක දන්නේ නැති සිංදුවක් කියන්න පටන් ගත්තා. ඒක මගේ මගේ දිවට හඬක් එකතු කළේ නෑ; ඒක මගේ හදවතේ ඉතිරි වුණා, නැතිවුණ දයාබර සහෝදරයා වෙනුවෙන් ගැයුණු ගීතය ! මම ආපහු එනකොට, කොල්ලෝ දෙන්නා තවමත් කතා කරනවා.
"නකාටෝ, අඬන්න එපා, තාත්තා අද ටොෆි චොකලට් මොනවා හරි ගෙනෙයි, මම ඔයාටත් ටිකක් දෙන්නම්"
"මම ආයි ඕවා කන්නේ නෑ ජෝ" මම කිවුවා.
"ටොමාමාව අල්ලලා මරයි" කටුම්බා කිවුවා.
"මට ඒකෙන් වැඩක් නෑ, එහම කළාට කාටෝ ආයෙත් එන්නේ නෑ"
කොල්ලෝ දෙන්නා කථා නැතිව උන්නා. කෙහෙල් අතු වලට හුළං හැමීම නතර වුණා. මගේ පපුව හරි උවමනාවකින් ගහන තොවිල් බෙරයක් වගෙයි. එක තණකොළපෙත්තෙක් ඉහළට පැන්නා ආපහු වැටෙන්න කලින්. මම මතක් කළා කටුම්බා එකෙක්ගේ ඔළුව ලේසියෙන්ම ගලවපු විධිය සාස්පානට දාන්න කලින්. ටොමාමාගේ අතින් කාටෝව තණකොළපෙත්තෙක් වගේ වෙලා පහසුවෙන්ම ඔළුව ගැලවුණාද, නැත්නම් අපි නත්තල දවසේ බෙල්ල කැපෙනකොට සන්තෝස වුණ කුකුළාගේ වගේ වුණාද ? ගොවිපලේදී, ළමයින්ව කුකුල්ලු වෙනවද නැත්තං තණකොළපෙත්තෙක් වෙනවද ?
"ඒත් ඇයි එයාව ඒගොල්ලෝ නැවැත්තුවේ නැත්තේ ?" ජෝ ඇහුවා.
මෙහෙම කියන්න කලින් කටුම්බා හිනාවෙනවා මට ඇහුණා "ඒගොල්ලෝ එයාව නවත්වයි, එයාලට අල්ලගන්න පුළුවන් වුණු දවසක"
"ඒ දවස කවදද, හෙටද ?" මම ඇහුවා.
"මම දන්නේ නෑ, ඒ වුණාට කවදා හරි වෙයි"
මම දුක් වුණේ අම්මා ගැන, එයාට මුළු දවසම හරි අඬන්න පුළුවන්. තාත්තා හැම දවසකම වගේ නගරෙට ගියා, මම දන්නේ නෑ ඇයි එයා නිතරම එහෙම ගියේ කියලා. එයා තවමත් කාටෝව හොයනවද ? මම දැනන් හිටියේ නෑ. මම ප්‍රාර්ථනා කරේ තාත්තා කාටෝව ආපහු ගෙනෙයි කියලා. මගේ ප්‍රාර්ථනාව, වල දිහාවත් නොබලා මම වීසි කරපු පස් කුට්ටියට පුළුවන් වේවා කියලා එයාගේ ඔළුව කොහෙන් හරි ඇවිත් ඇඟට බද්ධ වෙන්න. තාත්තා හැමදාම නගරෙට යන එකේ බලාපොරොත්තුව කාටෝව හොයා ගන්න එකනම්, ඒක මට හොඳ ආරංචියක් වේවි, කටුම්බයි - ජෝයි මමත් එක්ක සතුට බෙදා ගන්න එකතු වේවි. ඒ වුණාට මගේ බලාපොරොත්තු සුන් කරපු සිදුවීමක් වුණේ, අම්මත් එක්ක තාත්තා අවසිහියෙන් වගේ හරිම හෙමිං කථා කරත්දී. අම්මගේ හඬේ ඉකි ගැසීමක් ඇහුණු වෙලාවක, මම ඇඬුවා. ටොමාමාව ගෝනි්යකුත් එක්ක, කාර් එකේ ලේ පැල්ලම් එක්ක අහු වෙලා කියලා තාත්තා අම්මට කියත්දී ඒක ලොකු සාක්කියක් නෙවෙයි කියලා, මට තේරෙන්නෑ මම මොනවද හිතන්න ඕනේ කියලා. මම මගේ හුදෙකලා ඇඳේ ගුලි ගැහුණා. කාටෝගේ මරණයෙන් ඇති වෙච්ච් හිඩැස ගොඩාක් ලොකු එකක්, අපි මව් කුසයේ නිවුන්නු විධියට එකට ඉඳීමේ ඉඳලා මේ වෙනකම් හිටියේ එකට - අලුතෙන් ඇති වෙච්ච මේ හිස් ගතිය දරා ගන්න බෑ.
අම්මා තාත්තට කිව්වා හැම දෙයක්ම අත ඇරලා දාන්න කියලා. ඒත් තාත්තා ඉල්ලා හිටියේ එයා දිගටම මේ ගමන යන්නම් කියලා. එයා පොලීසියේ කෙනා ඉල්ලපු ගාන ගෙවනවා කිව්වා, ඒක කාටෝගේ ෆයිල් එක හුළඟට ගහගෙන යන්න නොදී තියාගන්න පුළුවන් ගල්ගෙඩියක් වගේ ඒක උඩ තියෙයි මේ පරීක්ෂණය ඉවර වෙනකන්. එයා සල්ලි ගෙවන්නේ ටොමාමාව ආපහු හිර ගෙදරට ගේන්න, එයාව අල්ල ගත්ත වෙලාවේ මුත්‍රා දාන්න කියලා ගිහිං එයා ඇවිත් නෑ. තාත්තට ඕනේ දකින්න මන්තර කාර දොස්තර පාපෝච්චාරණය කරනවා ටොමාමා එක්ක කරපු ගනුදෙනුව ගැන, පොලීසිය කියන්නේ ඒ වගේ උන්මත්තකයෙක්ගෙන් අහලා වැඩක් නෑ කියලා.
මට ඇස් දෙක ඇරලා බලන්න ඕනේ වුණත්, රාත්‍රිය හරිම කළුවර වුණා. එය අන්ධකාරයක්. රාත්‍රිය හුඟාක් දිගයි. අවසිහියෙන් වගේ මට ඇහෙනවා කටුම්බා එක්ක ජෝ කරන කථාබහ. ඒ දෙන්නා ඇඳේදී මාව ඇහැරවලා තිබ්බා. උදෑසන වෙනකොට අම්මාගේ මූණ බර වෙලා තිබුණා. මට කටුම්බායි ජෝයි මුණගැහෙන්න තිබුණා. ජෝ කටුම්බාට වඩා වැඩිමල් වුණේ අවුරුදු දෙකකින් වුණත්, එයාගේ කථාවේ මුහුකුරා ගිය ගතිය තිබුණා.
කටුම්බාත්, ජෝත් එක්ක ගත කරන වෙලාවට මට මේ ප්‍රශ්න ටිකකට අමතක වුණා. කටුම්බා අපට උපදෙස් දුන්න මුකාසා මහත්ගේ වත්තට ගිහින් පැපොල් ටිකක් අරගෙන එමු කියලා. අපි හොරෙන් රිංගුවා මුකාසා මහත්තයාගේ වත්තට, එයාගේ හට් එකට වෙලා එයා මොනවා හෝ කරමින් උන්නේ, එයාගේ හට් එකට උඩින් අහසට නැගුණු සුදු දුමින් විතරක් එයා අපට අත වැනුවා. කටුම්බා හොඳට ඉදිච්ච පැපොල් ගෙඩියක් තෝරා ගත්තා. අපි ගොවිපලේ හුඟාක් ඈතට ගිහිං, එක තැනක නතර වුණා, එතැනට ඉර එලිය වැටෙන්න කෙසෙල් අතු කොහොමටවත් ඉඩ දුන්නේ නෑ. එතැන හරිම අඳුරුයි, ඒ වුණත් අපි එතැනට කැමති වුණා. අපේ ගමේ අඳුරු තැන් වලට අපි හුරු වෙලා හිටියේ. එතැන පොඩ්ඩක් සුද්ද කරත්දී, අපිට හමු වුණා එතැන වැහිලා තිබුණු තෙතමනය නිසා මොළොක් වෙච්ච කෙසෙල් අතු. අපි ඉඳ ගත්තා, කටුම්බා පැපොල් ගෙඩිය කැපුවා. අපි කෑවේ මෝඩ හිනාවක් දාන ගමන්. ජෝ නැගිට්ටා. අපි දැක්කා එයාගේ කකුල පොළවේ බහිනවා, එයා කකුල ආපහු ඉහළට ඇදගෙන අපිට දුවන්න කිවුවා. එහෙම කිව්වේ ඇයි කියලා මම දන්නේ නැති වුණත්, මම ත් ජෝ පස්සෙන් දුවගෙන ගියා මොකද මම ජෝව විශ්වාස කරපු නිසා. කටුම්බා එතනම ඉඳගෙන අපිට හිනා වුණා.
"මොකද ඕගොල්ලෝ දුවන්නේ" එයා ඇහුවා.
එයාගේ අත් වලින් එයා පස් හාරලා පිටිපස්සට විසි කළා. මම ටිකක් පස්සට වෙලා එයා ලඟින් හිටගෙන බලාගෙන හිටියා. ජෝ හිටියේ අපිට ගොඩක් ඈතින් හිටගෙන. කටුම්බා දිගටම හාරාගෙන ගියා එයාට ගෝනියක් දකිනකන්, එයා හිතපු දේ ඒකෙන් තහවුරු වුණා. මුකාසා මහත්තයා එතැන කෙසෙල් වළලලා. ගෝනියේ තැවරිලා තිබුණු පස්ස ඔක්කොම එයා පිහදාලා ඉවර වුණාම, එක පාරටම එයා ඒක ඇරියා, කහපාට කෙසෙල්ගෙඩි ටිකක් දකින ආශාවෙන්. එයා එකපාරටම පස්සට පැන්නා. මම දිහා බැලුවා, මට පෙනුණා එයාගේ ඇස් පළලට ඇරගෙන, ඇස්ගෙඩි ලොකු වුණා.
ජෝ මගේ ළඟට ආවා. අපි දෙන්නා කටුම්බා ළගට ගියා එයා දැක්කේ මොකක්ද බලන්න. වචනයක්වත් නොකියාම අපි දුවන්න පටගන් ගත්තා. අපි දිවුවා, අපි හුස්ම ටිකක් ගන්න එක තැනක නැවතුණාම, කටුම්බා කිව්වා, "එයාගේ ඔළුවට පණ තියෙනවා" කියලා.
"ම...ම... දන්නෑ" ජෝ කිවුවා.
"ඒක ඇත්ත ජෝ, මම ගෝනිය ඇරියම එයා මං දිහා බලාගෙන හිටියා"
"යන්න...යන්න...එයාට කථා කරන්න, එයාව එළියට අරන් අපි ගෙදර යමු" එයා ආයෙත් දුවන්න පටන් ගත්තා. කටුම්බා ජෝගෙයි, මගෙයි පිටිපස්සෙන් දිවුවා. මම දැකපු කිසිම දෙකට වඩා, ඒක හරිම භයංකාරයි. මම කාටෝගේ ඔළුව දකින්න කොහොමටවත් බලාපොරොත්තු වුණේ නෑ. ඇත්තටම කාටෝ පණපිටින්. එයාගේ ඇස් ඇරිලා. එයාට පේනවා, මම හෙමින් කිවුවා. එයාට පැහැදිලිවම පේනවා, එකම ප්‍රශ්නේ එයාට කථා කරන්න බැරි එක විතරයි. මේ වෙලාවේ එයාගේ කටහඬ ඇහෙන්නේ නෑ. කාටෝට පේනවා, ඒත් එයාගේ කටහඬ. මුකාසා මහත්තයාගේ හට් එක පැත්තට දුවන අතරේ මම එක-එක දේවල් කිව්වා, ඒත් ඒවා මම දැනගෙන හිටියේ නෑ; අපිට කාගේ හරි උදව් ඕනෑ වුණා.
අවසානෙට අපි දැක්කේ ගෝනියෙන් එළියට පැන්නා ලොකු රිදී කුරුසයක්.
"එයා දාගෙන හිටිය ඒ කුරුසේ , අපිටත් වැටෙන්න පුළුවන්" ජෝ කේන්තියෙන් කිව්වේ දුවන ගමන්ම.
"ඔව්, අපි හැමෝටම වැටෙන්න පුළුවන්" මම කිවුවා, මම කියන්නේ මොනවද කියලා හරියටම නොදැන.
"මම හිතන්නේ එයාව මරන්න කලින් එයා අඬලා" ජෝ කිවුවා.
"වෙන්න පුළුවන්"
"කාට හරි ඇහුණානම් එයාට උදව් කරන්න ඉඩ තිබුණා"
"කාටෝගේ කටහඬ හරිම බාලයි, කාටවත් ඇහෙන්නේ නෑ. අනික මෙතන හරිම අඳුරුයි, අපි ඉන්නේ ගොවිපලේ, කාටවත් කොහොමටවත් මේක පෙන්නේ නෑ"
කටුම්බා අපිට වඩා හයියෙන් අපිට කලින් දිවුවා, අපි දැක්කා එයා මුකාසා මහත්තයාගේ ගෙදරට ඇතුල් වෙනවා. අපිත් එයාගේ පස්සෙන් ගියා; අපි දොර ගාවට යනකොට, එයා ආපහු එමින් හිටියා. එයා කිව්වා මුකාසා මහත්තයාගේ ගෙදර බෝතල්වලට ලේ පුරවලා තියෙනවා එයා දැක්කා කියලා. අපි මොනවත් අහන්න කලින් එයා ආපහු දුවන්න ගත්තා. අපි එයා පස්සෙන් දිවුවා, මම හැරිලා කෙළින්ම ගෙදරට දුවන්න කලින්.
මම ගෙදර එනකොට තාත්තා උළුවස්සට හේත්තු වෙලා හිටියා. මම දන්නේ නෑ මම මොනවද එයාට කිවුවේ කියලා. ඒ වුණාට මට ඇහුණා එයා කියනවා, "මම ගිහිං ඒක අරගෙන එන්නම්" කියලා. මම දන්නේ නෑ එයා කියන්නේ කොයිකද කියලා, ඔළුවද නැත්නම් බෝතල්ද? මට මවාගන්න බෑ, තාත්තගේ අතේ කාටෝගේ ඔළුව තියෙනවා.
මම මගේ ඇඳේ පෙරළිලා ඇස් දෙක වහ ගත්තා මට කාටෝගේ ඔළුව ආයේ නොපෙනෙන්න. මුකාසා මහත්තයයි, ටොමාමායි කාටෝගේ ඔළුව මිරිකලා ලේ ගන්න එක හිතුවම, මම පොරෝනේ විකා ගත්තා. මට හට් එක උඩට නැගලා බිමට පනින්න ඕන වුණා. මම ඇඳේ වැතිරිලා බලාගෙන හිටියා තාත්තා මොනවද අරගෙන එන්නේ කියලා. මම එකදිගට රහසින් කිවුවා, තාත්තා කාටෝගේ ඔළුව හයි කළාම අපිට ආයි එකට ඉන්න පුළුවන් කියලා.

පින්තූරය ගත්තේ : http://www.flickriver.com/ |
ජෝ මගේ ළඟට ආවා. අපි දෙන්නා කටුම්බා ළගට ගියා එයා දැක්කේ මොකක්ද බලන්න. වචනයක්වත් නොකියාම අපි දුවන්න පටගන් ගත්තා. අපි දිවුවා, අපි හුස්ම ටිකක් ගන්න එක තැනක නැවතුණාම, කටුම්බා කිව්වා, "එයාගේ ඔළුවට පණ තියෙනවා" කියලා.
"ම...ම... දන්නෑ" ජෝ කිවුවා.
"ඒක ඇත්ත ජෝ, මම ගෝනිය ඇරියම එයා මං දිහා බලාගෙන හිටියා"
පින්තූරය ගත්හේ : http://flickrhivemind.net/ |
"යන්න...යන්න...එයාට කථා කරන්න, එයාව එළියට අරන් අපි ගෙදර යමු" එයා ආයෙත් දුවන්න පටන් ගත්තා. කටුම්බා ජෝගෙයි, මගෙයි පිටිපස්සෙන් දිවුවා. මම දැකපු කිසිම දෙකට වඩා, ඒක හරිම භයංකාරයි. මම කාටෝගේ ඔළුව දකින්න කොහොමටවත් බලාපොරොත්තු වුණේ නෑ. ඇත්තටම කාටෝ පණපිටින්. එයාගේ ඇස් ඇරිලා. එයාට පේනවා, මම හෙමින් කිවුවා. එයාට පැහැදිලිවම පේනවා, එකම ප්‍රශ්නේ එයාට කථා කරන්න බැරි එක විතරයි. මේ වෙලාවේ එයාගේ කටහඬ ඇහෙන්නේ නෑ. කාටෝට පේනවා, ඒත් එයාගේ කටහඬ. මුකාසා මහත්තයාගේ හට් එක පැත්තට දුවන අතරේ මම එක-එක දේවල් කිව්වා, ඒත් ඒවා මම දැනගෙන හිටියේ නෑ; අපිට කාගේ හරි උදව් ඕනෑ වුණා.
අවසානෙට අපි දැක්කේ ගෝනියෙන් එළියට පැන්නා ලොකු රිදී කුරුසයක්.
"එයා දාගෙන හිටිය ඒ කුරුසේ , අපිටත් වැටෙන්න පුළුවන්" ජෝ කේන්තියෙන් කිව්වේ දුවන ගමන්ම.
"ඔව්, අපි හැමෝටම වැටෙන්න පුළුවන්" මම කිවුවා, මම කියන්නේ මොනවද කියලා හරියටම නොදැන.
"මම හිතන්නේ එයාව මරන්න කලින් එයා අඬලා" ජෝ කිවුවා.
"වෙන්න පුළුවන්"
"කාට හරි ඇහුණානම් එයාට උදව් කරන්න ඉඩ තිබුණා"
"කාටෝගේ කටහඬ හරිම බාලයි, කාටවත් ඇහෙන්නේ නෑ. අනික මෙතන හරිම අඳුරුයි, අපි ඉන්නේ ගොවිපලේ, කාටවත් කොහොමටවත් මේක පෙන්නේ නෑ"
කටුම්බා අපිට වඩා හයියෙන් අපිට කලින් දිවුවා, අපි දැක්කා එයා මුකාසා මහත්තයාගේ ගෙදරට ඇතුල් වෙනවා. අපිත් එයාගේ පස්සෙන් ගියා; අපි දොර ගාවට යනකොට, එයා ආපහු එමින් හිටියා. එයා කිව්වා මුකාසා මහත්තයාගේ ගෙදර බෝතල්වලට ලේ පුරවලා තියෙනවා එයා දැක්කා කියලා. අපි මොනවත් අහන්න කලින් එයා ආපහු දුවන්න ගත්තා. අපි එයා පස්සෙන් දිවුවා, මම හැරිලා කෙළින්ම ගෙදරට දුවන්න කලින්.
මම ගෙදර එනකොට තාත්තා උළුවස්සට හේත්තු වෙලා හිටියා. මම දන්නේ නෑ මම මොනවද එයාට කිවුවේ කියලා. ඒ වුණාට මට ඇහුණා එයා කියනවා, "මම ගිහිං ඒක අරගෙන එන්නම්" කියලා. මම දන්නේ නෑ එයා කියන්නේ කොයිකද කියලා, ඔළුවද නැත්නම් බෝතල්ද? මට මවාගන්න බෑ, තාත්තගේ අතේ කාටෝගේ ඔළුව තියෙනවා.
මම මගේ ඇඳේ පෙරළිලා ඇස් දෙක වහ ගත්තා මට කාටෝගේ ඔළුව ආයේ නොපෙනෙන්න. මුකාසා මහත්තයයි, ටොමාමායි කාටෝගේ ඔළුව මිරිකලා ලේ ගන්න එක හිතුවම, මම පොරෝනේ විකා ගත්තා. මට හට් එක උඩට නැගලා බිමට පනින්න ඕන වුණා. මම ඇඳේ වැතිරිලා බලාගෙන හිටියා තාත්තා මොනවද අරගෙන එන්නේ කියලා. මම එකදිගට රහසින් කිවුවා, තාත්තා කාටෝගේ ඔළුව හයි කළාම අපිට ආයි එකට ඉන්න පුළුවන් කියලා.
http://africanwriterstrust.org/ විසින් පල කරණ ලද සූබී නමැති කවි සහ කතා එකතුවට "ඔයෙට් සිස්ටෝ ඕෂන්" විසින් රචිත In the Plantation කතාවේ පරිවර්තනයකි.
කතාව ඇතුලෙ ජීවත් උනා වගේ දැනුනා.....
ReplyDeleteඒක මට සතුටක්.
Deleteඅමුතු පරිසරයක් ගැන අමුතු හැගීම් ගොඩක්.... ඒත් ඉතින් මනුස්ස ගති එකමයි නේද????
ReplyDeleteමේ කතාවේ මට අපේ ගතියක් දැනෙනවා. ඒ කියන්නේ කර්මය විස්තර වීම. දෙමාපියන්ගේ ආදර වගේ දේවල් නිසා.
Deleteපහු ගිය සතියේ තිබුන ප්‍රශ්නෙට උත්තර හම්බුනා වගේ..
ReplyDeleteඅපූරු කතාව..
ඔව්. අවසානේදී උත්තරය පාඨකයාට හිතා ගන්න ඉඩ තියලා තියෙනවා.
Deleteඉතා ඉහල මට්ටමේ නාට්‍යමය ලක්ෂණ සහිත, ජනජීවිතයේ යථාර්ථය මැනැවින් හෙළිකරන වෘතාන්තයක්.
ReplyDeleteහොඳ පරිවර්තන කාර්යයක්.
බොහොම ස්තුතියි. විචාරක තුමා. මම KISS කියන මුලධර්මය භාවිතා කළා. ඒ කියන්නේ Keep It Simple & Stupid.
Deleteerrr. for us?
DeleteWhaat...? Since you could read in English, I shall pass you the original writing.
DeleteI thought you are keeping it simple & stupid for us. :-D
DeleteThe difference 'ing' made :)
Deleteගිය පාර කොටස කියවන්න එන්න බැරිවුණ නිසා ඒකත් කියවගෙන ආවෙ.. කාටෝට වෙනව වගේ වැඩ ඇත්තටම අප්‍රිකාව පැත්තෙ වෙනව ඇති නේද සුදික අයියා...
ReplyDeleteපිවර්තනය නං මනරම්... නිකං ඔළුව ඇතුලෙ රූප දුවනව වගේ කතාව කියවද්දි...
ජයවේවා
ඔව්. අප්‍රිකාවේ මේ වගේ සිද්ධි සුලබයි. පරිවර්තනය පහසු කලේ මුල් රචකයාගේ ලිවීමේ ශෛලිය. මම පොඩි දේවල් ටිකක් එකතු කළා.
Deleteඅර ඇල්බිනෝ ළමයින්ව තවමත් අල්ලන් ගිහින් මරනවා නේ. ඔළුවයි, හමයි අනිත් අවයවයි ගන්න.
Deleteවැඩිය කමෙන්ට් නොකලට කතාව කියවනවා...
ReplyDeleteපරිවර්තනය හොඳයි...
බොහොම ස්තූතියි ලොපු.
Deleteසුදීක මේ බ්ලොග ෆීඩ්බර්නර් හරහයි ලෝඩ් වෙන්නේ උඹේ සෙටිංස් නිසා. අනික මේක මේ අනිත් බ්ලොග් වල තියෙන සාමාන්‍ය යුනිකෝඩ් නෙවෙයි මේකෙ තියෙන්නේ. මේක මගක් දුරට ගිහින් හිරවෙනවා යුනිකෝඩ් කෑලි අස්සෙ ගහගෙන. මේ ඇයි කියලා බලපංකෝ.
ReplyDeleteමේ වගේ චෝදනාවක් ආවාමයි. මම හැම පොස්ට් එකකටම සැරයක් ෆීඩ්ස් බර්න් කරනවා. සමහර රීඩර් වල ඔය කෙස් එක තියෙනවා මට හිතෙන හැටියට.
DeleteWindows 10. Firefox 46.0
Delete
ReplyDeleteවැඩේ ගානට යනවා සුදීක..නම් ටිකට හුරු වෙනකම් ටිකක් අමාරුයි.. ටොමාමා යි කටෝයි නිතරම පැටලෙනවා..
"තාත්තා කාටෝගේ ඔළුව හයි කළාම අපිට ආයි එකට ඉන්න පුළුවන් කියලා. "
පොඩි උන්ට හිතෙන දේවල්... තාත්තා හැමදාම නගරෙට ගිහින් එනකොට කටෝවත් එක්කන් එයි කියමින් බලාපොරොත්තුව සිටීම...!! මේක පොඩි ළමයෙක්ට දැනෙන විධිහටම දැනුනා.. එහෙම බලන් ඉඳලා බලාපොරොත්තු කඩ වුනාම වෙන දේ ! පරිවර්තනය වදින්න තියනවා..
මේකේ තියෙන යම් වැඩිහිටියන්ට පමණයි කොටස් ඉවත් කලොත් මේක ළමා කතාවක තත්වේ තියෙනවා. මට නිමි කියලා දාන්න බැරි වුණා. වැඩේ ගානට යනවා කීමෙන් මම හිතුවේ සෙන්නා තව කොටසක් බලාපොරොත්තු වෙනවා ඇති කියලා.
Deleteඈහ් ! ඉවරද !? එහෙම නෑ වගේනෙ....
Deleteමෙතනින් එහාට තිබුනත් වැඩක් නෑ නේද ?
Deleteමුල් කතාවේ කොහොම තියෙනවද මන්දා. මට නම් මේ අවසානය හරි ගති.
Deleteමම හිතුවේත් තව කොටසක් ඇති කියලා.එත් දැන් කාටෝගේ ඔළුව ලැබුනට පස්සේ කතාව එතනින් එහාට යන එක වැඩකුත් නැහැ තමයි.
Deleteහොඳ පරිවර්තනයක්.
@aru මම කතාව පොඩ්ඩක්වත් වෙනස් කලේ නෑ. UN එකෙන් උගන්ඩාවේ තියපු වැඩමුලුවකින් තෝර ගත්ත සටහන් තමයි ඒ සයිට් එකේ තිබුණේ.
Delete@මනෝජ් : පණ ගැන මේ ළමයට අවුබෝධයක් නෑ. ඒ නිසා තමයි එයා හිතන්නේ ඔලුව ආපහු හයි කලොත් වැඩ කරන්න ඕනේ කියලා. එතැනින් එහාට තිබුණ තත්වේ ගැන හිතලා වැඩක් නෑ.
ඔබේ ලිවීම හරි අපුරුයි හිතේ චිත්ත රූප හරි අපුරුවට මැවෙනවා කියව ගෙන යද්දී
ReplyDeleteහ්හ්හ්ම්ම්ම්.....පොඩි පොතක් කියවලා රස වින්දා වගේ. ටොප් සුදීක.
ReplyDeleteබොහොම ස්තුතියි අරූ.
Deleteඅමුතුම හැඟීම් ගොඩක් හිතට ආවා...
ReplyDeleteමගේ මූලික අරමුණ වුණේ මේක ළමයින් වෙනුවෙන් කරන්න. නමුත් බෙල්ල කැපෙන කතා පොඩි එවුන්ට දරා ගන්න අමාරුයි. කොහොම වුනත් අපිට මේක රසවිඳින්න වෙන්නේ ළමා වයසට ගිහින්.
Deleteරස ඉන්දා කතාව. අපිට නුපුරුදු පරිසරයක් ගැන ඒ නුපුරුදු බව නොදැනෙන්න ලියලා තියෙනවා.. පරිවර්තනය සිත් ගන්න සුළුයි.. :)
ReplyDeleteබොහොම ස්තුතියි සිතු.
Deleteබොහොම දුක හිතෙන කතාවක්. මොකද මේවා ඇත්තටම වෙනවා කියල කියවල් තියෙන නිසා.
ReplyDeleteකතාවකට දේවල් හිතලා ලියන්න පුළුවන්. ඒත් මේ වගේ දේවල් ලියන්නේ අත්දැකීම පදනම් කරගෙන. මේක ළමයින් වෙනුවෙන් කරන්න මට උවමනා වුණේ. නමුත් ඒ වගේ සිද්ධි නිසා අපේ ළමයි බය වෙන්න පුළුවන්.
Deleteපළමු වතාවට මේ පැත්තට ආවේ. හරිම අපූරුවට චිත්ත රූප මැවෙන්න ලියාගෙන යනවා. මුල ඉඳන් කියවගෙන එන්නම්.
ReplyDeleteබොහොම ස්තුතියි. හොඳයි එහෙනම් බලලා අදහස් කියන්න.
Deleteනැවත කියවන්න හිතුනා එකයි ......
ReplyDeleteනිපුන කාලා කරුවා කතාවක් ගොතයි ඔහු බුද්දිමත් නම් කතාවට සිදුවීම් ඇතුළු කිරීම සදහා තම අදහස වෙනස් වීමට ඉඩ නොදෙයි..(බෙලි කපනවා වගේ සිද්දි ) ඔහුගේ කාර්ය නම් කතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අසහාය හෝ එකම අභිප්‍රාය සුපරික්ෂාකාරී ලෙස තෝරා බේරා ගෙන එම අභිප්‍රාය ඉතා හොදින් ගෙන හැර පෑම සදහා අවශ්‍ය සිදුවීම් පමණක් ගලපා ලිවීමය..කතාවේ මුල් වාක්‍යම ස්වකීය අභිප්‍රයා ඉෂ්ට කිරීමට හේතු භූත නොවන්නේ නම් ඔහුගේ මුල් පියවරම අසාර්ථක වෙයි.කතාවේ මුලින්ම තීරණය කරන ලද අභිප්‍රයේ කිසියම් ආකාරයකින් හෝ සම්බන්ද නොවන එක වචනයකුදු ඒ මුළු නිර්මාණය තුල තිබුව මනා නොවේ ඒ වැනි පරීක්ෂාවකින් හා පරිශ්ශ්‍රමයකින් නිර්මාණය කරනු ලැබූ අවසාන චිත්‍රය දෙස කලාත්මකව බලන්නෙකු තුල පරිපුර්ණ තෘප්තියක් ජනිත වනු මනාය..
කෙටි කතාව හෝ නව කතාව හෝ යනු කවරේදැයි එකම වැකියකින් පවසන ලෙස යමෙකු මට කීවොත් කෙටිකතාව හෝ නවකතාව යනු ජීවිතයේ සමීප රුපයක් යයි මම කියමි.නිර්වචනයක් වශයෙන් එම කියමන කිසිසේත්ම පරිපුර්ණ නොවන බවට විවාදයක් නොමැත.එහෙත් කෙටිකතාවේ හෝ නවකතාවේ සමස්ත ස්වභාවය මේ තුල ගැබ් වී ඇති මට සිතේ
සහතිකවම.
Delete