Tuesday, May 21, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 31 : සිංගප්පූරු ගිය ග්‍රැෆික් ඩිසයිනර්.....

මගේ ලොල් කතා රසිකයෝ කරන චෝදනාවක් තමයි පහුගිය කාලේ ලොල් කතාවක් දාන්න ගත්ත කාලේ වැඩියි කියලා. මුලින්ම පොස්ට් දෙකකට වරක් ලොල් කතාවක් දැම්මා. වැඩේ තියෙන්නේ ලියන්න තියෙන කාරණා වැඩි වුණාම ඒ වගේ පමා වෙනවා. ඉතිං මම හිතුව පරණ පුරුදු විදියට ලොල් කතාවක් දාන්න. දැන් මේ මාතෘකාව දැක්කම ඕනෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේ නම් අපේ සහෘද බ්ලොග් කරුවෙක් වන, සිරාගේ කාමරේ ලියන සත්ගුණවත් සිරා කොලුවට වෙච්ච දෙයක් කියලා. නැත්නම් සිරා කොලුවට ගහන මඩක් කියලා. කතාව අන්තිමේදී දැන ගන්න පුළුවන් කාටද වුනේ කියලා. 

ඉතිං අපි හිතමු මේ තරුණයාගේ නම අනිල් කියලා. කියන්න ඕනේ නෑනේ ඉතිං අනිල් වගේ තරුණයකුගේ හිතේ මොන වගේ දේවල්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. දෙගිඩියාව තනි වචනෙකින් කිව්වොත්. මොකද හරියට රැකියාවක් හොයාගෙන රට යනවා කියන්නේ ලේසි වැඩක් නොවේ. ඒත් අනිලුත් අපේ සිරා කොලුවා වගේ ගියේ සිංගප්පූරුවට. සිංගප්පූරුවේ රැකියා හෙවිල්ල ගැන මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ සිරා කොලුවා විස්තර කරලා තියෙනවා. ඔන්න දැන් අනිලුත් රැකියාවක් හොයනවා හොයනවා හම්බ වෙන්නෙම නෑ. 

අන්තිමට එක තැනකින් සම්මුඛ පරීක්ෂණයකට අනිලවා කැඳවලා. සිරා වගේම බුදුන් වැඳලා අනිලුත් ගියා හරියටම කියන වෙලාවට. මිනිහා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණා. හෙට ඉඳලා වැඩට එන්නත් කියලා. අපේ අනිල් කොලුවත් ගියා වැඩට. අනිල්ට ජොබ් එක ලැබුනේ වෙළඳ දැන්වීම් ආයතනයක. ඒ කියන්නේ  ඔය ස්ටිකර්, බෝඩ්, ලීෆ්ලට්, පෙනන්ට්ස් වගේ ඒවා හදන තැනක්. ඉතිං මෙතන වැඩ කෙරෙන විදිය, මුලික කටයුතු තමයි මුල් දවස් දෙකේ අනිල්ට උගන්වලා තියෙන්නේ. මේ අතරේ පුංචි පුංචි ඩිසයින් කීපයක් අනිල්ට කරන්න දීලා, ඒ ගැන පැහැදිලා හිටිය මේ ආයතනයේ හිමිකරු අනිල්ට ඊළඟ එන පලවෙනි වැඩේම බාර දෙන්න හිතාගත්තා. 

මේ ආයතනයේ වැඩ කරන්නේ ඩිසයිනර්ලා හතර පස් දෙනෙක්. ඒ අය ඩිසයිනර් කිව්වට, ඩිසයින් එක හදන එකේ ඉඳලා, ඒවා මුද්‍රණය කරලා, පැක් කරලා, වාහන වල දාගෙන ගිහිං අදාල ආයතනයට ඩිලිවර් කරන වැඩෙත් කරන්න ඕනේ අදාළ ඩිසයිනර්ම තමයි. එක අතකින් තමන්ට හම්බ වෙච්ච් මුල්ම අවස්ථාවේ කරන්න තියෙන රාජකාරියේ දිග පළල හොයන්නේ නැතිව අනිලුත් ජීවිතේ ගැට ගහගෙන කීයක් හරි ඉතිරි කර ගන්නත් ඕන නිසා කැමැත්තෙන්ම මේ කාරියට එකඟ වුණා. 

මේ ආයතනයට අලුත්ම ඕඩර් එක ලැබිලා තිබුනේ ඔය උඩ පින්තුරේ තියෙන තැනින්. එතන බිස්නස් එක තමයි නිවෙස් වලට උපස්ථායිකාවන් සැපයීම. ඉතිං මේ සේවාවට උවමනා වෙලා තියෙනවා ලීෆ්ලට් 10,000ක් ගහන්න. මේ ඕඩර් එක අනිල්ට දීලා ලොක්කා රට ගියා. ඒ ලොක්කා ටිකක් රැඩිකල් මිනිහා. ඕඩරේ අනිල්ට දීලා කිව්වලු
"මම මෙතන වැඩට ගන්න අයට උපරිම නිදහස දීලා තියෙන්නේ තමන්ට ඕනේ විදියට වෙනස්කම් කරලා අලුත් විදිහේ දෙයක් කරන්න. ඒ නිසා ඔයාටත් මේකේ ඕනෑම දෙයක් වෙනස් කරන්න නිදහස තියෙනවා. එහෙනම් වැඩේ කරලා හෙට දවල් 12.00 වෙන්න කලින් ගිහිං බාර දෙන්න"
එහෙම කියලා ලොක්කා යන්න ගියා. අනිල් දැන් දාගෙන ඩිසයින් කරනවාලු. මෙහෙම කරගෙන යන අතරේ අර ලොක්කා කිව්වා දේත් අනිල්ගේ හිතේ වැඩ කරනවලු. අනිල් මේ ලෝගෝ එක දිහා බලාගෙන ඉන්නකොට ආවලු අයිඩියා එක. දෙපාරක් නොහිතාම හිතින් හිනා වෙවී දැම්මලු ඩිසයින් එක. මේ අතරේ අනිත් අය යන්න ගිහිං. එයාලට එතන කරන්න වැඩක් තිබිලා නෑ. ඉතිං අනිල් කොලුවත් මුළු රෑම වැඩ කරලා අර ටික ප්‍රින්ට් කරලා. පරිස්සමට කපලා. පැකට් කරලා. වාහනේටත් පටවලා, උදේ හතරට විතර නවාතැනට ගියාලු. මේ යද්දී කවුරුවත් ඉඳලා නෑ ඇහැරිලා. ඒත් ලංකාවේ හිටිය හොඳම මිතුරාව අමාරුවෙන් නැගිට්ටලා මෙහෙම කිව්වලු 

"සිංගප්පූරුවේ එවුන්ට ගණන් බෑ" 

"ඉතිං උඹට මොකද බං. ගිහිං නිදා ගනිං" කියලා යාළුවා නිදා ගත්තා. අනිලුත් නිදිමත විකාරේ නිදාගෙන උදේ දහය වෙත්දී ආපහු වැඩට ගිහිං වාහනය අරන් පරෙස්සමට අදාළ ස්ථානය සොයාගෙන ගියා. සිංගප්පූරුවේ තැනක් හොයාගෙන යන්න හරිම ලේසියි. අනිත් එක රියදුරන් ඉතා විනීතයි. අනිල්ට එහෙන් ලැබුණ උපදෙසේ තමයි "පෙඩෙස්ට්‍රියන් ෆස්ට්" කියන එක. ඒ කියන්නේ කහ ඉර ගාව කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන්ම නවත්වලා ඉඩ දෙන්න ඕනේ. දන්නවනේ නැත්නම් ඉතිං දඩ. කියපු වෙලාවටත් කලින් බඩු ටික ලැබුණාම අර සේවා ආයතනයේ ප්‍රධානියා බොහොම සතුටු වෙලා අනිල්ගේ පිටටත් තට්ටුවක් දාලා විස්තර එහෙමත් ටිකක් අහලා. ඉංග්‍රීසියෙන් අහපු දෙබස් ඒ විදියටම දාන්නම්. සරලයි. ඒ මහත්තයා චෑන් කියමු. 

චෑන් : ආ(ර්) යු ඉන්දියන් ?

අනිල් : නෝ ස(ර්). අයි ඇම් ශ්‍රී ලංකන්.

චෑන් : ගූඩ්. ශ්‍රී ලන්කන්ස් ආ(ර්) බෙට(ර්) දෑන් ඉන්දියන්ස්. හව් ඕල්ඩ් ආ(ර්) යූ ?

අනිල් : අයි ඇම් ත(ර්)ටි නව් ස(ර්).

චෑන්: ආ යූ මැරීඩ්. ඩූ යූ හෑව් කිඩ්ස්.

අනිල්: නෝ ස(ර්). අයි හෑව් නො ග(ර්)ල් ටු මැරී. අයි ෂුඩ් අ(ර්)න් සම් මනි බිෆෝ දැට්. දැට්ස් වයි අයි ඇම් හිය(ර්). ඉන් ශ්‍රී ලංකා යූ කාන්ට් සේව්. ස(ර්) ඕපන් ද පැක් ඇන්ඩ් සී යුව(ර්)සෙල්ෆ් ද ලීෆ්ලට්ස්.

සිංගප්පූරු ආයතන හිමියා පැකට් එකක් කඩලා බලලා නළල රැලි කරගෙන මෙහෙම කිව්වලු.

චෑන් : මයි සන්. අයි තින්ක් යූ හෑව් බ්‍රෝට් රෝන්ග් පැකේජ්. සී දිස්. ගූඩ් යූ බ්‍රෝට්  එනිවේ. බිකොස් ඔෆ් දිස් අයි ගොට් ටු නෝ වී හැව්  එ කම්පෙටිටර්. වේ...ට්...... බට් හව් කම් දේ හැව් මයි ඇඩ්‍රස්. ඔහ් ! සම්තින් රෝන්ග් සම් වෙයා. කැන් යූ එක්ස්ප්ලේන් වට් ඉස් දිස් වන්-සික්ස්-එයිට්. 

අනිල් : ඔහ් ! සර් අයි තෝට්. දැට් ඉස් වට් අයි ටූ කාන්ට් රියලයිස්. වයි සින්ගප්පූරියන්ස් කාන්ට් ඩූ සිමපල් එරිත්මැටික්ස්. ටුවෙන්ටි ෆොර් ඉන්ටු සෙවන් සිම්ප්ලි ඉස් වන්-සික්ස්-එයිට් නෝ.... 

චෑන් : ගෝ ටු හෙල්. බ්ලැඩි ෆූල්. 

 ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ කතාව ලියන්න දිරියක්(inspire) වුනේ සිරා සහ අටමා. සිරාගේ කතාවත් අටමාගේ යෝගට් කෝප්ප කතාවත් නිසා මට මේ අදහස ආව. ආ ..... ඒ විතරක් නෙවෙයි මම අලුතින් එක් කරන්න යන කැටගරියක් තියෙනව 24 x 7 (ටුවෙන්ටි ෆොර් සෙවන්) කියලා. ඊළඟ පොස්ට් එකෙන් පටන් ගන්නම්කො ඒක. 

59 comments:

  1. දක්කගමන් මන් හිතුවෙත් සිරාට මඩක් තමයි කියල..
    සිගප්පුරුවේ එවූන්ට ගණන් බෑනේ බලනකොට.

    ReplyDelete
  2. අපේ කොල්ලත් රැඩිකල්.

    ReplyDelete
  3. අයි‌යෝ සිරා... මුලින්ම මාතෘකාව කියෙව්වම හිතට එන්නේ සිරාව නිසා අනිල්ව මවාගන්න හරි ආමාරුයි... සිරාවමයි මැවෙන්නේ... හි හි.....

    ReplyDelete
    Replies
    1. කිව්වනේ සිරා නෙවෙයි කියලා.

      Delete
  4. Sirawatama sirata nemei neda?????????

    ReplyDelete
  5. බලමු සුදීකගෙ 24x7 වැඩෙත්, කෝ මෙ සිරා

    ReplyDelete
    Replies
    1. ඉස්සර 168 බස් රූට් එකත් තිබිලා තියෙන්නේ 24 x 7 කියලා.

      Delete
  6. :D කතාව නම් නියමයි කොහොමද අපේ අයගේ මොලේ! හික්ස්

    ReplyDelete
    Replies
    1. නිශානයා කොහොමත් ලොල් ලවර් නේ.

      Delete
  7. කොහොම වුණත් සිරා ප්‍රස්තුතය නිසා තවත් අගනා කතා පෙළක් සුදිකගෙන් ලියැවෙන හැඩයි.. ඒ ටික එනකම් බලාගන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ලොල් කතා ඒ විදියටම ලියාගෙන යනවා. 24 x 7 කියන්නේ දැනුවත් කිරීමක්.

      Delete
  8. මේ සිරාට වෙච්ච දෙයක් නෙවෙයි කියලා අපි කොහොමද විශ්වාස කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. සිරාට වුණා නම් මේක ලියන්නේ සිරාමයි.

      Delete
  9. හයියෝ අමාරුවෙන් හොයා ගත්තු ජොබ් එක..

    පව් වැඩේ ඉන්දියන්ස්ලට සිංගප්පූරුකාරයොත් කැමති නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. අඩුම ගානේ තායි ගෑණු වත් කැමති නෑ. ඉන්දියන් එවුන් දැක්කම නහය අල්ල ගන්නවා.

      Delete
  10. ඉතිං මෙහෙත් ඔය ක්‍රමේට නම ලියන ප්‍රදේශ දෙකක් තියනවනේ.

    1. අටබාගේ = Eight Half

    2. දොළොස්බාගේ = Twelve Half

    පල්ලේබාගේ සහ උඩබාගේ කියලත් ගම් දෙකක් තියනවා. මන්දන්නෑ සුද්දෝ ඒකාලේ කොහොමද ඒ නම් ඉංග්‍රීසියෙන් ලිව්වේ කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇයි මහබාගේ...

      Delete
    2. bottom half , top half, big half

      Delete
    3. භාගදා = Halfday :)

      Delete
    4. අපේ ප්‍රදේශයේ තියනව හතරබාගෙ කියල ගම්ක්.

      Delete
  11. මේ නම් සිරාටම ගහපු මඩක් මයි. පළවෙනි ඉන්ටවිව් එක හරි ගියෙ නැත්තෙ 3ඩී ඩිසයින් බැරි හින්දා කිව්වට, (නෝනිඩියට)මේක තමා වෙලා තියෙන්නෙ. හිටු ඔහොම මම ඌට කියන්නම්.

    ReplyDelete
    Replies
    1. මඩ විදියට හිතුවාම තමයි ඔහොම වෙන්නේ.

      Delete
  12. Replies
    1. චේතනා පාරිශුද්ධ වේ නම්.

      Delete
  13. ලංකාවෙ එවුවො මාර ක්‍රියේටිව්නෙ බලාගෙන යනකොට.

    ඇත්තටම මේක 'සිරා' කරපු වැඩක්ද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් මම මෙතන කරපු නිර්මාණය ගැන කවුරුත් කතා නෑ. අර නොරටක දුක් විඳින කොලුවට මඩ ගහන්න හදන හැටි ?

      Delete
  14. අනිල 168 ටේ නුගේගොඩ කොටහේන බස් එකේ ගිය එකා ගැන නෙ කියන්නෙ සුදික?

    ReplyDelete
  15. අඩේ මේකා එතකොට 2"*2" පොල්ලක් එහෙම බෙහෙතකට දැක්කේ නැති එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. එහෙ ඇත්තේ ඇලුමිනියම් ඒවා විතරයි.

      Delete
  16. මේ නම් සිරාමයි බං :)

    ReplyDelete
  17. සිරා අයියටත් වෙන වැඩ නේද අයියේ...

    ReplyDelete
    Replies
    1. කෝ මේකේ සිරාට වුනා කියල කොතැනක වත් තියෙනවද ?

      Delete
  18. සිරා නෙමේ උණාට සිරාවමයි සිහියට එන්නේ...:)

    ReplyDelete
  19. පින්වතුනේ මේ සිරා මේ කොමෙන්ටුව කොටන සිරා නොවන්නේය. වෙන එකෙක්ය. මා අහිංසකය...ඇල්වතුරද නිවලා බොන සත්ගුණවත් එකෙකි.

    සුදීක අයියෙ...බොලා අහුවෙයංකො මට....D:

    ReplyDelete
    Replies
    1. බොට හොඳ වැඩේ...!!!

      Delete
    2. සිරා ඇත්තටම අහින්සකයාය. මිනිහෙකුට කතාවක් (ලොල්) ගොතන්නවත් බැරි හැටි.

      Delete
  20. හය්යෝ සල්ලි..කිව්වලු .

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න ඇත්තේ කොම්පැණි අයිති කාරයා.

      Delete
  21. මම හිතුවා මේ යකා maids කියන එකටවත් වැඩක් දීලාද කියලා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නාඩියෝ ඒකත් හොඳ වචනයක් තමයි.

      Delete
  22. aththatama kohenda oya wage katha gothanne?

    ReplyDelete
  23. බොහොම ස්තූතියි කෙන්ජි. එහේ වෙසක් ගැන අපි දැනුවත් කරන්න.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලේ රුහුණ බෙදලා තිබුණාය කියන්නේ 8000රට, 12000රට කියලා :D

      Delete
  25. හෙඩිම දැක්ක ගමන්ම මාත් හිතුවේ අපේ සත් ගුණවත් සිරා කොලුවට ගහපු මඩක් කියලා, හැබැයි සැකේ දුරින් දුරු වුනෙත් නෑ ඔන්න තාම!

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...