මේ කතාව සත්‍ය සිදුවීමක්. මම සේවය කරන ආයතනයේ ගොඩ කාලෙකට කලින් වුණු දෙයක්. මේක මම අහ ගත්තේ මේ වනවිටත් අප අතරින් වියෝ වූ රණේ මහතාගෙන්. ඔහු තරුණ කාලේ මගෝඩි දෙයියෙක් බව කියන්නට යෙදුන කතා වලින් පැහැදිලි වනවා. රණේලා බොරැල්ලේ බ්‍රාන්ච් එකේ වැඩ කරපු කාලේ නිතරම මල් ශාලාවට ටෙලිෆෝන් කරලා මිනී පෙට්ටියක් ගන්න කෙනෙක් වගේ කතා කරනවාලු. එහෙම කරත්දී මල් ශාලාවේ අය බොහොම උනන්දුවෙන් තමන් ගාව තියෙන මිනි පෙට්ටි ගැනත්, ඒවා භාවිතා කල ඉහළ පෙළේ පුද්ගලයින් ගැනත් පාරම් බාලා කෙසේ හෝ අතේ තියෙන ගාන දැන ගන්න උත්සාහ කරනවාලු. පුලුවාන් තරම් හෙට්ටු කරලා, ගාන හොදටම අඩුවට කතා කරගෙන කට්ටියට ඇති කියලා හිතුණාම කියනවාලු
"අයියේ හැබැයි පොඩි අප්ෂට් එකක් තියෙනවා"
"ඒ මොකක්ද මල්ලි" (ආදරේ වැඩි කමට නෑ කම් වලින් තමයි කතා කරලා තියෙන්නේ)
"තාත්තා හොඳටම අසාධ්‍ය වෙලා දැන් මාස හයක් විතර හොස්පිටල් ඉන්නේ. තාම තාත්තා මැරුණේ නෑ. මැරුණට පස්සේ එන්නම්කෝ කියලා"
ඒ එක්කම ෆෝන් එක විසන්ධි කරනවාලු. හැබැයි සී.එල්.අයි. එන්න කලින්. දැන් දුන්නොත් නොමිළේ එම්බාම් කරවා ගන්න පුළුවන්.
ඒක පොඩි පඳුරක්. එහෙම නැතුව ඉතිං ගතියක් නෑනේ. දැන් අපි කථාවට බහිමු. රණේලාගේ ස්වර්ණමය යුගය පසු කරලා තියෙන්නේ ඉබ්බන්වල කිට්ටුව බ්‍රාන්ච් එකක ඉන්න කාලේ. ඒ යුගයේ තමයි එයාගේ දයාබර පෙම්වතිය එහෙමත් මුණ ගැහිලා තියෙන්නේ. මේ කාලේ අපේ රණේ ගැටවරයා. ලිපිකරුවෙකු වශයෙන් සේවය කරලා තියෙන්නේ. ඒ යුගයේ ඔෆිසර්ලා බොහොම සැර පරුෂ පුද්ගලයෝ. ටිකක් ලෙවල් එකෙන් තමයි ඉන්නේ. ආවට ගියාට ඔෆිසර් පට්ටමක් ලැබෙන්නේ නෑ. දැන් ඒකට. ඒ කතා වැඩක් නෑනේ. ඔන්න එක ඔෆිසර් කෙනෙක් ඉඳලා තියෙනවා හරිම මට්ටකුන්ඩලී ටයිප්. කොටින්ම කිව්වොත් කුණු ලෝභයෙක්. මම අලුතෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. ඔය වගේ අය කොතැනත් ඉන්නවා.
මේ කියන ඔපිසර් තුමාට මැට් කියමුකෝ. මොකද එම්.කේ. කියලා කෙටි කරළා ලිව්වොත් අපි අතර හිටිය හොඳ විනෝදකාමී, සුපිරි වැඩ කාරයෙක්, ඒ වගේම මල පනින සොමි ඩයල් එක ගැන වැරදි අර්ථකතනයක් දුන්නා වෙනවා. මම ලියපු ලොල් කතා කිහිපයක්ම එතුමා කියපුවා. බ්‍රාන්ච් එකකට ඒ කාලේ ඔෆිසර්ලා දෙන්නෙක් නැතිනම් තුන්දෙනෙක් තමයි ඉඳලා තියෙන්නේ. මේ කියන මැට් උන්නැහෙත් එක්කෙනක්. මම කලින් කිව්වනේ ලොභයා කියළා. ඒක කලින් නොකිව්වනම් තමයි හොඳ. දැන් වුණත් ඕනෑනම් මකලා දාන්න පුළුවන්. ඒ වුණාට අමාරුවෙන් ටයිප් කොරපුවානේ. ඔහෙළා කියවන එකනේ. මයෙ මොකෝ. මකන්නෑ. කියෝගන්න එකයි ඇත්තේ. අවුරුද්ද අන්තිමට අපේ වගේ ආයතන වල බ්‍රාන්ච් වලට බොහොම සරු කාලයක්. මොකද ගනුදෙනු කරුවන්, විශේෂයෙන්ම වෙළෙන්දන් විවිධ ත්‍යාග ලබා දෙන කාළේ. මේ කියන මැට්තුමාට ලැබුණා කියන්නකෝ රතු ලේබල් ජොනී වොර්කර් එකක්(අපේ විචාරක තුමාට ලැබුණු එක සිහියට එනවා). මිනිහා මේක දෝතින්ම භාරගෙන කෙළින්ම මිනිහාගේ කබඩ්ගත කරනවා ඒ ශාඛාවේ පියන් උන්නැහේ දුටුවා. මේකෙන් දෙකක් දාගෙන කණ රත් කරගෙන යනහැටි දැන් පියුං උන්නැහේට මැවිලා පේනවා. හවස දෙක තුණ වෙත්දී කට්ටිය මැට් ගාවට ඇවිත් මෙහෙම අහනවලු
"බයිට් වලට මොනවද ගේන්න ඕනේ?"
එතකොට මැට්තුමා මුකුත් නොදන්නා තොත්ත බබා වගේ
"අද බොන්නද ලෑස්තිය. මොනවා හරි හම්බ වුණාද ?" කියලා අහනවලු. මේක අහලා අපේ රණේලා ඇතුළු පිරිසට පෝක් ඩෙවල් නොහොත් ඌරු ජුවල් වෙලා. ඒත් ඔපිසර් තුමා හින්දා කොරන්න දෙයක් නැති හින්දා පහු බැහැලා.අවුරුද්ද අවසානේ තියෙන පාටියට මේක වඩම්මවයි කියන බලාපොරොත්තුවෙන් හිටියලු.හැබැයි මේක ගෙදර උස්සන් යනවද කියලා කට්ටිය බොහොම සෝදිසියෙන් විශේෂයෙන්ම පියුං උන්නැහේ ඇහැ ගහගෙන ඉඳලා. අන්තිමට අවුරුදු මාරු වෙලා උන්නැහේගේ උපන්දිනේ එහෙමත් පහු වෙලා ගියාලු. මේ අතරේ කොල්ලෝ ගෙන බෝතල් වලින් හීනියට දෙකක් දාගෙන මැට්තුමා ආතල් එකේ මොකුත් නොලැබුණු ගානට ඉන්නවාලු. හැබැයි මිනිහා කබඩ් එක ලොක් කරළා යතුර පණමෙන් සුරකිනවාලු. මේ අතරේ පියුම්ලා රණේලා ගහනවා සැලසුමක්. ඒක අපේ අම්බලන්ගොඩ මලයලා දුන්න සැලසුම වගේම එකක්.
අන්තිමේදී කට්ටියට දවසක මැට් තුමාටත් ආරාධනය කරනවා ගල් බෝතලයක් හිස් කරන්න. මෙතැන හත් අට දෙනෙක්ම හිටියත් හැමෝම බොහොම ලාවටලු අනුමත වෙන්නේ. නමුත් මැට්තුමා පුරුදු මාත්‍රාවෙන්ම ඇරලා දාලා. එදා කොහොම හරි ගෙදර යනකොට මිනිහට හොඳටම සූර්ලු. ඊට ටික දිනකට පස්සේ බ්‍රවුන් පේපර් බෑග් එකකින් ඔතපු මැට් තුමාගේ කබඩ් එකේ තිබුණ විස්කි බෝතලය ඉතාම සීරුවෙන් සාගත මල්ලට යනවලු. සඳුදා දවසේ අපේ කතානායක තුමා ඉන්නවලු නයා මැරිච්ච අහුකුන්ටිකයා ගානට. කවුරුත් මොනවත් අහන්නේ නෑ. සීරුවෙන් වැඩ කරගෙන යනවා.
වෙලා තියෙන දේ හිතා ගන්න අපේ ගල් බලකායේ උදවියටනම් අපහසු නැතිව ඇති. මැට් ගාව තිබුණ රතු ජොනියාගේ දියර හිස් කරලා(ස්ට්‍රොබ් නැති වෙන්නම ඕනේ-මේක මගේ මිතුරෙක් කියපු වචනයක් අර වැඩියෙන් වැටෙනවට දාල තියෙන බොලේ) ,සීරුවෙන් ගල් අරක්කු බෝතලයකුත් තවචුට්ටක් වක්කොරලා තියලා. කොහොමද එහෙම කළේ. මේකත් අර අම්බලන්ගොඩ මලයා දීපු සීන් එක වගේ එකක්. අපේ රහසිගත සංවිධානය මේක උස්සන්න තීරණය කොරලා. උස්සන විදිය ගැන රහසින් සාකච්ඡා කොරලා. අන්තිමේදී මේ අයගේ නිරීක්ෂණයට හසු වෙලා තියෙනවා මැට් මහතා පොත අත්සන් කොරන්න ලොක්කගේ කාමරේට මිනිත්තු පහකට විතර කළින් ගිහිං එන වගත්, ඒ මොහොතේ පමණක් ඉබ්බාගේ යතුර, ඉබි මල්ලිට තදින් අල්ලා සිටින ලෙසට අණ කොරලා යන බවත්. ඉතිං තවත් දිනයක ඔත්තු සේවාවේ සාමාජිකයින් මැනේජර්ගේ කාමරයේ සිට කබඩ් එක දක්වා සෙනිකව ස්ථානගත වුණා. මැනේජර් ළඟ ඉන්න කෙනා මැට් උන්නහෙව කතාවකට අල්ලා ගත්තා. ඉතිං මිනිහට දනි පනී ගාලා එන්න විදියක් නෑ. මේ අතරේ බෝතලේ ඉස්සුවද පින්වත්නි ? නෑ එහෙම එක පාරට මේවා උස්සන සිරිතක් නෑ. මේක ඉස්සුවේ එතුමා නිවාඩු දවසක බොහොම නිවිහැනහිල්ලේ. ඒ කෝමද අප්පා ඒක කොලේ ? ටිකිරි මොළවලට එන්නේ නැද්ද අදහසක් ? මොකද කියන්නේ අම්බලන්ගොඩ මලේ කට්ටියට හිතන්න අවස්ථාවක් දෙමුද ? නැත්නම් අර ස්පාඤ්ඤ රජතුමාගේ ඇමති මණ්ඩලය වගේ කියයි. අයියෝ අපි ඕක දැනගෙන හිටියේ කියලා. එහෙනම් දෙමු ට්‍රයි එකක්.
හැබැයි මේවා එහෙම තිබුණානම් කෙලවුන්ස් තමයි
![]() |
| පින්තූරය ගත්තේ :https://www.aliexpress.com |
ඔය නෝටි මල්ලිලා, පුතාලා, සේවකයෝ, අරුං-මුං ඉන්න අයට මේක පොරෝජනවත් වෙයි. මෙතැනින් ගිහිං ඩොලර් 11 වැනි සුළු මුදලකට ගන්න පුළුවන්.

